Wednesday, September 10, 2014

ප්‍රියන්තා ජනාධිපති පොදු අපේක්ෂිකාව කරමු


ඇය නාථ දෙවියන් මඟින් අප සමාජයට විශාල දායාද ප්‍රමාණයක් දායක කොට ඇති අතර එහි දී නාථ දෙවියන් හා කෙළින්ම ගනුදෙනු කොට ගැටළු විසඳීමට ප්‍රියන්තා සේනානායක මහත්මිය කටයුතු කරනු ලැබේ. ඒ පිළිබඳ ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු හෙළසුවය අඩවිය(http://www.helasuwaya.org) හරහා ලබාගත හැක. අපගේ අරමුණ වන්නේ මීළඟ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ගැන වාද විවාද සිදු වන මේ කාලයේ  සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ අනුහස ලැබුනු ප්‍රියන්තා සේනානයක මහත්මිය ජනාධිපති පොදු අපේක්ෂිකාව ලෙස පත්කරගැනීමයි. ඒ සඳහා ඇයට ඇති සුදුසකම් ඕනාවටත් වඩා වැඩි බව ඔබට මේ ලිපිය කියවීමෙන් පසක් වනු ඇත. 

නාථ දෙවියන් විසින් ඇයට මේ ලංකාද්වීපය විනාශකාරී බලවේග වලින් ආරක්ෂාකිරීමේ වැදගත්කම පහදා දී වසර අටක් පමණ ගත වී ඇත. හෙල සුවය නම් සම්‍යක් දෘෂ්ඨික අඩවියේ මේ  ලිපියෙන් කොටසක් අපි සලකා බලමු. 

      නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන්ගේ අවධාරණාත්මක ඉල්ලීම වූයේ, විනාශ මුඛයට යමින් පවතින ශ්‍රී ලාංකීය සමාජය හා සම්බුද්ධ ශාසනය රැකීම උදෙසා ඉදිරිපත් වන ලෙසය. මෙහි දී අකුසල් සහිත සමාජයකට සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ට සම්බන්ධ විය නොහැකි බවත් ඒ සඳහා කුසල් සහිත සමාජයක් බිහිකළ යුතු බවත් එය කිරීම උදෙසා මනුෂ්‍ය ලෝකයෙන් පිරිසිදු සීලයක් සහිත මනුෂ්‍යන්ගේ සම්බන්ධය අවශ්‍ය බවත් එ වැනි සමාජයක් බිහි කිරීම උදෙසා පුරෝගාමීත්වය ගන්නා ලෙසත් උන් වහන්සේ මාගෙන් ඉල්ලා සිටි සේක.

              දැනට වසර අටකට ඉහත දී ඉල්ලූ මෙම ඉල්ලීම ඉටු කිරීමට මා හට හැකි වෙතැයි දැඩි විශ්වාසයක් නොපැවතුන ද, උන්වහන්සේලාගේ ඉල්ලීම ඉටුකිරීමට හැකි උපරිමයෙන් කැප වී "හැකිතාක් දුරට මෙම ඉල්ලීම ඉටුකරමි" යි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන එම දෙවිවරුන්ගේ උපදෙස් පිට මෙම වැඩපිළිවෙළ ඇරඹු වෙමි. අද මා නොසිතු  ආකාරයට මෙම වැඩ පිළිවෙළෙහි තීරණාත්මක අදියර කිහිපයක් ඉදිරියට අපි පැමිණ සිටිමු. ඉතා ස්ථාවර අත්තිවාරමක සිටින අපි නාථ දෙවියන්ගේ අවවාදය පෙරදැරි කර ගෙන වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ආධ්‍යාත්මයෙන් පිරිපුන් පිරිසක් ගොඩනගා ශ්‍රී ලංකාද්වීපයට ඇප කැප වී වැඩ කරන දරුවන් පිරිසක් ලෙස පෙළගැසී සිටිමු. බුද්ධ ශාසනය රැක ගැනීම හා මාතෘ භුමියේ උන්නතිය උදෙසා වැඩ කිරීම පිණිස අප ධනය,  කාලය හා ශ්‍රමය වැය කර ගොඩ නැගූ අපගේ පුජනීය වැඩපිළිවෙළ“


මේ අනුව ඇයට දෙවියන් විසින් ලබා දී ඇති මහඟු අවස්ථාව ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. සාමාන්‍ය ජනාධිපති අපේක්ෂකයින් කොතෙකුත් දේවාල සහ පංසල් ගානේ පූජවට්ටි සහ මල්වට්ටි රැගෙන ස්වාමීන්, පාදිලීන්, ස්වාමින් වහන්සේලා ළඟ දනින් වැටී වන්දනා කරනු අප දැක ඇත්තෙමු. නමුත් අපගේ ප්‍රියන්තා මහත්මියගේ සම්‍යක් දෘෂ්ඨික දෙවියා ඇයට රෑ සිහිනෙන් පෙනී රට බේරාගැනීමටත්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් මහඟු වරමක් ඇයට ලබා දී ඇත. ඒ තරම් වූ ප්‍රබල දෙවි කෙනෙකුන්ගේ විශාල බලයක් සහිත අයෙක් ලංකාවේ ජනාධිපති ලෙස පත් කරගැනී මනුෂ්‍ය ජනයා පමණක් නොව ‍සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ සොම්නසට හේතු වනු ඇත. එවිට අපට දෙවියන්ගේ බැල්ම නිබඳවම ලැබී අපේ රට නිරතුරු ඉදිරියට යෑමට හේතු වනු ඇත.

ඇය අප රට දැය සමයට කර ඇති දේ..
දේව බැල්ම ඇතැයි අප ග්‍රාම්‍ය ප්‍රෙද්ශවල සාස්තර කියන හොර වෙදුන් සහ ගෑනුන් සිටිති. ඇතැම් අය පුවත්පත් දැන්වීම් වලින් මහා පරිමාණ ගසා කෑම් වල නිරත වෙති. ඔවුන් මිනිසුන්ගේ පුද්ගලික ප්‍රශ්ණ වන හැරගිය සැමියා ගෙන්වීමදරුඵල ලබාදීම, ඔබේ පෙම්වතිය ඔබට අකමැතිද? වරු තුනෙන් ආපසු, ආදී පුද්ගලික ප්‍රශ්ණ වලට පුද්ගලික මට්ටම් වලින් පිළිතුරු දෙති. ඒ දෙවිවරු එතරම් ප්‍රබල නැති දෙවිවරුන් විය යුතුය. නමුත් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් යොදාගෙන විශාල ගැටළුවලට මහා සමාජයට හිතකර ගැටළුවලට විසඳුම් සෙවීමේ නිරත වී ඇත.
අපි ඇගේ පෙර ලිපියේම මේ කොටස කියවා බලමු. 

උන්වහන්සේලාගේ ඉල්ලීම පිට "හෙළ නිල වෙදකම" නමින් රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ඇරඹීමි. මෙම වෙදකමින් ප්‍රථිකාර කරමින් සිටින කාලයේ දී, එ නම් දැනට වසර තුනකට පෙර දී වෛද්‍ය චන්න ජයසුමනගේ , "වකුගඩු රෝගීන්ට ප්‍රතිකාරයක් සොයා දෙන්නැයි", ඉල්ලා සිටීමත් සමඟ "ආසනික්" පිළිබඳ අභිරහස ද එළිකර අද ලෝකයාව මෙන් ම අප රට ද විනාශ කිරීමට පොළඹවා ඇති "කෘෂි රසායනවල" ස්වභාවය එළි කිරීමට සියලු පර්යේෂණ ද මෙම දෙවිවරුන්ගේ උපදෙස් මත සිදු කෙරිණි.  මෙම හෙළි කිරීමත් සමඟ ම අද අප ලාංකීය ජනතාව "රෝගීන්" බවට පත් ව ඇති ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
              
අද වන විට 10,000කට අධික සංඛ්‍යාවකට හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර ලබා දී ඇති අතර මෙම වෙදකම මාගෙන් ඉගෙන ගත් අය දැනට රෝගීන්ට මගේ නිවසේ දී ප්‍රතිකාර කරමින් සිටිති. ඉන්පසු "වකුගඩු රෝගීන්" සඳහා ද ප්‍රතිකාර අරඹා පදවියෙහි සිටින වකුගඩු රෝගීන් සඳහා පර්යේෂණාත්මක ව ප්‍රතිකාර කරමින් සිටිමු.

              
තවද "හෙළ ගොවිතැන" නමින් ගොවිතැනක් මෙම දෙවිවරුන්ගෙන් ඉගෙන ගෙන කන්න හයක් මේ වන විට රට පුරා අත්හදා බලා, මෙම කන්නයෙහි අක්කර 3000ක් පමණ මෙම ගොවිතැන් ක්‍රමයට අස්වද්දා ඇත. කෘෂි රසායන කිසිවක් භාවිතා නොකරන මෙම ගොවිතැන ද දෙවිවරුන්ගේ ඉල්ලීම මත ම අත්හදා බලා රටට දායාද කළෙමි. වස විස භාවිතා කර ප්‍රාණඝාතයෙහි යෙදෙමින් නිෂ්පාදනය කරන ආහාරයකින් යැපෙන රටක "බුද්ධ ශාසනය" ආරක්ෂා නොවන බව පැවසූ "නාථ දෙවියෝ" මෙම ගොවිතැන ප්‍රචලිත කරන ලෙසත් නැතහොත් මෙම වස විස නිසා ශ්‍රී ලාංකීය ජාතිය ඉතා ඉක්මනින් විනාශ වී යන බවටත් පවසා සිටියහ


උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සිසු දරුවෝ පවා ආසනික් ගැන ඉගෙන ගන්නේ මඳ වශයෙනි. නමුත් අපේ නාථ දෙවියෝ වකුගඩු රෝගය ගැනත් ආසනික් ගැනත් මනා දැනුමකින් සන්නද්ද වූ අයෙක් බව ඔබට පෙනී යනවා ඇත. ඒ සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ දැනුමෙහි ගැඹුර කෙතෙක්දැ යන්න ඔබට යම් අදහසක් ඒ හරහා ගත හැකිය.
බටහිර විද්‍යාත්මකව රජරට වකුගඩු රෝගයට හේතුව තවමත් නිසි ලෙස විද්‍යානුකූලව සොයාගෙන නොමැත. (එසේ යම් බටහිර විද්‍යාෙව් පිළිගත් ජර්නලයක, සඟරාවක, අඩවියක හෝ යම් පොතක මේ රජරට වකුගඩු රෝගයට නියම හේතුව දක්වා ඇතොත් වහාම එය අපිට දන්වනු.) එසේ තිබියදීත් අපේ දේශීය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් මාර්ගයෙන් එවන් අසීරු දේ පවා දැනට සොයාගැනීමට ඇය සමත් වී ඇත.
අප ඉහත දැක්වූයේ ප්‍රියන්තා මහත්මිය වෛද්‍ය විද්‍යාවට කල සේවයෙන් බිඳක් පමණි. ගොවිතැනට ඇගේ දායකත්වය ද සුළුවට තැකිය නොහේ. 

  ඒ අනුව අපි ගොවියට මෙම වසවිසෙහි ආදීනව කියා දී, පංචශීලයෙහි යොදවමින් "භාවනා වැඩසටහන්" කරමින්, මෙම ගොවිතැනෙහි යෙදීමට උගන්වමින් සිටිමු. තව ද "හෙළසුවය" යටතේ රටේ විවිධ ප්‍රදේශවල භාවනා වැඩසටහන් දැනටමත් කරගෙන යමින් ආධ්‍යාත්මික පදනමක් සීල, සමාධි, ප්‍රඥා තුළින් අවබෝධාත්මක ගුණාත්මයක් ගොඩනගමින් සිටිමු.
                  ප්‍රාණඝාතය තුළින් වස විස යොදා කරන ගොවිතැනින් ගොවිජනයා මුදවාගෙන ඒ වෙනුවට මෛත්‍රිය ප්‍රමුඛ කරගත් අධ්‍යාත්මික ගුණවගාව ඉස්මතු කරගෙන ඖෂධීය වට්ටෝරු ගොවිතැනට යොදවා කරන ගොවිතැන තුළින් ධාර්මික ගොවියෙකු ගොඩනගා ධාර්මික ආහාර රටාවක් රට තුළ ගොඩනැගීමත් ධර්මය හා මෛත්‍රිය ප්‍රමුඛ කරගත් වස විස නැති ආහාර රටට දී කායික මෙන් ම මානසික ව නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙම වැඩපිළිවෙළ තුළින් අපි උත්සාහ දරමු.“

ලංකාවේ ගොවියා අද මුහුන පා සිටින්නේ එලවලු, වී, අර්තාපල්, ලූනු විකුනාගැනීමේ ගැටළුවකට යැයි සමහර අය කියති. නමුත් නාථ දෙවි පවසන පරිදි සියල්ලටම හේතුව වී ඇත්තේ මේ කෘෂි රසායනික බව අපට යළිත් පෙන්වාදෙනු ලැබුයේ මේ ප්‍රියන්තා මහත්මියයි. ඇය ජනාධිපති වූ කලෙක තවදුරටත් පොහොර සහනාධාර දීම පිටරටින් බීජ කෘෂි රසායන ගෙන්වීම අඩුකොට දේශීය ක්‍රමවලින් දේශීය ගොනුන් ලව්වාම ගොවිතැන දියුනු කොට රට සහලින් ස්වයං පෝෂීත කොට බත බුලතින් සපිරි හෙටක් කෂණීකවම අපිට නිර්මාණය කොටගත හැකි බව පැහැදිලිය.
මෙවැනි දේශීය දේ පමණක් හුරු කරවන අලුත් රටක් තැනූ කල රටේ විදෙස් සබඳතා වලට කුමක් වේ දැයි යමෙක් බයවෙනු ඇත. එය බොරු බියකි. මේ ලිපියෙන් ඒ කාරණාගැන අවබෝධයක් ගත හැක.
·  අද ලංකාවේ රජරට පවතින මේ විශේෂිත වූ වකුගඩු රෝගය හා සමාන වකුගඩු රෝගයක් පැතිර යන බැව් පවසා මධ්‍යම ඇමරිකානු කලාපයේ පර්යේෂකයන් ද අප සමග සාකච්ඡා කර අපගේ පර්යේෂණාත්මක ප්‍රතිඵල උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ රටේ පවතින වකුගඩු රෝගයට ද හේතුව ආසනික් බැව් සනාථ කොටගෙන හමාර ය. අප ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පලකරන ඔවුන්  උක් වැවීම සඳහා කෘෂිකාර්මික තාක්ෂණය ද අපගෙන් ලබා ගැනීමට කැමති බවත්, අප සමග අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීමට කැමති බවත් දන්වා ඇත.“
එතුමිය විසින් නාථදේවානුභාවයෙන් සොයාගන්නා ලද දැනුම වැදගත් වන්නේ අපේ කුඩා රටකට පමණක් නොවේ. මධ්‍යම ඇමරිකානු රටවල් කිහිපයක්ද ඒ ගැන උනන්දු වී ඇති බව ඇය අවධාරනය කරයි. ඒ අනුව අපේ නාථදේවානුභාවයෙන් වැඩිදියුනු කරගන්නා ලද රටේ තාක්ෂණය අපිට වෙනත් රටවලට අලෙවි කොට විදේශ විනිමය ලබාගත හැකි ආකාරය කුඩා දරුවෙකුට පවා සරලව ම තේරුම් ගත හැකිය.
අප ප්‍රියන්තා මැතිණිය නැතිව වෙනත් අයෙකු ජනාධිපති ලෙස පත්කරගත්තේ වී නම්
නාථ දෙවි විසින් ඇයට දෙනු ලබන වැදගත් උපදෙස් ඒ වෙනත් ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට දැන්විය යුතුය. එවිට කටවල් කිහිපයක් හරහා යන නිසා වැදගත් තොරතුරු වල තීව්රතාවයත් වැදගත් කමත් අඩුවේ. සම්‍යක් දෘෂ්ඨික නොවන විපක්ෂ දෙවිවරුන්ගේ බලපෑම් ඇතිවිය හැකිනිසාත් සිදුවන්නේ වටිනා අදහස් කාලයේ වැලිතලාවලට අසුව නාස්ති වී යෑම පමණකි.
එසේම දේව බැල්ම සහිත ප්‍රියන්තා මැතිනිය ජනපති කරගතහොත් මුළු මහත් සම්‍යක් දෘෂ්ඨික දේමණ්ඩලයම තමාගේ කෙලින්ම ඇල්ම බැල්ම ඇති ඇත්තියක පත් කරගන ඇතැයි සතුටුව අපේ රට ලෝකයේ ඉහළම රටක තැනට ගෙනියන්නට පාර කියනු ඇත.
රට අගාධයට යන මෙවන් අවස්ථාවක කෙළීන්ම දෙව් බැල්ම සහිත රට ගැන හිතන, රටේ අනාගතය ගැන කැපවීමෙන් හැඟීමෙන් කටයුතු කරන ප්‍රියන්තා මහත්මිය ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස පත්කරගැනීමේ වැදගත්කම අපි වටහා ගත යුතුය.ඒ වැදගත් කරුණ අන්තර්ජාලය හරහා පමණක් නොව මුළුමහත් සමාජය කරා ද පැතිරවිය යුතු කාලය දැන් එළැඹ තිබේ. අපේ රටෙහි අනාගත ජනාධිපතිනිය ලෙස ප්‍රියන්තා මහත්මිය පත්කටෙ ගෙන, නාථ දෙවියන්ගේ ඇල්මට බැල්මට, සම්‍යක් දෘෂ්ඨික දේව බැල්මට නතු කරගන්නට ක්‍රියා කරමු.

මේ විස්තර ඔබේ මිතුරන්ට දැනුම් දීමට මේ ලිංකුව නොමැතිව වුවද සෙයා කරගනු.

19 comments:

  1. එතකොට අගමැති නලිය ද?

    ReplyDelete
  2. කට කට වැරැද්ද ගන්න එපා. දෙවිහාමුදුරුවෝ ඔක්කොම අපේ රජාට මනාපයි.

    ReplyDelete
  3. අපේ රටේ හොඳ මානසික වෛද්‍යවරුන්ගේ අඩුව මොනවට පෙනේ.

    ReplyDelete
    Replies
    1. totally agree +++++++++++++++++++++++++

      Delete
  4. එයාගෙ චින්තනය නාථ චින්තනයද?
    ඉන්පස්සෙ එන්නෙ
    නාථ කුඩු, නාථ එතනෝල්, නාථ සුදු වෑන් ...

    ReplyDelete
  5. /* උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සිසු දරුවෝ පවා ආසනික් ගැන ඉගෙන ගන්නේ මඳ වශයෙනි. */

    මං ඉගෙන ගත්තේ මෙච්චරයි.

    නිමල්ගෙයි, පද්මිගෙයි, ආස්සරේ ඇන්ටි බින්දා!

    මේ ආවර්තිතා වගුගේ එක කොළමක මූලද්‍රවෘ එන විදිය.

    නිමල්ගෙයි = N = නයිට්‍රජන්
    පද්මිගෙයි = P = පොටෑෂියම්
    ආස්සරේ = As = ආසනික්
    ඇන්ටි = (Sb) = ඇන්ටිමනි
    බින්දා = Bi = බිස්මත්



    ReplyDelete
    Replies
    1. //ආස්සරේ ඇන්ටි බින්දා//
      කොඩිවිනයක් කරලද?

      Delete
    2. කකාටත් වඩා කොඩිවිනයක් තියනවද?

      Delete
  6. මෙයා ඒ දවස් වල නම් නලින් ද සිල්වාගේ අනියම් භාර්යාව. තමරා දන්නවද දන්නෙ නෑ තාම කේස්.

    ReplyDelete
  7. හුකැස්...
    මෙයා එක්ක බලපුවාම ලොක්ක අත දරුවෙක් වගේ...
    හිහි...

    ReplyDelete
  8. ඇයි අපි මාද්යප්‍රකාශිකාව පත්කරගන්නෙ? කෙලින්ම නාථ දෙය්යො පොදු අපේක්ශක කරන්න බැරිද? චන්දෙ දෙන්න පුලුවන් හීනෙන්ම.

    එක්කො එපා. හීනෙන් මැකෝ දැක්කොත් නූල් බඳින්නවෙයි සම්යක්දෘෂ්ටි දෙයියෙක්ගෙ ලැබ් එකකට ගිහිල්ල

    ReplyDelete
    Replies
    1. යකෝ, මෙහෙමත් කතා කියනවද? නාථ දෙයියො දැක්කොත් බඩ කපාගෙන මැරෙයි :)

      Delete
    2. නාථට වඩා හොඳ වැඩක් කරන්න පුළුවන් ප්‍රා. හැබැයි වැඩ කාරයෙක් ද දන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් තුමාගේ තාත්ත වගේ (අර දුප්පත් මනුස්සයා නොවේ,The Lord), සම්‍යක් දෘෂ්ටි, දරුවන් ටිකක් හැදුවා නම්, තව අවුරුදු 18 කින් ලෝකය ටිකක් හොඳ තැනක් කර ගන්න පුළුවන්. පවුල් අවුල් කරන්නේ නැතුව වැඩේ කරන එක තමා ප්‍රශ්නය.

      Delete
  9. මෙයාගෙ නේද අර කැඳ වට්ටෝරුවත්?

    ReplyDelete
  10. මෙච්චර බලගතු කාන්තාවො ඉද්දි අපේ රටේ ප්‍රශ්න අවුල් ජාලයක් කරගන්නෙ ඇයි.වහාම මෙතුමියට නිසි තැන ලබාදෙමු.
    නියමයි අමිල හරි ඉහළයි.

    ReplyDelete
  11. කරමු කරමු.... රට ගොඩ දායි නේ.... :D

    ReplyDelete
  12. me ganitath minihata wagema pissu !!!!!

    ReplyDelete
  13. ane palayn buuuuruwo yanna

    ReplyDelete
  14. meya wikunana haal hoda nadda??

    ReplyDelete