Friday, August 22, 2014

ඕනි තැනක් රැකෝඩ් කරගන්න Sports Action Camera

දැනට මාස දෙකකට කලිං විතර මම ටිප් එකක් ගියා. ඒකෙදි අපි කිතුල්ගල තානායම අසල තොටුපොලෙන් නෑවා. නානගමන් පොඩි විනොදයක් ගන්න අපේ යාලුවෙක් ගෙනිහින් තිබුනා පට්ට බඩුවක්. ඒක තමයි වතුර යන්නෙ නැති සෝනි ෆෝන් එකක්. සෝනිඑක්ස්පීරියා ඉසෙඩ් කිව්වාම ඉතිං බොහොම ජනප්‍රිය ෆෝන් එකක්

වතුර යට ගිහින් අපි පිංතුර ගත්තා. වතුර යට මාලු ඉන්න තැන්වලටම ගිහින් සිල්ගත් මාලුවන්ගේ පිංතුර ගන්න අපිට අවකාශ ලැබුනා.(නයා) ඒ වගේම වතුර උඩ ඉදගෙන කැමරාව ගැන සැලකිල්ලක් නැතුව හැසිරෙන්නත් හැකියි. මොකද ෆෝන් එක ෂොක් වලටත් තරමක් ඔරොත්තු දෙනවා. වීඩියෝ කොලටිය, ඕඩියෝ කොලටිය. පිංතුර කොලටිය අතින් සෝනි වල ඒ ෆෝන් ජාතිය නම් මට පට්ටෙටම හිතට ඇල්ලුව.
මගේපෝන් එකත් ඒ දවස්වලම වගේ බිම වැටිල ටච් එකට සෙත්තපෝච්චි වුනා. ඒ ගමන් මට කම්පනාවට ආවා අඩෝ මටත් අර ජාතියේ සොක් පෘෘෆ් එකක් තිබුනානං බිම වැටුනාම මේ තරං අවුලක් වෙන් නැහැය කියලා. බැලුවා මිල හෙම. මිල ඇවිල්ල ලංකාවෙ සල්ලි වලිං පනස්දහකට එහා වෙනවා සෝනි එක්ස්පීරියා ඉසෙඩ් සීරියස් එකේ අලුත්ම ෆෝන් එකක්.
ඒ ස්පෙක් එකේම සාමාන්‍ය පෝන් එකක් අපිට තිස් හතලිස් දහක් යනකොට මිලදී ගත හැකියි.මේ කාලෙ ඉන්දියාවෙ අලුතින් ෆෝන් කිහිපයක්ම ජනප්‍රිය වේගෙන එනවා. ක්සියෝමි (Xiami), ලවා (Lava Mobiles), අසුස් (Asus Mobile), මොටෝජී (Moto G) වගේ අලුත්ම නම් පවා Smart ෆෝන් වලට ඇවිත්. අසුස් වගේ කම්පැනි පවා අඩුමිල ස්මාට් ෆෝන් හදන්න පෙළඹිලා තිබෙන බවක් අපිට ඉන්දියානු ස්මාට් ෆෝන් වෙළඳපොල බැලුවාම පෙනී යනවා.
ලංකාවෙ දැනට නම් මේ අලුත් මෝස්තරේ ඉන්දියානු වෙළඳපොල ඒ විදියටම නැතත් උවමනාවක් තිබෙන අයට කොළඹදි මේ අඩුමිල එහෙත් බලයෙන් වැඩි මේ ජාතිවල ෆෝන් මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා.

කැමර් හිතට ආව හැටි. ‍

වරුසාවෙ යනගමන් වතුරෙ බැහැලා හෙම වීඩියෝ කරන්නත් ඕන කමක් හිතට ආවා අර අපි නානගමන් පොටෝ ගත්තයින් පස්සෙ. වගේම සමහර අපි නිතර නොදකින් ස්ථාන වීඩියෝ කරලා මතක තියාගන්න තිබුනනං හොදයි කියලා හිතුනා. වගේ වෙලාවක හිතට ආවා ස්පෝට් කැමරා අදහස
පිටරට බටහිර රටවල බයිසිකල් පදිනකොට, නාන පීනනකෙට, කඳුනගිනකොට, දුර දුෂ්කර ගමන් යනකොට ඒ සමහරක් අය ඒ අවස්ථා වීඩියෝ විදියට රෙකෝඩ් කරගන්න අමුතු කුඩා වීඩියෝ කැමරා ජාතියක් පාවිච්චි කරනවා. ඒවට ස්පෝට් ඇක්ෂන් කැමරා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා. මේ කැමරා බොහෝ විට භාවිත කරන්නෙ වඪියෝ රෙකෝඩ් වලට. නමුත් පොටෝගන්නත් බොහෝ කැමරා මොඩල් වල හැකියාව තිබෙනවා.

ස්පෝට් කැමරා වල ජාති.

මේ ස්පෝට් කැමරා(Sports Camera) වල ජාති ගනනාවක් තිබෙනවා. ස්පෝට් කැමරා කියලා ඊ බේ එකේ හරි ඇමසන් එකේ හරි සෙවුමක් කලෝතින් ඉතාම ලේසියෙන් ඔබට සොයාගන්න පුලුවන් ඩොලර් පනහටත් තියෙන හයි ඩිෆිනිෂන් වීඩියෝ කරන්න පුලුවන් කුඩා කැමරා. නමුත් ඒවායේ නමක් ගමක් නැහැ. මම ඔය ජාතියෙ නමක් ගමක් නැති මොඩලයක ඕඩියො රෙකෝඩ්ර් එකක් ඊබේ වලින් ගෙන්නුවා. ඒක ටික දවසක් යනකෙට වැඩකරන්න නැතුව ගියා. බැටරියෙ අවුලක්. ඒ නිසා මම පුද්ගලිකව නම් ඔය නම ගම නැති චීන බඩුවලට කැමති නැහැ. කැමරාවක් වගෙ සියුම් උපකරණයක් කැඩුනාම ලේසියෙන් අඩුමිලට රෙපයාර් එකක් කරගන්නත් බැහැ. ඒ නිසා ගන්න එකේ හොඳ නමගිය තැනකින් ගන්න එක තමයි හොඳ.
ස්පෝට් කැමරා වල හොඳම එක විදියට සැලකෙන්නේ ගෝප්‍රෝ(GoPro) කියන කැමරා ජාතිය. ගෝ ප්‍රෝ කියන්නෙ ඕනෑම තැනක හැසිරවිය හැකි කුඩා ප්‍රමාණයේ වීඩියෝ කැමරාවක්. කුඩා ප්‍රමාණයේ තැනක තරමක අනතුරුදායක වටපිටාවක වුනත් මේ ගෝ ප්‍රෝ එක පාවිච්චි කරන්න පුලුවන්. ගෝ ප්‍රෝ කියන්නෙ මේ ස්පෝට් Action කැමර් වල තියෙන හොඳම වෙළඳ නාමය. අපේ යාලුවො වගයක් ෆෑක්ටරි එකක සිද්ධවෙන නිෂ්පාදන ක්‍රියාවලියක් රූපගත කරන්න ගියා. ඒ අවස්ථාවේ ඔවුන්ට ෆැක්ටරියේ යන්ත්‍ර සූත්‍ර අස්සෙ සිද්ධවෙන දේවල්. ඒ යන්ත්‍ර තුල ක්‍රියාවලිය යන අතර ඇතුලෙන් රූපගත කරන වැඩවලට ඔවුන්ට ගෝ ප්‍රෝ කැමරාව බොහෝ වැදගත් වුනාය කියලා ඔවුන් කිව්වා
ගෝ ප්‍රෝ එකක මිල නම් සුට්ටක් විතර සැරයි. ඩොලර් දෙසීයක් තුන්සියක් වෙනවා ගෝ ප්‍රෝ කැමරා එකක්. මේ කැමරාව සුට්ටි වුනාට මේ කැමරාවෙන් ගන්න වීඩියෝවක් ලංකාවේ තියෙන විශාලතම සිනමා තිරයක දැමුවත් කිසිම ඇද පලුද්දක් නැතුව ගානට පේනවා. මොකද මේ කැමරා කුඩා වුවත් එහි ඇතුලත පටිගත වන තාක්ෂණය අනුව පුළුල් තිර මට්ටමට විශාලනය කලද වීඩියෝ පැහැදිලව දර්ශනය වනවා. .

ඩුප්ලිකේට් ගෝ ප්රෝ

අපිට චාරිකාවක් යනකොට හෝ ඕනෑම අවධානමක් සහිත තැනක හැසිරවිය හැකි මේ ගෝ ප්‍රෝ කැමරාව සූමින් කරන්න පුලුව්න එකක් නෙමෙයි. මේ කැමරාව භාවිත කිරීමේදී වස්තුව අසලටම ගෙනියලා පාවිච්චි කරන්න වෙනවා.
ගෝ ප්‍රෝ එක ඩොලර් දෙතුන් සීයක් වුනාට පොලරොයිඩ්(Polaroid) කියන කස්ටිය කදිම ස්පෝට් ඇක්ෂන් කැමරා වගයක් නිපදවලා තියෙනවා ඩොලර් සීයකට විතර ගන්න පුලුවන් මට්ටමට. ඒ අයගේම ඩොලර් පනහටත් කැමරා තියෙනවා. නමුත් ඩොලර් පනහට තියෙන කැමරාවෙ කොලටි එක සාපේක්ෂව අඩුයි.

ස්පෝට් කැම් එකක අවශ්යතාවය.

මේ ස්පෝට් කැම් එක වගේම හොඳ රෙෂලුෂන් එකක තත්වයෙන් උසස් වඩියෝ පටිගත කිරීමේ හැකියාව අද වෙනවිට ස්මාට් ෆෝන් වලටත් ඇවිත් තිබෙනවා. නමුත් ඒ ජාතියේ ස්මාට් ෆෝන් එකක් ඩොලර් තුන්සීයකට ආසන්න හෝ ඊට වැඩි අගයක් ගන්නවා. සෝනි එක්ස්පීරියා ඉසෙඩ් හැර අනෙක් ස්මාට් ෆෝන් බොහොමයක් මේ වගෙ අනතුරුදායක, වතුර සහිත, ගැස්සීම් සහිත වටපිටාවකදි භාවිත කරන්න විෂේශයෙන් නිපදවාපු ඒවාත් නෙමෙයි. ඒ නිසා අපි යම් යම් දේවල් වීඩියෝ කරන්න ඕනි කියන අදහස තිබෙනවා නම් ඒකට කදිම බඩුවක් තමයි මේ ස්පෝට් කැමරා කියන්නෙ.
මේ ස්පෝට් කැමරා වල හොඳ ජාතිවල ඒවා, කැමරාව ගැස්සෙන වටපිටාවක ඇතිවන තත්වයන් යටතේ වුවද කදිමෙට පටිගත වන ආකාරයට තනා තිබෙනවා. ඒ වගේම හුලං පාරෙ සද්දෙ වගේ ඒවා කපලා රෙකෝඩ් කරගන්නත් ස්පෝට් කැමරා දක්ෂයි.
මගේ පොකට් කැමරාවෙන් පහුගිය දවසක මම කොහෙක් වීඩියෝ කරලා දැම්මා. නමුත් අවාසනාවන්ත විදියට ඒකෙ video තත්වය සාපේක්ෂව ටිකක් අඩුයි. ඒ වගෙ කුරුල්ලන්, කැලෑ සත්තු වගේ ඈතින් තිබෙන වස්තුන් රූපගත කරන්න නම් මේ Sports action කැමරා සුදුසු මදි ඇති. නමුත් අපිට ලගාවෙන්න පුලුවන් මල් ගස්, පොකුණු, මාලු ආදී දේවල් කදිමෙට වීඩියෝ කරගන්න හැකියාව මේ කැමරා වලට තියෙනවා.
ලංකාවෙනම් තාමත් මම හිතන්නෙ ගෝ ප්‍රෝ හැර වෙනත් මේ ජාතියේ ස්පෝට් කැමරා මිලදී ගන්න නැතුව ඇති. ඒත් ඊබේ හරි ඇමසන් හරි ගෙන්නගන්න පුලුවන් වේවි. කාටහරි නිකාං සල්ලි නාස්තියක් කියාල හිතෙන්නත් පුලුවනි. ඒත් ඉතිං කැමරාවලට සුදුසුයි කියලා හිතෙන වස්තු තියෙද්දි වස්තු ළගටම යන්න හැකියාව තියෙද්දි කැමර් කරගන්න බැරුව ලතවෙන අයට මේක හොඳ එකක් වෙන්න පුලුවනි. බාගෙදා වාරියපොල නංගිගේ කේස් එක වුනත් මීට වඩා කොලටි එකට ගන්න තිබුනා මේ වගෙ පොඩි ස්පෝට් කැමක් පාවිච්චි කලානම්.
මම පුද්ගලිකව වාරියපොල නංගිට ආස නැහැ. පලවෙනි තත්පර ගානෙදිම මම වාරියපොල නංගිව ඕෆ් කරලා දැම්මා. මම ආස ඉන්ස්ටග්‍රැම් එකේ අලිෂා වගෙ කෙල්ලන්ගේ ඇඩ් බලන්න. නමුත් ලංකාවෙ ඒ සම්බන්ධ ජනප්‍රිය රසය මගේ රසයෙන් වෙනස්.

18 comments:

  1. මොකක් හරි හොඳ කැමරා කට්ටක් නම් දැන් ගන්න ඕනේ බං

    ReplyDelete
    Replies
    1. මේක අවධානම ්සහිත අවස්ථා වීඩියෝ කරන්නම හැදුන විශේෂ අවස්ථා පිණිස වන කැමරාවක්. කැමරාවක් නැතිම කෙනෙක්ට නම් මේ වගේ වීඩියෝ කැමරාවක් මූලික කැමරාව විදියට සුදුසු වෙයි කියලා නම් මට හිතෙන් නැහැ.

      Delete
    2. අවධානම කියලා වචනයක් නැත.අවදානම කියල එකක සහ අවධානය කියලා වචන දෙකක් තිබේ.හැමදාම ඔයාට සිංහල උගන්නනවා මම,මෙහෙමවත් ඉගෙන ගනීද බලන්න.භාෂාව නම් අන්තිමයි.කිරි කෝප්ප භාගයයි,ගොම කෝප්ප භාගයයි.

      Delete
  2. මටත් කාලයක් ඔය ගෝ ප්‍රෝ උණ තිබ්බා...ඒත් ගාණ දැක්කාම නිකංම උණ බැස්සා..

    ReplyDelete
    Replies
    1. මං දැක්ක විදියට ඕල්ටර්නේටිව් එකක් විදියට අර චයිනිස් කැමත් එච්චරටම අවුලක් නැහැ.. ඒත් ඔය චයිනා කෑලි වල තියෙන අවුල තමයි ඉක්මනින්ම කැඩිල යන එක..

      Delete
  3. මේ ස්පෝට් කැමරා වල හොඳ ජාතිවල ඒවා, කැමරාව ගැස්සෙන වටපිටාවක ඇතිවන තත්වයන් යටතේ වුවද කදිමෙට පටිගත වන ආකාරයට තනා තිබෙනවා.

    මේ කතාව ඇත්ත... ගැස්සෙන වටාපිටාවක මේක පටිගත වෙලා තියෙන අපුරුව බලන්නකෝ.. OWC... :D

    http://www.youtube.com/watch?v=x6DnTtU9-dA

    ReplyDelete
    Replies
    1. බීතල මේ වීඩියෝවත් හොද වෙයි. මේකෙ ටිකක් වැඩි යුනිට් ගානක් තියෙනවා එක බයිසිකලේක නැගලා යන..
      https://www.youtube.com/watch?v=i9qbLsO9xXY

      Delete
  4. ඔය ගොප්‍රෝ උන බහින්න ගාන අහන්නම වුනා ,දැන් නිට්ටාවට සනීපයි

    ReplyDelete
    Replies
    1. අඩුවට තියෙනවා ගෝ ප්‍රෝ සර්ච් කරන් නැතුව ස්පොට් ඇක්ෂන් කැමරා සේච් කරානම් හරියයි.

      Delete
  5. හිහි...
    ඉසෙඩ් එකෙ ගාණ දැක්කම පෝං උණ බහිනව..
    කැමරා වල ගාණ දැක්කම මොලේ මාංදමික වෙනව..
    අළුතෙන් එක එක්ස්පිරියා ඉසෙඩ් 2 එක ලංකාවෙ එක්ලක්ෂ පංදහසක්

    ReplyDelete
    Replies
    1. ඒ සීරියස් එකේ එකක් තියෙනවා ටිකක් අඩුමිලට..ඒත් ඉතිං ැහටක් විතර වෙනවා..

      Delete
  6. කැමරා ගන්න හිතෙන්නෙම සල්ලි අතේ නැති කාලෙට.
    සල්ලි හම්බ උණු ගමන් ගිටාර් එකක් හරි මොනවා හරි සංගීත භාණ්ඩයක් සෙට් වෙනවා නේ රෙද්ද

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං අපේ රටේ හැටියට එක පඩියට එක වැඩයි වගේ තමයි..බෝනස් ලැබුනත් එකෙනුත් ොපඩි දෙයක් කලාම ඉවර වෙලා යනවා නෙව..

      Delete
  7. // මම ආස ඉන්ස්ටග්‍රැම් එකේ අලිෂා වගෙ කෙල්ලන්ගේ ඇඩ් බලන්න. //

    ඩිනාර් දෙකයි බෙලිඩන්ස් එකේ ටිකට් එක. කොරොර්න එකක් දහයයි, මලක් පහයි. ලයිව් බලන්න යන්නෙ බියර් වීදුරුවටත් එක්ක විස්සයි. හැබැයි මසෙ පඩිය හැටයි, ඉතින් මාසෙට එකයි.

    මේ තමයි ඉන්ස්ට්ග්‍රෑම් නැති බංගලි ජීවිතේ.

    ReplyDelete
  8. මේ ගූ හතේ බාසාව මොකද්ද ඩෝ

    ReplyDelete
  9. බලන් ගියාම මේකේ අන්තිමට වාරියපොළ කුමාරිහාමිත් සැට් වෙලානේ....

    අමිල යො...පොඩ්ඩක් කියපන්කො බන් මේ ලිව්වේ කැමරා ගැනද වාරියපොළ කෙල්ල ගැනද කියල....

    ReplyDelete
    Replies
    1. ඔතනදි මට කියන්න ඕනි වුනේ මම ඒ වගේ සිද්දි බලන්න ආස නැහැ කියන එක විතරයි.. එහෙම කියන්නෙත් සමහරු හිතනවා හැමෝම ඒ වීඩියෝව මාර ආසාවෙන් බලන එකක් කියලා..

      Delete
  10. habai XperiaZ eke thiyena watinakam nam sehenna thiyenawa. honda camera ekak. godak color enhancing. ehema 50000k wage dunnata paadu na. battery eka thama bahinne wegenma.

    ReplyDelete