Sunday, March 30, 2014

හම්බන්තොට ලංකාවෙ නෙමෙයිද?

රාජපක්ෂ ආන්ඩුව විසින් හම්බන්තොටට පොම්ප කර ඇති ධනය බිලියන ගනනකි කල හම්බන්තොට සිටින මිලියන බාගයකටත් අඩු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන්(467,847) හම්බන්තොටට වැඩ කිරීම පිනිස වියදම් කරන ලද මුදල බෙදා බැලුවොත් රුපියල් ලක්ෂයකට නොඅඩු මුදලක් එක් මිනිසෙක් වෙනුවෙන් රජය වියදම් කොට ඇති බවක් සොයාගත හැකි වෙනු ඇත.

හම්බන්තොට වරායේ ඇස්තමේන්තුගත වියදම =  46,930,000,000 (ඩොලර් මිලියන 360)
හම්බන්තොට ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව = 467,847
එක් ඡන්දදායක යකුගේ වටිනාකම =  100,310.57 (එක්ලක්ෂ තුන්සිය දහයයි ශත පනස් හතයි)
හම්බන්තොටට ආවේනික නොවන තලගොයෙක්
මේ පාලනය හම්බන්තොටට කර ඇති වැඩ..
  • මාගම්පුර රුහුනුපුර හම්බන්තොට වරාය
  • මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපල
  • රාජපක්ෂ අනුස්මරණ සම්මන්ත්‍රනශාලාව හම්බන්තොට
  • හම්බන්තොට රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • රුහුනු විජයබා විදුහල
  • ධීවර වරායන් සහ වාරිමාර්ග ආදිය ඉදිකර නවීකරණය කිරීම.
මේ මට එක්වරම මතක් වුන කිහිපයක් පමනි..හම්බන්තොට තංගල්ල යන රෝහල් නවීකරණය කල අතර තංගල්ල රෝහලේ සමහර වාට්ටු වල ඇති පහසුකම් කොළඹ පුද්ගලික ආරෝග්‍යශාලාවල පවා දක්ණට නැත. ‍

බොහෝ පාසැල් වල ගොඩනැගිලි අඩුපාඩු ඇතුලු භෞතික සම්පත් පරිපූර්ණ වී ඇති අතර සම්පූර්ණයෙන් නැතත් මීට අවුරුදු දහයකට එපිට අතීතයට වඩා ඉදිරියට පාසැල් බොහොමයක් පැමිණ ඇත.
කතරගම යන ජනී ජනයා හූල්ලන පරිදි හම්බන්තොට බොහෝ පැතිවල ජනයාට විදුලිය ජලය සහ මංමාවත් වඩාත් හොඳින් නවීකරණය කර තිබේ. සමහර පැතිවල නිවෙස්වලට යන මාර්ග පවා කාපට් දමා අලංකාර කොට ඇත.
 
සජිත් වැනි රූපයෙන් සමාන අයෙක්

හම්බන්තොට දිස්ත්‍රික් වැසියෙක් මා සමග වරක් පැවසුවේ ඔවුන්ග‍ේ පලාතේ දැන් කුලී වැඩකට රුපියල් 1500කට වත් මිනිහෙක් හොයාගත නොහැකි බවකි. එනම් හම්බන්තොට ඉදිකර ඇති කුඩා හා මහාපරිමාණ කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන්ම නැතත් බොහෝදුරට මිනිස්සුගේ රැකියා අවශ්‍යතා සපුරමින් පවතී.
මීට පහලොස් වසකට පෙර හම්බන්තොට පැත්තේ සෑම ගමකම අඩුතරමේ හත් අට දෙනෙක් වත් හමුදාවට ගොස් සිටි අතර දැන් හම්බන්තොට පලාතේ සෑම ගමකම අඩු තරමේ හතර පස් දෙනෙකු‍වත් කොරියාවේ මාසයකට ලක්ෂ ගනනක පඩියකට සේවය කරමින් සිටී.

රජයේ රැකියාවන්ද බොහෝ විට හම්බන්තොට අයට ලැබීමේ සම්භාවිතාවය වැඩි බවක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුනි. 

නමුත් 2009දී සියයට 71ක ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිතුමාද ඉඳහිට වැඩවාසය කරන තංගල්ල පලාතේ ඡන්ද පදනම සියයට 56 දක්වා පහත වැටී ඇත. කොළඹ හැර අනෙක් සියලු මැතිවරණ පැවැත්වූ දිස්ත්‍රික්ක සලකා බැලූ කල සියයට 57.42ක ඡන්ද ප්‍රතිශතයකි සන්ධානයට හම්බන්තොටින් ලැබී ඇත්තේ. ඒ අනුව සන්ධානය දිනා ඇති මුත් ඔවුන්ගේ රාජපක්ෂ භූමියේ සැලකිය යුතු ජනයා පිරිසක් අනෙක් පැත්තට හැරී ඇති බවක් පෙනේ. 
 
හම්බන්‍තොට සිටි සිවුරු හොරෙක්

මෙය සජිත් ප්‍රේමදාසයන්ට ලකුනු වැටෙන වැඩක් වුවද මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයක් හෝ වෙනත් පෙරමුනක් තිබේදැයි කියා දැනගන්නට වත් බොහෝ හම්බන්තොට ඡන්ද දායකයින්ට හැකි වුනේ නැත. පෝස්ටර් වල මිනිසුන් දැක තිබූ අලිගාන්ට වඩා කතරගම පෙරහැරේ අලි ගාන වැඩි වීමටද ඉඩකඩ තිබුනි. නිල්පාට වලාවකින් වැසී ගිය හම්බන්තොටට සත්‍ය වශයෙන්ම සජිත්ට කරන්නට හැකිව තිබූ කෙංගෙඩියක් නැත. 

හම්බන්තොට තවමත් ඩොටේ යැයි සලකන පැත්තක් වන අතර එහි කොළඹ ජනයා බුද්ධිය ලබාගන්නා මහා වස්තුවක් ලෙස සලකන අන්තර්ජාතික චැනල් හෝ අන්තර්ජාල පහසුකම් බොහෝ ජනතාව පාවිච්චි කරන්නේ ද නැත. ඒ ලැබුනත් වැඩිමනක් ඉංගිරිසි දැනුමක් ලැබී, ඒ ඔස්සේ  හිතන්නට තරම් විවිධ විකල්ප සංවිධාන වලින් පලල් කර ඇති මනසක්ද හම්බන්තොට බොහෝ ජනයාට නැත. 

බත් පැකට් එකටත් අරක්කු බාගයකටත් දුප්පත් ලාංකිකයින් සිය කතිරය ගසන බවත් පුද්ගලික වාසිය තකාම සිය මනාපය පුදන ජනයා ලංකාවේ සිටින බවත් බොහෝවිට බුද්ධිමතුන‍්ගෙන් ඇසෙන කතාවකි. ඒ අනුව වඩාත්ම මිනිස්සුනට පුද්ගලික වාසි ලැබී ඇති ලංකාවේ දිස්ත්‍රික්කය නම් හම්බන්තොට විය හැක.  නමුත් එහි සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල අනෙක් මාතර කළුතර ගාල්ල,ගම්පහ,දිස්ත්‍රික් වල සමස්ථ දිස්ත්‍රික් ප්‍රථිපල වල සන්දාන ඡන්ද ප්‍රතිශතයට වඩා මඳක් අඩුය. 
හම්බන්තොට නිවසක වාහනයක්.
ආන්ඩුවක් අභියෝගයට ලක්වන්නට මේ ප්‍රථිපල ප්‍රමාණවත් නොවේ. ඒසඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රථිපල වැනි සියයට පනහකට වඩා ආන්ඩුව පල්ලම් බැසිය යුතුය. නමුත් හම්බන්තොට සිටින අහඹු ලෙස තෝරාගත් ජනී ජනයෙක් ගතහොත් ඔහුට එක්සත් ජාතික පාක්ෂිකයෙක් හෝ රතු පාට මිතුරන්ගේ ක්‍රියාකාරී දේශපාලන වැඩ දකින්නට ලැබෙන්නේ දැන් දැන් කලාතුරකිනි. ඒ හම්බන්තොට මනුස්සයාට ‍ොතරතුරු ලැබෙන ප්‍රධාන මාර්ගය වන රූපවාහිනි ගුවන්විදුලි සියලුම මාධ්‍යවල ඇත්තේ ආන්ඩුව විිසින් ඇතිකරන ලද කෘතිම ආන්ඩු ලැදි තත්වයකි. පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යන්ද ඊට වෙනස් නැත. බැලු බැලු අත ඇත්තේ රාජපක්ෂ වරුන් විසින් කරන ලද විශ්වකර්ම වැඩය. එසේ තිබියදීත් රත්තරන් බඳුනටම හෙනහුරා වැටෙන්නේ ඇයි?

 කෙලෙහි ගුන නොදන්නා රට ජාතිය ගැන නොහිතන හම්බන්තොට මිනිස්සු ගැන තවත් විග්‍රහ කරනවාට වඩා හම්බන්තොට පිහිටා ඇත්තේ ලංකාවේ නොවේ යැයි සිතීම පහසු බව ඔබටද වැටහෙනු ඇත.

Thursday, March 27, 2014

සතුට ලුහුබැඳීම The Pursuit of Happyness

උත්සාහවන්තයා ණයගනී කියලා කතාවක් තියනවා. උත්සාහවන්තයට ණය ගන්නෙ නැතුව ජීවිතේ සාර්ථක කරගන්න පුලුවනිද? බැහැ. ණයක් කියන්නෙ ලොකු අවධානමක්. ඒ අවධානම ණය විදියට හෝ වෙන කුමන ආකාරයට හෝ උත්සාහවන්තයා විසින් ලබාගතහොත් පමණයි සාර්ථක ජීවිතයක් ගතකරන්න අවස්ථාව ලැබෙන්නෙ. ක්‍රිස් ගාඩ්නර් ඉපදුනේ 1954දි ක්‍රිස් ගාඩ්නර් කසාද බැඳලා ලමයෙක් ලැබෙනවා 1981 දි. එතන ඉඳන් ක්‍රිස්ගේ ජීවිතය බොහොම නරක අඩියකට වැටෙනවා. 
ඇත්ත ක්‍රිස් සහ ඔහුගේ කුඩා පුත්‍රයා
දොස්තරලාට අවශ්‍ය වෙන පෝටබල් ස්කෑනින් මැෂින් එකක් විකුනන්න ක්‍රිස් ගාඩ්නර් පෙළඹෙනවා. ක්‍රිස්ගේ ජීවිතය ඒ හරහා සාර්ථක වෙයි කියලා ක්‍රිස්ගේ බිරිඳ සිතනවා. නමුත් සිතුව තරම් ලෝකය ලස්සන වෙන්නෙ නැහැ. ඔහුට බිරිඳ නැති වෙනවා. ඔහුට ලැබුන ළමයා එක්ක ඔහු තනිවෙනවා. එතැන් සිට ඔහු ලෝකය දිනන්න නොගන්න උත්සාහයක් නැහැ.

ඇමරිකානු දැඩි බදු ක්‍රමය නිසා දුප්පත් මනුස්සෙයක් වුන ක්‍රිස්ටත් ලොකු වේදනාවන් වලට මුහුනදෙන්න සිදු වෙනවා. ඇමරිකාව සල්ලි තියන මිනිස්සුන්ගේ පාරාදීසයක් කියල අපිට හිතෙනවා අමරිකාව ගැන තියෙන පොත පත වීඩියො බැලුවාම. නමුත් හරියට ඉන්න හිටින්න තැනක් නැති. බඩට කන්නෙ නැතුව ඇඟේ ලේ ටික පවා විකුනල සල්ලි හම්බ කරන චරිත ඇමරිකාවෙ ඉන්නවා. සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වුන හදිසියේ අප අතරින් වියෝ වූ ස්ටීව් ජොබ්ස් මහතා පවා එක්තරා කලකදී මේ ඇමරිකාවෙ හිටපු දුප්පත් නාගරික ජීවිතයකට හිමිකම් කිව්වා. ජොබ්ස් මහතා වරක් කියනවා ඔහු ඇමරිකාවෙ ඉන්දියානු කෝවිල් වල දන්සැල් පෝලිං වල දන්බත් ලැබෙනකල් පෝලිමේ හිටියා කියලා.

ක්‍රිස් ගාඩ්නර් දක්ෂයෙක් ඔහු ඇමරිකානු ඉතිහාසයේ දක්ෂයින් බොහෝ දෙනෙක් ගැන දැනගෙන හිටියා. ඒ වගේම ඔහු ධනවත් වූවන්ගේ මන්තරයක් බඳු නිතරම සුභවාදීව සිතීම සම්බන්ධයෙන් හොඳ කුසලතාවයකිනුත් හිටියා. නමුත් ගාඩ්නර් ට සාර්ථකත්වය ලැබෙන්නෙ බොහෝම ප්‍රමාද වෙලා. ගාඩ්නර් දක්ෂයෙක් වුනා. අවසානෙ එයා බලාපොරොත්තු වුන ජීවිතයට ලං වුනා. නමුත් ඒ වෙනකොට ඔහු ගෙයක් නැති, රට වටේ ණය වෙච්චි, තිබුන වාහනේ පවා සින්න වුන මනුස්සයෙක්.

ක්‍රිස් ගාඩ්නර් විදියට රඟපාන්නෙ විල් ස්මිත්. ක්‍රිස් ගාඩ්නර් කියන්නෙ සැබෑ ඇමරිකානු චරිතයක්. ගාඩ්නර් දක්ෂ ව්‍යාපාර වස්තු උපදේශකවරයෙක් ලෙස පත්වෙනවා. ඔහු අදටත් ඇමරිකාවෙ ජීවත් වෙන මිලියනපතියෙක්. ඔහු පසුකාලීනව අමරිකානු දුප්පතුන් වෙනුවෙන් ආධාර වැඩසටහන් වල ප්‍රමුඛයෙක් විදියට වැඩ කරලා තිබෙනවා. ඒ වගේම 2006 දි පමණ ගාඩ්නර් දකුණු අප්‍රිකාවට ගිහින් මැන්ඩෙලාව මුණ ගැහිල දකුනු අප්‍රිකාවෙ ඉන්න දක්ෂයින්ට තැනක් ලැබෙන වැඩසටහන් වලත් නිරත වෙලා තියෙනවා.

ලංකාවෙදි අපිට කන්නබොන්න නැතිවුනාට පවුල් පන්සල් වුන කාලෙක පවා නෑයො, දෙමාපියො, යාලුවො පිහිටට ඉන්නවා. නමුත් ඇමරිකාව ඊට වඩා වෙනස්. ඇමරිකාවෙ දුප්පතෙක් වෙන එක ලංකාවෙ දුප්පතෙක් වෙනවාට වඩා හරිම භයානකයි. ක්‍රිස් ගාඩ්නර් මේ සම්බන්ධයෙන් එයාගෙ ජීවිත කතාව ලියල තියෙනවා.ඒකත් ලස්සන කතාවක් වෙන්න ඇති. ඒ වගේම ෆිල්ම් එකත් මනසට විදින විදියට හොඳට හැදිල තියෙනවා.

http://www.imdb.com/title/tt0454921/?ref_=nm_ov_bio_lk1

Wednesday, March 26, 2014

ගෑනු දෙන්නෙක් උඩ (two ladies on air)

වදන් 2200කට ආසන්න මේ කතා වස්තුව කියවීමට විනාඩි දහයත් විස්සත් අතර කාලයක් ගත විය හැකිය. 

 කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට ආ ජයවතී අවට බැලීමට ප්‍රථම සිය මුහුන බලා එහි වැරදි තනා ගැන්මට දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරයට ගියාය. ඇයගේ මතය අනුව ඇගේ දත් පෙළ වඩාත් ඉදිරියට පැමිණ ඇති බවක් පෙනෙයි. එය මුහුනට එක් කරන්නේ විශාල අඩුවක් බව ඇයට හැඟී ගොස් ඇත. මීට බොහෝ කලකට පෙර දත් පසුපසට කොට බැඳ දැමූ නමුත් යළිත් ඒවා ඉදිරියට ඇවිත් ඇතැයි ජයවතී සිතුවාය.

ජයවතී කන්ණාඩියෙන් බලන්නේ ඇගේ මුහුණ පමණකි. ඇයගේ මුහුනද ශොභාමත් වස්තුවක් වූ නමුදු ඈ දෙස බලන පිරිමියෙකුට ඇගේ සිරුරම හරව හරවා බැලිය හැකි අලංකාර වෙසක් කූඩුවක් පරිද්දෙන් වූයේය. මීට තුන් වසකට පෙර නම් ජයවතීගේ නාරී ශරීරය කොළ අලවා බුබුලු දල්වා ලූ අයස්කාන්ත වස්තුවක් මෙන් ශොභාමත් වූයේය. වසර තුනක් වියලි කලාපයේ උණුහුමට නතුව නිසි සැලකිලි ලැබූ සිරුරේ දැන් ඇත්තේ පෙර පැවති ශොභාවේ යම් ප්‍රමාණයක් පමණි. එහෙත් එයද දුටුවන් හරවා බලන තරම් වන දර්ශනයකි.

ඈට පෙර තිබූ තරම් ආකර්ශනයක් පුරුෂ පක්ෂය කෙරෙන් නොලැබෙන බව ඈ දැන සිටියාය. ඇගේ පැත්තෙන් ඇයට තිබූ එකම හේතුව වනාහී ඉදිරියට පනින්ට වෙර දරන ඇගේ ඉදිරිපස දත් දෙපලයි. කාලයක් තිස්සේ මානසික සහ පාරිසරික සාධක වලින් පෙලෙමින් පවතින ඇගේ ජීවිතය පවතින පීඩාකාරි මනසට ඔරොත්තු දෙන්නට නොහැකි තරම් දුක් වලට මුහුන දුන්නේය. එයින් දුක් කොටසක් මාංශ ලේ ධාතු හරහා ගොස් ඇති නිසා ඇය ගේ රූපයේ යම් අඩුවක් වී ඇතැයි ඇය මීට තුන් හතර වසකට පෙර දුටු අයෙකුට සිතෙන්නට පුලුවන.

කොටුව දුම්රිය ස්ථානයෙන් එළියට බට ඇය අසාගත් පරිදි බස් රියක් සොයාගෙන දන්තායතනය වෙත පියමනින්නට වූවාය. මෙවන් අවස්ථාවලදී පිහිට වන්නට කොල්ලෙකු සොයාගන්නට ඇයට අපහසුවක් නොවීය. රජරට පැත්තේ පත්වීම ගත් ඇයට රජරට සිට රුහුණට එන යන ගමන් වලදී හමුවන පිරිමි යහලුවන්ගෙන් කිසිදු අඩුවක් නොවීය. බලෙන් කතාවට ඇවිත් වතගොත අසාගෙන ඔවුන් කෙරෙහි සිත් අලවාගන්නට පිරිමි සමර්ථය. මුල් කාලයේදී නම් ජයවතී ඒ පුරුෂයින්ගේ චාටු වලට හසු වූයේය.

එ කල ඇගේ දුර ගමන අතරතුර ජයවතී හෝටල් කාමරයකට රැගෙන ගිය ඇතැමෙක් අමා සුවයක් විඳගන්නට එය අවස්ථාවක්කොට ගත්තේය. නමුත් තාවකාලික වූ ඒ විනෝද ජවනිකාවට පෙර චාටුයෙන් මුසා බසින් සහ බොරු ආලයෙන්ද ඔද වැටුන පුරුෂයෝ ශුක්‍ර ධාතුන් ඉවත් වූ සැනින් වෙනස් වන ඉක්මන ගැන ජයවතී කළකිරුණාය. ඔවුන් ශුක්‍රධාතුව පිටවූ තැන් පටන් වෙනස් වෙන්නට ගන්නේ ඉතාමත් වේගයෙනි. ආලය බැඳීම ඇය කෙරේ වන පැහැදීම ආදී වන සියලු චාටු කතාන්දර එක් සැනෙකින් වෙනස් වන අයුරු ගැන මුලදී ජයවතී පුදුමයට පත් වූවාය.

ජයවතීගේ නාරිලතා මලේ සුවය විඳින්නට සමත් වූ බොහෝ අය ජයවතීද ඔවුන්ගේ ව්‍යායාමයෙන් මහත් වූ සුවයක් විඳින්නට ඇති බවැ සිතූහ. නමුත් යාන්ත්‍රික වූ ඒ සංසිද්ධි අවසානයේ තමා බලාපොරොත්තු වූ රැකවරණය ආරක්ෂාව මුසු ප්‍රේමය හුදෙක් ව්‍යායාම පන්තියක් වීම ගැන ජයවතීගේ සිතේ වූයේ කනස්සල්ලකි. ඈ විශ්වාස කලේ ආලය එයින් මතු ගිය හින්දි සිනමාපටියක පරිදි දිග කතාවක් විය යුතු බවය.

දත් කූට්ටම පසුපසට කොට කම්බියක් දා ගැනීම මගින් දත් යුවල තනාගත හැකි බව ඇගේ මිතුරු හෙදියක් ඇයට කියා තිබුනි. ඉන් පසු මුලින් ඇය සායනයකට ගිය මුත් ළඟ දිනයකදී දත් කූට්ටම යලි සවිකර ගත නොහෙන බවත් ඒ සඳහා මාස තුනක් වත් යනු ඇති බවද දැනුම් දුන්නේය. මරදාන හන්දියේ බැස අමාරුවෙන් පාර සොයාගෙන ගිය ජයවතීට කොළඹ දන්තායතනයෙන්ද ගත හැකි වූ පිළිතුර ඒ සමාන එකක් විය. දැන්ම කරන් නැහැ. තා මාස තුනකින් එන්න. තව සති දෙකකින් ඇවිත් දිනයක් ගන්න. දන්තායතනයේම තැන් දෙක තුනකට බඩ ගෑමෙන් පසු ජයවතීට ලබාගත හැකි වූ පිළිතුරු ඒය.

දතක් ගැලවීමට පුද්ගලික අංශයෙන් නම් රුපියල් දෙතුන් දාහක් වියදම් වෙන වැඩකි. කෝ ඕවට සල්ලි? ජයවතී සිතුවාය. ඇය රැකියාවට ගියාට පසු නිවසේ වෙනස් කම් දෙකක් සිද්ධ විය. එකක් නම් කලක්රෝගාතුරව සිටි ඇගේ පියා මියපරලොව යෑමයි. අනික නම් ඇගේ අක්කා විවාහ ජිවිතයට ඇතුලත් වීමයි. ජයවතී කුඩාකල තනන්නට පටන් ගත් නිවස පියාට හමාර කරන්නට ලැබුනේද නැත. මේ කාරණා නිසා ඇයට රැකියාවට ගිය විගසම වගේ ණය මුදල් කිහිපයක් ලබා ගන්නට සිදු වූවාය. අවසානයේ දැන් ඇගේ අතට මාසිකව ලැබෙන මුදල රුපියල් හයදාහත් අට දාහත් අතර මුදලකි.

තමා මාසය අවසානයේ අතට ලබාගන්නා පඩිය සුළු සේවකයකු ලබා ගන්නා පඩියටත් අඩු යැයි ජයවතී සිතුවාය. ජයවතී දත ගලවන්ට ගොස් එන ගමන පිටකොටුවේ ඇවිදිමින් සෙරෙප්පු ඇඳුම් ආදිය සොයා බැලුවාය. ප්‍රදර්ශනාගාර වල බෝනික්කන්ට අන්දවා ඇති අලංකාර ඇඳුම් ගැන තවමත් තිස් වන වියටද තවත් සිව් වසරක් පමණ ගෙවිය යුතු වන ජයවතී ශෝකයෙන් බැලුවාය. ඇයට එකල පියා විසින් සාප්පු ගානේ ගොසින් ඇඳුම් අරන් දුන් ආකාරය මතක් වූවාය. එකල ඇගේ මල්ලීටත් අක්කාටත් වඩා පියානෝ සිය කුඩා දියණීයට ආලය කලාය. ජයවතී පවුලේ මද්දුමයා විය.

මේ පිටකොටු ඇඳුම් පලමු දිනයේ අලංකාරව තිබෙන මුත් කිහිප වරක් සේදිමෙන් මතු එහි මුල් රසය බොහෝ සෙයින් අඩුව කඩමාලු තත්වයට වැටේ. පැය බාගයක් පමණ රෙදි තෝරමින් සිටි ඇය ගන්නට කිසිවක් සිතාගන්නට නොහැකිව ලත වුනාය. ඇය ආශා කල ආකාරයේ කලිසමක් විකුන්නට වූ නමුදු එය එක්දාස් පන්සියක් තරම් මිලක් වීය.ජයවතීගේ රූපය ඈත සිට දුටුවන්ද ආකර්ශනය කරන මට්ටමක තිබුන රැකියාවට ගිය මුල් අවධීයේ ඇගේ සිතගත් පියන්ත විසින් මුල් කල ඇගේ ඇඳුම් ගැන සොයා බැලුවාය. ඇයට ඇය කැමැති දෑ ගෙනත් දෙන්නට උත්සාහ ගත්තේය. නමුත් කාලය විසින් සිය ජීවිතය වෙනත් කාරණාවලින් තෙරපන වේගයෙන්ම ප්‍රියන්තද ඇගේ සිත තවන්නට විය.

ජයවතීගේ පියාගේ මල ගෙදරටද ක්‍රියාකාරීව සහභාගී වූ පියන්ත ජයවතී හා විවාහ වෙතියි දැනුදු ජයවතීගේ ගමේ මිතුරියන් සහ නෑයන් සිතති. නමුත් ප්‍රියන්ත ජයවතීගෙන් විකර්ශනය වන්නට ගෙන දැන් සය මසක් පමණ ගොස් ඇත. ඉඳහිට සුවයක් ගන්නට චාටු බස් කියාගෙන ප්‍රියන්ත පැමිණෙන මුත් කටුක ජීවිතය පෙඟෙන්නට ඒ ලිංගික සතුට නම් වූ කුඩා වතුර පොදෙන් ලබාගත හැකි සහනය මායාවක් බව ජයවතී අවබෝද කරගෙන සිටියාය. එබැවින් ප්‍රියන්තට අවශ්‍ය විටක ලබාගත හැකි කඩේ විකුනන්ට තිබෙන තේ වතුර එකක් මට්ටමට පහලට වැටෙන්නට ජයවතී අකමැති විය. “පියන්ත මට ඔයාට වගේ ඉක්මනට වෙනස්වෙන්න බැහැ. ඔයා ඔය විදියට චාටු දාන්නෙ මොකටද කියල මට තේරෙනවා. මට දැන් ඔය චාටුව වැඩක් නැහැ. ඔයා වෙන ඕන කෙනෙක් එක්ක ඔය වැඩේ කරගන්න. මගේ අමනාපයක් නැහැ. “ මම ඔයා හිතන ජාතියෙ නෙමෙයි පියන්ත.

යැයි ජයවතිය විසින් පියන්තට කිහිප වාරයක්ම කියන ලදී. මල්ලී ද ඉගෙන ගන්නා විදියක් පේන්නේ නැත. දවස අවසානයේ කොල්ලන් සමග බෝල ගැසීමත් රාත්තිරියේ චිත්‍රපට සහ කුනුහරුප නැරඹීමත් ඔහුගේ විනෝදාංශ වී ඇත. පාඩම් වැඩ කරන්නේ අම්මා විසින් මතක් කල විටෙක පමණි. පියාගේ වියෝවත් අක්කා ඈත පලාතකට නික්ම යාමෙනුත් පසු නිවසේ ඉතිරි වූයේ අම්මා සහ මල්ලී පමණී. මල්ලී කෙල්ලෙකු ගෙදර උස්සන් ඒවි යැයි දැඩි සැකයක් පවතින බව අම්මා නිතර කියයි. නිතර කතා කල පමණින් රෑට කෙල්ලන් සමග මල් කැඩූ පමණින් ඉස්සර මෙන් කෙල්ලන් ගෙදර එක්කරන් එන්නට හදන්නේ නැති වගක් අම්මා තේරුම් ගන්නේ නැත.

බාගෙදා නිවසද තනා ඇති බැවින් ඌ එකියක් කැන්දා ගෙන එන්නටද පුලුවන. කඩවසම් කාලවර්න උස මහත දේහයක් හිමි මල්ලි ඉගෙන ගෙන තැනකට යනවා නම් යැයි විටක ජයවතීට සිතුනාය. නමුත් ඌ ඉගෙන ගන්නා පාටක් නැත. ඊටත් වඩා ජයවතීට ඉවසුම් නැත්තේ පාරෙ යන සරුංගලයක් වැනි පොත්ත පමණක් සුදු සුදුමැලි පැහැ නැටිච්චියකට මල්ලී හසුවීමයි. “මොන ලස්සනක්ද බං ඒකිට තියෙන්නෙ.? මං දැක්ක ඕක වේල්ලෙ යනවා. මං හිතුවෙ හුළඟට ගහං යයි කියලා..“ හරි උඹෙ නෙවෙයි නේ මගේ කෑල්ල නේ. උඹ උඹෙ පියන්තය ගැන බලාගං මං මගෙ එකී ගැන ටික ටික හිතන්නං. එසේ අක්කා චෝදනා කරන බොහෝ විටක නිශ්ෂබ්ධව සිටින මල්ලී කලාතුරකින් අක්කාට රිදවන්නටද සිතුවාය.

තාත්තා දන්නා කියන මන්ත්‍රි තුමා සිටියේ රජරටය. තාත්තා ඔහුගේ ගජ මිතුරෙකි. තාත්තා මැරුන දිනයේ ඒ මන්ත්‍රියා රුපියල් විසිදහක්ම දුන්නේය. ඒ නිසා ඒ මන්ත්‍රි තුමා දුන් රැකියාව ජයවතීයට ලැබුනේ රජරටය. මන්ත්‍රියා ලෝකොත්තර කපටියෙකු වූ නමුදු වලත්තයෙකු නොවීම ගැන ජයවතීට වූයේ ගෞරවයකි. දෙතුන් වතාවක් මාරුව තනා ගැන්ම ගැන කතාකරන්නට ඔහු හමුවන්නට ජයවතී ගියාය. නමුත් ඔහු පැවසුවේ අන්තර් පලාත් මාරු හදාගෙන කට්ටිය මාරුවෙන බව ඔහුද දන්නා මුත් ඒවා කරගන්නේ කෙසේදැයි තමාද නොදන්නා බවකි. එහි යටි පෙළ අරුත වූයේ මේ යටින් අල්ලස් ක්‍රියාදාමයක් හෝ වෙනයම් ඉහල බලපෑමක් ආවොත් පමණක් මාරුව හදාගත හැකි බවකි.

තාත්තා ජීවත් වූවානම් ඇයට මාරුව හදාගන්ට හැකි වෙනු ඇත. ඇරත් මාසයකට වරක් දෙකක් ගෙදර ඇවිත් සතුටින් සිටින බව පේන්නට හිනැහෙමින් පාරෙ යන විට ගමේ උන් සිතන්නේ ඇය රජරට ඌෂ්ණයට කෙට්ටු වුනාට සරු ජීවිතයක් ගත කරන බවකි. එහෙත් ඇය ගමට මාරුවක් තනාගතහොත් ඇය ගෙවන කටුක ජීවිතය ගම ඉදිරියේ විරාජමාන වනු ඇත. නිසි රැකියාවක් නොමැතිව ආතක් පාතක් නැතිව සිට, හුදෙක් යටිබඩ ඉලක්කයට ,වස්තුව දේපල සහ මුදල දෙසට හැරවීමෙන් වාසනාව උදාකරගත් මිතුරියෝ ස්තිර රැකියාවැති ජයවතීට සිනාසෙනු ඇත. තමුන්ට සිනාසෙන්නට වස්තුවක් සොයන නෑයින්ට ඇගේ දුප්පත් කම තවත් නිමිත්තක් වනු ඇත. එබැවින් විදෙස් දිවියක් වැනි මේ දෙපලාත් දිවිය ඇයට ගෙනාවේ මඳ සහනයකි.

ඇය පිටකොටුව බස් නැවතුමෙන් බස් රියක නැගී වාඩි වුනාය. බස්රිය දුර යන එකක් වූවත් සෙනග ඉතා අඩු වූයෙන් කෙටි දුර මගීන්ද නංවා ගන්නා ලදී. තරුණයකු වාඩි වුනොත් මැනැවැයි සිතුවත් ඇගේ අසුනේ ඉතිරියට වග කීවේ අංකල් කෙනෙකි. ඔහු පානදුරෙන් බහින අයෙකි. නමුත් ඒ ටිකට මිනිහා යමක් කරගන්නට මෙන් නිදි කිරන්නට විය. මේ වැනි අවස්ථා රාශියකට මුහුන දී ඇති ජයවතී සිය අත් නිසි ලෙස ස්ථානගත කොට ඔහුගේ මායම් වලින් ගැලවෙන්ට තැනුවාය.

පානදුරට මෙහාදී යස වැඩක් විය. “පල වනචර බල්ල යන්න තොගේ ලබ්බ අතුල්ලන්න මගේ උරිස්ස ගන්නෙ. ඕක ගිහින් අතුල්ලපිය...බොලයි...ම්ම ගේ..යැයි කුනුහබ්බ රැසක් එක ගැහැනියෙකු සිටගෙන සිටි එකකුට කීවාය. ඉන් මතු ඇය ළඟ සිටි එකාටද? මේ මිනිහ නැග්ග වෙලේ ඉදල නිදි. ඒ මිදිවට වැටෙන්නෙත් මගෙ පැත්තටමයි. තොපේ වනචර නින්ද අපි නොදන්වයි ඕවා. “ ඇගේ හැකර කට ඉතාමත් අමිහිරි විය. බස් රියෙ සිටි කුඩා දරුවන් ඇතැමෙක් සතුටු සිතින් මුව අයා ඇය කොහිදැයි බලන්නට විය.

පානදුරෙන් ජයවතී සිටි අසුන හිස්ව තිබුන බැවින් ඇය පැමිණ එහි වාඩි වූවාය. ඉන් පසු සෙමෙන් ජයවතී හා කතාවට එන්නට විය. මං දැක්ක නංගිගෙ සීට්ටෙකෙ හිටපු නාකි වාහෙත් කරටම නිදා වැටෙන්න හැදුව නේ? සික් මුං වගේ වනචර ජාතියක්..මං කැතට කතාකරන් ඇති නේ? බස් සෙකම මගේ දිහා බලනකොට ලැජ්ජ හිතුන. ටික වෙලාවක් දොඩමලු වූ පසු ජයවතීට ඇය විස්තර කිව්වාය.

නංගි මං කලිං කිව්වෙ බොරු ඇත්තම කියන්නං. මං ඉන්නෙ කොළඹ මසාජ් සෙන්ටර් එකක. මට අවුල මේකයි. මුං සමහර උන්ට සල්ලි තියෙනවා. ඒත් ඇතිල්ලි ඇතිල්ලි යනවට එක රුපියල් පන්සියක් වත් දෙන් නහැ. නිකම්ම කෙලින්න එනවා. මටත් තව වැඩිදවසක් මෙහෙ ඉන්න බැහැ. මේ රස්සාව එපා වෙනවා. ජරා ඇඟවල් අතගාලම එපාවෙලා. උන් හිතනවා උන්ගේ ඇඟවල් අතගෑවම අපිටත් අමුතු චූන් එකක් යනවා කියලා. නාකි එවුං තමයි වැඩි.. සෙම පිරුනු නාකි ඇඟවල්.

ජයවතී ඇගේ කතාවට හුම් කීවා මිස කියන්ටන දෙයක් නැතිව සිටියාය. ඉතිං අක්කෙ ගෙවල් වලිං දන් නැද්ද? ටික වෙලාවක් නිශ්ෂබ්ධව සිට ජයවතී ඇසුවාය? අනේ මන්ද බං? ගෙවල් වල උන්ට මොනවද ඉතිං මං සල්ලි යවනව උන් වියදං කරනවා. මං ඉන්නෙ රට යන්න. සාත්තු සේවිකා විදියට රට යන්න පුලුවන් කියලා තියනෙවා දැක්ක. මං දැන් ගිහින් ටිකක් කතා බහ කරලයි තියෙන්නෙ වැඩේ ගැන.

ඔවුන්ගේ ගමන දිවා කල පැය පහ හයක ගමනක් වූවාය. ජයවතී ගමන එන්නට පිටත් වූයේ පාන්දර තුනේ සිටය. කොළඹට එන තුරු බස් රියේ නිදාගනෙ ආ ඇය දත් ගැලවීමට ගොස් සිට හෙම්බත් වූ නිසා ටිකක් නිදා ගත්තාය. නමුත් අවදි වන විට එවිට නින්දේ සිටි බස්රියේ පෙරදී වීරවරියක මෙන් සිටි කාන්තාව දැක ඇය ගැන අනුකම්පා කලාය.

දෙදෙනාම තේ බොන්ට නවත්වන විට බස් රියෙන් බැස ගන්නට විය.

පිස්සු නැතුව කන්න නංගි. මං මොකෝ වහ දාල දෙනවයි.? ඇගේ ඇවිටිල්ලටම ජයවතී බිත්තර රොටියක් සහ බනිසක් කෑවේය. අමරජයන්ති වැනි නමක් තිබූ අනෙක් ස්ත්‍රිය ඇයට අමරා යැයි කියන්නැයි ජයවතීට කීවාය. අමරක්කා විසින් බීමට කුඩා කිරිපැකැට්ටුවක්ද මගදි බඩගිනි වුවොත් කන්න යැයි බිස්කට් පැකැට්ටුවක්ද ගත්තාය. ගෙදර ගෙනියන්ට ගත් දොඩම් මල්ල ලිහා ජයවතී අමරක්කාට එයින් ගෙඩියක බිගි ගලවා කෑල්ලක් දුන්නාය.

අක්කෙ රට යන්න කීයක් විතර යනවයි? ඇය අමරක්කාද තමුන්ගේ පැත්තේ බව දැන ගමේ ව්‍යවහාරයට බැස්සාය.

පනහක් විතර තමයි යන්නෙ. ඒජන්සිය මාව හම්බෙන්න ආපු මිනිහෙකුගේ යාලුවෙක්. මිනිහ ටිප් එකත් එක්ක කාඩ් එකකුත් දුන්නා. ටික දවසක් ගිහින් මිනිහ කිව්ව රට යනව නම් තැනක් දන්නව කියලා. දැන් මට මෙහෙ ඇතිවෙල. අපෙ ගෙවල් වල උන්ට කොච්චර සැලකුවත් කෙලෙහි ගුනයක් නැහැ. උන් හිතන්නෙ මාව නිකං අර රත්තරං කුරුල්ල වගේ කියල. හැම මාසෙම ලොකු ගානක් ගෙදරට යවනව. උන් ඒවයි නය ගෙවල කාල බීල සැනසිල ඉන්නව.

මටත් අදහසක් නං තියෙනවා රට යන්න. ඒත් ඉතිං අනේ මන්ද. ජයවතී කියන්නට විය.

ඉන් පසු ඔවුනොවුන් රට තොට ගැන කතා කලෝය. කොන්ඩ මෝස්තර සහ ක්‍රීම් ගැන කතා කලෝය. ළඟදී කැඩුන විවාහයෙන් පසු ඒ නිළිය සම්බන්ධ වන්නේ කවුරුන් සමග විය හැකිදැයි බැරෑරුම්ව විග්‍රහ කලෝය.

අක්ක දන් නැත්ද දත් බඳින තැනක්.. මගේ දත් ටික පස්සට කරල ප්ලේට් එකක් දාගන් ඕනි. ඒත ඉතිං ලොකු ගානක් යයි නේ. ජයවතී තමා පාන්දරින් නැගිට කොළඹ පැමිණ දන්තායතනයට ගිය කතාවත් එයින් දිනයක් ගන්නා විට දත් ටික තවත් ඉදිරියට පැමිණ ඇය මානව හිස්කබලක් මෙන් කැතට පේන්නට පටන් ගනු ඇති බවත් අමරාට කිව්වාය.

ඔයාගෙ දත් ගොඩක් කැත නැහැ. පොඩ්ඩක් පස්සට කරගත්තොත් හොද වෙයි. අපේ මසාජ් ක්ලිනික් එකට කලිං ආව දොස්තරෙක්. මං මිනිහගෙන් අහල බලන්නම්. මාත් ඉදල හිටල ලෙඩක් දුකක් ගැන අහගන්නෙ මිනිහගෙන්. ගෑනියෙකුටත් වඩා ලැජ්ජ කාරයෙක්. මං නොම්බරේ දෙන්නං ඕන්නං කතා කරල බලන්න. මිනිහට හරියට කිචි. මසාජ් එකට ආවම ඇඹරෙනව. මං ඉතිං පොරට කිචි තියෙන තැන්වලින්ම අල්ලන්න යනකොට පොර උඩයනව ටොයිං ගාල.

මෙන්න නොම්බරේ..ලියාගෙන කතා කරල බලන්න. මං දුන්න කියන්නත් ඕන නැහැ. ටිකක් ඇදල පැදල කතා කලාම පොර නම්ම ගත හැකි වෙයි.

ඉතිං අක්කගේ නම්බරෙත් දෙන්න. කෝකටත් වැදගත් වෙයිනේ. මාත් රට යන්න හිතං ඉන්නවා.

ජයවතීට අමරා හා කතා කිරීම විනෝද ක්‍රියාවක් විය. අමරාගේ කතාවල පිරිමි පහත් කර කතා කරන විලාශයක් නිබඳවම තිබේ. එයට ජයවතී ප්‍රිය කලාය. ඊට අමතරව අමරාට මෙන් ජයවතීටද රට යෑම උණ පහල වන්නට විය. ජයවතීගේ අම්මා මුලින් දැඩි විරෝධයක් දැක්වුවත් පසුව කෙමෙන් ජයවතීගේ සිතට අවනත වන්නට වූවාය.

දැනට මං ගාව වත්තේ පොල් අතු විකුනල,වත්ත පිටියෙ දේවල් වල සල්ලි වලිං බේරගත්ත තාත්තයි මාලෙ තියෙනවා. මං අමාරුවෙන් බේර ගත්තෙ. අක්කගෙනුත් ගානක් ඉල්ල ගත්ත මේක බේරගන්න. එහෙනං උඹ ඒක උගස් තියල ඔය රට කෙරුවාව කොරගනිං. මේ වගේ ඉස්තිර රස්සාවක් බොට ආයි කපේට ලැබෙන එකක් නැහැ. ඒත් ඉතිං උඹට මේ ගෙවල් දොරවල් මරණ, මගුල් වලට වියදං කරල දැන් ලැබෙන්නෙ කීයද? ඒ ගානින් උඹට තව අවුරදු ගානකට ගොඩයෑමක් නැහැ.

මට පේන විදියට දැන් උඹට අර මරණෙ දවස්වල ළඟ ඉදන් මුර කරපු පියන්තයත් නැහැ වගේ. ඕව එහෙම තමයි.ගෙදර ආපු ජාමෙක මේක අරං පලයං. තාත්තයි මාලෙ. උන්දැ දන්න කාලෙ ඉඳල කරේ දාං උන්න එක. කමන් නැහැ. උඹ රට ගිහිං සල්ලි ටිකක් එවුවම ආයි බේරගත හැකි.

ජයවතී හඬන්නට වූවාය. මසක දෙකක ඇවෑමෙන් තිස් පස් වන වියට ආසන්න වෙමින් සිටි ගැහැනියක සහ විසි හත් වන වියට ආසන්න වෙමින් සිටි තරුණියක කටුනායක ගුවන්තොටේ කඳුලු සලමින් නෑයින්ට සමු දෙමින් සිටියෝය. රටින් පිටව ගුවන් යානය ඉහලට ඔසවා උඩුගුවනට යන විට ඔවුන් දෙදනාම සැහැල්ලු සුසුම් හෙලුවෝය. සිංහ කොඩියේ සිංහයා ගෙන් තමුන් ගැලවුන බවක් සිතුන බව අමරා කිව්වාය. ජයවතීට ඒ හරුපය තේරුනේ නැත. නමුත් ටික වෙලාවකින් ජයවතීට සිංහබාහු හි නිය පිරුන සිංහයා මතක් විය.

Monday, March 24, 2014

බෙර ගෙඩිය ගත් මිනිසා

හිරිගඩු පිපී නොනැවතුනු සීතල මස් සහ ලේ පසුකරගෙන අස්ථි දක්වාම ගමන් කරන්නට පටන් ගෙන දෝ හෝ වහාබ් සිතන්නට විය. වහාබ්ට මේ කුඩා ඉඩේ හුලිජ්ජ ගඳ ගහන සිගරටි දුමින් පිරුන කුටීරයේ සිටිම ගැටළුවක් නොවීය. නමුත් කිසිවෙකු වටපිටේ නොමැති වහාබ් පමණක් සිටින තැනකැයි වහාබ්ට සිතුනි. රිමාන්ඩ් කුටියේ සිටි අනෙක් අය මත වලින් වහාබ්ට වඩා වෙනස් වූහ. එහෙත් සිගරට් කිහිපයක්ම වහාබ් වෙත දික්වෙන ලදී. සිරමැදිරියේ සිගරට් බීම පොතට අනුව වැරදිය. නමුත් පොතට අනුව වැරදි වුවත් සමහර දේවල් ඒ පරිදිම සිදු වේ.

සිගරට් බීම වහාබ් නොකලේය. සිරකරුවන්ට ගෙවල් වලින් සහ මිතුරන් ගෙනත් දුන් කෑම වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වහාබ් වෙත වෙන් විය. හිතුවක්කාර තම්බියා යැයි අනික් වුන් විසින් සිතින් වහාබ් ව හැඳින්වුවත් ඔවුන්ගේ කුඩා අපිරිසිදු ඝන මීටර කිහිපය තුල මනුෂ්‍යත්වයට වඩාත් තැනක් ලැබුනි. වහාබ්ගේ ගැටළුව කතා කර තේරුමක් නැති බව දැනගත් පිරිසෙන් එකෙකු. වහාබ්ගේ දරුවන් ගැන ඇසීය. ව්‍යාපාර ගැන ඇසීය. නමුත් වහාබ්ට ඇති ව තිබූ ගැටළුව හැර වෙන කිසිවක් ගැන වහබ්ගේ උනන්දුවක් නොවුනි ඉතිං තමුසෙට තිබුනෙ බෙරේ පොලිසියට දෙන්න නේ? සිරකරුවෙකු වහාබ්ගෙන් මුලදී ඇසුවේය. 

වහාබ් ඔහු දෙස නොබලාම උත්තර දෙයි.. තව කට්ටිය ඒව මේව අරං ගියා. තරුණ කොල්ලෙක් කොන්ඩ වවං මම මුරපොලේ තියාගෙන ඉන්නකොටම ගිටර් එකක් අරං ගියා. ගිටර් එක පුලුවං මේ ඩොල්කිය තමා බැරි. තව පොඩි බොංගෝ වගේ ඒවත් අරං ගියා. මගේ බෙරේ තමයි මේ මහා පූජාභූමියට නරක් වුනේ. සිරිපාදෙ ඒ සාදු ගොල්ලන්ගෙම වෙලනේ..

ඉතිං කෝ ඔවැයි විතරයි ආවෙ. නඩයක් නැහැ? ඒ තවත් සිරකරුවෙකි.

මට සිරිපාද එක බලන්න ආසාවක් ආවා. පුංචි කාලෙ ගියායිං පස්සෙ යන්න බැරිවුනා. ඉස්සර අපි කෝච්චියෙ සිංදු කිය කිය යන්නෙ. මගේ යාලුවන්ට කතා කලා. එන්න බැහැයි කිව්ව. මේ පාර සල්ලි නැහැලු. පවුල් පස්නලු. අපේ පවුල එක්ක එන්න බැහැ මේවයි? මේ පේනවනේ තනියම ඇවිල්ලත් තියෙන හිරිහැරේ..වහාබ් කියන්නට විය.

ඉතිං ඕයි තනියම ආවනං මොකට බෙරයක් උස්සං ආවෙ?

ඇයි තුන්සරන කවි.කවි එහෙම කියනකොට ගහ ගහ යන්න. ඒ නැතත් ඉස්සර අපි සිරිපාදෙ යනකොට බෙරයක් අරං එනවා. කොච්චියෙදි හරි සිංදුකියන්න. මං මේ බෙරේ ගත්තෙත් දැන් අවුරුදු දෙකකට විතර කලිං ට්‍රිප් එකක් ගෙනියන්න කියලමයි.ඒත් ඉතිං අපිට මොන ට්‍රිප් යෑමක්ද? සමාර දවස්වල ඉරිදත් මොකක් හරි වැඩක්..

.ඩෝලෙ හෙන ලාබෙට ලැබුන. නාකි මහත්තයෙක් ගේ ගෙයක් අස් කරන වෙලාවක මම පැනල ඕක ඉල්ලුවම රුපියල් දෙසීයක් දෙන්න කිව්වා. මම වෙන කට්ටියට කතා කරා කරා පොඩ්ඩක් වෙනසකටත් එක්ක අපි ට්‍රිප් එක යං කියලා උන් ආවෙ නැහැ. ඒ නිසා මං තනියම බෙරේ අරං එන්න ගත්තෙ..වහාබ් කියන්නට විය.

තමුසෙල නිදාගන්නවා. ඕකට පැහැදිලි කරන්න බැහැ. මිනිහ විතරක් නෙමෙයි මහ බෙර එක්ක ලොකු කාන්ඩයක් අල්ල ගත්ත. උන් ගොඩක් උන් බෙර තියල ගියා. මේ යකාට මේක අරං යන්නම ඕනලු. මෝඩයෙක්.. එතැනට පැමිණ පොලිස් කොස්තාපල් වරයෙක් කියාගෙන ගියේය. අපිටත් වෙන වැඩ නැතුවට වැඩ. බෙර අල්ලන්නයි. බීලද කියල බලන්නයි. වැඩිපුර බීල ගිහින් උඩ මලුවෙ කබරය දායි කියලද මන් දන් නැහැ.. සික්.. මේ වසංගත කරුම වලට අපිටත් කර ගහන්න වුනානේ. ඒ මදිවට මේ වගේ රට බූරුවො...බෙරේ තියල යන්න කිව්වම. තියල යන්නෙ මොකටද කියල හරස් පස්න අහනව? අපිට බෙර අරං මේක අස්සෙ බජව් දාන්නයැ. ඉහලින්ම කියල සංගීත බඩු අල්ලන්න කියලා. ඒත් ඉන් පස්සෙ ගිටර් කාරයොන්ට යන්න දුන්න උන් අවුලක් නැහැ කියල. පස්සෙ තමයි මේ මහ බෙර කෑලි අල්ලන්න ගත්තෙ.

පොලිස් කාරයට වෙන කාත් එක්කදෝ තරහක් තිබිලා එය වහාබ් කරපිටින් යන්නට පටන් ගත්තාක් මෙනි.

මම ජොයින්ට් විකුන්න. කොහෙන්ද එන පුංචි පරයො ටිකක් පොලිසියට පේන්නම දුම ඇදල. හරක්..අපිවත් කරන්නැති වැඩ.. උන් නිස තමයි මට අද කූඩුවට එන්න වුනේ. එකෙක් කියන්නට විය.

එතැන ඇත්තේ නිහැඩියාවකි.

වහාබ් කතාකරන්නට පටන් ගති.

උදේ පාන්දර ලිටකොටුවෙ හැම පෝන් කඩේම දාල තියෙන්නෙ‍ෙසාදුල තාලෙට බණ කියන ඒව. ඒ සාදු අම්මා තාත්තා ආච්චී ගැන කවි බන කියනවා හරි ලස්සන තාලෙට.. ඒක මැදින් වයලින් සද්දෙත් ඇහනෙව. පෙරහැරල්වල ත් බෙර ගහනවා. හැම බවුද්ද උස්සව වලම බෙර ගහනව. මගේ ඩෝලෙ තමයි සාදුලාටයි රාලහාමිලටයි ලොකු වැඩි වුනේ. මං කිව්ව ඒ කිව්ව ලොකු සාද හම්බෙලා කතාකරන්න දෙන්න කියල. ඒත් මෙයාල හිනාවුනා විතරයි...

තමුසෙ මුස්ලිම් නේද? හෙට උදේ වෙනකොට තමුසෙලයි ලොක්කෙක් ඇවිත් අරගෙන යයි. බයවෙන් එපා. සිර කුටියේ සිටි වෙනත් අයෙක් කියන්නට විය.

අනේ මන්ද. ගෙදරින් හොද නැහැ මම මේ තනියම තැන් තැන් වල ආවට. ගෙරදට කියන්නත් බැහැ. මට පල්ලියට කියන්නත් බැහැ. බෙර අරංගියේ මොකද කියල එයාලත් අහයි. පොලිස්යට එපා වුනාම යවයි. වහාබ් කියන්නට විය.

තමුසෙට පිස්සුද ඕයි. අඩුතරමෙ ඇප කාරයො දෙන්නෙක් වත් ඕන. ඇප ගන්න. නැත්තං දඩ ගෙවන්න හරි මොකෙක් හරි ඉන්න ඕනි. ‘‘අනික බුදුහාමුදුරුවො කොහෙද බෙර ගෙනිය්න්න එපා කියල තියෙන්නෙ කියල තමුසෙ අහල තියෙනව කියන්නෙ ලොකු මහත්තුරු ඉස්සරහම? ‘‘ඒකට මහත්තයට තරහ ගිහින්ලු.. එකෙක් වහාබ්ට සැර විය.

අනේ මන්දා.. කොළඹ මේ තරං හීතලක් නැහැ. ඒ මදිවට පැදුරු මාල්ලක් වත් නැහැ. සිමෙන්ති පොලව හීතලයි. කොළඹ පේමන්ට් වල නිදාගන්නව මීට වඩා සනීපයි. වහාබ් කියන්නට විය.

අද ගල් ඔස්තාර්ල ඇතුලෙ නැහැ. ඒ නිසා තමුසෙව උණුසුම් කරන්න නම් අද මේක ඇතුලෙ එකෙක් නැතිවෙයි. හහ් හහ්...හා..එකෙක් සිනාසෙමින් පැවසුවේය. ගල් ඔස්තාර්ලා ගැන කියූ විට අලුත කූඩුවට පැමිණි ඇතැමෙක් බියපත් වුවද ඔවුන්ද සිනාසුනි.

මේ වෙලාව කීයද බං?

එක විතර වෙලා.

තාම එකයිද? ඔව්..

අනික් වුනුත් නිදි නැහැ. තම්බිය බෙරේ පිටින් අල්ලගත්තෙ ඕකට සිංදුත් කියන්න පුලුවං ඇති නේ. ඌට කියමු සිංදුවක් කියන්න කියල. අනික් උන් කෑගැහුවත් ඌට නේ..

මේ වහාබ් අයියෙ නින්ද යන් නැති එකේ සිංදුවක් වත් කියමුද? මං කාසියක් හොයාගත්ත කූරු වලට ගහන්න.. එක කොල්ලෙකු කීවේය.

ආහ් මල්ලි කියමු කියමු... එහනං මුලින්ම අපෙ ජාතියෙ එක්කෙනා බුදු සාදු ගැන කියපු එක පටන් ගන්නං..

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනී......

වලිගේ ඇති යෙකා මැස්සන්ට බැට දුනී....

මොකද්ද ඔය් මේ මහ රෑ පැල් කවි කියන්නෙ? තොපිට නින්ද යන් නැද්ද? හැරීසිටි පැත්තෙන් අනික් පැත්තට හැරුන එකෙක් වහාබ ්සිටි පැත්තට හැරී පස්න කරන්නට විය..

නැහැ අයිය අපි සිංදුවක් කියන්න තමා හදනවා.. නින්ද යෙන්නෙත් නේනෙ.. වහාබ් එය මුස්ලිම් අය සිංහල උච්චාරණය කරන විදියටම කියන්නට වූයේ එයින් ඔවුන්ගේ අනුකම්පාව ගත හැකි යැයි සිතූ නිසාය..

හරි හරි කියන ලබ්බක් අදින් නැතුව නැගල යන එකක් කියනවකෝ..වහාබ් ගැන දුක හිතුන මැදිරියේ සිටි අයෙකු කීවේය.

වහාබ් නැවත පටන් ගන්නට විය..

බුජුන්ගේ අමා දර්මේ..නොතේරී දනා මේ..

වෙලීලා බැඳී ප්‍රේමේ. විනාසේ වුනාවේ..

පුවතක්...
‘‘,හදිසි මාර්ග බාධක යොදවා මත්ද්‍රව්‍ය, මත්වතුර පානය කර හෝ රැගෙන එන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ශ්‍රී පාද පුදභූමියට රැගෙන එනු ලබන සංගීත භාණ්ඩ මාඋස්සාකැලේ ප්‍රදේශයේ රඳවා ගැනීමටත් පියවර ගෙන ඇත.‘‘  http://www.mawbima.lk/86-11719-news-detail.html

Sunday, March 23, 2014

ශිෂ්‍ය සංගම් තහනම නරකයි

කාලෙකින් අතීත කාමය අවුස්සන්න බැරිවුනා. ඒ නිසා සහ ශිෂ්‍ය සංගමයක් ගැන සමාජයේ තියෙන රාක්ෂ මතයන් ටිකක් හේදිලා යන්නත් එක්ක මම අපේ ශිෂ්‍ය සංගමෙන් කරපු වැඩ කිඩ ටිකක් කියන්න හිතුවා. ඇත්තටම ඒ සියලු වැඩ මම කලා නෙමෙයි. අපේ යාලුවො සහ මම එකතු වෙලා කරපු වැඩ.

උත්සව පැවැත්වීම.


ඒ කාලෙ අපේ ශිෂ්‍ය සංගමයෙන් උත්සව ආදිය පැවැත්වීමට මූලකත්වය ගත්තා. ක්‍රීඩා උත්සවයක් සහ අවුරුදු කාලෙට අවුරුදු උත්සවයක් පවත්වනවා. මේ උත්සව ආදිය පරණ විදියට වගේම අලුත් නවාංග වලිනුත් සමන්විත වෙනවා. සෑමඋස්සව කටයුත්තක් අවසානෙ අපේ ශිෂ්‍ය පිරිසක් එකතු වෙලා පොඩි පහේ ඩීජේ එකක් තියනවා. මේකට ගන්න බෆල් ආදිය අපි උත්සවේට කියලා කලින් ආයතනයෙන් ඉල්ලගනිපුවා. ඒ වගේම ගන්න කොම්පියුටර මැසිම ඒ කාලෙ නව නිපැයුම් කරන්න කියලා ආයතනයෙන් ශිෂ්‍ය කමිටුවකට දීපු එකක්. ආයතන පරිපාලනය නම් මේ වගේ ආයතන භූමිය ඇතුලෙ නටන ගයන ඩී ජේ තියන එක දකිනව ඇත්තෙ ආනන්තරිය පාප කර්මයක් විදියට. තව ඉතිං අඩුපාඩු මොනාහරි තියෙනවනං රුපියල් දහක විස්සක විතර කලෙක්ෂන් එකක් දානවා. ඒ එකතුවෙන ගානින් පොඩියට අපි වැඩේ කරනවා. හැබැයි සද්දෙ සහ කොලිටි එක නම ්කිසිම අඩුවක් නැහැ. ඒකෙදි මුලින් මුලින් ගෑල්ලමයි වැනෙනවා විතරයි. ටික වෙලාවක් ගිහින් නටනවා. කෝමත් ඕක හයට විතර පටන් ගත්තම හතහමාර විතර වෙනකල් ඇදල තමයි අපි නවත්වන්නෙ.

නව නිපැයුම් වැඩ..


මම ඉගෙනගත්තෙ ඉංජිනේරු විද්‍යාව උගන්වන ආයතනෙක. අපි අවබෝධ කරගත්ත දෙයක් තමයි අපි හැමදාම පොත් වලින් හෝ වෙනත් මාර්ග වලින් ඉගෙන ගත්තට අපිට තවත් ඉගෙනගන්න මාර්ග තියෙනවා කියන කාරණාව. මේ නව නිපැයුම වලට වෙනම ම කොමිටියක් පත් කරලා තිබුනා. ඒකට සියලුම වසර වලින් සියලුම අංශ වලින් සාමාජිකයින් පත් කරලයි තිබුනෙ. මේ නව නිපැයුම් කොමිටිය හරහා අපිට ආයතනයෙන් වගේම පිටින් ලැබෙන ප්‍රතිපාදන මේ නව නිපැයුම් කරුවන්ට බෙදල දුන්නා. ඇත්තටම සල්ලි නං ගොඩක් ලැබුනෙ නැහැ. නමුත් නව නිපැයුම් කරන අයට ලොකු තල්ලුවක් ඒකෙදි ලැබුනා. කොහේ හරි කැම්පස් එකක ප්‍රදර්ශනයක් තිබුනාම, නැත්තං ඉංජිනේරු ප්‍රදර්ශන තිබුනාම අපි ඒවා අරගෙන යනවා. ගොඩක් වෙලාවට ඒ නව නිපැයුම් හදන අය නෙමෙයි ඒවා කියල දෙන්න ඉන්නෙ. හදන අයට ඉගෙනගන්නයි බඩු හදන්නයි හැම ප්‍රදර්ශනේටම ගිහින් ඔලුව දාගෙන ඉන්නයි අමාරුයි. ඒ නිසා අපි බඩු හදන අය ලව්වා වෙන අයව පුරුදු කරවනවා. පුරුදු කරලා ඒ භාන්ඩය හෝ ක්‍රමවේදය ගැන හොඳ දැනුවත් කිරීමක් සහිත අය වැඩේට දානවා.

ඕවා ඉතිං පොතේ තියන විදියට කිව්වට, මටම සෙට්වෙලා තියෙනවා බඩුවෙන් වෙන ක්‍රියාදාමය දන්නෙ නැතුව වෙනත්ම බයිලයක් ගහනවා. ඒ්ත ඉතිං ටිපිකල් සිරි ලංකන් පීපල්ස්ල බණ අහනවා මිස ප්‍රශ්ණ කරන්න යන්නෙ නැහැ. ඒ නිසා ඕන බොරුවක් ගහන්ට පුලුවනි. එක පාරක් තිබුන මුහුදු රල භාවිතයෙන් විදුලිය නිපදවන්න පුලුවන් ගැජට් එකක් ඒක ඇවිල්ල පොඩි ඉදිරිපත් කිරීමක් විතරයි. මුහුදු රල උස් පහත් වන විට ඒ මගින් මොට්රයක් කැරකිල විදුලිය උත්පාදනය වෙනවා. මේක සාගර තරංග හෝ උදම් රල භාවිත කරල කරපු වැඩක් නෙමෙයි. දවසක් මම දැක්ක යාලුවෙක් ඕක විස්තර කරනවා ලෝකේ තියෙන සාගර කලාප සාගර තරංග සහ බ්ලා බ්ලා බ්ලා...වගයක් එක්ක. අහං හිටිය අංකල් කාරයත් වැඳගෙන වගේ අහගෙන ඉන්නව දැක්කා.


කලා වැඩ කටයුතු.


කලා වැඩ කටයුතු කිව්වහම අපේ කාලෙ සුපර්ස්ටාස් එහෙම ආපුම කාලෙ. ඒ නිසා ස්ටාස්ල වැඩිය හිටියෙ නැහැ. ඉතිං පොඩි පහේ කලාකටයුතු හෙම සංවිධානය කරලා ඒ ගොඩේ ගායකයො ටික පොඩ්ඩක් පිකප් කරන්න අපි උත්සාහ ගත්තා. මං හිටපු කාලෙ නම් ෆිල්ම් පෙන්වන්න බැරිවුනා අපිට ආයතනයේ ප්‍රොෙජක්ටර් එක ගල් කරගැනීමේ පොඩි අපහසුතාවයක් තිබුන නිසා. කෙනෙක් හිතන්න පුලුවනි ආයතනයේ ප්‍රොෙජක්ටර් එක ගල් කරලා ෆිල්ම් බලන එක වැරදියි කියලා. හැබැයි ෆිල්ම් බැලිල්ල කියන එකත් පොඩි ආතල් විදියකට කරන්න අපිට කලිං හිටපු සීනියර්ල සමත් වෙලා තිබුනා. ඔන්න කස්ටිය ෆිල්ම් එක බලනවා. එක අයියා කෙනෙක් හෝ පොරක් අර ෆිල්්ම එක ගැන විස්තර හොයං ඇවිත් බලල ඉවර වුනාම විනාඩි පහක් විතර විස්තර කරනවා. ඉන් පස්සෙ තව අය පස්න අහනවා මත ප්‍රකාශ කරනවා. ඒකත් නරකම නැති වැඩක්.


මමත් දරපු එක තනතුරක් තමයි අපේ ආයතනයේ තිබුන බිත්ති පුවත්පත් නිර්මාණ බෝඩ් එක අප්ඩේට් කරන එක. හැමදාම නිර්මාණ දාන්න දාන්න කිව්වට ගොඩක් වෙලාවට එකම සෙට් එකක් තමයි දාන්නෙ. ඔන්න ඉඳලාම එකෙක්ට ලව් මාන්දම ගැහුවාම කවියක් දෙකක් වැටෙනවා. තව ඉතිං ලෝකෙට අපි චෝක් බබාල කියල පේන්න කස්ටිය අම්මා, තාත්තා, දුප්පත්කම, නිදහස් අධ්‍යාපනය වගේ දේවල් ගැනත් දානවා. එකපාරක් ඔය බෝඩ් එක මොකුත් නැතුව වේලෙන කාලයක් ආවා. මම සංස්කාරකයා විදියට ඒක ටිකක් අවුල් කාරණාවක්. කස්ටිය නිර්මාන ගැන දැනුවත් කරලා නිර්මාණ ගන්න එක මගේම වගකීමක් වුනා. ඒ නිසා ඒ කාලෙ පොඩි වාදයක් පටන් ගත්තා. දෙපැත්තටම ලිපි දාන්නෙ මම. හැබැයි ලියෝ ගන්නෙ ෆොන්ට් එක වෙනස් දෙන්නෙක්ට කියලා.

ඕක දිගට යනකොට ඒ වාදෙට තව අය දායක වුනා. වාදෙ නැගලම ගියා. ඒ දවස්වල උදේ පාන්දර ඇවිත් කැන්ටින් යන්නත් කලිං කස්ටිය ගිහින් අර බෝඩ් එක දිහා බලං ඉන්නවා මොකද්ද අද යන තෙල් කෑල්ල කියලා. වාද බැලිල්ලට නම් කස්ටිය හරිම මනාප වුනා.

අධ්‍යාපනික දේශන වැඩමුලු..ඇවිදීම් ආදිය..


අපේ ආයතනය තිබුනෙ කොළඹ.කොළඹ තිබුනාට අපි ගොඩ දෙනෙක් ඇවිත් තිබුනෙ ඩොටේ ඉඳලා. මැත්ස් කලාට මොකද ඉංජිනේරු විද්‍යාව කලුද සුදුද කියලා අපි දැනං ඉන්නෙ නැහැ. ඒ නිසා ඒක මොන වගේද රවුංද හතරැස්ද කියලා දකින්න අපිට ලැබෙන්නෙ ඇත්තටම ට්‍රේනින් ගියාම තමයි. ඊට කලිං ඉංජිනේරු විද්‍යාෙව් ප්‍රාෙයා්ගික දේවල් හදාරන්න අපිට අවස්ථා අඩුයි. ඒ නිසා අපේ ජේෂ්ඨ අයියල අක්කල කල්පනා කරල තිබුනා පිට ක්ෂේත්‍රවල ඉන්න පොරවල් එක්කරං ඇවිල්ල අපේ ආයතනය ඇතුලෙ ඒ අයගේ දැනුම බෙදාගන්න ඕනි කියලා. ඒකට කියන්නෙ ගෙස්ට් ලෙක්චර්ස් පැවැත්වීම කියලා. ඒ වගේම අපි හැකි පමණ ආයතන නරඹන්න යන්න්ත උනන්දු වුනා. නර්ඩ් ආයතනය සහ තවත් එක කම්හලක් ඒ විදියට අපි බලාන්ට ගියා.

මේ ගෙස්ට් ලෙක්චර්ස් එහෙම සංවිදානය කරගන්න හිතන තරම් ලේසි නැහැ. ඒ මිනිස්සු ක්ෂේත්‍රෙය් බොහෝ රාජකාරි තියන අය. එහෙම අය ගෙනල්ල සමාරවෙලාවට සංවිධානය කලත් අපේ මිනිස්සු නැහැ වැඩේට. ඒ නිසා අපි තීරණය කලා පොඩි ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් කරන්න. අපේ සෙට් එකේ අදහස අනුව ඇඩල්ට්ස් ඔන්ලි කියලා රතුපාට අකුරින් සීල් එකක් විදියට ගහලා, සෙක්සි ගෑණුලමයෙකුගේ පිංතූරයක් ලොකුවට දාල යටින් ගැහුවා දැනුමින් මුහුකුරා ගිය වැඩිහිටියන් සඳහා පමණයි ගෙස්ට් ලෙක්චර් එක කියලා. ඒ මෙතඩ් එක හොඳ නැහැ. එහෙම ගැහුවාම ආයතනයේ තත්වය අඩුවෙනවාය, ලෙක්චර්ස්ලට හොද නැතිය. සදාචාරයට හොද නැතිය කියලා කස්ටිය කතාවුනා. මොන කතාව ආවත් අවසානෙ හිතපු නැති තරං සෙනගක් ඒ ලෙක්චර් එක අහන්න ආවා.

අපි ඉවන්ට් අපිට ඕනවට ඔහේ තියාගෙන තියාගෙන ගියාට මිනිස්සු එන්නෙ නැහැ. අර වගේ දෙයක් දැක්කම වෙනද දවාලියෙන් හොස්ටල් ගිහින් බුදියන්න හදන එකාටත් හිතෙනවා අඩේ මොකද්ද දන්නැහැ මේ වැඩේ පොඩ්ඩක් ඔලුව දාල බලන්න ඕනි කියලා.


කෑ ගැසීම්..

අපිටත් ඒකාලෙ අපේ ආයතනයේත් තිබුන ගැටලුවලට ඇමතිවරු අධ්‍යක්ෂවරු එක්ක විවිධ ගැටුම් කාරි තත්වයන් තිබුනා. දැන් ඔය වගේ ළමයි උද්ගෝෂනය කරාම කස්ටිය කියන දෙයක් තමයි ඕවා කතාකරලා විසඳගන්න පුලුවන් නේ කියන මෝඩ මැටි කතාව. කතාකරල විසඳගන්න පුලුවන් උන් කතාකරනවනම් සහ කියන දේවල් කරනවා නම්. එහෙම කරන්නෙ නැතිවෙන කොට සිසුන්ට කරන්න දෙයක් නැහැ. උද්ඝෝෂනය කරනව හැර. උදාහරණ විදියට අපි හිටිය කාලෙ එක කැම්පස් එකක ලමයිට තිබුන ලොකුම ගැටළුව ඔවුන්ට ලැබෙන ජලය අපිරිසිදු වීම. ඔය වගේ එකක් සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමය ගහන්න පුලුවන් හැම තැනටම ලියුං ගහල හම්බ වෙන්න පුලුවන් හැම ලොක්කම හමු වෙනවා. නමුත් ප්‍රශ්ණෙ විසඳන්න කාටවත් ඌමනාවක් නැහැ. මොකද සමාරවිට ලොකු උන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තට උන්ගේ ළමයි සල්ලි දීල ඉගෙනගන්න නිසා වතුර ගැටළුව දැනෙන්නෙ නැතුව ඇති.

එහෙම ඒ සෙට් එකත් මේ අද ඊයෙ කස්ටිය වගේම බොහොම දුර බැහැර ඉඳන් කොළඹ ඇවිත් පිකට් කරලා පෙළපාලි ගියා. අවසානෙ ඒ කොල්ලන්ට කෙල්ලන්ටත් පොලිස් වතුර පාර ලැබුනා. සමාර විට වතුර ඉල්ලුව නිසා වතුර ලැබෙන්නත් ඇති. මම අද වෙනකොට නිදහස් අද්‍යාපනය අද තිබෙන තත්වයෙන් ම තිබිය යුතුය කියන මතයේ නැහැ. නමුත් උද්ඝෝෂණ කරන පෙලපාලි යන විරෝධතා දක්වන සිසුන් කෙරෙහි සාමාන්‍ය සමාජය දක්වන ඉතාම පටු ආකල්පයට කැමති නැහැ. මල් රාජපක්ෂලා කොටුවෙ පාරවල් වහගෙන කාර් රේස් යනවා අපේ අයට ඉවසන්න පුලුවනි. උත්සව නිසා වරු ගනන් පාරවල් වැහුනම ඒක ඉවසන්නත් පුලුවනි. නමුත් කැම්පස් කොල්ලො කෙල්ලො පොඩ්ඩක් එලියට බැහැල මොනවහරි ඉල්ලලා පිකට් කලාම අපේ අයගේ අහවල් ඒවට හරියට රිදෙනවා. ඔය උද්ගෝෂන වල මම කාලයක් ගියපු නිසාම දන්නවා. ශිෂ්‍යෙයා උද්ඝෝෂණය කරලා ඉවරවුනාම නිළදාරි බලධාරි අපිට සාකච්චා ලබාදෙනවා. නමුත් එතෙක් කල් සිසුන් යවපු ලිපි සිය ගානක් ඇහෙන් දැක්කෙ නැති ගාන්ට ඉඳපු ඇමතියා එකපාර මීඩියා වලට කියනවා අනේ ඒ ළමයි සාකච්චා ඉල්ලුවනම් දෙන්න තිබුනා කියලා.
බොහෝ දෙමව්පියො හිතං ඉන්නවා කැම්පස් ගිහිං නිවිල සිරිමත් මගෙ සකි වගේ චෝක් බබා වගේ ඉදලා එලියට ආවම හරි කියලා. නමුත් ඒ මතය වැරදියි. උදාහරණ විදියට කැටයක් අරගෙන බස් එකකට නැඟල කීයක් හරි ඉල්ලන්න කතාවක් පවත්වනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. හිඟන්නො කෙල ගහනවා. බස්වල පොත් යතුරුකටු විකුනන උන් ගෑනුලමයිට පවා කුනුහබ්බෙන් බැනල එලවගන්නවා. සමහර පොරවල් පොරත්වය පෙන්වන්න පස්න අහනවා. ඉතිං ඒ වගේ බස් එකකට ගොඩවෙලා කතාකරන්න හුරුවෙන කොල්ලෙක්ගේ කෙල්ලෙකුගේ අමුතු ස්කිල් එකක් ඇතිවෙනවා. සාමාන්‍යෙයන් කැම්පස් කියලා වෙන්කරලා තියෙන මහා රාමුවෙන් එලියට එන්න යම්තාක් හැකියාවක් අර පාරෙ කැට හොල්ලන සමාර ළමයිට හැකියාවක් ලැබෙනවා.

කැම්පස් කියන්නෙත් ඉස්කෝලෙම ලොකු සයිස් එක කියල හිතං ඉන්න මිනිස්සු ඉන්න සමාජයකදි ශිෂ්‍ය සංගම් සහ එහි ක්‍රියාකාරිත්වය ළමයින්ට වැදගත් වෙන හැටි කියල දෙන්න අමාරුයි. ඒ වගේමයි ශිෂ්‍ය සංගම් වගේම අධ්‍යාපන ආයතනත් නවීන ක්‍රමවේදවලට නවීන හැඩගැසීම්වලට අනුගත වෙන්න උත්සාහ කරන එකත් වැදගත් වෙනවා. එදා 1989 දි වුනා වගේ ශිෂ්‍ය සංහාර නම් කිසිසේත්කිසිම ශිෂ්ඨාචාරගත සමාජයක් අනුමත කරන්නෙ නැහැ. නමුත් තමුන්ගේ වැඩේ විතරක් කරගෙන තමුන්ගේ පාඩුවෙ ලිං මැඩියො වගේ කැම්පස් එකෙන් එළියට බහින්න හුරු වෙන පිරිසක් බිහිකරන්න මහ ජනතාවගේ සල්ලි වියදම් කල යුතුද කියලත් ලොකු ගැටළුවක් තිබෙනවා.
මේ කාරණාව ගැන මට තියෙන අත්දැකීම් ප්‍රමාණය අනුව ලිපිය බැලන්ස් කරනගන්න ලොකු ගේමක් දෙන්න වුනා. මේ වගෙ දිග ලිපි හතර පහක් ලියන්න තරම් සිදුවීම්, අත්දැකිම් රාශියක් මට තිබෙනවා. නමුත් පාඨක තොමෝ වෙහසට පත්වෙන්න පුලුවන් නිසා ඉතාම කෙටි සටහනක් ලියලා දැම්මා.

Wednesday, March 19, 2014

ඕලන්ද ජල මාර්ග (Dutch Canals)

ලෝකයේ ප්‍රවාහන මාධ්‍යයන් කිහිපයක්ම තිබෙනවා. අපි දන්නා ආකාරයට ගුවන්,නාවික සහ මාර්ග විදියට ඒවා වෙන් කරගන්න පුළුවනි. ගොඩබිම ප්‍රවාහන මාධ්‍යයක් විදියට භාවිත වෙන මාර්ග යළිත් දුම්රිය සහ මහාමාර්ග ලෙස වෙනස් වෙනවා. කේබල් කාර් උමං අධිවේගී මාර්ග ගුවන් පාලම් ආදි නොයෙකුත් විදියට අද දියුනු ලෝකයේ ප්‍රවාහන මාධයයන් වෙනස් වෙලා තිබෙනවා. නාවුක ගමන් මාර්ග කිව්වාම බොහෝවිට හිතේ මැවෙන්නෙ විශාල ගංගා සහ මුහුද මත කරන විශාල නැව් ගමනා ගමන කාර්යයන්. නමුත් ජල මාර්ග මහා මාර්ග විදියටත් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා.


මේ විදියට රටවල් හෝ මහද්වීප ඇතුලෙ තිබෙන ජල මාර්ග විදියට හඳුන්වන්න පුලුවනි ඇලවල්, වැව්, විශාල විල්, ගංගා ආදිය. මෙවායේ යන නැව්, බෝට්ටු, පාරු ආදිය තිබෙනවා. ලංකාව යුරෝපීය ජාතින් තුන් ගොල්ලක් යටත් කරගෙන සිටියා. එයින් දෙවනියට යටත් කරගත්තේ ඕලන්ද ජාතිකයින්. ඔවුන් අද හඳුන්වන්නෙ නෙදර්ලන්තය විදියට. ඉතිහාසයේ ඒ යුගයේදී නෙදර්ලන්තය ප්‍රබල රටක්ව පැවතුනා. නෙදර්ලන්ත ජාතිකයින් සහ ප්‍රංශ ජාතිකයින් රටවල් ඇතුලෙ අභ්‍යන්තර ජල මාර්ග ඇති කරන්නත් තිබෙන අභ්‍යන්තර ජල මාර්ග වල ගමනාගමන කටයුතු කරන්නත් හපන්නු වුනා.

ශ්‍රී ලංකාවෙ මුහුදුබඩ පලාත් ඕලන්ද ජාතිකයින්ගෙන් ඉංග්‍රීසි ජාතිකයින්ට අයිති වෙනවා එක්දාස් හත්සිය ගනන් වලදි. පෘතුගීසි ජාතිකයින් ඊට කලිං හිටියා. නමුත් ලංකාවෙ පහතරට මිනිසුන්ගේ ජන ජීවිතයට ,ජීවන රටාවන් වලට වඩාත්ම බලපෑමක් කලේ ඕලන්ද ජාතිකයින්. මේ ඕලන්ද ජාතිකයින් නිවාස තැනීම, වැවීම, ජල මාර්ග ඉදිකිරීම, ව්‍යාපාර කටයුතු කිරීම ආදියෙහි නිරත වෙලා සිටියා. ඒ නිසාම පසුකාලීනව අපේ සංස්කෘතියට සැලකිය යුතු දායකත්වයක් ඕලන්ද ජාතිකයින් ගෙන් ලැබුනා.

ලංකාවෙ මහුදුබඩ පලාත් ලන්දේසින්ගේ පාලනයෙන් පසුව ඉංග්‍රීසින්ට දෙන්න වුනාට නෙදර්ලන්ත ජාතිකයින් ඉන්දුනීසියාව නිව් ගිනියාව ජාවා සුමාත්‍රා දූපත් වාගෙ ගිනිකොණදිග ආසියාවෙ රටවල් 1950 විතර වෙනකල් පාලනය කලා. ඕලන්ද ජාතිකයින් යටතේ තිබුන විශාල රාජ්‍යයක් තමයි ඉන්දුනීසියාව. අදත් නෙදර්ලන්තයේ ජනගහනයෙන් සියයට 2ක් ඉන්දූනීසියානු ජනතාව ඉන්නත් ඒක එක හේතුවක් වෙන්න ඇති. (නෙදර්ලන්ත, ඕලන්ද, ලන්දේසි යනුවෙන් හඳුන්වන්නේ එකම ජාතියකි)

ඉතිහාසයේ ලෝක යුද්ද සහ යුරෝපයේ ඒ ඒ වකවානු වල පැවති තත්වයන් නිසා නෙදර්ලන්තය කියන රටත් එයට අයිති බිමත් පසුකාලීනව වෙනස් වෙන්නට ඇති. අද නෙදර්ලන්තයේ වපසරිය වර්ග කිලෝමීටර 41,543ක් වෙනවා. ඒ රටේ අභ්‍යන්තර ප්‍රවාහනයට යොදා ගත හැකි විශාල නැව් යන්න පුලුවන් ජල මාර්ග වල දුර කිලෝමීටර 6,237ක් වෙනවා. බැලුවාම පේනවා ලංකාවට වඩා විශාලත්වයෙන් අඩුවුනාට ලංකාවෙ සමස්ථ දුම්රිය මාර්ග දුර වන කිලෝමීටර 1,449ටත් වඩා දිග නැව් යන්න පුලුවන් ඇල සහ ගංගා මාර්ග නෙදර්ලන්තයට තිබෙනවා. මේ ඇලවල් ඇවිල්ලා ටොන් පනහට වඩා බර කුඩා නැව් පවා යන්න පුලුවන් විශාල ඇල මාර්ග.

ලෝකයේ අභ්‍යන්තර නාවුක මාර්ග ලැයිස්තුව සංසන්දනය කලාම පිලිවෙලින් චීනය,රුසියාව, බ්‍රසීලය, වියට්නාමය,එක්සත් ජනපදය,කොලොම්බියාව, සහ ඉන්දුනීසියාව තිබෙනවා. ඉන්දුනීසියාව ජල මාර්ග වල දිග අනුව සැලකුවාම 7 වන ස්ථානයේ ඉන්නවා. මේ ලැයිස්තුවේ 22 වන ස්ථානයේ නෙදර්ලන්තය තිබෙනවා. ඒ අනුව ඕලන්දයට යටත් වෙලා තිබුන ඉන්දුනීසියානු රටේ විශාල වශයෙන් අභ්‍යන්තර නාවුක මාර්ග ඇතිකරන්න ඕලන්ද ජාතිකයින් ක්‍රියා කලා කියලා අපිට හිතන්න අවකාශ තිබෙනවා. ප්‍රංශ රටත් එහෙමයි. ප්‍රංශයෙත් නාවුක ගමනාගමනයට යොදාගන්න ඇල මාර්ග සහ විශාල ගංගා ආදිය තිබෙනවා.

ඕලන්ද යුගයේදී ලංකාව ඔවුන් යාපනය,කොළඹ සහ ගාල්ල වශෙයන් නගර තුනක් යටතේ පාලනය කලා. මේ කාලයේදී ඕලන්දක්කාරයෝ ලංකාවේ වැඩකරන්න ඒ අයගේ වෙනත් යටත් විජිත වලින් මිනිස්සු මෙහෙට ගෙනල්ල තියෙනවා. ඒ කිව්වෙ ඉන්දුනීසියාව,ජාවා දූපත්, දකුනු ඉන්දියාව, මියන්මාරය වගේ රටවලින් ලංකාවෙ සේවය කරන්න මිනිස්සු ගෙනල්ල තියෙනවා. ඕලන්ද ජාතිකයින් යටත් විජිතවලදී ස්වදේශිකයින් සමඟ විවාහ සම්බන්ධතා පැවැත්වීම පහත් ක්‍රියාවක් ලෙස දුටුවා. ඒ නිසා ඔවුන් බොහෝවිට කසාද බඳින්න ගෑනු ඒ රටින්ම රැගෙන එන්නට ඇති. ඕලන්ද ජාතිකයින් සහ යුරෝපයෙන් පැමිණි අය ඒ ඒ රටවලට ආයිත් යන්නට ඇති. එයින් ඉතාම සුළු පිරිසක් බර්ගර් කියලා අපිට නිදහස ලැබෙන කාලෙ වෙනකල් ඉතිරි වෙලා හිටියා. එතකොට වැඩට ගෙනාපු මිනිස්සු? එයාලට මොකද වුනේ? ආයිත් ඒ අය යන්න ඇතිද ඉන්න ඇතිද? ඒක සිතන එක පාඨකයාටම බාර දෙනවා.

පහතරට පලාත් පාලනය කරපු ඕලන්ද ජාතිකයින් මෙහෙ කුරුඳු,පුවක් සහ එවැනි වෙළඳ වටිනාකමක් සහිත ද්‍රව්‍යයන් ප්‍රවාහනය කරන්නට මාධ්‍යයක් සොයන්නට වුනා. ඔවුන් ඒ සඳහා ඇල මාර්ග තැනීමට කටයුතු කලා. සමහර ජල මාවත් පෘතුගීසි කාලයේ පටන්ම තිබෙන්නට ඇති. ලෝ පතල බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ සඳහන් වන අන්දමට නම් මඩකලපුවේ සිට සමන්තුරේ දක්වාත් මාතර සිට වැලිගම දක්වාත් කොළඹ සිට බෙන්තොට දක්වාත් ඇල මාර්ග ඕලන්ද පාලන කාලය තුල ඉදිකොට තිබෙනවා. මාතර වගේම ගාල්ලෙත් ඕලන්ද ඇලක් තිබෙනවා. වැලිගමත් මම ඇලක් තියෙනවා දැකල තියෙනවා ටිකක් පලල එකක්. නමුත් මාතර සහ වැලිගම අතර එවන් ඇලක් අදවන විට දකින්න ටනැහැ. මාතර සිට රට ඇතුලට යන්නට අකුරැස්ස පාරට සමාන්තරව ඉසදින් ටවුම ඇලවේල්ල ආදි පැතිවලට යන පුරාණ ඇලක් තිබෙනවා. ගාල්ලෙත් ඒ වගේ ඇලක් තිබෙනවා. නමුත් මාතර සහ වැලිගම අතර ඇලක් පිළිබඳ තොරතුරක් වෙනත් තැනකින් සොයාගන්නට නැහැ.

ඊට අමතරව කොළඹ සිට බෙන්තොටට තිබුනාය කියන ඇල, මඩකලපු සමන්තුරය ඇල ආදියද ඇත්තටම තිබුනාද කියලා දන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය යුගයේ ලියවුනු නොයෙක් සටහන් වල කොළඹට දකුනට වන්නට රත්මලාන මොරටුව පානදුර පළාතේ එවකට තිබුන වගුරු බිම්වල තිබූ ජලය බස්සවා ඒ බිම් ප්‍ර යෝජනවත් පොල් වගාවට යොදාගන්න ලන්දේසින් කටයුතු කලා කියල සඳහන් වෙනවා. මේ අන්දමේ වගුරු බිම් වල ජලය බැස්සවීම, නව ඇල මාර්ග ඉදිකිරීම, ඉඩම් ගොඩ කිරීම ආදී කාර්යන්හි නිපුණ වාරි ඉන්ජිනේරුවන් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම තුල රාජකාරි කොට තිබෙනවා.

ලන්දේසි කාලයේ කරපු අද දක්වා තිබෙන ලංකාවේ අභ්‍යන්තර ජල මාර්ගයක් විදියට භාවිත කල හැකි මාර්ගයක් ලෙස පවතින්නේ හැමිල්ටන් ඇල. මේ හැමිල්ටන් ඇලට සමාන්තරව තවත් විශාල ඇලක්ද තිබිල තිබෙනවා. මෙය එකල 8වන පැරකුම්බා රජ කාලයේ පටන් තිබෙන්නට ඇති බවටත් මත පලවෙනවා. මේ හැමිල්ටන් ඇල සහ ඒ සමාන්තර මුතුරාජවෙල හරහා යන ඇලමාර්ග වලින් ලන්දේසින් මීගමුව පුත්තලම කල්පිටිය,මන්නාරම, පැත්තේ සිට බඩු භාන්ඩ කොළඹ කොටුවට ප්‍රවාහනය කරලා තිබෙනවා. ඒ සඳහාම විශේෂිත වූ බෝට්ටු විශේෂයක්ද ඔවුන් සතුව තිබිල තියෙනවා.

මේ හැමිල්ටන් ඇල පටන්ගන්නෙ කැළණි ගඟෙන් එහි කොටසක් මීගමු කලපුවෙන් ඉවර වෙනවා අද වනවිට මේ මීගමු කලපුව දක්වා කොටස ප්‍රතිසංස්කරණය වෙලා තිබෙනවා. මේ හැමිල්ටන් ඇල මීට කලින් ඉංග්‍රීසි ජාතිකයින් විසිනුත් ප්‍රතිසංස්කරණය වෙලා තිබෙනවා. මේ ඇල මුල්කාලයේ කිලෝමීටර 100ක් පමණ දිග එකක් වන්නට ඇතිබවට විශ්වාස කෙරෙනවා. කුලියාපිටිය පුත්තලම පැත්ත දක්වා විහිදුන මේ ඇලේ සක්‍රිය කොටස් අද දක්වාම දකින්න ටතිබෙනවා. ක්ලෝමීටර 40ක අධිවේගී මාර්ගයක් විවෘත කරන එක ජාතික උත්සවයක් බවට අද පත්වෙලා තියෙනවා. එදා මහ ඩෝසර්,යකඩ ඇත්තු,ටිපර් නැති කාලෙක කිලෝමීටර 100ක බෝට්ටු යන්න පුලුවන් ඇලක් හදපු ඒ කාලෙ ලන්දේසි කාරයො මොන විදියෙ උස්සව කන්දරාව තියන්න ඇත්ද ඒව විවෘත කරන්න.

අපේ ප්‍රාෙද්ශීය රජවරුන්, පෘතුගීසින් සහ පසුකලෙක ලන්දේසින් විසින් මේ කොළඹට උතුරින් නව ප්‍රවාහන ජල මාර්ග ඇතිකිරීමත් එක්ක ලොකු අවාසියක් සිද්ද වුනා. ඒ තමයි ඇල මාර්ග හරහා කරදිය ඇවිත් ඒවා නිසා මුතුරාජවෙල ආදි පැතිවල කුඹුරු පුරන් වෙච්චි එක. ඒ මෝඩ වැඩේ නිසාම හැමිල්ටන් ඇලට සමාන්තර පරණ ඇලක් මෝඩ ඇල කියලත් හඳුන්වනවා. මේ ඇලමාර්ග තනන්න ගෙනාපු ජාවා රටේ මිනිස්සු සම්බන්ධ කිසියම් කාරණාවක් නිසා ජා ඇල ඇතිවුනා කියලත් මතයක් තිබෙනවා.

ඒ කාලෙ කොළඹ සාන්ත බස්තියන් තොටුපල බොහොම කාර්යබහුල තැනක් වෙලා තියෙනවා. සාන්ත බස්තියන් තොට, වැල්ලවත්ත, දෙහිවල ඇලවල්, බේරෙ වැව, ලේක් හවුස් එක, දියවන්නා ඇලවල් ආදිය එදා සක්‍රිය ප්‍රවාහන මාධ්‍යයන් වෙන්නට ඇති. කොළඹ වටේ ඇවිදින කාට වුනත් පරණ ඇලවල් හැමතැනම දකින්නට තිබෙනවා. නොරිස් කැනල් පාර, බේරෙ වැවේ අතු ශාඛාවන් විවිධ ඇලමාර්ග නගරය හරහා තැන් තැන් වල විහිදිලා තිබෙන ආකාරයක් දකින්නට පුලුවනි. මේ ඇල මාර්ගයන් බොහොමයක් ලන්දේසී කාලයේදී බඩු ප්‍රවාහනය කරන්න නාවුක කටයුතු සඳහා යොදාගන්නට ඇති.

දැන් පිටකොටුව පැත්තට එන කෙනෙක්ට පරණ සාන්ත බස්තියන් ඇලේ අවසාන කොටස දැක බලාගන්න හැකයාවක් ලැබිල තිබෙනවා. ඒ කාලෙ බොහොම ජයට මේ ජලමාර්ග තියෙන්න ඇති කියලා දැන් ඒවා දැක්කාම හිතෙනවා.

190,170 එනකොට දියවන්නාව හරියෙන් උදේට ඇතිවෙන වාහන තදබදය නිසා මිනිහෙක්ට උදේට රාජගිරියෙ ඉඳලා කොටුවට සැපත් වෙන්න පැයක් විතර ගතවෙනවා. ඒ වෙලාවෙ ටිකක් වේගෙන් පයින් ආවත් ලේසියෙන් කොළඹ කොටුවට එන්න පුලුවනි. ඒ අතින් බැලුවාම අපිට වඩා බොහොම ඉක්මනින් ලන්දේසි කාලෙ මිනිස්සු වැඩට යන්න එන්න ඇති. හැමදාම අලුත් අලුත් විශාල දේවල් හිතන අපේ රටේ බුද්ධිමතුන්ට උගතුන්ට පාලකයින්ට පොඩ්ඩක් පරණ සිතියම් පෙරලලා ඒ කාලෙ පාවිච්චි වුන ජල මාර්ග නැවත ඇතිකරන්න පුළුවන්ද ඒවා නැවත මාර්ග විදියට පිහිටුවන්න පුලුවන්ද කියලා හොයන එක ලොකු ව්‍යායාමයක් වේවි. ඒ වගේම දැනටම බොහොමයක් ජල මාර්ග තිබෙන නිසා නව පාලම් ඇතිකිරීම පුළුල් කිරීම වගේ පොඩි වැඩ කීපෙකින් පස්සෙ මේ ඇලවල් යළිත් පාවිච්චි කරන්න හැකියාවකුත් ඇති.

සාමාන්‍ය ලෝකයෙදි ඉංජිනේරු විද්‍යාව, වාණිජ විද්‍යාවන් ආදියෙදි ඉගෙනගන්නෙ අඩු සම්පත් ප්‍රමාණයකින් වඩාත් වැඩි ප්‍රතිපලයක් ලබාගන්න ආකාරය ගැන. නමුත් ලංකාවෙදි දැන් පාලකයො හිතන්නෙ වැඩි සම්පත් ප්‍රමාණයක් විනාස කරලා ඇහැට පේන ලොකු දේවල් කරන්නෙ කොහොමද කියන එක.

Tuesday, March 18, 2014

ජෝජ් වෝල් George Wall

සලාකා එක දිගේ ඉස්සරහට ගියාම ඒ හන්දියේ හමුවෙනවා මේන්න මේ ස්මාරකය. දෙමල පෙනුමක් තියෙන මේ ස්මාරකය කුමක්ද? ඔබ සිතනවා ඇති ඒ දෙමළ නිර්මාණයක් වෙන්න ඇති කියලා. නැහැ ඒ අපේ රටේ නිදහස් අරගලයේ කුඩා අවධිය නියෝජනය කරපු ජෝජ් වෝල් සිහිවන්න කරපු නිර්මාණයක්.

1948 ලංකාවෙ නිදහස් අරගලය කියල හැඳින්වුවාට සැබැවින්ම ලංකාව තුල අරගලයක් සිද්ද වුනේ නැහැ. සුදු ජාතිකයින් වෙනුවට කළු ජාතිකයින් ආදේශ වුන එක විතරයි වුනේ. පාලකයින් සහ ව්‍යාපාරිකයින් අතර මේ සටන ටිකක් පරණ කාලෙ ඉඳලම තිබුනා. ඒ සටනේ ස්වරූඵය වෙනස් වෙලා අවසානෙ එය ස්වදේශික ප්‍රභූන් නිදහස් අරගලයක් විදියට නම වෙනස් කරලා ඔවුන්ට පාලනය බලය ලබාගන්නට එය භාවිතා කලා. මේ අපේ රටේ ගැන කතාකරන පාසැල් පොත්වල පවා එවකට මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් බිඳැවැටීම කතා කරන්නෙ නැහැ. දෙවන ලෝක යුද්ධයේ අවසානය සමග අධිරාජ්‍යවල පැවැත්ම අභියෝග වලට ලක්වුනා. ඒ වගේම ඉන්දියාව වගේ දැවැන්ත අසල්වැසියන් ස්වාධීන වන්නට පෙරමුණ ගැනීමත් අපේ රටේ දේශපාලනික නිදහසට හේතු වන්නට ඇති.
කොළඹ නගර සභාව
එංගලන්තයේ ලැංකෂයර් පළාතේ උපත ලද ජෝජ් වෝල් ලංකාවට එන්නෙ 1846දි වතු නිළධාරි වරයෙක් විදියට. නුවර වතු නිළදාරියෙක් විදියට හිටපු ජෝජ් 1850 දි කොළඹට ඇවිත් ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා. ඒ වෙනකොට ලංකාවෙ තිබුනෙ කෝපි. ජොජ් වොල් ලංකාව වටේම ඇවිදිමින් කෝපි වගාව සම්බන්ධ අධ්‍යයන කටයුතු සහ ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා. ඉන් පස්සෙ ලංකාවෙ ප්‍රථම වතාවට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියලා සංගමයක් ජෝජ් වෝල් විසින් පටන් ගන්නවා. ඒ වැවිලිකරුවන්ගේ සංගමය (The Planters’ Association of Ceylon) ලංකාව පුරා විහිදී සිටි වැවිලිකරුවන්ගෙන් සමන්විත වුනා. වැවිලිකරුවන්ගේ සංගමය පිහිටුවන්න ජෝජ් වෝල් දායක වුනා වගේම 1884 දක්වා එහි සභාපතිවරයෙක් විදියටත් ජෝජ් වෝල් බොහෝ කාලයක් සිය ධූරයේ වැඩ බලලා තියෙනවා. 

ලංකාව සුදු ජාතිකයින් පාලනය කලාට මෙහෙ පාලනයට මුල් අවධියේදී මහජනයාගේ මතය නියෝජනය කරන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. මුල් කාලෙ සියලු තීන්දු තීරණ යෝජනා අදහස් ආවෙ සීමිත පිරිසක් හරහා විතරයි. පස්සෙ ඒක ව්‍යාප්ත වුනා. ඇත්තෙන්ම මේ ආකාරයට ආන්ඩුකාරවරයාට තිබුන අසීමිත බලය සහ පුද්ගලයින්ගේ බලය ව්‍යාප්ත වන විදියට නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන්න එවකට සුදු ජාතිකයින්ගේම බලපෑමත් හේතු වුනා. 

සිලෝන් ටෙලිග්‍රාෆ් ඔෆිස් කුරුඳුවත්ත ශාඛාව
වතු පාලකවරුන් ලෙසත් විවිධ ව්‍යාපාර වලත් නිරත වෙලා ලංකාවෙ සුදු ජාතිකයින් සීමිත ප්‍රමාණයක් ජීවත් වුනා. ඔවුන්ගේ  මතය පවා රජය මගින් නියෝජනය නොවන කොට ඔවුන් ඉදිරියට ඇවිත් ඒ ක්‍රමය වෙනස් කරන්න දායකු වුනා. ඒවිදියට ඉදිරියට ආපු පතාක යෝධයෙක් තමයි ජෝජ් වෝල් කියන්නෙ. 1886දි එවකට තිබුන ව්‍යවස්ථාදායක සභාවට ජෝජ් වෝල් පත්වෙනවා. මෙහිදී වී සඳහා ඇතිකරන්න ගිය බදු වලට සහ මහජනයා පීඩාවට පත්කරලා රජය මගින් ඇතිකරන්න ගිය බදුවලට ජෝජ් වෝල් සහ එවකට සුදු ජාතිකයින් සහ සීමිත ලාංකියන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව විරුද්ධ වෙලා තිබෙනවා. 

ඒ කාලෙ ජෝජ් වෝල් විසින් දිනා දීපු තවත් එක දෙයක් තමයි අද අපි ඔය නගර සභා විදියට දකින්නෙ. කොළඹ සහ මහනුවර නගර සභා මුලින්ම ඇතිකරන්න ජොජ් වෝල් දායක වෙලා තිබෙනවා. මුල්ම නගර ශාලාව ගෑස්පහ හන්දිය හෝ ඒ ආසන්නයේ තිබෙන්නට ඇති. දැන් මේ තිබෙන ලොකු සයිස් නගර සභා ගොඩනැගිල්ල 1924දි ඉදිකරන්න ගතපු එකක්.  ජෝජ් වෝල් ආදීන් විසින් ආරම්භ කරපු සුදු වතු පාලකවරුන්ගේ ඉල්ලීම් ආදිය නිසා මාර්ග සංවර්ධනය, වාරිමාර්ග ආදිය තැනීම, දුම්රිය මාර්ග තැනීම ආදී වැඩකටයුතු වලට මුදල් යොදවන්න ලංකාවෙ එවක තිබුන බ්‍රිතාන්‍ය රජයට සිද්ද වෙනවා.

ලංකාවෙ මුල්ම පුවත්පත මුද්‍රනය කරන්නත් දායක වෙලා තියෙන්නෙ ජෝජ් වෝල්. ඉංග්‍රිසි බසින් මුද්‍රිත එය ස්වදේශිකයින් අතර මෙන්ම විදේශිකයින් අතරත් ජනප්‍රිය එකක් වෙලා තිබුනා. එකල රජයේ මතය මහජනයාට යනවාට වඩා බොහොම වේගයෙන් රජයට ගැති නොවන ජෝජ් වෝල් වැනි විරෝධ පාර්ශවයන්ගේ පුවත්පත් ජනතාවට සමීප වෙලා තිබෙනවා. පසුව රජය මගින් පුවත්පත් ආරම්බ කරන්න යෙදුනත් ජෝජ් වෝල් සිටි අවධියේදී ඒවා සාර්ථක වෙලා නැහැ.

ජෝජ් වෝල්ගේ ලංකාවට ඇවිත් ටික කාලෙකින් සාර්ථක ව්‍යාපාරිකයෙක් වුනා වගේම දශක දෙකකින් විතර පස්සෙ වෝල්ගේ ව්‍යාපාර බිඳවැටෙන්නට ගන්නවා. සමහර විට එය එවකට තිබුන කෝපි වගාවේ කොළ රෝගය නිසා වන්නටත් පුලුවන්. ඊටත්අමතරව පසුකාලීනව රජය සමග ගැටෙන ව්‍යවස්ථාදායක සභාවේ තැනක ජෝජ් වෝල ්සිටි නිසාත්,ව්‍යාපාරික කටයුතු වලට යොමුකරන්නට තිබු කාලය සමාජ ව්‍යාපාර කටයුතු ආදියෙහි නිරත වීම නිසාත් ජෝජ් වෝල් ගේ ව්‍යාාපාර අසාර්ථක වන්නට ඇති.  අවසාන භාගයේ සිය ගමරට බලා ගිය ජෝජ් වෝල් උපන් එංගලන්ත රටේදීම මියයන්න ඇත්තෙ දුප්පතෙක් විදියට.

දුම්රිය මාර්ග,මහාමාර්ග, පාලන ක්‍රමය, නීති පද්ධති ආදිය අපිට සුද්දා අලුතින්ම හඳුන්වා දුන්නා. ඒ සියල්ල සිද්ද වුනේ එවකට සිටි සුදු පාලකවරුන්ගේ මහා කරුණාව නිසාම නෙමෙයි. ඒ වෙනකොට අපේ රටට ඇවිත් සිටිය සුදු ජාතිකයින් සහ බුද්ධිමත් ස්වදේශිකයින්ගේ දේශපාලනික ව්‍යාපාරයන්ගේ ඉල්ලීම් නිසා බ්‍රිතාන්‍ය පාලකයින්ට රජය මගින් උපයාගන්නා සියලු මුදල් එංගලන්තයට යවන්න හැකියාවක් ලැබුන් නැහැ. ඔවුන්ට රටේ ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට වැදගත් වන ප්‍රතිංසංස්කරන රාශියක් සිද්ද කරන්නට සිද්ද වෙනවා. 

කොළඹ නගර සභාව ඇතුල
කොළඹ ටවුන් හෝල් සලාකා හරියෙන් ඇවිදින්න අවස්ථාවක් ලැබුනොත් බලන්න අර ස්මාරකය. එතනින් යන මිනිසුන්ගෙන් සියයට එකක්වත් ඒ මොකද්දැයි නොදැන එතන පසුකර යනවා ඇති.

(ජෝජ් වෝල් ගැන මට ලබාගන්න හැකි වුනේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණයි. ඒ ගැන ශාස්ත්‍රිය ලිපි සම්පාදනය කරන්නට කැමති අය ඉන්නවා නම් මූලාශ්‍ර සහ තොරතුරු සොයාගන්නට එතරම්ම අපහසු වන එකක් නැහැ.)

Saturday, March 15, 2014

සැමීගේ කතාව Sam's Story



ෆිල්ම් එකක් සහ පොතක් කියන්නෙ දෙකක්. පොතකින් හදපු ෆිල්ම් එකක් තුල පොතේ කතාව හොඳයිද ෆිල්ම් එකේ කතාව හොදයිද කියලා සිද්ධි දෙකක් තියෙනවා. ඒ අතරින් බොහෝ විට පොත ජයගන්නවා. නමුත් කලාතුරකින් වගේ ෆිල්ම් එක ජයගන්නවා.

සැමීගේ කතාවට සම්මානයක් ලැබුනා. මං හිටිය තැන වාඩිවෙල හිටිය මැදිවියේ ජෝඩුවක පිරිමිය කිව්ව “මේක අපිට හරියන් නැහැ. ඔය සම්මාන දිනන ඒව අපිට තේරෙන්නෙත් නැහැ. හැබැයි මේක ලෝකෙන්ම හොඳම නළුවා සම්මානෙ එක දිනපු එකක් නේ. “ කියලා. ඒ කිව්වෙ විවේක වෙලාවෙ. නමුත් ඒ මනුස්සය නැගිටල ගියෙත් නැහැ. මං හිතන්නෙ ෆිල්ම් එක ගැන හොඳක් ඒ මනුස්සයාගේ සිතේ ඇතිවන්න ඇති.

2.30 දර්ශන වාරයට ගියත් වෙනදා වගේම 2.00 වෙද්දි බොක්ස් ඔක්කොම පිරිල ඉවරයි. ආසන බොහොමයක් හිස්ව තිබුනා. අවසාන මොහොතෙ චිත්‍රපටය පටන් ගත්තටත් පස්සෙ ඔන්න කෙලිනැට්ටියො ටිකක් ලොකු කන්ඩායම් ඇවිත් ඕ ඩී සී එකෙන් වාඩිවුනා. මම ඉතිං කවදත් 100 ටිකට් නිසා ඉස්සරහටම ගිහින් උඩ බලාගෙන හිටියා. 100 ටිකට් පොත ටිකක් නොපෙනෙන්න තමයි ටිකට් කවුන්ටරේ තියං ඉන්නෙ. ඒ වගේම ටිකට් එක අරං දොරගාවට ගියාම ඇහුව..දන්නව නේ? ඉස්සරහම අර ගහල තියෙන්නෙ පුටුවෙ 100 කියලා කිව්වා. මම දන්න විදියට ගිහිං වාඩිවුනා.

ෆිල්ම් එකක් බලනකොට කතා කරන්න අමාරුයි මට නම්. ඒත් අර මං කියපු මැදිවියේ කපල් එකනං හිටපු ගමන් කතාකරනවා දැක්කා. මේ වගේ ටිකක් හොඳ චිත්‍රපටියක් අතරෙදි අර බොක්ස් වල ඉන්න අය සෙක්ස් කරන්නෙ කොහොමද කියල මට හිතාගන්න බැහැ.

බොක්ස් තියෙන්නෙ සෙක්ස් කරන්න නෙමෙයි වෙන්න ඇති.  මම හිතන්නෙ නම් ඒ අය ඒක ඇතුලෙ ඉඳගෙන ජිම්නාස්ටික් කෙලිනවා ව‍ගේ ෆිල්ම් එක පටන් ගත් වෙලාවෙ ඉදල අවසානෙ වෙනකල් සෙක්ස්ම කරනව ඇති කියලා. ඒකත් ආට් ඔෆ් සෙක්ස් පැත්තට දාල පූර්ව ලිංගික අවධියේ කලාත්මක අවස්ථාවක් විදියට බොක්ස් වලට යන එක කෙනෙකුට අර්ථ දක්වන්න පුලුවන්. ෆිල්ම් හෝල් එකක් කියන්නෙ කොයි වෙලාවෙ මොකා පහත් වෙයිද කියලා හිතන්න බැරි අවධානම් කලාපයක්. රූම් හතර පහක් තියෙන පොඩි ගෙස්ට් එකකට ‍ජෝඩුව ගියානම් හෝල් එකකදි අම්මල,තාත්තල, වෙන්ඩ නෑයො, හෝ මොනයම්ම හෝ විරෝධතා සහිත අය මග ඇරල සෝක් ආතල් එකක් ගත් හැකි. ඒත් වැඩේ තියෙන්නෙ ඒවට යන්න සල්ලි නැති එක වෙන්න ඇති.


පවු අම්බානක පවු. දැන් ඔය ඉගෙනගන්න වයසෙ කැම්පස් ගිහින් ඉන්න ළමෝ සහ වෙනත් ඉගෙනගන්න ජෝඩු වලටත් ආසාවල් තියෙනවා. ඒ අයට රූම් එකකට වියදං කරන්න සල්ලි නැතුව නිසා මේවට එනවා ඇති.  ෆිල්ම් එකෙන් වෙන බාධාව. අනික් අයගෙන් වෙන බාධාව. පොදු ස්ථානයකදී ඇතිවෙන චකිතය නිසා වැඩේ හරියට කරගන්න ලැබෙන්නෙ නැතිව ඇති.

සැමීගේ කතාව සම්මානය දිනපු එක එක් පාර්ශවයකින් ෆිල්ම් එකට පාඩුයි වගේ. ලංකාවෙ සම්මානනීය චිත්‍රපට ධාරාව බැලුවොත් බොහෝවිට සාමාන්‍ය ජනයාට නොතේරෙන මට්ටමේ බොරිං ගතියක් ඒ ෆිල්ම් ඇතුලෙ තියෙනවා. සැමීගේ කතාව නම් හරිම සරලයි. පොඩි එවුන්ට වුනත් තේරෙන විදියට ෆිල්ම් එක හැදිල තියෙනවා.

ෆිල්ම් එක බලන්න ඕ ඩී සී එකට කෙල්ලො රොත්තක් පාත්වුනා කියල මම කිව්ව නේ. ඔන්න ඉතිං පොඩි ඇඩ් කෑල්ලක් ඒ කිව්වෙ සැමීගේ පොඩි ඇක්සන් කැල්ලක් ජෝක් එක්ක යනකොටම අර කෙලි නැට්ටියො ටිකගේ හිනාව පටන් ගන්නවා. ඒ වගේ පට්ටෙට හිනා යන තැන් පාලහක් විස්සක් විතර මුළු ෆිල්ම් එකටම තිබුනා.

‍අපිට ගම සහ අපේ රටේ අතීතය කියවෙන ටෙලි නාට්ටි‍ ගොඩක් තියෙනවා. නමුත් ඒවායේ සමස්ථ රූප තුල අපිට අම්බානක වෙනස් බවක් දැනෙනවා. කවදාවත් අපි ඒ ව‍ගේ අඳින පළඳින ගැනු ගම් වල දැකල නැහැ. ඒ ජාතියෙ කතා බාසාවක් උපන්තෙකට අහල නැහැ. මේ ව‍ගේ කෘතිම ගමවල් බලන එකත් වස අප්පිරිය වැඩක් . සැමීගෙ කතාවෙ ගමනම් මට බොක්කටම වැදුනා. ඒකෙ ඇත්ත ගම තියෙනවා කියල තමයි හිතුනෙ.

සමහර ලංකාවෙ ගම ගැන කියන ෆිල්ම් සහ ටෙලි වල ගම පෙන්වන කොටම ලොකු අඩුපාඩු පේන්න ගන්නවා. බොරු රැවුල් කෑලි බොරුයි කියල‍ පේනවා. චීත්ත ඇඳං පහත්‍ වෙන ගෑනුන්ගෙ ඉන්දියාව පේනවා. අලුත්ම චීත්ත මැදපු තුවා කරේ දාගත්ත පොරවල් ඉන්නවා. සැමිගේ කතාවෙ ඒ වගේ ‍අහුවෙන බොරු නම් තිබුනෙම නැහැ වගේ.


මිනිස්සු ගැන නිර්මාණය වෙන නිර්මාණ ජාති දෙකක් තියෙනවා. එකක් තමයි පොරවල් ගැන කතා කරන නිර්මාණ. අනික් ඒවා තමයි පොරවල් නොවන සාමාන්‍ය මිනිස්සු ගැන කතාවෙන ෆිල්ම්. දැන් දැන් ලෝකෙ සිනමාව අර පොරවල් ගැන කතාකරන එකෙන් වෙනස් වෙලා සාමාන්‍ය මිනිස්සුන්ගේම සුට්ටක් වෙනස් චරිත සිනමාවට ගේන්න හදන ගතියක් තිබෙනවා.


මේ අවුරුද්දෙ සම්මාන ‍ගොඩක් ගත්ත ටුවෙල් ඉයර්ස් ස්ලේව් (12 years Slave) කියන ෆිල්ම් එකේ කියවෙන්නෙ කලුජාතික වීරයෙක් ගැන නෙමෙයි. ෆිල්ම් එකේ සමස්ථ අරමුණ ඒ මනුෂ්‍යයාගේ හොඳ පැත්ත සහ වීරත්වය පෙන්වන එක නෙමෙයි. ඒ වගේම හොඳම ඇඳුන් වලට සම්මාන ගනිපු ‍ද ග්‍රේට් ගට්ස්බි (The Great Gatsby)කියන විචිත්‍රවත් චිත්‍රපටය වුනත් මට හිතෙන්නෙ ගට්ස්බිගේ වීරත්වයට වඩා කතාවට මුල්තැන දිලයි තිබුනෙ. සැමිගේ කතාව වුනත් හෙමයි. සැමී නිකංම නිකං ජෝක් එකක් හෝ ජෝකරයෙක් විදියටම ඉදිරිපත් කරන්නෙ නැතුව සාමාන්‍ය අපි වගේම කන බොන අඳින පලඳින හැඟීම් තිබෙන එහෙත් මඳක් වෙනස් චරිතයක් සැමී හරහා අපිට දකින්නට සලස්වලා තියෙනවා. ටිකක් බුද්ධියෙන් බැලුවොත් ඒ චිත්‍රපටයෙ සැමී හැර වෙනත් කතා ගනනාවක් දුවනවා කියල‍පේනව.

අපි ආසියාතික මිනිස්සු විදියට අපේ ළඟම හිතවතුන්, නෑයින්, පෙම්වතුන් ගැන බටහිර ජනතාවට වඩා සංවේදී සහ ලෙන්ගතු කමකින් පෙළෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නෙ අපිට මහා බරක්. බටහිර රටවලදි අවුරුදු දාහත දහ අට වෙද්දි ගෙදරින් හොයල නොබලන ස්වාධීන ජීවිතයකට ගෑනු පිරිමි ලමයි යොමුවෙනවා. අපේ දකුනු ආසියාතික සංස්කෘතිය ඇතුලෙ පවුල් බැඳිම් ඊට වඩා සංකීර්ණයි. ඒ වගේම ප්‍රබලයි.

අපේ රටේ තිබුන යුද්ධය නිසා මිනිස්සුන්ට තමුන්ගේ සමීපතමයින් ගොඩක් නැතිවුනා. ඒ සමීපතමයින් නැතිවීම ජාතික තලයේ මාධ්‍යවලින් හත් දවසෙ දානෙන් පස්සෙ ඈත්වෙලා යනවා. ලොකු ලොකු හමුදා කෙරුං කාරයො (මේජර්ලා, සෙන්පතියො, තරු ගනිපු දක්ෂ සෙබලු, විශේෂ පුද්ගලයො) ඉස්මතු වෙලා අනික් මැරුන සාමාන්‍ය වැසියො. සාමාන්‍ය සෙබලු ආදිය ගැන අමතක වෙනවා. සෙබලු සහ යුද්දයට මැදිවෙලා කොහේදි ‍හෝ මියගිය සාමාන්‍ය වැසියන්ගේ නෑසියන්ට, යාලුවන්ට, සමීප මිනිස්සුන්ට ලොකු වේදනාවක් හිමි වෙනවා.


අච්චර මෙච්චර වන්දි ලැබුනත්, තව අලුත් සම්බන්ධතා ඇතිවුනත් සමාර විට සමාර අයට ඒ අය‍ගේ ජීවිත කාලෙම අර නැතිවෙච්ච ජීවිත වල අඩුව තියෙන්න පුලුවනි. හුදෙක් නිකං මන්ද බුද්ධික‍ පොරකට වැඩිය යුද්ධය නිසා සහ තමුන් අයිති වුන දුප්පත් සමාජ ස්ථරය නිසා සැමීට සැමීව අහිමි වෙනවා. සැමීට අවසානෙ සතුට අයිති වුනත් සැමීගේ ලොරිය කියන හීනය එතකොට ඈතට ගිහින් ඉවරයි. සැමී ඉන් පස්සෙ තවදුරටත් ස්වාධීන ජිවිතයක්‍ නෙමෙයි. නිකංම නිකං මනුස්සයෙක්.

යුද්දෙට ආයුද ගෙන්නපු අයට කොමිස් ලැබෙන්න ඇති. අද යුද තරු වෙලා ඉන්න ‍ලොකු පොරවල් වලට යුද්ධය නිසා පරම්පරා ගානකට හම්බ කරගන්න චාන්ස් එන්නත් ඇති. එක බුලට් එකක් වත් ලංකාවෙ හැදුවෙ නැතුව පිටරටින්ම ඒවා අවුරුදු තිහක් තිස්සෙ ගෙනාවෙ ඇයි? කියල ඇහුවම මට නම් හිතෙන්නෙම ඒ කොමිස් නිසා වෙන්න ඇති කියලා. දුප්පත් කම නිසා යුද්දෙට ගිහිල්ල තරුණ කොල්ලො මැරුනා. සාමාන්‍ය වැසියො බෝම්බ වලට අහුවෙල මැරුනා. උතුර පැත්තෙ දෙපැත්තටම අහුවෙල යුද්දෙට මැදිවෙල හිටපු මිනිස්සු මොන විදියෙ ජීවිතයක් ගෙනිච්චද කියල හිතාගන්නවත් බැහැ.  

 මේ මම කියල තියෙන යුද්ධ මහප්‍රාන නැතුව සාමාන්‍ය වැසියන්ට තේරෙන බාසාවෙන් බොහොම සරලව චිත්‍රපටිය තියෙනවා. ‍කොටින්ම ෆිල්ම් එක ඇතුලෙ එක හමුදා ඇඳුමක් වත් පෙන්වන්නෙ නැහැ. ෆිල්ම් එකේ මියුසික්, දර්ශන, කතාව, කතා‍ව පෙළගැස්ම, නළු නිලියො ආදිය බොහොමයක් ජාත්‍යන්තර මට්ටමින්ම තියෙනවා. සිංහල භාසාවෙන් අපිට තේරෙන්නම තියෙන නිසා හෝල් එකකට ගිහින් බලන්න වටින තරම් ෆිල්ම් එකක් කියල තමයි අවසාන වසයෙන් කියන්න තියෙන්නෙ.

Friday, March 14, 2014

ඉඩෝරයක් මැද Idorayak meda

ඉඩෝරයක් මැද වලාකුලක් නැති කල
පිපාසයට දිය බිඳක් වත් නැති කොට
මගේ ළඟ තිබු පතොක් පඳුරේ 
ලොකු මලක් පිපිලා..ලස්සන.. ලොකු මලක් පිපිලා.

පෙනෙනවා දකිනවා සිඹින්නට හිතෙනවා...
රළු පරලු කටු ඇනී යාවි දෝ මන්දා..
සිනා සී වැනි වැනී කටුක නල එහි වැදී 
පේන මල ඇයි අකල් කලෙක දී පිබිදුනේ.

සුවඳ විහිදී ඈත යාවී සතුන් ඇවිදින්
මලට රිදවා මසිත පෙලාවිදෝ..
එක් දිනක් පිබිදෙනා විට මල 
අනුන් සතු බඳනක වැටී සැනසේදෝ..

මේ පහලින් තියෙන්නෙ කවිය කියන විදිය. කවිය කියන විදියත් අහලම යනවනං සන්තෝසයි.




මේ කවිය මෙතනින් අහන්නත් පුලුවනි
https://soundcloud.com/indika27/idorayak-meda


Thursday, March 13, 2014

රබර් කණ

මහත්තය මොකද කන්දෙකේ නිතරම ඉයර් පෝන් ගහන් යන්නෙ? යැයි ඇතැමෙක් සිතනවා වුවද කෙළින්ම චාමරගෙන් අහන්නේ නැත. මිතුරන් නම් බොහෝ දෙනෙකුට ඔහුගේ මේ පුරුද්ද දැන් හුරුය.

මචං ඉන්ද්‍රසිරි..උඹ හැමදාම මේක ජෝක් එකකට ගන්න හදනව වගේ බං.

උඹ තේරුං ගනිං කෝ..මං නිකං බොරු ලෙඩ ගන්න තරං පිස්සෙක් නෙමෙයි නේ. චාමර සිය යාලුවාට කියන්නට විය.

ඔව් ඔව් චාමර මට තේරෙනව උඹ බොරු කියන් නැහැ කියල. ඒත් බං උඹ හොඳටම දන්නව, මං උඹට කියලත් තියෙනවා බේත් ගන්න එන මිනිස්සු ගොඩ දෙනෙක්ට තියෙන්නෙ මානසික ආබාධයක්. උඹටත් සමාර විට මොලේ පොඩි පිසිකල් කේස් එකක් නිසා මෙහෙම වෙනව ඇති. මානසික ආබාධ කියන්නෙ පිස්සුම නෙමෙයි. සමාරවිට භෞතික දේවල් වලිනුත් මානසිකා ආබාධ ඇතිවෙන්න පුලුවන්. මං කිව්වට මේ මානසික දොස්තරය ගිහින් හමුවෙයං.

අනික බං මේ මං උඹව යැව්ව ඊ ඇන් ටී කියන්නෙ හොඳ පොරක්. මිනිහ යූ එස් වලත් ට්‍රේන් වෙච්චි එකෙක්. එහෙව් එකේ උඹට බොරු කරන්නෙ නැහැ ඌ.මාත් බැලුව නේ ඔක්කොම රිපෝට්ස් ඕකේ. ඉන්ද්‍රසිරි චාමරට තේරුම් කරන්නට වෑයම් කලේය.

හරි බං. එහෙනං මං ගිහින් එන්නං.. චාමර යන්නට හැදුවේ සිය මිතුරාගෙන් සිය රෝගාබාධයට නිසි විසඳුම් ගැනීම අවිනිශ්චිත බැව් පසක් කරගෙනය. නමුත් ඔහු කියන ලද කතාවේද සත්‍යක් ඇති බවට නැගිට දොස්තර මිතුරාට සමුදීමට තනන චාමරට වැටහෙන්නට විය.

මේ චාමර.. මම කියවනවට උඹ පොඩ්ඩක් සයිකෝ පැත්ත බලන ස්පෙෂලිස්ට් එක්කෙනක් අල්ලල බලහං. පොඩි කේස් එකක් වෙන්න ඇති. ඉන්ද්‍රසිරි නැගිට යන්නට යන චාමරට ඇසෙන සේ කිව්වාය.

තමුන් මේ ඇබැද්දිය ගැන ඉන්දරේට කීවාට වෙනත් දොස්තර වරු හමුවූ විට ඔවුන්ට මේවා පැහැදිලි කරන්නේ කෙසේද?

අවට ඇති ශබ්ධ වැඩියෙන් ඇසීම චාමරට ඇති රෝගයයි. ඔහු දන්නා කියන කාලයෙ පටන් චාමරට වැඩිපුර කන් ඇසීමේ දෝශයක් පවතී. එසේ වැඩිදුර කන් ඇසීම මහත් භාග්‍යයක් වුවත් එය චාමරට විශාල මානසික වධයකි. ඔහුට පෙම්වතියක් ගැන සිහින දකින්නට කිසිදු වෙනත් අඩුපාඩුවක් නැතිමුත් ඔහු අනුන්ගේ කුනු කන්දල් අසා සිටීම නිසා පෙම්වතියන් කිහිප දෙනෙක්ම ඔහු දමා ගියේය.

වරක් වෙඩින් එක පවා සියල්ල සැලසුම් කර තිබූ එක් සම්බන්ධතාවයක් නැවතී ගියේ වැඩිදුර කන් දීමේ ආදීනව හේතුවෙනි. මංගල සාදවලදී අඳින පලඳින කන බොන ආකාරය දක්වන ප්‍රදර්ශනයක් බලන්නට චාමර හා එවක පෙම්වතිය ගියාය. පෙම්වතියට අවශ්‍ය දේවල් අතගගා බලන්නට හැර චාමර තැනකට වී බිත්තියට හේත්තු වී සිටියේය. එම ප්‍රදර්ශනයට පැමිණි කොල්ලන් දෙදෙනෙක් කරන කථාවක් චාමරගේ ට්‍රාන්ස්මීටරයට මීටර් වන්නට විය.

වෙඩින් ඇල්බම බලන්නට ගිය කොල්ලන් දෙදෙනා..ඇල්බම් බලා පොටෝද බලා ගනන් අසන්නට විය. ඒ පොටෝ කරුවාගේ අවම මිල රුපියල් අසූ අට දහසක් විය. ඔවුන් දෙදෙනා අහන ආකාරය අනුව ඔවුන් වෙඩින් එකක් ගැන්මට සිතන කොල්ලන් දෙදෙනකු නොවේ යැයි සිතූ පොටෝ කරු මිනිමම් නයින්ටි තවුසන්ඩ්.ඉඳල තියෙනවා යැයි කතාව පටන් ගත්තේය.

එයින් ඔබ්බට ගොස් එකෙක් අනෙකාට ඈතින් ඇවිදින කෑල්ලක් පෙන්නා. මචං අරක බඩුවක් වගේ නේද බං? බලපං..? අහ්.. පුක ටිකක් ලොකු වුනාට කෝමද බං බඩුවක් වෙන්නෙ? ඔය ඕව මේකප් අවුලක් ඇත්තෙ?

දැන් හිතපං ඕක බඩුවක්.. රුපියල් දෙදාහයි කියලා. කෙල්ලට දෙදාහයි. කාමරේට දාහයි. ටිප් එක පන්සීයයි රයිස් එකට පන්සීයයි. ඔක්කොම හාරදහයි. දැන් අර අපි ඇහුව පොටෝ කාරයා. අන්දන එකා, බොකේ, හොටෙල්, සෙටි බෑක්.. ඔක්කොම එක්කවෙඩිමට ලක්ෂ අටක් විතර යනවා වෙඩිමට. හාරදාහ ගානෙ අපි සතියට එක ගානෙ බඩුවක් රූම් ඇද්දත් කීයද යන්නෙ සති පනහකටම රුපියල් ලක්ෂයයි. එතකොට ලක්ෂ අටක් දීල වෙඩින් ගන්න කොට දෙදාහෙ බඩුවක් සෙට් කරගත්ත නං අපිට අවුරුදු අටක් ඒ බඩුව ගහත හැකි එක වෙඩින් එකක් ගන්න සල්ලි වලින්.

හහ් හහ් හා.. මචං උඹටත් මාර ආතල් අදහස් නේ එන්නෙ.. මතකයිද අර නිහාල් නෙල්සන්ගේ ගව මස් සිංදුව..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා.

බලනු තිස්පහ වැඩිකර තුන්සිය හැටපහ යොදලා..

ගනන දොලොස්දාස් තුන්සිය හැත්තෑපහක් වෙලා..

ආන්න ඒ වගේ තමයි නේ බං. ඒත් මොන ගෑනිද වෙඩිං වලට අකමැති කියපං. වෙඩින් වලට අකමැති ගෑනියෙක් හොයන්න නේ බැරි.

එය ඇසුන චාමරටද මඳ සිනා එන්නට විය. සිය පෙම්බරිය ලස්සන සාරියක් බලා තිබුන අතර. මොකද අනේ ඔයා හිනා වෙන්නේ යැයි අසමින් ඇය චාමර වෙත පැමිණෙන්නට විය. සාරිය රුපියල් හැටදාහක් පමණ එකකි. එය ඇසු චාමරට යලිත් අර කොලුවන් දෙදෙනාගේ කතාව මතක් වී හැටදාහට බඩුව සති පාලහක් ගහත හැකි නේ දැයි මනසින් ගනන් හදන්නට විය. යලිත් ඔහු සිනාසුනි.

ඉන් පසුව දෙදෙනා ප්‍රදර්ශනය බලා අවසන වෙන්ව ගිය අතර රාත්‍රී මල් කඩන නිමේෂයේදී චාමරට පෙම්වතියගෙන් හරස් ප්‍රශ්ණ එල්ල වූයේ සාරිය බලන විටත් ඉන් පෙරත් ඔහුට සිනහ ඒම ගැනය. එවිට චාමර ගනන් හිලවු ඇතිව සියලු විස්තර කියා. බලන්න ඔයා වුනත් දැන් ඔ්‍ය කෝලං වෙඩින් අමතක කලොත් අපිට ලක්ෂ අටක් ඉතුරු වෙනවා.?

ඔවු ඔයාට සතියට හාරදහ ගානෙ වියදං කරලා අවුරුදු අටක් වේස ගෑනු එක්ක නිදාගන්න නේද? චාමර මං හීනෙන් වත් හිතුවෙ නැහැ චාමර ඔයා මෙහෙම වෙයි කියල. ඔයා හැමදේම හරියටම දන්නවා. මට සැක හිතුනෙ නැත්තෙමත් නැහැ. ඔයා කෝමත් ඈතින් යන ගෑනියෙක් කියන දෙයක් වුනත් දඩස් ගාල අහගෙන ඉඳල මට කියනවා නේ..

ඇය බැනගෙන යයි. චාමර ඔහේ උධාසීනව අහගෙන සිටියි. එහිදී පෙම්වතිය විසින් මිල අධික වෙඩින් එකක් ප්ලෑන් කරමින් තිබූ නමුත්, චාමරට ඒ වියදම දැරීම අපහසු බවත් ඒ සඳහා විශාල ණයකට යා යුතුව ඇති බවත් පසක් වී තිබුනි. වෙඩිමක කිසිදු ලාභයක් නොදුටු චාමර සියලු නෑයින්ට හතර වටේ සිනාසෙමින් වෙඩිමක කල් මැරීම මහත් වධයක් ලෙස හැගුනි. පෙම්වතිය විසින් දැඩිව බනිමින් නැවතීමට තැනූ ප්‍රේමය චාමර විසින් යළි අවුස්සා ගැනීම කල හැකිව තිබෙන්නට ඇත. නමුත් චාමර සිතුවේ එය සිය රබර් කණ විසින් ඇතිකරන ලද බාධාවක් නිසා ප්‍රේමය නැත්තටම නැති වූ බවය.

සික් මේ කණ නිසා බලපං . මට කෑල්ල නැතිවුනා බං. යැය් චාමර යාලුවන්ට කියන්න ට විය. ඇයි බොල ගොනෝ...තෝ මොකටද එහෙම මගුලක් හිතුනත් කෑල්ලට කියන්න ගියේ. උඹගෙත් ලොකු ලයින් නේ. කෙල්ල බැන්න කියල තොගේ ඇගේ වදිනවයි. ආයි ගිහින් කතා කරපං කෝ..එහෙත් යළිත පෙම්වතිය හමුවන්නට නොගිය චාමර ඒ වතාවේදීද සිය මිතුරු චන්ද්‍රසිරි දොස්තර හමුවන්නට ගියේය. ගොස් සිය කණේ දෝෂය කියා එහි තීව්රතාවය අඩු කරගන්නට විදියක් ඇතිදැය් අසා දැනගත්තේය.

වරක් එක් පෙම්වතියක් චාමරට නැති වූයේ අපූරු හේතුවක් නිසාය. දිනක් සාප්පුවක රෙදි තෝරන අතර ඇගේ මිතුරියක් හමු වී කතා බහ කරනු චාමරට පෙනුනි. හනී...මගෙ සත්තලං....කොහේද අප්පා අන්ත්‍රාස්ධාන වුනේ එකපාර.. . යැයි යෙහෙලිය හා ඇය තොඳොල් වන්නට විය. මේ උඹලයි නම්බර් වැඩකරන් නැහැ නේ බං..මොකද්ද බං ලොකුවට පෝන් තියං ඉන්නව විතරයි. චාමරගේ ඒ පෙම්වතියගේ මිතුරිය චාමරගේ පෙම්වතියට ඇගේ ටෙලිපෝන් නම්බරය ලබා දුනි.

එහි තිබුන අංකය චාමරගේ කණ හරහා වැදී යන්නට ගියේය. ඒ නොම්මරය කුමක් හෝ හේතුවක් නිසා කණට වැඩිපුර ඇසුණි. ඇය සැබැවින්ම මනා ලෙස මාංශ කොටස් රිසි පරිදි බෙදී ගිය නාරි දේහයක් ඇති මිතුරියක වූවාය. සිය පෙම්වතියගේ මැදිහත්වීමෙන් ඇයට අතට අත දෙන්නට අවස්ථාවක් චාමරට ලැබුනි. එවර ඇයද චාමර දෙස සුහදව බැලූ අතර චාමර ද ඇය දෙස යන්තමට බැලීය. අහ්..ඇගේ සිරුර පමණක් නොව මුහුනද ආකර්ශනීය එකකි.

රාත්‍රී නිවසට ගිය චාමරට අර අංකය කණ අග තිබෙනවාක් මෙන් මතක තිබුනි. ඉන් පසු ඒ අංකයට චාමර කතා කරන්නට විය. චාමරගේ අවාසනාවකට මෙන් චාමරගේ පෙම්වතියෙගේ මිතුරිය විසින් සති කිහිපයක් අවසානයේ චාමර තමාට කෝල් කරන බවක් චාමරගේ පෙම්වතියට කියා තිබුනි. ඒ මහා පාවාදීම කුමක් නිසා ඇය සිදු කලේ දැයි චාමර දන්නෙ නැත. නමුත් අවසානයේ එයද සිය කනේ අසාමාන්‍ය සංවේදී කම නිසා තමුන්ට නැති වී ගිය තවත් සම්බන්ධයකැයි චාමර සිතුවේය.

මේක මෙහෙමයි මචං සමාර වෙලාවට තමයි ඕක වැඩියෙන් ඇහෙන්නෙ. දැන් හිතපං ඔන්න බස් එකෙ ්යනකොට ඉස්සරහ කපල් කක් යනව කියලා. මට උන් දෙන්න කතාකරන මුලු එපිසෝඩ් එකම ඇහෙනවා මොන සද්දෙ තිබුනත්. ඔය කපල් එක අඩි ගානක් එහයින් හිටියත් මට උං කතා කරන ඒව ඇහෙනව නේ බං. එවර දොස්තර ඉන්ඳ්‍රසිරිට චාමරගෙන් අහන්නට වූයේ එවන් ගැටළුවකි.

චාමර මීටිමකට ගියා වුවද එහිදී හෙමිහිට අනුන් කියන කතා ආදියද චාමරගේ කණට ලේසියෙන්ම වදී. දිනක් වෙනත් ආයතනයක මැදිවියේ ගැහැනියක් පැමිණ සිටි දවසක ඇය ප්‍රසන්ටේෂන් එක ඉදිරපත් කරන්නට විය. හපෝ බලහං මේ ගෑනිගේ කටේ හැටි බටකොළ ආච්චි වගේ. අවසාන පේළියේ මිතුරන් දෙදෙනකු එසේ ඇය ගැන කියන්නට විය.

චාමරට එයද ඇසුනි. ඉන් පසු එය ළඟ සිටි නිමන්තිකාට කියන්නට චාමරට සිත් විය. බට කොළ ආච්චි යන්න රඟ පා පෙන්වන්නට විදියක් නොමැති වූ බැවින් එය පොඩි තුන්ඩු කෑල්ලක ලියා චාමර විසින් නිමන්තිකාට පෙන්වන ලදී. නිමන්තිකාට එය මතක බැරි වී මේසය මත තබා ගොස් ඇත. ඊළඟ දිනයේදී ඒ ගැහැනිය පැමිණි විට.. ආ චාමර ප්‍රසන්ටේෂන් වලට අකමැති වගේ නං නාවත් කමක් නැහැ.

ඔයා ඉතිං බටකොළ ආච්චිගෙන් බණ අහන්න අකමැති යි නේ..යැයි කාන්තාව චාමරට කිව්වාය. පසුපස අසුනක සිටි බටකොළ ආච්චි කතාවේ අයිතිකරුවන් දෙදෙනා මේ කතාවට චාමර ඈඳුනේ කෙසේදැයි කට ඇරගෙන බලා සිටියේය. චමත්කා සිය මෝඩකමට එ් තුන්ඩු කෑල්ල දමා යෑම පිළිබඳ දුක් වූවාය. චාමර නම් පුරුදු පරිදි සිය ශ්‍රවණ සංවේදීතාවය ගැන දුක් වෙමින් සිටියේය.

එවරද සිය මිතුරා ඉන්ද්‍රසිරි දොස්තර හමුවන්නට ගියේ පාක් එකටය. ඉන්ද්‍රසිරි ව්‍යායාම කර අවසාන වනතෙක් සිටි චාමර සිය රෝගය දක්වන්නට අකමැති වූයේ ඉන්ද්‍රසිරි එය විහිළුවට ලක් කරාවිය යන බියටය. ඉන් පසු ඉන්ද්‍රසිරි විසින්ම, කෝමද? දැන් කණේ අවුල කියාල ඇසුවේය.

අවුලක් නෑ මචං. ඒක පිහිටිමෙ අවුලක් වගේ මං හිතන්නෙ. බලහං වෙන උන්ට වැඩිය මගේ කන් දෙක ටිකක් ලොකුයි. හා කන් වගේ තියෙන්නෙ. ඔය ඇතුලෙ මොකක් නමුත් කෑල්ලක වැඩියක් ඇති. මේ පාරත් මම ඔය කන් ඇහිල්ල වැඩි නිසා යාන්තං බේරුනේ. යැයි කියා කලිං කතාව ඉන්ද්‍රසිරිට කියන්නට විය. එවර ඉන්ද්‍රසිරි..

ඉතිං බලහං? දැන් ඔය සිද්දි දෙක තුනේදිම උඹට කට වහං නිකං උන්න නං හරි නේ..උඹට ඇහෙන නෙමෙයි අවුල උඹ ඒ ඇහෙන ඒව කියවන්න යන එක නේ. යැයි චාමරට කීය.

හුම්. ඒ වුනාට බං සමාර දේවල් මාර තියුනුවට ඇහෙනවා නේ. එතාකොට මට කාටහරි කියන්නම ඕන වෙනවා. ඕක අවුලක් හිතන් එපා බං. අර බලහං මේ දැන් මේ පාක් එකේ දුවන උන් දැන් හෙඩ් පෝන් ගහගෙන එන්නෙ.. උමත් හොඳ හෙඩ් පෝන් දෙකක් අරං වැඩක් නැතිවෙලාවට ඒක ගහං හිටපං.. එතකොට ටිකක් අඩුවෙයි.
චාමරගේ කණ පිනෝකියෝ ගේ නාසය වැනි එකකැයි කන්තෝරුවේ මිතුරන් අතර මතයක් විය. පිනෝ කියෝගේ නාසය වැරැද්දකදී දික්වෙනවා සේම චාමරගේ කණද යම් කිසි කතාවක් යන විට එය අසන්නට දික් වී යන බවක් අඟවන්නටය කාර්යාල මිතුරන් එසේ කීවේ. 


ඉන් මතු කණේ තීව්රතාවය වැඩිබව නිසා නිතර චාමර විසින් හෙඩ් පෝන් භාවිත කරන්නට විය. කෙතෙක් හෙඩ් පෝන් ගසා සිටියද. දෙපලක් රහසක් කියයි නම් නොදැනුවත්වම චාමරගේ හෙඩ් පෝන ගැලවී කතාවට කන් යන බැව් දන්නා කාර්යාලයේ අය චාමර සිටින මානයේ හොර දුරකථන ඇමතුමක් වත් ගන්නේ නැත. හෙඩ් පෝ්න නැති දිනවල චාමර කාර්යාලයේ ඇතැම් යුවතියන්ගේ පෙම්වතුන් හමුවන දිනයන් පවා අනුමාණයෙන් දැන සිටියේය. ඔවුන් කතා කරන්නේ ලේඩිස් වොෂ් රූම් එක ඉදිරිපිට කොරිඩෝරයේය. එවන් විටක වැසිකිලියට යන චාමර බොහෝවොලවක් කොන්ඩය සකසමින් අර ඈතින් එන සිහින් නඳ වෙත සිය අකීකරු කණ යොමාගෙන සිටී.


වැසිදිනකට පසු දිනෙක අනපේක්ෂිත ලෙස චාමර හා සන්ධ්‍යා කාර්යාල ආපනශාලාවේදී හමු විය. ෂහ් සන්ධ්‍යා. ඔයාලට මීට් වෙන්න බැරි වෙන් ඇතිනේද? ඊයෙ හැන්දෑවෙ වැස්ස නේ. මට බස් එකේ යද්දිත් ඔයාලව මතක් වුනා. යැයි කීවේය. සන්ධ්‍යාත් ඇයගේ පෙම්වතාත් හැර ඔවුන් පසුදින සවස හමුවන්නට සිටි බවත් එය වැසි බර කාලගුණය හේතුවෙන් එය කල් දමා ගත් බවත් චාමර දන්නේ කෙසේදැයි සන්ධ්‍යාට එවෙලේ පුදුමයක් ඇතිවිය. නමුත් චාමර යනු කවර ආකාරයේ ගතිගුණ ඇති අයකු දැයි කන්තෝරුවේ සියල්ල දැන සිටියෝය.

දැන් හෙඩ් ෆෝන එක ගහගෙන ඇති නිසා චාමරට කිසිවක් ඇසෙන්නේ නැතැයි චාමරම සිතයි. නමුත් බස්රියේ, පාරේ,කැන්ටිමේ, කාර්යාලයේ දෙදෙනෙකු කිහිප දෙනෙකු කතාකරමින් ඇතිවට ඒ අවස්ථාවලදී චාමර අසමින් සිටින ෆෝන් එකේ ශබ්ධය හීනියට අඩු කර අර කථාවට සවන් දී අවසානයේ. හොඳ වෙලාවට හෙඩ් පෝන් එක තිබුනෙ. නැත්තං ඒකත් මහ ජරමරයක් වෙනවා ඕ කතාව තව තැනක කියවුනොත් යැයි චාමර සිතන්නට වෙයි.

Monday, March 10, 2014

යූනික රෝම Pubic Hair

යූනික රෝම යැයි හඳුන්වන්නේ මනුෂ්‍යයින්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට උඩින් පිහිටා ඇති මවිල් වැවෙන ප්‍රෙද්ශය වෙයි. මේ  යූනික රෝම යනු අමු අමුවේ ඉංගිරිසි වචනය පෙරළීමක් වෙන අතර අප සිංහල බස කතාකරන අය අතර ලිංගිකත්වය එළිපිට කතාකිරීමේ ලක්ෂණයක් නොමැති බැවින් දෝ ඒ විශේෂ මවිල් පදාසය හැඳින්වීමට වදනක් නොමැත.
මෙය විකිපීඩියාවෙන් ගත් පිංතූරයකි. (http://en.wikipedia.org/wiki/Pubic_hair)
හිස වූ විශාල කෙස් තොගය හැරුන කල වෙනත් ස්ථාන කිහිපයකම මනුෂ්‍යයින්ට මයිල් පිහිටයි. ඉතාම කළාතුරකින් මිනිසකුගේ මුහුනේද සිරුරේද වලසකුගේ මෙන් ඝනව මයිල් පිහිටා තිබුනත් බොහෝ මිනිසුන්ට ඇත්තේ සම පේන තරම් වූ රෝම කූපයන් අඩු ප්‍රමාණයකි. විශේෂයෙන් දෙකකුල් අතර ඉකිලි යන ස්ථානයේත් අත් සිරුරට එකතු වන කිහිලි නැමැත් ස්ථානවලත් රෝම කූපයන් වැඩේ. එසේ වැඩීමෙන්

· සන්ධියේදී, ඝර්ෂණය නිසා ඇති‍වෙන තාපය පිටකිරීමත්.
· එම ස්ථානවලට පිටස්තර බලයකින් වෙන හානිය අවම කිරීමත්. (පහරකදි ලිස්සා යෑම ආදී)
· මනුෂ්‍ය ශරීරයේ සංඥා විෂේෂයක් ලෙස ක්‍රියාකරන සුවඳකාරක නිකුත් කිරීමත්.
සිද්ද වෙන බව සොයාගෙන ඇත. 


යූනික ස්ථානයේ (Pubic Area) හි වැවෙන රෝමකූපයන්ගෙන් කිනම් ඵලයක්ද? යම් කිසි ඵලයක් එයින් තිබේනම් ඒ මයිල් බූටෑව (bush) අයින් කල මතු යම් කිසි උවදුරක් විය යුතුයි නේද? යැයි පිරිසක් කල්පනා කරති. මනුෂ්‍ය පරිණාමය සලකන කල මිනිසා මේ පවතින අන්දමින් ශිෂ්ඨාචාරගත වී සිටියේ ඉතාම අඩු කලකි. බොහෝ කලක් මිනිසා ජීවත් වූයේ හෙලුවැල්ලෙන් දඩයම් කරමිනි.

එකල් හී වූ කිසියම් හේතුවක් පිට මේ
යූනික රෝම වැවුනාද නැතහොත් එය යම් කිසි හේතුවක් රහිතවම ඇතිවී දැයි කියන්නට විද්‍යාඥයෝද අපොහොසත් වෙති.

· වැඩිවිය පැමිණි ගැහැනු සහ පිරිමි වැඩිවිය පැමිණීම පෙන්වීමේ සංඥාවක් ලෙස
· ලිංගික ප්‍රෙද්ශයන් බාහිර උවදුරු වලින් ආරක්ෂා වීමේ වැසුමක් ලෙස.
· ලිංගික ආකර්ශනය වර්ධනය කරන යෙදවුමක් ලෙස.
· මනුෂ්‍ය ගැහැනු පිරිමි ආකර්ශනය වීමට යොදාගැනුන ස්වභාවික සුවඳ කාරක ගබඩා කරගත් ස්ථානයක් ලෙස
· යම් කිසි අමතර පීඩනයක් එල්ල වූ කල්හි එය බෙදාහරින ලෝම ආස්තරයක් ලෙස.

මේ
යූනික රෝම පෙළ සකස් වන්නට ඇතැයි විද්‍යඥයෝ සැක කරති. නමුත් මේ මතයෝ සියල්ලම අභියෝගයින්ට ලක් වී ඇති අතර මෙතෙක් මේ කාරණය නිසා මේ මයිල් සැකසුනේ යැයි ස්ථිරවම පිළිගත හැකි කාරණාවක් සොයාගන්නට නැත.

මේ මයිල් විශාල වශයෙන් තිබීමෙන් යම් යම් බැක්ටීරියා, කුඩා සතුන්, පුස් ජාති ආදිය ඇති වීමටත් ඉකිලි කැසීම ආදී රෝගාබාධ ඇතිවීමටත් හේතුකාරක විය හැකි බවට මතයක් ඇත. මේ මයිල් සියල්ල ඉවත් කර තැබීම පිරිසිදු බවට හේතු වේ යැයිද එය පිරිසිදු කම දැක්වෙන සංකේතයක් ලෙසද විශාල මතයක් සමාජය තුල ඇත.

මේ මයිල් වනාහී ඒ සිනිදු සමැති පරිසරයේ තෙත් බවක් ආරක්ෂා කරන ආස්තරයක් නිසා ඒ තුල යම් යම් සමට අහිතකර ජීවින් වර්ධනයක් විය හැකිය. නමුත් පිරිසිදුකාරක සහ බාහිර වියලීමේ ක්‍රෙමාපායන් වඩාත් ජනප්‍රිය වී ඇති මෙකල යම් අයෙක්ට අවැසි නම් ඒ මයිල් බූටෑව තබාගෙන එය පිරිසිදුව තබාගැනීමටද හැකියාවක් ඇත.

යුරෝප ඇමරිකා ආදී දියුනු රටවල ගෑනු විවේක දවසට ඇඳුම් ඉතා සුළු වශයෙන් ඇඳගෙන නාන්නට සහ විනෝද වන්නට යති. එවන් අවස්ථාවලදී ඔවුන් බිකිනිය නැමැති ඇඳුමක් අඳිති. එහිදී ශරීරයේ යට ඇති ගැහැනු රහසඟ සැඟවීමට ඇති එකම වැස්ම බිකිනිය වන බැවින්  මේ මයිල් කලාපය තිබුනහොත් ඒ බිකිනිය නිසි අයුරින් යටි කයට සවි නොවන ගැටලුවක් සහ දිගු රෝම කොටස් පිටට පෙනීමේ ගැටලුවක් ඇති වන බැවින් ඒ රටවල බොහෝ ගෑනු සිරිතක් වශයෙන් මේ මේ රෝම කොටස ඉවත් කරති.

සංස්කෘතිය සහ යූනික රෝම

ආදම් සහ ඒවා නිරූපනය කරන සිතුවම් වල මේ මයිල් කොටස නොපෙන්වා සිටීමට වැර වෑයම් කොට ඇත. බොහෝ පුරාණ ප්‍රතිමාවන්හීද මේ මයිල් කොටස නොපෙන්වා ඇති අයුරක් පෙනෙයි. නමුත් ස්ත්‍රින් කොටට ඇඳීම ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලයන්හී වෙනස් වූවා පරිද්දෙන්ම මෙම
යූනික රෝම තබාගැනීම හෝ ඉවත්කිරීම කාලය සහ සංස්කෘතිය අනුව වෙනස ්වී ඇත.

මයිල් ඉවත්කිරීම පිරිසිදු බවේ සංකේතයක් ලෙස දකින මුස්ලිම් කාන්තාවන්ද සිය ආගමික ග්‍රන්ථයට ගරු කරමින මේ මයිල් ඉවත් කිරීම සිදු කරති. මේ මයිල් ගැන කියන ලිපිය ඇතැමෙක් ඉතාම අප්‍රිය බවින් කියවනවා විය හැකි වුවද යුරෝපයේ වික්ටෝරියා රැජින රජ කරන කල්හී පෙම්වතුන් මේ
යූනික රෝම සිය සිහිවටන ලෙස තබාගන ඇත. එලෙස සිහිවටන ලෙස වූ මයිල් ගස් සමහරක් කෞතුකාගාරවලද ඇත.

වර්ථමානයේදීද ජපාන චීන ආදී රටවල ගැහැනුන් සහ මිනිසුන් බොහෝ අය මේ මයිල් කැපීමට විරුද්ධය. ඔවුන් ගේ අශ්ශීල චිත්‍රකතාදියේ(hentai comics) පවා නිරූපනය වන ගැහැනුන්ගේ
යූනික රෝම දිගට වැවී තිබෙනු නිරීක්ෂනය කල හැකිය. සිනමා කර්මාන්ත ආදියේදී නිරුවත පෙන්වීම මහත් වූ අසැබි ලකුනක් ලෙස යුරෝපීය සමාජ බහුතරයක් නොසිතයි. එනමුදු ඒ රටවල සිනමා කෘති වුවද ස්ත්‍රි නිමිත්ත දැඩි ලෙස ප්‍රක්ෂේපනය කර පෙන්වීම නොහොබිනා දෙයක් ලෙස සලකති. ඒ රටවල ඇති සිනමාපටවලදී ස්ත්‍රි නිමිත්ත වසා දර්ශන ගැනීමට අවශ්‍ය ආවරණයක් ලෙස මේ යූනික රෝම සලකති. සුප්‍රකට ටයිටනික් සිනමා පටයේ රෝස් ගේ චිත්‍රය අඳින දර්ශනයේ රෝස්ගේ රහසඟ නොපෙන්වීමට මේ මයිල් බූටෑව භාවිත කොට ඇත.
ජනප්‍රිය අමරිකානු අශ්ශීල වීඩියෝ කලාවෙහි රඟපාන ගෑනු බොහෝවිට සියලුම රෝමයෝ ඉවත් කර සිටිති. රෝම සහිත වීඩියෝද ලබා ගත හැකි මුත් වඩාත්ම පැතිර ඇත්තේ රෝම රහිත වටපිටාවන්හී සෙල්ලම් කරන වීඩියෝ ජාතිය. සමහර විට යූනික රෝම ආදිය තිබුන විට නියම ආකාරයේ දර්ශන හසු කරගැන්මේ අපහසුවක් ඇතිවිය හැකි නිසා එසේ කරනවා වන්නට ඇත.

මේ
යූනික රෝම කොටසේ ස්වභාවයද සංස්කෘතිය සහ ජාතින් අනුව විවිධ වෙයි. බොහෝවිට ඇස් බැමි වල ස්වභාවයම මේ යූනික රෝම සඳහාද අදාල වෙන බැව් ඇතැමෙක් කියා ඇත.

ධනවාදය සහ
යූනික රෝම
දැන් දැන් අප දියුනු යැයි සැලකූ බටහිර ඇතුලු ධනවත් රටවල්ද සිය මහජනයාගේ ධනවත් කම පවත්වා ගැනීම සම්බන්ධ ගැටළු වලට මුහුනපා ඇත. එවන් ආර්ථික වටපිටාවන් තුල තවදුරටත් මිනිසුන්ගේ මුදල් වියදම් වන මෝස්තර සහ අවස්ථා නිර්මාණය කිරීමෙන්,මිනිසුන් අතර මුදල් නොමැති අඩුව දරුණුවට දැනීම නිසා ඔවුන්ගේ දේශපාලන අධිකාරින් අභියෝගයට ලක් විය හැකිය. මිනිසුන් වඩාත් ගිජුකමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්නට යන සංස්කෘතියෙන් මිනිසුන් ගලවාගැන්මේ සියුම් උත්සාහයන් ඒ දියුනු ධනවාදී සමාජවලදී අද දවසේ දකින්නට ඇත.
 

 රූපලාවන්‍ය යන කෂේත්‍රය ඒ රටවලද විශාල වශයෙන් මිනිසුන් මුදල් වැයකරන පැත්තකි. මාගේ පුද්ගලික මතයක් මෙහි දැක්වීමට මදක් අවසර.

මා බස්රියේ යන අතර මීට මාස කීපයකට පෙර රේඩියෝ එකක වූ වැඩසටහනක් අසමින් ගියෙමි. එකල්හී ඒ රේඩියෝවේ ගියේ බැක්ටීරියා නසන අලුත් ජාතියේ යට ඇඳුම් ජාතියක් ගැනය. එහිදී නිවේදිකාව එක්වරම පැවසුවේ. “ හිතන්න ඔයා ඔෆිස් එකේදි හරි පාරෙදි හරි එකපාර අනතුරකට ලක්වෙනවා. අපි දන්නව ඇක්සිඩන්ට් එකක් වුනාම කවුරු වුනත් ඔබේ ඇඳුම් ගලවලා ඔබව ප්‍රථමාධාර වලට යොමු කරනවා. ඒ වගේ වෙලාවක තමුන්ගේ යට ඇඳුම පරණ සිදුරු සහිත එකක් වුනොත් ? ඔබේ ආත්ම විශ්වාසය එයින් පළුදු වෙන්න පුලුවන් නේද? “ ආදී ලෙසයි. පරණ ඉරුණු යට ඇඳුමක් ඇන්දාට කමක් නැතිය. ඕක කාරුවත් ගලෝල බලනවාදැයි යන පැරණි මුත්තලාගේ සංකල්පයේ සිටි මගේ මනසේද, පැරණි වෙඩි වැදුන යට ඇඳුම් ඉවත් කර අලුත් ඒවා ගන්නට, ඒ නිවේදිකාවගේ දැන්වීමෙන් දැඩි උත්තේජනයක් ලැබුනි. 


සුසුදු කාරක, ෂැමුපු,රෝම ඉවත්කිරීම, යට ඇඳුම් ආදී එතරම් වැදගත් නොවන ක්ෂේත්‍රයන් ගනනාවකට අද දවසේ ලෝකයේ මිනිසුන් නිකරුනේ මුදල් වියදම් කරති. සමාරවිට රෝගයක් නැති විටෙකදී මායා රෝගයන් වෙළඳපොල මගින් තනා ඒවාට විසඳුම්ද මේ වෙළඳපොල මගින්ම ලබාදෙති. එවන් වූ අප සමාජයට ඇටුවම් බැස්සූ එහෙත් සිරුරට වැදගත් නොවන ආහාර ජාතියකි කිරිපිටි. දැන් ලංකාවේ අයට නියම එළකිරි දුන්නද ඔවුන් බොන කිරිපිටි ජාතිය තරම් ඒවා රසවත් නොවීමේ ගැටළුවක් ඇත.
කැමරුන් ඩයස් නැමැති චාලිස් ඒන්ජල් හරහා ජනප්‍රියත්වයට පැමිණි කුප්‍රකට හොලිවුඩ් නිළියක විසින් මේ යූනික රෝම ගැන විප්ලවීය අදහසක් ඇය විසින් ශරීර සෞඛ්‍ය ගැන ලියූ පොතක ගෙන හැර දක්වා ඇත. ඇය කියා ඇත්තේ මේ යූනික රෝම පදාසය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට විශාල මුදලක් ගෑනුන්ට දරන්නට වන බවත් එහෙත් එසේ ඉවත් කිරීමෙන් ගෑනුන්ට සිද්ධ වෙන විශේෂ දෙයක් නොමැති බවත්ය. ඇගේ මතය විවිධ තැන්වල අභියෝගයන්ට ලක් වී ඇති අතර යූනික රෝම ඉවත් නොකර නාන ඇඳුම් ඇඳීමේ නවතම මෝස්තරයක්ද ඉදිරිපත් කිරීමට ඇමරිකාවේ මෝස්තර නිර්මාණ ආයතන ක්‍රියාත්මක වී ඇත. එහිදී දැඩි ලෙස යූනික රෝම පැවතීම අශෝබන දෙයක් ලෙස සලකා නැත.
හඳුන්වා දී ඇති නව නාන ඇඳුම්
ප්‍රබල පිරිසිදුකාරක ඇති කලෙක මයිල් ඉවත්කිරීමෙන් විශාල වාසියක් ඇතැයි කියන කීමද මයිල් ඉවත් කිරීමෙන් අමතර ශොභාවක් ආකර්ශනයක් එතැයි යන කීමද සැබැවින්ම පිලිගත නොහැක. අනික් අතින් යමෙක් ඉතා ලේසියෙන් රේසර් කර ඉවත් කරගත හැකි මේ මයිල් තබාගෙන කුමටදැයි සිතා ඉවත් කලහොත් එයද එතරම් ලොකු සිද්ධියක් නොවේ. ආකර්ශණය වනාහී විවිධාකාරය. ලිංගිකත්වය ජනිත වන්නේ දෙකකුල් අතර ඇති ඉන්ද්‍රියන්හි නොව, හිසේ ඇති කන්දෙක අතර මොලයේ බව පන්ඩිතයන්ගේ අදහස වෙයි. යූනික රෝමවලින් ලැබෙන ආකර්ශනය සම්බන්ධයෙන්ද ඇත්තේ එවන් වූ කතාවකි.

Saturday, March 8, 2014

සර්පයා ගමේ යන් නැද්ද? Saman & the Villagers

අවුරුදු 16ට අඩු ලමයි බලන්න එපා

පන්තියෙ පලවෙනිය වුනේ සමන් කුමාර
මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුලු පාසල බැබලුව සිසු සමන් කුමාර
අද පාසැල් නාවෙ ඇයිද සමන් කුමාර.

මේ කියන්නෙ සමන් කුමාර අසූ ගනන් වල ඝාතනය වෙච්චි දරුවෙක් ගැන විස්තර ඒක ඒ දවස්වල රටම හොල්ලපු සිද්දියක් වුනා.සමන් කුමා කිව්ව ගමන් ඇන්ටන් ජෝන් ව මතක් වෙනවා. සමහර ඉතිහාස සිද්දි ඇන්ටන් ජෝන් ඉන්න හින්දම මතක තියෙනවා. මේ සිංදුව පේමවතී මනම්පේරි, නිල්වලා ගඟේ කේස් එක ගැන ආදී තියෙන බොහෝ සිංදු නිසා ඒ කාලෙ ගැන නොමැකෙන මතකයක් ඉතිරි කරනවා.

පහුගිය දවසක සයිබර් අවකාශෙයේ ශාස්ත්‍රිය කියන කුලකය තුල දන්න කියන සමන් කුමාර කෙනෙක් ගේ පොතක් ආයිත් ප්‍රින්ට් කරලා ඒකට උස්සවයක් තිබුනා. මාත් ගියා මම පොතත් ගත්තා. එළ කිරි පොත ඒකනම්. පොත හොදයි කිව්වෙ පොතේ තියෙන කෙටි කතා පිටු ටික හොදයි. මුලු පොත පිටු එකසිය පනහක් විතර. එයින් සමන් කුමාරගේ කෙටි කතා තියෙන්නෙ පිටු පනහක විතර. ඉතිරිය වෙන කට්ටිය වගයක් මොනවද බයිල වගයක් ලියෙල තියනෙව දැක්කා.
කෙටිකතාවක් තියනව එක කතාවක් තාත්ත කෙනෙක්ගේ  බිජ්ජ සම්බන්ධයෙන්. බිජ්ජ කියන්නෙ මේ කුඹුරෙ ගහන බීජ වි එහෙම නෙවෙයි. ඔය සන්නස්ගලයා එහෙම ටෝක් දෙනකොට කියන්නෙ පුරුෂ නිමිත්ත කියලා. ආන්න ඒකට. ඕකට සෝයි වචනයක් මේ ළඟදි බොරැල්ලෙදි හිඟන්නෙක් කියනව ඇහුනා. "අනේ මහත්තයො මගේ කෙල්ලගේ ගෑනු ඇඟෙන් කෙල්ලට විෂබීජයක් ගිහින්. දැනුත් ළමා රෝහලේ ඒ ළමය...''ආදී වශයෙන් ලිංගික සංඥාවකුත් එක්ක පොර හිඟන ටෝක දිගෙන ගියා. නරක නැහැ බස්සෙකෙන් එකසිය පනහක් වත් ගලවගත්ත පොර. එතකොට ඒක ගෑනු ඇඟනං බිජ්ජ ඇවිල්ල පිරිමි ඇඟ වෙන්න ඕන. ඒක හඳුන්වන්න සමන් කුමාර ලේඛකයා යොදාගන්නෙ සර්පයා කියනවචනය. ඒ නිසාම මිනිහට පස්සෙ කාලෙක ඒ නම ලැබුනලු. මිනිහත් ටිකක් සර්පයා වගේතමයි.


සමන් කුමාරගේ කතා පොතේ තියෙන්නෙ කෙටිකතා ජාතියක්ය ඒවා හරි ලොකු අදහසක් තියෙන ඒවාය කියල කට්ටියක් කියනකොට තව කට්ටියක් ඒවා නරක කතා කියල කියනවා. ඇත්තමට නරක කතා කියල හිතෙන එක්කෙනක් ඉ්නනවා නම් පොඩ්ඩක් "ජූස් ගලනවා" වගේ වචනයක්  සර්ච් කලාම එන නියම වල් කතා බලලා කියන්න පුලුවන් ඒ සමන් කියල තියෙන කතා වල්ද කියලා.

ඔය සර්පයකු හා සටන් වැද පොතේ තියෙන්නෙ කෙටි කතාවක් කියලා හිතුවොත් ටිකක් අමාරුවෙ වැටෙනවා. එතොකට අර කෙටිකතාවක් හරම වෙන්න ඕනිය. මෙහෙම වෙන්න ඕනිය. නිශ්චිත දෙයක් තියෙන්න ඕනය.ඒකීය ධාරනාවක් තියෙන්න ඕනය, චරිත පොඩ්ඩක් තියෙන්න තියෙන්න ඕනය කියලා කියන තැන් එක්ක සර්පයා හා සටන් වැද සෙට් වෙන්නෙ නැහැ. ඒ වගේ හිතෙනවා නං ආයිත් ඕක කෙටිකතාවක් කියලා  මොලේ කොලොප්පන් කරගන්න ඕන නැහැ. ඒ සමන් කුමාර ලියල තියෙන්නෙ කෙටිකතා නෙමෙයි කියලා හිතුවාම වැඩේ ඉවරයි.

පොතේ පිටු එකසිය පනහම තුන්සිය පනහක් වෙනවා. හැබැයි අර කතාටික විතරක් වෙනම බයිලා නැතුව තිබුන නම් පිටු පනහක් විතරක් නිසා රුපියල් එකසිය පනහට වගේ දෙන්න තිබුනා.

ඔය පොත එළිදක්වන සීන්ස් එකට මාත් ගියා. ඒකට සන්නස්ගල,දීප්ති,විදර්ශන,හඳගම සහ කොන්ඩ රැවුල් වවාගත් පොරවල් ගොඩක් ඇවිත් හිටියා. මට අර විදර්ශනයා කතා කරනකොට එපා වුනා. මං එතනින්නැගිටල ආවා. හැබැයි සන්නස්ගලයා නම් සුපුරුදු බොක්කු කට එදත් ඇරලා සබාව අප් එකේ තියාගත්තා. මොනවා වුනත් සර්පයා සන්නස්ගලගේ යාලුවෙක් වුනඑක දෙන්නටම වැදගත් වෙන්න ඇති කියල හිතුනා. 

වෙලෙන්දෙක් විදියට ගත්තොත් සන්නස්ගල කියන්නෙ සිංදු තැටි විකුනන්න පුලුවන් තැනක වුනත් පොතක් ගහල විකුනගන්න දක්ෂ හොද වෙලෙන්දෙක්. ඩවුන් ටවුන් පල්ස කියල මහල්වරාවෙ තිබුන සෝ එකකදි ඒ සෝ එක අහන්න ආපු අයට බලන්න පොතක් දීල සන්නස්ගල අර සිංදු කියපු උන්ව හොල්මන් කලා. නමුත් දැනුත් ඒ මැටි හරක්ට තේරනවද දන් නැහැ එතන පොත් නෙමෙයි සිංදු තැටි විකුනන්න ඕන තැනක් කියලා. ඔයකතාව මම බෑන්ඩ් එකෙක එකෙක්ට කිව්වම පොර කියනවා උන්ගේ අරමුණ සිංදු කියල මිනිස්සු අතරට යන එක නෙමෙයිලු. ඒ ගැන ලියපු මං හිට් පෙරේතකටම ලියපු එක ගැන පොරට දුකලු. මිනිස්සුන්ට නෙමෙයි නං උන් සිංදු කියන්නෙ මොක්කුන්ටද? රැවුල වවාගනිපු ගංජ ගහල බුදුවෙන්න හදන උන්ගේ සෙට් එකට විතරයිද?

ආයිත් ටිකක් එලිදැක්වීමේ සන්නස්ගලගේ කතාවට ආවොත් සන්නස්ගල පස්න කරනවා ඇයි මේ සමන්කුමාරගේ කෙටිකතා උසස් පෙලට දාන්න බැරි කියලා.  පොත් කාරයෙක් හා සිංහල ටියුෂන් කාරයෙක් විදියට සන්නස්ගලටත් කලාකාරයෙක් විදියට සමන් කුමාරටත් එහෙම වෙන එකෙන් ආර්ථික වාසි ලැබෙනවා. නමුත් එයින් සමාජයට මොකද්ද ලැබෙන්නෙ. ඔය මාටින්ගෙ පොත් ගුනදාස අමරසේකරගේ පොත් තියනව සිලබස් එකට. සමහර මාටින්ගේ පොත් දන්න අප්ප බුදුන්කාලෙ ඉදලා සිලබස් එකේ. නමුත් මාටිං වික්‍රමසිංහගේ පොත් කවුන්ටරේකට ගිහින් අර සිලබස් එකට දාපු නැති විචාර පොත්, මාටින්ගේ චාරිකා විස්තර පොත්, මාටින් ලියපු ශාස්ත්‍රිය පොත් ආදිය විකිනිල තියෙන ප්‍රමාණය දැක්කම ඇඩෙනවා. හැමෝම සිලබස් එකට තියෙන නිසා සයිමන් කබලානයි, නන්දයි, පියලුයි ටික කාලෙකට බලෙන් ඔලුවට දාගන්නවා. හැබැයි අර විස දෙයක් බඩට ගියාම බුග් ගාල වමනෙ දානව වගේ උසස් පෙලින් පස්සෙ ඒ සිංහල කරන උන් තවත් මාටින්ව හොයන්නෙ නැහැ. තවත් ඒවගේ පොත් දිහා වැරදිලාවත් බලන් නැහැ. බලපු ටිකෙන් උන් හැදෙන්නෙත් නැහැ. 

 සන්නස්ගල කියපු කතාවල අවසානෙ තිබුන ලොකු ඇත්තක්. ඒ තමයි සමන් කුමාරට ලැබිල තියෙන කීර්තියෙන් හෝ සමාජයේ තියෙන නමින් සමන් කුමාරගේ දරුවන්ට කන්න දෙන්න නම් ඒ නම විකුනන්න ඕන. මොන විදියටද විකුනන්න ඕනි කියන එකට සන්නස්ගල ලගත් උත්තරයක් තිබුන් නැහැ. චිත්‍රාල් සෝමපාල කියන කෙනා තමයි අර නදී ගංගා තරණයේ කියන බියර් ඇඩ් එකේ සිංදුවකියන්නෙ. පොර ඒ සිංදුව කියන්නෙ බියර් ඇඩ් එකකට. මිනිහ ඇමරිකාවෙ යම් කිසි මට්ටමක ජාති ගායකයෙක්. ඔය බියර් සිංදුවයි. තව මිරිගුව පරදා කියන සිංදුවයි කොම්පැනි කාරයින්ට ඕන නිසා ගායනා කලා කියලා දීප්ති කුමාර කියල කවුදෝ කෙනෙක් බැනල තිබුනා. එයා අවසානෙ කියනවා ඉස්සර අමරෙද්වල සිංදු කිව්වෙ කලාවක් වෙනුවෙන්යෙ. දැන් අපේ චිත්‍රාල් සිංදු කියන්නෙ මාකට් එක වෙනුවෙන්ය කියලා.

ඒ දවස්වල අමරදේවලට සිංදු විකුනන්න කැසට් හෝ ගුවන්විදුලිය හෝ..ශෝ හරි වෙන මොකක් හරි මාර්ගයක් තිබුන නිසා ඔහෙ සර්පිනාව ගහල සිංදුවක්කලා. නමුත් සර්පිනාවෙනුයි තබ්ලාවෙනුයි තව හතර පස්දෙනෙක් ගොඩේ සෙට් එකකිනුයුි පුලුවන්ද රොක් ස්ටයිල් සිංදුවක්ගහන්න.? බැහැ නෙව. ඒවට සල්ලි ඕන. අනික්පැත්තෙන් අද සිංදුවක් ලංකාව ඇතුලෙ රිගින් ටෝන් නැතුව විකුනන්න පුලුවන්ද? බැහැ නේ. ඉතිං චිත්‍රාල්ව මිලට ගන්න බියර් කොම්පැනියයි සියැට් කාරයයි හිටියෙ නැත්තං අපිට රොක් කියන්නෙ අපි නොදන්න සිංහලෙන් ඒ ජාතියෙ සිංදු නැති දෙයක්. 

වාමවාදී පොරවල් සහ කොළඹ ඉඳන් ගම දකින්න පොත් කියවන අය සෙට් එක එකතු වෙලා සර්පයාව තමුන්ගේ තුඹස ඇතුලට දාගන්න පුල් ට්‍රයි එකක් දෙනවා. සර්පයා සෝර්බා කියන කතාවෙ අරයා වගේය. පන්ති අරගලයේ මොකද්ද එක සර්පයාගේපොත් ඇතුලෙ තියනවාය, ලිංගිකමය ක්ෂානරයක් පොත් අස්සෙ තියනවාය කියලා සර්පයාගේ ඒ සුට්ටි කෙටිකතා පොතට දිරවන්නෙත් නැති තරං ගල් ගොඩවල් ගහල සර්පයා අර තමුන්ගේ තුඹස ඇතුලට දක්කන්න සෙට් එකක් පොරකනවා. 

නමුත් මම හිතන විදියට සර්පයකු හා සටන් වැද කියනකෙටිකතාවෙ ඉන්නෙ නයෙක් පොළගෙක් නෙමෙයිය ඒ තියෙන්නෙ තාත්ත කෙනෙක්ගේ බිජ්ජක්ය කියල අවබෝධ කරග්නන මහා පරතෙරට ගිහිපු දැනුමක් ඕනනැහැ. අර කෙල්ල බෙල්ල තියන්න කලිං කොල්ලෙක් ඇවිත් " විවෘත නොකරම ආපසු අපායට එන ලදී" කියල මාක් වෙන්න තිබුන පෙට්ටිය කඩපු එක නොතේරෙන සිංහල කියවන්න පුලුවන් ඩයල් එකක් ඉඳිවි කියල මම හිතන්නෙ නැහැ. ඔය හොර වාමාංසික රැවුල්කාර බුද්ධිමත් නලේ හිතනවාට වඩා සාමාන්‍ය ජනයා බුද්ධිමත්.

උන්ගේ බාසාවෙන් කිව්වොත් ගැමියො උඹලා හිතන තරං ගැමි නැහැ. මේ යුගේ වැඩිපුරම අලෙවි වෙන පොත් තමයි බණ පොත්. ඊලගට අර පිටකොටුවෙ පිංතුර පොත්. හයම රුපිය්ල සීයයි. හරි ලාබයි. බණ පොත් විකුනන්න විවිධ ක්‍රම යොදාගන්නවා. සාදුල බන කියනවා පස්සෙ කියනවා මම පොතකුත් ගහල තියෙනවා කියලා. එතකොට පොතයනවා. පිංතුර පොත් විකුනන්න පිංතුර පොත් කාරයො මාර ටෝකක් දීල අන්දල විකුනනවා. ඊට අමතරවමේ දවස්වල අර පිටරට පිංතුර පොත් වගයක් ස්ටොරි බුක් විදියට විකුනනවා ගෙවල්වලට ගිහින් බඩුවිකුනන ඩිලිවරි සේල්ස් නංගිල මල්ලිලා.

කේකේ සමන් කුමාරත් හරියට පෙනුමෙන් බොරැල්ලෙ ඉන්න හිඟන්නෙක් වගේ. පොටෝ කාරයො හෙන අමාරුවෙන් පොරගෙ දාර්ශනික පෙනුමක් අල්ලගන්න උත්සාහ කරනවා දැක්කා. ඔය විකුනන්න බැහැ කියන පොත් ඒ විදියට බස්වල විකුනන්න බැරිද? අන්තිම බාල කඩදාසියෙන් ගහල රුපියල් පනහට විතර කැම්පස් වල ඉන්න උන්ට විකුනගන්න බැරිද? ඉරිද පොලේ නයා පෙන්නල තෙල විකුනන්න පුලුවන් වගේ කතා පොත් බලන්න අලුත් මිනිස්සු ටිකක් එකතුකරගන්න බැරිද? යෞවන ශමීන්දර, සුජීව කියවන උන්ට සමන් වගේ සරල පොරකගේ පොත් යවන්න විදියක් ඇත්තෙම නැද්ද? 


මොකක් හරිපොත් වැඩක්, කවි වැඩක්, පරණ විප්ලව කාරයෙක්ගේ වැඩක්, නිකං පෙන්නන සිනමා උලෙලක්, කෙටි නාට්ටි උලෙලක්, චිත්‍ර පදර්ශනයක් වගේ ඔය හැම එකටම ඔලුව දාන උන් ටිකක් කොළඹ ඉන්නවා. උන් හිතාෙගන ඉන්නවා අනික් පොරවල් වලට වැඩිය එයාල යමක් කමක් දන්නවා කියලා. උන් මොනවා හරි හේතු ටිකකට ඔහේ යන්නං වාලෙ එනවා. සමාර රැවුල් කාරයෙක් උගේ ගෑනිත් අන්දලා එක්කරං එනවා මචං බලපං මං ගහන්නෙ මේ ජාතියෙ බඩුවක් මේ දවස්වල කියලා පෙන්වන්න. ඔය සෙට් එක වැඩිම වුනොත් පන්සීයක් ඇති. ඔය පන්සීයම දැන් සර්පයා දන්නවා. සර්පයා දියුනු කරන්න නම් ඔය අනික් උන්ට පිස්සො කියන ඒ පිස්සො ටිකෙන් එලියට සමන් කුමාරගේ සර්පයා යන්න ඕන. එහෙම නැත්තං මේ මම වගේ සයිබර් කාක්කො ටිකක් සහ අර ඉහත කිව්ව කුමක් හෝ රෝගයක් නිසා ඉවන්ට් ෆලෝ කරන උන් අතර විතරක් සර්පයා එහෙට මෙහෙට වෙවී ඉඳීවි. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...