Wednesday, September 10, 2014

සල්ලි

දකුණු කොරියාවෙ රැකියාවක් ලැබෙන කෙනෙකුට ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ තුනක් ලැබෙනවා. රුපියල් ලක්ෂ තුනක් රස්සාව ලැබෙන්නෙ කම්කරු සහ ජරා සහගත රැකියා වලට. එතකොට එහේ වැඩකරන දොස්තර මහත්තයෙක් ඉංජිනේරු මහත්තයෙක් මැනේජර් මහත්තයෙක් කීයක් විතර පඩි ගන්නවා ඇතිද? සාමාන්‍ය යෙන් මමහිතන විදියට නම් ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ විස්සක් වත් මාසෙට ඒ වගේ ශ්‍රේණි වල අයට ලැබෙනව ඇති.

අපි සරලව හිතුවොත් ලංකාවෙ පුද්ගලික සහ රාජ්‍ය ආයතනයක සම්පූර්ණ ආදායම රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලබන අය කී දෙනයි ද ඉන්නෙ?

සමහර රැකියා අනුව ගසාකෑම්, අල්ලස් ගැනීම්, වංචා කිරීම් ආදී සියලු විශ්වකර්මයන් දාලත් මේ වගේ ලක්ෂ 3ක ආදායමට යන්න බොහෝ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අයට හැකියාවක් නැහැ.

ලංකාවෙත් ඉහල මට්ටමේ නිළධාරින් ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ විස්සක් විතර වෙනවා ඇති. කොමිස්, අල්ලස්, සන්තෝෂම් ආදියත් එකතු වුනාම ඒ අයට ලක්ෂ විස්සක් ඉපයීම කරන්න පුලුවන් ඇති. ඒ වගේ රැකියාවක් ලබාගන්න සහ ඒ වගේ කොමිස් ගහන්න ලංකාවෙ සාමාන්‍ය වැසියෙක්ට ලේසියෙන් බැහැ. අධ්‍යාපනික සුදුසුකම් වගේම දේශපාලනික සම්බන්ධතාවයන් ඒ වගේ දෙයකදි ඉදිරියට එනව ඇති. සියලු වැඩකිඩ තුලින් තමයි මාසෙකට ලක්ෂ විස්සක ආදායමක් තමුන්ට ලැබෙන්නෙ.

අපි දැන් කොරියන් තත්වෙ බලමු. එහේ ලේබරයෙක් රුපියල් ලක්ෂ 3ක්-4ක් හොයන කොට අනිවාර්යෙන් ලොකු මට්ටමේ මැනේජරයෙක් රුපියල් විසිලක්ෂයක් කිසිම අමාරුවක් නැතුව ගන්නවා. සමහර විට ඒ අයටත වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් හැර වෙනත් කඩේයන සුදුසුකම් නැතුවත් ඇති. එතකොට මෙහේ දාහක් ගැට ගහලා කොමිස් වන්දනාවෙන ගිහින් ගන්න ලක්ෂ විස්ස කොරියාවෙ මැනේජර් කෙනෙක්ට නිකම්ම ලැබෙනවා.

දොස්තර රස්සාවක් වුනත් පොඩ්ඩක් හිතන්න. කොරියාව වගේ දියුනු රටක දොස්තරෙක් ගන්න පඩිය මෙහෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ 15ක් විතර වෙනවා. මෙහෙ දොස්තරලත් ඒ ගාන හොයනව ඇති. නමුත් උදේ ඉදල ඉස්පිරිතාලෙ ගිහින් ලෙඩ්ඩු ලෝඩ් එකක් බලල හැන්දෑවට රෑ වෙනකල් චැනල් කරන වාසනාවන්ත දොස්තර මහත්මයෙක්ට තමයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. නැත්තං සාමාන්‍ය දොස්තර මහත්මයෙකුට ලැබෙන මුලු මාසික ආදායම රුපියල් ලක්ෂ 3-4ක් විතර වෙනවා ඇති කියල තමයි මට හිතෙන්නෙ. අන්තිමේ ලංකාවෙ චැනල් දොස්තර මහත්තුරු සල්ලි හෙව්වත් එයාලට තියෙන කාර්යබහුල කම නිසා සල්ලි වියදම් කරන එකත් ලොකු ගැටලුවක් වෙලා ඇති කියලත් හිතෙනවා.

ලංකාවෙ දක්ෂ නිළධාරියෙක්ට වුනත් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේදී පැවැත්ම ඇතිකරගන්න වෙනමම දේශපාලන ධාරාවකට අනුගත වෙන්න සිද්ද වෙනවා. ඒක මානසිකව ලේසි වැඩක් නෙමෙයි. සමහර විට වාර්ථා විස්තර ආදිය සම්පාදනය කරන්න වෙන්නෙ තමුනගේ උවමනාවට සාධාරන විදියට නෙමෙයි. ලොක්කා මේකට ආස වෙයි කියන අනුන්ගේ කෝණයකට. ඒක සරල දෙයක් නෙමෙයි. මනසට වෙහෙසකාරි දෙයක්. ඉතිං එහෙම කෙනෙක් විසාල වැටුපක් ගත්තත් ඒ තනතුරේම දියුනු රටක කෙනෙක්ට වඩා ලොකු මානසික කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. සමහර වෙලාවට අද්‍යාපනික පසුබිමකින් එලියට ආපු නැති අය ඉදිරියේ ඉතාම කැත විදියට නෝන්ජල් වෙන්න සිද්ද වෙනවා.

මට කියන්න ඕනි වුනේ

ලංකාවෙදි දූෂිත නිළධාරින් සල්ලිගොඩක් හොයනවා තමයි. නමුත් ඒ ලබන සල්ලිය ඉතාම ලේසියෙන් දූෂිත නොවන සංවර්ධිත රටක ඒ මට්ටමෙ ්නිළධාරියෙක් ගන්නවා.

යම අයෙක් ඉතා ඉහල නිලයක සිට ඉහල ආදායමක් ගන්නට නොයෙක් ආකාරයේ අයුතු මාර්ග සොයාගත්තද ඒ මාර්ගවල දිගින් දිගටම යෙදීම සමාජිය සහ මානසික ගැටළු පුද්ගලිකවම ඇතිකරන තත්වයක් වෙන්නත් පුලුවනි.

මෙහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්නෙ පුලුවන් ලංකාවෙදි සල්ලි වලට තියෙන වටිනකම ගොඩක් වැඩියි. ඩොලර් දෙදාස් පන්සියක් එංගලන්තෙ වටිනකමට වඩා බොහොම වැඩියි ලංකාවෙ වටිනකම කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. නමුත් කාර් එකක්, කැම්ර් එකක්, විදුලි උපකරණයක්, පරිඝනකයක්, හොඳ ජාතියක ඇඳමක් ආදී බොහෝ බොහෝ සුඛෝපබෝගී භාන්ඩ ජාත්‍යන්තර වෙළඳපොලට වඩා ලංකාවෙදි මිල අධිකයි.

මිනිස්සුන්ගේ සමාජීය, ජීවන රටාව දේශගුණය අනුව වෙනස් වෙනවා. නිවර්ථන කලාපයට අයිති රටවල් අතුරින් රටවල් දෙකක් පමණයි ආර්තික අතින් සහ බොහෝ තැන්වලින් දියුනු තත්වයට ඇවිත් තියෙන්නෙ. ඒ රටවල් දෙක සිංගප්පූරුව සහ මැලේසියාව. ඒ අය දියුනු වෙන්න එක හේතුවක් වෙන්න ඇත්තෙ එයාල සුද්දා ඉතාම ලස්සනට කොපි කරන්න දක්ෂ වුන නිසා වෙන්න ඇති. අපිට සුද්දව නිවැරදිව කොපි කරගෙන අවශෝෂනය කරගන්න බැරිවුනා. අපි රටක් විදියට නිවර්ථන කලාපයේ මිනිස්සුන්ට ආවේනිකවම හිමි ගති ලක්ෂණ බොහොමයක් ඒ විදියටම තබාගෙන ඉන්නවා.

නමුත් මුදල් නැති අය මුදල් හොයාගන්නත්, මුදල් ඇති අය මුදල් වියදම් කරගන්නත් අපේ රටින් දියුනු රටවලට යනවා.කොයි තරම් ගියත් මේක ඉවර වෙන්නෙ නැහැ. තව අවුරුදු 50ක්,100ක්, 200ක් ගියාමත් අපි මේ මට්ටමින්ම පවතීවි.

20 comments:

  1. විචල්‍ය ගොඩක් තියෙනවා නේද? සරලව සංසන්දනය කරන්න බෑ.

    http://en.wikipedia.org/wiki/Ceteris_paribus

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් සියල්ල දත් නේ? අනේ හුකේ

      Delete
    2. තෝ මෝඩ මූසලයා කකා ලින්ක් කරලා තිය්න එක තේරුම් ගන්න බැරි වසලයා. යකෝ අපි වගේ හොදට තේරුනා කියලවත් දාපංකො

      Delete
  2. මොනව උනත් හිතන්න දෙයක් ලිපියේ තියෙනවා

    ReplyDelete
  3. ලංකාව ඒ තත්වෙට පත්වෙන්න තව කොච්චර කල් යයිද......

    ReplyDelete
  4. 'දකුණු කොරියාවෙ රැකියාවක් ලැබෙන කෙනෙකුට ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ තුනක් ලැබෙනවා. රුපියල් ලක්ෂ තුනක් රස්සාව ලැබෙන්නෙ කම්කරු සහ ජරා සහගත රැකියා වලට'

    අසත්‍යයකි. බොහෝ දෙනෙක්ට දකුණු කොරියාවේ සේවය කරනා ලාංකිකයන් 22,000 ක් පමණ සිටියි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරයි. ධිවර ක්ෂේත්‍රයේ සහ සත්ව පාලන අංශයේ සේවය කරන්නේ ඉතා සුළු ලාංකිකයන් පිරිසකි. මේ උදවිය අතරින් වැඩිම මුදලක් චේතනය ලෙස ලැබෙන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවය කරනා අයටය. ඔවුන්ටද අතිකාල ගෙවීම් සමග බොහෝ විට ලැබෙන්නේ ලක්ෂ එක හමාරක පමණ චේතනයකි. ලක්ෂ දෙකකට අසන්න මුදලක් මාසික චේතනය ලෙස ලබන ලංකික කම්කරු උදවිය ඇත්තේද බොහෝ ස්වල්පයකි.විදෙස් කම්කරුවන්ට අඩු මුදලක් ලැබුනත් කොරියන් ජාතික කම්කරුවන්ට නම් වැඩි මුදලක් චේතනය ලෙස ලැබේ.

    ලංකාවේ නම් එහි අනික් පැත්තය.කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය වැනි ස්ථාන වල සේවය කරනා විදෙස් කම්කරුවන්ට සියලු පහසුකම්,නවාතැන් සමග හොද ගෙවීමක් ලබා දේ. එනමුත් ලංකික කම්කරුවන්ට දිනකට ලැබෙන්නේ රුපියල් 700 කි. ඔවුන්ට කිසිම පහසුකමක් තබා බිමට ජලය වත් නැත. දේශීය කම්කරුවන්ට ජලය ලබාදීමට යම්කසි මුදලක් වෙන්කළ ඇතිමුත් එම මුදල ඉහල නිලධාරීන් විසින් මාටියා ගසා ඇති නිසා දේශීය කම්කරුවන් බිමට ජලය ඉල්ලා ගිනි අව්වේ අහල පහල ජලය ඇති ස්ථාන විපරම් කරමින් යන අයුරු දක්නට ලැබේ.

    කොරියාවේදී විදෙස් සේවකයන් ගත හැක්කේ කොරියන් සේවකයන් සමග අනුපාතයකටය. එනම් යම් කිසි කොරියානු සමාගමක් අඩු මුදලට ලංකාව,චීනය වැනි රටවලින් කම්කරුවන් සේවය යොදවා ගන්නවා නම් අනිවාර්යෙන්ම කොරියන් ජාතිකයන් ප්‍රමාණයක්ද සේවයට ගත යුතුය.

    එනමුත් එක දෙයක් කිව යුතුය, එහි සේවය කරනා ලංකික සේවකයෙක්ට හොදින් කෑමට බිමට රුපියල් 10,000 ක මුදලක් හොදටම ප්‍රමාණවත්ය. ලංකාවේදී මෙන් නොව නැවුම් පලතුරු,එළවලු ආදිය ඇතිවන තෙක් කෑමට ඉහත මුදල ඇතිය.

    එසේම නවාතැනට, අන්තර්ජාලයට, බස් වියදම් සදහා තවත් රුපියල් 10,000 ක් පමණ මුදලක් වැයවේ. ඒ අනුව මාසයක් කාබි,ජිවත් වීමට රුපියල් 20,000 ක පමණ මුදලක් ප්‍රමාණවත් වේ.

    එසේම අවශ්‍ය නම් එක මසක චේතනය වැය කොට හොද තත්වයේ මෝටර් රථයක් මිලට ගැනීමද අපහසු නොවේ. එනමුත් පාපැදියක් මිලට ගෙන භාවිතා කිරීම වඩා ලාබ දායකය.

    ReplyDelete
    Replies
    1. "එනමුත් එක දෙයක් කිව යුතුය, එහි සේවය කරනා ලංකික සේවකයෙක්ට හොදින් කෑමට බිමට රුපියල් 10,000 ක මුදලක් හොදටම ප්‍රමාණවත්ය. ලංකාවේදී මෙන් නොව නැවුම් පලතුරු,එළවලු ආදිය ඇතිවන තෙක් කෑමට ඉහත මුදල ඇතිය.

      එසේම නවාතැනට, අන්තර්ජාලයට, බස් වියදම් සදහා තවත් රුපියල් 10,000 ක් පමණ මුදලක් වැයවේ. ඒ අනුව මාසයක් කාබි,ජිවත් වීමට රුපියල් 20,000 ක පමණ මුදලක් ප්‍රමාණවත් වේ."
      ඇනෝ..පවසා ඇති කරුණුවලට එකඟමුත් ඉහත සඳහන් දේ නිවරදි වියයුතුය.රු10000ක් යනු ආසන්න ලෙස කොරියන් වොන් 100000ක් විදියට ගත්තොත් එම මුදලට කාමරයක් ගතහැකි ක්‍රමයක් කියාදෙන්න.අනික ගෑස්,විදුලි,වතුරබිල් සමග කොපමණ මුදලක් වැයවේද?මේ වියදම් ශිත කාලයේදී වැඩියි නේද?(මේ ආයතනයෙන් නවාතැන් පහසුකම් ලබා නොදෙන විට)
      කිලෝ 10 හාල් බෑගයක් රු2500ක් පමණ වෙත්දී ඉතුරු මුදලින් ඇතිවෙනතෙක් කන්නේ මොනවාදැයි පහදා දෙන්න.ඒ හැර අනික් කරනු වලට එකඟයි.
      -------------------------------------------------------------------------
      අමිල..
      ලෝකයම විශ්ව ගම්මානයක් කියද්දී ඔබේ මේ සංඛයාලේඛන වලට මූලිකඋනේ නිකම්ම නිකම් සිතුවිල්ලක් පමණක් කියා මම විශ්වාස කරනව.මොකද කොරියන් දොස්තර කෙනෙක්ගෙ පඩිය අනුමාන කරන ඔයා,අද තරුණයන් යන්න පෝලිමේ ඉන්න කොරියාවෙ වැටුප ගැන මෙහෙම කියද්දී..
      "දකුණු කොරියාවෙ රැකියාවක් ලැබෙන කෙනෙකුට ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ තුනක් ලැබෙනවා."
      දැනට කොරියාවෙවිදේශ ශ්‍රමිකයෙක්ගේ මුලික වැටුප ආසන්න වශයෙන් රු120000 ක් වගේ.අතිකාල සමග ලක්ෂ දෙකක් ගන්න හැම රැකියාවටම පුළුවන්කමක් නෑ.මම හිතනව අමිල වැඩ කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙ හෝ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නොවෙයි කියා....

      Delete
    2. කොරියාවේ සේවය කරනා ලාංකිකයන්ගෙන් ඇතැමුන්ට නම් අදාල කොම්පැනිය මගින් නවාතැන් සපයනු ලැබේ. එසේ නොවන උදවිය ජිවත් වන්නේ දෙතුන්දෙනා එක්කාසුවය. සාමානයෙන් බොහෝවිට තිදෙනෙක් එකම කාමරයක ජිවත් වේ. එවිට රුපියල් 25,000 ක් පමණ 30,000 ක් පමණ වැයවන කාමරයක් ගැනීමට එක් අයෙකු ගෙවන්නේ රුපියල් 10,000 කි. රුපියල් 25,000ට 30,000 ට හොද තත්වයේ කාමරයක් සොයා ගත හැකිය.

      එසේම කෑම බිම ගැනීමේදීද එසේමය. ඒ අනුව රුපියල් 20,000 ක් පමණ පඩියෙන් ඉවත් කරනා අයෙක්ට මොලේ කල්පනා කලොත් එම මුදලින් මාසයක් හොදින් කා බි සැප පහසුව සිටීම අපහසු නොවේ (ලංකාවට සාපේක්ෂව)

      මම ඔය කරුණු හොදටම දන්නේ මොකද මාත් අවුරුදු 12 කට වඩා කොරියාවේ ඉන්න නිසා. (රජය හරහා නෙමෙයි මම ගියේ)

      අනික නම් ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය වෙනවා යයි කියන කරනා වලට විරෝධය දක්වා එක එක සම්බාධක පනවනවා කියනවනේ. දකුණු කොරියාවත් ඒක කරන්න යන්නේ. ලබන සැරේ ලංකාවේ උදවියගෙන් කොරියාවට ගන්නේ 1000 යි. එකෙනුත් 900 ක් ම ගන්නේ ධිවර ක්ෂේත්‍රයයට. ඉතිරි 100 ය තමයි වැඩි පඩි ඇති කර්මාන්ත ක්ෂේත්‍රයට ගන්නේ. ලංකා රජය මේක වසන් කරමින් කියන්නේ ,ලංකාවේ උදවිය කොළඹ විදෙස් සේවා කාර්යාංශය ඉදිරියේ කොරියාවට යවන්නේ නෑ කියා කොරියන් විභාගය ලියු අය උද්ඝෝෂණය කල නිසා කොරියාව මෙවැනි පියවරක් ගත්තා කියයි. එය අසත්‍යයක්. මොකද මගේ හිතවතුන් කිහිප දෙනෙක් කොරියන් නිලධාරීන්ගෙන් ඒ කාරණේ ඇහැව්වම ඔවුනුත් ඒක කිව්ව නිසා.

      Delete
    3. තව දෙයක් මගේ කොමෙන්ටුවට එකතු කරන්න ඕනි. අමිල ඉහත සදහන් කල තිබෙනා මුදල කොරියාවේ සේවය කරනා ලාංකිකයෙක් ලබනා මාසික චේතනය වගේ දෙගුණයක්,තෙගුණයක් වන ගණනක්.
      ලංකා රජයත් හිතං ඉන්නේ ඒක තමයි. එකනේ එක පාරක් කොරියාවේ ආපු ඩිලාන් පෙරේරාද මොකක්ද කියන ඇමති කිවේ මෙහෙ ඉන්න ලංකාවේ අයට පඩි වැඩියි කියලා.

      ලංකා රජයත් හිතං ඉන්නේ කොරියාවේ සේවය කරන ලංකාවේ උදවිය ලක්ෂ දෙක තුන පඩි ගන්නවා කියලා. ඒකයි මෙහෙ සේවය කරන්න එන අයගෙන් ලක්ෂ ගණන් මුදල් ගසා කන්නේ.

      කොරියාවේ සේවය කරනා ලංකිකයන් බහුතරයකටම ලංකාවේ රජය පෙන්නන බැරිත් ඒක නිසා තමයි.

      Delete
  5. විසඳුමක් තමා නැත්තේ ,

    ReplyDelete
  6. අමිල ගෙ උපකල්පන ටික අයින් කරහම මේ ලිපියෙ ගන්න ලොකු දෙයක් නෑ.

    කම්කරුවෙක්ට මෙච්චර නම් දොස්තරට මෙච්චර වෙන්න ඕන කියල ගනන් හැදීම ම වැරදියි. හැම රටකම වැටුප් අනුපාත එකම නෙවෙයි, ගොඩක් දියුනු රටවල මිනිස්සු කරන්න අකමැති ජොබ් වලට ලංකාවට සාපේක්ෂව හොඳ පඩි හම්බ වෙනවා. මේ ලින්ක් එකේ හැටියට පෙට් සිටර් කෙනෙක්ට හම්බ වෙනවා එන්ජිනියරිං මැනේජර් කෙනෙක්ට වඩා.

    // සාමාන්‍ය දොස්තර මහත්මයෙකුට ලැබෙන මුලු මාසික ආදායම රුපියල් ලක්ෂ 3-4ක් විතර වෙනවා ඇති කියල තමයි මට හිතෙන්නෙ. //

    සාමාන්‍ය දොස්තර කෙනෙක්ට නෙවෙයි සීනියර් රෙජිස්ට්‍රාර් කෙනෙක්ටත් ආණ්ඩුවෙ පඩිය හම්බ වෙන්නෙ 50,000කට ආසන්න ගානක්. ඕක දැන් වැඩි වෙලා තියෙන්න පුලුවන් වුනත් ලක්ෂයකට වත් කිට්ටු වෙන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝමත් එක්ක ගත්තම ගිය මාසේ මට හම්බ උනෙත් 86,397.45
      (චැනල් නොකරන දුකට පත් දොස්තර කෙනෙක්)

      Delete
    2. මම ඔය මොනවත් නොකර, බාහිර උපාධියක් විතරක් කරලා, සතියට දවස් 5 ක් ජොබ් එක කරලා තව දවසක් කන්සල්ටින් (මෙඩිකල් කන්සල්ටන්සි නෙවේ) කරලා 120,000 හමිබ වෙනවා. ලොකු දෙයක් දොස්තර කෙනෙකු නොවුන එක

      Delete
  7. මගේ අදහසත් මේකම තමයි.
    ලංකාවේ තියෙන පාගා වංචා කවදා නැතිවේද?
    2261 දී වත් ඒවා නැතිවේද?

    ReplyDelete
    Replies
    1. ඔය දාල තියෙන්නේ ඇඩ් එක...

      Delete
    2. බොරු හෙළිකරන්න එපයි

      Delete
  8. බොහොම සංකීර්ණ ගැටළුවක්...

    ReplyDelete
  9. මෙතන අමිල විචල්‍ය ගොඩක් තියනවා තමා, කකා කියන්න වගේ. රටවල් දෙකක පඩි හා වියදම් සංසන්දනය එතරම් ඵලදායක නැහැ.

    හැබැයි ඔබ කියන අනෙක් කරුණ ඇත්ත. ලංකාවේ ප්‍රකෝටිපතියන්ගේ, ජිවිත හැර අනෙක් වෘත්තිකයන්ගේ සියල්ලන්මගේ ජිවිත එක වගේ. දොස්තර කෙනෙකුගේ වුවත් ජීවිතය ලෙහෙසි නැහැ.

    ReplyDelete
  10. ඔබේ මේ ගණන් මිනුම් සම්පුර්නයෙන්ම වැරදියි. එංගලන්තයේ ඉංජිනේරුවකු හැටියට වැඩ කරන මට ලැබෙන්නේ නැහැ මාසෙකට ලක්ෂ විස්සක්. හම්බවෙන අය ඇති. නමුත් එය average එකක් නෙවේ. ඒ නිසා කොරියාවේ මාසික ව්වටුප එයයි කියන්න බැහැ. හොයල බැලුවහම එංගලන්තයේ ගානමයි.
    සාමාන්‍යායෙන් ලක්ෂ 5-6 තම මාසික වැටුප. ඔඅබට වැරදෙන්න ඇත්තේ පඩි දෙන්නේ සවුත් කොරියන් ක්රෝන වලින් නිසා.
    4,858,683 KRW=2888 pounds
    http://www.salaryexplorer.com/salary-survey.php?&loctype=1&loc=114
    මෙහි අවුරුද්දක අදායම පවුම් 28000 වගේ. එංගලන්තෙත් මේ ගනම් මයි. ඔබ වැඩි කරලා ලියල තිබෙන්නේ.
    http://www.glassdoor.co.uk/Salaries/south-korea-engineer-salary-SRCH_IL.0,11_IN135_KO12,20.htm

    ReplyDelete
  11. සන්සන්දනය සම්පූරුනයෙන්ම වැරදි. ලංකාවේ තියෙන ගෝත්‍රික මානසිකත්වයත් එක්ක මේ සන්සන්දන කරන්න බැහැ. අපි දොස්තර කෙනෙකුට දෙවියන්ට වගේ සැලකුවාට දියුණු රටවල ඒක තවත් එක රස්සාවක් විතරයි. ඒක දොස්තරගේ වගකීම නැතුව අපි වදින්න අවශ්‍ය නැහැ. දොස්තර කියන දේ දෙවියන්ගේ වචනය වගේ නැහැ. ප්‍රශ්න කරන්න පුළුවන් අනිත් රැකියාත් එහෙමයි. වෘත්තිමය සුදුසුකම අනුව බේකරි කරුවෙකුත්, දොස්තර කෙනෙකුත්, ඉනිජිනේරුවෙකුත්, පරිඝනක සොෆ්ට්වෙයාර් ඩිවෙලපර් කෙනෙකුත්, වගේ ගොඩක් වෘත්තින් සමානයි. හැමෝම තමන්ගේ රස්සාව ගැන ආඩම්බරයෙන් තමයි ඉන්නේ. හීන මානයක් නැහැ.

    බලන්න මේ ලින්ක් එක. සැලරි ස්කේල් එක ඔබ කියනවා වගේ වීෂම නැහැ.
    http://www.worldsalaries.org/korea.shtml

    ReplyDelete