Sunday, November 2, 2014

බලා සිටියා

  මනමේ නාට්ටිය බලන්න ගමේ කොල්ලෙක් යනවා.ගියාට පස්සෙ එයාට හිතෙනවා අර දෙන්නටම කුමාරි එපානම් අනේ මටවත් එයාව ගෙදර අරං යන්න ලැබෙනවා නම් කියලා..

බලා සිටියා ඇස් නොපියා කට නොවසා..
තිරේ වැහිලා ඈ ගියෙදෝ මා හැරදා..
තාලෙට පනින්න ගී කියන්න බැරි හින්දා
මනමෙ කුමරී මාහට කමැතිද මන්දා..

රනින් මාල බන්දා නාවත්
රුවන් සේල හැරදා ආවත්
වත්සුනු පියරු පිරුන වෙස් ගැලවූවත්
මගෙ මනාපේ බොටමයි හැමදාමත්.

මෙලෝ වාසේ මනමේ කුමාරයට බෑනේ
කඩුව වැනුවත් ඌ කුමාර පැටියෙක්නේ
වැදිරජාටත් මේ ගම්බිම් දේසේ හරි නෑනේ
කුමරි මනමේ යමුද මේ ගමයා හා කරකාරේ..



මේ කවි පෙලට ලක්ෂණ තාලයක් තිබෙනවා. ඔබ තාලය අහන්න කැමති නම් යූටියුබ් වීඩියෝ එකෙනුත් අහත හැකි..  
ඒ වගේම පහත ඩ්‍රොප්බොක්ස් ලිංක් එකෙනුත් සිංදුව බාගෙන අහන්න පුලුවනි. 
https://www.dropbox.com/s/t3c32lpm3i7fja3/bala%20sitiya.mp3?dl=0

4 comments:

  1. පිස්සු බම්ප් වෙනවා ඈ! මල් හතයි. ගස් දෙකයි!

    ReplyDelete
    Replies
    1. පැට්ටො දාහතරයි !!

      මොකෝ බං උගුරෙ ජිල් බෝලයක් හිරවෙලා වගේ

      Delete
  2. උගුරේ ඉඳිආප්ප හිරවෙච්ච හඬක්නේ මූට තියෙන්නේ. හේනක අලි එලවන්න පට්ට කට හඬ

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...