Thursday, December 11, 2014

රෙද්ද මාරු කරලම බලමු නේ

අප සිතන පතන දේවල් ඒ ආකාරයටමැ සිදුවන්නේ නම් එය මෙලොව නම් විය නොහැකි යැයි පුරාණ පඩිවරුන්ගේ අදහස වන්නට ඇත. හඹායන දෙයක් අප ලබාගත්තාට පසු එහි අගයක් නැතැයි අපිට විද්‍යමාන වේ. ඉලක්කයට ලගා වූ පසු ඊටත් වඩා විශාල ඉලක්කයක් අප වෙත පහල වේ. 

බඩුවක් හෝ සේවාවක් හෝ වෙනත් කිසියම් දෙයක නැති ගතිගුණ ඇතැයි ද ඒ භාවිත කල විට බොහෝ බොහෝ වාසි ඇතැයිද පෙන්වා බඩු විකුනන්නෝ බඩු විකුනති. දැන් ඒ සදහා ඇඩ්වර්ටයිසින් යන විෂය භාවිත කරති.
මේ ධනය මූලික වූ දියුනු වෙමින් පවතින අපේ රටේ බොහෝ දෙනා බඩු හෝ වෙනත් වස්තූන් පිටුපස පිස්සු බල්ලන් වැනිව දිව යති. 

අයෙක් ගෑනු පිටුපස දුවති. විවිධ අන්දමේ ගෑනුන් කිහිප දෙනෙක් සමග රමනයේ යෙදීම මහත් වූ සැපයක් ලෙස පිරිමි බහුතරයක් සලකන්නට හුරු වී ඇත. කෘතිමව පුම්බාගත් ඔසවා ගත් මස්  සහ රූපකායන් පිරිමින්ට පෙන්වීම තුලින් ගෑනුද වක්‍රාකාරයෙන් ලිංගික උත්තේජනයන්ට පිරිමින්ට ඉඩ හසර විවර කර දෙති. ඒ මත්තේ යන පිරිමි සහ ගැහැනු ටික කලකින් ඔවුනගේ මනදොල සපුරා ගනිති. මෙය වර්ථමානයේ බෝවෙන ලෙඩක් වැනිව පැතිරේ.
එක් පිරිමියෙක් එක් ගැහැනියෙක් මැ පතාගෙන ඔහු සමගම වාසය කොට මියයෑමට සිතීම පැරණි මෝස්තරයක් වන තරමට දැන් සමාජයේ ලිංගික ආකර්ෂනය විකෘති වෙමින් තියනවා යැයි නාකි අය කියති. එහි රුදුරු බවක්ද ගැබ්වුන මතයකි.  ලෝකයේ ඇති සෑම ස්ත්‍රී ලිංගයක්ම එක සමාන නොවුවත් ඒවා වෙනස් වූ පමණින් භෞතිකව සහ සිතට දැනෙන වෙනසේ ආශ්වාදය විඳිමින් අපි ඒවාට කාලය සහ අපගේ හැකියාවන් නාස්ති කරගන අවසානයේ ලබන උපරිම විනෝදය කුමක්ද? මද ගැස්සීමකින් විනාඩි දහයකින් සියල්ල යථා තත්වයට පත් වේ.
නමුත් සමාජය මගින් වැඩි ගැහැනුන් ගානක් සමග ලිංගිකව හැසිරෙන පුද්ගලයෝ යම් කිසි පොරවල් හෝ ගෞරව බහුමාන සහිත පුද්ගලයෝ යැයි සලකති. ප්‍රසිද්ධියේ එවැන්නෝ හෙලා දැක්කත් ඔවුන් මහා විනෝදයක් ලබතැයි බහුතර පිරිස පුද්ගලිකවම සිතති.
මිනිසුන්ගේ ආසාවන්ට සීමාවක් පරක් තෙරක් නොමැති නම් ඒ මිනිසුන්ට අවශ්‍ය දේවල් සියල්ල සැපයීමට සමාජය පාලනය කරන අයට හැකිද? මා නම් සිතන්නේ කෙතෙක් දියුනු රටක වුවද මිනිසුන්ගේ ආසාවන්ට වක්‍රාකාර බැමි ආදිය ඇතිවන්නේ නැතිනම් ඒ සමාජය මහා වියරු සමාජයක් බවට පත්වේ. ඔස්ත්‍රේලියා රට වසන අයට එක්තරා සීමාවකින් එපිට වස්තුව ධනය රැස්කරගතහොත් උන්ට බදු ලෙස විශාල මුදලක් රජයට නැවත ගෙවන්නට සිදු වේ. ඔහු කෙතෙක් දුක්මහන්සියෙන් අමාරුවෙන් මුදල් හරි හම්බ කලද එසේ මාන්සි වී ධනය සෙවීම බදු නොගෙවීමට නිදහසට කරුණක් නොවේ.
ඒ නිසා ඒ රටවල ඇත්තෝ සිය ආසාවන්ට යම් කිසි සීමාවක් තබාගන්නවා ඇත. මොකද කියනවා නම් සල්ලි ගොඩාරියක් වියදම් නොකර එකරැස් කොලොත් ආන්ඩුවට නිස්කරනේ බදු  මුදල් වියදං වෙන නිසාය.
මා දන්නා කතා දෙකකි. එකක් මදක් ලස්සන වැදගත් තැනක රැකියාවක් කරන ලද යුවතියක් යෝජනාවකින් විවාහ ප්‍රාප්ත වේ. ඇය රැකියාව කරනවාට අකමැති ඒ ස්වාමි පුරුෂයා ඇයට රැකියාව නොකොට ගෙදර නවතින්නට කියයි. මද කලකින් නිවසේ වියදම සහ නව නිවසක් ඉදිකරන්නට වීම නිසා පවුලේ වියදම බැලන්ස් කරගන්නට ඔවුන් අසමත් වේ. ඔවුන්ට ඉන් පසු දරුවෙකුද උපදී. සැමියා රට යයි. ඉන් පසු වසර එකකට හෝ දෙකකට වරක් ලංකාවට පැමිනෙන සැමියා ඒ සෑම විටම එක් ළමයෙකු බැගින් ඇයට ලබා දෙයි. එසේ ළමයි ලබාදෙන්නේ රූමත් බිරිය නිකරුනේ සිටියොත් රූමත් බිරිය පිටයාවි යැයි උගේ සිතේ ඇතිවෙන කුම්මැහි කමට වේ. දැන් ඒ රූමත් යුවතිය ළමයි හතර දෙනෙකුගේ මවකි.
දැන් බිරිය ඉස්සර තරම් ලස්සන නැත. දැන් අර මිනිහා තාම රටය. ඌ දැන් ගෙදරට කතා කරනවා අඩුය. ඒ මිනිහා ට වෙන ගෑණියෙක් සිටිනවා යැයිද? ඒ නිසා අර දරුවන් හතර දෙනාට සහ පවුලට කන්න දෙන්න විදියක් නැතුව අර බිරිය දැන් රැකියා සොයයි. අහෝ... !! අර මුලින් ස්ත්‍රියට තිබූ රැකියාව අහිමි නොකර සැමියාද ඔහුගේ රැකියාව කරගෙන මහා මාලිග තනන්නට සහ ඉරිසියාව හේතුවෙන් පැටවු ගහන්නට නොගිහින් සාමෙන් සිටියානම් එය අද වනවිට එය කදිම පවුලකි...

තවත් එසේ විවාහප්‍රාප්ත යුවලකද දරුවා ඉපදීමේන පසු සැමිතොමෝ රට පනී. එහිදී ඔවුන් කරන්නේ නිවසට වාහනයක් ගැනීමයි.වාහනයත් වෙනත් වියදමුත් වැඩි වූ කල දුවාගන්නට බැරි ජීවන  එන්ජිම කටාර් කරා සංක්‍රමනය වීය. දැන් ඔවුහු කසාද බැද ඉතා දුරු රටවල එකිනෙකාගෙන් ඈත්ව වාසය කරති.

අපේ ආසාවන් අසීමිත වන කල අපේ ඒ සියලු ආසාවන් සහ අවශ්‍යතාවයන් සපුරාලන්නට පාලකයින්ට හැකිද? අමු සිංහලෙන් ඇහුවොත්, සියලුම පවුල්වලට නිවාස, සියලු මිනිසුන්ට කාර්, සියලු ජනතාවට වැදගත් රැකියා, ආදී දේ සැබැවින්ම ආන්ඩුවකට සපුරා ලිය හැකිද? තට්ටුවක නිවසක් ඇති අයට තට්ටු දෙකේ නිවාස, මරුතියක් ඇති කාර් හිමියන්ට  හයිබ්‍රිඩ්...කම්කරු රැකියා කරන අයට සුපවයිසර් හෝ විධායක රැකියා, ආන්ඩුවකට හෝ පාලක ධාරාවකට හැකිද? හැකිනම් ඒ කෙසේද?

පුද්ගලික ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් අති බහුතර ජනතාවක් සිය ඡන්දය පුද කරන විට කවර නම් වූ සමර්ථයෙකුට ඒ මිනිස්සුන්ගේ පුද්ගලික අරමුණු සියල්ල සාක්ශාත් කල හැකි වේද? ඒ නිසා අපි රෙද්ද වත් මාරු කරල බලමු. හරියයිද කියලා.

6 comments:

  1. හොඳ ලිපියක්. ලියල තියන විදිහ, රටාව සෑහෙන වෙනස්.

    ReplyDelete
  2. රචකයා ටිකෙන් ටික වයසට යමින් සිටින බව ලිපියෙන් පෙනේ!

    ReplyDelete
    Replies
    1. මම වෙලාවකට කකා ව පේන්නේ උස තැනක ඉන්න ගමන් වටපිටාවේ වෙන හැම දේ ගැනම හොඳ අවධානයෙන් බලන් ඉන්න lesser adjutant (හීං-බහුරු මානාවා) කියන කුරුල්ලෙක් වගේ...
      කකා පින්තුරේ බලන්නේ වෙනම කෝණයකින්...

      Delete
  3. මිනිස්සු ස්වභාවයෙන්ම ආසාවන්ගේ ඇලෙනසුළුය.

    ReplyDelete
  4. උපේක්ෂාව වඩන්න පුරුදු නොවීම සහ ටීවී හරහා හෝ වෙනත් අයුරකින් හෝ දකින සියළු දේ තමන් සතු කරගැනීමේ දැඩි තෘෂ්ණාව පෙර කලට වඩා දැන් වැඩිවෙලා...
    උඹ දැන් යමක් ලියනවා...
    ජය...!

    ReplyDelete
  5. හොඳ ලිපියක්. ගොඩක් පවුල් ප්‍රශ්න වලට මුලත් ඕකම තමයි. මේ ප්‍රශ්න වලට මදිවෙන ළමයි ගැන කවුරුත් ලියල නැත්ද?

    ReplyDelete