Saturday, August 2, 2014

1950 දි ලංකාවෙ ප්‍රවාහනය Transport Conditions in Ceylon

එක්දාස් නවසිය පනහට කලිං ලංකාවෙ ප්‍රවාහනය සම්බන්ද පිංතුර ටිකක් හමුවුනා. අපි දැන් එකින් එක ඒවා බලමු.
මේ තියෙන්නෙ 1950 දි පිටකොටු ලොරි නැවතුම. රේල් පීලි විදියට පේන්නෙ ට්‍රෑම්ප් කාර් ගිහිපු පාර. ට්‍රෑම් කාර්සේවය කොළඹ කොටුවේ සිට තොටළඟටත් බොරැල්ලටත් තිබිලා තියෙනවා. පස්සෙ කාලෙක ට්‍රෑම්ප් කාර් සේවය නවත්වලා. දැන් වුනත් බොරැල්ලට එහෙම දවල් වෙලාවක බස් එකේ යන්න ගත වෙන වෙලාව එක්ක බැලුවාම ට්‍රෑම්ප් කාර් තිබුනනං සෝයි කියලා හිතෙනවා. 
මේ තියෙන්නෙත් පිටකොටුව බස් ටෑන්ඩ් එක කියලා තමයි පොතේ නම් තියෙන්නෙ. ඒත් මට නං තේරෙන් නැහැ මේ මොන ඉසව්වද කියලා. ඒ කාලෙ තිබුන බස් ආදිය බොහොම පොඩියි. ඔය යට තියෙන කරත්තෙ හරියෙ ත්‍රිවිල් එකක් වාගේ පේන්නෙ ත්‍රී විල් එකක් නෙමෙයි. ඒක කාර් එකක්. 
එදා 1950 දි බස් ඇන්ජින් රටින් ගෙනාව ඒවායේ අලුත් වැඩියාවන් සිදුවුනේ ලංකාවෙදි. එදාත් බස් වල ඇන්ජින් බෝර් කරන්න ආදිය තිබිලා තියෙනවා. කොහොම වුනත් එදා ලංකාවෙ බස් වල ඇන්ජිමයි චැසියයි පිටරටින් ගෙනාවම මෙහෙ අය බොඩි නම් ගහලා තියෙනවා. 
මේ ලංකාවෙ බොඩිය ගහපු බස් එකක්. එන්ජිම පිටරට වුනාට බොඩිය අපේ. මේ බස් නම් මම ඇස්දෙකට දැකලාම නැහැ. මම දන්න කියන කාලෙ අශෝක ලේලන්ඩ් බස්, ඕ ඇම් බස් ලංකාවෙ තිබුනා. නමුත් මේ ආකාරයේ බස් එකක් නම් තිබුන් නැහැ. 
බස්නාහිර උතුර ප්‍රදේශ බස් සමාගමට අයිති ජා ඇල බස් නැවතුමේ දර්ශනයක් තමයි මේ. ඒ කාලෙ බස් තිබුනෙ සමාගම් වලට. ඒ ඒ සමාගම් වලට ඒ ඒ පැත්ත බෙදාල දීල තිබුනා. ඒ නිසා යම් යම් අවස්ථාවල අන්තර් පලාත් හරහා ගමනාගමනයේ යෙදෙන මගින්ට අවාසියක්,අපහසුතාවයක් සිද්ද වුනාලු. සමාර බස් නැවතුම් වල නවත්වලා තියෙන්නෙ අදාල සමාගමේ බස විතරයි. අනෙක් පැත්තට යන බස් එකක් ගන්න අනෙක් සමාගමේ බස් නැවතුමට මිනිස්සු පයිං ඇවිදගෙන යන්න ඕනි. 

 මේ තියෙන්නෙ හැමිල්ටන් ඇල. ඒක ඒ කාලෙ යම්තාක් දුරට බඩු ප්‍රවාහනයට යොදාගෙන තියෙන්න ඇති. නමුත් මීට පසුකාලීනව ඇල බොහොම ජරාවාස වෙලා මේ ළගදි තමා ආයිත් ඕකෙන් මීගමු කලපු යන්න හැකි වුනේ.මේ වගේ මාර්ගයක් අතහැරලා අඩුතරමෙ සංචාරක වැඩකටවත් යොදා නොගෙන අතඇරලා දාන එකනම් අපරාධයක්. 

 වැල්ලවත්ත බස් නැවතුම තමයි මේ  දිස්වෙන්නෙ. තට්ටු දෙකේ බස්එකක් මේ පිංතූරෙන් පෙන්නුම් කරනවා. මිනිස්සුත් ගොඩක් ඉන්නවා පේනවා. ගෑනු කොටට හෙමත් ඇදන් ඉ්නනවා බලාගත හැකි ටිකක් සූම් කරලා බැලුවොත්. මේ වගේ තැනක් නම් මතකේ යාන්තං තියෙනවා. හැබැයි අරවාගේ පොල් ගස් පේන වැල්ලවත්තක් නම් අද නැහැ. හැමතැනම බිල්ඩින් නෙව. 
තට්ටු දෙකේ බස් එකක ඇතුළ තමයි මේ. තට්ටු දෙකේ බස්ලංකාවෙ තිබුනාට වැඩිය ජනප්‍රිය වුනේ නැහැ. දැනට නම් සංචාරක වැඩකට යොදාගන්න බස් එකක් දෙකක් තියෙනවා. කාලයක් ආරංචියක් තිබුනා ලංගම පුද්ගලීකරණය කරලා ලොුකු තට්ටු බස් මෙහෙට දානව කියල.ඒ්ත වැඩේ හරිගියෙ නැහැ. පහුගිය කාලෙ ගාලු පාරෙ නං එක දෙකක් දිව්වා. ටෙලිපෝන්, ලයිට් වයර්, නැමුනු ගස් ආදිය නිසා මේ තට්ටු බස් ලංකාවෙ දුවන එක ලෙේසි නැහැ. ඔන්න හයිවේ එකට වගේ නං හොඳ වෙයි. 
මේ පිංතූරෙත් පිටකොටු කියලා තමයි තියෙන්නෙ. මේකෙත් කොටට ඇඳපු ගෑනු එකක් ඉන්නවා. ඒ වගේම හොදට බැලුවොත් දකුණු පස අයිනෙ රික්සොවක පස්ස පැත්තත් පේන්න තියෙනවා. ඒ කාලෙ බස් තිබුනාට කරත්ත එහෙම ගොඩක් තිබිලා තියෙනවා. කරත්ත එංජිමට(ගොනාට)  තෙල් ගහන එක ලේසියි. වැඩි වියදමක් නැහැ. ඉස්සරහට තෙල් මිල ගොඩාරියක් වැඩිවුනාම අපිට ආයිත් කරත්ත එංජින් හොයාගෙන කැලේ යන්න වේවිද දන් නැහැ. 

මේ පින්තූර හොයාගත්තේ ට්‍රාන්ස්පොට් කොන්ඩිෂන් ඉන් සිලෝන් කියලා තියෙන පොතකින්. ඒ පොතේ තියෙනවා විස්තර ඒ කාලෙ බස් ප්‍රවාහනය ගැන. පොත ලියපු මහත්මයා ආන්ඩුවේ ඇරයුමක් අනුව ලංකාවේ බස් කර්මාන්තය ගැන නිර්දේශ ඉදිරිපත් කරපු අයෙක්. එතුමාගේ සමහර නිර්දේශයන් අද දක්වාම ක්‍රියාත්මක වෙලා නැහැ කියලා අපිට අද ලංකාවෙ බස් සේවෙ බැලුවාම පේනවා. 

පොත කියවන්න ආසය අයට මේ පිංතුර ටික බලලා වැඩේ ගොඩදාගත හැකි වෙයි.

13 comments:

  1. අපූරු ෆොටෝ ටික.
    කොහොමද බස් ස්ටොප් එකේ මිනිස්සු බසෙකට නගින්ට පෝලිමේ ඉන්න ලස්සන. ඒකට අද!

    ReplyDelete
  2. වැදගත් ලිපියක් නොවැ...

    ReplyDelete
  3. අපූරු ලිපියක්

    ReplyDelete
  4. සමහර යෙදුම් නිවැරැදි කරන ලෙස කාරුණිකව ඉල්ලන්න කැමතියි. ට්‍රෑම්ප් කියන වචනය ට්‍රෑම් ලෙසත්, බස් ටෑන්ඩ් යන යෙදුම බස් ස්ටෑන්ඩ් ලෙසත්, අශෝක ලේලන්ඩ් යන්න, අශෝක් ලේලන්ඩ් ලෙසත්, සාමාර යන්න සමහර ලෙසත්, කොන්ඩිෂන් යන්න කන්ඩිෂන් ලෙසත්, වෙනස් කළානම් හොඳයි.

    ට්‍රෑම් කාර් ඉවත් කරන්න හේතුව වුණේ 'ට්‍රොලි බස්' ආව නිසයි. ට්‍රෑම් කාර් හරියන්නේ ඉතා කෙටි දුරක් යාමට පමණයි. ඒවා කොපමණ හෙමින් ධාවන වෙනවාද කිව්වොත්, යන ගමන් ගොඩවෙන්න බහින්න පුළුවන් කාන්තාවකට වුණත්, සමහරවිට. පිරිමි අය බොහෝවිට නැග්ගේ බැස්සේ, ඒ ආකාරයටයි. මම ට්‍රෑම් කාර් එක දැකලා තියනවා ගිහින් නැහැ. නමුත් ට්‍රොලි බස් එකේ නම් ගිහින් තියනවා. මෙතනින් බලන්න ට්‍රොලි බස් ගැන.

    http://www.bokhans.com/trollybus.html

    තට්ටු දෙකේ බස් ඉවත් කරන්න සිදුවුනෙත් කෙටි දුර යාමට පමණක් සුදුසු නිසාත්, නඩත්තුව වියදම් අධික නිසාත්. ඔබ විශ්වාස කරයිද මන්දා 1970 දශකයේ මැද භාගයෙදී කොළඹ - ඇහැළියගොඩ අතර තට්ටු දෙකේ බස් දිව්වා.

    ReplyDelete
  5. Apuru lipiya,saha,photo tika.oyauda 4 photo eke thiyena bus doge saha chaverlett amerikan,owa 1980 dasakaye samahara driving school(learners)wala thibuna 1983.07. mamath licence gaththe chaverlett bus ekakin,(nationel learners-kaluthara)Ranjan-Düsseldorf.

    ReplyDelete
  6. matamathakai,Galupare kaluthara dakwa oyathattudeke baswalata ennabe, ekale uthurukaluthara thibunu naagasdekanisa.ekale (ethena naagashandiya namuna)naagasdeka paradepeththen wewila udinekatabaddawelathibuna..(Ranjan-düsseldorf.

    ReplyDelete
  7. We have come a long way. But is our achievements on par with what we could have achieved compared to others who were behind us and their achievements todate?

    ReplyDelete
  8. “නමසිය හැත්තැගණන්වල“ ඔය ලොරි වගේ බස්වල අපි ට්‍රි්ප් ගිහින් තියෙනවා. ‘90 ගණන්වලත් හිඹුටාන - පුරහල බස් එකක් තිබුණා මතකයි.

    තට්ටු දෙකේ බස් නම් දැනුත් ඉඳ හිට වැඩ කරනවා අවිස්සාවේල්ල - මහරගම අතර.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් සුමිත් අයියා එල එල

      Delete
  9. හොඳ පොටෝ ටිකකට උබ හොඳ සාධාරණයක් කරලා තියෙනවා අපිට පෙන්නලා ... තැන්ක්යූ මචෝ

    ReplyDelete
  10. pissuwa honda nadda yako

    ReplyDelete
  11. වියරණ බිඳිනවා නම් එය කළ යුත්තේ හොඳින්ම වියරණ දන්නා අයයි.එහෙම නැතිව වියරණ නොදන්නාකම නිසා එයට පහර දීම නොකළ යුතුයි.හොඳම දේ මානය අත හැරලා වියරණ ඉගෙනීමයි.වියරණ බිඳින්න ඊට පස්සෙ පුළුවනි.(

    ReplyDelete
  12. නියම ෆොටෝ ටික..

    ReplyDelete