Saturday, November 1, 2014

කරන කලට පවු මීරිය බැද්ද සේ

පසුගිය සතියෙ හිට්ම නිවුස් එක කොස්ලන්ද මීරියබැද්ද. එකපාර එකසිය අනූ දෙකක් සහ නිවාස පේලි කිහිපයක් සෙත්ත පෝච්චි වුනා. අපි දැන් දැකබලා ගමු ඒ සෙත්ත පෝච්චි වෙච්චි නිවාස වල තත්වය. 
1

   
2
අංක 1 පින්තූරයෙන් නාය යෑමට පසුත්..අංක 2න් නාය යාමට පෙරත් පිංතුර දැක්වෙනවා. සිද්ධිය වාර්ථාවෙන අන්දමට මේ වෙලාව වනවිට පාසැල් යන සිසුන් සහ මේ පලාතේ කොස්ලන්ද වත්තේ වැඩට යන අය ගිහින්. ඉතිරි වුන අය තමයි විපත්තියට මුහුන පෑවෙ. මේ නිවාස දිහා ගුවනින් බැලුවාම පේනවා මේවා නිවාස නෙමෙයි. ලැයින් කාමර.මේ වගේ නිවාස පේලියක පවුල් එකසිය ගානක් සහ මිනිස්සු පන්සීයකට අධික ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. 

මේ ලැයින් කාමර වල ඉන්න මිනිස්සු අයිති වත්තට. සමහර විට ලේඛන නීති රීති සහ අනෙකුත් දේවල් වලින් ඒ අය ස්වාධීන වුනාට ඇත්තම තත්වය ගතහොත් මේ මිනිස්සු වත්තෙම තියෙන ගහකොල සතා සීපාව වගේ අයිතිකාරයට තමයි ඔක්කොම ඒ මිනිසුස්න්ගේ මිනිස් අවශ්‍යතාවයන් අයිති වෙන්නෙ. මේ අපිට සුද්දා එක්දාස් අටසිය ගනන්වල ගෙනත් දීපු තෑග්ගක්. 

සුද්ද වතු වැඩට මිනිස්සු මදි නිසා දකුනු ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවා. එහෙම ගේනකොට මේ පැතිවල තියෙන ශිතලට සහ වරායේ සිට මෙහෙට එනකොට මිනිස්සු ගොඩදෙනෙක් මිය පරලොව ගියා. ඉතිරි වුන අය බහුතරය තාමත් මේ විදියට වතුවලටම වෙලා වැඩකරගෙන ඉන්නවා. 

මේ මිනිස්සුන්ට ලැෙබන වැටුප රුපියල් පන්සීයක් වගේ වෙන්නෙ. ඒ වගේම ඒ අයගේ ජලය, මාර්ග, නිවාස ආදී සියලු දේවල් සපුරන්නෙ නියමිත වෙලා තියෙන්නෙ වතු අධිකාරිවරුන්ට. 

නූතන ලෝකයේදී ව්‍යාපාර සහ වගා කටයුතු ආදි ක්ෂේත්‍රවල වහලුන් විදියට වැඩ ගන්න ක්‍රමය යල්පැන ගිහින්. ව්‍යාපාර වගා ආදිය ලාභ ලබන විට කොටසක අයිතිය ඒවායේ වැඩකරන සේවකයින්ටත් හිමවෙනවා. නමුත් මේ තේ වතු ලැයින් කාමර වල ඉන්න ඇත්තන්ට ඒ විදියට ලාභ බෙදෙනවාද? තේ වතු ලාබ ලැබීමට සාපේක්ෂව එවුන්ගේ ජීවන තත්වය වැඩි වෙනවාද? මම හිතන්නෙ නම් එහෙම වෙන්නෙ නැතුව ඇති. 

මිනිස්සුන්ට මේ විදියෙ වහලුන් විදියට සලකන එක වැරදියි. අධ්‍යාපන, ආහාර, නිවාස, ඇදුම් ආදී බොහෝ දේ ගැන මේ ජනතාවට වත්තෙන් එහා ගිහිපු මතයක් නැහැ. ලෝකයක් නැහැ. 

තේ වතු කර්මාන්තය දැන් අලාබ ලබනවා කියලා සමහර අය කියනවා. නමුත් පහතරට පැත්තෙතේ වගා කරන කුඩා තේවතු හිමියන්තේ අක්කරයකින් දෙකකින් ලැබෙන අස්වැන්න මත ඔවුන්ගේ ජිවිත ඉතාම සාර්ථකව ගෙනියනවා.ඒ පහතරට පැතිවල කුඩා ඉඩම් කට්ටි වලතේ වගා කරන අයතේ ෆැක්ටරි වලට දළු විකුනලා ගන්න ආදායමින් සැලකිය යුතු අන්දමේ ලක්ෂණ ජීවිත ගත කරනවා. 

ඒ මට්ටමටම උඩරට සහ ඌූවෙ මහා වතුයායන් වල වැඩකරන මේ දුප්පත් මිනිස්සුන්ගේ තත්වය වැඩි කරන්න අමාුරුයි. නමුත් ේත වතු ආදියෙන් එ ඒ සමාගම් ලබන ලාබයෙන් සුළු කොටසක හෝ හිමිකම මේ අසරණ සේවකයින්ට ලැබෙනවා නම් අඩුතරමෙ ඔවුන්ට දරුවෙක්ට උගන්වගන්න, ගෙයක් දොරක් නැතත් කාමරයක් හදාගන්න, විනෝද චාරිකාවක් ඉන්දියාවට ගිහින ආදි දේවල් කරගන්න පුලුවන් වෙයි. 

සමාජය දියුනු වෙනවා කියන්නෙ ප්‍රශ්ණ ඇතිවුනාම ප්‍රශ්ණ සජ්ජායනය කරන එක නෙමෙයි. අපි එතනින් එහා හිතන්න ඕනි. මේ ගැටළුවට හේතුව ලංකාවෙ ආපදා කළමනාකරණය, රජයේ වගකිව යුතු ආයතන වලටත් වඩා බැරවෙන්නෙ මේ දුප්පත් දමිල ජනතාව පත්වෙලා තිබෙන උපන්ගෙයි දෝෂය. ඔවුන් ජීවත්වෙන වතු මානසිකත්වය. ඒවා වෙනස් කරලාඒ මැරුන සහ එදිනෙදා මැරි මැරි ජීවත්වෙන කාන්ඩයත් මිනිස්සුම  නෙවද කියාල හිතන්න සහ ඒ වෙනුවෙන් පෙනීසිටින්නට  තරම් අපි සමාජීය වශයෙන් උසස්ද?

1 comment:

  1. ඉතිං ඒක හරිද අමිල.. මට හිතාගන්නවත් බෑ.. යමෙක් මේ ප්‍රශ්ණය ලැයින් ගෙවල් වල ඉන්න 'දෙමල' මිනිස්සුන්ගේ පැවැත්මේ රටාව නිසා වෙච්චි අනතුරකට ලඝු කරනවනම්.. ඔබ එසේ කරන වග නෙවෙයි මං කියන්නේ.. ඒත්..කවුරුහරි.. එහෙම කරනවනම්.. ඒක තමයි ඔවුන්ගේ උපන්ගෙයි දෝශය.. මේක ගැන පහුගිය ටිකේ ලිපි ගොඩාක් පළවුනා.. මේ මගේ අත්දැකීම.. මෙතන මූලිකම ප්‍රශ්නේ මෙවන් කඳුකර පලාත්වල ජනතාව පදිංචි කරවීම සම්භන්දයෙන් අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති එක.. අපි ඉන්න ඉඩම් මීට කාලෙකට ඉහතදී ආණ්ඩුවෙන්ම බෙදා දුන් ඒවා.. මේ සම්භන්දයෙන් කතා කිරීම ගැන ඔබට ස්තූතියි.. ජය ශ්‍රී!

    ReplyDelete