Wednesday, December 24, 2014

ලිපේ සිට මඩවලට ඇති දුර

"ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත් ශාරීරිකව ඊට සකස් වීමේ හැකියාවක් ගෙම්බාට නැත. දැන් ගෙම්බා වතුර භාජනයෙන් එළියට පනින්ට බලයි. එහෙත්, එතෙක් වෙනස් වෙමින් පැවති වතුරේ ඌෂ්ණත්වයට හැඩ ගැසීම සඳහා දරණ ලද ප‍්‍රයත්නයේ විඩාව නිසා ඌට දැන් වතුරෙන් එළියට පැන ගන්නට හයියක් නැත. තව මොහොතකින් ඌ මියයයි.
දැන්, මේ ගෙම්බාගේ මරණය සිදුවුණේ කෙසේදැ යි කෙනෙකු ඇසුවොත් බොහෝ දෙනා දෙන පිළිතුර වන්නේ, උතුරන වතුරට පිළිස්සීමෙන් ඌ මියගිය බවයි. එහෙත් සැබෑව එය ද? නැත. ඌ මියගියේ, භාජනයෙන් එළියට පැනීමට තීරණය කළ යුතු සැබැ මොහොත උගෙන් මගහැරී ගිය බැවිනි.
ලංකාව අද ගමන් කරමින් සිටින්නේ ඉහත කී ගෙම්බාගේ නිමේෂයේ බව පැහැදිළි ය. එක්කෝ අප දැන්ම මෙතැනින් පැනගත යුතුය. නැත්නම්, සමාජයක් වශයෙන් ගෙම්බාගේ ආනිසංසයට යට විය යුතුය"
~ගාමිණී වියන්ගොඩ

ටැංකිවල ගෙම්බන් ඉවත්කරන හමුදා සෙබලු
 මේ ඉහත කතාව පටන් ගන්නේ ගෙම්බා වතුර භාජනයක බහා ලිප තැබීමෙනි. ඊට පෙර අප විසින් ගෙම්බෙකු අල්ලා ගත යුතුව ඇත. ගෙම්බකු අල්ලා ගෙන ගෙම්බා ලිපතබා පියන ඇර වතුර රත්වන අවස්ථාවේ ගෙම්බා එලියට පැන්නත් ඌට නිදහස ලැබීමට සහ ගෙම්බාගේ ජීවිතය පෙර පරිදි සුවෙන් ගෙවීමට ගෙම්බාට හැකිවේද? ගෙම්බා ප්‍රාර්ථනා කරන සැපය උදුන අසල තිබේද? 

අප අද මුහුන පා සිටින්නේ උනුවතුර මත සිටින ගෙම්බකු මුහුන පාන ලද ස්ථානකයැකැයි වියන්ගොඩ උන්නැහේ පවසයි. වියන්ගොඩද, රනිල් වික්‍රමසිංහද,සෝභිත හිමිද, චම්පික උපාසකද,හිටපු ජනපති චන්ද්‍රිකා නෝනාද, සරත් පොන්සේකා මහතාද අප මුහුනපා ඇත්තේ මහා විනාසයකට යැයි අපිට කියති. නමුත් එය සත්‍යක්ද? 

රට අසාර්ථක ව්‍යාපෘති මගින් පැලැස්තර මගින් උඩුදුවා ඇති සමයක ඒවා සමාජ අසාදාරන මගින් වැසිය හැකි සීමාවක් ඇත. පොදු මහජනතාවට ඇගිල්ලෙන් ඇන ගෙම්බන් උදාහරණයට ගෙන ,,සංඛ්‍යාෙල්ඛන වලින් ප්‍රස්ථාරගත කොට,, දූෂණය භීෂණය ඉදිරිපත් කොට ජනතාව අවධි කල යුතුයැයි රාජපක්ෂ රජය විවේචනය කරන ප්‍රධාන ධාරාව සිතයි. 
නමුත් අප එසේ කල යුතුද?එසේ කිරීම කෙතෙක් සාර්ථකද?

රටේ පොදු මහජනයා පවතින රජයට විරුද්ධව යන්නට ඇත්තේ සරල හේතුන් නොවේ. එ් සදහා සංකීර්ණ හේතු සමුදායක් ඇත. විධායක ජනාධිපති ක්‍රමයට එහා ගිය තමුන්ගේ පුද්ගලික අරමුණු වලින් යුතු රාමුගත හේතුවක් සෑමඡන්දයකටම පාහේ ඇත. නමුත් සියල්ලෝ ඒ පුද්ගලික අරමුණ සගවා පිටතට ඉතාමත් යහපත් පෙනුමක් පෙන්වති. 

මා මේ මැතිවරණයට විරුද්ධය. පවතින මැතිවරණයෙන් කවරකු යලි පත්වුවද ඇතිවන්නේ ප්‍රතිසංස්කරණ බිහිකල හැකි ප්‍රබල තත්වයක් නොවේ. හුදෙක් පවතින මජර ක්‍රමයටම තවත් පැලැස්තර සහ සහනාධාර පොම්ප කරන තවත් අජපල් ක්‍රමයකි.ඒ හැරත් පවතින රාජපක්ෂ ක්‍රමයේ සියලු අමණ කම් බහුතර ජනතාවගේ කදට බඩට තවමත් දැනී නැත. ඒ දැනෙන දිනය වන විට ආන්ඩුව මාරු වි තිබුනොත් ඒ වනවිට පවතින ආන්ඩුව ඒ සියලු දේවලට වග කිව යුතු වනවා ඇත.

සරලම උදාහරනයකට ගත හොත් කිසිදු ආදායමක් සෘජුව උපයන්නේ නැති රාජ්‍ය අංශයේ කන්තෝරුවලට පිරිස් ලක්ෂ ගනනින් බඳවා ගෙන ඇත. ඉදිරියේ මූළ්‍ය අර්බුධුයක් ඇති වුවොත් මේ පිරිසට වැටුප් ගෙවීම විශාල ගැටලුවකි. එකල්හී රජය එක්කෝ මේ පිරිස වන්දි දී ඉවත්කල යුතුය. නැතහොත් ඔවුන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම සිදුකල යුතුය. මෙසේ රජයේ සේවකයින්ට පඩි ගෙවීමට නොහැකි දිනය ඇතිවන්නේ මෛත්‍රි පාලනයක් යටතේ නම් එහිදී සියලු කුනුහරුප අහන්නේ ඒ පාලනය වේ. එවිට පවතින්නේ රජපස පාලනය නම් එවිට ඒ බැර රාජපස පාලනයට මැ යොමුවෙයි. 

රත්වුනු වතුරේ සිට ලිප උඩට පැන්න ගෙම්බා වතුරෙන් තැම්බීමට  වඩා ... ලිපට වැටුන කල වඩාත් ආතල් සහිත වේද? 

අප තරම් නොදියුනු රටවල සිනමා කාරයෝ නලුවෝ නිලියෝ සිනමාව ගැන කතාකරති..සිනමා කෘති ගැන කතාකරති. විදුලි ඉංජිනේරුවෝ විදුලි බලය ගැන කතාකරති, බලශක්තිය ගැන කතාකරති. භෞතික විද්‍යාඥයෝ ඒ විද්‍යාව ගැන අදහස් දෙති..පරීක්ෂණ කරති. සාහිත්‍යකරුවෝ සමාජයේ විශාල ඇස්වලට නොපෙනන සියුම් දෑ මනුෂ්‍ය සිත් වලට කාවදින්නට හැකි ලෙස ඉදිරිපත් කරන්නට උත්සාහ කරති, මාධ්‍යවේදීහු ප්‍රවෘත්ති ආදිය මහජනයාට ලබාදීමට දිවි දෙවනුව තබා ඉදිරිපත් වෙති. ඒ නොදියුනු රටවල සමාජයේ ඉහල තැන්වල  ඇත්තෝ තම රාජකාරින් මනාව ඉටුකර ඒ ගැන කතාකරති. ඉතාම සුළු පිරිසක් පමණක් දේශපාලනික මත දරා ඒ කෙරෙහි ඇදේ...

නමුත් ආශ්චර්ය දේශයේ සියලු දෙනාම දේශපාලනයම කතා කරති. මෘදුකාංග ඉංජිනේරුවරුද,දත්දොස්තරලාද, හෙදියෝද, කවි කාරයෝද දේශපාලනයම කියවති. සියලු ක්ෂේත්‍රයන්හී බුද්ධිමතුන් සහ බලවතුන් එකතු වී දේශපාලනය නැමැති  රත්වන මුට්ටියට සාමාන්‍ය වැසියන් දමා එයින් ගොඩට එන්නට මාර්ග කියා දෙමින් විමුක්ති මාර්ගය පෙන්වන්නට හදති. සකල බුද්ධිමතුන්ගේ රාජකාරිය ගෙම්බන් සහිත මුට්ටි ලිපෙන් බෑම යැයි කෙනෙකුට සිතුනොත් එහිද වරදක් නැත. 

ආශ්චර්යට තවනම් දුර නැත. මේ පේන තෙක් මානයේය. අපිඑය එනතුරු සිටිමු.

8 comments:

  1. ලිං මැඩියන්?

    ReplyDelete
  2. තම තමන් තම තමන්ගේ වෘත්තිය ගැන කතා කළ යුතුය... ඒසේ ම සියලු දෙනාට ම බලපාන්නා වූ දේශපාලනය ගැන ද මනා අවධානයකින් සිටිය යුතුය.. ලංකාවේ දී ඒය අැත්තට ම සක්‍රීයයි.. ඒය වරදක් නොව.. මහා හොදකි..... අදේශපාලනික බුද්ධිමතුන් තමන්ගේ වෘත්තිය හරියට කරාට රට සමග ඒය ගලපන්නට හෝ රටේ අවශ්‍යතාවය මත තම දැනුම භාවිතා කරන්නට නොදනිති... ඔවුන් මෙන් නොව ලංකාව තරමක් හෝ දියුණුය.... දේශපාලනික සංවාදය වරදක් නොව.... ඒය වැදගත් දෙයකි.....

    ඒකනේ අැරිස්ටෝටල් කියන්නේ හැම කෙනෙක් ම දේශපාලනික සත්වයෙක් කියලා.....

    වියන්ගොඩ කියන කතාව තුළ බහුතරයකට දැන්ම නොතේරෙන මහා අැත්තක් තියෙනවා... ත්‍රස්තවාදය විනාශකාරීයි... ඒකාධිපති පාලනයන් ඊටත් වඩා විනාශකාරියි......

    ReplyDelete
    Replies
    1. fවෘත්තිකයින්ද පක්ෂ දේශපාලනයට සහ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එකතුවිය යුතුයි. නමුත් ඒ විතරක් මදි රටක් වගේ ලොකු පද්ධතියක් හොදට රන් කරන්න..ඒ ඒ වෘත්තින්හි දේශපාලනික භාවිතාව තුලින් යමක් නිර්මාණාත්මකව කරගත යුතුයි. උදාහරණ විදියට දන්න කියන කාලෙ ඉදලා නලු නිලියෝ කඩේ යනවා දේශපාලනයට. නමුත් එදාට වඩා අද සිනමාව කලාව ඉදිරියෙන් ඉන්නවද? ලෝක මට්ටමේ ජනප්‍රිය කෘති ඇතිවෙනවද? ගුණාත්මක බව වැඩිවෙලාද? නෑනෙ.. පක්ෂ දේශපාලනයට රෙදි නැතුව කඩේ යෑම විතරක් මදි ඔවුන් තමුන්ගේ ක්ෂේත්‍ර දිහා ගැඹුරු දේශපාලනික දැක්මකින් බලන්න ඕනි. නමුත් මෙහෙ නොවෙන්නෙත් ඒක..

      Delete
  3. සමාජයම දේශපාලනය ගැන අවදියෙන් සිටියට තවම හරි පාලකයෙක් නැහැ. වතුර රත් වෙන බව ඇත්ත නමුත් පනින්න තැනක් නැහැ වටේටම තියෙන්නේ වතුර නටන භාජන විතරයි. ඔය ලේසියෙන් පනින්න තියෙන පොදු මුට්ටියේ තියෙන්නේ නටන වතුර නොවේ ඇසිඩ්

    ReplyDelete
    Replies
    1. පොදු මුට්ටිය සාපේක්ෂව හොද විකල්පයක්. නමුත් ඔවුන්ට පවා ප්‍රධාන වශයෙන්දූෂණය නැති කරන්න රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රට දියුනු කරන්න ක්‍ර්‍මවත් තිරසාර වැඩපිලිවෙලක් නැහැ..කළුනිසා යකාඅයින් කරමු කියන තැනට විතරයි අපේ දේශපාලනය අද වෙනකොට පැතිරිල තියෙන්නෙ.

      Delete
  4. උඹ ගෙම්බවයි වතුර හට්ටියයි නියමාකාරව දැකපු බවක් පේනවා...

    ReplyDelete
  5. මොන තියරියකින් හරි අන්තිමේ ගෙම්බා මැරෙනවානම් එයින් වැඩක් නෑ.. වටේම් තියෙන්නේ හැලි වෙන්නැති කියල හිතල පනින්නේ නැතුව හිත හිත ඉඳල මැරෙනවට වඩා උත්සාහ කරන එක හොඳයි මගෙ හිතේ නම්..

    ReplyDelete
  6. බොයිලින් ෆ්‍රොග් සින්ඩ්‍රෝම් !

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...