Saturday, December 13, 2014

ගොවි රජ්ජුරුවෝ

ලෝක ඉතිහාසය දිහා බැලුවාම සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා ඉක්මනින් දියුනු වුනා කියලා පේනවා.. තවත් රටවල හිටපු අය යුද්ධ ශක්තියෙන් අනික් ජාතින් වලට වඩා දියුනුවුනා. දියුනු වෙනකොට ජනතාවට අවශ්‍යතා වැඩි වෙනවා. ඒවා සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු අලුත් ලෝකයක් සොයාගෙන යන්න පටන් ගන්නවා. 


ඒ නැතත් මිනිස්සු ඇවිල්ලා ආක්‍රමන වලට ප්‍රිය ජාතියක්. තවත්  ජාතියක මිනිස්සුන්ව යටත් කරගෙන සිටීම අභිමානයක් විදියට දකිනවා. කවර හේතුවක් නිසා හෝ යටත් විජිත පවත්වාගැනීම කියන කාරණාව විවිධාකාර ස්වරූප වලින් අද පවා ලෝකයේ තියෙනවා. 

අශෝක රජතුමාට කෙලින්ම නෑ කම් කියපු නමුත් නියම අග බිසවගේ දරුවන් නොවුන දෙදෙනෙක් ආගම පතුරුවන්න මිහිදු සහ සංඝමිත්තා ලෙස  ලංකාවට එනවා. ඇවිත් ධාර්මික තත්වයකට ලංකාව එදා පත් කරනවා. නමුත් ඒ තුල අශෝකගේ උපක්‍රමික යටත්විජිතවාදී ආකල්පයේ මුහුනුවරක් ගැබ් වෙලා තියෙනවා කියල මටහිතුනා...

යටත් විජිත යටත් කරගත්තාට හැම යටත්විජිතයක්ම ඒ බලවත් රටවලට වාසි දායක මට්ටමක තිබුනේනැහැ. උදාහරණ විදියට ආයිත් ලංකාවම ගත්තොතින්. සුද්දා 1815 දි ලංකාව යටත් කරගන්න කොට නිවර්ථන සරුසාර රටක් ලෙස ලංකාව පැවතුනාට ලංකාවෙ නිසි මාර්ග පද්ධතියක්..විනයක් ..නීතියක් ..තිබුනෙනැහැ. ඉතිං ඒවගේ රටක් පාලනයට අපහසුයි. ඒ නිසා ඒ අය නීති. මහාමාර්ග, ආදී දේවල් ලංකාවට හදුන්වා දෙනවා. 

බොහෝ යටත් විජිත යටත් කරගත්තායින් පස්සෙ ඒ යටත් විජිත වල හිටපු මිනිස්සුන්ගේ ජීවන රටාවන් උඩු යටිකුරු වෙනවා. කවදාවත් අර යටත් කරගන්නට මූලිකවුන පිරිසට තමුන්ගේ ඔරිජිනල් රටේ සංස්කෘතිය යටත් විජිත තුල ඒ ආකාරයටම ඇතිකරන්න හැකියාවක් නැහැ. නමුත් බොහෝදුරට ඒ යටත් කරගන්න අය තමුන්ගේ සංස්කෘති, ආගම, සිරිත් විරිත් ආදී දේයටත් විජිත වලට පොම්ප කරන්න උත්සාහ ගන්නවා. ඉතිං ඒ යටත් විජිත වල එතෙක් පැවති සිරිත්විරිත් සහ සංස්කෘතිය අර පිට සංස්කෘතියත් එක්ක එක්කාසු වෙලා අලුත්ම ජාතියෙ සංස්කෘතියක් හා ජන ජීවිතයක් ඒ යටත් විජිත වල ඇතිවෙනවා. 

ප්‍රබල රටක් තවත් ප්‍රදේශයක් හෝ රටක් යටත් කරගත්තාට පස්සෙ ඒ යටත් විජිතයේ සිටින මිනිස්සුන්ගේ ලිංගික සහ සමාජීය ජීවිත පරමාදර්ශ ආදියේ පවා වෙනස්කම් සිද්ද වෙනවා. කසාද බැදීම, ආගම ඇදහීම සම්බන්ධව තියෙන මතිමතාන්තරත් ඒ ආකාරයට කප්පාදු වෙලා නව ආකාරයකින් ලියලනවා.. 

දඩයම් කරමින් හෝ ගොවිතැන් කරමින් කාලය ගතකල එතනින් එහාට ජීවිතයක් අරමුණක් නැතිව ඔහේ ගිහිපු ජීවිත  විදෙස් ආක්‍රමන වලින් පස්සෙ දැඩි වෙනසකට පාත්‍ර වෙනවා. බාගෙදා සමහර ජීවිත විනාස වෙලා  අලුත් ක්‍රමයට පසට පෝර බවට පත් වෙනවා. සමහර ජීවිත අලුත් යටත්විජිත ක්‍රමයට බලය සපයමින් එයටඅනුගත වෙනවා. සමහරු මෙලෝ රහක් නැතුව අතීතය මත සිටිමින් නමුත් නව යටත්විජිත ලෝකයේ ජීවත් වෙමින් එයටම ගරහනවා.. 

ගොවි රජ්ජුරුවෝ කියන පොත කියෙව්වා. ඒකෙත් තියෙන්නෙ පෝලන්ත යටත් විජිත කතාවක්. ආගම, ලිංගික ජීවිතය, ආර්ථිකය කියන කාරණා යටත් විජිත කරණයේදී වෙනස් වෙන ආකාරය ගැන සාධාරන නමුත් ඉතාම ආකර්ශණිය ආකාරයට කියවීමක් කතුවරයා සහ පරිවර්ථකයා අපිට ලබාදෙනවා.. 

ලිංගිකමය ජවනිකා ගොඩක් තියෙනවා. වෙනස්ම ආකාරයේ පවුල් ජීවිත ගැන තියෙනවා. ආගමික නායකයින් ගැන තියෙනවා.. ගොවිතැනට මාරුවෙන ගෝත්‍රිකයින් ගැන තියෙනවා. මහා බරසාර දාර්ශනික මත පැත්තකින් තිව්වත් කතාවක් විදියට කියවලා රසවිදින්න හොද ජාතියෙ පොතක් තමයි ගොවි රජ්ජුරුවෝ.

පොතේ නම : ගොවි රජ්ජුරුවෝ
Original book : The king of the fields
Author : Isaac Bashevis Singer
පරිවර්ථනය : ගාමිණී වියන්ගොඩ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල :රු 260/= (1999- ප්‍රථම මුද්‍රනය) 
 ISBN-955-652-034-1

5 comments:

  1. අනිවා පොත සුපිරි අැති........... ඉෂාක් බසෙවික් සිංගර් කියන්නේ මං දන්න විදිහට නොබෙල් ත්‍යාග ලාභියෙක් ........... හරිම රසවත් ලියන්නෙක්........... ගාමිනී වියන්ගොඩගේ පරිවර්ථනත් ඒහෙමයි.......... ඉතින් අහන්නත් දෙයක්යැ

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙ ටිකක් අමුතු රටාවක් තියෙනවා. අනික කතාව ආගමක් දෙසට වත් දේශපාලන මතවාදයක් දෙසටවත් ගෙනියන්නෙ නැතුව බැලන්ස් කරලා ලියල තියෙන විදිය අපූරුයි..

      Delete
    2. //ආගමක් දෙසට වත් දේශපාලන මතවාදයක් දෙසටවත් ගෙනියන්නෙ නැතුව බැලන්ස් කරලා ලියල තියෙන විදිය අපූරුයි.. //

      ලංකාවෙ ලියවෙන ස්වතන්ත්‍ර නිර්මාණ කියවීමට වැඩි කැමත්තක් මා තුල නොමැතිවීමට ලොකුම හේතුව ඔය කියන අපක්ෂපාතී ලක්ෂණය නොමැතිවීම

      Delete
  2. පොත කියවලා නෑ. කියවලා බලන්න ඕන.

    ReplyDelete
  3. අරගෙන බලන්න ඕනේ. හොඳ පොතක් වගෙයි. (LNW එකට ලින්ක් එකක් දැම්ම )

    ReplyDelete