Posts

Showing posts from September, 2014

වීය බඹදත් An Illustrious King Called Bambadath

Image
වර්ථමාන ‍ලෝකය කලා නිර්මාණකරනයේදී අකුරු වලට වඩා රූපවලට ප්‍රමුඛතාවය ලැබෙන කාලය පැමිණ තිබේ. ඒ නිසා පුරාතනයේ සිට පැවත එන පුරාවෘත ආදිය රසවත් ටෙලිනාට්‍ය සහ සිනමා කෘති ලෙස ඉදිරිපත් වීමේ ප්‍රවනතාවයක් ඇතිවෙමින් පවතී. ගේම් ඔෆ්ද ත්‍රෝන් නැරඹූ මගේ මිතුරකු එහි ආතර් මැරෙන විට විස්සෝප වෙමින් ඒ ගැන දුක් වූයේ තමුන්ගේ සෙනෙහබර ආත්ත,මුත්තා මැරුණා ලෙස වූ ශෝක‍යකිනි. නමුත් ලංකාවේ දැන් දැන් පහල වෙන ඉතිහාස කතා බලා පටන් ගත් තැන පටන් අවසානය දක්වා පේන අඩුපාඩු වලට සිනාසිය හැකි කෘති විනා වටිනාකමක් ඇති ඒවා බිහිවෙන ආකාරයක් පේන්නෙ නැත. කුවේණියට රඟපෑ නාකි පෙනුමක් ඇති ගෑනිය ඇහැළේපොල කුමාරිහාමි ලෙස තෝරාගෙන චිත්‍රපටියක් පහුගිය දිනවල තිරගත විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පවා කෙළ හලමින් සිටි එවකට කන්‍ද උඩරට ලක්ෂණ රූපයෙන් යුතු කුල කාන්තාවගේ මනෝ චිත්‍රය පවා ඒ නාකි පෙනුමැති නිළිය විසින් අපට අහිමි කරන ලදී. බාගෙදා ශ්‍රී වික්‍රම රාජසිංහට රඟපෑ ජැකාගේ සිත හෝ වෙනත් යමක් ඇද උරාගත් එකියක් වූ නිසා එසේ ඒ චරිතය ඇයට ලැබුනාදැයි දන්නේ නැත. ලාංකික පුරාවෘත බොහොමයක් ආගම සහ ඇදහීම් හා සෘජු ලෙසම සම්බන්ධය.රූප පෙට්ටියේ පෙන්වන දුම් දමන අලංකාර කරන …

පඩ්-මි-කා Pa-d-mika 2

Image
ඇයට අනුර නැමැති පියන් ඥාතිවශයෙන් ඇගේ නැන්දාගේ පුතාය. අනුර මඳක් මැයට වඩා වයසය. ඔහුට වඩා මේ කෙල්ලට බුද්ධිය ඇත. මා මුලින් සිතුවේ අනුර වැනිම ගොන් කොටයක් මට පහත්වේවිය කියලාය. නමුත් එහෙමම වුනේ නැත.
අනුරගේ මවට පිස්සුය. එය මානසික රෝගයකි. අනුරගේ මව මේ මගේ කන්තෝරුවේ වැඩකරන පද්මිකාගේ මවගේ සහෝදරියයි. ඇයට පිස්සුව තද වී රෝහල් ගත කොට ඇත. ඇය දවසක් හැර දවසක් වැඩ ඇරී ඇගේ නැන්දා බලන්නට යයි. මටද දිනක් ඇය සමග යෑමට සිත් විය.
මාත් එන්නං ඔයත් එක්ක යන්න. මටත් අනුරලයි අම්මව බලන්න ඕන. මා කීවෙමි.
හා පසිදු සර්.. එන්න. බස්සෙකේ තමයි යන්නෙ. පැයක් විතර යයි.
මා එන ස්ටාෆ් වෑන් එකට කෝල් එකක් ගෙන මා එන්නේ නැති බව කීවෙමි.
මා දැන් යන්ට සැරසුනි. ඇය හා බසයට නැගුන පසු බසය ඉගිල්ලුනි. හෝල්ට් දෙක තුනකින් නැගුන සෙනග කන්දරාව මගේ ඇඟ මතය. ඇය සිටගෙනය. මාද සිටගෙනය. ඇය මගේ ඉදිරියෙනි. මා මගේ යහපත් චර්යාව ආරක්ෂා කරගන්නට බොහෝ වැර වෑයම් කලෙමි. නමුත් අවසන ඒ සියල්ල වතුරේ ගියේය.
ඇයටද සේදීයන යමක් ඇත්නම් එසේම යන්නට දීම මනා යැයි සිතෙන්නට ඇත. ඇයට හැරෙන්නට වත් ඉඩක් නැත. ඇගේ නාරි දේහය මගේ ස්පර්ශයෙන් රත් වීගෙන එයි. මාගේ පුරෂ දේහය කිසිදු සදාචාර ලකුණ…

පඩ්-මි-කා Pa-d-mika 1

Image
ඒ කුමාරිකාවෝ රතැඹුලපෙති දෙකක් මෙන් ඉතා රත් වු පතුල් දෙකක් ඇතියහ. ඔප් නැඟූ කනකරූපයක් සේ බබලන රන්වන් ශරීර ඇතියහ. රන්මොනරකර දෙකක් මෙන් යහපත් වූ කෙණ්ඩාසඟලක් ඇතියහ. වටමටසිලුටු වූ කලවා සඟලක් ඇතියහ. ඉතා පළල් වූ උකුළු පෙදෙස් ඇතියහ. සිහින් වූ කටී පෙදෙස් ඇතියහ. නීලපුෂ්පාකාර වූ උස් නාසිකාවක් ඇතියහ. ලිනඟලාපෙති සේ ලීලෝපෙත ව වට වූ ඇඟිලිපෙලක් ඇතියහ. රන් හස් පැටවුන් වැනි මනහර තන සඟලක් ඇතියහ. ඉතා මොලෙක් වූ බාහුයුග්මයක් ඇතියහ. අඳුන්වන් සිනිඳු තුනු රෝමයන් ඇතියහ. නිලුපුල්පෙති පරයන දිගුපුළුල් වූ නිල් නුවන් ඇතියහ. කොඳකැකුළු සේ සුදු සිනිඳු වූ දන්ත පංක්තීන් ඇතියහ. රනොවිලි දෙකක් වැනි කන්වැල් සඟලක් ඇතියහ. උතුරු මුහුදැ දියසළාවක් සේ පළල් වූ පිටක් ඇතියහ. වැල දෙකක් සේ නිල් වූ බැම සඟලක් ඇතියහ. රන්කලසැ කරක් සේ වට වූ ග්‍රීවයක් ඇතිවහ. අක්බඹරු දික් මොළොක් වූ නිල් කෙස්වැටියක් ඇතියහ. බොහෝ කොට කීමෙන් ප්‍රයෝජන කිම්ද? ඒ කුමාරිකාවෝ තමන්ගේ ශරීරයෙහි රන්වන් පැහැයෙන් දසදිග් හොබවා හිර මඬල සේ බබලති.

ඒ සද්ධර්මාලංකාරයේ එන පද්මාවතී බිසොවුන්ගේ වර්ණනාවයි. නිලක්ෂි පද්මිකා නම් වූ කෙසඟ වූ කෙල්ල තුල මේ ආකාරයේ කුමාරිකා ලක්ෂන බොහොමයක් නැත. ස…

විලාසිතාවෙන් නංවන නිරුවත Fasion n nudity

Image
ඉතා සරලව පෙනෙන දේවල් සංකීර්ණ කොට විමසා බැලීම විග්‍රහ කිරීම් දර්ශන ආදී දේ තුලින් සිදු වෙයි. යම් පද්ධතියක් ගණිතමය හෝ විද්‍යානුකූලව අපිට ග්‍රහනය කොට ගත හොත් එය අනාගත සැලසුම් වලට මහත් වූ පිටුවහලකි. ගෑනුන් මේක් අප් නැතහොත් රූපලාවන්‍ය සහ විලාසිතා වලට ඇතිවන නැඹුරුව එන්න එන්නම වැඩිවේ. මතයක් සහිත පුද්ගලයෙකු වන උපුල්ශාන්ත සන්නස්ගල කියන්නේ “ ඉස්සර බස්වල යන්න බැහැ දාඩිය ගඳ, ගෑනු හරියට මූන අතපය වත් හෝදන්නෙ නැහැ ඒ දවස්වල.වර්ථමානයේ ගෑනු රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන් වලට පිංසිද්ද වෙන්න දැන් ඇසට ප්‍රිය විදියට අඳිනවා, දැන් ගොඩක් ගෑනු ලමයි පිරිසිදුවට අඳිනවා, එයාලත් පිරිසිදුව ඉන්නවා. ඒක ඒ රූපවැඩසටහන් වලින් වුන හොඳ දෙයක්. නමුත් මෙයාලයි රූප ලස්සන වීමට සාපේක්ෂව එයාලගේ මනස මොඩර්න් වෙලා නැහැ. ලස්සන මේක් අප් එක යට ලස්සන නවීන විලාසිතා යට ජිවත්වෙන්න තාමත් හණමිටි අදහස් ගොන්නක් හිතේ තියාගත්ත පරණ තාලේ ගෑනිම තමයි“ වගේ අදහසක් සන්නස්ගල ඉදිරිපත් කරනවා. සන්නස්ගල එතනදි හරි. ගෑනුන් ගේ රූපය තිබෙන උනන්දුවට සහ ඒ කෙරෙහි දක්වන උනන්දුවට සාපේක්ෂව ඔවුන්ගේ ආකල්ප වෙනස් වී නැහැ. ඔවුන් තාමත් සමහර විට පුරාණ බමුණු මත අනුව ජීවත්වෙන …

‪#‎SLAmuMirisChallenge‬ ගැන එන පැන

Image
අපි දන්නවා ගොඩ වෙදකම් විදියට අපි එක එක දේවල් කරනවා ලොකු රෝගවලට..ඩෙංගු හැදුනාම ගස්ලබු කොල, පැපොල හැදුනාම කොහොඹ කොල, වගේ දේවල් පාවිච්චි කරනවා.. ඇත්තටම මේ වකුගඩු රෝග අමු මිරිස් වලිං හොඳ කරන්න පුලුවන් වෙයිද? අමු මිරිස් කෑවම වකුගඩු හොද වෙනවද?
වරදවා වටහා ගන් එපා. අමු මිරිස් වලිං වකුගඩු ලෙඩ හොද වෙන් නැහැ. මේක රජරට වකුගඩු රෝගෙට මුදල් එකතු කිරීම පිණිස ක්‍රියාත්මක කරන තවත් සාර්ථක වැඩපිලිවෙලක් විතරයි. මේකෙදි යමෙක් අමුමිරිස් කාලා තව අයට චැලෙන්ජ් කරනවා. ඒ වගේම අමු මිරස් ඇහැට නොදැක්කත් හරිම ලේසියෙන් SL AID මුදල් ගිණුමට බැර කරලා සත්කාරයට දායක වෙන්න හැකියාව තියෙනවා. 


මේ ඉහල තියෙන්නෙ ගිණුම් විස්තර..

අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් …