Wednesday, October 1, 2014

කරත්ත එංජින් මොල මත දුවන කෝච්චි


උදේ පාන්දර කෝච්චිය එනකල් ඉස්ටේසමේ වාඩිවෙල ඉන්නකොට අලුත් පන්නයේ රී ලෝඩ් කාරයෙක් ආව. ඕනම නෙට්වර්ක් එකක රීලෝඩ් මිනිහ ගාව තියෙනවා. බස් ටිකට් මැසිම වගේ එකක් අරගෙන එවෙලම රී ලෝඩ් එක දාල දෙනවා. හරි ලේසි වැඩක්.
හැමදාම කෝචිචිනේ ඇවිත් ස්ටේෂමෙන් පිටවෙන අවස්ථාවෙ පුදුම තදයක්. මිනිස්සු වෙලාවට කාර්යාලෙට යන්න ඕනි නිසා තෙරපෙනවා පොරකනවා. මොකද මේ තෙරපුම ? දුම්රිය සේවයේ තාමත් පැරණි ක්‍රමයට මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත් වන විට ටිකට් චෙක් කරනවා. එලියට එන්න ඉන්න සිය ගානක් දුම්රිය මගීන් ගාන ආම්බාන් කරන්න චෙක් කරන්න සේවකයින් දෙන්නෙකුට අමාරුයි. ඒ නිසා හැමදාම කාර්යබහුල වෙලාවල් වල පිටවීමේ කවුන්ටර වල ලොකු කලබලයක්.
ටිකට් හා සම්බන්ධ දුම්රිය සේවයේ ලොකු සෙනගක් ඉන්නවා.
මුලින්ම ටිකට් එක නිකුත් කරනවා.
ඉන් පස්සෙ එක්නෙක් ටිකට් එක බලලා හිල් කරලා අපි දුම්රිය ස්ථානය තුලට දමනවා.
එතනින් ගියාට පස්සෙ කෝචිචියෙදි ටිකට් චෙකර්ස්ලා ආවොත් එයාලත් ටිකට් එකේ සලකුනක් කරනවා.
අවසානෙ අපි එළියට යනවිට ටිකට් ටික එකතුකරනවා.
ඒ එකතු කරන ටිකට් ආයිත් වර්ග කරනවා. වර්ග කරලා සංඛ්‍යාලේඛන හදනවා.
මහ විසාල අපායේ පව් පොත වගේ පොතක් ඇරගෙන ටිකට් ගනන් කරන සේවකයෙක් මම ඉදහිට ඉස්ටේසමේ දකිනවා.
ටිකට් නිකුත් කරන වැඩෙත් ඔය වගේ මැනුවල් ක්‍රෙම්කට තමයි තාමත් වෙන්නෙ.
සෑම දුම්රිය ස්ථානයකටම ටිකට් මැෂින් දීල මැෂින් ටික ඔක්කෝම එක ජාලයකට සම්බන්ධ කරලා බස් ටිකට් මැෂිම වගේ එකකින් ටිකට් නිකුත් කරන්න පුළුවන් නම් ඒ හරහා එක තෝරාගත් පැයකදි ලංකාවෙම ටිකට් කීයක් නිකුත් වුනාද සල්ලි කීයක් එකතු වුනාද කියාල ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙනවා.විශාල පුවරුවක එක එක පැතිවලට යන ටිකට් තියාගෙන දුම්රිය අයකැමියො අද විඳින දුක බටන් කිහිපයක් එබීමෙන් නැතිකරන්න කරගන්න අවස්ථාවක් අලුත් මැෂින් ආවොතින් දුම්රිය ටිකට් නිකුත් කරන අයට ලැබෙනවා. බාගෙදා මේ ටිකට් වල අනික් පැත්තෙ මොකක් හරි ඇඩ් එකක් දාල ඒකෙනුත් කීයක් හරි හොයාගත හැකි වෙයි.
එහෙම වුනානම් දුම්රිය ස්ථානවල පිටවීමෙදි ටිකට් පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නැහැ. හරිම සරලව වැඩේ යනවා.අවශ්‍යනම් හොරට යන අය අල්ලන ටීම් ගාන වැඩිකරලා ටිකට් පරීක්ෂාව කරන්න පුළුවන්.
ලංකාවෙ ඕනම මොබයිල් නෙට්වර්ක් එකකට පොඩි අතේ ගෙනියන මැසිමකින්, රීලෝඩ් දාන්න පුලුවන් මට්ටමට තාක්ෂනේ දියුනු වුනත් තාම දුම්රිය ටිකට් නිකුත් කිරිම යන්නෙ බරකරත්ත යුගේ. පිටවීමේදී පරීක්ෂාකරන ක්‍රමවේදය ඉවත් වෙලා බොහෝ කල් වුනත් තාමත් දුම්රිය එතනමයි. අනේ කවදා නම් ඇමතිවරුන්ට ලොකු කොමිස් ගහන්න පුළුවන්, මේ වගෙ ප්‍රයෝජනවත් වැඩ මතක් වේවිද? එදා දවස උදා වේවිදෝ.

28 comments:

  1. ඔන්න ඕක වෙන්නේ නැත්තේ බං.අපේ එවුන් අයිස් ගගහ පඩි වැඩි කරගන්න ඒවයි,ඕ.ටී. එකයි අහිමි කරගන්න අකමැති නිසා.
    අඩුම තරමේ ගිණුම් අංශයටවත් තවම පරිගණක පද්ධති භාවිතයක් නෑ.චාටර් 7 යි...

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ අය අකමැති ඇති පරිඝනක ගන්න මොකද එතකොට වේකන්සි නැති වෙනවා නේ..වේකන්සි නැති වුනාම එයාලගේ පුතාල ආයිත් සී ජී ආර් එකට ජොබ් එකට දාන්න බැරිවෙනවා.

      Delete
  2. මොබයිල් නෙට්වර්ක් තියෙන්නේ එකයි, ඒකත් රජයට අයිතියි කියා උපකල්පනය කර නැවත සිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. Ammiyo...... Pissu hadey.....!

      Delete
    2. ඒක හැබෑව ටෙලිකෝම එක ජපනා ගන්න කලියෙන් පෝන් එකක් ගන්නවා කියන්නෙ ලොකු කේස් එකක්..

      Delete
  3. අනේ ඕකුන් හැදෙනකොට බැරියැ , ඊයේ පෙරෙයිදා ටිකට් එක දුන්නාමයි කියල දෙපාරක් සල්ලි ගත්තා, හොර හැත්ත ඉතුරු දෙන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. මේ අටමාවගේ නූගත් මෝඩයො එක්ක මොන නෙට්වර්ක්ද...

      Delete
    2. ඔයත් cgr ටිකට් කවුන්ටරේකද වැඩ

      Delete
    3. මැ ෂි න් බි ජ් ජා

      Delete
    4. බිජ්ජ බොන්ඩ ඕනද

      Delete
    5. පෙරයිද මටත් ඔයොම වැඩක් වුනා..රුපියල් පහක් ඉතුරු ලැබුන් නැහැ.

      Delete
  4. අර touch card කියලා බස් වලට ගේන්න හදන system එක කෝච්චි වලටත් දැම්මානම් හරි

    ReplyDelete
    Replies
    1. දැන් බස්වල ඒක ක්‍රියාත්මකයි නේද? මම නිතර යන එන රූට් වලනං පාවිච්චි කරනවා දැක්කෙ නැහැ..තාම 138 176 හෙම නැහැ මම හිතන්නෙ.

      Delete
  5. වැඩක් නෑ බන් කතා කරලා... ඕව හැදෙයිද මේ කපේ... ඔය ටිකට් පරක්කුව නිසා කොච්චරක් නම් දෙනෙක්ට කෝච්චි මඟ ඇරෙනවද...

    ReplyDelete
    Replies
    1. කප හිටවලා දෙන්නෙ කවුද ඉතිං උන්ට..අපිම නෙව..

      Delete
  6. කරත්ත ඇන්ජින් මොළත් ඔයිට වඩා දියුණු ඇති.අපරාදෙ උන්ට අපහාස කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔවු මුං සුදුසුකම් වලට ගහමරාගන්නවා විතරයි තියෙන සුදුසුකම් වලින් කල්පනා කරලා දෙයක් කරන්න හදන්නෙ නැහැ නෙව..

      Delete
  7. රත්මලානෙ CGR එකේ චීෆ් ඉන්ජිනයර් සහ අනෙක් ඉන්ජිනියර්ස්ලට සුද්දො හදල දීල තීන පංකාදු පහේ ගෙවල් තියන් ඉන්න විදිය දැක්කම තේරෙනව මුන් රජයෙ දෙපොලවලට තීන ආදරේ. ඒව නඩත්තුව තියා වත්තෙ තණකොලවත් කපන්නෙ නෑ, අතින් සල්ලි යන හින්ද කියලයැ. එහෙව් රටක ඔහොම කෝච්චි දුවන එකත් මාර ආශ්චර්‍යක් මටනං.

    ReplyDelete
    Replies
    1. 1900දි රත්මලාන දුම්රිය අංගනයේ දුම්රිය වලට අවශ්‍ය බොහෝ බොහෝ බඩුබාහිරාදිය නිපදවලා තියෙනවා..නමුත් අද වෙනකොට ඒක පරණ ගරාජ් එකක් වගේ තැනක් විතරයි..

      Delete
    2. මම දවසක් ඕක ඇතුලට ගියා වැඩකරන එකෙක් ලොකු ලේත් එකක් උඩ දොයි.

      Delete
  8. ඔය ලොක්කන්ට මොලෙ එනකොට බැරිය.පන්දම් හැත්ත

    ReplyDelete
    Replies
    1. ලොක්කො තව ලොකු ලොක්කෙක් එනකොට පුටුවෙන් පෝඩ්ඩක් නැගිටලා ගරු කරන්නෙ මොකද කියලා උඹ දන්නවද? මොකද මුන්ගේ මොලේ තියෙන්නෙ වාඩිවෙන තැන...
      වෙන රටවල පුටුවෙන් නැගිටින්නෙ නැහැ.. ඔලුව පොඩඩක් නමනවා..නමුත් මෙහෙ මොලේ වෙන තැනක නිසා ගරු කරන විදිය වෙනස්..

      Delete
  9. Me lipiya hondaaaaaaaaaay.....! Kunualupa nathooooe....!

    ReplyDelete
  10. ඇත්තටම උදේ හවස කෝච්චිවල යන එන මිනිස්සු ඔය වගේ දේවල් නිසා කොච්චරනම් රස්තියාදු වෙනවද..?

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන් තෘප්තිමත් වීම කිසිසේත්ම දුම්රිය දෙපාර්ථමේන්තුවට වැඩක් නැහැ..දෙපා එකේ ගොඩක් අය කතාබහකරන්න දන්නෙත් නැති මැෂින් වගේ මිනිස්සු ටිකක්..

      Delete
  11. දැනට ටිකට් නිකුත් කරන ක්‍රමය අනුව බහින විට අනිවාර්යෙන්ම ටිකට් චෙක් කරන්න ඕන නැත්නම් මරදානෙන් දෙමටගොඩට ටිකට් එක අරන් ගිහින් නුවරින් බහින්න පුළුවන්. හැබැයි ඔය බහින විට ටිකට් එක නොදී මාරුවෙන ක්‍රම සහ එකම ටිකට් එකෙන් දහස් වාරයක් යන ක්‍රමත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් ටිකට් නිකුත් කරන්න කාර්යක්ක්ෂම ක්‍රමයක් ඕන .

      Delete
  12. Oya wede,nokerenne,oken maha %gananak kepenne ne.Anduwe kattiyage gana awoth,Heta udeth karanna puluwan.

    ReplyDelete