Posts

Showing posts from February, 2014

තහනම් කලොත් ඉන්න නැතිවෙන ෆේස්බුක්

Image
ගෑනුලමයි දෙතුන් දෙනෙක් දැන් මැරිල නේ. ඒ මැරුන ලමයි පේස්බුක් නිසා මැරුනා කියලයි ගොඩක් දෙනෙක් කියන්නෙ. එක අතකින් ඒ දෙමව්පියන්ටත් ඒක මාරම අස්වැසිල්ලක්. ළමයා ගැන බලන්නෙ හොයන්නෙ නැතුව අයාලෙ යන ගොනෙක් වගේ යන්න ඇරලා ගිහින් කොහේ හරි ලනුව පටලෝගෙන බෙල්ල වැලදාගත්තම දැන් එක හේතුවක්,මාරයෙක් තියෙනවා. ඒ හේතුව ෆේස්බුක්. ෆේස්බුක් නොතිබුනා නම් පත්තර කාරයොන්ට සහ හුදී මහජනයාට කෙලින්ම පේන්නෙ දෙමාපියන්ව සහ ගුරුවරු. දැන් මේ දෙගොල්ලන්ටම හොද අතරමැදි විරුද්ධ කාරයෙක් හමු වෙලා එයා තමයි ෆේස්බුක්. මේ ගතවෙන මෙහොතෙ දි බස් වල ඉස්කෝලෙ යන ගෑනු ලමයෙක්ට ඉන්න දෙන්නැති පස්ස මිරිකන්න හදන මහත්වරු ෆේස්බුක් එකටත් අර සිද්දිවල වැරදිකාරයො වෙලා ඉන්න දෙමාපියො සහ ගුරුවරුන්ටත් බනිනවා ඇති. එක අතකින් මේ වගේ චූන් එකක් යන එක හොදයි. නැත්තං කිසි ගතියක් නැති වෙනවා නේ. 
 අපිට මේ අපි ජීවත්වෙනවාය කාලය ගතවෙනවාය කියල දැනෙන්නෙ කැලැන්ඩරය බැලුවාම විතරයි. එහෙම නැතුවඅපි ඉන්න අපිට අදාල ලාංකිය වටපිටාව වෙනසක් නොවෙන තරම්. ඒ ඒ බලය තියෙන අය ඒ ඒ අයගෙ වැඩටික ඒ ඒ විදියට කරනවා මිසක වෙන දෙයක් සිද්ද වෙන්නෙනැහැ. මට යාන්තමින් මතකයි පේමදාස ජනාධිපති තුමාව. එදා එතුමා …

වෙළඳාම් කොරන්නෙ කොහෙමෙයි මේ වගේ තැනක Doing Business

Image
පොලවල් වල කෙහෙල්ගෙඩි බිස්නොස් කරන මා දන්න නෑයෙක් ඉන්නවා. ඇය කරන්නෙ කෙසෙල්ගෙඩි තොග වශයෙන් අරගෙන පොලේ විකුනන එක. ඇය සතියේ දින කිහිපයකදී පොලවල් ..තුන හතරකට යනවා. ඇගේ වෙළ හෙළඳාම් වලට බලපාන සාධක ගනනාවක් තියෙනවා. කෙහෙල්ගෙඩි මිල :- කෙහෙල්ගෙඩි විකුනනකොට ලාබයක් තියාගෙන තමුන්ට කෙසෙල්ගෙඩි වෙනුවෙන් වැයකරන ශ්‍රමයට වටිනාකමක් තියෙන විදියට විකුනන්න වෙනවා. එතනදි තොග වෙළඳපොලේ කෙහෙල්ගෙඩි මිල වැඩිවුනොත් විකුනන්න වෙන්නෙ වැඩිමිලට. කෙහෙල්ගෙඩි කියන්නෙ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් නෙමෙයි. රුපියල් පනහට විතර ඇඹුල් ඇවරි කෑල්ලක් ගන්න බැරිනම් කෙහෙල්ගෙඩි වලට තියෙන අදහස අතහැර ගන්න මිනිස්සු ක්‍රියාකරනවා. ඒ නිසා තොග වෙළඳපොලේ කෙසෙල් මිල වැඩිවන කාලයේදී කෙසෙල් වෙළඳාම අඩුවෙන නිසා පොලේ කෙසෙල් වෙලෙන්දන්ට විකුනන කෙසෙල් ගෙඩි ටික තවත් වැඩිමිලට විකුනලා තමුන්ගේ ලාභය පවත්වාගන්න සිද්ද වෙනවා.

කඩ කුලිය :- පොලවල් හතර පහකට ගියාට ඒ පොලවල් හැම එකේම බඩු විකිනෙන ප්‍රමාණය සමාන නැහැ. සමහර ඒවයි විකිනෙනවා වැඩියි. සමහර පොලවල් වල පොෂ් මට්ටමේ කෙසෙල් ගෙඩියක් වන කෝලිකුට්ටු වගේ ඒවා වැඩියෙන් විකිනෙනවා. මේ පොලවල් වල භූමිය වෙන්කරගන්න මුදලක් පොලේ මුදල…

වලට හිනාවුන සුනිල්

Image

වචන The Words

Image
පොතක් ලියනව කියන්නෙ අමාරු කාර්යයක්. කොටින්ම කතාන්දරයක් කියන්න ලියන්න තියෙන හැකියාව හැමෝටම එන්නෙ නැහැ. ඒකත් ඇවිල්ල මිනිස්සුන්ගේ රුචිකත්වයට ගැලපෙන්න ඔවුන් කැමති වන වට්ටෝරු අනුව ලිව්වොත් තමයි පොත් කියන ජාතිය මිනිස්සු අතරට යන්නෙ. මේ වට්ටෝරු විදි ගානක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ කෙල්ලන් ආසකරන බොළඳ ප්‍රේම කථා විධිය සැලකුවොත් ඒක මල් පොත් කියල හඳුන්වනවා. ඉන් එහා ගිහින් ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන සංකීර්ණ ස්වභාවයන් විදහා දක්වන කෘතින් සම්භාව්‍ය කෘතින් විදියට හදුන්වනවා. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මිනිස්සු ජීවත් වන ක්‍රමය වෙනස් කරන්න ලොකු හැකියාවක් පොත් වලට නැහැ. පොත් සහ සමස්ථ මාද්‍ය ක්‍රියාකාරිත්වය තමුන් අතට ගතපු පාලකයින්ට පුලුවනි මිනිස්සු හිතන විදියට සහ මිනිස්සුන්ගේ ආසාවල් වල දිශාව සහ බර තීරණය කරන්න. 

මිනිස්සුන්ගේ ආශාවල වල දිශාව සහ බර කිව්වම ඒක නොතේරි යන්න පුලුවන් කස්ටියට. දැන් අදකාලෙ ලංකාවෙ මිනිස්සුන්ට හරි උනන්දුවක් තියෙනවා මංගල උත්සව වලට. මේ උනන්දුව ඇත්තටම ජානවලින් එන අපේ ජෛවීය අවශ්‍යතාවයක් නෙමෙයි. අපිට සමාජය සහ මාධ්‍ය මගින් උරුම කරපු දෙයක්. මංගල උත්සවයකියන එක නි…

පංසල් යන ඇඳුම suitable temple

Image
ඔය ඉන්නෙ මල් අරං බුදුන් වඳින්න යන ගෑනුය කියලා මතයක් තියෙනවා. නමුත් මේ මල් අරගෙන යන අය වෙනත් වැඩ වලට මල් ගෙනියනවා කියලත් මත තියෙනවා. අපි හිතමු නිකමට මේ යන්නෙ බුදුන් වඳින්නය කියලා. එතකොට එහෙම හිතුවාම මේ ගෑනු අය ඇයි සුදු ඇදන් යන්නෙ නැත්තෙ. ඇයි මේ එක්කෙනක් උඩ හෙලුවන් යන්නෙ. අනේ මන්දා දැන් නම් හිතනවා මම මේ අය පංසල් යනවා කියල හිතුව එක පවක් කියලත්.
මේ ඉන්නෙත් සිංහල ගෑනු දෙන්නෙක් අයිති වෙන්නෙ 1890ට කියලා සදහන් වෙලා තිබුනා. එතකොට නුවර පැත්තෙ රාජධානිය තියෙනකොට ලංකාවෙ සමහර කාන්තාවො උඩට ඇන්දෙ නැහැලු. ඒ අය පංසල් ගියෙත් මෙහෙමද? බුද්ධාගමේ කියල තියෙන විදියට කුලය සලකන එක වැරදියි. නමුත් තාමත් ලංකාවෙ පංසල් සංස්ථාව තුල කුල අනුව බෙදිමක් තියෙනවා. මේ අය යන්න ඇත්තෙ තමුන්ට කියල තියෙන තමුන්ගේ කුලේ අය මහණ වෙච්චි පංසලට. දැනටත් පංසලට එන කෙල්ලොන්ගෙ ලස්සන පලන්න පංසල් යන පාහර කොල්ලො නං කැමැත්තෙන්ම ඉන්න ඇති අඩු කුලේ අයගේ පංසලට යන්න. නමුත් එයාලටත් පස්සෙ කුලේ මතක් කරන්න දෙමාපියො ඉන්න ඇති. 
මේ වර්ථමාන අසපු සම්ප්‍රදායේ නැටුමක්. මේක තිබුනෙත් අසපුවක තමයි. මේ මල් ගන්න ලලනාවෙො නම් පංසලට සරිලනවිදියට ආගමට ගැලපෙන විදියට ඉන්නව කිය…

ඩොයිලිගේ දින පොත D'OYLY'S DIARY

Image
ඩොයිලිගේ දින පොත නැමැති පොත සකස් කර ඇත්තේ උඩරට ප්‍රථම ඉංග්‍රීසි දිසාපති ලෙස වැඩකල ජෝන් ඩොයිලි මහත්මයාගේ දිනපොත් සටහන් උපයෝගී කොටගෙනය. එම දිනපොත දිගින් දිගටම ලියා ඇති මුත් එහි 1814 වර්ශය සම්පූර්ණයෙන්ම නැති වී ඇත. එම වකවානුව වැදගත් වන්නේ 1815 මාර්තු වලදී ඉංග්‍රීසින් විසින් සම්පූර්ණයෙන් උඩරට අල්ලා ගැනීමට හේතු වූ කරුණු සහ උඩරට රජ තුමාගේ පිරිහීමට හේතු වුන කරුනු බොහොමයක් ඇතුලත් වන්නේ 1814 වර්ශයට වන හෙයිනි. 

 පිලිමතලව්වේ මහ නිලමේ විසින් එවකට 18වන වියේ සිටි කන්නසාමි නැමැත්තා රජ ලෙස පත්කරගත්තේ පසු කලෙක රජ කම ගැනීමේ සිතක් නිලමේ සතුව තිබුන නිසාය. මේ පොතත් ඉතිහාසයත් බැලූ බල්මට බලන අයෙක්ට සිංහලේ අවසාන රජතුමා නරක අයෙක් ලෙස දිස්වීමට හැකි වුවත් ඔහු සතුව නායකයකු සතු විය යුතු බොහොමයක් ගති ගුණ නොමඳව තිබී ඇත. අවසානයේ සිංහල රදලයින්ගේ පාවාදීම් නිසා රජතුමාට නික්මෙන්නට සිදු වුවත් රජතුමා විසින් ඉංග්‍රිසින්ට යටත් නොවීමේ දැඩි ප්‍රතිපත්ති වල නිරතව ඇත. 

ජෝන් ඩොයිලි විසින් පහතරට මෙන්ම උඩරට සිටි රදලයින් සහ සාමාන්‍ය ජනතාවට තෑගි ලබාදෙමින් එම සමාජයේ තොරතුරු රැස්කරගන්නා ක්‍රමයක් පවත්වාගෙන ඇත. එවකට ජෝන් ඩොයිලි රජයේ භාෂා ප…

කාන්තාවන්ට රැකියා (Jobs For Girls)

Image
වර්ථමානයේ කාන්තාවන්ට රැකියා ලබාදීම වනාහී කාම සම්පත් ලබාගත හැකි මාර්ගයකි. කුඩා කල සිටම මවගේ පියාගේ සෙවනේ ඔවුන් විසින් නියම කරන ලද වටපිටාවක ජීවත් වන ලාංකික කෙල්ලෝ අවට ලෝකය පුලුල්ව දැකීමේ ආසාවෙන් පෙළෙති. එවැනි කෙල්ලන් හා හාදව ඔවුන්ගෙන් යම් අකටයුතු ප්‍රොෙයා්ජන ගැනීමට කපටි කොල්ලෝ පිරිසක් සැදී සිටිති. එයින් කෙල්ලන්ට අවැඩැක් වෙතැයි බොහෝ පිරිස කීවත් කෙතරම් වටනා මැණිකක් වුව නිවෙසක එකතැන තිබෙන්ට හැරි විට එහි වටනා කම අඩුවන්නා සේ කෙල්ලෝද ගෙයි මුල්ලේ තබා කරකාර බඳිනා තෙක් ගෙදර වැඩට හුරු කිරීම වර්ථමාන සමාජයට ගැලපෙන දෙයක් නොවේ.

හරි හෝ වැරදි කෙල්ලක විසින්, ගැහැනුන්ගේ වැරදි වැඩිපුර සොයන සමාජයේ කුඩා හෝ සන්තෝෂයක් විඳන්ට ආශාවක් ඇත්නම් ඇය විසින් රැකියාවක් කළ යුතු බව මාගේ අදහසයි. එසේ රැකියා නොකලත් හොඳ විවෘතව සිතන මතන ස්වාමියෙක් ලැබීමෙන් ඇයට සැනසීමක් ලැබිය හැකිය. තවමත් ලාංකික අති බහුතර පිරිමියා ආසා කරන්නේ ගෙදර සිට කෑම උයා දෙන,තමුන්ගේ බසට නැමෙන, තනිව තීරණ නොගන්නා, රෙදි සෝදන සාම්ප්‍රදායික ගැහැනියක වන බැවින් බොහෝ රැඩිකල් පිරිිමි තර්කානුකූල ලෝකයේදී ගෑනුන්ගේ නිදහස ප්‍රිය කලත් පුද්ගලික වාසයේදී ආදි කාලීන සංස්කෘතික…

පොන්න වංශය (ponnaya's ancestry)

Image
            පොන්න යන පදය වර්ථමාන සිංහල බසෙහි යොදාගන්නේ ලිංගික අප්‍රාණිකත්වය සහ ස්ත්‍රිත් නොවන පුරුෂත් නොවන ද්වීලිංගික මනුෂ්‍යයින් හැඳින්වීම සඳහාය. පොන්න යන පදය පොන්නයා,පොන්නකම,පොන්න වැඩ,පොන්න පාට්,පොන්න විදිය,පොන්න ඇඩ් ආදී ලෙස සමාජයේ භාවිත වෙයි. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ පොන්න යන පදය යෙදෙන නමුත් එය නරක වචනයක් ලෙස සමාජයේ හඳුන්වයි. සිංහල සමාජයේ කුඩා දරුවන් කතා නොකල යුතු පදයක් ලෙසද පොන්න යන වදන හැඳින්වෙයි.

පොන්න යන පදයට එලෙස නපුංසක හා ඒ සම්බන්ධ අර්ථයක් පැමිණීම නම් අරුම පුදුම කාරනාවකි. වෙනත් සිංහල කුණුහරුපයක් ඉංගිරිසි වදනින් ලියා ගූගල් සෙවුමක් කල විට (උදා:-පෙට්ටිය-Pettiya) ලැබෙන ප්‍රථිපලය බොහෝවිට ලංකාවේ අය විසින් විවිධ තන්හිදී කුනුහරුපෙන් බැනගෙන ඇති අවස්ථාවන් දකින්නට ලැබේ. ඒ අතර අසභ්‍ය අඩවිද බොහෝ විට දකින්නට ලැබේ. නමුත් මේ පොන්න(Ponna) යන වදන ඉංගිරිසියෙන් සොයා බැලූ විට ලැබෙන්නේ විවිධාකාර ප්‍රථිපලයන්ය. ඉන්දියාවේ පොන්න නමින් ස්ථාන කිහිපයක්ම ඇති අතර ඉතාලි උප නගරයක්ද Ponna ලෙස දැක්වේ. ඉන්දියාවේ තරමක් පැතිරුන පෙළපත් නමක් ලෙසද පොන්න යන නම දැක්වේ. ඉන්දීය ඉතිහාසයේද පොන්න නමින් පතල කවියෙක්ද සිට ඇත.

වංගීස ගේ සිහිනය 2

Image
මේ ඒ ක නෙමෙයි වංගීස වෙනද ඇන්ටිගෙ කාමරේ ලයිට් එක නිවල තියෙන්නෙ. ඒත් අද එයා ඒක දාගෙන මොකද්ද කරනවා. මට ආසයි මෙයා මොනව කරනවද කියල බලන්න. මටත් අරකම හිතුන මෙයා. දැන් මේ අපේ බෝඩිමේ කුම්මැහි නන්දැන්ටි ගාව අනිවාර්යෙන් රත්තරං බඩු විතරක් නෙමෙයි හොඳ දියමන්ති මාල බ්‍රේස්ලට් වගේ ඒව වගේකුත් තියෙලු. දියමන්ති බඩු තියෙද්දි ඇයි මේ ගෑනි ප්ලාස්ටික් ආබරණ ගෙනල්ල හැඩ බැලුවෙ කියල හිතාගන්න බැහැ. මොකක් හරි හොරයක් තියෙන් ඕනි කියල මට හිතෙනවා. හංසිනී කියන්න ට විය.

ඉතිං හලෝ ඔය ඔතනින් පෝඩ්ඩක් ඔලුව දාල බලනව ඇන්ටි මොකද කාමරේ කරන්නෙ කියලා.දවසක් කිව්වෙ ඇන්ටි ඇඳුන් ගලවන ඒවත ්පේනව කියල. අර ටයර් බාගෙ බලාගන්න ඔයාට ඔත්තු බලන්න පුලුවනි. මේ වගේ වැදගත් දේවල් තමයි බැරි. වංගීස හංසිට කියන්න විය.

හයියෝ. වංගීස අයියේ. ඔ්‍යා නං එසේ මෙසේ නෙමයි හොදටම වල්. මං ඒ කියපු එක තාම මතකයි නේ. මෙයා හීනෙනුත් හිතන්න ඇති අපේ සුදු රෝස පාට නන්දැන්ටි ඇඳුන් මාරු කරන හැටි. සික් සික් සික්..මහ වනචර අයියෙක් තමයි මෙ ්වංගීසය. අයියෙ කියනවට මට ගහන්න ඕනි.

ඔයා කියන් ඕන නැහැ. මං මේ ලයිට් එක නිවල හිමීට ආව බැල්කනියෙන් කාමරේ පේන තැනකට. මට පේන්නේ අර ප්ලාස්ටික් ආබරණ ටික…

වංගීස ගේ සිහිනය 1

Image
මට බැහැ අනේ ගොඩක් දුර බස්වල යන්න වමනෙට එනවා. අනික මට තාත්තිල අනිවාර්යෙන් ගෙයක් දෙනව කියනවා. ඒ වුනාට මං කැමති නැහැ එයාල දෙන්න බලං ඉන්න පරණ මහ ගෙදර ජීවත්වෙන්න. මං අනික් අයට වඩා වෙනස්. මගේ අරමුණක් තියෙනවා පටන් ගත්ත ටාගට් එකට නවතින්නෙ නැතුව යන්න. සමහර විට මම ටාගට් එකට කිට්ටු වෙනකොට වයසට ගිහින් තියේවි. ඒත් මගේ උපදින්න ඉන්න දරුවො හරි ලස්සන ගේක ඉඳලා කාර් එකක වැඩට යන්න පුලුවන් මට්ටමක ඉන්න ඕනි.

හංසිනී කියාගෙන ගියාය. ඒ කියන හැම වදනක් පාසාම නුපරුදු බොළඳ සිහින පේලියක් අතර තමුන් අතරමං වන බවක් වංගීසට වැටහෙන්නට විය. වංගීසට අනුව ඇය ළඟ ඇත්තේ සැබෑ නොවන හීනයකි. බියර් බොන්නට තනියට එක්කරං ආ මිතුරා සමඟ වංගීස කියවන්නට විය.

මචං හිතපං. මට දැන් තිහක් හම්බෙනවා. මං කරන්නෙ කොළඹ කන්තොරුවක රස්සාවක්. මට තිහක් ලැබුනම තිහම ඉතුරු කලා කියමු. අවුරුද්දෙම එකතු කලත් කීයද කියහං ඉතිරි වෙන්නෙ. රුපියල් ලක්ෂ තුනහමාරයි. තුන හමාරට වාහනයක් තියා ත්‍රිවිල් එකක් වත් ගන්න පුලුවන්ද බං? දැන් මේකිට රුපියල් දහඅට දාහයි පඩිය. ඒ වුනාට ගෙවල් ගහලා නැව් ගන්න කතාව. අනේ මන්දා බං මට මේ වාහෙල තේරුං ගන්න බෑ ඕයි.

බියර් පදම නිසාම නොව වංගීසට ප්‍රේමයේ බො…

ව්‍යාජ ආදේශනය (the changeling)

Image
උරුමය සහිත දරුවන් හදිසියේ අතුරුදහන් වීමේ සංසිද්ධි අපේ රටේ පුරාවිද්‍යාව අධ්‍යනය කරන විට අපිට හමු වන සිද්ධියක්. යසලාලක තිස්ස කියන රජතුමා රාජ්‍යය කරපු කාලෙ දොරටුපාලය වෙච්චි සුභ විසින් සිංහාසනය පැහැරගතපු කතාව අපි කුඩාකාලෙ අහල තියෙනවා. අහල නැත්තං මෙතනින් බලාගන්න පුලුවනි. එතනදි සිංහාසනය වංචාවෙන් පැහැරගැනීමක් සිද්ද වෙලා තිබෙනවා. 

අපේ රටේ වගේම වෙනත් රටවලත් ඉතිහාසයෙ ්මෙසේ උරුමකරුවන් අදිසියේ මරා දැමීම් සිද්ද වෙලා තිබෙනවා. සමහර උරුමකරුවන් කුඩා කලදීම ඝාතනය කර දමන්නට රජවරුන් සහ බිසෝවරුන් කටයුතු කොට තිබෙනවා. ඒ වගේම යම්කිසි වස්තුව සහ උරුමවන්නට නියමිත විශාල බූදලයක් සහිත දරුවනුත් ඒ වැනි විශාල අවධානමකට මුහුනදෙනවා.ක්‍රිස්තු චරිතයේ වගේම බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ පන්සිය පන්ස ජාතක පොතේත් ඒ විදියට කුඩා කල උරුමකරුවන් ඝාතනය කරපු කතාන්දර තිබෙනවා.

මේ නිසාමදෝ මන්දා සමහර ජනප්‍රිය මුදල් ඇති අයගේ දරුවන් වඩාත් ආරක්ෂාකාරී පසුබිමක තබන්න ධනවත් දෙමාපියන් කටයුුතු කරනවා. අපේ රටෙත් ගොඩක් මුදල් ඇති අයගේ දරුවන් පිටරට ඉගෙනගන්න තීරණය කරන්න එක හේතුවක් වෙන්න ඇති දරුවන් මෙහෙදි අනතුරට ලක් වෙන එක නැවැත්වීම. 

මේ විදියට ධනවත් ව්‍යාපාරික…

රට කුරුල්ලා

Image
ඕව ඉගෙනගත්ත කියල මොකටද බං? ඔය උපාදි අරගෙනත් අර කන්තෝරු ගානෙ ගිහින් ගෙවල් ගානෙ යවන්නෙ දැන්. රුපියල් පාලොස්දාහයි ලැබෙන්නෙ. උඹ මොකද මේකට අකමැති කියපං.?

උඹ මුලින් කැමති වෙල වගේ හිටියෙ. ඒත් දැන් වෙනස් වෙලා.තොපිටත් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලිං මදන විසේ ගහනව. ඒකවෙන් ඇති මේ.

පියදාස සිය දුවනියට ඔහේ කියවාගෙන ගියත් දුවනිය මුවින් නොබැන සිටියාය.

සාමාන්‍ය පෙල යාන්තමට පාස් වුනි. ඇයට ගණිතය සී එකක් තිබුන බැවින් ගුරුවරු ඇයට උසස් පෙළ වාණිජ්‍යය කරන්නැයි කීවෝය. ඇය වසර දෙකක් අමාරුවෙන් ක්ලාස්ගොස් ගත් සාමාර්ථය බී තුනක් විය. එය කැම්පස් යන්නට හොදටම මදිය. වෙනත් දේකට යන්න වත් කිසිවෙකුගෙන් හව්හරණක් නැත.

දුවේ,..මං උඹට සල්ලි එවල ඉගැන්නුව. උඹ ඔයින් හරි පාස්සුනා ඇති. අර අනික් උන්ගෙ උන් පාස් වුන් නැති නිසා උන් බොට ඉරිසිය කරනව ඇති. පරිස්සමින් හිටහං. ඊලගට මොකක් කොරනවද කියල හිතාගන්න බැහැ.

නිම්ෂාට සිය මව ස්කයිපියේන කතා කල විට එසේ දැනමුතු කම් දුන්නාය. නිම්ෂාගේ පියාට නැතිව නිම්ෂාට කෙලින්ම මුදල් එවීමට නිම්ගේ මව කටයුතු කලාය. බොහෝ දෙනා හිතුවේ මවත් නැති නිසා නිම්ෂා පංති යන අතර කොල්ලෙක් සමග එකතු වී එයින් මතු ඔවුන් පැනයාවි යැයි…