Saturday, February 21, 2015

සිරීපාෙද ආයිත් ගියා

මේ පාර සිරිපා වන්දනාව යද්දි අපි ගියේ රත්නපුර පැත්තෙන්. ආවෙ හැටන් වලින්. කොළඹ සිට රත්නපුරේට වෑන් එකක් හයර් එකට අරං ගියා. අපි රෑ දොලහමාරට විතර රත්නපුර පලාබද්දලින් පටන් ගත්ත කරුණා කිරීම උඩ මළුවට යද්දි උදේ දහය විතර වෙලා. ඉන් පස්සෙ හිමින් හිමින් සිරිපා කරුණා කරලා වන්දනාමාන කරලා පහල නල්ලතන්නියට එද්දි හවස පහ විතර වෙලා. අපි ගියේ සිකුරාදා රාත්‍රියේ. සෙනසුරාදා ඉරිදට සිරිපාදෙ සෙනග වැඩියි. ඒත් රත්නුපුර පාරෙ නම් ඒ හැටි  සෙනගක් නැහැ. හැටන් වල තමයි සෙනග. හම්බෝ. හැටන් පැත්තෙන් මහගිරි දඹේ හරියෙ එක පඩියෙ විනාඩි දහය පාලහ මිනිස්සු හීතලේ ගැහි ගැහි පොෝළිමෙ උන්නා.

ශ්‍රී පාදස්ථානය කියන්නෙ වසර දහස් ගනනක් තිස්සේ මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ලබන මිනිස් පා පහසින් සැනහෙන ස්ථානයක්. මීට වසර ගනනාවකට එපිට සිරිපා කරුණා කල ඇත්තො මේ වගේ යකඩ ඉනිමං වලත් යන්න ඇති.
සිකුරාද හවස තකහනියක් ලෑස්ති වෙලා ඉක්මන්ට අපි කොළඹින් පිටත් වෙනකොට නම් අදහසක් තිබුනා ඉර සේවෙත් බලාකියා ගන්න. අපි ඉදිකටුපාන හරියට යද්දිම උදේ එලිය වැටෙන්න ගත්තා. එපා කියන්නැයැ ඉතින්. ඉර උදාවෙන ලස්සන මේ විදියට යාන්තමින් කැමරාව ඇතුලට දාගත්තා.
උදෑසනම පින්න මේ තණකොළ උඩට වැටිල හරිම ලස්සනයි. මේ වගේ පිණි කැට පිසදාගෙන තමයි අපිට පාන්දරින්ම සිරිපාදෙ දිහ ාබලාගෙන කරුණා කරන්න වුනේ.
අපි යන අතරමග අවිස්සාවේල්ල හරියෙදි යාලුවෙක්ගේ ගෙදරට ගොඩනැගිලා තේ වතුර එකක් බීල යන්න හිතුවා. ඒ ගෙදරින් අපිට කිලෝ දෙකක විතර බිස්කට් සහ බෙහෙත් ආදිය ලැබුනා. සිරිපා කරුනාකරනවා වගේ වැඩකට හැමෝගෙම සහය තියනවා නේ. ඒත් අපිට ඒ බිස්කට් ආදිය වැඩිය කැවුන් නැහැ. මේ පිංතුරේ තියනවා වගේ රතු මිරිස් ලුනුමිරිස එක්ක උණු උණු රොටියක් කන එක වඩාත් හොදයි කියලා තමයි රොටි දැක්කාම අපිට හිතෙන්නෙ.
මේ ගමන යද්දි අපිට පිංවත් උපාසක මහත්වරු වගේම ලස්සන ලස්සන ඇදුම් ආයිත්තම් වලින් සීත ඇදුම් වලින් සැරසුනු යොවුන් උපාසිකා මාතාවනුත් දකින්න ලැබෙනවා. ඒ සමහරක් උපාසිකා මාතාවන් ට අපි ගෙනියපු කෑම ජාති ආදිය දෙන්නත් අපි පසුබට වුනේ නැහැ. සිරිපාද ගමනෙ තියන එක විශේෂත්වයක් තමයි වෛවාරන ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් දකින්න ලැබෙන එක වගේම විවිධාකාර මෝස්තර අටෝරාශියකින් සැරසුන විවිධාකාරයේ පන්තිවල මිනිස්සු විශාල ප්‍රමාණයක් මූනට මුන ගැහෙන එක. ඒ සමහර පරණ අය තාමත් අර තුන්සරණ කියනවා. ඒ කියපු හැම වෙලාවකම වගේ මාත් ඒ අයට රිප්ලයි විදට වැදල බයින මේ නඩේට....වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියලා කිව්වා.




අපි ගිය රත්නපුර පාරෙන් සිරිපා කරුණාකරන්න කිලෝමීටර දොලහක් විතර තියෙනවා. කිලෝමීටර කිව්වාට සමතලා පැත්තක කිලෝමීටරයක්යනවාට වඩා මේ පඩිපේලි සහිත කදුකරයේ කිලෝමීටරයක් යන එක අමාරුයි.මේ සම්පුර්ණ ගමනෙදි අපිට පඩි විසිදාහක් විතර පාගන්න ලැබෙන්න ඇති.මේ වගේ ගමන යනකොට එක හුස්මට මැරතන් දුව්නන වගේයන්න බැහැ. අනික අරං ගිය මළු ආදියත් එක්ක ගමන ටිකක් වෙහෙසකර වෙන්නත් ගන්නවා.ඒ නිසා අපි තැන් තැන් වල නැවතිලා අවට සිරිය බලලා. පොටෝ ගහලා කන බොන දේවල් කාල බීල හිමින් හිමින් තමයි ගමන ගියේ.

 මේ සිරිපා ගමනට ලංකාව වටේන්ම මනුස්සයො එනවා. මට ගිය වතාවකදිත් අනෙක් නඩවල හිටපු යාලු මිත්‍රයින් නෑයින් හමුවුනා. මෙවරත් මට හිතපු නැති විදියට පරණ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ව හමු වුනා. මට ඇය අදුනාගන්න බැරි වුනත් ඇය මාව ඉක්මනින්ම හදුනා ගත්තා.

 පාන්දර සිරිපා ඉමේ ගමනකට දායක වෙන අයට ලැබෙන මහත් වූ දායාදයක් තමයි අලංකාර භූමි දර්ශනය. ඉතිං මේ භූමි දර්ශන කිහිපයක් මේග කැමරාවටත් හසුවුනා.



 මේ මයිනෙක් වගේ කුරුල්ලෙක් වුනාට ඇත්තටම මයිනෙක් නම් නෙමෙයි. ඔය සිරිපා අඩවියේ ඉන්න ටික්ක සුලබ කුරුල්ලෙක් වෙන්න ඇති.
 මේ රිලා යාලුවො නම් කුනුබාල්දි ඇතුලට අත දාල බොහොම උනන්දුවෙන් කෑම කනවා. පොලිතින් ආදියත් මේ අයගේ ආහාර එක්ක රිලාබඩ ඇතුලට යනවා ඇති.
 එක යාලුවෙක් කල්පනා කරනවා ඇත්තෙ දීප්ති ගැන වෙන්න ඇති. දීප්ති කිව්වෙ ගෑනු කෙනෙක් නෙමෙයි. ලංකාවෙ මොංගල් දාර්ශනිකයෙක් ඉන්නවා දීප්ති කියලා. ආන්න එයා.
කහපාට පොඩි කුරුල්ලො විශේෂයක් වන මෙවුන් නම් නිතරම තැන් තැන් වල හිටියා සිරිපා ගමන පුරාවට. ඒ අයත් අනික් කුරුල්ලො වගේමමිනිස්සු දාන කුනු කන්න ඇබ්බැහි වෙලා. කුනුගොඩවල් ගාව අහුලන් කන මේ කුරුල්ලො සුලබ දසුනක් වුනා.

මේ සිරිපා ගමන අද යන අයට මීට වසර පනහකට එපිට සිරිපා ගමන ගිය අයට වගේ විශාල බාධා වැට කඩුලු නැහැ. බොහෝ තැන්වල සාර්ථක ලෙස කොන්ක්‍රිට් පඩි අතුරලා තියෙනවා. මහගිරි දඹේ හරියෙ පවා කොන්ක්‍රිට් දාල තියෙනවා. ඒ කොන්ක්‍රිට් අනන්න අවශ්‍ය සෑම සියලු දෙයක්ම මේ වැඩකරන කම්කරු මහත්වරුන්ගේ හිස මතින් කර මතින් ඉහලට ඇදුන බඩු. ඉහල මලුවේ තියෙන සියලුම ඉදිකිරීම් සහ සියලුම පඩිෙප්ලි ආදිය හදන්න අවශ්‍ය සිමෙන්ති, ගල්, වැලි, හුණු ආදිය මේ මිනිස් ශ්‍රමය මතින් තමයි ඉහලට ගෙනිහින් තිබෙන්න. මේ කම්කරු මහත්වරුන් වැඩකරන්නෙ කුලියට වුනත් ඒක ඉතා දුෂ්කර වැඩක්. අපහසු රස්සාවක්. ඒ අනතුරුදායක අවදානම් බව ඔවුන් විසින් ලබාගත්තෙ නැත්නම් සිරිපා ගමන මේ තරම් ලේසියෙන් අපිට කරන්න ලැබෙන් නැහැ.

අපි සිරිපාදෙ ඉහලට ගිහින් පාන් වාටියක්, ටොපි කොලයක්, කෙහෙල් ලෙල්ලක් පවා කුනු බාල්දියකට දාල ආවත් ඒවා ආයිත් මේ වගේපිරිසකට පහලට අරන් එන්න සිදු වෙනවා. ඒ නිසා සිරිපා ගමන යද්දි කෑම කොල පොලිතින්, දවටන ආදි සියලු රැගෙන යන දෑ නැවත ඒ රැගෙන යන්නා සේම රැගෙන එන්නත් පිරිස වගබලා ගන්න එක වටිනවා. 

18 comments:

  1. ගියයි කිව්වෙ ඊයේ පෙරේද සිකුරාදා ද නැත්තං සතියකට දෙකකට කළින් සිකුරාද දවසකද?
    පෙරේද විතර වෙනකොට නුවරඑළිය පැත්තට නම් මාර සීතලක් තිබුනෙ. සමහර තැන්වල වතුර උඩ ලේයර් එක බාගෙට මිදිල තිබුනෙ. කම්බි වැටවල අයිස් බෝල එල්ලිල තිබුනා චූටියට. සිරීපාදෙ උඩ කොහොම තිබුනද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පෙබරවාරි මස 13 වන සිකුරාදා

      Delete
  2. පෙබරවාරි 13 සිකුරාදා මමත් සිරීපා වන්දනාවේ ගියා.. මමනම් ගියේ හැටන් පාරෙන්.. රත්නපුර පලාබද්දල පාරෙන් ආපහු යන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. පලාබද්දල පාර ලස්සනයි.. ඒකෙ සොබා සෞන්දර්ය හැටන් වලට වඩා වැඩියි.

      Delete
  3. ඉස්සරනං එක දිගට අවුරුදු ගානක් ගියත් ළඟදි යන්න බැරි උනා.
    අන්තිමට කියල තියෙනව වගේ තමං ගෙනියන හැම දේම ආපහු පහළට අරන් එන එක තමයි හොඳම සහ කළ යුතුම දේ.

    ReplyDelete
    Replies
    1. වැඩි අපාසුවක් නැහැ..කාලය්ක වෙන් කරගෙන කස්ටියක් සෙට් කරගත්ත නං පොදු ප්‍රවාහන සේවෙ වුනත් යතෑකි..

      Delete
  4. මම කවදාවත් සිරිපාදේ ගිහින් නෑ. ඒ වුනාට ඇල්ෆ්ස් නැගලා තියෙනවා. ඉස්සර මම හිතන්නේ පොඩි කාලේ කල්චර් ඉසූස් එක්ක අපිව එක්කන් ගියේ නෑ. පොඩිම කාලේ නගින්න පයින් යන්න බෑ. ඊට පස්සේ කාලේ ලොකු ළමයෙක් නොවෙන හින්දා වගේ එක එක හේතු. පස්සේ ලංකාවෙන් ආවට පස්සේ නිවාඩුවට යන කාලෙට සිරිපාද කාලෙ නෙමෙයි. අනික මාව එක්කන් යන්නත් කෙනෙක් නෑ. දැන් නම් මම හිතන්නේ නෑ මට ඒ තරම් දුශ්කර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඒත් කවදාවත් ඉටු නොවුනත් හීනයක් විදියට ඒක තියෙනවා. හීන දකින්න තහනම් නෑ නේ නේ?
    කුරුල්ලෝ දෙකම දැක්කේ පළවෙනි පාරට. මෙර්ලො වගේ ටිකක් මුලින් කුරුල්ලා. කහ පාට එකා නම් දැකලම නෑ.
    ආ සිරිපාදෙ අකියද්දි මතක්වුනේ මගේ බත්තරමුල්ලේ ගෙදරකට උදේට සිරිපාදේ පෙනුනා. ඉතින් ඒ කාලේ පාන්දර පහට විතර නැගිටල මගේ වැඩේ සිරිපාදේ බලන්න යන එක. අල්ලපු කාමරේ නිදාගත්තු මගේ ගෙස්ට්ලා මාව මැරුවේ නැති එක විතරයි මගේ සිරිපාදේ බැළීමක් හින්දා.
    අමිල දෙන පණිවිඩය හරිම වැදගත්. ලංකාවේ තමව අපද්‍රව්‍ය නිශ්ක්‍රියකරනය කරන හරි වැඩ පිළිවෙලක් නෑ. ඒක හින්දා උඩට ගෙනිච්ච දේවල් ගේනවා වගේම අනවශ්‍ය පොලීතින් ප්ලාස්ටික් වගේ දේවල් නොගියන තරමට හොඳයි. මම හිතන්නෙ අපරිසර සංරක්ශන ආයතන මේ ගැන ක්‍රියා කරන්න පටන් ගත්ත නම් හරි.

    ReplyDelete
    Replies
    1. මං මුලින්ම ගියෙ ්ගෑල්ලමකේ එක්ක නඩේක..ඒ ලමයා හිතාගෙන හිටියාලු එයා සහ මම සිරිපාදෙ නැගලා අපි දෙන්නා එකතුවෙන්න පාර්ථනා කරාම ඒක හරියනවා කියලා.. පස්සෙ කාලෙක තමය් ඒක කිව්වෙ..
      ඒ වතාවෙ සිරිපාදෙ ඉහලට යන්න බැරිවුනා. ඒ අතර මම ඒ පෝලිම දිග වැඩි නිසා යන්න බැහැ කිව්වා වගේ එකක් තමයි මතක.. දැන් නං මං හිතන්නෙ පිටරටක එයෑ ඉන්නෙ..

      Delete
  5. අපෝ ඔය පොලිතින් කේස් ඒකනම් මහා වදයක්! ඉක්මනටම පිලියමක් හොයන්න වෙයි

    ReplyDelete
    Replies
    1. මහා ජනතාවත් ඉතිං ටිකක් සැලකිලිමත් වන්න ඕනි නේ...

      Delete
  6. කාලයක් තිස්සේ බලන්න්න යන්න ආසාවෙන් හිටියත් තාමත් යාගන්න බැරිවෙච්ච ගමනක්.

    ----
    විස්තරය බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. මං නං කලින් තුන් වතාවක් ගිහින් තියේ.. ඒ නිසා මේ පාර ලොකු අමාරුවක් වුනේ නැහැ.

      Delete
  7. කුරුල්ලා. Eurasian Black bird (Turdus merula kinnisii)
    කලු බිම්සැරියා
    http://lankanaturesummary.blogspot.com/2015/01/eurasian-black-bird-turdus-merula.html

    ReplyDelete
    Replies
    1. අනිත් එකා කහ කොණ්ඩයා වෙන්න ඕනෙ.
      TheYellow-Eared Bulbul (Pycnontus penicilatus)

      http://charlirox-slbirds.blogspot.com/2011/09/kaha-kondaya-theyellow-eared-bulbul.html

      Delete
    2. ඉස්තූතියි..අපි කුරුල්ලො දැකලා පොටෝ ගන්න ගියාට උන් මොක්කුද කියලා දන් නෑහැ නේ..

      Delete
  8. සිරීපොද ආයෙත් ගියා??? ඉස්පෙලින් මිස්ටෑක් එකක්ද නැත්නම් හිතල දැම්මද?

    රත්නපුර පලාබද්දල පාරෙන් මමත් සිරිපා කරුණා කරල නෑ. පහුගිය අවුරුදු ටිකේම යන්න හිතන් හිටියත් එක්කො නඩේ සමහරු පොඩියි නැත්නම් වයසක වැඩියි. මේ වෙනකොටනම් සෑහෙන්න බැලන්ස් වෙල තියෙන්නේ. අදහසක් තියෙනව මෙවර කරුණා කරන්න.

    කවුද අප්පේ අර සීදේවි දැරිවි?

    ReplyDelete
    Replies
    1. ඒ නඩේක හිටිය උපාසිකාවක්..කවුද කියලා අපි දන් නැහැ.

      Delete
  9. කියෙව්වහම සිරීපාදෙ යන්න ආස හිතුනා.
    ෆොටෝ ටික නම් පංකාදුයි. වැඩියම හිතට එල්ලුවෙ පොල් රොටිය.
    අන්තිමට දුන්න උපදෙස නම් ගොඩක් වටිනවා.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...