Posts

Showing posts from November, 2014

අලුත් 30ටඅඩු ස්මාට් ෆෝන්

Image
ස්මාට් ෆෝන් එකක් කියන්නෙ වැදගත් බඩුවක්. කෝල් ගන්නවාට මැසේජ් ගහනවාට සීමාවෙලා තිබුන ෆෝන් එකේ රාජකාරිය එතනින් එහාට පැතිරිලා බහුකාර්ය වැඩවල නිරත වෙන්න හදපු කෑල්ලක් තමයි ස්මාට් ෆෝන් එක.
අපේ සිරිලංකාවෙ සල්ලි තියෙන මිනිස්සු ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. සල්ලි තියෙන කිව්වෙ සල්ලි අත දිග ඇරලා වියදම් කරන්න පුලුවන් මිනිස්සු ගාන. ඒ නිසා කාර් එකක්, ෆොන් එකක්, ලැප්ටප් එකක් වගේ එකක් ගන්න ගියත් අපි අපිට ලබාගත හැකි අවම පහසුකම් ප්‍රමාණය අපට ගැලපෙන මුදලට ලැබේද කියලා බලන්න වෙනවා.
ස්මාට් ෆෝන් එකක් ගෙවන්න ගන්න පවා සමහර විට අපිට සිද්ද වෙනවා. මොකද එකපාර අපිට ඒ මුදල දරාගන්න බැරි නිසා.

ඔපරේටීන් සිස්ටම් එක. (mobile OS)

ඇපල් කියන්නෙ ගනන් පලතුරක්. දැන් නම් අඹ වලට වඩා ඇපල් මිල අඩු වුනාට ඇපල් ඉස්සර ඉදන් හරි ගනන්. ඒ නිසා ඇපල් ගැන අප කතා නොකර ඉමු. ඇපල් කොයි තරං හොද වුනත් අපිට කිට්ටුකරන්න බැරි තරම් සමහර විටඅපේ මාස තුනක හතරක වැටුප තරම් ඇපල් (Apple phoene ) ගනන් නම් අපි ඒක ගැන හිතන එක තේරුමක් නැහැ.

ඇන්ඩ්‍රොයිඩ් තමයි දැන් ලෝකෙ ජනප්‍රියම ජංගම දුරකථන මෘදුකාංගය. රසවත් අතුරපස වල නම් වලින් එන ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම සාමාජිකයා ලොලිපොප්.(…

ගරාවැටීම

Image
අපේ ගෙවල් තියෙන්නෙ මූධට කිලෝමීටර 4-5ක් දුරින්. කෙලින්ම මූදට දුර බැලුවොත් නම් කිලෝමීටර 2-3ක් තමයි ඇත්තෙ. සුනාමි ආවයින් පස්සෙ අපේ ගෙවල් දිහා හැදුවා පොඩි ස්කෝලයක්. ඒකෙ කොම්පියුටර් ඉංගිරිසි උගන්වනවා කියලා මුලින් කතාව ආවා. ඉස්සරහ පොකුනකුත් තියෙන නිසා හරි ලස්සන තැනක, ලස්සන විදියට වැඩේ පටන් ගත්තා. 

මුලින් ඒකෙ පාසැල් ලමුන්ට අමතර පංති සෙනසුරාද ඉරිද වගේම සතියෙ දවස්වලත් තිබුනා. ඒකට ගුරුවරු ඇවිත් නැටුං එහෙමත් තිබුනා. හොදට අවුරුදු දෙක තුනක් මේක දිව්වා.

එක දවසක එකපාර කොළඹින්  ලොකු සෙනගක් ආවා. ඉන් ටික දවසකට පස්සෙ දවසක ලමයිට ලස්සනට ඇදන් එන්න කියලා තිබුනා සුනාමි ආපු වෙරල දිහා හිටපු අයගේ දරුවන්ට. ලමයි ලස්සනට ඇදන් ආවා. එදා කොම්පියුටර් විස්සක් තිහක් ඇවිත් දිලිහි දිලිහි තිබුනා. 

ලමයි හරිම ආසාවෙන් අර කොම්පියුටර් එක්ක සෙල්ලං කලා. කරලා කරලා බොහොමසතුටින් ඉන්න විදියට පොටෝ එහෙමත් ගහගත්තා අර කොළඹින් ආ මහත්වරු. මම හිතන විදියට මේ ආවෙ රාජ්‍ය නොවන සංවිධානයක්. ඉතිං අර ලමයි ටික ගියත් එක්කම එදා රෑම අර කොම්පියුටර් ටික ආයෙත් බොහොම හොදින් පැක්වෙලා කොළඹ ගිහින් තිබුනා. දරුවො ටික සහ කොම්පියුටර් එක්ක ගත්ත පිංතුර ටිකත් ඒ එක්කම ර…

මට දැනෙන්න වෙඩි තියන්න

Image
යුදබිමේ ඉන්න සැමියා එනතුරු මගබලා ඉන්න ලගදි බැන්ද බිරිද.

වැඩ මරන්න වෙඩි තියන්න
පුරුදු ඔය සරීරේ..
මට බනින්න උඩ පනින්න
දුවල එන්න රහසේ.

පිනි වැටෙන්න පොද හැලෙන්න
පටන් ගත්ත මාසේ
ඔබ තෙමෙන්න ඉඩ තියන්නෙ
නෑ ඔබ මා පහසේ..
මත් බඹරා සිත් අවුරා
පැන් විලට පානගාලා
නෙත් වහලා හුස්ම හෙලා
නුරා ගැබ පියා සලාලා
මල් කඩලා වැල් හදලා
දෙයියන්ට රහසෙ වැදලා
කල් බලලම, ඇති කියලා
කියන්නම් හඩාලා..

බෙරි කරලා බත් උයලා
රැවුම් ඔබෙන් ගන්න
කන කරකවලා ඇස් වහලා
හොරෙන් දුවන් යන්න
සුද්ද කරපු යුද්ද කරපු
කතා අහන් ඉන්න
නැද්ද ගාය?  විද්ද හීය
අරන් සැනින් එන්න 

බලා සිටියා

Image
මනමේ නාට්ටිය බලන්න ගමේ කොල්ලෙක් යනවා.ගියාට පස්සෙ එයාට හිතෙනවා අර දෙන්නටම කුමාරි එපානම් අනේ මටවත් එයාව ගෙදර අරං යන්න ලැබෙනවා නම් කියලා..
බලා සිටියා ඇස් නොපියා කට නොවසා..
තිරේ වැහිලා ඈ ගියෙදෝ මා හැරදා..
තාලෙට පනින්න ගී කියන්න බැරි හින්දා
මනමෙ කුමරී මාහට කමැතිද මන්දා..

රනින් මාල බන්දා නාවත්
රුවන් සේල හැරදා ආවත්
වත්සුනු පියරු පිරුන වෙස් ගැලවූවත්
මගෙ මනාපේ බොටමයි හැමදාමත්.

මෙලෝ වාසේ මනමේ කුමාරයට බෑනේ
කඩුව වැනුවත් ඌ කුමාර පැටියෙක්නේ
වැදිරජාටත් මේ ගම්බිම් දේසේ හරි නෑනේ
කුමරි මනමේ යමුද මේ ගමයා හා කරකාරේ..


මේ කවි පෙලට ලක්ෂණ තාලයක් තිබෙනවා. ඔබ තාලය අහන්න කැමති නම් යූටියුබ් වීඩියෝ එකෙනුත් අහත හැකි..  
ඒ වගේම පහත ඩ්‍රොප්බොක්ස් ලිංක් එකෙනුත් සිංදුව බාගෙන අහන්න පුලුවනි. 
https://www.dropbox.com/s/t3c32lpm3i7fja3/bala%20sitiya.mp3?dl=0

කරන කලට පවු මීරිය බැද්ද සේ

Image
පසුගිය සතියෙ හිට්ම නිවුස් එක කොස්ලන්ද මීරියබැද්ද. එකපාර එකසිය අනූ දෙකක් සහ නිවාස පේලි කිහිපයක් සෙත්ත පෝච්චි වුනා. අපි දැන් දැකබලා ගමු ඒ සෙත්ත පෝච්චි වෙච්චි නිවාස වල තත්වය. 

අංක 1 පින්තූරයෙන් නාය යෑමට පසුත්..අංක 2න් නාය යාමට පෙරත් පිංතුර දැක්වෙනවා. සිද්ධිය වාර්ථාවෙන අන්දමට මේ වෙලාව වනවිට පාසැල් යන සිසුන් සහ මේ පලාතේ කොස්ලන්ද වත්තේ වැඩට යන අය ගිහින්. ඉතිරි වුන අය තමයි විපත්තියට මුහුන පෑවෙ. මේ නිවාස දිහා ගුවනින් බැලුවාම පේනවා මේවා නිවාස නෙමෙයි. ලැයින් කාමර.මේ වගේ නිවාස පේලියක පවුල් එකසිය ගානක් සහ මිනිස්සු පන්සීයකට අධික ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. 

මේ ලැයින් කාමර වල ඉන්න මිනිස්සු අයිති වත්තට. සමහර විට ලේඛන නීති රීති සහ අනෙකුත් දේවල් වලින් ඒ අය ස්වාධීන වුනාට ඇත්තම තත්වය ගතහොත් මේ මිනිස්සු වත්තෙම තියෙන ගහකොල සතා සීපාව වගේ අයිතිකාරයට තමයි ඔක්කොම ඒ මිනිසුස්න්ගේ මිනිස් අවශ්‍යතාවයන් අයිති වෙන්නෙ. මේ අපිට සුද්දා එක්දාස් අටසිය ගනන්වල ගෙනත් දීපු තෑග්ගක්. 

සුද්ද වතු වැඩට මිනිස්සු මදි නිසා දකුනු ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවා. එහෙම ගේනකොට මේ පැතිවල තියෙන ශිතලට සහ වරායේ සිට මෙහෙට එනකොට මිනිස්සු ගොඩදෙනෙ…