Saturday, December 20, 2014

හපුතලේ හරහා නුවර එළියට

මටත් ටිප් කක් යන්න ඕන වුනා. නුවර එළියෙන් යාලුවෙක් එකතු වෙන්නං කියලා කිව්වා. මහරගමින් පාරට ඇවිත් කොටුවෙන් උදේ පාන්දර පහමාරට හයට විතර තියෙන බදුල්ල කෝච්චියෙන් නානුඔයට ගිහින් යන්න ඕනි කියල මුලින්ම හිතුවා. නමුත් නානුඔයට යනකොට දොළහමාර විතර වෙනව දවල්. ඒ නිසා වෙනත් පාරක් හිතුවා.

මං මහරගමින් නැග්ග බදුල්ල එක්ස්ප්‍රස් බස් එකක. බැස්ස හපුතලෙන් ඉන් පස්සෙ ගිහා නුවරෙළි.
මෙ තියෙන්නෙ කලුපහන හන්දිය. රත්නපුරේ පහුකරලා කදුකර පැත්තෙන් ඇතුලට යන කොට සුන්දර දසුන් බොහොමයි. සීතලත් මේ දවස්වල ටිකක් සැරටම තියේ.
ලස්සනට පාර හැදිල තියෙනවා මග නැගුම රටේම ක්‍රියාත්මක වෙන නිසා අපාසුවක් නැතුව යත හැකි ඕන තැනක. නමුත් ඉතිං කොයි විදියට හැදුවත් වංගු නෙව මේ පාරවල් වල. ඒ වංගු ගතිය නිසා බස් එකේ යනකොට ටිකක් ඇගට දැනෙන අපහසුව කෝච්චියෙ යනවාට වඩා වැඩියි.
හපුතලේට එනකොට දහයට කිට්ටුයි. කෝච්චිය දහයමාරට විතර තිබුනෙ. ඉතිං ස්ටේෂන් එකට යන පාරෙම තිබුනා මුස්ලිං හෝටලයක්. ජාතිය ආගම දන්නවයැ කටින් පහලට යන කෑමවල..ඉතිං මං ගොඩවුනා. පරාට කන්න කඩලකරිය, පරිප්පු හොදි, ලුනුමිරිස්,මස් හොදි කියන ජාති හතරම තිබුනා. පරාට හතරක්ම කෑවා.රුපියල් සීයයි ගාන. සාපේක්ෂව පට්ට ලාබයි.අනික පරාට උණුවටම තිබුනා. 
නානුඔයට ටිකට් එකක් අරං හපුතල ස්ටේෂමට ගොඩ උනා..
හපුතල ස්ටේෂම මල් වවල ලස්සට තිබුනා. හීතල දවසක් වගේම අහසේ වලාකුලු නැති දවසක් වුන නිසා හරිම සුන්දර විදියට පොටෝ ටික ගහගන්න ඇහැක් වුනා. 



 හපුතල ඉදලා නානුඔයට දිග කොට උමන් මාර්ග රැසක් තියෙනවා. ස්ටේෂන් සෙට් වෙන්නෙ තුනයි. නමුත් භූමි දර්ශනය සහ උමන් මාර්ග නම් බොහෝමයි. එකක් තිබුනා ඒක ඇතුලෙ මං හිතන්නෙ විනාඩියක් දෙකක් විතර කෝච්චිය ආවා. ඒතරං දිගයි. 
හපුතල ඉදලා නානුඔයට එද්දි ඉදල්ගස්හින්න, නානුඔය, ඔහිය, අඹේවෙල වගේ කදුකරයේ වැදගත් දුම්රිය ස්ථාන කිහිපයක්ම හමු වෙනවා. මේ ඒ වගේ දුම්රියස්ථානයක අනික් පැත්ත. 
 පහුගිය වතාවක අපි ඔහියට ඇවිත් ඒ මැදින් ගියා පයින්ම හෝටන් තැන්නට. ඒ වතාවෙදි අපි මේ ඔහිය ස්ටේෂමට එහා පැත්තෙ තියෙන කඩෙන් කෑවා. එතකොට සුද්දෙක් කුත් ඇවිත් උන්නා කඩෙන් කන්න. කතා බහ කලාම තේරුනේ ඌසල්ලි හයමින් තියෙන. ඒත් කටු කකා ඇවිදින්න ආස එකෙක් කියලා. මේ පිංතුරෙ ඉන්න පොඩි ගෑනු ලමයා එතකොට ටිකක් පොඩියි. මගේ මතකය නිවැරදි නං මේ පොඩි ගෑනු ලමයාගේ ලස්සන පිංතුර සහ වීඩියෝ ටිකක් සුද්දයි කැමරාවෙ ලස්සනට සටහන් වෙලා තිබුනා. මෙයා මොන්ටිසෝරි ඩාන්ස් එකක් දමල තිබුනා සුද්ද කොර වෙන්න
 කදුකර පලාත්වල තවමත් පැරණි වාහන වලට හොද තැනක් තියෙනවා. මේ වගේ වාහන වල වතු සහ ලැයිම් වල ජනතාව යනවා. ඒ අය සමහර විට ජීවිත කාලෙ තමුන්ගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය විදියට පාවිච්චි කරනවා ඇත්තෙමේ වගේ ලොරි බාගයක්හෝ කැන්ටරයක පිටුපස්ස කොටසක් වෙන්න ඇති. 
කදුකරයේ සමහර නිම්න වලින් දුම්රිය යද්දි මිටර පනහ හැට උසපාලං තියෙනවා කෝච්චි පාර යන්න. ඒ වගේ තැන්වලින් පහල බලනකොට බයත් හිතෙනවා. 



ගොවිතැන්..සංචාරකයින්.. අලංකාර භූමි දසුන්.. ආදිය පිරුනු පොටෝ ගොඩාරියක් වැදිල තිබුනා. නමුත් ඉතිං  ටිකක් දැම්මාම මැදැයි...

22 comments:

  1. සිකේ පුංහල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහත්මයා පුකේ තියෙන ඇස් දෙකෙන් පෝස්ටුව බැලුවාට..

      Delete
    2. බ්ලොග් පොස්ට් ලියන අය නොයෙක් භෂා රටාවන් භාවිතා කරනවා. සමහරු ගැමි වහර, නාගරික "බජාර්" භාෂාව වගේ. ඔය අතරෙ කාට හරි ව්‍යක්ත සිංහලෙන් , නැත්නම් හෙළ හවුලේ ශුද්ධ සිංහලෙන් බ්ලොග් ලියන්න අවශ්‍ය නම්, එයටත් අවකාශ තියෙනවා.

      වැඩිය කමෙන්ට් නොකලාට , නොවැරදීම මේ බ්ලොග් එක කියවන මට තේරෙන දෙයක් නම්, රචකයා ඔහුගේ භෂා රටාව වෙනස් කරන්න සූදානම් නැති බව. එය වෙනස් කල යුතු යැයි, මා නොසිතන්නේ, ඔහු කියන දේ , අපට කිසිම අපහසුවක් නැතිව තේරුම් ගතහැකි අතර, දැනට සීඝ්‍රයෙන් වියැකෙමින් පවතින, පැරණි බ්ලොග් රචකයන් අතරේ, ‍රැඳී සිටිමින්, අපට කියවන්න යමක් ඔහු ලබා දෙන නිසයි.

      Delete
    3. නරිමොටාගෙ කතාවට එකඟයි. මෙලෝ රහක් නැති ලිපි උසස් බසින් ලියන උන් වගේම රහ දේ හඩු බසින් ලියන උනුත් මෙතන ඉන්න ඕන. බස වැරදුනාම විවේචනය කරන එක සහ පෙන්නල දීම හොඳයි, කියවන අනෙක් අයට හෝ යමක් ඉගෙන ගන්න, නමුත් නිකං අපහාස විතරක් කිරීම අනුමත කරන්න බෑ.

      Delete
    4. මහත්වරුනි. මටනම් හිතෙන්නේ ඇනෝගෙ කොමෙන්ටුව වැටී තිබෙන්නේ මේ භාශාව සම්භන්දයෙන් නොව මෙන්න මේ කොටස වෙනුවෙනුයි..
      \\මුස්ලිං හෝටලයක්. ජාතිය ආගම දන්නවයැ කටින් පහලට යන කෑමවල..ඉතිං මං ගොඩවුනා\\
      කතාවෙන් ඒ කොටස ඉවත් උනානම් හොඳයැයි මාත් විශ්වාස කරනවා..

      Delete
    5. කෑම උගුරෙන් පහලට යනවිට ජාතිය ආගම බේධයකින් තොරව ඒ සියලු කෑම ආහාර ජීර්ණ පද්ධතියට එකතු වෙනවා. මට කියන්න ඕනි වුනේ ඒකයි.. අනික මම කිහිප වතාවක්ම මේ බ්ලොග් එකේම කියාල තියෙනවා ඔය කඩවල් තෝර තෝර ජාති ආගම් තෝර තොර ෂොපින් කරන එක වැඩකට නැති දෙයක් කියලා..

      Delete
  2. අමිල.............................

    අැත්තම කියනවා නම් කුරුටු ගෑ ගී පවුරේ ලියන මම (තුෂාර) දැනට පදිංචි වෙලා ඉන්නේ දියතලාවේ... මීට මාස 2 කට කලින් මං මාස කිහිපයක් ම හපුතලේ ගෙයක් අරන්ම පදිංචි වෙලා හිටියා.. මේක මගේ ජීවිතේ තිබුණ ඒක හීනයක්...... හපුතලේ ස්ටේෂන් ඒකට යන්න කලින් බස් ඒකෙන් බැහැලා ටවුමේ පල්ලෙහා පැත්තට ගිහිං පේන ලස්සන දර්ශනය බැලුවේ නැත්ද????

    හපුතලේ ඉදලා නුවරඒළියේ යනවා කියන්නේ සුපිරි ගමනක්... මං අාසාවට ම දවසක් උදේම නැගිටලා හපුතලේ ඉදලා උදේ 7.35 ට විතර තියෙන නුවර කෝච්චියේ නුවරඒළියේ ගිහිං අාවා....... ඒ් ගමන ගැන ඉතින් කියලා වැඩක් නැහැ... මේ දවස් ටිකේ නම් හපුතලේ දියතලාව පැත්තේ හොදට ම වහිනවා... ඒළියට වත් බහින්න බැහැ... සීතලයි කෙලවරක් නැහැ........... අලුත බැදපු කපල් වලටනම් හොදයි............ වෙන මුකුත් ම කරන්න බැරිවෙයි ඒ අැරෙන්න........... හිකිස්

    ReplyDelete
    Replies
    1. හුම්..අලුත බැන්දෙ නැතත් බදින්න ඉන්න අයටත් වරදක් නැහැ..වැරදි කලේ නැතත් කරගන්න හිතෙන වටපිටාවක්..

      Delete
  3. කිසි කෙනෙක් නුවර එළි යන්න නොහිතන පාරක්!

    හැබැයි මම ඔහොම ගියානම්, බස් එකේ පේරාදෙණියට ගිහින්, එතනින් කෝච්චියෙ නානුඔය යනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මතං..........................

      පේරාදෙණියෙන් නුවරඒළියට කෝච්චියේ යන ගමනත් නියමයි තමයි......... ඒත් හැටන් යනකල් ඒච්චර ලස්සනක් නැහැ..... ඒහෙනම් නාවලපිටියට ගිහිං කෝචිචියේ ගියත් හරි............ ඒතනින් ඒහාට නම් නියමයි........ හැටන් වලට පස්සේ යන පාර ගැන ඉතින් කියලා වැඩක් නැහැ.............. මං මෑතකදී කීප පාරක්ම ඔය පාරේ ගියා............ දියතලාවේ ඉදලා ෙප්රාදෙණියට අාවා................ අර ටික තමයි නියම................

      Delete
    2. කොටුවෙන් උදේ ම තියෙන බදුලු කෝච්චියට නැංගා නම් දවල් 1230 වෙනවා නානුඔයට එද්දි. නමුත් මම 1130 වෙනකොට නානුඔයට ආවා රවුමෙන් ඇවිත්..

      Delete
  4. මුලින්ම දැක්කම මං හිතුවේ හපුතලේ සිට නුවර එළියට බස් එකේ ගිය ගමනක් ලෙසයි.. මොකද ඉතා දුශ්කර නමුත් අලංකාර බස් මාර්ගයක් තියෙනවා හපුතලේ සිට බොරලන්ද, වංගියකුඹුර, කලුබුළුලන්ද, බෝගහකුඹුර, කැප්පෙටිපොල හරහා නුවර එළියට.. චන්ද කාලෙට පමණක් දේශපාලකයොන්ගේ ඇස ගැටෙන.. වර්ෂා කාලයේනම් පළපුරුදු රියදුරෙක් හැර මුලින්ම යන එක එච්චර ඇඟට ගුණ නැහැ.. වෙලාවක් තිබුනොත් ලියන්නම් ඒ සුන්දර වටපිටාව ගැන..

    ඔහියට පස්සේ අඹේවෙලට පෙර හම්බවෙනවා නේද පට්ටිපොල දුම්රිය ස්ථානය.. එය තමයි ලංකාවේ ඉහළින්ම පිහිටල තියෙන දුම්රිය ස්ථානය.. මතක් කිරීම වටිනව.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හ්ම්.................. හපුතලේ ඉදලා බොරලන්ද හරහා කැප්පැටිපොලට ගිහිං නුවරඒළියට යන්නත් පුළුවනි බස්ඒකේ.............. ඒත් බොරලන්නදට ගිහිං අායෙම කැප්පැටිපොළට යන්න වෙනවා... ඒකම බස් ඒකක් නැහැ.... නැතිනම් වැලිමඩට ගිහිං තමයි යන්න වෙන්නේ.......... පාර අබලං.......... වටපිට ලස්සනයි.....................

      Delete
    2. හපුතලේ සිට වැලිමඩ හරහා නුවර එළි ගියා පහුගිය වතාවක. මොනවා වුනත් ඔය පැත්ත හරි ලස්සනයි.. ඒ ගමනෙදි නම් මීට වඩා ගොඩක් තැන් බලන්න ගියා..

      Delete
  5. මට පාරවල් ගැන එච්චර මතකයක් නෑ.නමුත් එක පාරක් අපි මන්දාරම් නුවර ගිය වෙලාවේ මන්දාරම් නුවර ඉඳන් නුවර එළියට ගියා.ඒකත් ලස්සන පාරක්

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලෙ බ්ලොග් සහෘදයො වගයක් බයික් වලිං ගියා එඒ වගේ පාරක.මතක විදියට කලුපහනින් තමයි එයාල පටන් අරං තිබුනෙ. . අපි එකපාරක් පයිං ගියා නන්පේරියල් හෝටන් තැන්න හරහා ඔහියටම මේ පැත්තෙ ඉදලා.. ඒකත් පට්ටම ටුවර් එක..උදේ හයට පට්න ගත්ත එක රෑ හත විතර වෙලා ඔහියට එද්දි..

      Delete
    2. දැන් කැප්පෙටිපොල ඉඳල බොරලන්දට යන පාර ලෝලුකරගෙන යනවා. ඊට පස්සේ එක කාපට් කරාවි.
      සමරසේකර

      Delete
    3. ඔව් ඔව් කාපට් කරාවි. එතකොට නං බොහොම හොදයි නේද? කැප්පෙටිපොළ ඉදලා උඩුබාදන හරහා,මාදෝවිට හංදිය පහු කරන්,කළුබුලුලන්දත් පහු කරන් බොගහකුඹුර හරහා සුටුස්‌ ගාලා බොරලන්දට ගියෑකි. ඒකොල්ලා එතනින් තවත් කොහාට හැටි ගියෑකි.

      එස් ඒ ආර් බන්දුසේන-රාජා

      Delete
  6. ඔය පැත්තේ ඉතින් අපිට වැඩිය යන්න හම්බු වෙලා නැහැ. එත් දැන් අවුරුදු හතකට විතර කලින් ඔය කළුපහන හංදීයෙන් ගලා බහින වතුර පාරෙන් අපේ සැට් එකක්ම නාලා එහෙම ගය මතකයි.

    ------
    විස්තරේ නම් මාරු.

    මොකක්දෝ ටයිපෝ සීන් එකක් තියෙනවා වගේ. පොඩ්ඩක් හදා ගත්තොත් තමයි වටිනාකම.

    ReplyDelete
  7. අපිත් සැරයක් ඔහියේ ඉඳන් පයින් කැලේ අස්සෙන් ලෝකාන්තයට ගියා... ඊට පස්සේ ලෝකාන්තේ ඇවිදින රවුම ගිහින්, ට්‍රිප් එකක් ආපු බස් එකක්වත් අපිට ලිෆ්ට් එකක් දෙයි කියලා හිතලා පයින් ආවා පාර දිගේ... මොන ලිෆ්ට් ද... ඔහියටම පයින් ආවා.. සම්පූර්ණ වටය කි.මී. 28 ද කොහෙද කියලා ගණන් බැලුවා.

    ReplyDelete
    Replies
    1. තිසර, අපි 96 දි ලෝකාන්තෙ ගියා තඩි බස් එහෙක හෙන සෙට් එකක්. පට්ටිපොලින් පස්සෙ වැඩි හරියක් කලේ වංගුවල බැහැල අඩා තිය තිය බස් එක උඩට ගන්න සපෝට් කරන එක. කෝම හරි උඩටම ගියා. ෆොරස්ට් එකේ උන් කිව්ව විදිහට ඒ පළවෙනි "කෝච්" එක උඩටම ආව.

      හිතාගන්න කෝච් එකේ තරම, 1997දි කඩුවෙල කොල්ලුපිටිය (177 ) දුවපු ලඩි ලේලන්ඩ් බස් එකක්.

      Delete