Thursday, August 7, 2014

ආමිකාරයා සහ සර් කාරයා


 

පාසැල ගැන තවදුරටත් කල්පනා කිරීම තේරුමක් නැත. මේ බහුතරයක් ළමුන් පාසැල් පැමිණීමේ ඔවුන්ට ඇති හේතුව කුමක්දැයි උන්වත් නොදනී. ඇත‍ැමෙක් ලෝකයේ දරුවන් පාසැල් යා යුතුයැයි යම් කිසි නියමයක් ඇති නිසා ඔහේ පාසැල් එති. එහෙත් උන්ගේද දෙමාපියන්ට දරුවන් ගැනවගක් නැත. එක අතකින් දෙමාපියන්ට උන් ගැනවත් වගක් නැතිකොට කොයින්ද දරුවන් ගැන වගක්? කොළඹත් මෙහිත් අතර කිලෝමීටර වෙනස එතරම් නැත. බාගෙදා මෙහි වැඩ කරන අය කොළඹ සිට උගත් අයද වෙති. නමුත් මෙය කොළඹට වඩා තත්වය බොහෝ සෙයින් වෙනස්ය.


සමන්ත පාසැල් යන කාලයේ ඔහු දක්ෂ සිසුවෙකු නොවීය. නමුත් පාසැල් පැමිණ සිටින්නේ උගැන්මට බව හැමෝටම අදහසක් තිබුනි. ඉගනගන්නට බැරි වූවෝ ඒ ගැන විටෙක නොසැලකිල්ලක් දැක්කුවද ඔවුන්ට ඉගැනගන්නට බැරි වීම ගැන වූයේ කළකිරීමකි. දුකකි. නමුත් මේ කැලෑ ගමේ මේ පාසැලේ දරුවන්ට ඉගනගන්නට හෝ සාමාන්‍ය පෙල පාස්වන්ට බැරි වීම එතරම් ගැටළුවක් නොවේ. කොළඹ පාසැලක විශයන් අටටම ඒ සාමාර්ථ ගැනීම මත පාසැලේ නම්බුව තීරණය වන අතර මේ පළාතේ එහෙම දෙයක් නැත. විටෙක මේ ඩොටේ පාසැලක් විශාල සිසුන් ප්‍රමාණයක් ගණිතය සමත් කරගත්‍ෙත් වී නම් ඒ ගුරුතුමන්ලා දක්ෂයෝ වෙති.
ගණිතයට මුහුණ දෙන සාමාන්‍ය පෙළ සිසුනගෙන් සියයට හැට හැත්තෑවක්ම ගණිතයට ගන්නේ ෆේල් සලකුණය. ඇතැමෙක් ගණිතය සමත් වුවද විද්‍යාව අසමත්ය. කෙසේ හෝ පහවසර පන්තියේ සිටින දරුවන්ගෙන් බාගයක් 11 වසර පන්තියේදී නැත.උන්ගෙනුත් දහයක් විබාගය ලිව්වොත් එයින් 2කි සමත් වන්නේ. ඒ දෙතුන් දෙනාගෙන්ද උසස් පෙළ සමත් වූ කල නගරයට යන ගමන් හොරෙන් පැන ගොස් කසාද බඳින්නෝද වෙති. ඒ අතර ඉතිරි වෙන අය සිංහල, පොලිටිකල් සයන්ස් ආදී විශයන් හදාරති. ඒ අය ඒවා හදාරා කලා උපාධියක් ලබාගැනීම සක්විති රජකමට පොඩ්ඩක් පහල ඇති මහා සුදුසුකමක් ලෙස මේ අසල ඇති කලා වාණිජ උගන්වන ටියුෂන් කඩවල ඇත්තෝ දරුව්නට කියා දෙති.

සමන්ත සර් පංතියට ආවේය. ඔහුද පාසැලට මුල් පත්වීම ලබාගෙන පැමිණි මුල් දිනවල දරුව්නට පාඩම් කියාදීමට වෙහෙසක් ගත්තේය. නමුත් දෙමාපියන් දෙතුන් දෙනෙක්ම මග සිට. සර් නං ගොඩක් මහන්සි වෙනවලු. වැඩන් නැහැ සර්. අපි වගේම හරක් මුං. අනේ මන්ද. සර් එච්චර හිතන්න එපා. අපේ උන් ඉගනගන් නැති එක ගැන. වගේ කතාන්දර කියන්නට විය. අනෙක් අතට කියාදෙන කිසිවක් මේ දරුවන්ගේ හිස් මොල තුල පැලපදියම් නොවන්නේ කවර හේතුවක් නිසාදැයි සමන්තට වටහා ගත නොහැකි විය.
ගණිතය පාඩම අවසන ගනන් ටික කදිමෙට හදාගත හැක ිසිසුන් ඉන් මාස තුනක් ගිය තැන තිබෙන විභාගයෙන් ඒ ගනන් උඩින්ම අසමත් වෙති. ඊටත් ගණනක් සාදා එය සාදන විදිය වර්ශයක් තිස්සේ මතක තබාගෙන කොලයක යළිත් පිටපත් කිරීමට සිදුවීමද ඔවුන්ට වදයක් විය හැක. කෙසේ වෙතත් කාලානුරූපව උදාසීන තැනකට සමන්ත සර්ද පත්විය.

සමන්ත සර් නිකං නේ ඉන්නෙ. ඔහෙ පොත් කියෝ කියෝ කොම්පියුටර් ඔබ ඔබ ඉදල වැඩක්ය. නරකෙයි පැපොල් ගස් ටිකක් කෙහෙල් ගස් ටිකක් වත් හිටෙව්වොත්. කුලීකාරයෙක් දාල කෙරුවත් හොද ගානකට දෙන් අහුුවනොත් ගානක් හොයාගත හැකි. නැත්තං මේ සල්ලි වලිං ඉතිං ගෙයක් දොරක් හදාගන්නත් බැහැ නෙව.

ගුරු වෘත්තිය ලබා පැමීණි ඇතැම් අය මේ කර්කශ ගැමි සමාජයට හොඳින් ජීර්ණය වෙති. ඔවුහු ගැමියන් හා සහසම්බන්ධකම් ඇතිකොටගෙන එයින් ගැමිය්නටද ඔවුනටද වාසිවෙන ගනුදෙනු ආදියෙහි යෙදෙති. දහ පාලෙස්දාහක් දී ඇලක් හෝ ගලන වතුර කඩක් ළඟ ඉඩම් කැල්ලක් ගන්නා ඇතැමෙක් පාසැල පසුවි ඇති කාලයේ එහි ගොස් වගා කරති. එයින් ආදායම් ලබති. තවත් අය ළඟ ඇති ටියුෂන් පන්තිවල උගන්වති. තවත් පරිඝනක ඇති මිතුරෙක් අන්තර්ජාලයෙන් මුදල් ‍ෙසායනා සැටි උගෙන දැන් ඌ පාසැල ඇරුන තැන් පටන් මුත්‍රා කරන්නත් කෑමට බීමටත් හැර වෙන කිසිම දෙයකට එළියට පහලියට බහින්නේ නැතුව කොම්පියු‍ටරේ අස්සේම ඔලුව දාගෙන ඇඩ් ඔබයි, නැත්තං වෙන මුදල් ගත හැකි කුමක් හෝ ජාවාරමක් කරයි. එයද මුදල් ගත හැකි මහා මාර්ගයකැයි ඌ අනුන්ට කියයි. අනෙක් අය ඒ සඳහා පෙළඹෙන්නේ නැත්‍තේ පරිඝනකයක් ගන්නා සල්ලි වලින් හොදවයිං ඉඩං කෑල්ලක් අරං දැම්මනං හරි යන මතය නිසාය. මේ පැත්තේ ඉඩං බද්දට ලාබය. ඉඩකඩං ඔහේ පාලුවෙනවාට වඩා ඒවා වගාකල විට එහි බැද්ද අඩුවී ලස්සනට තිබෙන බව ඉඩම් හිමියෝ සිතති.

සමන්ත සර් උගන්වන පන්ති අතර පහේ පන්තිය විශේෂ එකකි. එහි දරුවෝ ශිෂ්‍යත්ව විභාගය සමත් කල යුතු යැයි විදුහල්පතිද අනෙක් දෙමාපියෝද සිතති. සමන්ත ඒ පන්තිය ගණිතය උගන්වයි. ඒ ගණිතයේ ඇති දෙයක් නැතිමුත් ඒ තිබෙන සුලු දෙය කුඩාවුන්‍ේග කුඩා මනසට තේරුම් යන්නේ අඩුවෙනි. බාහිර ලෝකයේ ඇති නොයෙකුත් විශාල‍හේතුන් සමග ගැටෙන මනසින් විශාල වැඩිහිටි මේ පොඩිඋන් කියන‍දෙයක් අහන්නේ නැත. නමුත් කීකරු මේ පාසැලේ නොසිටිය යුතු එකියක් සමන්තගේ පහේ පන්තියේ සිටියාය. ඇය තරුෂි විය.

ඒ කුඩා දැරිවිය කීකරුය. හොඳින් ඉගෙන ගනියි. ඇය යා යුතු වන්නේ මීට කිලෝමීටර 10-15ක් ඈතින් ඇති ලොකු විද්‍යාලයටය. මෙවන් වූ හොදින් ඉගෙනගන්නා දරුවෝ මේ පාසැලේ ‍රැදෙන්නේ නැත. ඔවුන් හොඳ විදුහල් වලට යයි. නමුත් තරුෂි කවර හෝ හේතුවක් නිසා මේ පාසැලේම රැ‍ෙඳෙයි.

තරුෂි සමන්ත සර්ට තවත් අතකින් වැදගත්ය. තරුෂිගේ මව අයන්ති විය. අයින්ති පියකරු වූ ස්ත්‍රි රුවක් තිබූ බැවින් සමන්තගේ සිත්ගත් යුවතියක් විය. ඇය කවර හේතුවක් නිසා සමන්තගේ සිත ගත්තේ වී දැයි සමන්තට සිතන්ට බැරිය. ‍කිසිදු පිළිවෙලකට අදින නොපලදින බාල වර්ගයේ ලුමිනස් පාට ඇඳුම් පැළඳුම් ඇඳ බුලත් කන බහුතරයක් ඇති මේ පාසැලේ දරුවන්ගේ දෙමාපියන් බහුතරය අතර අයන්ති අමුතු එකියක් වූවාය.

පිරිස කියන පරිදි අයන්ති පිට ගමක එකියකි. මෙගමට රැගෙන විත් ඇත්තේ ආමි කාරයෙකු විසිනි. ඇයට දරුවන් දෙදෙනෙකි. තරුෂි පියා යැයි සිතිය හැකි පුරුෂයෙකු සමග පාසැල් එනු දුටුවද ‍මෑතක සිට එවැන්නෙක් දකින්නට නැත. අයන්ති සමග කතාබහ කොට ඇත. සමන්ත සර්ට අනුව තරුෂිද වෙනත් පාසැලකට යැවීමේ උවමනාවක් අයන්තිට තිබුනේය.

ආ ළමයි. අද ඉංග්‍රීසි මිස් නැහැ. ඕගොල්ල අඳින්න බලන්න චිත්‍රයක්. හරි කොළ ඇති නැති හැමෝම ම‍ගේ ගනන් පොතේ අවසාන පිටුවට කලිං පිටුවෙ චිත්රෙ අඳින්න. සමන්ත සර් පන්තියට විත් ඉංග්‍රීසි මිස් නැති අඩුව පුරවන්නට සැරසුනි.
සර් මොකද් ද අඳින්නෙ?
දරුවෙක් පෙරළා ප්‍රශ්ණ කලේය.
ආ අඳින්න ජාතික වීරයෙක්.

එක එකා එක එක අය ඇඳ තිබුනි. අයෙක් ධර්මපාල යැයි සිතිය හැකි අයෙක් ඇද තිබුනි. බොහෝ අය රජකෙනෙක් අඳින්නට සිතා තිබුනි. ඒ රජ බෙහෝ විට දුටුගැමුනු විය හැක. නමුත් තරුෂි අඳින්නට හදන්නේ සිර ගෙයක සිටින මිනිහෙකි. ඔහුට රැවුලකුත් ඇත.

සමන්ත විටින් විට නිදි කිරන අතර පන්තිය වටා ගොස් දරුවන් අඳින ජාතික වීරයන් දෙස සමන්ත‍ හොඳින් බලයි. නමුත් කිසිවක් නොකියයි. දිනක් දෙයියන් කවර ආකාරයෙන් දරුව්නට පෙනේදැයි දන්නේ නැති නිසා දරුවන්ට දේවාලයක් අඳින්ට යැයි සමන්ත කිව්වේය. බොහෝ අය ගොඩනැගිලි ඇද තිබූ අතර එක ඇට්‍ටරයෙක් තුඹසක් ඇඳ තිබුනි. ඒ කවර දෙවිය්න සිටින දේවාලයැදැයි උගේන ඇසුවිට..සර් ඒ නාග ලෝකෙ දෙයියො. නා රජු ඉන්නෙත් තුඹසෙ වෙන්න ඇති නේ. ඒනිසා මම ඇන්දා.

එවන් විටක බැරෑරුම් ලෙස මුහුන තනාගෙන කට කොනකින් සිනාවෙන සමන්ත සර් පසුව පන්තියෙන් ගිය පසු ඇතිපදං ඒ ගැන සිතා සිනාසෙයි. ඇතැමි විටක ස්ටාෆ් රූම් එකේදි යාලුවන් සමග ඒවා කියා සිනාසෙයි. නමුත් උන් සමන්ත සිනාසෙනවිට තරහ වේ යැයි සිතා සිනාවෙන නමුදු දරුවන්ට එවැනි නිර්මාණාත්මක හැකියාවක් තිබුනා යැයි සිතා මැදහත් සිතින් අවංකව සිනාසීමක් නැත. අනේ මන්ද. සමන්ත සර් කරන වැඩ. දෙයියො බුදුන් ගැන දරුවන්ගේ හිතේ තියෙන භක්තියත් නැති වේවි ඕව කරන්න ගිහින්. ළමයින්ට කවි ටිකක් ලියන්න කිව්වනං ඉවරයි නේ. ඕකුං කවි හදන්න ගියාම හරි ආතල්. හහ් හහ් හා..

ඉන් පසු ඒ සර් ලමයි ලියූ කවි පේලී කියවමින් එ්වායේ එලිවැට තබන්නට ගත් කෘතිම උත්සාහ මතක් කරමින් සිනාසෙයි.

තරුෂි සිර ගෙදර ඇඳ ඉවරය. ඒ තුල මිනිහෙක් සිටී. ඌ කඳුලු සලයි. පේන ආකාරයට ඔහු හමුදා ඇඳුමක් ඇඳ ඇත. තරුෂි අනික් කෙල්ලන්ට වඩා ඉදිරිගාමීය. ඇයගෙන් ප්‍රශ්ණයක් ඇසු කල ඇයට පිළිතුරු නැත්නම් ඇයගේ ඇඟිල්ල කටට යන්නේ නැත. ඇඹරෙන්නේ නැත. දන් නෑ සර් යැයි කියා ඔහේ බලාගෙන සිටියි. කවුද තරුෂි මේ වීරයා. ? සමන්ත සර් ඇසීය.
අපේ තාත්ත. තරුෂි ස්ථිර හඩින් කීය.
අසල සිටි නිවන්තිකා ඇතුළු අනෙක් එය ඇසුනු දරුවන් සිනාසෙන්නට විය.

ඇයි ළමයි හිනාවෙන්නෙ? හිනාවෙන් නැතුව නොතේරෙන දේකට හේතුවක් අහගන් පුරුදු වෙන්න.
ලොකු හේතුවක් නැහැ සර්. එයැයිගෙ තාත්ත හමුදාවෙ. හමුදාවෙ ඉන්න කට්ටිය වීරයොයි කියල නේ ටිවි එකේ රේඩි එකේ කියන්නෙ. ඉතිං ඒගොල්ලයි තාත්ත ජාතික වීරයෙක්ක කියල තමයි මෙයා හිතං ඉන්නෙ?
ඉතිං ඇත්තනේ.? ඒ අයත් වීරයො තමයි.
..එහෙම කොහොමෙයි සර්.. එහෙනං දුටුගැමුනු රජතුමයි යුද්දෙට ගිහිපු අලි, අස්සයො හෙමත් වීරයො වෙන්න එපාය. ළමයෙක් ගුරුට එරෙහි වෙයි.
මෙය සාමාන්‍ය පාසැලක අඩුවෙන් දැකිය හැකි දෙයක් වුවද මේ වැනි කැලෑ පාසැල් වල දරුවෝ ගුරුවන්ට කීකරු වන්නේ අඩුවෙනි. ඔව්හු දෙමාපියන් සමගද ගුරුවරු සමගද එකටෙක කීමේ සමර්ථ වෙති. සමහර නරක ළමෝ ගුරුවරුන්ට ඇනුම් පද පවා කෙළින්ම කියති. ඒවා ග්‍රාම්‍ය හා කර්කෂ ඒවා වු නිසා සමන්ත සර් ට ඒ එකටෙක කියන සමරහක් ළමෝ නොදිරවන්නේ වූයේය.

හරි හරි.. දැන් ඉතිං මෙතන විබාගයක් නැහැ නේ. ඕකට්ටියට ඕන කෙනෙක් නේ අඳින්න කිව්වෙ. එහෙම නැතුව මේ ජාතික වීරයාය අරයාය මෙයාය කියල මං නමක් කිව්වෙ නැහැ නේ. හා දැන් කට්ටිය ගනන් පොත ගන්න.

ගනන් කිහිපයක් හදන්නට දුන් සමන්ත සර් ඒ ගැන කියාදුන්නේය. ටික වේලාවකින් පොත් බලන විට තරුෂිද ස්ර්ගෙන් ලොකු හරියක් බලාපොරොත්තුවෙන් පොත දික් කරගෙන සිටියාය. සර් පො‍ේත ලොකු හරියක් දමා හොඳයි එකක්ද දැම්මේය. ඉන් පසු සර් ආයිත් පොත දෙන පාටක් නැතඔහු තරුෂිගේ චිත්‍රය බලයි. කෝ තරුෂි ඇඳපු චිත්‍රෙ?

කෝ දෙන් සර් මං පෙල්ලල දෙන්නං.. තරුෂි චිත්‍රය පෙරලා දුනි.
ඇයි මේ හිරකූඩුවක ඉන්නෙ? තාත්තද?සමන්ත සර් ඇසුවාය.
මං හරියටම දන් නැහැ සර්. තාත්ත නොකරපු වරදකට හමුදාවෙදි අහුවෙලයි කියලා අම්ම කිව්වෙ. තාත්ත රිමන්ඩ් කියල එකක හිටියා. ඉන් පස්සෙ හිර ගෙදරට යැව්වලු. කාටවත් කියන් එපැයි කියලා අම්ම කිව්වා. සර් කියන්න එපා කාටවත්. මේ ගොල්ල දන්නේත නැහැ.
මායි අම්මයි මාමයි තාත්ත බලන්න ගියා. මං දැක්කම තාත්ත ඇඩුවා. මං දන් නැහැ මොකෝ කියල.
තාත්ත එන්න තව කල් යාවි කියල තමයි කියන්නෙ.

මේ කට්ටිය මොකක් කිව්වත් කොටි මැරුව කාලෙ අපේ තාත්ත පෙරහැරක් තියලා පිලිගත්තෙ. මටත් මතකයි. එතකොට හාමුදුරුවො තාත්තට ජාතික වීරයෙක් කියලම කිව්ව. ඒ කට්ටියට ඒව මතක නැහැ. තාත්තගේ කකුලෙ එක ඇගිල්ලක් බෝම්බෙකට පොඩ්ඩක් තුවාල වෙල කැඩිල ගිහින් තිබුනෙ. හාමුදුරුවො ඒ ගැනත් කිව්වා..

කෙල්ලන් විශාල වුවද කුඩා වුවද මඳක් දොඩමළු වූ විට නවත්වන්නේ නම් නැත. ඇය මේ දොස් කියනනේ තමුන් ගේ පියා ජාතික වීරයෙක් විය නොහැකි යැයි තර්ක කරන අයට එරෙහිවය.
හා හරි තරුෂි. ඔයාගෙ චිත්‍රෙ ලස්සනයි. මං හිතුවෙ හිර කූඩුවෙ ඉන්න කෙනාගෙ මූනෙ පැල්ලං කියලා. මං හිතන්නෙ තරුෂි අඳින්න ඇත්තේ ඒ කඳුලු වෙන්න ඇති නේ?
ඔව් සර්. පොඩ්ඩක් කඳුලු වල පාට වැඩි වුනා. ඒ නිසා මූන කැතවෙල තියෙනව.

හා හරි තරුෂි අම්ම ආපු වෙලාවක මාව හම්බෙන්න කියලා කියන්න.

ගුරුවරයෙකු ලෙස මැදහත් සිතින් බැලූවිට දරුවකුගේ පියාට අකරතැබ්බයක් සිදු වීම සුලු සිදුවීමක්‍නොවේ. නමුත් සමන්ත‍‍ේග සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු එකක් වූයේ නැත. ඔහුට මෙතෙක් කල් දරුවාගේ අධ්‍යාපනය ගැන අයන්ති සමග දොඩමින් සිටි කතාබහ මඳක් ඉදිරියට ගෙන යන්නට මගක් පෙනුනේය.

කාමාශාව නැමැති වෘකයා රිසි වූ ස්ත්‍රී මස් සුවඳක් වූ කල්හී ඒ මතම ලගින්නට මාන බලයි. එය වෙත ඇදෙන්නට උත්සාහ කරයි. ආහ් මං මොකක් කරනවද? මං ‍මේ හදන්නෙ තරුෂිගේ තාත්ත ගැන එයාගේ අ්මමගෙන් විස්තර අහන්න. අපි ගුරුවරු විදියට ඒ ගැන අවබෝධයකින් ඉන්න ඕනි. තමුන්‍ේග වැඩය තමුන්ම සාධාරනීකරනය කරගන්නට සමන්ත සර් පෙළඹුනි.

අයන්ති පාසැල් ඇදුමින් සරසන ලද ඇගේ කුඩා දුවනියද දුව පැන ඇවිදින වයසට පැමිණි අවුරුදු දෙක තුනක යැයි සිතිය හැකි පුතුද රැගෙන පාසැලට පැමිණ සිටියාය.

ඔව් සර්.. මේ ළමයා මට කිව්ව විස්තරේ. කාටවත් කිව්වෙ නැහැ සර්. තව අවුරුදු දෙක තුනක් වත් යාවි මිලින්ද ගෙදර එන්න. එයැයි හිරේට ගිහින්. කවදාවත් ගංජ උරන මිනිහෙක් නෙවෙයි. ඉඳල හිටල සිගරට් එකක් බොනව. එයැයි ගංජ වගයක් ගෙනියල කෑම්ප් එකේ ඉද්දි . ඒකට අහුවෙල. කිලෝ එකක්ලු. මං දන්නෙත් නැහැ. ආමි එකෙනුයි. පොලිසියෙනුයි දෙකෙන්ම දඩුවම්.

ඇය අහක බලාගෙන වියලි ස්වරයෙන් කියාගෙන ගියාය. ටෙලිනාට්‍යයක හෝ නාගරික පවුලක මෙවැනි දෙයක් කියන විට බොහෝවිට කථානායිකාව කඳුලු සලයි. නමුත් අයන්ති එය කියාගෙන ගියේ මඳක් ශෝකී දැඩි ස්වරයකින් වුව ඇගේ ඇසේ කඳුලු කැට නොවීය.

ඉතිරි කොටස් බලන්න පහත ලිංකුව හරහා යන්න
https://drive.google.com/file/d/0By36M5qMRJnDMEtuM3k0eGM3RGs/edit?usp=sharing

13 comments:

  1. ඔක්කොම ටික එක හුස්මට කියවන් ගියා. පංකාදු පහයි. තව ටිකක් ඇද්දත් කමක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත,, මාත් කාලෙකින් ආවේ

      Delete
  2. තව දිගට ලිව්ව නම් හොදයි කියලා හිතෙනවා...එච්චරට හිතට ඇල්ලුවා ලියවිල්ල

    ReplyDelete
  3. පංකාදු පහයි ඈ....
    ඇත්තටම හරිම අගෙයි

    ReplyDelete
  4. එක දිගට කියෙව්වා හරිම අපුරුයි

    ReplyDelete
  5. දිගටම කියවාගෙන ගියා.ලස්සනයි ලියවිල්ල.......

    ReplyDelete
  6. කතාව සුපිරිය. මට සමන්ත නොදිරවන ටයිප්ය. ඒත් රචකයෙක් මැදිහත් ලෙස හැමෝම දිහා බලන්න ඕනිලුනේ :D

    ReplyDelete
  7. අමිල මේ ටයිප් එකට ලිව්ව එකක් මම මේ පලවෙනි වතාවට දැක්කේ.....
    නියමයි......

    ReplyDelete
  8. සුපිරිම සුපිරි ලොවෙත් නෑ

    ReplyDelete
  9. මොනාද බන්, මේකටම දාපන්කො ඉතුරු ටිකත්,

    ReplyDelete
  10. කතාව ලස්සනයි . ඔක්කොම මේකේ දාන්න

    ReplyDelete
  11. නියම කතාවක්.කලු සුදු මිනිස්සු නැති.අලු පාට මිනිසුන් සිටින ලොකය

    ReplyDelete
    Replies
    1. අලු පාට මිනිස්සු, අගේ ඇති කියමන

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...