Friday, February 20, 2015

හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක් දෙන්න නෙමෙයි.එයාලගේ ඒ තියෙන තමුන්ගේ ජාතියේ අයට තියෙන කැමැත්ත කියන දේ පහලට දාන්න. මේ ජාතියෙ පිරිමි පිරිමින්ටමත්, ගෑනු ගෑනුන්ටමත් කැමැත්තක් දැක්වීම සිංහලෙන් සමරිසි කියලා හදුන්වන්න පුලුවනි. සමජාතියේ උන්ට රිසි වූ කියන තේරුම ඇති වචනයක් වෙන්න ඇති ඒක. 

විසිවන සියවසේ හිටපු අති ප්‍රබල චරිතයක් මේ කියන සමරිසි වීම කියන චෝදනාව නිසා නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙනවා. ඒ චරිතය අයිති වුනේ එංගලන්තයට. එවකට මහා බ්‍රිතාන්‍ය නීති අනුවත් සමාජයේ මතිමතාන්තර අනුවත් සමලිංගිකත්වය හෙවත් පිරිමින්ටම ආසා කරන පිරිමින්ව දැක්කේ මානසික විකෘතියක් සහ වරදක් විදියට. ඒ විදියට හංවඩු ගැහුන ඒ මහා විද්‍යාඥයාට ඇතිවුන අවමානය දරාගන්නට නොහැකිවීම, ඔහු සමාජයෙන් කොන්වීම, එය මානසික රෝගයකැයි සලකා ව්‍යාජ ඔසු ගන්නට සිදුවීම ආදී කරුණු නිසා අකාලයේ සිය දිවි නසාගන්නවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 43ක්. 
මේ මහා විද්‍යාඥයා තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින් නිසා සිද්ද වෙච්චි ලොකුම දේ තමයි අඩු කාලයකින් දෙවන ලෝක යුද්ධය මිත්‍රපාක්ෂිකයින් ජයග්‍රහනය කිරීම.  ඇලන් ටියුරින්ගේ සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර දෙකකින් සහ ජීවිත ලක්ෂ ගනනිකින් අඩුවුනා.
විශාල භූමි ප්‍රෙද්ශයක් පුරා පැතිර ඇති යුද්ධයකදී පණිවුඩ හුවමාරුව වැදගත් සාධකයක් වෙනවා යුද්ධ කරන පාර්ශව වලට. දෙවන ලෝක යුද්දයේ ප්‍රධාන සතුරු පාර්ශවය වූ ජර්මනිය එනිග්මා කියන යන්ත්‍රය භාවිතා කරනවා සිය රහස් පණිවුඩ යවන්න. ඒ මැෂිමෙන් බිලියන ගානක එකිනෙකට වෙනස් කේත ඇතිකරලා ඒ හරහා පණිවුඩ හුවමාරු කරන්න පුලුවන්. මේක ඇවිල්ලා ක්‍රිප්ටෝග්‍රැෆි කියලා හදුන්වනවා. උදාහරණ විදියට අපි ලියන සෑම වාක්‍යයකම වචනයකම අකුරු දෙකක් මාරු කරලා ලිව්වොත් ඒක ලේසියෙන් කියෝ ගන්න බැරි වෙනවා නේ. ආන්නඑ ් වගේ එකිනෙකට වෙනස් විදි ක්‍රම මිලියන ගානකින් පනිවුඩ හුවමාරු කරගන්න ක්‍රමයක් තමයි එනිග්මා මැෂින් වලින් ජර්මනිය සතුව තිබුනෙ. 
මේ එනිග්මා මැෂින් වලින් යන පණිවුඩ කියවන්න ක්‍රමයක් මිත්‍ර පාක්ෂික හමුදාවන්ට තිබුනේ නැහැ. නමුත් ඇලන් ටියුරින් විසින් කරන ලද හැදෑරීම් වලින් ඔහුට හැකිවෙනවා නව මැෂිමක් හදන්න මේ ජර්මන් රහස් කේත වලින් පණිවුඩ වෙන් කරගන්න. මෙ මැෂිම ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පාදක කරගත්ත මහ සද්දන්ත යන්ත්‍රයක්. මේ සද්දන්ත යන්ත්‍රය හදන්න ඇලන් ටියුරින්ට පවුන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. කොහොම හරි අමාරුවෙන් එවකට හමුදා පාලනය කැමති කරවාගෙන මේ ඇලන්මේ මැෂිම හදනවා.. මේකෙ නම බොම්බ්.

මේ මැෂිම එවකට පැවති පරිගනක යන්ත්‍රවලට වඩා දියුනු එකක්. පරිඝනක විද්‍යාව හා සම්බන්ධ ඉතිහාසයේ එක්තරා කඩඉමක් විදියට ඇලන් ටියුරින්ගේ මේ මැෂිම සැලකෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ පරිගණක වේදය කියන න්‍යායාත්මක පරිඝනක පිලිබද දර්ශනයක් තිබුන අයෙක්. ඒ සම්බන්ධව ඔහු එවකට වැදගත් නිබන්ධන කිහිපයක්ම පල කරලා තියෙනවා. 

ඇලන් ටියුරින් හැදුව බොම්බේ කියන මැෂිම නිසා වුන සේවය සුලුපටු නැහැ. ඔහු හදපු මැෂිම නිසා එංගලන්තය ඇතුළු මිත්‍රපාක්ෂිකයින්ට ජර්මන් නාසි හමුදාවන්ගේ පණිවුඩ කියවාගන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් යුද්ධයට ලැබුන පිටුබලය විශාලයි. ජර්මානුන්ගේ නාවික හමුදාව මහා බ්‍රිතාන්‍යටත් අනෙක් රටවලටත් විශාල බලපෑමක් සිද්ද කලා. මේ ඇලන් ටියුරින් හැදුව විශාල මැසිමත් ඔහුගේ කන්ඩායමත් නිසා ජර්මනියේ නාවික බලය කෙමෙන් කෙමෙන් අඩුකරන්න හැකියාව ලැබුනා. 

දෙවන ලෝක යුද්ධය ජර්මනිය පැත්තෙන් අසාර්ථක වෙන්න එක හේතුවක් විදියට ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම දැක්වෙනවා. සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමට විශාල හේතුවක් විදියට සෝවියට් රුසියාව සතුව තිබුන ආහාර සංචිත හේතුවුනා කියලා මතයක් තියෙනවා. ඒ වගේම බොහෝවිට මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍රපාක්ෂික හමුදාවන්ගේ ප්‍රතිප්‍රහාර යුරෝපය තුල වර්ධනය වීමත් ඒකට හේතුවෙන්නට ඇති. 

ඇලන් ටියුරින් කියන මහා විද්‍යාඥයා සමරිසි අයෙක් වූ නිසා නොයෙකුත් ගැහැට වලට මුහුන දෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ ජීව විද්‍යාවේ ගණිතමය පැත්ත වගේ ම වැදගත් න්‍යායාත්මක තොරතුරු ගනනාවක් සම්බ්නධ උනන්දුවක් තිබුන අයෙක්. ඒ වගේම එවකට එංගලන්තය නියෝජනය කල ඔලිම්පික් කන්ඩායමේ මැරතන් කන්ඩාමය නියෝජනය කරන්න හැකියාව තිබුන මැරතන් ක්‍රීඩකයෙක් විදියටත් ඇලන් ටියුරින් දැක්වෙනවා. 

සිය ජීවිත කාලය තුල ලෝකෙට නොමැකෙන මතකයන් ඉතිරි කරපු විවාදාපන්න වගේම බොහෝ කාලයක් වැලලී තිබුන චරිතයක් තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින්ගේ ජීවිත කතාව අලලා නිමවුන සිනමාපටියක් තියෙනවා. ඒක තමයි ඉමිටේෂන් ගේම්.
The Imitation Game

ඉමිටේෂන් ගේම් ඇලන් ටියුරින්ගේ කතාව සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි බොහෝ තැන්වල සඳහන් වුනේ. 

ඇලන් ටියුරින් ගැන අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා කියලා ලිපියක් රාවයේ තියෙනවා. ඒකෙ බොහොම තොරතුරු ඇතුලත් වෙනවා. පරිගණකය හොයාගත්තෙ කවුද කියලා ඇහුවොත් අපේ මනසට එන නම් අතර ඇලන් ටියුරින් නැහැ. නමුත් ඇලන් ටියුරින් කියන්නෙ පරිගණකය කියනදේ එදා සිට අද දක්වා ආපු ගමනේ විශාල සන්ධිස්ථානයක්. මම හිතන විදියට පරිගණක යන්ත්‍රය මුලින්ම වඩාත් වැදගත් වැඩකට,  මහා පරිමාණ වැඩකට යොදාගන්න ඇත්තෙ ඇලන් ටියුරින් වෙන්න ඕනි.
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්
අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්කියලා.

13 comments:

  1. කලකට ඉස්සෙල්ල ඔය ලිපිය කියෙව්ව. ඔහුට කරපු දේ නං අන්තිම අමානුශිකයි

    ReplyDelete
    Replies
    1. මහින්ද කල හොඳ අමතක කර මඩ ගැසීමත් අන්තිම අමානුශිකයි

      Delete
    2. සිරි ලංකාවෙත් ඉස්සර කාලෙ මහත් විශාල නිර්මාණ කරපු නිර්මාණ කරුවන් රජතුමා විසින් මරා දැම්මාය කියලා දැක්වෙනවා. ඇත්තද දන් නැහැ. ඇත්තනං ඒවත් හරි සවුත්තු වැඩ .

      Delete
  2. ටූරින්, නිකොලා තෙසලා වගේ ඉතිහාසය විසින් නොසලකා හැරපු විශිෂ්ට මොළ තවත් කොයිතරම් ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ටියුරින් නියැලුනේ රහස් සෙවීමේ රාජකාරියකනේ. දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ රුසියාව සමග මිත්‍රපාක්ෂික අනෙකුත් රටවල් තරහ වුනානේ. ආන්න ඒනිසා දෙවන ලෝක යුද්දේ සමහර දේවල් එහෙම්ම යට ගියා. තවමත් ලෝක යුද්ධය සම්බන්ධ හමු නොවූ තොරතුරු රැසක් තිබෙනවා කියලා පිලිගත් මතයක් තිබෙනවා.

      Delete
  3. ක්‍රිප්ටෝග්‍රැෆි සඳහා පරිගණක භාවිතයේ පියා තමයි ඔය. තව ඔහොම බොහෝ අය ඉතිහාසයේ සැඟවී ඇත

    ReplyDelete
    Replies
    1. මොහු ප්‍රායෝගිකව ඒ ක්‍රිප්ටොග්‍රැෆිවලට වැදගත් වෙන යන්තරයක් හැදුවාට මොහුගේ නිබන්ධන වල ආටිෆිෂල් ඉන්ටෙලිජන් වගේ ගැඹුරු දේවල් ගැන තොරතුරු තිබුනා ලු.

      Delete
  4. දැන් නං නීතිගතයි නේ

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ නීතිගතයි. නමුත් තවමත් ලෝකේ අති බහුතරයක් රටවල එය වරදක් විදියට දකිනවා..ඉන්දියාව එහම තාමත් ඒ සමරිසි අයට නිසිතැන ලබා දෙන්නෙ නැහැය කියලා තමයි අන්තර්ජාලෙ තිබුනෙ.

      Delete
  5. Cryptography කියන්නෙනම් හරිම ඉන්ටෙරෙස්ටින් සබ්ජෙක්ට් එකක්.. LTTE එකෙන් බොහොම සරළව ඒත් බ්‍රේක් කරන්න අමාරු ගොඩාක් encrypted languages භාවිතා කලා. වෙලාවක් තිබ්බොත් දවසක ඒ ගැන ලියන්නම්. හැබැයි මම 'සමරිසි' වලට නම් කැමැත්තක් නෑ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් සමරිසි හින්දා නෙමෙයි ටියුරින් වැදගත් වෙන්නෙ. නමුත් සමරිසි චෝදනාව නැති වුනානම් ටියුරින් තව කලක් යම් වැදග්ත දේවල් කිහිපයක් වෙනුවෙන් සිය පර්යේෂන හැකියාව යොදවාවි.

      Delete
  6. හොඳ කතාව. ලඟදි ආපු ව්හිත්රපටිය නේද?

    ReplyDelete
  7. කලිනුත් අහල තිබ්බා මෙයා ගැන..
    අහන්න ලැබුනේ කාලෙකට පස්සේ...
    නිකමටවත් කවුරුත් මතක් කරන්නෑනේ..නියම ලිපියක්.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...