Friday, August 1, 2014

budget smart Phone ලාබෙට, කදිම කලේලි අතබනු


මගෙ දැන් තියෙන කලේලි අතබනුව(Smart Phone) ඇන්ඩ්‍රොයිඩ් එකක්. ජෙලි බීන් තිබුනට ඒක හරිම ස්ලෝ ප්‍රොෙසස් තමයි රන් වෙන්නෙ. මගේ කලේලි අතබනුවේ ජාතිය Samsung Galaxy GT-S6810.
මම මීළඟට අතබනුවක් මිලදී ගන්නවා නම් වින්ඩෝස් අතබනුවකට යන්න හේතු ගොඩාරියක් තියෙනවා. තව කෙනෙක්ටත් වැදගත් වෙයි කියාල ඒවා ටිකක් ලියල තියන්න හිතුවා.

අපිට ලංකාවෙදි ලැබෙන වැටුප් තත්වය අනුව කලේලි අතබනුවකට(Smart Phone) වියදම් කරන්න ලැබෙන වැය සාමාන්‍යෙයන් රුපියල් 15,000-40,000ත් අතර අගයක් ගන්නවා. මේ ගානට ගන්න පුලුවන් නියම මෙහෙයුම් පද්ධතියක් (Genuine OS) තියෙන දෘඩාංග(Hardware) සහ මෘදුකාංග(Software) සමරූපි කරලා හදපු එකම කලේලි අතබනු තියෙන්නෙ නොකියා ලූමියා ලගේ..ඇන්ඩ්‍රොයිඩ් ලගේ සුපිරිම අතබනුව විදියට සලකන්නෙ නෙක්සස් කියන එක. සැම්සුන්, සෝනි, එච් ටී සී, හුවාවේ, ඉසට් ටී ඊ, මයික්‍රොමැක්ස් ආදි එකී මෙකී නොකී ගොඩක් සමාගම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අතබනු හදනවා. ඒ සියලු අතබනු එක්ක ඇන්ඩ්‍රොයිඩ් හරියටම ගැලපීමක් වෙන්නෙ නැහැලු.
නොකියා ලූමියා හදල තියෙන්නෙ ඒ විදියට සමපාත වෙන විදියට. ඇපල් වුනත් අපිට ජපානෙන් පන්නපු ඇපල් අයි අතබනුවක් අරගෙන රුපියල් හතලිස් දාහක් විතර යනකොට අඟුල ඇරලා (Unlock) ප්‍රදර්ශන කාමය (Show-Off) පිණිස පාවිච්චි කරන්න පුලුවනි. නියම ඇපල් අයි අතබනුවක (Taste of Real iphoene) රස හොරෙන් අඟුලු හරින ලද අයි අතබනු පාවිච්චි කරනකොට නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නෙ.
නොකියා වල තියෙන තව දෙයක් තමයි දැනට තියෙන ජංගම මෙහෙයුම් පද්ධති වල තියෙන බහුකාර්ය (multitasking) හැකියාව හොඳටම තියෙන දුරකථන මෙහෙයුම් පද්ධතිය (mobile OS) විදියට දැන් සලකන්නෙ වින්ඩෝස් පෝන් (Windows Phone 8.1) කියන මෙහෙයුම් පද්ධතිය.මේ බහුකාර්ය හැකියාව කියලා කියන්නෙ වැඩ කිහිපයක් එක වර කරන එක. ස්කයිප් ඇමතුමක්(Skype Call) අතර සාමාන්‍ය ඇමතුමක් ආවොත් හරි, එහෙම නැත්තං හඬ පටිගත කරන(Voice Recording) අවස්ථාවකදි දුරකථන ඇමතුමක් එනකොට හරි, වෙන වගේ වැඩ දෙකතුනක් එකවිට සෙට් වෙනකොට අඩුබලයෙන් යුතු (Low Spec Android Phone) ඇන්ඩ්රොයිඩ් අතබනු පොඩ්ඩක් පිස්සු කෙලින ගතියක් තියෙනවා. වගේම පසුබිම් වැඩකිඩ (Background Task) වැඩි වෙලාවල් වලදි අඩුබල ඇන්ඩ්රොයිඩ් අතබනු වල පට්ට සෙමින් වැඩ කරන ආකාරයක්(incredibly Slow) පෙන්නුම් කරන විදියකුත් තියෙනවා.
නොකියා ලූමියා මූලික මට්ටමේ අතබනු වල තාවකාලික මතක අගය මෙගාබයිට්ටු (RAM 512mb) 512 තිබුනාට ඒක ලෙසට බෙදාගෙන කියාගෙන කරගෙන වැඩ තුනහතරක් එකපාර කරගන්න හැකියාව නොකියා ලුමියා වලට තියෙනවා කියලා තමයි භාවිත කරන අය දෙතුන් දෙනෙක්ම කිව්වෙ. ඇන්ඩ්රොයිඩ් අයිස් ක්රිම් සැන්විච් (Android 4.0) වලින් එහාට ගිහිපු ජංගම මෙහෙයුම් පද්ධති බොහෝ වෙලාවට තාවකාලික මතක 512 වගේ අගයන් වලදි සෙමෙන් ධාවනය වන (Slow) ගතියක් පෙන්නුම් කරනවා. නමුත් වින්ඩොස් මොබයිල් එහෙම නැහැ. බබා වගේ අගේට වැඩ කරනවා.
වින්ඩෝස් වල අලුත්ම වින්ඩොස් පෝන් 8.1 යාවත්කාලීනයේදී (Update) පෙනුම සහ නව යෙදවුම් වගේම මෘදුකාංග දෘඩාංග එක්ක ගනුදෙනු කරන්න වෙන මූලික මට්ටමේ යෙදවුම් බොහොමයක් අලුත්වැඩියා වෙලා කියලා තමයි අන්තර්ජාලයේ තිබුනෙ. ඒ නිසා බැටරි බලය සාපේක්ෂව වැඩිපුර වෙලාවක් භාවිත කරන්න හැකියාවක් ලැබිලා තියෙලු.
ලංකාවෙ දුරකථන වෙළඳපොල, පරිඝනක වෙළඳපොල තරම්ම වේගයෙන් යාවත්කාලීන වෙන්නෙ නැහැ. කුඩා අතේ යන පරිඝනක (laptop, tabs) වගේ ඒව නම් පිටරටවල නිකුත් කරන දවස්වලම ලංකාවට එන ගතියක් තියෙනවා. කලේලි අතබනු (Smartphones) ජනප්‍රිය වීම වගේ වේගෙන් වෙන් නැහැ. ගැලක්සි එස් ටූ (Samsung Galaxy S2) කියන අතබනුව තාමත් අපේ අය අතර වෙළඳපොලේ ජනප්‍රියයි. සැම්සුන ගැලක්සිලාම ඉන් පස්සෙ අතබනු ගොඩාරියක් නිකුත් කලා. නමුත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය අලුත් අතබනුවක් විදියට අවුරුදු දෙකකට විතර කලිං නිකුත් වෙලා අතරමගදි නව යාවත්කාලීන එක් වුන ගැලක්සි ඇස් ටූ, සෝනි එක්ස්පීරියා එල් පාවිච්චි කරනවා. එක අතකින් ඒකෙ වැරැද්දකුත් නැහැ. කොයි තරං යාවත්කාලීන එකතු වෙලා අලුත් වුනත් අපේ රටේ කලේලි අතබනු පාවිච්චි කරන අය ඒකෙන් කරන්නෙ සීමිත වැඩ කොටසක්. එතනදි ඒ වැඩටිකට හරියන්න අඩුගානට වඩාත් ස්ථායී ජනප්‍රිය ෆෝන් එකක් මිලදී ගන්න එක වාසිදායකයි. වැඩිපුර භාවිත වෙන අතබනුවක් කැඩුනම හදන්නත් ලේසියි. ගොඩක් තැන්වල කෑලි තියෙනවා සහ හැමෝම අතේ තියෙන අතබනු ජාතියෙ එකක් ඔපරේෂන් කරන්න කලේලි අතබනු ගලවලා හදන ඕනි ගස් වෙදෙක් දන්නවා.
අවසාන වශයෙන් නොකියා ලූමියා වල තාවකාලික මතකය සාපේක්ෂව අඩුවුනාට කැමර් එක පොඩි අගයක් වුනාට ඒක තරමක් දුරට රළු භාවිතා කරන්න පුලුවන් (පට්ට ගහන්න හැකි) පහසු මිලෙන් අඩු කදිම කලේලි අතබනුවක් කියලා කියන්න පුලුවනි.

14 comments:

  1. nokia lumia 1050 hondaida? lankawedi gaana keeyada?

    ReplyDelete
    Replies
    1. ස්මාට් කියන එක කලේලි කියල ට්‍රාන්ස්ලේට් කරේ කොහොමද?මගේ ඔලුව කැක්කුම හැදුනා මේ ලිපිය කියවලා.මොකද්ද මේ ලියන විදිහ? සිරාවටම මේ හැටිද?නැත්නම් අත් හදා බැලීමක් විදියට මෙහෙම ලියනවද?

      Delete
    2. පරිඝනක කියල රෙද්දක් නැහැ බං! තියන ඒවා ''පරිගනක''

      Delete
  2. ලිපියේ වටිනාකම නැතිවෙලා තියෙන්නේ පාවිච්චි කරලා තියෙන භාෂා විලාශය නිසයි. හරියට ගෑරුප්පුවෙන් මුරුංගා කෑවා වගෙයි

    ReplyDelete
    Replies
    1. siraawatama
      Hahaa

      Delete
    2. මෙහෙම මොලේ කොලොප්පං කරන බ්ලොග් එකක දැක්කමයි මම නම්..

      Delete
  3. කාට වුණත් වටින අදහස් ටිකක්...
    ඇන්ඩ්‍රොයිඩ් තියෙන
    ඔප්පෝ එන් වන්
    හුවාවි චී ෙසවන්
    වගේ ෆෝන් ගැනත් කිව ං හොදයි...
    ඔප්පෝ ගනන් වුණාට
    පී 7 එක අපිට ඕන හැම දෙයක්ම තියෙන එකක්...
    කොටින්ම කියනව නං නෑ කියන්න දෙයක් නෑ... සමහර ෙෝන් එනව එකක් තියේ නං අනික නෑ .. ඒත් පී 7 එක එහෙම නෑ...
    නෙක්සස් කියන්නෙ ගූගල් ප්‍රඩක්ට් එකක්... ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙත් එහෙමි.. ඉතිං ඒක මැච් නොවුනොත් වැඩක් නෑ නේද

    ReplyDelete
  4. මක්කැයි බං මේ අතබනුව කියන්නෙ.. :D
    මයෙත් තියෙන්නෙ ගැලැක්සි Fame අතබනුවක්..
    මේ ළඟකදි ඉඳං ලුමියා උණකුත් හැදිල තියේ..

    ReplyDelete
  5. umbata pissuwa honda nedda yako

    ReplyDelete
  6. මොන හුයන්නකටද බං මේ වැරදි ඉංග්‍රීසි කෑලි ලොරියක් පටවලා තියෙන්නේ. මොකද අපිට සිංහල බැහැයි කියලද හිතාගෙන ඉන්නේ. (වැරදියි කියන්නේ ඉංග්‍රීසි කෑල්ල හරි වුනාට ඒකට දීල තියෙන සිංහල වචනේ වැරදියි)

    ReplyDelete
  7. උඔගෙ ආටිකල් එක නං හොඳයි..... භාෂාව නං අන්තිමයි.......

    සාමාන්‍ය විදියට ලියන්න...... ජය වේවා...... !!!!!

    ReplyDelete
  8. අහුබුදු ටෝකස් නැතුව තේරෙන සිංහලෙන් ලියහංකො

    ReplyDelete
  9. අම්මට සිරි,මේකට තියන ප්‍රතිචාර...!

    ReplyDelete