Monday, February 2, 2015

කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට්

හර්ශ ද සිල්වා.

ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි.
ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි හි ජනප්‍රිය තාක්ෂනඥයෙක් වෙන ෆේස්බුක් හි විශාල චරිතයක් වන චමත් පලිහපිටියව හමුවුනා. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්චා කලා ශ්‍රී ලංකාව මේ මහපොලව තුල , සෑම පුරවැසියෙකුටම නිකං ඉන්ටනෙට් ලැබෙන රට කරන්නෙ කොහොමද කියලා. පහල කක්ෂීය චන්ද්‍රිකා සහ පසුගිය මැතිවරණය කෙරෙහි ෆේස්බුක් පරිශීලකයින්ගේ දායකත්වය ගැන එහිදී සුපිරි කතාබහක් ඇතිවුනා.

Page Liked · 1 hr ·
Free internet access to every citizen in Sri Lanka to access Facebook? President Maithripala likes the idea!

Friday last week Ruwan Wijewardene, Ajith Perera and I met with the President along with Sri Lankan born (quite famous!) Sillican Valley technologist and venture-capitalist Chamath Palihapitiya of Facebook fame. We had a nice discussion with the President about how to make Sri Lanka the first nation on earth with free internet access to every citizen. It was super chat about low earth orbit satellites and how FB users worked for change at the last election. Later in the evening Ruwan and I along with a few others had a nice long chat over a brew and talked about breaking a hundred!




ඒඉහලින් තියෙන්නෙ හර්ශ ද සිල්වා උන්නැහේ සිය ෆේස්බුක් පිටුවෙ ලංකාවට ඉන්ටනෙට්, ජනාධිපතිතුමා, චමත් පලිහපිටිය යන දේවල් සම්බන්ධයෙන් දක්වපු අදහස්..
 මේ යට තියෙන්නෙ වැඩිය ඉංගිරිසිය නොදන්න ගමේ බයියන් වහන්සේ කෙනෙක් වෙන මගේ අදහස්.. 

පෘතිවි කක්ෂයේ පහලම කොටස තමයි ලෝ අර්ත් ඕර්බිට් සැටලයිට් වලට පාවිච්චි වෙන්නෙ. එතකොට ඉතා විශාල වේගයකින් ඒ චන්ද්‍රිකාව පෘතිවිය වටේ යනවා. විනාඩි 90කින් පෘතිවය වටේ රවුමක් ගිහින් ඉවරයි.. ගූගල් සමාගමත් අන්තර්ජාතික සමාගම් කිහිපයකුත් ගුවන් යානා වලට සහ වෙනත් අවශ්‍යතාවයන්ට අන්තර්ජාලය ලබාගන්න ඔය සැටලයිට් නෙට්වර්ක් එකක් ගහන්න කතා කරගෙනෙ තිබුනා. නමුත් ඒකත් ඉතා අධික පිරිවැයක් යන වැඩක්.

සැටලයිට් වලිං රූපවාහිනි බලන්න පුලුවනි මොකද අපිට ඩවුන්ලින්ක් එක ප්‍රමාද වුනාට දැනෙන් නැහැ.. නමුත් ඉන්ටනෙට් යද්දි අපි ඉල්ලන පේජ් එක තමයි ලබාදෙන්නෙ..එතකොට අපේ ඉල්ලීම් අප් ලිංක් විිදියටත් ලැබීම ඩවුන්ලිංක් විදියටත් යනවා.. පෘතිවියේ වායුගෝලය හරහා රේඩියෝ කිරණ විශාල දුරක් ගමන් කරන්න සිද්ද වෙන නිසා ඒ වගේ වෙලාවක අඩුතරමෙ තත්පර 10කවත් ප්‍රමාදයක් ඇතිවෙනවා..

ඉතාම කෙටියෙන් කිව්වෙ.. සමාර විට ෆේස්බුක් චමත් ලොක්කාට මේ රට සහ ආර්ථිකය ගැන දැනුමක් නැති නිසා ඌ ඔහේ තාක්ෂණය අනුව රටටම දෙන්න පුලුවන් කියන්න ඇති..නැත්තං මුන් ගොන්නු නිසා නොදන්න වචනයක් දෙකක් දාල සේප් වෙන්න ඇති..කොහොම වුනත් අන්තර්ජාලය දෙන්න සුදුසු පහසු  විදියක් විදියට චන්‍ද්‍රිකා සලකන්නෙ නැහැ.. ලංකාව මට්ටමින් ගත්තා වුනත් කාලගුන වාර්ථා ගැනීම...රූපවාහිනී සම්ප්‍රේශනය හැරුනුොකට චන්ද්‍රිකා යොදාගන්නෙ දේශපාලන වේදිකාවල විතරයි.. ඉන්ටනෙට් වලට ගන්නෙම නැති තරම්...

  
ඇත්තටම ආන්ඩුවට මිනිස්සුන්ට නොමිලේ ඉන්ටනෙට් ටිකක් දෙන්නෝනි නම් ෆේස්බුක් එකේ ලොක්කා එක්ක චැට් කොරන්න වැඩන් නැහැ. දැනට ලංකාවෙ අන්තර්ජාලය ලබාදෙන ජංගම සහ ස්ථාවර දුරකථන සමාගම් වලට බදු සහනයක් දීල අන්තර්ජාලෙ පාවිච්චි කොරන හැම මිනිහටම එක ගිගාබයිට් එකක් නිකං දීපිය කියලා කිව්වනම් දුරකථන සමාගම් වලට ඒ දේ කොරන්න පුලුවනි. නමුත් මේ විදියට සැටලයිට් උඩ අරින එක ලේසි නැහැ. ඇරත් දින සීයකින් කොහොමත් සැටලයිට් එක උඩ අරින්න්ත බැහැ. ඒ නිසා අපේ එතුමාල අපිට සැට් එකෙන් දෙනවා කියන බලාපොරොත්තුවට විතරක් ඡන්ද ටිකක් එකතු කොරාගන්ඩ හැකියාව මේ තුමාලට මේ හරහා ලැබෙනවා. 
දැන් අපේ නිල්පාටිෙය අයත් මේ වගේ රට බොරුවක් කලා පහුගිය කාලෙ. ඒ තමයි අර කොළඹ හදන අලි නෙලුන් ටවර් එක රූපවාහිනී සම්ප්‍රේශනයට ගන්නවාය. විදුලි සංදේශ වැඩවලට ගන්නවා ය කියන බොරුව. අද ලෝකෙ මහා කුළුනු ගහලා සන්නිවේදන කටයුතු වෙන්නෙ අඩුවෙන්. ගොඩක් වෙලාවට දිගු දුර සංඥා හුවමාරු වෙන්න ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් ආශ්‍රයෙන්. ඒ විදියට ඉස්සර කාලෙනම් උස ටවර් හරහා ටවර් එකෙන් ටවර් එකට රේඩියෝ සම්ප්‍රේෂන කටයුතු සිද්ද වුනා. 
අද රූපවාහිනී බලන්න කේබල් ටීවි සහ අයි පී ටීවි තිබෙනවා. එතනින් ගියාම සැටලයිට් ටීවි තිබෙනවා. ඉතිං ටෙලිකොම් ක්ෂේත්‍රයේ වැඩකට ඔය වගේ මහා ටවර් රාජයෙක් රුපියල් බිලියන ගානක් වියදම් කරලා ගහනවා කියන එක හොදයි ලංකාවෙ ඉන්න කොන්ඩෙ බැදපු චීන්නු ටිකට. 

27 comments:

  1. ගිගාබයිට් එකක් මක් කොරන්ඩද බං

    ReplyDelete
    Replies
    1. මචං නිකං දෙන්න පුලුවන් සීමාවක් තියෙනවා.. අනික පෝර නිකං දුන්නොත් ගස් හරි හැදේවි..ඉන්ටනෙට් නිකං දැන්නා කියලා ආන්ඩුවට ඡන්ද හැර රටට වෙන මක්කා ලැබෙයිද?

      Delete
    2. අටම්, ජිගාබයිට් එකක් කියන්නේ ඕනෙවටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒක දෙන්නේ ෆිල්ම් ඩවුල්නෝඩ් කරන්න නෙමෙයි. එදිනෙදා අවශ්‍යතා වලට උනාම ඔය ප්‍රමානය හොඳටම වැඩි.
      සාමාන්‍යයෙන් මගේ ෆෝන් එකකට 2 ජිගා කනෙක්සන් එකක් එන්නේ. ගෙදරින් එලියේ ඉන්න හැම වෙලේම මම ඩේට නෙට්වර්ක් යූස් කරන්නේ. (ගෙදරදි හා ඔෆීස් එකේදි වයර්ලස් නිසා.) මාසේ අන්තිමට මට 50 මෙගාබයිට් වත් යෙදවෙන්නේ නෑ. කරන්න පුළුවන් හැම එකම අපි ෆෝන් එකෙන් කරලත්.

      Delete
    3. වැල බලන්න නෙමේ, වැඩ කරන්න ගිගා එකක් හොඳටම ඇති තමා!

      Delete
  2. ටෙලිකොම් එකෙන් දැන් ප්‍රසිද්ධ ස්ථාන වලට දෙන වයි-ෆයි හොට්ස්පොට් එක හරහා 512Kbps වගේ ස්පීඩ් එකකින් දුන්න නම් හරි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒත් ලොකු වැඩක් ඒක.. ඒමනං ඉතිං බාන ඒවාට අවහිරතාවයක් දාන්නත් එපාය..

      Delete
  3. උක්කුං පුතා ගේ සැටලයිට් එක කුලියට ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අපි උක්කුං පුතාගෙ පොන්සි පින්තූරයක් දැක්කා ටේලර් කෙනෙක්ට මෙසමන්ට් දෙනවා.උගේ සැටලයිට් එක තාත්තගෙ එක වගේම ඕස්ට්‍රේලියාවෙ සුද්දො ලඟ කිච වෙවී උන්ට කඩේ යන කලු සුද්දෙක් වගේ තමයි.

      Delete
    2. උක්කුං සැට් එක යැව්වෙ උඩ කක්ෂයකට..රූපවාහිනී සම්ප්‍රේශන වැඩවලට කියලයි කට්ටිය කිව්වෙ..

      Delete
    3. //අපි උක්කුං පුතාගෙ පොන්සි පින්තූරයක් දැක්කා ටේලර් කෙනෙක්ට මෙසමන්ට් දෙනවා.උගේ සැටලයිට් එක තාත්තගෙ එක වගේම ඕස්ට්‍රේලියාවෙ සුද්දො ලඟ කිච වෙවී උන්ට කඩේ යන කලු සුද්දෙක් වගේ තමයි. //

      කකා ගෙ උක්කුං පුතා ගැනයි මේ විස්තරේ.අනුංගෙ පුතාල ගැන කියන්න කලින් සිංහලත් බැරි උඹේ පුතා ගැන බලපං කකා.

      Delete
    4. මරා හිතවාදී ඇනෝ ලා දෙන්නෙකුට (හෝ එකෙකුට) ඌයිය වෙලා වගේ පේනවා.
      පව්!

      Delete
  4. ( ඔයාගෙ කලින් පෝස්ට් එකටයි මේ කමෙන්ට් එක.)

    අනේ දෙයියනේ! බ්ලොග් අවකාශය තියෙන්නෙ මේවටද? සිංහල යුනිකෝඩ් හැදුවෙ මේවටද? ඉක්මනට කසාදයක් බැඳගන්න මල්ලි. ලෙඩේ හිතන්න බැරි තරම් දරුණුයි.අනාවැකියක් කියන්නද?කවදා හරි ඔයා බඳින ගර්ල් තුත් නොම්මර එකේ එකක් වෙයි. හේතුව ඔයාගෙ දරුනු ලෙඩේට හරි යන්නෙ ඒ වගේ කෙනෙක් වීම. ඔයාලගෙ ඔෆිස් එකේ අයත් ඔයා ගැන කීවා.බඳින්නෙ කවුද කියලා අපි දැනගන්නවා අනිවාර්‍යෙන්ම.
    ඔයා කෝච්චියේ ගහන ජැක් දැකපු කෙනෙක් අපිට කියනවා නිතරම.

    මරාගෙ ගමේ බයියොන්ට ඉතිං කොහොමත් අලුත් ආන්ඩුවේ ඒවා ඇදයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔයාල හැමදේම දන්නවා නේ... ඒත් පෝස්ට් එකට අදාලව කමෙන්ට කරන්න දන් නෑනේ..කමක් නෑ..ඉතිං..

      Delete
  5. My girl friend said monk who friend of his father seek a most interests rate for fixed deposit to fixed his seven lakh.
    Corrected- My girl friend said that -a- monk who- is a- friend of -her- father -seeks- the -highest- interest rate for fixed deposits to deposit his seven lakhs.

    ReplyDelete
  6. පහල කක්ෂයේ යන චන්ද්‍රිකා වලින් නොමිලේ ඉන්ටර්නෙට් යනවා කියන එක නම් ලොකු විහිළුවක්. පහල කක්ෂයේ චන්ද්‍රිකා වේගයෙන් යන නිසා සේවය ලබාදෙන්න චන්ද්‍රිකා එක දෙකකින් බැහැ විශාල ප්‍රමාණයක් ඕන. එතකොට ඒ සඳහා යන වියදම අති විශාලයි(ඔය මුදලින් ලංකාවේ ගෙවල් 100 කට එක දුරකතතන ටවර් එකක් ගහලා දෙන්න පුළුවන් වෙයි.)

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ගොඩයන්ට නම් මැජික් වුනා කියමු..ඒත් ඉංගිරිසි යෙන් දාන ේමවා ඉංගිරිසි කියවන උන්ටත් මැජික් වෙච්චි එක නෙව පුදුමෙ කියන්නෙ..

      Delete
    2. සයිලන්ට් සහන් මතක් උනා කිහන්කො මටත් මේ කතා අහල :D

      Delete
  7. //I wanna find a shop to eat. I missed canteen//
    you do not eat from shops. Shops are for shopping etc. It has to be like this. I wanna find a cafe to dine.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...මහන්සියට..

      Delete
  8. තාක්ෂණය ගමට යන එක නම් හොඳ දෙයක්.
    ඒත් මේ කියන කතාවෙදි වැරදීමකින් වගේ හයිලයිට් වෙලා තිබ්බේ හැමෝටම ෆේස්බුක් කියලා. ඊට වඩා ක්‍රමවත්ව මේක වෙනවා නම් හොඳයි.

    මම හිතන්නේ හොට් ස්පොට්ස් වයිෆයි zසෝන් ඇති කිරීම හරහා මේක කරන එක ලාබයි. ඔය ඩයලොග් ලා එහෙම දැනටත් ඒවගේ තැන් දීලා තියෙනවා නේද? ඩේටා පැකේජ් අඩු කරලා දෙන්න වගේ පුළුවන්නේ.
    හැබැයි මේ ඔක්කොටම ඉස්සෙල්ල ලංකාවේ ප්‍රයිවසි රයිට්ස් ගැන කතිකාවකට එන්න ඕනේ. නැත්නම් ඕපදූප විතරක්ම ශෙයා වෙයි දැන් වගේ.

    ReplyDelete
    Replies
    1. ඡනදෙන් පස්සෙ මම වැඩකරන සමාගමේ ප්‍රධාන විධායක නිළධාරිතුමාව දෙවතාවක් ගෙොසිප් සයිට් වලින් වෙනස් කලා.. නමුත් ඊයෙ පෙරෙයිද එතුමාගේ චක්‍රලේඛයක් ආවාම තමයි කස්ටිය දන්නෙ එතුමා තාම පුටුවෙ ඉන්නවා කියලා..

      මම හිතන්නෙ ගොසිප් වගේ චැනල් වලට අවස්ථාව එන්නෙ කටකතා යන්නෙ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට තොරතුරු ගලායන්නෙ නැති නිසා.. උදාහරණ විදියට දැන් හැම චැනල් එකේම දේශපාලන විවාද යනවා. මිනිසසුන්ට එක චැනල් එකක හැමදාම පාර්ලිමේන්තු විවාද පෙන්නුවා නම් එතකොට සැබෑ විවාද තීරණ තීන්දු ගැනෙන විවාද බලනවා..ඕනිනං පාර්ලිමේන්තු විවාද ඉන්ටනෙට් සයිට් එකකත් ඒක පෙන්වන්න පුලුවනි..

      ප්‍රයිවසි රයිට්ස් ගැන කතා කරනවා නම් ඒවා අලුත් විදියට ඇතිවෙන්න ඌමනායි..නැත්තං ඒකත් වැරදියට පාවිච්චි කරන ටල් එකක් වෙයි..

      Delete
  9. http://www.bloomberg.com/news/videos/2015-01-30/chamath-palihapitiya-studio-1-0-01-29-

    ReplyDelete
  10. මෙහෙම ගියොත් සැටලයිට් පාළනය කරන්න ට්‍රැෆික් රාළහාමිලා දාන්න වෙයි.

    ReplyDelete
  11. ඔබ කියන දෙහිත් සතයක් තිබෙනවා. ලේසියෙන්ම කරනන් පුළුවන් දෙයක් මොබයිල් ටෙක්නොලොජිය එක්ක.

    ReplyDelete
  12. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15682-2015-02-06-21-02-21

    ReplyDelete
  13. ගූගල් එකත් ප්‍රොජෙක්ට් ලූන් කියල එකක් කලා නේ ද ලාබෙට නෙට් දෙන්න.

    ReplyDelete