Monday, August 11, 2014

වැලබලන කෑගහන කොහෝ singing black cuckoo

අපේ ගෙවල් දිහාටත් පෑවිල්ල ඇවිත්. පේන තෙක් මානෙ තියෙන ගහකොල වේලිල ගිහිල්ල. ගෙවල් වල විතරයි වතුර ඩිංගක් තියෙන්නෙ? ඒකත් බටවලින් එන ටික තමයි. බට වතුර නැතිවුනොත් ඉතිං හුලං තමයි බොන්න වෙන්නෙ.
 මේ කොහාට වැලගෙඩියක් හමු වෙලා. මූ එතන පැළපදියං වෙලා. පොටෝකාරයෙක් නෙවෙයි අලියෙක් ආවත් උෟ නෙවෙයි සැලෙන්නෙ. කොහා කෑ ගහන හැටි මම වීඩියොත් කලා. කොහා ටික වෙලාවක් යන කොට සයිලන්ට් වෙනවා. එතකොට කැමර් කරන්නෙ දෙයක් නැහැනො. මං ඒපාර කොහාට සිවුරුවන් පාරක් දාල රිප්ලයි කලා. කොයා ආයිත් රීස්ටාට් කරලා ඇඩිල්ල පටන් ගත්තා. කට්ටිය ඉතිං ඉඩකඩ තියේ නං වීඩියෝවත් බලලාම යන්න හොඳේ.. 

වනජීවින් කැමරාවට ගන්න කොට අපි ඒ පරිසරයට බාධා කරන්න හොද නැහැ. ඒත් හොදට බැලුවොත් මේ වීඩියෝවෙ පේනවා දුමක්. ඒ අපේ කුස්සියෙ දුම. කුස්සිය ගාවම තියෙන කොස් ගහේ අත්තක තමයි මේ උන්නැහේ ඉන්නෙ. මූ මෙතන්ට වෙල වරුවක් විතර උන්නා..මං පොඩ්ඩක් කුස්සිය පැත්තට ආ වෙලාවක ආයිත් බැලුව ඩයල් එක ඉන්නෝද කියලා මෙන්න එතකොට දැක්ක පට්ටම සින්ස් එකක්. මූ මෙතන වැල ගෙඩිය මුර කරනවා..පොඩි පැණි කුරුල්ලෙක් වාගෙ එකෙක් වැලගෙඩියට ආහම මූ ඌට කොටල එලවගන්නවා. බාගෙද මූ කෑගහල කෑගහල කෑල්ලක් සෙට් කරගත්තහම ඩබල එක්කම එකතු වෙලා වැල ගෙඩියට වැඩේ දෙන්න වෙන්නැති කල්පනාව.
 මේ පිංතූරෙ ඉන්නවා කොට්ටෝරුවෙක්. කොට්ටෝරුව ටිකක් පේනව හොරයි. ඌ ටිකක් ඈත ගහක තමයි වහල උන්නෙ. රතුපාට නිසා සෝක් එකට සෙට් වෙනවා දිරච්ච ගහක හිටියනම්..කොහොඹ ගහට ටික වෙලාවක් කොට කොට ඉඳලා යන්න ගියා. කොටල ඉවර වුනාම වෙන්නැති ඌට තේරෙන් ඇත්ෙත කොහොඹ තිත්තයි කියලා. 

 පුංචි කාලෙ අපි කෑගහනකොට ආච්චිල බනින්නෙ" මොකෝ බාංමේ දෙමලිච්චන් මල්ල පොලොවෙ ගහල වගේ කෑගහන්නෙ" කියලාමේ ඉන්නෙ දෙමලිච්ච්න් ජෝඩුවක්. මුන් දෙන්නා අඹ අත්තක වාඩිවෙල එකිනෙකාගේ පිට කසා ගන්නවා.ඒ පිටකසාගන්න දර්ශනයඒ විිදියටම ගන්න ලොකු උස්සාහයක් ගත්තා. ඒත් සම්පූර්ණ වුන් නැහැ. දෙමලිච්චා පට්ට මීටර් සතෙක්.ඌ පොටෝ ගන්නවා කියලා දැනෙනකොට කලබල වෙලා අයින් වෙනවා. 

 මේ පොල්වල්ල උඩ ඉන්නෙ කහ කුරුල්ලෙක්.  කහ කුරුලු ජෝඩුවෙන් එකෙක් වැඩිමල්. අනිකා පියාඹන්න පුරුදු වෙනවද කොහෙද. කෑ ගගහ නිතරම එහෙ මෙහෙ ගස්වලට පැන පැන උන්නා. 
මේ පිංතූරයේ නම් දෙන්නම ඉන්නවා. ටිකක් හොදට බැලුවොත් දෙන්නාම පෙනේවි. කහ කුරුල්ලො ඒ තරංම අපේ පැත්තෙ සුලභ නැහැ. මුගේ පිහාටු කහ සහ කලු පාටයි. හොට වෙන පාටක්. ඒ නිසා කැපිල පේනවා.  
මේ කොරවක්කෙක්.මේ දවස්වල වතුර නැති හින්ද ඇවිත්. මූට නං කිසි ලැජ්ජාවක් නැහැ. පොටෝ ගන්න හැකි ලගටම ගිහින්. 
පොඩි අයියයි, තාත්තයි එකතුවෙල ගියපාර අක්කරේක විතර බටානා දාල. බටාන එක මුරයක් කැඩුවට පස්සෙ බටානා මුරයක් හොරු කඩල.මේ ලේන කන්නෙ ඒ බටානා වල ඉතිරි වෙච්චි එකක් උයන්න ගියාම අයින් කරන ඇට ටික.
 අපේ ගෙදර ඉඩමෙ පල්ලෙහ හරියෙ තියෙනව ඩෝසරෙන් කපාපු මහ ලිං කෑල්ලක්. තාත්ත ඕක කැපුවෙ මොකටද දන් නැහැ. ඒත් එහෙම එකක් කැප්පෙව්වා එකපාරක්.ලගදි නං වලේ පොල් අතු දාල පොගවල පොල් අතු වියන්න ගන්නවා.  ඕකෙ දැන් තියෙන වතුර කොළම කොල පාටයි. ඒකෙ තාත්ත දවසක් යනකොට අඩි පාරවල් වගයක්ලු. " අනෙ හත්තලාමෙ මං හවස යනකොට අඩි පාරවල් වගයක් තිබුන. වල අයිනෙ. අදුරන්නත් බැහැ වගේ. පස්සෙ නෙව දැනගත්තෙ වඳුරො නෙ. ඇවිල්ල කට්ටියක්ම වතුර බීල ගිහිල්ල. වැව්වලත් වතුර නැහැ. ලිංවලත් නැහැ. ඔක්කොම හිඳිල. ඇගේ ගෑවුනත් කහන්න අල්ලන්න මහ ජරා පල් වතුර වගයක්. අර ජරාව බොන්න තරං උන්ට වතුර අහේනිය. " කියලා තාත්ත කිව්වා. 

" ගහකින් ගොබලු ගෙඩියක් වෑවරයක් වත් කඩං බොන්න බැරිද දන් නැහැ මහ මෝඩ හැත්ත" කියලත් තාත්ත වඳුරන්ට බැන්නා. සමාරවිට තාත්තට අමතක වෙන්න ඇති එහෙම ගස්වලිං වෑවර බොන්න උන් පුරුදු වුනානං අපේ ගෙදර ගස් ටිකේ පොල් වලටත් අබ සරණ ලැබෙනවා කියලා. 

කාලෙකට කලිං ඔමා ලියලා තිබුනා කදිම පෝස්ට් එකක ඉගිල්ලෙන සිංහයෝ කියලා. ඒක අනුව ඊශ්‍රායලය කියන්නෙ තනිකර කාන්තර වලට සමීප දේශගුනයක් තියෙන වර්ශාපතනය බොහොම අඩු පලාතක්. නමුත් ඔවුන් තාක්ෂණය දේශගුණයට එරෙහිව යොදාගෙන නිතරම මනුස්සයින්ට අවශ්‍ය බවබෝග සහ ජනජීවිතය යථා විදියට පවත්වාගන්න උත්සාහ ගන්නවා. 

13 comments:

  1. පින්තූර එක්ක ඔයා කිව්ව කතාව හරි අගෙයි මල්ලි....මිනිස්සු වෙච්ච අපි කොහොම හරි තිබහට වතුර ටිකක් බිව්වත්.....කර කියා ගන්න දෙයක් නොදන්න සත්තු වතුර නැතිව ගියාම ඔහේ මියැදෙනවා ...

    ReplyDelete
  2. පුළුවන් නම් ඔයා භාජනයකට වතුර තියන්න කුරුල්ලොන්ට බොන්න....ලොකු පිනක්නේ

    ReplyDelete
    Replies
    1. ඕවා තිව්වාම ඩෙංගු කියාල පොලිසි ගානෙ යන්න වෙනෝ...කෑම නං ඔහෙ තැන් තැන්වලෙ කාල දාල දාල තියෙනවා..

      Delete
  3. කුරුළු උයනට ගියා වගේ

    ReplyDelete
  4. අමිලයත් ඉදල ඉදල අල්ලන්නෙ පට්ට පොටෝ නෙව...
    කහකුරුල්ලො සංචාරකයො නෙ...
    උං මෙහෙට වෙලා ඇත්තෙ හොරට..
    අනික් උං ගියා නේද...
    මූ ඉමිරෙරේසං එකට අල්ලල දෙන්න ඕන අනවසර පදිංචි කාරයෙක් කියල

    ReplyDelete
  5. අමිල , ගොබලු කියන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. පොල් වල කුඩා අවධිය...

      Delete
    2. ඇට්ටි, කුරුම්බැට්ටි වලට වඩා ලොකු?

      Delete
  6. දැන්නං හොද ලෙන්ස් එකක් තියන කැමරාවකට ගියොත් හොඳාවගේ අමිල

    ReplyDelete
    Replies
    1. අඩුතරමෙ ලෙන්ස් එකට සහ කැමරාවට ඩොලර් 1000ක් වත් යනවා බං..මගේ මාසික ආදායම ඩොලර් දෙසීය පනහක් විතර වෙන්නෙ..මං අද ගනන් මිමි නෙට් එකේ සර්ච් කරලා බැලුවා..වැඩක් නැහැ.. ම ලබනාත්මෙ ගන්න ඉන්න බඩු ලැයිස්තුවට හොද සුපිරි ලෙන්ස් තියෙන කැමරාවත් දැම්මා..

      Delete
  7. සුපිරියි....................

    ජ ය වේ වා @!!!!

    ReplyDelete
  8. කුරුල්ලෝ බලන එක එපා වෙන්නේ නැති දෙයක් බං

    ReplyDelete