Monday, January 12, 2015

එක රැයට එළි නොවෙන ජහමරා පාලනේ


සියලු දෙනා පරාජිතයින් කරමින් මෙවර මැතිවරණය සමාප්ත වුනා. ජනතාවට පණිවුඩයක් දෙන්න කීවාම රනිල් වික්‍රමසිංහ විසින් ජනතාව අපිට පණිවිඩුයක් දීල තියෙනවා කියල කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.
කොහොම වුනත් අද වෙනකොට රටේ පවතින්නෙ යම්තාක් දුරට අස්ථාවර තත්වයක්. ඒ අස්ථාවර තත්වය කුමන අන්දමකින් බැලුවත් ස්ථාවර තත්වයක් නෙමෙයි. පාර්ලිමේන්තුගත පක්ෂ දේශපාලනයට පිටින් විවිධාකාර ආගමික කන්ඩායම් සහ විවිධ සංවිධාන වලින් ආපු බලයක් ඔස්සේ මෙහෙයවුනු ධාරාවක් විනා ඒ ධාරාව විසින් සිංහල සමාජය තුල රෝපනය කල දේ කොළඹින් පිටත දකුණු පළාතට ඇවිත් තිබුනෙ නෑ..
සරලව කිව්වොත් මෛත්‍රි තුමා එක්සත් ජාතික පක්ෂය ඇතුළු හවුළ දකුණු පළාත සහ ඒ ආසන්න සබරගමු මොණරාගල දිස්ත්‍රික්ක කුරුණෑගල දිස්ත්‍රික්ක වගේ ඒවයින් උපයාගත් විශාල ඡන්ද පදනමක් තිබුනේ නැහැ. බොහෝ දෙනා සිතුවා රූපවාහිනී සංවාද වලින් විපක්ෂය දිනනකොට හරි දැන් පෙල්ලිලා ඉවරයි කියලා. නමුත් කාලානුරූපව ඕනිම බලයේ සිටින දේශපාලකයකුගේ අඩුවන අඩුවීමට වඩා වැඩි සීඝ්‍ර අඩුවීමක් මහින්ද කෙරේ පෙනුන් නෑ වගේම සිරිසේන විසින් දකුනේදී විශාල වශයෙන් උපයා ගත් පදනමක් තිබුනෙත් නැහැ. කොළඹ දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්ක වල යූ ඇන් පී ඡන්ද හැසිරීම අනුව මේක රනිල් ඉල්ලුවත් කොළඹින් වැටෙන ඡන්ද ටිකම තමයි.

සියලු දෙනා ඒකරාශී වෙලා දේශපාලන පක්ෂයක් පිහිටුවලා ඒකට ප්‍රතිපත්ති පෙලගස්වාගෙන රාමුගත ගමනක් යන එක තමයි සාමාන්‍යෙයන් කල් පවතින ක්‍රමය විය යුත්තේ. ඊට වඩා වෙනස් විදියකට, හතර දෙනෙක් එකතුවෙලා ගල්බෝතලයක් අරගෙන වීදුරු හතරකට දාල ගහල ඉන් පස්සෙ හතර පැත්තට විසිරිලා යන ආකාරයේ කාර්යයක් මේ බල පෙරළිය තුල පේන්න තියෙනවා.
මොන පැත්තෙන් බැලුවත් ආප්ප කෑමෙන් පසු ඇති වූ මේ දේශපාලනික පෙරළියේ යම් කිසි සාධනීය ගුණයක් තවමත් ගැබ් වෙලා තිබෙනවා. එහි යම් යම් ප්‍රථිපල දැනටමත් අපිට ඇස් ගෙඩි දෙකට පේන්නම තියෙනවා.
රාජපක්ෂ පවුල විසින් රටේ ජාතික ආදායමින් විශාල කොටසක් බදු අරගෙන ක්‍රියාත්මක කරන ලද කිසිවකුට ප්‍රශ්ණ කල නොහැකි රාජාන්ඩු ක්‍රමයක් රටේ තිබුනා.ඒ යටතේ ආර්ථික සංවර්ධන නැමැති විශාල ආයතන ගනනාවකින් සමන්විත අමාත්‍යාංශයක් බැසිල් රාජපක්ෂ යටතේත් ඉන් පසු නාගරික සංවර්ධන සහ ආරක්ෂක කියලා අමාත්‍යාංශයක් ගෝඨාභය රාජපක්ෂ යටතේත් තිබුනා. මේ රාජපක්ෂවරු දෙදෙනා සහ ජනාධිපතිතුමාත් එතුමාට අයත් අමාත්‍යාංශත් මගින් ජාතික ආදායමින් සියයට 60කට වඩා යොදාගත්තා කියල තමයි පොදු පිළිගැනීම වෙන්නෙ.
එතනින් ගියාම සමස්ථ රටේ ප්‍රධාන ස්ථාන වෙලී බැඳී තිබුනේ රාජ්‍ය යාන්ත්‍රනයටත් වඩා රාජපක්ෂ හෝ රාජපක්ෂ ගැති වූ ක්‍රමයක්. ප්‍රජාතාන්ත්‍රික, ධනවාදී හෝ සමාජවාදී කවර ආන්ඩුක්‍රමයක් යටතේ පවා පුද්ගලයින් නායකත්වයට එන්නෙ පූර්ණ සද්භාවයෙන්, “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රට දැය පිණිස වන්නේ“ ය කියලා නෙමෙයි. පුද්ගලික අරමුණු තියෙනවා හැමෝටම. ඒක ඇමරිකාවෙත් උතුරු කොරියාවෙත් එතනින් ගියාම ඉන්දියාවෙත් එන්ගලන්තෙ පවා එකයි. සුපිරිසිදු දේශපාලනයක් තියෙන්නෙ පොත් වල විතරයි.
නමුත් ඥාති බැමි වලින් සහ ගැති බවින් බැඳුනු එක් අදක්ශ පුද්ගලයින් රැසක් වටා රටක සියලු බලතල බෙදී ගියාට පස්සෙ ඒ රටේ සමස්ථ ජනතාවට මුහුන දෙන්න වෙන්න ලේසි පාසු තත්වයන්ට නෙමෙයි. අදක්ශ කියලා වචනයක් භාවිත කලේ හේතුවක් ඇතුවම. රාජපක්ෂවරුන් දක්ෂ පුද්ගලයින් වුනානම් ඔවුන්ගේ කෙළින්ම අණසක යටතේ තිබුන ආයතන ආදිය ලාබ ලබන්න ඕනි. නමුත් එහෙම දෙයක් කොහෙ හරි වෙලා තියෙනවද? රාජපක්ෂ අනුහස් ලැබුනු ආයතන දියුනු පවුනු වෙලා වෙන රටවලටත් බිස්නස් පතුරුවලා අපේ රටට විදේශ විනිමය අරන් දීල තියෙද? මම හිතන්නෙ එහම නෑ..
වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කියන ආයතන තුනේම අධ්‍යක්ෂවරයෙක් ලෙස ශමීන්ද්‍ර රාජපක්ෂ හෙවත් ප්‍රකට කතරගම දේවාලයේ බස්නායක නිලමේ තුමාගේ මලනුවන් රාජපක්ෂ ක්‍රියා කලා. දැනගන්ට ලැබුන ආකාරයට ඒ තැන්වල ශමීන්ද්‍රට විශේෂ අධිකාරී බලයක් තිබිලාත් තියෙනවා. ඉතිං මේ ශමීන්ද්‍රට ඒ තනතුරට එන්න තිබුන ව්‍යාපාරික විභවය මොකද්ද? එතනින් ගියාම එයාට එතනට අධ්‍යක්ෂවරයෛක් විදියට අහසින් පාත්වෙන රාජපක්ෂ වරයෙක් කියන නාමය හැරුනාම තියෙන සුදුසුකම මොකද්ද? අවසානේ ඒ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් යටතේ පෙර කී ආයතන තුන විශාල දියුනුවක් පාලන කාලය තුල පත්වෙලා තියෙද?
මේ මම ගත්තෙ ප්‍රකට රාජපක්ෂ වරයෙක් නොවන නමුත් රටේ ඉහලම තැනක හිටපු පුද්ගලයෙක්. ඉතිං මේ විදියට රටේ ව්‍යාපාරික සමාජිය බල අධිකාරිය තුල රාජපක්ෂවරු සහ බත්බැලයින් බලය පතුරුවලා තිබුනා.
ශිරානි බණ්ඩාරණායක සිද්ධිය හරහා ඉන් පසු ඇතිවුන සිද්ධින් ගනනාවකින් පසු රාජපක්ෂවරු අධිකරනයටත් විශාල බලපෑමක් සිදු කලා. ඒක මම නෙමෙයි වික්ටර් අයිවන් විසින් සඳහන් කරන ආකාරයට එක්තරා කලකදී සරත් එන් සිල්වා විසින් කරන්නට යෙදුන අධිකරණය අපවිත්‍ර කිරීමේ ක්‍රියාදාමයේ තිබිය හැකි නරකම ආකාරයේ අවස්ථාවක්.
රට තුල සිවිල් පාලනය කියන දේ කොයි තරම් දුරට නැතිවෙලා තිබුනාද කියලා විවිධ උදාහරණ වලින් දක්වන්න පුලුවනි. අපි නිතර කොළඹ ඇවිදිනකොට දකිනවා හමුදාව විසින් විවිධ ආකාරයේ වැඩකටයුතු දිනපතා රාජකාරි ලෙස සිදු කරනවා. ඒක ගොඩක් දෙනෙක්ට කිසි අවුලක් නෑ කියලපෙනුනත් ඒවා කුමණ අරමුණකට,කාගේ ලාභ ප්‍රොෙයා්ජන තකා කුමන ආකාරයෙන් ක්‍රමවේදයක් හරහා සිදු වෙනවාද කියලා බොහෝ දෙනා දැනගෙන උන්නේ නැහැ. අපේ ගෙවල් දිහා ලොකු හෝටලයක් හො ්එවන් වැඩකට බිල්ඩිමක් හැදුවා නේවි එකෙන් ඇවිත්. ඔවුන් 8 වැනිදා මැතිවරණය පැවති දිනට පසු දින රෑ වන විට නැවත කොළඹ ගිහින් තිබුනා. ඔවුන් කවර ආකරයේ රාජකාරියක නිරත වෙනවාද. ඒවා යේ ප්‍රතිලාබ විදින්නෙ කවුද? නාවික සෙබලුන්ට කුමන ආකාරයේ දීමනා ලැබෙනවද? ඔවුන්ට ජාතික ආරක්ෂාවට කිසිසේත්ම අයත් නොවූ රාජකාරි කිරීම සදහා ලැබෙන වැටුප් ආදිය මොනවද? ඒවා කවුරුත් දැනං හිටියෙ නැහැ.
ජනමාධ්‍ය තුල රාජපක්ෂ වරුන් හෝ ඔවුන්ට කෙළින්ම පහර ගසන ප්‍රවෘත්ති පල වුනේ නැහැ. විද්‍යුත් මාධ්‍ය සියල්ලන්ම එකම ආකාරයේ පුවත් තමයි ප්‍රචාරය කලේ. ජනාධිපතිවරයා ඔසවා තැබීමත් ඔහුගේ ගුන වැයීමත් සියලු මාධ්‍යයන්හි පොදු රාජකාරියක් බවට පත්වෙලා තිබුනා.
එක රැයකින් දෙකකින් යහපාලනය ඇතිවුනා කියල කවුරුහරි කියනවා නම් ඒක බොරු. එහෙම වෙන්න බැහැ. රටවල තියෙන දේශපාලනික සමාජිය තැන්වලින් ඉස්සරහට ගන්න එක සතියකින් බැහැ. ඒකට කලක් යනවා. හැබැයි අපිට ඒ අලුත් ලෝකය දකිනකල් මේ පවතින විදියෙ මජර ක්‍රමය තුල ඉස්සරහට යන්න සිද්ද වෙනවා. සෝමරත්න දිසානායකට රූපවාහිනි සංස්ථාව ලැබීම වගේ සිද්ධියක් පොඩි නැහැ. නමුත් අපි එක රැයකින් රූපවාහිනිය ගැන අලුත් හීන බලාපොරොත්තු වෙන්න බැහැ.
මේ පණුවන් පිරුණු ක්‍රමය සුද්ද කරන එක කාමරයක් පවිත්‍ර කරනවා හෝ අපිලිවෙල බූමියක් ඩෝසර් දාල සුද්ද කරනවා තරම් සරල නැහැ. කොහොම වුනත් හංසයාට ඡන්දෙ දාපු අයට ජහමරා පාලනය අවසාන කරගන්න හැකි වුනා. රාජපක්ෂවරුනුත් ඔවුනගේ ගෝල බාලයින් විසිනුත් වසාගත් ලංකාවට ඒ කලුපාට අදුරු පාට රාජපක්ෂ වලාකුලු ජාලය නැතිවෙලා ගිහින්. හැබැයි අපි හිතන තරං ලොකුවට තාම හද පායල නැහැ.
එක රැයක් තුල මට පේන විදියට ආයතන සහ පද්ධති රැසක හිටපු අය දීර්ඝකාලීනව තමුන්ට මුහුනදෙන්න වුනු විශාල පීඩනයකින් අගතියකින් වක්‍රාකාර බලපෑම්වලින් නිදහස් වන්නට ඇති. නමුත් ඒක විමුක්තිය නෙමෙයි. පත්කිරීම් හෝ වෙනස් කිරීම් කරන වාරයක් ගානෙ අපෙන් මහින්දවාදි බුලත් කොල අහවි ඕකද යහපාලනේ කියලා? නමුත් මට නං කියන්න තියෙන්නෙ දූෂිත සමූහාන්ඩුවක ඉන්න එක ඒකාධිපති රාජාන්ඩුවක් යටතේ ඉන්නවාට වඩා සනීපයි.
වලව්වක කුස්සිය පැත්තෙන් නැමීගෙන ගිහින් තමුන්ට උරුම දේ ලබාගන්නට,  වලව් වල හාමුලාගේ බේබිලාගේ පස්සෙන් දුවන්න වෙන අනාගතයක් උදාවෙන්න තිබුන අවස්ථාව මගේ හංස ඡන්දයෙන් මම වැලැක්කුවා කියලා මට සැනසීමක් තියෙනවා. ඒක රූපවාහිනියට කාරු පත් කලාද? ලේඛම්ලා කොයි තරං කැත මිනිස්සුද? මෛත්‍රිෙග් කැබිනට් එකේ හොරු ගොඩයිද? කියන ලාබ සිල්ලර කාරණා වලින් යටපත් වෙන්නෙ නැහැ.

6 comments:

  1. මමත් මුලි හිතුවෙ ඔහොම තමා. අනේ මන්දා? ඒත් තාම, වෙනසක් වෙයි කියන බලාපොරොත්තුව නැති වෙලා නෑ.

    මෙයාලා ඇණ ගත්තොත් , මරා ආයි එයි, මොකද වැඩි චන්ද වෙනස 3% අඩුයි නේද? ඒත් කමක් නෑ, මරා රට කරවපු ජරා ක්‍රමය වෙනස් කල යුතුව තිබුනා, අඩුම ගානෙ ඒක හරි වුනා නෙව?

    ReplyDelete
  2. ඔව් පුද්ගලයන් ලේසියෙන් වෙනස් කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ යටතේ හිටපු මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකත්වයේදි සාධනීය ලක්ෂණ පෙන්නුවා වගේ, ක්‍රමයේ වෙනසක් ඇති වුණොත්, ඔය ඉන්න අයගේ පවා වෙනසක් ඇති වෙන්න පුළුවන්. හැබැ‍යි ඊළඟ මහ මැතිවරණයෙන් තෝරගන්නේ කවුද කියන වගකීම ජනතාවට තියනවා.

    ReplyDelete
  3. //ලේඛම්ලා කොයි තරං කැත මිනිස්සුද? //

    MS ඊයෙ කිව්ව ඔය ලේකම්ලට ඉස්සර වුන දේ ගැන. මෑන්ගෙ දැනට මං දැක්ක හොඳක් තමයි ඒවගේ issues විවුර්තව කතා කිරීම. සමහරවිට සමාජ වෙබ් මෑන්ම කියවනව ඇති, වෙන කාගෙන්වත් අහගන්නෙ නැතුව

    ReplyDelete
  4. දැන් හාමුලා බේබිලා තියලා නවයි වගේ..................... බලමු තව ටික දවසක් මොකද වෙන්නේ කියලා..........

    කළකම් පලදෙද්දි රිදෙනවා රජාණෙනී.............

    ReplyDelete
  5. දින 100 ප්‍රගතිය බලලා චන්දෙ දෙමු.

    ReplyDelete
  6. දෙමෙල්ලු ටිකයි ත්ම්බි ටිකයි ඇවිත් පුකේ ඇරල යනකොටත් මහත්තයො ඒක හරි සාදනීය පුකේ ඇරිල්ලක් කියල කියයි.තොපි වගේ ජාතියක් ජාතකයක් නැති වේසිගෙ පුතාල ඉන්න රටක රාජපක්ශ හොද වැඩි.ලිදේ ඉන්න තොපි වගේ බ්ලොග් ගෙම්බන්ට තම්බි පුකේ ඇරල මදි.

    ReplyDelete