Saturday, August 16, 2014

නියං සාය ඇන්දම ලස්සනයිද?

නියං සාය කියනකොටඒ සාය කෑල්ල එන්නෙ මොකද කියලා හිතාගන්නබැහැ.. නියං සාය කිව්වම අමුතු ලස්සනක් ඇති. ඒකනේ සාය දාන්නෙ. කොහොම වුනත් නියගය ගැන මේ දවස්වල කතා වෙනවා. 

මේවා ගැන කොයි තරං මම අසංවේදියිද කියතොත් ඇත්තටම නියගය දැන් තියෙද නැද්ද කියලාවත් දන්නෙ නැහැ..සමාරවිටමේ ලියන වෙලාවට නියගය ඉවර වෙලත් ඇති වැස්සක් ඇවිත්..මේ වගේ පුවත් ගැන අසංවේදී වෙල තියෙන්නෙ ලංකාවෙ පුවත් සහ පුවත් වලිං පස්සෙ ඇතිවෙන ක්‍රියාවලිය ගැන තියෙන කලකිරීම නිසා. දැන් අර කවුදෝ රූපලාවන්‍ය වෙදෙක්මේ දවස්වලපට්ට ගහනවා. දැන් කස්ටිය හොයාගෙන එයා ඇත්ත වෙදෙක් නෙමෙයි කියලා. ඒත් කවුරුත් කතාකරන්නෙ නැහැ රූපලාවන්‍ය කරන මිනිස්සුන්ගේ සුදුසුකම් බලන රූපලාවන්‍යාගාර ප්‍රමිතිකරණය කරන අලුත් ක්‍රමයක් ගැන. අර හොර වෙදා හිර කූඩුවට ගියාම ප්‍රශ්නෙ මාද්‍ය වලිං පට්ට ගහල ඉව ර වෙනවා. 

නියගය කියන්නෙ වතුර බෙදලා පිං එකතු කරගන්න පහල වෙච්චි පුදුමාකාර අවස්ථාවක් කොළම ඉන්න සමාරුන්ට. කොටින්ම අපේ කන්තෝරුවෙ ඉන්න මිනිස්සුන්ට උනත් එහෙමයි. ඒ අය මුලින්ම කිව්වෙ වතුර බෝතල් ගන්නවා කියලා. මෙහෙ කන්තෝරු වල ඉ්නන අය වතුර බෝතල් දෙනවා ඉන් පස්සෙ ඒවා ගෙනහින් නියං තියෙන පැත්තෙ මනුස්සයින්ට දෙනවා.හරිම සරල පිංකමක්. අපි දෙන වතුරම ඒ අයට ලැබෙනවා. එයාල බොන්නඒ වතුර ගනීවි..අපිට පිං දේවි..ඒ පිනෙන් අපි දියිය ලෝකෙ යයි, බාගෙදා අපි වතුර දීපු පිනෙන් නිවන් දකින්න පවා ඉඩ තියෙනවා. 

ඒත් ඔය ගන්න වතුර බෝතලේ අපි හිතමු රුපියල් පනහයි කියලා. ඒ වතුර බෝතලේ වතුර කොම්පැනියෙන් එලියට එන්නෙ රුපියල් විස්සට. රුපියල් තිහක් ලාබම තියෙනවා. ඒ රුපියල් විස්සට එලියට එන වතුර බෝතල අපේ අය පනහක් දීල අරං ඒවා ට තව ප්‍රවාහන ගාස්තුවකුත් එකතු කරලා..සමාරවිට උස්සවයකුත් තියලා බෙදලා දෙනවා. දැන් අර වතුර වලට යන සැබෑ වියදමට වඩා කොටසක් අතරමැද මුදල් කොටසක් නිකං අතුරුදහක් වෙල යනවා. 

ඊට වඩා සරල විදියට ඔය නියං තියෙන පැත්තක බවුසර් කාරයෙක්ට කීයක් හරි දුන්න නම් වැඩේ ප්‍රතිපලදායක විදියට කරන්න තිබුනා. ඒත් එතකොට අපි ට පින සිද්ද වෙන විදිය පේන් නැහැ. එතකොට ආතල් එක අඩුයි. 

නියගය කියන්නෙ වතුර නැතිවීම පමණක් නෙවෙයි. ලංකාවෙ ගම්බද ප්‍රදේශවල අතිබහුතරයක් මිනිස්සු ජීව්ත වෙන්නෙ ගොයිතැනින්. ඒ ගොයිතැන් වලට දැං කාලෙ යන වියහියදම් එක්ක බලනවිට එකපාරක් දෙපාරක් ගොවිතැන් පාලු වෙනවා කියන්නෙ ලොකු අවධානමක්.. ඒ මිනිස්සු කන්නෙ කෝමද? එතකෙොට දරුවන්ට උගන්වන්නෙ? අඳින්නෙ? අපේ පැත්තෙන් බැලුවොත් ඉඳල හිටල හරි අඩියක් පුඩියක් ගහන්නෙ? කෝමද? අඩි පුඩි ගහන එක නරක වැඩක් කිව්වවත් ඉදලා හිටලා විනෝදෙට අඩියක් ගහන මනුස්සයෙක්ට අතේ පිච්චියක් නැතුව වේලෙනකොට දැනෙන සනිපෙ දැනගන්න අපිට හැකියාවක් නැහැ නෙව.. 

මේ අපි නියගෙ කියලා හඳුන්වන සංසිද්ධිය ඇත්තටම නියඟයක්ද? ලෝකෙ සමාර රටවල් වල තියෙන අඩුවර්ෂාපතනය එක්ක සංසන්දනය කරතෝ හම්බන්තොට කියන්නෙත් කජ්ජක් නෙමෙයි. ලෝකෙ සමාර මනුස්ස වාස තියෙන තැන් තියෙනවා වහින්නෙ අවුරුද්දකටම එකපාරයි දෙකයි. නමුත් මොන නියං සාය ආවත් මාස හතර පහකින් විතර අපේ රටේ ඒක නැතිවෙල ආයිත් වහිනවා.. 

අපේ රටේ රජරට පැත්තට කෝමත් වර්ෂාපතනය අනෙක් තෙත් කලාපෙ පැති වලට වඩා අඩුයි. ඊසාන දිග මෝසම නිරිතදිග මෝසමට වඩා අඩු වර්ෂාපතනයක් තමයි අරගෙන එන්නෙ.  මේක දැකලා වෙන්න ඇති පෙර රජ දරුවො වැව් ගහල වතුර එකතු කරගන්න හිතුවෙ. මම හිතන්නෙ අපි තාම ඉන්නෙ එදා රජා ගැහුව වැව එක්ක. එතනින් එහාට ජල කළමනාකරණය ගැන හිතන්නෙ නැහැ..වගාවන්ට ජලය අඩුවෙන් පාවිච්චි කරන ක්‍රම ගැන අවබෝධයක් වත් ඒ ගැන නැඹුරුවක් ව්ත් නැහැ..
සරලවම හිතුවොත් අපිට බොන වතුර ලොකු ටැංකි වල එක්රැස් කරගන්න වැඩේ ගෘහස්තව ලේසියෙන් කරගන්න පුලුවනි. භූගත ටැංකි වලට ජලය එකතු කරගන්න පුලවන් නම් නියං කාලෙට වුනත් බොන වතුර ටික හොයාගන්න ලේසියි. 

සාමාන්‍යයෙන් දියුනු සමාජයකදි යම් කිසි විපතක් කියන්නෙ ඉන් පසු විපත් සිදු නොවෙන්න නව දේව්ල හිතන අවකාශයක්. ඒ අය විපත් වුනාම ඊලග විපතක් සිදු නොවෙන්න කටයුතු කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට විපතක් වුනාම ඒ විපත ගැන ම කතාවෙලා නිකං ඉන්නවා. 

ලංකාවෙ රජ රට පැත්තට සහ හම්බන්තොට පැත්තට වතුර නැතිවන එක සාමාන්‍යයෙන් දැන් වසර කිහිපයකට වරක් නිතර සිදු වෙන දෙයක් වෙලා. ඒ වගේ දෙයකදි ඇයි වතුර නැතිවෙන්නෙකියන කාරණාව ගැන, වතුර එක්රැස් කරගැනීම ගැන, ජලය රැකගැනීම ගැන ලොකු කතාවක් ලොකු වැඩ පිලිවෙලක් ගැන විවාදයක් වැඩපිලිවෙලක් ඇතිවෙන් නැහැ.. හැමෝම,සමාරවිට ඔවා හිතන්න ඉන්න ආන්ඩුවෙ නිළධාරි පවා ගිහින් වතුර බෙදලා පිං කරගන්නවා. 

 නියගෙ කියන්නෙත් දෙයියො කෝප වෙච්චිනිසා වෙන දෙයක් කියලා අපේ රටේ භෞතික විද්‍යා මහාචාර්ය වරු කිව්වොත් අපි ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

7 comments:

  1. සාය = දුර්භික්ෂය, සාගතය

    ReplyDelete
  2. සාය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැතුව මොන බම්බුවටද ලිව්වේ

    ReplyDelete
  3. //සාමාන්‍යයෙන් දියුනු සමාජයකදි යම් කිසි විපතක් කියන්නෙ ඉන් පසු විපත් සිදු නොවෙන්න නව දේව්ල හිතන අවකාශයක්. ඒ අය විපත් වුනාම ඊලග විපතක් සිදු නොවෙන්න කටයුතු කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට විපතක් වුනාම ඒ විපත ගැන ම කතාවෙලා නිකං ඉන්නවා. //

    ඔන්න ඕක තමයි යතාර්ථය...

    ReplyDelete
  4. නියං සාය කියන්නෙ සායක් නෙමෙයි සාගතය කියන එක.සමාර කියල වචනයක් නැහැ සමහර තමයි නියම වචනය.භාෂාව ගැන තියන දැනුම නම් ගොඩක් අඩුයි නේද?

    ReplyDelete
  5. නියං සාය ඇන්දම නෙමෙයි අර ඔයාගෙ ෆේවරිට් පොටෝ එකේ වගේ පූස පේන්න ඉස්සුවම තමයි ලස්සන.කෝ අමිල ඒ පින්තූරෙ?ළඟදි ඔයා වැල කෑල්ලක් දැම්මෙ නැත්තෙ ඇයි? කමෙන්ට් කාරයොන්ගෙ අවවාද අහල යහ මාර්ගයෙ ගිහින්ද නැත්නම් ලඟදි කෑල්ලක් සෙට් වුනේ නැතුවද?

    ReplyDelete
  6. අපි මෙ ආශ්චරියට යන ගමන් නේ.ඔවට එහෙමට කියල වෙලාවක් හොයාගන්ට බැ ආයුබොවන්.ආශ්චරියට ගියාට පස්සෙ පොඩ්ඩක් මතක් කරන්නකො.එතකොට බලමු

    ReplyDelete
  7. thoge pissuwa thaama honda naa neida

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...