Saturday, November 8, 2014

ගරාවැටීම

අපේ ගෙවල් තියෙන්නෙ මූධට කිලෝමීටර 4-5ක් දුරින්. කෙලින්ම මූදට දුර බැලුවොත් නම් කිලෝමීටර 2-3ක් තමයි ඇත්තෙ. සුනාමි ආවයින් පස්සෙ අපේ ගෙවල් දිහා හැදුවා පොඩි ස්කෝලයක්. ඒකෙ කොම්පියුටර් ඉංගිරිසි උගන්වනවා කියලා මුලින් කතාව ආවා. ඉස්සරහ පොකුනකුත් තියෙන නිසා හරි ලස්සන තැනක, ලස්සන විදියට වැඩේ පටන් ගත්තා. 

මුලින් ඒකෙ පාසැල් ලමුන්ට අමතර පංති සෙනසුරාද ඉරිද වගේම සතියෙ දවස්වලත් තිබුනා. ඒකට ගුරුවරු ඇවිත් නැටුං එහෙමත් තිබුනා. හොදට අවුරුදු දෙක තුනක් මේක දිව්වා.

එක දවසක එකපාර කොළඹින්  ලොකු සෙනගක් ආවා. ඉන් ටික දවසකට පස්සෙ දවසක ලමයිට ලස්සනට ඇදන් එන්න කියලා තිබුනා සුනාමි ආපු වෙරල දිහා හිටපු අයගේ දරුවන්ට. ලමයි ලස්සනට ඇදන් ආවා. එදා කොම්පියුටර් විස්සක් තිහක් ඇවිත් දිලිහි දිලිහි තිබුනා. 

ලමයි හරිම ආසාවෙන් අර කොම්පියුටර් එක්ක සෙල්ලං කලා. කරලා කරලා බොහොමසතුටින් ඉන්න විදියට පොටෝ එහෙමත් ගහගත්තා අර කොළඹින් ආ මහත්වරු. මම හිතන විදියට මේ ආවෙ රාජ්‍ය නොවන සංවිධානයක්. ඉතිං අර ලමයි ටික ගියත් එක්කම එදා රෑම අර කොම්පියුටර් ටික ආයෙත් බොහොම හොදින් පැක්වෙලා කොළඹ ගිහින් තිබුනා. දරුවො ටික සහ කොම්පියුටර් එක්ක ගත්ත පිංතුර ටිකත් ඒ එක්කම රට යන්න ඇති. 

අපේ රටේ වුනත් සල්ලි ඇති මිනිහාටය කියලා විශේෂ කැහිල්ලක් නැහැ නෙව පිනට දෙන්න. සල්ලි තියෙන මනුස්සයාට වුනත් දරුවන්ට තව සෙල්ලං බඩුවක් අරං දෙන්න. බිරිදට ලස්සන ඇදුමක් අරන් දෙන්න..තමුන්ගේ වියාපාර වැඩිදියුන කරගන්න, තව මොනවා හරි සංචාරයක් කාරිය යන්න තමුන්ට තියෙන අමතර සල්ලි යොදාගන්න පුලුවනි. ඒත් ඒ පිටරට ඇත්තො අනේ මේ සුනාමි විපතට පත් වෙච්චි මනුස්සයොන්ට හරියට කන්න බොන්නවත් නැතුව දරුවොන්ට සලක්නනෙ කොහොමද?  කියලා හිතල ලංකාවට සල්ලි එවලා මේව හදලා අපේ දරුවන්ට තැනක් හදා දෙන්න හිතන්න ඇති. නමුත් ඒක වුනාද? නැහැ නෙව. 

මිනිස්සු කියන විදියට ආන්ඩුව හරි දූෂිතයි. කොමිස් ගහනවා.. හරි කැතයි. මිනිස්සු ගැන හිතන්නෙත් නැහැලු. මිනිස්සුම පත්කරගත් මිනිස්සු ගැනම එහෙම කියන එක අවුල් වුනත් අපි මොහොතකට හිතමු ආන්ඩුව සවුත්තුයි කියලා. එතකොට ආන්ඩුව කලුනං රාජ්‍ය නොවන සංවිධාන ආදිය මොන පාටද? ඒවා සුදුයිද? අනේ මන්දා මං හිතන්නෙ මේ ගරාවැටෙන්නෙ දේසපාලනය හෝ පාලකයෝ නිළධාරි විතරක් නෙමෙයි. අපි හැමෝම ශිෂ්ඨ සමාජයෙන් ගරාවැටෙනවා. හැබැයි අපිටත් වඩා ගරාවැටුන අප්‍රිකානු, රටවල්, තව ආසියාතික රටවල් ගොඩාරියක් තියෙන නිසා අපි ලොකු තැනක ඉන්නවා කියලා ඉලක්කං වලින් කියත හැකිවෙයි. ගොඩාරියක් කල් යනකං. 

අද ඒ ස්ථානය පවතින ආකාරය පහත රූප වලින් බලාගත හැකිවෙයි. ෆෝන් කැමරාවෙන් ගතපු නිසා පිංතුර පැහැදිලි නැතුව ඇති. 
 












13 comments:

  1. මේ ස්ථානයේ යක්ෂයාගේ නියෝජිතයන් සැරිසරනවා. ඒකයි පාළුවට ගොස් ඇත්තේ. අඳුරේ බලවේග සමග සටන් කිරීමට ඔබට නොහැකියි. ආත්මය බේරා ගැනීමට නම් නැවත මෙම ස්ථානයට නොයන්න. නැතිනම් යක්ෂයා ඔබේ ආත්මය ගිල ගනීවි. ආත්ම බුදින්නන් සමග සෙල්ලම් කරනු එපා. ප්‍රවේශම් වන්න.

    -නොදුටු හිතවතෙක්-

    ReplyDelete
    Replies
    1. (වැනෙන )තන් සතු දිනපොත

      Delete
  2. මූද කියන්නෙ මොකක්ද ගොනෝ... තොට සිංහල ඉගැන්නුවෙ කවුද?

    ReplyDelete
    Replies
    1. මූට බනින්න එපා යකෝ, මූ ඇවිල්ලා කමෙන්ට් නැති හිඟන්නෙක්.

      Delete
  3. කවුරු කොහොම හැදුවත් ලමයින්ට අයිති තැනක්.. මෙහෙම ගරා වැටෙන්න දෙන එක නරකයි.. කවුරුත් නැද්ද බලධාරියෙක් මේ ගැන කතා කරන්න?

    ReplyDelete
  4. ඔහොම හරි තියෙන එක ලොකු දෙයක්, වටේ පිටේ එවුන් දොර ජනෙල් ටික ගලෝ ගන්නේ නැතුව

    ReplyDelete
  5. ඇත්ත කතාව. අපේ පදනමින් (shareandcare .org.uk ) යවපු බඩු තමන් කල වගේ දාපු ඇමෙරිකන් NGO එකක් ගැන මම දන්නවා. මම ඇහුවම ඒ ගැන වැරදිලා දැම්මේ, කවුරු කරත් හොඳයි ඔ වගේ කතාවක් කිව්වා.

    ReplyDelete
  6. ඇත්තට අමිල මේක ගමේ අයත් එක්ක කතාකරල සමිතියක් පිහිටුවන් මේ වගේ තැනක් ආයෙත් පවත්වගෙන යන්න බලධාරින්ටකතාකරන්න බැයිද
    හරි අපරාදයක් නෙව බං

    ReplyDelete
  7. හැම තැනම ගරා වැටෙනවා....

    ReplyDelete
  8. අඩු ගානේ මේක එළිපෙහෙළි කරලා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් තැනක් බවට හරි පත්කලොත් හොඳයි... එහෙම නැත්නම් මොන්ටිසුරියක් හරි...
    ඒකට ගමේ උන් ටික දෙනෙක් එකතු උනාම ඇති...
    ටික දවසක් ඕක හොඳින් කෙරීගෙන යද්දී, කවුරුහරි පෙත්සම් ගහයි ඒ ගැන මොකක්හරි කියලා

    එතනින් පස්සේ ඒ ගැන හොයලා බලනකොට මේක තිබ්බ විදිහටම වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ආපහු ගොඩ දාගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  9. අය්යෝ මචං, කෝ බන්, තං වැනෙන,කාලතුවක්කු කෙලින් වෙන, බස් එකේ ජැක් ගහන, රෑට බඩු ගහන කතා.?උඹට මෝල එනකං අපි ඉන්නෙ ඒව අහගන්න.මේ දවස් වල මොකෝ, හස්ත කරුමාන්තයක් විතරක් කරල පිහදාගෙන නිකා ඉන්නවයි? මම නම් කියන්නෙ බං, මෝල පිටකරන්න ඕන අරව ලියලයි කියල.අපිටත් ආතල් නෙ බං කියවනකොට.

    ReplyDelete
  10. හය්යෝ සල්ලි කියන්නෙ මේවට තමයි.

    මේව ටික දවසකින් කවුරු හරි ගලෙඔගෙන නොගියොත් තමා පුදුමෙ. ගමේ නැද්ද අඩු ගානෙ මරණාධාර සමිතියක්වත් මේක සුද්ද කරල ගන්න එකතු වෙන්න?

    ReplyDelete
    Replies
    1. නැහැ පොටෝ ගහන උන් විතරයි ඒ ගමේ ඉන්නෙ.

      Delete