Tuesday, January 6, 2015

ලගින් ඉදන්..

ලගින් ඉදන්  කවට සිනා මුවින් පියා සලා..
කෝල කතා ආල නෙතේ පේ විලා ගියා..
කියා දෙන්න සහතික වන්නට සාක්කි නැති නිසා..
මට  ආලේ කලේ ම නෑ කියා
ඈ හට කියන්නට හැකි වුනා..

ඇස් කතා කලා කියා දන්නේ මා ඇස් විතරද මන්දා..
ඔබ සිනාසුනේ මා කතාකලේ මිතුරන් සේ ලං වුන හින්දා..
දේදුනු පායා බැසයයි ඈතින් මට පේන මායිමේ..
අපෙ කාලේ ගෙවුනේ ඒ වාගේ සිහිනයකද ජීවිතේ.

නැට්ට පිටින් යයි අලි මැරිලා ...මූදේ මාලු ගොඩක් ඇත පිරිලා..
නයි කයි දෝ රෝස්පාන් ...මට දැන් ආදරයක් දැනිලා...
කිව්වට ඈ නෑ පිලිගන්නේ මා අද වෙලිලා ඇත දුක සෝකේ
දේදුනා පායා බැසයයි ඈතින් මට පේන මායිමේ.. 

3 comments:

  1. //නැට්ට පිටින් යයි අලි මැරිලා // එක නම් වෙනවා මයි

    ReplyDelete
  2. ඔහැක්
    මටත් ඔය කියන ජාතියෙ කතාවක් අහන්ට දකින්ට ලැබිල තියෙනව

    ReplyDelete
  3. අලි මැරිලා මෛත්‍රී පාල ණයක් වෙනවා රටට.

    ReplyDelete