Friday, January 23, 2015

ටෙලිකොං එකට යුවරාජ් සිරිසේන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පී ජී කුමාරසිංහ සිරිසේන මහතා පත ්වී තිබේ. එතුමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකි.  ඔහු දැනට දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වරයෙක් වේ. උගත් බුද්ධිමත් පරිපාලන නිළධාරියෙකු ලෙස එතුමා පුද්ගලික ආයතන සහ රාජ්‍ය අංශයේ විධායක නිලවල කටයුතු කර ඇත. එතුමා ගැන සියලු විස්තර විකිපීඩියාවෙන් ඔබට බලාගත හැක.
 සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල සහෝදරයා දේශපාලකයෙක් නම් දේශපාලක සහෝදරයා අනුහස් ඇති පුටුවලට පත් වන කල්හී ඒ සහෝදර වරුන්ගේ අපල කාලයදුරු වී ඔවුන්ට ද රාජයෝග උදාවේ..
මෛත්‍රීපාල තුමාගේ දේශපාලන දිවියේ නැගීම් වලට සමානුපාතිකව කුමාරසිංහ සිරිසේන තුමාගේනැගීම් බැසීම්ද ගැලපේදැයි ඔබට අවශ්‍ය නම් සන්සන්දනය කර බැලිය හැක. 


එතුමා ගිණුම් සහ වාණිජවේදය ගැන අත්දැකීම් සහ සැලකිය යුතු අධ්‍යාපනයක් ලැබූවෙකි. මින් පෙර මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති වූයේ නිමල් වෙල්ගම මහතාය. එතුමා උපාලි සමූහ ව්‍යාපාරයේ හිමිකරුවා වූවා සේම වෙල්ගම ප්‍රවාහන සේවාව ආදී සේවාවන්හි ද සම්බන්ධයක් තිබුනි. පෙර සභාපති නිමල් වෙල්ගම කුප්‍රකට ඇමති වරුයෙක් වූ කුමාර වෙල්ගම මහතාගේ වැඩිමහලු සහෝදරයාද විය.
එසේම චමල් රාජපක්ෂගේ බාල පුතනුවන් වූ ශමීන්ද්‍ර රාජපක්ෂ එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අධ්‍යක්ෂ මන්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක්ද විය සාමාජිකයෙක්ද  විය.
සිරිසේන සහෝදර වරුන්ගේ ප්‍රකට ව්‍යාපාරයක් වන අරලිය සහල් ව්‍යාපාරයේද අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලිකොම් නව සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ක්‍රියාකරයි.
පසුගිය කාලයේ නවලෝක ව්‍යාපාරයේ ධර්මදාස තුමෙක් අධ්‍යක්ෂ වරයෙක් පත් වූ කල ටෙලිකොං ආයතන සේවකයින් සඳහා විශේෂ සහන නවලෝක රෝහල් සමූහයෙන් ලැබෙන්නට වූ බව සේවකයෝ කියති. එසේම ටෙලිකොම් මූළස්ථානයේ ආපන ශාලාවක් ද නවලෝක රෝහලේ ආපන ශාලාව පවත්වාගෙන යන එහිම කොටසකට ලබා දී ඇති බවක්ද සේවකයෝ පවසති.
රක්ෂණ සංස්ථාව සමගද ටෙලිකොම් ආයතනයේ තිබූ එවන් වූ පොදු ව්‍යාපාර ගිවිසුමක් නිසා ටෙලිකොම් බිල්පතෙන් රක්ෂණ ආවරණයක් ගැනීමේ මහඟු අවස්ථාවද ටෙලිකොම් පාරිභෝගිකයින්ට හිමිවිය.
විවිධ ව්‍යාපාර හිමි අධ්‍යක්ෂවරුන් සහ ප්‍රබලයින් ආයතනයට එකතු වූ පසු ඒ ව්‍යාපාර එකිනෙක සම්බන්ධ වීමේ ත් බද්ධ වූ ව්‍යාපාර අවස්ථා වලදී විවිධ සහන පාරිබෝගිකයින්ට ලැබීම සිදුවේ. 

ඒ අනුව ඉදිරියේදී දැව සංස්ථා දැව සහ සහල් අඩුමිලට ලැබේ යැයි ටෙලිකොම් සේවකයෝ බලපොරොත්තුවේ දෑස් දල් වා සිටිති. තවද අන්තර්ජාල සම්බන්ධතාවක් සමග නිකම්ම ටෙලිෆෝන් එකකටද බිල ගෙවන්නට සිදුවීම ගැන මැසිවිලි නගන පාරිභෝගිකයින් පැවසූයේ ඉදිරියට හාල් කිලෝවක්ද ටෙලිකොම් බිලට අමුණා එවිය හැකි බවකි. නමුත් එවැනි කාරණා බුද්ධිමත් උගත් ජනතාව නොසලකයි. ෆුඩ් සිටියේ හාල් තෝරමින් සිටි පොෂ් පැලැන්තියේ අයෙක් අහ්..ඉස්සරහට හාල් කිලෝ එකට මෙගාබයිට් සීයක් ලැබෙනනත් බැරි නැහැ යැයි උද්දාමයෙන් පැවසුයේ යහපාලනය ගැන හදපිරි සතුටිනි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ටුවිටර් සාමජිකයෙක් පැවසුවේ යහපාලනයේ අපි කේන්ද්‍රයට සම්බන්ධ අයෙක් ටෙලිකොම් ආයතනයට පත් වීමෙන් පොලොන්නරුවේ සියලු වැව් ආශ්‍රිතව වයිෆයි සෝන් ඇතිවිය හැකි බවකි.

23 comments:

  1. කුමාරසිංහ මහත්තයා ටෙලිකොම් එකෙන් අයින් නොකර සිරිසේන පවුලෙන් අයින් කරන්න.

    ReplyDelete
  2. හාල් කිලෝ ඒකට මෙගාබයිට් සීයක්................. අඩේ පට්ට කතාව..... අැයි විනාඩි 10 ක අැමතුම් කාලයක්

    ReplyDelete
  3. කාරුවත් මේකට නම් පවුල් වාදය කියන්න එපා.මීට වඩා සුදුසුකම් තියන අය ඉන්නවා කියන්නත් එපා.එහෙම කරොත් එයා හරිම නෝටි.

    ReplyDelete
  4. ඇයි ලී වලින් හදපු ‍ෆෝන් දෙන්ඩත් බැරි නෑ???

    ReplyDelete
  5. ඒ කියන්නේ ඉස්සරහට රටටම සිරිසේනලා ...IO

    ReplyDelete
  6. //Accountant Assistant- RDA Works Division (1985-1986)- Road Development Authority,
    Project Accountant - Samanalawewa Hydro Power Access Road Project (1986-1987) – RCDC,
    Accountant - Grade IV - Northern Zone (1988-1989)-RCDC,
    Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1989-1993) – RCDC
    Finance Manager/Accountant (Special Projects) - Gam Udawa, Mihintale (1993-1994) - RCDC,//
    period of UNP Government

    ReplyDelete
    Replies
    1. So, ano he has been an accountant, right? Here, more qualified accountants are there.But ,this guy becomes the Head.What do you want to imply? All the management degree holders will be given Chairman posts?

      Delete
  7. අම්බානක ලයික් ඈ....

    ReplyDelete
  8. ඒ වගේද වයි පයි නොමිළේ දෙන කොට

    ආන් එතකොට

    හයි පයි කම් එතන බාල්දුයි..

    ReplyDelete
  9. පවුලෙ කියලා ඉගෙනගත්තු මහත්තයකුට රස්සාවක් දෙන්න බැරිද? කුමාරසිංහ මහත්තයට උපාධියක් තියෙනවා.ජනාධිපතිතුමාට වඩා ඉගෙනගෙනත් තියනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ මට උපාධි 2ක් තියනවා. මට දීපංකො එහෙනම්!

      Delete
  10. එළ කතාව ඕයි... හෙහ් හෙහ් ... :)

    ReplyDelete
  11. මෙම තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොහුට තිබුනද මෛත්‍රී ගේ සහෝදරයා වීම නමැති සාධකය අන් සියල්ලටම වඩා ඉදිරියෙන් ඇති බව පැහැදිලිය.මෙම තනතුරට ටෙලිකොම් සමාගම තුල බොහෝ කාලයක සිට සේවා කරන, සේවා කාලය සහ අධ්‍යාපනය අතින් පවා මොහුට වඩා සුදුසු නිලධාරීන් නොසිටිය නොහැක....

    ReplyDelete
  12. දැන් මේක වැරදියි.නමුත් මේක වැරදියි කියන අයම කලින් ආණ්ඩුවේ සහෝදර කම් ගැන විවේචනය කලාද? සහෝදරයෝයි කියලා දක්ෂනම් නොගන්න එක හරිද? ගෝටභය හිටියේ නැත්නම් සමහර තීරණ ගන්න අමාරුවෙන්න තිබ්බ කියල කියනවා. ඒ වගේම රවුල් කස්ට්රෝ ගැන .කියන්න වෙන්නෙත්. මට පේන්නේ දෙපැත්තක් චෝදනා කරගන්න එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මේවා මොකා කලත් ලැජ්ජා නැති වැඩ අජිත්. දැන් තියෙන්නේ ඉතුරු අයත් හැම තැනටම දාගෙන පුතාවත් පාර්ලිමේන්තුවට ගේන්න. දුව කැමති නම් එයත් ගේන්න. නෝනට ටෙනිස් ගහන්න උගන්වන්න. අස්සයෝ පදින්න උගන්වන්න.

      එතුමා බොහෝම සරළ මනුස්සයෙක් බව පෙනුමෙන් පේනවා. ඒත් මේ කරන විකාර වලින් ඒ ක්‍රෙඩිට් එක කුඩු කර ගන්නවා.

      ඒ වගේම මම දැක්කා මහවැලි අමාත්‍යංශයේ අළුත් ජොබ් හම්බ වෙච්ච උන් ටයි කෝට් ඇඳගෙන ඇවිත් දෙකට නැමිලා වඳිනවා. මේ රටේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ. මට නම් හිතා ගන්නත් බෑ.

      Delete
    2. මේ රටේ මිනිස්සු ළිදක ඉන්න මැඩියෝ

      Delete
  13. මෙහෙමයි මගේ අදහස.
    පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන චෝදනවක් තමා දූෂිත පවුල් පාලනය.දැන් එයා බලයට ඇවිත් ඒකම කරනවා.දූෂිත ආණ්ඩුවේ එයත් හිටියා.ඉදලා එයත් හොදට හම්බ කරා.මට නම් මේ රටේ දේශපාලකයෝ 75%ක් අරහන් වෙලා හිටියේ ජනාධිපතිවරණයට කලින්.9 වැනිදා උදේ මේ රටේ බහුතර ජාතිය එපා උනා.සතියක් ඇතුලත දේශපාකයන් 100%ක්ම අරහන්.

    ReplyDelete
  14. ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

    සුදුසුකම් කිරා බලන්නේ නම්....
    ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
    නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
    ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
    බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
    චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
    ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් වීමටත්...

    බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්‍යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

    යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

    ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?

    ReplyDelete
  15. මේක අමිල ඔයා ලියපු ඉතාම හොඳ පෝස්ට් එකක් වගේම හොඳම කමෙන්ට් එකක්. විවේචනාත්මක සහයෝගය මිසක් කරන හැම ලබ්බම හොඳයි කියන්න තරම් මානසික වහල්ලු වෙන්න හොඳ නැහැ, අපි.

    ReplyDelete
  16. මේක අමුතු යහපාලනයක් වෙයි වගේ...

    ReplyDelete
  17. හැබැයි අමිල මේ වෙලාවෙ මෙහෙම පෝස්ට් දැම්මාම ඔයා බ්ලොග් පොරවල් අතර අප්‍රසාදයට පත් වෙන්න පුලුවන්. මොකද මේ දවස් වල ආර්ට් එක තමයි යහපාලනයේ ඔක්කොම එව්වා හොඳයි / මහින්දට වඩා හොඳයි කියන එක.විචාරයක් නැහැ.

    ReplyDelete
  18. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15497-2015-01-25-18-44-44

    ReplyDelete