Friday, October 3, 2014

ඇනල උන්නද? උනල ඇන්නද? 02 කොටස

හා..නන්ද අයියා.. නෙළුම් එහෙම කියලා මට කතා කරනවා.

එතකොට මම නන්ද කියාල එයා දැනගෙන හිටිය. මං වඩේ කරත්තෙ ගාව නෙළුම් එක්ක කතාකරද්දි ඔය එතනින් යන හැම දන්න කියන එකෙක්ම වගේ මගේ නම කියල කෑ ගහන කොට තමයි මගේ නම එයා දැනං තියෙන්නෙ. උඹ දන්නව නේ ඉතිං. ගෑනියෙක් එක්ක හරි කතා කර කර ඉන්නවා නං අපේ උන් නම කියාගෙන කෑ ගහන එක නේ වැඩේ. වඩේ කරත්තෙ අයිති කාර බුවා මං ආවද නැද්ද නැහැ..ඌ පැත්තකට වෙල වඩේ බදිනවා. මම කෙල්ල එක්ක චුට්ටක් කතා බහ කරල තමයි එන්නෙ.

නන්දෙ අයිය පහුගිය දවසෙ ගෙදර ගිහිං ආව නේද?

කෝ නන්දෙ අයිය මේ පාර නම් එච්චර ලකයක් නැහැ වගෙ. වෙනද ගෙදර ගිහින් ආවම පිරිල මූණත් එක්කම. නෙළුම් කිව්ව. .

ඔවු නංගි ගෙදර ගිහින් ආව. ඒත් මේ කොන්ද කැක්කුමක් අල්ලනවා. ෆැක්ටරියෙ යකඩ වගයක් උස්සල ඒ නිසා. හරි අමාරුයි වෙලාවකට. මම කිව්වා.

ඉතිං නන්දෙ අයියෙ මේ දවස්වලට වත් බර වැඩ නැතුව නිකං ඉන්න හොඳෙයි..ඔයා බේත් ගන්න ගියෙ නැද්ද,? ඇවිලිල්ලක් වගේ නං සිංහල බෙහෙතුත් හොඳයි. නෙළුම් උත්තර දුන්නා.

ගමේ ගිය වෙලාවෙ ගෙනාපු සිංහල බෙහෙත් තියනවා. ළඟ ඩිස්පැන්සරියෙනුත් ගත්ත. දෙවංසෙම ගාගන්න බෙහෙතක් තියෙනවනෙ. ඒක ගාගන්න විදියක් නැහැ.

යාලුවො ඉන්නව ෆැක්ටරියෙ. ඒත් ඇගහෝදල නාල එපාය ගාන්න.කුනු තට්ටු පිටින් ඕව උලල වැඩක්ය. වටේ ගෙවල් වල ඉන්න උන් එක්ක මගේ වැඩි බජනයක් නැහැ. අනික තෙල් ටිකක් ගාන්න කියන්න බැහැ නෙ නොදන්න අයට.අර ආයර්වේද තෙල තියෙනවා නේ..ඒකනං ගෑවම පළාතම තෙල් සුවඳයි.

මේ ඔයැයිට බැරිද නෙළුම්, ඇවිත් මගේ කොන්දෙ තෙල් ගාල දීල යන්න.

මං එකපාරටම වක්කඩ කැඩුව වගේ නෙළුම්ගෙන් ඇහුව.

නෙළුම් මූණ උස්සල මගේ දිහා බැලුව. මගේ මුහුනෙ කිසිම වෙනසක් නැති බව දැකල ..

එයාගේ වඩේ බදිමින් ඉන්න බාප්ප දිහා බැලුව. මිනිහ වෙනම ලෝකෙක ඉදන් වඩේ බදිනව වගේ කිසි හැලහොල්මනක් නැහැ.

ඉතිං හරි වේදනාවක් ඇත්තෙ නේ.. නෙළුම් ආයෙත් අහනවා.

අනේ මන්ද නෙළුම් නංගි සමහර වෙලාවට ලැට්ටකට ගිහින් පහත්වෙන්නත් බැහැ තද ඇවිලිල්ලක් එනව. ෆැක්ටරියෙ ඕවර්සියර් මහත්තයට කියලා මම ලේසි ඩියුටියක් මේ දවස්වල කරන්නෙ. වාඩිවෙල කරන වැඩක් මට දැම්ම මාසෙකට.. මේ කොන්ද අමාරුව නිසාම.

හරි..අයියෙ දැන් බාපු වඩේ පහක් දැම්ම. තව ලූනු කෑල්ලක් දාන්නද? නෙළුම් ඇහුව.

හුම් ලූනු කෑල්ලක් දෙකක් දාන්න. ඒක හැපෙනකොට අමුතු කිතියක් එනව දිවට.. මම කිව්ව.

මං යන්නං එහෙනං.. මේ පාර ගමේ ගියාට අඹ ගැටයක් ඇඹරැල්ල ගෙඩියක් වත් අරං ආවෙ නැහැ...මේ කොන්ද අමරුවක් නිස මොකුත් ගේන්න බැහැ.

ඒ දවස්වල මං ගමේ ගිහින් එනකොට ගමේ තියෙන ගස් උතුරල යන අඹ, වැල්දොඩං, නාරං, කජු පුහුලං එහෙම අරං එනවා. හන්දියෙ කඩවලට වටපිටේ උන්ට..ෆැක්ටරියෙ උන්ට බෙදනව. නෙළුම්ටත් කොටහක් දෙනව. ඒකයි මම ඒ ඇඹරැල්ල අඹ ගැන කිව්වෙ.

හරි හරි නන්දෙ අයියෙ. ඒකෙ වගක් නැහැ. නන්දෙ අයිය මොකුත් නොගෙනාව කියල මම තරහ වෙන්න මම චුට්ටි බබෙක්කැ.? නන්දෙ අයියත් හිතන්නෙ පොඩි ලමයෙක් විදියට. .. කියල නෙළුම් මගේ දිහා බෙරුවට රවල බැලුවා.

අම්මප මල්ලියෙ බිම නිදාගත්ත නිසාද මන්ද ඒ කොන්ද කැක්කුම නම් සමහර වෙලාවට එපා වෙනව. මං ගිහිං ඇගපත හෝදල තිබුන පොඩි කාර් ටිවි එක දාගෙන තෙල් ටික ගාගන ඔහේ ටිවි එක බලං ඉන්නකොට. කවුද දොරට ගහනව.

මං හිතුව අපේ ෆැක්ටරියෙ පද්මය වෙන්න ඇති කියල. පද්මයට බීල වැඩිවෙල ගෙදර යන්න බැරිවුනාම ඌ ගෙදරට නයිට් කියල අැවිත් මගේ කාමරේ දපනව. එපා වෙනව. ඒත් ඉතිං පද්මය එදා වගේම අදත් මගෙ බොක්ක. පද්මය මට තියේනං සීයක් දීහං කිව්වම ඌගාව නැත්තං බොක්කෙන් ඇදල හරි දෙනව. එහෙව් එකා පද්මය. එකම වැරැද්ද ඌ දන්නැහැ ඌට බොන්න ඇහැක් තරම.

මං දොර ඇරිය.

අඩෝ කිව්වට විස්සාස කරහං මල්ලි. නෙළුම් ඇවිත් හිටිය.

මං අද වඩේ කරත්තෙන් දවාලියෙන් ආව. ගෙදර ගිහින් ඇගපත ටිකක් හෝදගත්ත ගමංමයි ආවෙ.

ඉක්මන්ට යන්න ඕන. මෙහෙම යනව කියලා ආරංචි වුනොත් මං ඉවරයි. නෙළුම් කිව්වා.

ඇත්තටම නෙළුම් කියන්නන් වාලේ කිව්වාට නෙළුම් බඩුවක් වගේ එකක් කියල ගමම දැනං උන්න. මේ මුඩුක්කු ගෙවල් වල සදාචාර මනින්න මීටර් හයිකරල නැහැ. බලපං පොඩ්ඩක් ඔ්‍ය යනකොට පවුල්වල එක එක පාට ලමයි. සමහර ලමයි අල්ලපු ගෙදර එකාල වගේ නැද්ද කියල.? උන්ට ඒව ගානක් නැහැ. අපේ ගං වලටත් වැඩිය මේවයි ඒව කිසි අවුලක් නහැ වගේ.

හුම්..හරි හරි...මොකද ඔච්චර යන්න හදිස්සිය. පොඩ්ඩක් ඉන්න මං තෙල්බෝතලේ අරං එන්නං.. මං ගිහින් තෙල්බෝතලේ අරං ඇවිත් කොන්ද පැත්ත හැරිල දිගෑදුනා..

හප්පෝ මෙයාගේ කෑමරේ තියෙන හැඩි ගතිය...ටිකක් අස්කරං ඉන්න දන් නැහැ නේ.. නෙළුම් තෙල් ගාන ගමන් කිව්වා.

දොර වහන්නත් මතක නැතිවුන. මං ගිහින් වහල එන්නං..ඒ නෙළු්මම ගිහිල්ල දොරත් වහල ආව.

තෙල් ටික ගාල හොඳට රත්වෙන්න අතගෑව..

ඉන් පස්සෙ මේකි මගේ රවුං කරලා ඔබල තැන් තැන්වල තිබුන ඇඳුම් ඔක්කොම පිළීවලට හැදුව. වැලේ තිබුන රෙදිටික පවා නවල තිව්ව.. බෙඩ් සීට් නවල තිව්ව. ඒ කරල හොදට අතුගාල දැම්ම කාමරේම.

මේ ටීවි එකේ වයර් හැමතැනම. මේක එකවිදියක් කරල දාන්නකෝ. නෙළුම් කිව්ව. මං බල බල හිටපු ටීවි එක වහල. පොඩ්ඩක් වයර් ටික පිලිවෙලක් කලා.

ඒ කරල නෙළුම්..

වත්ත ඇතුලෙම මෙහෙම වෙන කාමර වල ඉන්න එකට අම්ම උනත් කැමති නැති වෙයි. ඒත් ඉතිං තෙල්සාත්තුව ඉවර වෙනකල් ඇවිල්ල ඒ වැඩේ කරල යන්නං. කියල කිව්ව.

නෙළුං එක්ක කතා කරන එකෙන් කාන්සිය මැකිල යනව. එයා ඇවිත් බැන බැන කාමරේ අස් කරන කොට ඒවෙලාවෙ සමහර වෙලාවට මම ටිවි එක වහල එයා බනින ඒව අහං ඉන්නව.

නෙළුම් මං බැඳල කියල දන්නව නේ. නෙළුම් වයිෆ් ගැන අහ්නන ගත්තම මම ඒක අහන්න එපා කියල එයාට කිව්ව. අපේ පවුල ගමේ නේ බං. මාසෙට වතාවයි බාගෙද වැඩිම වුනොත් දෙවතාවයි ඒක බලන්න යන්න ලැබෙන්නෙ.

ඉතිං දැන් අවුරුදු අටක් වෙනව. සමහර කාල වල නෙළුම් තරහ වෙල ඉදලත් ඉන්නව. එකපාරක් මගේ පවුල ඔය පොඩි එකාගේ ඇහැක් මොකද්ද වෙලා ඒක පෙන්නන්න කොළඹ ආව. ඇවිත් මේ බොඩින් කාමරේම නතර උනා පොඩි එකා එක්ක රාත්තිරි. එතකොට දෙවනිය හම්බෙල නැහැ.

මගෙ ගෑනිනේ බං..මං ගැන හොදට දන්නව නෙව..ඒකිට යන්තං සැකයක් ඇවිත් තිබුන මගේ ඇදුම් පැළඳුම් තියෙන ලස්සන විදිය දැක්කම.

ඔයාට ගෙදර ආවම තමයි අඳින සරමවත් රැක් එකට දාන්න බැරි. මෙහෙදි හැම එකම නවාගෙන හොදට ඉන්නව. ගෑනියෙක් වත් ගෙන්න ගන්නවද් දන් නැහැ වැඩට. එයා එහෙම කිව්ව. ඒත් එයා මාව හොදට විශ්වාස කරනව. මම එහෙමට පැණියෙක් නෙවෙයි කියල එයා දන්නව ඇති.

මේ කොල්ලො ම ඉන්න බෝඩිං තට්ටුවට ගෑනියෙක් ගෙන්න ගන්නෙ කොහොමද කියල ගෑනිගෙ හිතට එන්න ඇති.අපේ ගෑනි ආපු වෙලාවෙ ගෑනි එයාලයි ගෙදර තියන්න කියල බෝඩිමෙ ඇන්ටි කිව්ව. මට ඒත් බයයි බං..ඔය ඇන්ටිල කේලං මලු නේ.. වැරදිලා හරි කිව්වොත් මෙච්චර කල් හොදට කකා ඉන්න කසාදෙත් ඉවරයි..

ඒ නිසා මං ගෑනිට මේක ඇතුලෙම පුලුවන් විදියට ගුලිවෙල ඉමු කිව්ව.

කලිං මේකෙ හිටිය ධම්මික කියල එකෙක්.බණ භාවනා කරන එකෙක්. ඒකට හෙන සැකයි නෙළුමුයි මායි කාමරේ කරන්නෙ මොකද බලන්න. මූ කොහෙන් හරි බලනවා වෙන්න ඕන කියලා අපි දෙන්නත් දැනං හිටිය. ඌට පුළුවන් කමක් තිබුන නම් ඕක අර මුගලන් හාමුදුරුවො වගේ එර්දියෙන් ඇවිල්ල හරි අපේ කාමරේ උඩට වෙලා බලාගෙන ඉන්නව. .එහෙව් කුතුහලයක් ඒ බාවනා කාරයට තිබුනෙ අපි දෙන්න ගැන..

කාලයක් තිබුන නෙළුමුයි මායි හැමදාම රෑ එකට ඉන්න හදපු කාලයක්. ඒත් ඒක හරි හිරිහැරයි. ඕව ගෙවල්වලට ආරංචි වුනොත් මට හොද නැහැ.

එහෙම වුනාම නෙළුම්ටත් එයාගේ මට නොකියන රස්සාව කරගන්න අමාරු ඇති. ඒනිස දැනුත් ඔය සතියට දවස් තුනක් හතරක් ඇවිත් මගේ කාමරේ අස්පරක් කරලා කයියක් දාල යනව.

නෙළුම් මගේ කොන්දෙ අමාරුවට තෙල් ගාන්න දෙවනි දවසෙ ආවම මම එයා යනකොට රුපියල් පන්සීයක් දික්කලා.. මේ නන්දයියෙ..මං උඹෙ කැඩිච්ච කොන්ද දෙකටම කඩන්න කලිං ඕක දාගනිං සාක්කුවට...

ආව මෙතන සල්ලිකාරය මට පන්සියෙ පටි දික්කරන්න. උඹ ගාව පන්සියෙ පටි තියෙනව කියල මට පෙන්නන්ද බොට ඕන? උඹ නං මහ පිලිමයක් ඕයි. නන්දයියෙ..ඇත්තමයි. උඹ පිළීමයක්..

නෙළුම්ට හොදටම තරහ ගිහින් මට බැන්න. මම ඉක්මන්ට පන්සීය සාක්කුවට දාගත්ත. අපි අතර ගනුදෙනු වෙනව. අතමාරු වෙනව. හැබැයි මෙතන බිස්නස් එකක් නැහැ. වීල් පාක් එකේ උන් සමහරු හිතන්නෙ මම ඕක සල්ලි වලට අදිනව කියල. එකෙක් කියනව දවසක්..

හැමදාම උඹ නෙලුම් නෙලන්නෙ වෙන එකකට නෙලන්න අදහසක් නැද්ද බං? උඹත් සල්ලි ගෙව ගෙව කොළඹිනුත් පවුල්ක් කනවනේ නන්දයෝ..සමහර උන් නං කියන්නෙ උඹෙන් නෙළුං සල්ලි ගන් නැහැ කියල.එ ත් මං දන්නව ඔය නෙළුං ගැන උන්ට වඩා..ඕකි වාසියක් නැත්තං මයිල් ගහක් හොල්ලන්නෙවත් නැහැ..අම්මප..

උඹ තරහ වෙන්න එපා උඹේ හිත රිදෙනව ඇති. ඒත් නන්ද මල්ලි උඹ දරුවො දෙන්නෙක් ඉ්නන එකෙක් නේ.ඔය සල්ලි වලිං උන් ට යන පැත්තක් හිතපං.. කියලා වීල් පාක් එකේ බුවෙක් දවසක් මං වැහි දවසක ඌ එක්ක හයර් එකක් හද්දි කියාගෙන ගියා.

ඌ කියන විදියට නෙළුම් ලේසියෙන් සල්ලි නැතුව වැඩ කරන් නැහැ. එහෙම මොකක් හරි ගේම් එකක් දීල බලෙන් ආවොත් පොලිසිය පවා මට්ටු කරන්න මේකිට පුළුවන් කතාවක් තමයි කියන්නෙ.

මේකි හොදට කපටියි. කොහොම හරි පස්සෙන් ගිහින් ලපටි මන්තිරියට කටුව ගහගත්ත. ඒ නිසා වැඩි බයක් නැතුව ඉන්න පුලුවන්. මේ මුලු වතු ටිකේම ඡන්ද ටික තියෙන්නෙ මේකි ගාව කියල තමයි අලුත් ලපටි මන්ත්‍රියට මේකි පෙන්නල තියෙන්නෙ.

ලපටි මන්ත්‍රිය කිව්වෙ බං කලිං හිටපු ඇමතියගෙ පුතා මන්තිරිය. ලපටි මන්තිරිය ගානට නවාගන්න ඇති නෙළුම්..මටත් මොකක් හරි රස්සාවක් සෙට් කරන්නද කියාල නෙළුම් ඇහුව. ඒත් බං දෑතෙ රස්සා නැතුව ඔය කන්තෝරු වල ගිහිල එක එකාට පයිසෙට දෙකට, හතරට නැවෙන්න මට බැහැ.

ඔන්න ඔහොමයි මල්ලි මම මගේ කොන්දෙ අමාරුව ගොඩ දාගත්තෙ. උඹත් පොඩ්ඩක් ටෝක් කරල බලපං ඔය ඔපිස් එකේ කෙල්ලෙක් ලව්වඅතේ අමාරුව ගොඩදාගන්න. ..

12 comments:

  1. මෙව්වා තමයි බොල
    තිත්ත ඇත්ත

    සමහරුන්ටනං අවුල්

    අපේ හමා නං කියන්නේ
    ලිංගික ඉරිසියාව කියල

    ඕක තියන උන්
    යෙදෙන්නෙත් නැ
    යෙදෙන එකාට බකට් අදිනව

    අමිලයා උබේ බෝඩින් ජීවිතේ මෙහෙම නැනේ

    ( මටත් ලිංගික ඉරිසියාවක් ආවා බං )

    ReplyDelete
  2. ඔහොම සම්බන්ධතා හැම සමාජ මට්ටමේම තියෙනවා.
    සමහර වෙලාවට බඩුවක් කියල ලෝකේ අර්තදකවන කෙල්ලෝ එහෙම නෑ
    හොඳම මිතුරු සම්බන්දතා තියෙන්නේ ඒ වගේ කෙල්ලෝ ගාව තමයි.
    උන් එක්ක එහෙ මෙහෙ යනකොට බලන් ඉන්න එවුන්ට පුදුම අමාරුවක් තමා තියෙන්නේ.


    ReplyDelete
    Replies
    1. //බඩුවක් කියල ලෝකේ අර්තදකවන කෙල්ලෝ//

      ඒකත් එක රස්සාවක් විතරයිනෙ.
      දේශපාලනය තරම් සමාජයට හානිකර නෑ ඒක

      Delete
  3. අර භාවනා කරපු ඩෑල් එක මහ කැතයි බං..
    ඌට භාව නාවගන්න බැරි නිසා භාව නාවගන්න උබ දිහා හොරෙන් බලන්න ඇති :)

    ReplyDelete
  4. දෙන එකාට දෙයියෝ ඇන ඇන දෙනවා කියන්නේ මේකට තමා

    ReplyDelete
  5. අටමට වගේ මටත් ආව පොඩි ලිංගික ඉරිසියාවක් ආයෙ බොරු කියන්නෙ මොකෝ... ඒ තරං සාරෙට ලියල තියෙනවනෙ අනික.. හැබෑට කියපන්කො ඔය වඩේ කරත්තෙ තියෙන්නේ කොයි ඉමෙයි කියල..මොකෝ මාත් ඉන්නේ කොලඹ ගේක තනියෙංනෙ.. ඉඳල හිටල නෙළුමක් නෙලං පන්සලක් පැත්තෙවත් ගිහිං එන්න බලන්න... :D

    ReplyDelete
  6. අර භාවනා කරනවා කියපු ඩයල් එක මොනවාද දන්නේ නැහැ භාවනා කරන්නේ...

    මොනව වුණත බොහොම සන්තෝස ජනක වින්දනීය එකක් වෙන්න ඕන...

    -----------

    මචන් අමිල ය...

    හැමතැනම තියෙන ඒත් කවුරුවත් දකින්න අකමැති ඇත්ත කතාවක් ලියල තියෙන්නේ....

    ReplyDelete
  7. Thuk witharak wala......!

    ReplyDelete
  8. කොහෙද බන් උබෙ ඔය බොඩිම තියෙන්නේ.

    ReplyDelete
  9. Ane kawuruhari comment karapallako bun.! Mewa mahansi wela mulu reya pura nidimaraagena karana kalaa nirmana ne,....! Mathalange eke comments ekasiya gananak. Methana ano comment us karaama ganna deyak nahane. Traffic wadi karaganna nam, machang,aanduwata banapan! Kuppa kathaa liyapan. Bodu balayontay buddhagamatay banapan! Mathalan karanne ehema. Amilaya, umbath try karapana!

    ReplyDelete
  10. මේ කතාවේ තුන්වෙනි කොටසක් තියෙනවද ? සමහර මේ වගේ බැඳීම් පවුල් සම්බන්ධ වලට වඩා හයියයි.

    ReplyDelete
  11. Ape samajayema ekthara chritha keepayak.Meweni charitha,thulin pirumata hendagath upasaka charithawalata wada manussakama dakinna boho wita piliwan.

    ReplyDelete