Wednesday, February 11, 2015

ඉන්දියාවට ගහන්න බැයිද?

ඉන්දියාව කියන රට ලංකාවෙ දේශපාලනය ට සමාජයට අතදාන හැම අවස්ථාවකදිම ලංකාවෙ අති බහුතරයක් ඒක දිහා වපර ඇහින් බලනවා. පට්ට හිගන්නො ඉන්න ජනගහනය දරාගන්න බැරි දුප්පත් රටක් විදියට අපි තාමත් ඉන්දියාව දකිනවා. ඉන්දියාව කියන්නෙ ලෝකෙ ජනගහනය අතින් දෙවැනි තැන ගත්ත රට. නමුත් ඉන්දියාව දැනට සත්‍ය වශයෙන්ම දියුනු වෙමින් පවතින රටක්. මේ දියුනුව කිව්වම සමහරු හිතයි ආහ්..ඉන්දියාවෙත් ලංකාවෙ වගේ මහ කැලෑ වල එයාපෝට් හැදෙනවා ඇති..පාරවල් වලට තාර වැටෙනවා ඇති..තඩි බිල්ඩින් හැදෙනවා ඇති කියලා..මොකද ලංකාවෙදි සංවර්ධනය කියන එකේ පාට සිමෙන්ති පාට.. මිනිස්සු හිතන්නෙ සංවර්ධනය කියන්නෙ සිමෙන්ති පාට මොකක් හරි දෙයක් කියලා..ඒ තරං සංවර්ධනය හා කොන්ක්‍රිට් ලාංකිය ජනජීවිතයට සමීප වෙලා. 

අශෝක රජතුමා අපිට අනුකම්පාවෙන් එයාගේ අගබිසවගේ නොවුන ලමයි දෙන්නෙක්ව මහණ කරලා ලංකාවට එවුවාය. එතනින් පස්සෙ ලංකාවෙ බුදු දහම ඇතිවුනාය කියලා අපි ඉගෙන ගන්නවා.එතනින් එහා දෙයක් යම් අයෙක් ඉගෙන ගන්නවා නම් ඒ පිරිසඉතාම සුලුතරයක්. ඇත්තටම එදා මොකද්ද වුනේ. අශෝක කියන්නෙ ආක්‍රමණිකයෙක්. ඔහු ආයුධ බිම තිව්වා කියන්නෙ ආක්‍රමණික අදහස බිංදුවක් වුනේ නැහැ. ඔහු ආගම ප්‍රචාරණය මගින් නවීන ආක්‍රමණික වපසරියක් ඇති කරගන්නවා. එදා ඉන්දියානු උපමහද්වීපය වටා තිබුන රටවල් බොහොමයක් අශෝක ගේ අණසකට යටත් කරගන්න අශෝකට ඒ නිසා හැකි වෙනවා. 

වෙනත් කසාද වල වුනත් පුතාල ඉදලා පස්සෙ කාලෙක හෝ රජතුමා ජීවත්ව සිටියදී පවා ඔවුන් බලවත් වීම රජතුමාට හොද නැහැ. ඒ නිසා මිහිදු කෙනෙක් ඇතිවෙලා එයා ලංකාවට ඇවිත් පිරිණිවන් පානා තෙක් ලංකාවේ සිටියා වෙන්න පුලුවන්. එදා ඉන්දියාවෙන් ආපු කලාශිල්ප සහ බොහෝ බොහෝදේවල් අපි ඉහටත් උඩින් තියානඒවා ගැන අපේ පොත්වල ලොකුවට ඉගෙන ගන්නවා. කොටින්ම යක්ෂ නාග ගෝත්‍රිකයින් කියන්නෙ වැද්දන් මට්ටමට දාලා එදා ඉන්දියාව ලොකු කරගන්න අපි ආසයි. නමුත් අද වෙනකොට අපිට ඉන්දියාව පෙන්නේ නරක විදියට. 

මේක ඇතුලෙ තියෙන්නෙ බියගුලු මානසිකත්වය. ජේම්ස් පැකර් ලංකාවට ඇවිත් කරපු කතාවෙදි ලංකාවෙ කැසිනෝ හල්වලට මිනිස්සු ගෙන්වගන්න යන ප්ලෑන් එකක් ගැන කියලා තිබුනා.එ ්ෙකදි එයා කියනවා ඉන්දීය ධනපති පංතිය ඉදිරියේදි වැඩිවෙනවා කියලා. ඒ කියන්නෙ ඉන්දියාවෙ ලක්ෂ පතියො සහ කෝටිපතියො ප්‍රමාණය ඉදිරියේදී වැඩිවීමට නියමිතයි. ඒ වැඩිවන ඉන්දීය ජනගහනයට වඩාත් ලාභදායි පහසු විනෝදාස්වාදය සපයන ස්ථානයක් විදියට කැසිනෝ දියුනු කරන්න පුලුවන් කියාල පැකර් එදා කිව්වා. 

ඉන්දියාවෙ ජනගහනය අනුව සීයේට එකක් මිනිස්සු ධනවත් පිරිසක් බවට පත්වුනා කියන්නෙ ඒක ප්‍රමාණාත්මකව විශාලයි. බිලියන 1.2 ක ජනතාවකින් සීයේට එකක් කියන්නෙ මිලියන 12 හෙවත් දශලක්ෂ 12ක සේනාවක්.. 

අපිගාව ඇත්තටම ඔය වැඩිවන ඉන්දියන් ධනපතිට විකුනන්න මක්කාවත් නැද්ද? දම්රෝ මෙට්ට කාරයා නම් කොට්ට මෙට්ට ගෘහබාන්ඩ සහ තව එයා හදන බඩු ස්ටෝරු කිහිපයක් ඉන්දියාවෙ දාල තියෙනවා. ඊට අමතරව ලංකාවෙ තේ රබර් පොල් ඉන්දියාවට විකුනන්නත් බැහැ. ඒ වගේම ඇදුම් පැලදුම් විකුනන්නත් බැහැ නෙව. අපිට ඉන්දියාවට විකුනන්න ඇත්තටම දෙයක් විදියට ටුවරිසම් හැරුනාම මොකුත් නැහැ. සිද්දාලේප හරිශචන්ද්‍ර කුලුබඩු වලට වඩා විශාල වෙළදෙපොල  වටි නාකම් අපිට හදාගන්න අවශයයි. නමුත් තාම ඒම ඒව පේන්න නැහැ.

මං මේ ලගදි ගත්තා පට්ට හෑන් ෆි එකක් ෆිලිප්ස්.. ඒක හදල තියෙන්නෙ ඕලන්දෙ..ඒ කියන්නෙ නෙදර්ලන්තෙ..එංගලන්තෙට ත් පොඩ්ඩක් උඩි රටක්.. ඉතින් එච්චර දුර ඉදන් අපේ රටට බඩු ඇවිත් ඒවා අපේ රටේ විකිනෙනවත් එක්ක. නමුත් අපි හැමදාම දුප්පත් මානසිකත්වයෙන් ඉදගෙන හැමදාම ලොකු දේවල් වටල අසල්වැසියන්ට වෛර කරන්නට හදනවා. අසල්වැසියට මොකක් හරි විකුනලා අපේ ඉන්න දුප්පත් මිනිස්සු ටිකට කලදවසක් ඇතිකරන්න හිතන පිරිස ඉතා අඩුයි. 

බලශක්තිය පැත්තෙන් ගතහොත් විදුලිබල පද්ධතියක ජාලයෙ විශාලත්වය ලොකු වුනොත් අපිට සිදුවෙන බිදවැටීම්ු අඩුකරගන බිදවැටීම ්අඩු විශ්වාසනීය විදුලිබල පද්ධතියක් ඇතිකරගන්න හැකියාවක් ලැබෙනවා. අපේ විදුලිබල පද්ධතිය ඉනදියාව එක්ක සම්බන්ධ වෙන එක අපිට වාසියි. කලාපය තුල විතරක් නෙමෙයි සමස්ථ අග්නිදිග අාසියාවෙම විදුලිය ඒකකයකට විශාලම බිලක් ගෙවන්නෙ ලාංකිකයින්. ඉතිං ඉන්දියාවෙන් ලයිට් ගත්තොතින් ඒක වඩාත් ලාබ දායක වේවි. මණ්ඩලේ ඉන්න සේවකයින්ටත් ලොක්කන්ටත් පොඩිපහේ  අවුල් ඇතිවුනත් සමස්ථ ජනතාවට ඉන්දියාවෙන් ලයිට් ලැබෙන කාලෙක මීට වඩා සනීපයක් තියේවි විදුලි බිලේ.. 

ඒ වගේම ඉන්දීය දුම්රිය සේවය දැන් වෙනත් දියුනු රටවලට අප්‍රිකානු රටවලට පවා දුම්රියන් අපනයනය කරන සේවයක් වෙලා. ඉන්දීය දුමිරිය සේවය ලංකාවට සාපෙක්ෂව කාර්යක්ෂමයි. වෙලාවට යනවත් එක්ක. හැමදාම කිසිම වාණිජ මුහුනුවරක් නැති පරණ කෞතුකාගාර වගේ තියෙන අම්බලම් දුම්රිය සේවය ඉන්දියාවෙන් කුට්ටි ඇවිත් නවීකරණය වෙලා ලාබ ලබලා සේවාවක් විදියට දියුනු වෙනවා නම් දුමරිය මගියෙක් විදියට මම කැමතියි. 

ටෙලිකොම් පැත්තෙන් ගත්තොත් අපි ඩයලොග් හෝ වෙනත් විදේස නාලික බලන්න රූපවාහිනි වෙනුවෙන් මාසෙට දාහක් වත් ගෙවන්න ඕනි. නමුත් ඉන්දීය සැටලයිට් වලින් ඉන්දියාවෙ කියාල හොරාට ගන්න සැටලයිට් කනෙක්සන් වලට ලංකාවෙ රුපියල් පන්සීයක් ගෙව්වාම ඩිස්කවරි, බී බී සී, වගේ නාලිකා රාශියක් බලන්නත් ලැබෙනවා. 

ඉතිං හැමදාම අපේ ලොකුකම තියාගෙන ආඩම්බර කමට ඉන්න එකෙන් සැබෑවටම වැඩක් තියෙද? එක පැත්තකින් ඉන්දියාවෙන් අපි යම් යම් දේවල් ගන්න කොට අපිට එහෙට විකුනන්න අඩුතරමෙ දම්රෝ කොට්ට මෙට්ට ඇද ඇතිරිලි හරි වැඩිවෙන්න ඕනි. නිකමට හිතන්න අපි ඉන්දියාව තුල ජනප්‍රිය වෙන සනීපාරක්ෂක තුවායක් හදුන්වා දුන්නා කියලා. සමස්ථ ඉන්දිය කාන්තාවන්ගෙන් සියයට පහක් ඒ සනීපාක්ෂකතුවා භාවිත කලොත් මාසිකව ඒ කොම්පැනියට අඩුතරමෙ සනීපාරක්ෂක තුවා මිලියන තිහක් මාසෙකට නිපදවන්න වෙනවා. ඒක මම හිතන්නෙ විශාල වෙළදපොලක්.

ඒම නැත්තං ඉන්දියන් සංචාරකයින්ගෙන් වැඩි ගානත්තට්ටු කරගන්න මොනවා හරි (කැසිනෝ හෝ) අපි හදාගන්න ඕනි. මම දැක්කා ලංකාවෙම එක දේශපාලකයෙක් කියලා තිබුනා අධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයක් ගැන. බණ භාවනා ආගමික කටයුතු වලට එන සංචාරකයිනුත් අද ලෝකෙ වැඩිවෙලා. ථෙරවාදි බෞද්ධ රටක් විදියට අපිට සකල ලෝකවාසී ජනයාට සුව සලසන්න ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුලවනි ( එ් එන සංංචාරකයින්ගෙන් මුදල් අයකරගන්න එක වෙනම කතාවක්.. ) . එක අතකින් විශාල බලකොටුවකට කොටු වෙලා ඉන්දියාව පලයව් කියලා එලවන එක අපේ දේශපාලකයින්ට වාසියි.. බාගෙදා බොරදියේ මාලු අල්ලන බිස්නොස් කාරයින්ට ත් හොද ැති.. 

ඇත්තටම අපිට සටන් ඉගෙන ගන්න වෙන්නෙ සටන් කරලමයි.. අපිට සටන් කරන්න හුරුවෙන්නත් එක්කලා ටිකෙන් ටික හරි අපි ඉන්දියාවට ඇටෑච් වෙනවා නම් මම කැමතියි. මොකද අපිට ඉන්දියාවත් එක්ක හැප්පෙන්න පුලුවන් මොනවාහරි බිස්නොස් ටිකක් හදාගත හැකි වුනොත් එතනින් එහා ලෝකය කියන්නෙ මහ බක්කක් නෙමෙයි.. මොකද ලෝකොත්තර කපටි වෙලෙන්දො බොරුකාරයො ඉන්නෙ ඉන්දියාවෙ කියලා ලෝකෙම යම් පිලිගැනීමක් තියෙනනිසා.

21 comments:

  1. මල්ලී, මම ඉන්දීය කාන්තා වෙලඳපොලට ජැක් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ ජැක් සැපයෙන්නේ දුම් රිය ගමන් වාර අතරතුරයි.
    ඒකෙ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වශයෙන් ඔයාව බඳවා ගන්න බලාපොරොත්තුයි.ඉන්ටවීව් ඕන නැහැ.අපිම සාක්ශි දරනවා මෙහිල ඔයා කොයි තරම් ක්‍රියා කාරීද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා තෝසේ කාලම නැද්ද ?

      Delete
  2. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරමුද? මේක හරි ජොලි වැඩේ. නිකං අන්දමන්(ද) දුපත් වගේ?

    මේ අදහස නිදහසට පෙර ජාතික සංගමයේ ජේආර්ලා වගේ අය අතරත් තිබිලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රාන්තයක්ම නෙමෙ..වෙනත් අන්තර් ජාතික සම්බන්දකම් හදාගන්න පුලුවන් නේ..උදාහරන විදියට යුරෝපා සන්ගමේ රටවල් ගොඩක් එකිනෙක සාර්තකව මෙව්වා වෙලා තියෙන විදිහ

      Delete
  3. මට නං ඉන්දියාවේ තෝසේ එකේ පටන් අනිත් ඔක්කොම හොඳයි . දිරවන්නේ නැත්තේ ඔවුන්ගේ ක්‍රිකට් ටීම් එකේ පඬියෝ ටික තමා. එක නෙවෙයි අන්සතු, ඔය පින්තූරෙ විනිවිද පේන සායට යටින් දකින්න ලැබෙන යට ඇඳුම සහ ඒත් එක්කම පහලින් තියන "මේක ඇතුලේ තියෙන්නේ බියගුළු මානසිකත්වය" කියන වාක්යෙත් එක්ක මොකක් හරි මට නොතේරෙන සම්බන්ධයක් ගැන ඉඟියක් වත් දෙනවද?? ;)

    ReplyDelete
    Replies
    1. 1. //. දිරවන්නේ නැත්තේ ඔවුන්ගේ ක්‍රිකට් ටීම් එකේ //
      උන් DRS ගන්නෙ නැති එක තමයි ලොකුම උද්දච්චකම. ඒත් දැන් ඔස්ට්‍රේලියාව හා ඉන්ගලන්තෙත් ඉන්දියන් සල්ලි පස්සෙ තමයි යන්නෙ

      2. //ඔය පින්තූරෙ// ඒක චයිනීස් වගේ පේන්නෙ.

      Delete
    2. සජ්ජා, ප්‍රා...

      ඔය පේන යට ඇඳුමේ හැඩේ වගේ රටක් මතක් වෙන්නේ නැද්ද? :)

      Delete
    3. ඉන්දියාවෙ හැඩය මතක් වෙනව තිසර, ඒත් ඒක චයිනීස්. එතකොට මොකක්ද ගම්ය වෙන්නෙ?

      Delete
    4. ඕකෙ ලොකු දෙයක් නෑ ඕකට අපි කියන්නෙ ඉන්දියාව පේනව කියල..ලන්කාව පේන් නෑනෙ ඉන්දියාව තියෙන නිසා..

      Delete
    5. අප්ප.. මරු මරු.. ඕක මම අදයි දැනගත්තේ... ඉස්තුතියි..

      Delete
  4. කැසිනෝ කාරයව යවපු එක අපේ මී හරක් කරපු ලොකු අපරාධයක්...
    ඕක දැම්මා කියල සාමාන්‍ය ජනතාව ඕවට යන්නේ නැහැ.
    යන එකාට යන්න දැනටත් කැසිනෝ තියෙනවා සහ යන්න පුළුවන් හැම එකාම මේ වෙද්දී යනවා

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ ප්‍රශ්න බොරුවට උඩගියා වැඩියි..ගනිකා වෘත්තිය වගේ ඒවා කැසිනෝ නිසා වැඩිවෙයි..ඒත් ලන්කාවෙ ගැඑනුන්ට වඩා සෙක්ස් වලදි වෙනරටවල ගැඑනු දක්ශයි..ඒ නිසා සෙක්ස් මාකට් එක අපේ රටේ ඔය් කියන තරන් පැලපදියන් වෙන එකක් නෑ

      Delete
    2. අතේ සහ රවට්ටගත්තු පොඩි කෙල්ලෙක් හැර වෙන සෙ‍ක්ස් ගැන පලපුරුදු දැනුමක් තියෙනව කියල ඔය ජැක් කාරය කිව්වොත් මම මගෙ බාචුට්ටා කපලා දානවා

      Delete
  5. තිත්ත කතාවකට මී පැණි දාන්න එකෙක් නැති හැටි

    ReplyDelete
    Replies
    1. පිටරටින් එන හැම දෙගක්ම රාක්සයෙක් කුමන්ත්‍රනයක් කියලා දකින එක නේ අපිට පසුගිය රජය හුරු කලේ

      Delete
  6. විදුලි බලය පිළිබද හොදම විසදුම
    http://lankasithuwili.blogspot.com/2015/02/blog-post.html

    ReplyDelete
  7. Lotus tower on to be rain condition. hiks .engish?

    ReplyDelete
  8. අැත්තට ම ඉන්දියාවට අපි හරි ම කැමතියි..........

    ReplyDelete
  9. විදග්ධ සංස්කෘතියකට යන්න අපිට යන්න බැරිවෙලා තියෙද්දී තාම ලංකාවේ අය හිතන් ඉන්නේ අපි වැද්දෝ කියලා. ඉතින් කොහොම ද ඉන්දියාවට ගහන්නේ.අනික අදහස කුණුහරපයකට ළං කරාම කුණු රහට ඕනම කෙනෙක් කියවයි ඕනම දෙයක්.හිතයි ද ඒ ගැනත් ටිකක්.

    ReplyDelete
    Replies
    1. අදහස් වලටත් නිශ්චිත හැඩයක් තියෙන්න ඕනිද? මම හිතන්නෙ එහෙම විශේෂ බාසාවක්..විශේෂ රටාවක්..විශේෂ පිංතුර ඕනි නෑ..අපේ අදහස මිසක් ඒකෙ විලාසය ඇත්තටම වැදගත් වෙන්න විදියක් නැහැ බුද්ධිමත් ජනතාවකට නම්...

      Delete
  10. මේකට තනි වචනෙන් කියන්නේ ඉරිසියාවද මහන්තත්තෙ ද මෝඩකමද අනේ මං දන් නෑ.. මොකක් උනත් අත ලඟ තියෙන දේ කා ගන්න පිනක් නැතුව අපි ඉන්නේ. අමිල මේ ගැන ලියපු එක හොඳයි.

    ReplyDelete