Saturday, March 7, 2015

මෙගාවොට් 35කට කිතුල්ගල පරිසරය දෑවැද්දට දීම

යාලුවො කට්ටියක් එක්ක අපි කන්ඩායමක් පහුගිය දවසක කිතුල්ගල ගියා. ත්‍රාසජනක බෝට්ටු සවාරියකටත් ඒ වගේම බය හිතෙන පැනුම් සහ ගල් මත ලිස්සා යෑමේ අවස්ථාවකටත් අපි මුහුන දුන්නා. ත්‍රාසය විනෝදය ඇතුලත් වුන ඒ සවාරියේ සියලු දේ සොබාදහමත් එක්කම බැදිලා තිබුන නිසා අපිට ලොකු දෙයක් ඒ තුලින් ලැබුනා.
මේ වෙනත් කන්ඩායමක් ජලය මත බෝට්ටුවෙන් යන ගමනක්. ඒ ආකාරයට අපිත් ගියා. අපි සතුව වතුරට සහ ගැස්සීම් වලට විශේෂයෙන් ඔරොත්තු දෙන කැමරා නොතිබුන නිසා අපිට අපේ පින්තූර ගන්න ලැබුන් නැහැ. ඒ නිසා අපි නැවතිලා හිටිය නවාතැන් පොල අසලින් ගිය බෝට්ටු ඡායාරූපයට හසුකරගත්තා. 
අපි කන්න බොන්න සහ නවාතැන් ගත්ත තැන සිට බැලුවාම මනරම් දර්ශනයක් පේනවා. ඒ පේන එක කදුවැටියක් තමයි මේ. 
සැඩ පහරේ ලිස්සන බෝට්ටු සෙල්ලම කරන්න මේ වගේ ගල් ගොඩැල් සහිත වේගවත් වතුර පාරක් අවශ්‍යයි. ඇල දොල ගංගා තිබුනාට මේ වගේ ස්වභාවික පිහිටීම් අතිශය දුර්ලභයි. මේ වගේ තැන්වලට දේශීය හා විදේශීක සංචාරකයින් එකතු වෙන්නෙ මෙන්න මේ විශේෂ වූ ජල පහරේ පිහිටීම නිසයි. 
අපිට ජලය මත ලිස්සා යන සහ පනින අවස්ථාවකුත් තිබුනා. ඒ තැනටත් කැමරා ආම්පන්න අරං ගියේ නැති නිසා පිංතුර නැහැ. 

මේ ජලදහරාව සහඅදාල පරිසර පද්ධතිය කොළඹ සිට පැය දෙකක ගමනකින් ලගාවිය හැකි කිලෝමීටර සීයකට ආසන්න දුරකින් පිහිටලා තියෙනවා. ඒ නිසා කොළඹ අයට අමතර දවසකින් තොරව විනෝද වීමේ අවස්ථාවක් ලැබෙනවා. විදේශ සංචාරකයින්ට පවා කොළඹ සිට ලෙහෙසියෙන් මේ ස්ථානයට පිවිසීමේ හැකියාව තිබෙනවා. 

නව විදුලි බලාගාරය හා කිතුල්ගල  

කිතුල්ගලට උඩින් තමා බෝඩර්ලෑන්ඩ් කියන වතුයාය තියෙන්නෙ. ඒකෙ තමයි මේ අලුත් විදුලි බලාගාරය පිහිටුවන්නෙ. කැළණි ගගේ ඉහල කොටසේ මේ ආකාරයේ බලාගාර හතරක් තිබෙනවා. අවසාන බලාගාරය සමනල කියාල හදුන්වනවා. මේ නව බලාගාරය ඉදිකිරීමේන පස්සෙ මේ කිතුල්ගල අපිට පේන අපි ජලය මත බෝට්ටු පදින පරිසර පද්ධතිය අවධානමට ලක් වෙනවා. 
 මම හිතන විදියට කිලෝමීටර 20ක ටත් වඩා දිගක් ගෙවාගෙන අවට ගම් නියම් ගම් වනාන්තර පසුකරමින් ඇදෙන මේ සුලලිත දිය දහර නව බලාගාරයට ජලය ලබාගන්න හදන බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපාතියේ වේල්ල නිසා අවහිර වේවි. 

පාඨ ලී ඇමතිතුමා සහ පෙර විදුලි ඇමතිනිය ඇතුලු විදුලි බලධාරින් කියන්නෙ නම් දවල් කාලයේ වෝටර් රාෆ්ටින් වලට අවශ්‍ය ජලය සපනයනවා කියලා.ඒත් ඉතිං මේ ප්‍රදේශයේම පරිසර පද්ධතිය රදා පවතින මේ ජල දහරාව,  රෑට වහලා තියෙන කොට ඒ ආශ්‍රිතව ඉන්න සතා සීපාවට, කුරුල්ලන්ට, මාළුන්ට, වගේම ගහකොල වලටත් උදාවෙන දසාව සුබදායක වෙන්නෙ නැහැ. 

1960 දශකය ආසන්නයේ දී ලංකාවෙ මේ සමස්ථ ව්‍යාපෘතියේ ඉහල කොටස් ඇතිවුනා. ඇත්තටම ජල විදුලිය කොතරම් ලාභදායී සහ කාබන් විමෝචනය අතින් අවම වුනත් ලංකාව වගේ පුංචි රටක තිබෙන සංවේදී පරිසරය මේ වාගේ විශාල ව්‍යාපෘති වලින් නැතිවෙලා යනවා. ලංකාව සංචාරක ආකර්ශනය ලබන විශේෂ රටක් වෙන්නෙ ඉතාම කෙටි කාලයක් තුල ලබාගත හැකි සැලකිය යුතු දේශගුනික වෙනස නිසා.

තේ වගාව නිසා කදුකරයේ තිබුන වනාන්තර බොහොමයක් නැතිවුනා. දැන් දැන්පහතරට සහ ගල්ඔය පැත්තටත් තේ ව්‍යාප්ත වීම නිසා සිංහරාජ සහ නැගෙනහිර බෑවුම් වල වනාන්තරත් දැන් අවධානමට ලක්වෙමින් තිබෙනවා. ඉතිං තේ වගාවෙන් පස්සෙ පරිසරේ ඉතුරුවෙලා තිබුන තිබුන නම්ඒ ටික විදුලිය ගන්න කරපු මහා මහා ව්‍යාපෘත ිනිසා නැතිවෙලා ගියා. 

ජල විදුලිය ලාබයි නේ  

ජල විදුලිය ඉතා ලාබදායී වියදම් අඩු වැඩක් විදියට හැදින්වෙනවා. ජල විදුලියේදී මූලික පිරිවැය විශාල වුවත් ඉන් පසු යන්ත්‍ර සහ පද්ධති අළුත්වැඩියාව හැර වෙනත් විශාල වියදමක් නැහැ. නමුත් ගල් අගුරු බලාගාර වලදි සහ දැවිතෙල් බලාගාර වලදි අපිට දැවිතෙල් සහ ගල්අගුරු වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. 

ජල විදුලිය ලාබ වුනත් නොරොච්චෝේලේ වැනි විශාල ගල් අගුරු බලාගාර ඇතිවුනත් ඇත්තටම ලංකාවෙ විදුලිය ලාබ වුනාද? අද වෙනකොට කලාපයේ විදුලි බලය වෙනුවෙන් වැඩිම මිලක් ගෙවන ජනතාවක් බවට පත්වෙන්න අපිට හැකියාව ලැබිලා තියනවා. එක් එක් කාලවලදී දේශපාලකයින් සතුව එක් එක් සුරංගනා කතා තිබුනත් පරිසරය ගැන නොතකා එක් එක් ව්‍යාපෘති දියත් කලත් අවසානයේඒ සියල්ල කතාන්දර බවට පත් කරමින් විශාල විදුලි බිලක් පාරිභෝගික ජනතාවට දෙන්න දේශපාලකයින් සහ නිලධාරින් සමර්ථ වෙලා තියෙනවා. 

පාඨ ලී උන්නැහේ කතන්දර ආතා වාගේ කතන්දර කියන්න දක්සයි. එතුමාම පරිසර ඇමති වෙලා ඉන්න කාලෙ වාහනේ දුමට පවා අලුතින් දඩ ගහන්න ක්‍රමයක් ගෙනාවා. නමුත්විශාල පරිමාණයේ ජල මූලාශ්‍රයක් හරස් කර වේල්ලක් තනා දැනට සංචාරක ආකර්ශනය තිබෙන පලාතක් තනිකර අනාත නාථ කරන එක පාඨ ලී උන්නැහෙටත් අවුලක් නැහැ වගේ තමයි පේන්නෙ. 

වෙනත් බලශක්ති ප්‍රභව 

මුලින්ම හයිබ්‍රිඩ් වාහන එනකොට සමහරු ඒ වාහන වලට සමච්චලේට හිනා වුනා පපඩම් වගේ මෙලෝ රහක් නැති බැට්ටි කාර් කියලා. සීඝ්‍ර තාක්ෂණික දියුනුවත් එක්ක තෙල් ඉතුරුකරන සහ සැපපහසුව වැඩි හයිබ්‍රිඩ් වාහන ඇතිවුනා. ඉතිං තාක්ෂණයක් විදියට හයිබ්‍රිඩ් ප්‍රචලිත වීම ලෝක තෙල් සම්පත දහනය අඩුවන්නට හේතුවාසනා වෙනවා ඇති. 

ලංකාව නිවර්ථන රටක්. අපේ රටේ සූර්යාලෝකය නොඅඩුව ලැබෙනවා ගොඩක් පලාත්වලට. ඒ සූ්ර්යාලෝකය සහ ජාතික පද්ධතිය සම්බන්ධ කෙරෙන පොඩි පොඩි කතාන්දර නම් තියෙනවා. නමුත් ඒ සූර්ය පැනල බැටරි ආදියේ මිල අඩුකරලා ඒ ව්‍යාපාර දියුනු පවුනු කරන සාර්ථක ක්‍රමවේදයක් නම් පේනතෙක් මානෙක නැහැ.

අපි කැමති වුනත් අකමැති වුනත් සමහර දේවල් සිද්ද වෙනවා. අලුත් බලාගාරෙ නිසා කිතුල්ගල තිබෙන සංචාරක වටිනාකම අඩුවෙන එකටත් වඩා ඒ පරිසර පද්ධතිය නැතිවෙන එක ගැන කණගාටුයි. නමුත් වන් සයිඩ් උගතුන් නිසා අපිට ඒ වගේ පොඩි පොඩි වරදවල් නිසා දරුවො ලැබෙන්න යන (සුළු වරදකින් දරුවකු සිටී මංගල දැන්වීමේ පරිදි) දේවල් වලට මුහුන දෙන්න සිද්ද වෙලා තියෙනවා..

8 comments:

  1. චාරිකාවනම් පට්ටයි වගේ...එල එල
    ‍අදූරදර්ශී ව්‍යාපෘති එදත් තිබුනා අදත් තියෙනවා..නිකරුනේ පරිසරය විනාසයි අපිත් විනාසයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ලස්සනම සිද්දිය මේක අද හොදයි කියන ඇමටියාම කාලයක් පරිසර ඇමති කාලෙ මහා පරිමාණ සංදර්ශන රාශියකට දායක වෙච්චි මනුස්සාය වෙච්චි එක..

      Delete
  2. පාට ලී කියන්නේ මහා මෝඩයෙක් කියල වෙනම ඔප්පු කරන්න දෙයක් නැහැ.
    ඌ මෝඩයෙක්...
    ෆෝන් වල බැටරි රීසයිකල් කරන්න කියල බද්දක් ගෙනාවා. මුල් කාලේ බිල් වල ඒක Environmental Levi ද මොකක්ද කියන නමින් තිබුනා. පස්සේ උන් බැටරි වලට කරපු ලබ්බක් නැති නිසා කවුරුහරි නඩු දැම්මොත් නොන්ඩි වෙන නිසාද කොහෙද දැන් ඒක "රජයේ බදු" කියන නමින් දානවා.
    අනික බැටරි වෙනුවෙන් ගහන බදු ගහන්න ඕනේ බැටරියක් ගන්න වෙලාවට, එක්කෝ අලුතින් ෆෝන් එකක් ගන්න වෙලාවට. මාසේ බිලේ කොටසක් විදිහට බැටරි බද්ද ගහපු එක වැරදියි.

    වාහන වල දුම් පරීක්ෂණයත් මේ වගේම මරිමෝඩ වැඩක්...
    ඒ වගේ එකෙකුට කිතුල්ගල මොන කජ්ජක්ද.

    ReplyDelete
    Replies
    1. ලොකුවට ඉගෙනගත්ත පලියට ඔහු දක්ෂ තීරකයෙක් සහ දක්ෂ පරිපාලකයෙක් වෙන්නෙ නැහැ. අවාසනාවට ලංකාවෙ මිනිස්සු තාමත් ඔය වගේ බොරු සිංහයින්ට වදිනවා පුදුනවා..

      Delete
  3. බෝට්ටු සොමිය සල්ලිකාර ටික දෙනෙකුට. ජල විදුලිය ඔය පැත්තේ දුප්පත් ගම්වල මිනිස්සුන්ට.

    ReplyDelete
    Replies
    1. මේ ව්‍යාපෘතිය මහා පරිමාණ එකක්. මෙයින් එන විදුලිය නිකුත් කරන්නෙ ජාතික පද්ධතියට. බෝට්ටු සොමිය ගන්න දැන් අඩු මුදලක් වැයෙවෙන්නෙ. ඔච්චර මිනිස්සු ගැන කැක්කුමක් තියෙන ආන්ඩුව මොනවද අපේ ලයිට් බිල අඩුකරන්න සිදු කරන්නෙ? ඔය බලාගාරෙ ගැහිල්ලෙන් විතරක් ලයිට් බිල අඩුකරන්න බැහැ..මොනවද අපේ බුද්ධිමත් බලධාරින්ට නිළදාරින්ට රටේ දුප්ප්ත ජනතාවට අඩුවට විදුලිය දෙන්න තියෙන වැඩපිලිවෙල...අඩුතරමෙ සූර්ය පැනල සහ ඒ බැටරි වලට ගහන බද්ද වත් ආන්ඩුවෙන් අයින් කරනවද? නෑනෙ...

      Delete
  4. අන්සතු, රටවල් සංවර්ධනය වෙනකොට සල්ලි නැතිකම නිසා සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.. ස්වභාවික පරිසරය ගැන හිතන්නෙ නෑ.. සංවර්ධනය උනාට පස්සෙ ඔන්න පරිසරය ගැන හිතන්න පටන්ගන්නවා.. ඒත් ඉතිං කරුමෙ කියන්නෙ එතකොට රකින්න ස්වභාවික පරිසරයක් ඉතුරු වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මේ අති විශාල පරිසර පද්ධතිය බිල්ලට දෙන්නෙ මෙගාවොට් 35කට..මම හිතන විදියට අපිට ඔය උතුරු නැගනහිර දිහා තව එක තාප බලාගාරයක් ගැහුවනම් මීට වඩා හොදයි..කොහොමත් උතුර පැත්තට ඉස්සරහට නැවත විදුලිය දෙන්න සිද්ද වෙනවා නෙව..

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...