Tuesday, August 12, 2014

එදා නුවර Kandy and peradeniya 1894 1 කොටස

Henry W Cave, M. A නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් නිර්මාණය කරන ලද PICTURESQUE CEYLON Vol iii නැමැති නුවර සහ පේරාදෙණිය ගැන විස්තර ඇතුළත් පිංතූර පොතෙන් මෙම පිංතූර උපුටාගන්නා ලදී. මෙම ග්‍රන්ථය 1894 දී ප්‍රකාශයට පත් වූවක් ලෙස පොතේ සඳහන් වෙයි.
නුවර වැව තමයි මේ තියෙන්නෙ. තල් කිතුල් පුවක් ගස් කේව්ගේ සිත් ගත් ගස් බවට පත් වෙලා තිබෙනවා. කේව් ලංකාව දකින්නෙ ඉන්දියාවට වඩා වෙනස්කම් තියෙන මිහිපිට සුරපුරයක් විදියට. ඉන්දියාවෙ දවස් ගනන් ඇවිද්දත් එකම විදියෙ දර්ශන තියන බවත් ලංකාව එහෙම නැතිව විවිධ ආකාරයේ දර්ශන සහිත රමනීය රටක් බවත් සඳහන් වෙලා තිබෙනවා. 
(මෙතන ඉදලා කේව් දැකපු විදියටම අපි පිංතුර ටිකේ විස්තර දැනගමු. ඒක ලේසිවෙයි.)


මහවැලි ගඟ අසබඩ තිබෙන මේ විශාලබට ගස් ගෙනල්ල තියෙන්නෙ වෙනත් රටකින්. නමුත් මේ ගස් බොහොම සාරෙට මේ පොලව බදාගෙන හැදිලා තියෙනවා. මේවා පේරාදෙනි උයනේ ඉවුරු වලට අමතර ආරක්ෂාවක් එකතුකරනවා. 
Sinhala ජාතියේ මුදුන් මල් කඩ වැනි දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගාව.මේ මාලිගය සිංහලයින් විසින් මහත් ගෞරවයෙන් පූජනීයත්වයෙන් සලකනවා. එහි බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඇති බවට සිංහලයින් බොහොමයක් දැඩි ලෙස විශ්වාස කරනවා.
නුවර වැව උඩහ පාර. පාර දෙපැත්තෙ ලස්සනට උන පඳුරු වැවිලා තිබෙන ආකාරය පේනවා ඇති. 
හැඩය අනුව ගත්තාම ලස්සන ගහක්. තාල වර්ගයට අයිති මේ ගහ ස්වදේශිකයින් විසින් කිතුල් කියලා හඳුන්වනවා. මෙයින් වෑහෙන තෙලිදිය විශ්මයජනක ප්‍රමාණයක් දවසකට වෑහෙනවා. කොළ වගේම දිගට තියෙන රෑනත් ඒවායෙ ්තිබෙන මිදි ගෙඩි වැනි කුඩා ගෙඩිත් ගසට තවත් අලංකාරයක් එකතු කරනවා. 


ඈතින් නුවර වැවට උඩින් දර්ශනය වෙන්නෙ හන්තාන කන්ද. හන්තාන කන්ද නැගීම සමහර අය විනෝදයක් විදියට සලකලා තිබෙනවා. නමුත් ඒක භයානක ගමනක්. 
ස්වදේශීකයින්ගේ අවසාන රජතුමාව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් නිර්මාණය කරන ලද මේ නුවර වැව වහලුන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය වූවක් ලෙස සලකනවා. මේ වැව අසල නාන ගෙයක් සහ රජතුමාට විනෝද වන්නට කුඩා දූපතක් තිබෙනවා. දැනට නුවර උසාවි සංකීර්ණය ලෙස හඳුන්වන තැන එවකට රජතුමාගේ ප්‍රධාන අධිකරන ශාලාව පිහිටා තිබෙනවා. 
රාජසිංහ  විසින් භාවිත කලා යැයි සැලකිය හැකි දූපත. මේ ස්ථානවල දැන් සිංහල මිනිස්සු විවිධ කලාත්මක භාන්ඩ තබාගෙන අලවි කරනවා දකින්නට හැකියාව තිබෙනවා. 
පේරාදෙණියේ සිට නුවරට එන්නට එන විට රික්ෂෝ කරුවන් අපට උදව් කලා. මේ රික්ෂෝ කරුවන් බොහොම ශක්තිමත් අය. මිනිසකු මේ තුල රුවාගෙන තල්ලු කරගෙන යෑම ඔවුන්ට බරපතල රාජකාරියක් විදියට නම් පෙනුනෙ නැහැ. දවල්ට නුවර සමහර දවස්වලට පුදුම රස්නයක් තියෙන්නෙ. පාරෙ ඇවිදගෙන යනවට වඩා රික්ෂෝවෙන් යන එක සහනයක් තියෙනවා. 
මහනුවර දළදා මාලිගාවේ වාර්ශික පෙරහැරට අලින් යොදාගන්නවා. ඊට අමතරව එකල යුද්ධ වලටත් අලි භාවිතා කරල තිබෙනවා. දළදා මාලිගාව සතුව අලින් ඇතුන් 40ක පමණ සංචිතයක් පවත්වාගෙන යනවා. 

මේ සිංහල කාන්තාවන් නාන ස්ථානයක්. ඔවුන්ගේ ඇදුම් පරණ ස්වභාවයක් දැරුවත් සිංහලයන් බොහෝවිට පිරිසිදුව සිටින්නට උත්සාහ කරන බවක් පෙනී ගියා. 
මේ තියෙන්නෙත් ඒ විදියෙ නාන තොටුපලක්. පිරිස එකතුවෙලා නාන්න බාවිත කරන මේ විදියෙ තොටුපලවල් සම්පූර්ණ ගමනෙදි කිහිප වතාවක්ම දකින්නට ලැබුනා.
මේ හෝටන් කුමරියගේ මාලිගාව. මාත් එක්ක ඇවිදින්න ගිය හෝටන් කුමරිය වැඩිය කැලේ අැවිදින්න එපා කියලා අවවාද කලා. ඇයට අනුව මේ වනාන්තරය සර්පයින් බහුල අනතුරුදායක එකක්. ඒ විදියට කලිං ඇවිදින්න ගිහින් සර්ප දශ්ඨ කිරීම් වලට හසුවුනු බ්‍රිතාන්‍ය ජාතිකයින් කිහිප දෙනෙක් ගැනම හෝටන් මැතිනිය මා එක්ක කිව්වා. 
එංගලන්ත වැසියන්ට දකින්ට සුලභ නොවන කෙසෙල් ගස්. මේවා නුවර පළාතේ බොහොම උසට වැවෙනවා. ලංකාව පුරාම විවිධජාතිවල කෙසෙල් තිබෙනවා.මේ කෙසෙල් වගාකිරීමේ ආණ්ඩුව සැලකිය යුුතු ආදායමක්ද ලබනවා. 

විශාල පත්‍ර රැසකින් සමන්විත පොල් ගසත් නිතර ලංකාවේ දකින්නට ලැබෙන ගහක්. නිවර්ථන කලාපයට අයිති මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල මේ පොල් හොඳින් වැවෙනවා. 
 විවිධාකාරයේ තුරුලතා වලින් මේ කුඩා රට පිරිලා තියෙනවා. මගේ කැමරාව එක්ක ගස් අස්සෙ රිංගලා පොඩි දේවල් රූපගත කරගන්න අමාරුයි. මේ ප්‍රදේශය වර්ණ කිහිපයකින් සමන්විත ගස් රාශියකින් යුතු වුනා. 

 මේ පොත පහත ලිංකුවෙන් බලාගන්න හැකියාව තිබෙනවා.(24 Mb pdf) 

https://drive.google.com/file/d/0By36M5qMRJnDUnRONjd5bzRmSTg/edit?usp=sharing

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපූරු පිංතූරු ටිකක්. මේවා දාන්ට ගත්ත මහන්සියට බොහොම ස්තුතියි.
    අද නුවරයි එදා නුවරයි ගත්තාම අද නුවර කොන්ක්‍රීට් වනයක් වෙලා.කාලා දාලා.

    ReplyDelete
  3. ඒ අතීතෙට ගිහින් බලන්ට ආසාවක් ආවා.

    ReplyDelete
  4. පට්ට විසිතරයක් ඈ තැංක්ස් වේවා...
    පොතත් දීපු එක නං කියන්න බැරි තරං වටින උදව්වක්..
    ජයවේවා

    ReplyDelete
  5. ඒදා හෙලදිව, ම්.... නමුත්, අද
    දෙපැත්තටම හොද නරක ගැන පරස්පරයන් තියෙනවා නේද?

    ReplyDelete
  6. නියමයි නේ... එදා නුවර අද නුවරට වඩා ලස්සනයි...!!!

    ReplyDelete
  7. නියමයි අමිල
    එකදෙයක්- හෝටන් "කුමරිය" ද?
    අනිත් එක - කවුරුවත් දන්නවද ඒ බිල්ඩින් එක තිබුන තැන?

    ReplyDelete
    Replies
    1. "මේ හෝටන් කුමරියගේ මාලිගාව."

      මේක නිවැරදි නැත. මොකද ෆොටෝ ටයිට්ල් එකේ තියෙන්නෙ "Kandy, From Lady Horton's Walk"

      Delete
    2. Pra, සම්පූර්න පොත තියෙනව මෙතන.

      https://archive.org/details/bookceylon00unkngoog

      Delete
    3. එතනදි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා. ලේඩි හෝටන් කියලා කියන්නෙ එංගලන්තයේ ජනප්‍රිය උපමාවක්..ලේඩි හෝටන් කියන්නෙ එක්දාස් හත්සිය ගන්න වල හිටපු පට්ට කෑල්ලක්..එයා ගැන නෙමෙයි මෙතන කියන්නෙ. මෙ පිංතුරට ආසන්න පිටු කියෙව්වාම ගොඩනැගිල්ලක් ගැනත් තියෙනවා. ඒ ගොඩනැගිල්ල එවකට ලංකාවෙ ආන්ඩුකාරවරයාගේ නුවර නිලනිවස. ඒක ගැන තමයි විස්තර කරන්නෙ. මම මේ ලේඩි හෝටන් කියන යෙදීම ගැන අහල තිබුනෙ නැහැ. අදයි යාලුවෙකුගෙන් අහල දැනගත්තෙ..

      Delete
    4. ඉන්දික උපශාන්තට බොහොම ස්තූතියි ලිංක් එකට...මට මේ පොත් කාන්ඩයේ නුවර එළිය ගැන තියෙන තුන්වෙනි කොටසත් ලැබුනා..මම කල්පනා කර කර හිටියේ පලවෙනි කොටස හොයාගන්න විදියක්..ගැන...

      Delete
    5. අමිල අරන් තියෙන්නෙ ෆස්ට් එඩිශන් එකෙන්ම නේ? Cave ගේ පික්ටොරියල් සීරීස් එකේම රීප්‍රින්ට් තියනව. ලේක් හවුස් ඇති. සමහරවිට Barefoot එකේත්.

      හොර්ටන් කියල ආණ්ඩුකාරයෙක් හිටියනෙ. ඔහුගේ නුවර නිල නිවසද? පින්තූරෙ නම් ඉන්ගලන්තෙ බලකොටුවක ටවර් එකේ battlements වගේ තියනව. ඔය ගොඩනැගිල්ල කොහෙද හරියටම තිබුනෙ?

      Delete
  8. සියවසකට එපිට පිංතුර කලාව හා සේයාරුසගරාවක මහිමය. නියමයි ලින්කුවටත් ස්තුතියි.

    ReplyDelete
  9. පොටෝ ටික දාපු එකට පට්ට තෑන්ක්ස්..

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...