Monday, February 23, 2015

කොන්ඩම් භාවිතා කලානම් කෝ? බොරදිය පොකුණ


ලංකාවෙ අවුරුදු විස්සත් විසිපහත් අතර ගම්බද තරුණයෙක් හෝ තරුනියක් සැලකුවොත් බොහෝවිට ඔවුන් නිරත වෙලා ඉන්නෙ මොන වගේ කාර්යයකද? කිහිප දෙනෙක් ඉගෙන ගන්නවා. ඉතිරි අය රැකියා කරනවා. මේ රැකියා කියන දේවල් අඩුවෙච්චි නිසා කාලයත් තිස්සෙ පිරිමි අය හමුදාවටත් ගැහැනු අය ගාමන්ට් වලටත් ගාල් වුනා. ඒ වගේම තවත් පිරිසක් ලංකාවෙ කර්මාන්තශාලා වල සහ රැකියා වල ලැබෙන වැටුප ජීවිතේ බොහෝ බොහෝ දේවල් වලට ප්‍රමාණවත් නොවන නිසා විදේශගත වෙන්න තීරණය කරනවා.
ඉගෙනගැනීමත්, හමුදාවට යෑමත්, විදේශගත රැකියාවලට යෑමත්, ගාමන්ට් හෝ වෙනත් ෆැක්ටරි වල අඩු පඩියට වැඩ කිරීමත් හැර වෙනත් විකල්ප බොහෝවිට ගම්බද තරුන තරුණියන්ට නැහැ. ගම්බද කිව්වාම මේ ගම ඇවිල්ල කොළඹින් ඈත් වීම හෝ නාගරික පරිසරයෙන් ඈත්වීම මත රදාපවතින්නෙ නැහැ. බොහෝවිට පරම්පරාවෙන් දෙමාපියන්ගෙන් සංචිත ධනයක් වියදම් කරන්නට නොලැබෙන බොහෝ ලාංකික තරුණයින් ගෙවන්නේ සුවදායී ජීවිතයක් නෙවෙයි.

මේ දවස්වල ලංකාවෙ විවිධ පැතිවල විසිරිලා ඉන්න සංචාරකයින් ගැන අපි බැලුවොත් ඒ අතර බොහොම යොවුන් වයසේ ඉන්න අය ජෝඩු වශයෙන් සහ තනිව ඇවිත් තියෙන බවක් පේනවා. අපි අපේ තරුණ කාලෙදි හිරවෙන හිරවීමත් එක්ක කන්තෝරුවලින් පිනා චාන්ස් එකකට රට යන්න ලැබුනොත් හැර බොහෝවිට නාකි වෙලා දඹදිව යන්න ලැබෙනකල් විනෝදය පිණිස රට යෑමක් ලැබෙන්නෙ නැහැ.
අපේ ජීවිත එකම විදියට ගෙවන බයිසිකැල් චේන් එක්ක බවට පත්වෙලා. අපිට අපේම කියලා ව්‍යාපාර ආදායම් මාර්ග, ඉඩම්, ගොයිතැන්, ගෙවල් පවුල් සංස්ථාවක් ලැබෙන්නෙ බොහෝවිට අවුරුදු තිහටත් කිට්ටු වුනාම. තිහ කිට්ටුවෙද්දි කසාද බැන්දාම එතෙක් අවුරුදු ගානක ජීවිතේ ගෙවුන ඇරියස් කවර් කරන්න ගෙවල් හදන්න දරුවො හදන්න, ව්‍යාපාර කරන්න වියදම් වෙනවා. ඒ නිසා අපි ලාංකික තරුණයො විදියට බොහෝවිට ගෙවන්නෙ පෙනුමට එකිනෙකින් වෙනස් වුනත් බොහෝවිට එකිනෙකාට ක්‍රමවේදයෙන් සමාන ජීවන රටාවක්.
ඇගලුම කර්මාන්ත ශාලාවක වැඩකරන යුවතියන් තිදෙනෙක්, හමුදා සොල්දාදුවෙක් සහ ඉගෙනගන්නා වයසේ පිරිමි ලමයෙක් අතර ඇතිවෙන ජීවන වෘත්තාන්තයක් සත්‍යජිත් මාඉටිපේ විසින් බොරදිය පොකුණ කියාල සිනමාවට නගලා තියෙනවා.
ලාංකික තරුණ පරපුරේ පොදු සාධක කීපයක් අරගෙන බොහෝ අයට තේරෙන විදියට සහ බොහෝ අයගේ ආකර්ශනයට ලක්වෙන විදියට බොරදිය පොකුණ කියන නිර්මාණය කරල තියෙනවා. මේකෙ කතාව ටිකක් දිගයි. ඒ වගේම සිනමාත්මකව කතාව ඉදිරිපත් කරන්න විවිධ ආකාරයේ සිනමාත්මක ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. දෙබස් ගැන විශාල අවධානයක් නැති සංකේත භාවිත කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම දෙබස් බොහෝවිට සාමාන්‍ය ජිවිතයේ අපි කතා කරන බාසාවට සමීප කරන්නත් බොරදිය පොකුනේ නිර්මාපකයින් උත්සාහ කරලා තියෙනවා.

දර්ශන තල

ලංකාවෙ දැන් හැදෙන ටෙලිනාට්ටි වල තියෙන්නෙ දර්ශන තල කීපයයි. ගෙයක් ඇතුලෙ සෝපා එකක්, ඇදක් මේස පුටු කිහිපයක්, බිත්ති කිහිපයක් තිබුනාම ටෙලිනාට්ටියක් රූපගත කරන්න පුළුවන් කියාල අද යන ටෙලිනාට්ටි දෙක තුනක් බැලුවාම හිතෙනවා. බොරදිය පොකුණ ලංකාවෙ ආකර්ශනීය ස්ථාන ගනනාවක රූපගත කරලා තියෙනවා. මේක ලංකාවෙ ෆිල්්ම එකක් කියලා ෆිල්්ම එක බැලුවාම කියන්න පුළුවන් මට්ටමට ලාංකික සොබා සෞන්දර්යේ සලකුනු චිත්‍රපටිය තුල අඩංගුවෙනවා. ඒ වගේම ලංකාව වටේම දුම්රිය ස්ථාන කිහිපයක්ම චිත්‍රපටියට පසුබිමින් දායක වෙනවා. පසුතල සහ පසුබිම් නිර්මාණය අතින් මේ චිත්‍රපටය ඉහල තැනක තිබෙනවා.
ලංකාවෙ නමින් නිපදවෙන සමහර සම්භාව්‍ය චිත්‍රපට වලදි ඒක ලංකාවෙ එකක් කියලා හදුනාගන්න ලැබෙන්නෙ කතා කරන බාසාවෙනුත් ඉන්න නළු නිලියන්ගෙනුත් පමනයි. නමුත් බොරදිය පොකුණ ශ්‍රී ලංකාව කියන ලස්සන රටේ වැදගත් ස්ථාන සෞම්‍ය විදියට පෙන්වලා තියෙනවා.

කතාවේ දරුවන් ගැන වූ මානුෂිය ස්වභාවය.

හැම දෙමාපියන්ම තම දරුවන්ට අනෙක් දරුවන්ට වඩා ආදරෙයි. ලංකාවෙ මේ ගතවෙන කාලෙදි ඉස්සරට වඩා දරුවන් ගැන දෙමාපිය අවධානය වැඩියි. දරුවන් එක්නෙකු දෙන්නෙකු පමණක් පවුලක සිටීමත් බොහෝ අයගේ ජීවිතයේ පරම විනෝදය දරුවන් බවට පත් වීමත් නිසා බොහෝ දරුවන්ට උවමනාවටත් වඩා ආදරයක් කරුණාවක් සිය දෙමාපියන් ගෙන් ලැබෙනවා.
නමුත් ලංකාව තුල දෙමාපියන් බොහෝවිට තමුන්ගේ ලෙයින් නොවන අනුන්ගේ දරුවන් ගැන සහ පොදු මහත් සමාජයේ අකටයුතු කම් නිසා දුරාචාර වලට යොමුවුන දරුවන් ගැන දරන්නේ එතරම් හොද ආකල්පයක් නෛමයි. තමුන්ගේ දරුවන් ලෝකෙටම වඩා උඩින් සැලකුවත් අනුන්ගේ දරුවන් ගැන සමාජ ආකල්ප නම් ඒ තරම් හොද තත්වයක තියෙන බවක් පේන්නෙ නැහැ.
මේ ෆිල්ම් එක තුල දරුවන් පරෙස්සම් කල යුත්තේ දරුවන් ආදරයෙන් වැළද ගත යුත්තේ අපේ ලේ වල කොටසක් වන නිසාම නොවෙයි කියන උතුම් පණිවුඩය ලබා දෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ පෙර වැරදි දරුවන්ගේ ජීවිත වටා හොල්මන් කරන ආකාරයද මේ ෆිල්්ම එකෙන් පෙන්වනවා.

ලිංගික අධ්‍යාපනය ගැන වූ කතාව

අදටත් කොන්ඩම් කොයි තරන් සුලබ වුනත් පෙති ගැනීම ගැන නිතර දෙවේල් කිව්ව්ත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සා ආදිය ගැන පුවත් වල නිතර දෙවේලේ තිබෙනවා. කෙනෙක්ට හිතෙන්නෙ පුලුවනි මේ චිත්‍රපටියේ පිරිස කොන්ඩම් භාවිතා කලා නම් මේ ආකාරය් කතා ඇතිවෙන්නෙ නැහැ නේද කියලා. ඔවු බොහෝවිට මේ ෆිල්ම් එකේ ස්ටෝරියට සම්බන්ධ අය කොන්ඩම් භාවිතා කලානම් මේ ආකාරයේ අභාග්‍ය සම්පන්න මහා ක්‍රියාදාමයක් සිදු නොවෙන්නට ඉඩ තිබුනා.
සාමාන්‍ය මනුෂ්‍ය ජිවිත ගැන කතාකරන පරමාදර්ශී චරිත ගැන අවධානය යොමු නොකරන හොද චිත්‍රපටියක් විදියට මම බොරදිය පොකුණ නිර්දේශ කරනවා. සිනමාව ගැනත් ලාංකිය සිනමාව ගැනත් උනන්දු අයට රුපියල් දෙතුන් සීයක් දීලා බැලුවට පාඩු නැති වටිනා කතාවක් තමයි බොරදිය පොකුණ
මේ ෆිල්ම් එක තහනම් කරලා තිබිලා පස්සෙ තමයි තහනම ඉවත් කරලා තියෙන්නෙ කියලා දැනගත්තෙ ෆිලම් එක බැලුවටත් පස්සෙ. මට අනුව නම් ෆිල්ම් එක තහනම් කරන්න හේතුවක් හොයාගන්න බැහැ. ෆිල්ම් එක ලිංගිකත්වය ගැන කතා කලාට..තරුණ ආශාවල් ගැන කතා කලාට ෆිල්ම් එක තුල ලිංගික ජවනිකා තියෙන්න අඩු වශයෙන්. ඒ තිබුනත් කෙලින්ම ලිංගික අවයව වලින් කෑල්ලක් වත් පෙන්වන්නෙ නැහැ..කොටින්ම තනයක් වත් ඈතින් පෙන්වන්නෙ නැහැ. කෙනෙක් සිංහල තනයක් කකුලක් බලාගන්න හිතාගෙන වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකලා ෆිල්ම් හෝල් එකට යනවා නම් අයියෝ සල්ලි.
ෆිල්ම් එක අස්සෙ ගිය උදයකාන්තගේ බහුබූතයෝ දෙක ෆිල්ම් එකේ නම් උදයකාන්ත විසින් පබෝදාගේ තන් සහ පුක වැඩිපුර දැකලා තියෙනවා කියල ඒ ෂෝ එකේ ඇඩ් එක දැක්කහමත් පෙනුනා. ඇරලා පෙන්නුවෙ නැතිවුනාට කැමරා වලින් ගස්ලබු පෙන්වන්න වගේ ඒවම පෙන්වන්න හදනවා කියලයි මට බහුබූතයෝ 2 ඇඩ් එක දැක්කාම හිතුනෙ. 

16 comments:

  1. සාපේක්‍ෂව ඉතා හොඳ විත්‍රපටියක්.

    මේ චිත්‍රපටියේ ඇති ලොකුම අඩුපාඩුව විදියට මා දැක්කේ එහි ඇති ලිංගික එක්වීම්වල ඇති අස්වාභාවිකත්වයයි.

    හරියට නිරූපනය කරන්න බැරි නම් මලකට බණරෙක් වහනවා හෝ බිංගෙයකට කෝච්චියක් යනවා හෝ සංකකේතයක් දාලා නිකං ඉන්න තිබුණා. නැතිනම් මුල් තත්පර කීපයක් සිප ගැනීමක් පෙන්වා නවතා, ඉන් පස්සේ, තේ බොනවා /කතා කරනවා / අඬනවා වගේ දෙයක් පෙන්නන්න තිබුණා.

    චිත්‍රපට තහනම් කර තිබුණා කියා මං හිතන්නේ නෑ. මා දන්නා තරමට පශ්චාත් නිෂ්පාදන කටයුතු කාලේ ප්‍රමාද වෙලා පස්සේ මණ්ඩලයක් හොයා ගන්න බැරිවෙලා ඊටත් පස්සේ කාට හෝ විකුනා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. /බිංගෙයකට කෝච්චියක් යනවා හෝ සංකකේතයක් දාලා නිකං ඉන්න තිබුණා//

      මං හිතන්නෙ අමිලගෙ උදාහරණ ආභාෂය රසිකට ලැබිල වගේ :-)

      Delete
    2. පරණ සිංහල / හින්දි චිත්‍රපට දැකලා නැද්ද? ඒවායේ ඔහොම තමයි පෙන්නුවේ!

      Delete
    3. මට කකා පෙන්වන අස්වාභාවික ගතිය පේන් නැහැ. සමහර විට මගේ පරම්පරාවෙ අය ලිංගික ක්‍රියාවන් වීඩියෝ තුල දකින කෝනයේ වරදක් ඇති. මොකද සියයට අනුවක් විතර ලාංකික ඉන්දියානු අසැබි වීඩියෝ වීඩියො ්කරන්නෙ ෆික්ස් කැමරාවකින්..එතන කැමරාකරුවෙක් නැහැ.. නිශ්චල ඇස් දෙකකින් කාමරයකට හෝ ජවනිකාවකට දුර සිට එබී බලනවා වැනි කෝනයකින් තමයි අපි අසභ්‍ය දර්ශන විදියට දකින්නෙ.. සාමාන්‍යයෙන් ප්‍රංශ රටේ හෙම හැදෙන සම්භාව්‍ය චිත්‍රපටි වලදි ලිංගික කාර්යයට දායක වෙන තැනැත්තා අනෙකාව දකින ආකාරයත් බොහොම කදිමෙට හසුකර ගන්නවා...සමහර අවස්ථාවලදි මොකුත්ම වැරදි ස්තාන නොපෙන්වා එහෙත් ආසාව ඇතිවෙන ආකාරයට කැමරාව මෙහෙයවනවා. නමුත් ඒක ඒ රටවල සිනමාව නේ..අපේ රටේ තියෙන තරමක් අසභ්‍ය සහ සභ්‍ය ලිංගික දර්හන තියෙන්නෙ ෆික්ස් කැමරා වක් ඉස්සරහා ජෝඩුව ශිල්ප දක්වන ඒවා.. ඒ නිසා මේකෙ ඇබ්නෝමල් ගතියක් මට පෙනුන් නැහැ..

      Delete
    4. මං කියන්නේ අසැබි වීඩියෝ දර්ශන සහ ඒවායේ කැමරා කෝන ගැන නොවෙයි ප්‍රායෝගිකව කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර සිදුවන විවිධාකාරයේ ලිංගික හැසිරීම් ගැනයි. මේ චිත්‍රපටිය නරඹද්දී මට පෙනුනේ ඇඳුම් ඇඳගෙන කරන ඒ විකාරය මොකක්ද කියලායි. ඒ ආකාරයේ අස්වාභාවික එක්වීම් නොපෙන්වා, ඒවා සංකේතාත්මකව හෝ දෙබස් මගින් හෝ පෙන්වන්න තිබුණා.

      Delete
  2. //ලංකාවෙ දැන් හැදෙන ටෙලිනාට්ටි වල තියෙන්නෙ දර්ශන තල කීපයයි. ගෙයක් ඇතුලෙ සෝපා එකක්, ඇදක් මේස පුටු කිහිපයක්, බිත්ති කිහිපයක් තිබුනාම ටෙලිනාට්ටියක් රූපගත කරන්න පුළුවන් කියාල අද යන ටෙලිනාට්ටි දෙක තුනක් බැලුවාම හිතෙනවා.//

    ඉන්දියානු ටෙලිනාට්‍ය සංස්කෘතිය ඉහතාකාරයි. එයම ලංකාවට බෝ වෙලා වගේ.

    බොරදිය පොකුණ ගැන හොද අදහස් පලවෙනවා. තාම බලන්න වුනේ නැහැ.

    ජය !

    ReplyDelete
    Replies
    1. මේක හරි ලේස් වැඩක් වෙන්නැති..ඒ්ත් කලා නිර්මාණ ඒ තරං සිල්ලර තැනකට ලඝු වෙන එක හොද නැහැ..විසේසයෙන් වීඩියෝ නිර්මාණ..

      Delete
  3. //ෆිල්ම් එක අස්සෙ ගිය උදයකාන්තගේ බහුබූතයෝ දෙක ෆිල්ම් එකේ නම් උදයකාන්ත විසින් පබෝදාගේ තන් සහ පුක.....//

    ඕකනෙ කෙළිය. අර පොඩි එවුන්ට බලන්න කියල පහුගිය කාලෙ සෝමෙ ලොක්කා හදපු ෆිල්ම් එකක්ද කොහෙද බලන්න පොඩි එවුන් එක්ක ගිය වෙලාවෙත් ඔය “ඇඩල්ට්ස් ඔන්ලි කමිං කෑලි“ බලන්න වුනානෙ.

    ළමයින්ට පෙන්නන ෆිල්ම් එකක තනයක් පෙන්නන එක වැරදිද? මොකක්ද වැරැද්ද?
    ළමයින්ට බලන්න නුසුදුසු වෙන්නෙ ලිංගික කටයුත්තක යෙදෙන ජවනිකාවක් පමණයි. (මම කතා කරේ ලිංගික සබ්ජෙක්ට් එක ගැන. ඊට අමතරව මිනී මැරුම් වගේ දේවල්, සතෙක් මරන හැටි වුනත් ළමයින්ට පෙන්නන්න හොඳ නෑ.) අවයව කියන දේ කොහොමත් කවුරුත් දකින් දේවල්. අවයවයක් දැක්ක පමණින් ලිංගික හැඟීමක් ඇති වෙන්නෙ වැඩිහිටියන්ටයි.

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් හෝල් වල සෝ කාඩ් දාන එකත් ඇඩ් දාන එකත් ගැන සැලකිලිමත් වෙන්න ඕනි තමයි.. ලංකාවෙ හැදෙන තරමක් හැදෙන්නෙ ලමා චිත්‍රපටි වලට වඩා ලමයි රගපාන චිත්‍රපටි නේ... මම නම් රෙකමදෝරු කරන්නෙ ඉංගිරිසි කාටුන් චිත්‍රපටි..ඒවයි රන්ඩු දබර තිබුනත් ලමයින්ට ඉගෙගන්න දේවල් ගොඩක් තියෙනවා..

      Delete
  4. ඔබ අගේට ඒක ගැන කතා කරලා තියෙනවා.... අපිට මනා මගපෙන්වීමක්.... තාම බැලුවේ නම් නැහැ... ඉඩක් ලැබුණ ගමන් බලන්නම්............... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේක නිකං වට්ටෝරු කමෙන්ට් එකක්...ඕනිම සිනමා විචාරයකට ඔබන්න පුලුවනි.

      Delete
  5. මටත් බහුබුතයෝ 2 බලන්න ආසාවක් ඇති උනා කමින් කෑලි TV එකේ යනවා දැක්කම... ;-)

    ReplyDelete
    Replies
    1. බහුබූතයෝ එකේ බහුබූතියට ඔයිට වඩා පෙරිය සයිස් කෑල්ලක් ගත්තනං හොදයි කියල මට හිතුනා..පබෝදා මදි මදි වගේ නිකං...

      Delete
  6. මා ලිපිය වගේම මාතෘකාවත් හරිම සාර්ථකයි . චිත්‍රපටයත් වාරණය කරලා තිබ්බ කියන කාරණේ එක්කයි මම හිතුවේ

    ReplyDelete
    Replies
    1. චිත්‍රපට තහනම් කර තිබුණා කියා මං හිතන්නේ නෑ. මා දන්නා තරමට පශ්චාත් නිෂ්පාදන කටයුතු කාලේ ප්‍රමාද වෙලා පස්සේ මණ්ඩලයක් හොයා ගන්න බැරිවෙලා ඊටත් පස්සේ කාට හෝ විකුනා තියෙනවා.

      Delete
  7. බොරදිය පොකුණේ ගෝතමීලා විපුලලා අපේ සමාජේ ඕන තරම් ඉන්නවා. එයාලාගේ ජීවිත අපෙන් වසන් කරන්. කොපමණ වුනත් මේකථාව වාරණය කරන්න හේතුවක් මම දැක්කේ නැහැ. ලිංගික ආශාවන් නිසා කොල්ලෙක් වෙනුවෙන් මැරෙන කෙල්ලෝ අදත් ඕන තම් අපේ සමාජේ ඉන්නවා. කාර්යාල වල පාසලේ පංතියේ කොල්ලට මරාගන්න කෙල්ලෝ අනන්තවත් නැතිනම් කොල්ලා එක්ක අනියම් සම්බන්ධ තියාගෙන යන ඒ කොල්ලාගෙම පෙම්වතියෝ අනන්තවත්. ඒ අතින් විපුල දෙතුන් විඩකින්ම නැවතුන එක ගැන සතුටුයි.
    ගෝතමි කියන චරිතය ගැන මට තියෙන්නේ අනුකම්පාවක්. අවසානයට මා ගොඩක් කැමතියි. ඔස්කාර් සම්මාන දිනු බර්ඩ් මැන්ට වඩා මේ කථාවේ ගත යුත්තක් මට පේනවා

    ReplyDelete