Posts

Showing posts from August, 2014

එදා සහ අද චාරිකාවත diversty of trip

Image
චාරිකා වලට සහභාගි වෙන්න දේශීය සංචාරකයින්ට තිබෙන අවස්ථාව,ආර්ථික සහ වෙනත් සාධක නිසා අඩුවෙල කියලා රාවයේ ලිපියක තිබුනා. මට ඒ අදහස් ටික දැක්කම හිනා ගියා. සමහර සුද්දො ලංකාවට ඇවිත් කඩපිල්වල ගස් යට බුදියගෙන රට වටේ කිසි ගානක් නැතුව සංචාරය කරලා ආයිත් පිටරට යන අවස්ථා මට හමුවෙලා තිබෙනවා. ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි නැති සුද්දො කියලා. නමුත් සමාරවිට ඒ අයට සල්ලි තිබෙනවා වෙන්නත් පුලුවන්. ලංකාවෙ වගේ සල්ලි තිබෙන අය හැසිරෙන්න ඕනි මේ විදියට කියලා විදියක් ඒ හම සුදු අයට නැති නිසා එයාල කැමති විදියෙ කටු කාගෙන රටවල සංචාරය කරනවා වෙන්න පුළුවනි.

මේ ළඟදි අපේ ළඟම ඥාතියෙක් මිය පරළොව ගියා. ඒ මළගෙදර ගියාම සමහර අය අපේ අම්මාව මතක් කලා. අම්මා මියගිහින් වසර පහකට අධික කාලයක් ගත වෙලා තිබුනත් ඒ අයගේ මතක පොත්වල තාමත් අපේ අම්මා ජීවත් වෙලා ඉන්නවා.

“අපි ඉන්න අහට එන්න ඒ පැත්තෙ ඉඳල බස් දෙක තුනක එන්න ඕන නිසා ඒ දවස්වල කව්රුවත් අපේ ගෙවල් වල ආවෙ නැහැ. ඒත් නැන්ද දවසක් අපේ පුතාගේ උපන්දිනේට ගෙදර හොයාගෙන ආව. දැන් වගේ ෆෝන් පාවිච්චියක් නැහැ නෙ. මතකෙන් හොයාගෙන ඇවිත් තිබුන. ඇවිත් පොඩි එකාගෙ පොතකට දාගන්න කියලා රුපියල් පන්සියකු…

U turn යූ වංගුව

Image
1 වෙනිකාලප්‍රාන්තරයඇය වෙඩිමට ඇඳුම් තෝරයි. කණකර ආබරණ තෝරයි. මගේ මංගල ඇදුම් මසන්නට යයි. රෑට රෑ ඒ ගැන කතාකරයි. ඊට අමතරව වෙඩින් පොටෝ බලන්නට ද යයි. වෙඩින් පොටෝ කාරයා හොඳ මාකටින් දන්නා එකෙකි. උගේ පොටෝ අනික් උන්ගේ ඒවාට වඩා කවර ආකාරයෙන් වෙනස් වී දැයි මට නම් වැටහීමක් නැත. නමුත් ඇගේ මිතුරියෝ ඇයට කියා ඇති පරිදි මේ නම් සුපිරි වැඩ්ඩෙකි. මේ නගරයේ වෙසෙන කදිම සේයාරූ ශිල්පියෙකි. හෝල් බලන්නට යෑම වූ කලී මා එතරම් අමනාප වූවක් නොවේ. මන්ද ඒ හැම තැනින්ම කහපාට බීම වීදුරුවක් ලැබෙන අතර එය බොහෝවිට නියම දොඩම් බීම රසින්ද යුක්ත වෙයි. ඇය එහි ගොස් මෙනු එක බලයි. මැනේජරයා ටෝක් කර ගාන අඩුකරගන්නට බලයි. එය ඇයට විනෝදයකි. තැන් දෙක තුනක් යනවිට මට ඇය අසන දේවල් පාඩම්ය. එවිට මම ප්‍රශ්ණ අසමි. එවිට ඇය සිතන්නේ මා සත්‍ය වශයෙන්ම ඒ හෝල් බැලීමට මනාප බවය. සාරි කඩවලට ගියත් එසේය. ඇය එහිදී දාන වචන මාලාව මට පාඩම්ය. නමුත් මා සාරි වලට පනින්නෙ නැත. ඒවා ඇයටම තෝරාගන්නට දීම යුතුය. මගේ මංගල ඇඳුමේ යටට අඳින බැනියමත් ජොකාත් හැර සියල්ලම ඇය විසින් මා වඩාත් කැමති දේවල් යයි සිතා තෝරාදෙන ලදී. කසාද බැඳීම ඉස්සර කාලේ හිරයක් ගෙන ඒම ලෙස හැඳින්වුනි. එය කදිම…