Saturday, October 25, 2014

මගේ මංගල දැන්වීම

කොළඹ කොටුවට නුදුරු දුම්රිය මාර්ගයක් ආසන්නයේ නිවසක බින්න බැසීමට කැමති තරුණයෙකුට මනාලියක් සොයයි. 

මීගමු කෝච්චි පාරේ නම් ජා ඇල දක්වාත්, ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දක්වාත්, කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත් සළකා බැලේ. 

විශාල පවුල් බරින් තොර වීම මනා වන අතර මාගේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවක ලිපිකරුවකුගේ වැටුපට සමාන වේ. රැකියාව අස්ථිර වුවත් වසර දහයක පටන් මේ අස්ථිර රැකියාවේ කිසිවෙකුත් ඉවත් කොට නැත. බැංකු ණය ලබාගැනීමටද හැකිය. 

යුවතිය විශාල මංගල උත්සව ආදිය ගැනීමට අකමැති වීම විශාල සුදුසුකමක් වන අතර (අවශ්‍යනම් ලක්ෂයක් දෙකක් වියදම් කර කුඩා මගුලක් ග හැක.) ගෙවල් සැදීමට සහ කාර් එකක් ගැනීමට මෙම වැටුපෙන් නොහැකි වන බැවින් ඒවා ගැන විශාල බලාපොරොත්තු නොමැති ගැහැනු ලමයෙකු වීමද වටිනා සුදුසුකමක් වේ. 

විවෘත මනසක්,මනා සිරුරක්..හුරුබුහුටි කයක්, දගකාර ජීවිතයක් වැනි ලක්ෂන වලට ලකුනු නොලැබෙන අතර (තිබුනාට කම් නැත)  ආවේනික ගන්ධයක් සිරුරෙන් හමයි නම් එයට මා අකමැති බව කණගාටුවෙන් වුවද පවසන්නට කැමතිය. 

ගෙදර දොර වැඩ නොදැනීම ගැටලුවක් නොවන අතර දෑවැද්ද නොසලකා හැරේ.. දෑවැද්ද ලෙස ඉතා කැමැත්තෙන් යමක් ලැබේනම් මවුපිය කැමැත්තට පිටුපෑම, සම්ප්‍රදායට ගැරහීම යුතු නොවන බැවින් එයට එකග වෙමි. 

රැකියාවක් නොමැතිව නිවෙස්වල සිටින විට නැති ප්‍රශ්ණ උත්පාදනය විය හැකි බැවින් කවරහෝ තරාතිරමක රැකියාවක් තිබිම හොදය.

කේන්ද්‍රයේ යෝනිය කුමක්දැයි මට වැදගත් නැත, නමුත් දෙමාපියන් වැඩිහිටියන් සහ පරම්පරා කුට්ටමේ අය කේන්දර ගැන විශ්වාස කරයි නම්ඒ සදහා කේන්දරයක් තනාගැනීමේ පහසුකම මට ඇති බැව් සතුටින් දන්වා සිටිමි. 

නිතර දුරකථනයෙක් කතාකිරීමට අකමැති හෙයින්ද, ප්‍රේම කර පළපුරුද්ද නොමැති බැවින්ද මා හට සුළු කාලයක්හෝ ප්‍රේම කිරීම කල නොහැකි යැයි සිතමි. එබැවින් හමු වූ විගස පහසු කාල වේලාවන් අනුව කසාදම බැදීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.  

මේ දැන්වීම පළ කරන්නේ මා විසින්ම වන අතර කසාද බැදීමට උවමනාව ඇත්තේද මා හටය. දෙමාපිය නෑදෑ යාලු මිත්‍රයින්ගෙන් කසාදය කිසිදු බලපෑමක් සිදු නොවන අතර අප නිවසට යන එන විට සංවරව හැසිරීමට බොහෝ ගැහැනු ලමුන්ට අපහසුවක් නොවේ යැයි සිතමි. 

මෙය කියවන ඔබම හෝ ඔබ දන්නා කියන ගැහැනු ලමයෙකු මේ ලක්ෂන වලින් බොහොමයක් සම්පර්ණ කරන්ෙන් නම් ඊ මේලයක් හරහා මට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. 

ඊමේල් නම්බරය : indika27@gmail.com

ස්තූතියි.
.(විහිළුවට ප්‍රතිචාර දක්වන ගැහැනු ලමුන් සිටීනම් ඔවුන් විහිලුවට කසාද බැදීමට ද කැමති බව මා විසින් නිගමනය කරනු ලැබේ. )

20 comments:

  1. මෙහෙම කෙල්ලෝ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. නෑ කියල පූර්ව නිගමන වල ඉන්නවාට වඩා ලේසියි නේ ටෙස් කරන එක..

      Delete
  2. උඹට අතට වේල් එකක් දාල පොටෝ එකක් ගහන්න තමා වෙන්නෙ.

    ReplyDelete
  3. උඹ වගේ එකෙක් බඳින්න නම් ඉතින් මේ ඇඩ් එක බලලා එන එකියක්ම තමා.... නැත්තම් ඉතින් මගුල් කාලා ඉවරයි... මේක ප්‍රින්ට් කරලා ඉස්ටේශන් වල අලවපන්...

    ReplyDelete
  4. "ආවේනික ගන්ධයක්...???" හපොයි එතකොට ජීවන සුවඳත් අවුල්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් එකක් නැහැ..අර මාලු ගදක් හෙම එන්නෙ සමාර ගෑල්ලමයිගෙන්..ඒක මට නම් හරි අමාරුයි...

      Delete
    2. Oya ge " Gandhaya" eyalata iwasanna puluwanda kiyalath balanna oona neda?

      Delete
  5. අනේ අපොයි... හොදා හොදා හම්බුනොත් අපිටත් කියන්න...

    ReplyDelete
  6. කිහිලි ගද එපාද?? ඒක බැන්දට පස්සේ ආවොත්...

    ReplyDelete
    Replies
    1. කිහිලි ගද නෙමෙයි බං... වෙන ආවේනික ගදක් එනවා සමාර ගැල්ලමයිගෙන්..

      Delete
  7. අපේ කළුතර මාමලගෙ පොඩි වැස්සි පට්ටි දාන්න කාලෙ හරි... උඹට ඒකිව කතා කරන්නද කොලුවො...

    ReplyDelete
    Replies
    1. උඹලයි කළුතර මාම පාවිච්චි කරන එක මට සෙට් කරන්න එපා බං..ඔන්න උන්දැටම පාවිච්චි කරන්න දීපං..

      Delete
  8. ඉක්මන් එකේ දාමු ඉක්මණට වැඩේ වේවි බන් එතකෙට..ඒත් මෙහෙම අල්පේච්ඡ කෙල්ලෙක් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි..විශේෂයෙන්ම බ්ලොග් කියවන සහ ලියන එවුන් අතරින්නම් ඔහොම එකියක් බලාපොරොත්තු වෙන්න එපා බං..අනික අන්තර්ජාලය පාවිච්චි නොකරන එකියක් කියලත් දැම්මනම් මල් හතයි

    ReplyDelete
  9. නරකද කෝච්චියේ වඩේ විකුණන ගෑණු ළමයෙක් ගැන හිතලා බැලුවොත්?

    ReplyDelete
    Replies
    1. නරක නැහැ වඩේත් නිකම්ම ලැබෙනවා බයිට් එකට..

      Delete
  10. ඔය සුදුසුකං තියන කෙල්ලෝ දන්න තැන් කිහිපයකම ඉන්නව . ඒත් මොනහිතකින් උඹට සැට් කැන්ඩද ..................................

    ReplyDelete
    Replies
    1. බැරිම වුනොත් මම අටං අයියාන්ඩිගේන සපෝට්ටුව ගන්නම් කෝ..

      Delete