Wednesday, August 13, 2014

එදා නුවර Kandy and peradeniya 1894 2 කොටස

Henry W Cave, M. A නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් නිර්මාණය කරන ලද PICTURESQUE CEYLON Vol iii නැමැති නුවර සහ පේරාදෙණිය ගැන විස්තර ඇතුළත් පිංතූර පොතෙන් මෙම පිංතූර උපුටාගන්නා ලදී. මෙම ග්‍රන්ථය 1894 දී ප්‍රකාශයට පත් වූවක් ලෙස පොතේ සඳහන් වෙයි.

සිංහලයින්ට වඩාත් ප්‍රයෝජනවත් වන තවත් ගහක් තමයි තල් ගහ. මේ තල් කොලයක් අස්සට වෙලා මහ වැස්සකට වුනත් නොතෙමි ඉන්න පුළුවන්. සිංහල ජනතාව වහල සෙවිල් කරන්නත් වැස්සේ ගමන් කරන විට නොතෙමී යන්නත්මේ තල් කොළ පාවිච්චර කරනවා. ඊට අමතරව හොඳින් මැදගත් තල් කොල ඔවුන් ලිවීම සඳහා භාවිතා කරනවා. වසර දහස් ගානක් ඒ තල්කොළ වල ලියූ අකුරුඒ විදියටම දකින්න හැකියාව තිබෙනවා.ඒ විදියට ලියපු තල්පත්වල පාලි සහ සංස්කෘත භාෂාවෙන් බෞද්ධ ධර්මය ලියලා තියෙනවා.

දුම්බර නිම්නය. දුම්බර කියන්නෙ උතුරු දිශාවට වෙන්න තිබෙන කඳුකර පලාත. ඒ පලාතෙ නකල්ස් කඳු ගැට පේලිය පිිහිටා තිබෙනවා. මේ දිනවල රජයේ කොකෝවා වගාවට මේ දුම්බර පැත්ත යොමුවෙලා. බැලු බැලු අත කොකෝවා ගස් දකින්න පුළුවනි. දුම්බර නිම්නයේ සිට බැලූකල සත්‍ය වශයෙන්ම නකල්ස් කඳු වැටිය මිනිසකුගේ මිට මෙලවූ ඇඟිලි කිහිපය ලෙස දිස්වෙනවා.
දළදා මාලිගාව සහ ඉදිරිපිට පන්සල මේ පිංතුරයේ දැක්වෙනවා. සෑම වර්ශයකම අගෝස්තු මාසයේ දළදා පෙරහැර පැවැත්වෙනවා. එය ඉතාම දර්ශණීය උත්සවයක්. අවාසනාවට මම ඇවිත් තියෙන්නෙ අගෝස්තු වල නෙමෙයි. සිංහලයින් බොහෝ කටයුතු වලදී කලාවට මුල් තැන දිපු ජාතියක්. ඔවුන් අලංකාර තොරන් බැඳීමටද දක්ෂයින් පිරිසක්.
ගරු ටී බී පානබොක්කේ මැතිතුමා. මහනුවර පාලකයා සහ සිංහල නියෝජිතයා ලෙස පානබොක්කේ මහතා කටයුතු කරනවා. දළදා වහන්සේට ගරුසරු පැවැත්වීම ආදිය මොහුට පැවරී තිබෙනවා. ඔහුගේ ඇඳුම අලංකාර එකක්. එයට විවිධාකාර ඇදුම් ආයිත්තම් රාශියක් තිබෙනවා.
මේ අලි බෞද්ධ පංසල් වල ඇතිකරනවා. අලින් වාර්ශිකව පැවැත්වෙන දළදා පෙරහැරට දායක වෙනවා. කරඩුව සහිත අලියා ප්‍රමුඛ අලින් 45ක් පමණ දළදා පෙරහැරට දායකත්වය සපයනවා. දළදා පෙරහැර පැවැත්වීම බොහෝ කාලයක සිට පැවත එන සිංහල චාරිත්‍රයක්. මේ දළදා පෙරහැර අනුරාධපුර සහ පොලොන්නරු යුගයේ සිටම පැවැත්වෙන්නට ඇති බව පරණ පුස්කොළ පොතක් වන දළදා සිරිතෙහි සඳහන්. 

පේරාදෙණිය පාලම. පාලම පොටෝ ගන්නට යන විට නියම ස්ථානය පිළිබඳ අවබෝධයක් තිබුනේ නැහැ. ගැටවර වියේ පසුවූ කරුණාවන්ත සිංහල කොල්ලන් තුන් දෙනෙක් මට මේ පොටෝ එක ගන්න උදවු වුනා. මා පැමිණි කාරණාව අවබෝධ කරගත් ඒ සිංහල ආධුනික පොටෝකරුවන් (නමුත් ඔවුන්ට කැමරාවක් නැහැ) මට මේ පොටෝ ගන්න පුළුවන් නියම ස්ථානය පෙන්වල දුන්නා. අවධානම් ගමන් වලදි ආරක්ෂාව දෙන්නත් ඒ අය ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වුනා.

සිංහල ගැමි ගෙදරක්. බොහෝ සිංහලයින් දුප්පත් කමින් පීඩා විඳිනවා. සිංහල ගැහැනුන් සහ මිනිසුන් එකිනෙකා හා සමීපව ඉන්නේ නැහැ. එය ඔවුන් අදහන බුදු දහම අනුව අනුමත නොකරන ක්‍රියාවක් විය හැකියි.
සිංහල දරුවන් කිහිප දෙනෙක්. සිංහලයින් සතුව විශාල දේවල් නොමැති වුවත් ඔවුන් ලැබෙන දෙයින් සන්තෝෂව කාලය ගත කරන ආකාරයක් පෙන්නුම් කලා. සිංහල බස ඉතාලි බසට සමීප කන්කලු එකක්. උස් හඩින් සිංහලෙන් කතාකරන ඔවුන් කතාවට දක්ෂ බවක් පෙනුනා.

 විශාල දෙල් ගසක්. මේ ගසේ කොළ අඩියකටත් වඩා දිගයි. මේ ගසින් ලැබෙන ඵලය ඔවුන් පොල් සමග ආහාරයට ගන්නවා. දෙල් ගස ප්‍රයෝජනවත් ගසක් ලෙස පෙනී ගියා. එසේම දෙල් ගස අලංකාර කදිම ගසක්. දෙල් ගසක් යට තිබෙන පේරාදෙනියේ සිංහල නිවාසයක් මේ පිංතූරයේ තිබෙනවා.
ගමට ඕන රන් බඩු හදන රන් බඩු හදන මිනිහෙක්. මෙයා හරි පරණ විදිෙය් මෝස්තරයකට ජීවත් වෙන්නෙ. නමුත් ඔහු අලංකාර රන් බඩු සාදන්නට දක්ෂයෙක්.

 මේ පොත පහත ලිංකුවෙන් බලාගන්න හැකියාව තිබෙනවා.(24 Mb pdf) 
https://drive.google.com/file/d/0By36M5qMRJnDUnRONjd5bzRmSTg/edit?usp=sharing

11 comments:

  1. තීනවා,තීනවා කියල තම්බියා වගෙ ලියපුව තියෙනවා කියලා ලියන්න පුරුදු වීම හොඳ ලකුණක් වගේ.ඔහොමම ව්‍යාකරණ ටිකකුත් ඉගන ගත්තානම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔයා උගන්නන්නකෝ අපිටත්

      Delete
  2. කුනුහරුප නොලියා මෙහෙම දෙයක් කරපු එක කොච්චර දෙයක්ද? කුනුහරුප ලිව්වම කියවන කෙනාට හිතෙනවා අන්නේ මෙයාට මොන අසහනයක් තියෙනවාද මේ වගේ දේවල්ම හිත හිත ඉන්න කියලා.අනික කවද හරි තමගේ දරුවෙකුට වුනත් කොච්චර ලැජ්ජා හිතේවිද අනේ අපේ තාත්තා මහ අසහනකාරයෙක් කියල.පවුලෙ අය්යා මල්ලි අක්කා කෙනෙක් දැක්කොත් මූන දෙන්නෙ කොහොමද?අනික කාන්තා පර්ශ්වය කියන්නෙ අපිට කුප්ප කතා කියල සැට ගන්න තියන පාරිභෝගික භාන්ඩ නෙමෙයි,එයාලා,අක්කලා,අම්මලා,නංගිලා සහ අපේ බිරිඳ වගේම නම්බු කරලා සැලකිය යුතු කෙනෙක් ය කියල තේරන්න ඕන.මේක මෙතනට අදාල නැතුව ඇති.ඒත් අමිලට මේක කවුරු හරි කියන්නත් ඕන.නැත්නම් කියන කියන කඩප්පුලි කතා වලට එල මචන්,මාරයි බාං,පට්ට පට පට, වල්ල පට්ට කියල ගොනාට අඳවලා තව කුනුහරුප ලියවන කමෙන්ට් කාරයන් ගෙන් ඔබට යහපතක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේ කතාවට මං එකඟ නෑ. අමිල ටිකක් වෙනස් කෙනෙක් බව ඇත්ත, නමුත් ඔය කියන අසහනයක් මට නං පේන්නෙ නෑ. ඔහුකැමති දේ ලියනව, කැටයං නෑ , අමුවට. ව්‍යාකරණ තඹේකට ගණන් ගන්නෙ නෑ. මං හැමදාම ඔහුගෙ ලිපි කියවනව.

      Delete
  3. අමිල ඔය පාළම අති විශේෂ සහ විශිෂ්ඨ ඉදිකිරීමක්. ඒ ගැන වැඩි විස්තර හෙට කතා කරමු. අනික මේ පින්තූරය ඒ කොහේවත් නැතයි සිතා සිටි පාළමේ ඉතුරුව ඇති එකම එක විය හැක.

    ඉන්දික උ.

    ReplyDelete
    Replies
    1. අමිල, ඔය සුන්දර පාළම අති විශේෂයි කිව්වෙ, ඕක 1830 ගණන් වල ගල විදල නුවර පාර හදත්දි සුද්දට මහවැළි ගඟෙන් එහාට යන්න බැරිවෙනව මොනා කලත් කියපු දේශීය කටවල් වැහෙන්න ජෝන් ෆ්‍රේසර් නම් විශිෂ්ඨ ඉංජිනේරුව විසින් නිර්මාණය කර, තනිකර බුරුත ලීයෙන් එකම යකඩ ඇනයක්, බෝල්ට් එකක් නැතිව තනි ආරුක්කුවකට කරපු මුළු කලාපයෙම තිබ්බ සුන්දරම පාළම් නිර්මානය නිසයි. 1900 ගණන්වල බර වාහන යන්න ඕන නිස යකඩ පාළම හදන්න ඒ සුන්දර නිර්මාණය ගලවල දාල තියෙනව.

      Delete
  4. මාත් පොත බාගත්ත පට්ට පොතක් සෑහෙන්න වැදගත්..

    ReplyDelete
  5. ah... pissuwa tikak hondai wagei

    ReplyDelete
  6. අමිල අරක 'ගැමි ගෙදරක් " නෙමෙයි කඩයක් නේද? A village boutique

    ReplyDelete
  7. නියම පොතක් අමිල. මසුරන් වටිනව. බොහොම ස්තූතියි.

    ReplyDelete