Saturday, March 14, 2015

හැටන් සිරිපා කරුණාව

මම රත්නපුර පලාබද්දලින් සිරිපා නැගලා හැටන් වලින බැස්සා පහුගිය මාසෙ. ඒ වගේම ඊයෙ පෙරයිද දවසක ආයිත් හැටන් වලින් නැගල හැටන් වලින්ම බැස්සා. ඒකෙදි මුහුනදීපු කාරණා ආදිය එක්ක මට හැටන් වලින් සිරිපා කරුණාව ඒ තරං අල්ලලා ගියෙ නැහැ..රත්නපුර පැත්ත දුර වැඩි වුනත් ඒ පැත්ත හැටන් වලට වඩා සන්සුන් සහ නිස්කලංකයි.. රත්නපුර පැත්තෙ පහසුකම් වුනත් වැඩියි හැටන් පාරට වඩා. 

සුද්දො සහ සුද්දියො. 
අපිට කෝචිචියෙද සුද්දො හම්බුනා. ඒ වගේමයි යන ගමනෙදි බොහෝ තැන්වල සුද්දො හිටියා. මේ සිරිපා කරුණාව ජාත්‍යන්තර වශයෙනුත් ජනප්‍රිය වෙච්චි චාරිකාවක්ය කියලා මට හිතුනා. මේ සුදු ජෝඩුව ටිකක් සල්ලිය බාගෙ තියෙන අය කියලයි පාවිච්චි කරපු කැමරා වලින් එහෙම පෙනුනෙ. මේ සුද්දි නෝනයි අලංකාර පච්චයක් තිබුනා. ඇග පුරාම පච්චෙ. හැබැයි හරි ලස්සනයි. 

මෙයා මේ ඉන්නෙ නල්ලතන්නිය ඉස්ටේෂම ලග. මේ සුද්දි නෝන ලස්සනයි. නල්ලතන්නි යන බස්සෙක හැටන් වලින් යන්න පැයක් දෙකක් ප්‍රමාද වුනා. මොකද එදා නානුඔය ඉදන් නුවර යන කෝච්චිය ප්‍රමාද වෙච්චි නිසා. ඒ ටිකට අපෙ බස්සෙකේ හිටපු සුද්දියො දෙන්නෙක් සිගරට් දෙක තුනක්ම ඉරුවා. බොහොම සුද්දියො ගෑනුය කියලා නැහැ සිගරට් බොනවා. සාමාන්‍යයෙන් ලෝකෙ එහෙම වුනාට අපිට ඒක ටිකක් නුපුරුදුයි. 
සිරිපාදෙට ඇතුල් වෙන්න තියෙන මකර තොරණ තමයි මේ. මේක හදලා තියෙන්නෙ සර් ජෝන් කොතලාවල මහත්තයා විසින් වෙච්චි බාරයක් ඔප්පු කරන්නය කියලා මේ මකර තොරනේ දකුනුපස පුවරුවේ දැක්වෙනවා. එතුමා විදුලිය ඇමති වෙලා ඉද්දි තමයි ලක්ෂපාන ව්‍යාපෘතිය දියත් වෙලා තියෙන්නෙ. ඒකෙ අවසානය සනිටුහන් කරන්න මේ මකර තොරණ සිරිපාද බිමට පූජා කරල තියෙනවා. මේක විවෘත කරලා තියෙන්නෙ එවකට ලංකාවෙ ආන්ඩුකාර සෝල්බරි සාමි විසින්. 
හැටන් වලට කොළඹ ඉදලා කෝචිචිෙයන් යද්දි හැටන් වලට පොඩ්ඩක් මෙහාට වෙන්න පරණ පෙරලිච්ච කෝච්චි පෙට්ටියක් තිබුනා. මොකක් නමුත් අනතුරක් නිසා පෙරළුනු එක්ක වෙන්න ඇති. පෙනුමෙ විදියට නම් බොහොම පරණ පෙට්ටියක් කියලයි මට පෙනුනෙ. 

හැටන් වලදි කන්න  ගිය තෙමහල් කඩේ ඉදන් එලිය බැලුවාම කඩේ ඉහල කෙළවරේ මහ විසාල වදයක් බැදලා. යාලුවො නම් කිව්වෙ මේක බඹර වදයක්ය කියලා. මොකුන්ද මන් දන් නැහැ ඒත් විසාල වදයක් එතන තිබුනෙ. කෝච්චි පාර අයිනෙ ගස්වලත් මීවද හෝ බඹර වැද බැදලා තියෙනවා දැක්කා. මේවා ලස්සනට තිබුනාට ඉතිං ඇන්නොත් හෙම සොරිම තමයි. 
මේ පොඩි උන්නැහේත් හිටියෙ කෝචිචිෙය පුදුම දගයක් තිබුනෙ. අපි වෙන්කරගත් ආසන තිබුන පෙට්ටියෙ ගියේ. ඒකෙ ගොඩක් උන්නෙ සුද්දො සුද්දියො. මේ පොඩි උන්නැහෙත් අර සුද්දො සුද්දියො එක්කම මිනිහගේ ආතල් එක ගත්තා. ඒත් ඉතිං ටිපිකල් සිරි ලංකන් අම්මලා ආච්චිලා එක්ක කොල්ලට පොඩ්ඩක් එහාට මෙහොට යන්නවත් නැහැ අම්මලා ආච්චිලා තරවටු කරනවා. ඒකෙ හොදක් තියෙනවා. ඒත් ඉතිං ඒ තරම්ම ලමයින්ව තදට නීති වලට හදන එක මටනම් එච්චර හොද දෙයක් විදිය ට පෙනුන් නැහැ. 
මේ හැටන් දුම්රිය ස්ථානයේ තිබෙන ටැප් රාජයා. බොන වතුර තමයි ටැප් එකෙන් එන්නෙ. මේ යකඩ සින්ක් එක ඉස්සරම කාලෙ තිබුන එකක් වෙන්න ඕනි. ටැප් එක අලුත්ම එස් ලෝන් එකක් වුනාට ටැප් සින්ක් එකයි ටැප් එකේ පාදමයි ඉතා පරණ එකක් වෙන්නට ඇතිය කියලා මට හිතුනා. ඔය තරම් ඝනකම් යකඩ පෝච්චියක් වගේ එකක් අදනං සින්ක් එකකට පාවිච්චි කරන්නෙ නැහැ නේ. 
මේ හැටන් වල රෝස මලක්. මේ මල් වලත් නටුවෙ කටු තිබුනා. ඒ වගේම මේ රෝසමලක් සාමාන්‍යයෙන් අපි තේවතුර බොන මග් කෝප්පෙක සයිස් එක ඇති. පහතරට පැතිවලට වඩා උඩරට සීත පැතිවල රෝස ලොකුවට හැදෙනවා. 

මේ උඩ පොල්කිච්චා කෝච්චියෙ යන අතරමගදිත් යට එකා හැටන් වලදිත් කැමොරාවට දාගත්තා. පොල්කිච්චා කොළඹ පැතිවලත් ඉන්නවා. හැටන් පැත්තෙත් ඉන්නවා මතක විදියට සිරිපාදෙත් ඌ ඉදලාම ඉන්නවා. මං හිතන්නෙ මුහුදු මට්ටමේ සිට 0 සිට 2500 වගේ පරාසයක පොල්කිච්චාට ඉන්න හැකියාව තියෙනෝ ඇති. 
සිරිපාදෙ යනකොට සීතලට පොරෝන කියන ජාති සහ වෙනත් ඕනකරන ජාති මේ වගේ කඩවල තියෙනවා. ඒ කඩවල් වලින් ඒවා ගන්න එක ලාබත් වගේ. මාත් හැටන් වලින්ම සීතලට අදින කෝට් එකක් ගත්තා රුපියල් 300යි වුනේ. රුපියල් තුන්සීයට ගමන් දෙක තුනක් ගියත් මොකෝ. 
මේ සිරිපාදෙ ඉහලම කෙළවරේ උඩ මලුෙව් සමන් දේවාලෙ. මේ පේන කපු මහත්තයා හරියටම මේ පොටෝ එක මෙතන වැදිලා තත්පරේකින් විතර මට සැපටම බැන්නා පොටෝ ගහනවා කියලා. කරුණාකර බැහැල ගිහින් ඕන එකක් ගන්නවා කියලාම බැන්නා. 
මේ දොලොස්මගේ පහණ. මේ දොලොස්මහේ පහණට දාන්නෙ කොප්පරා. කොප්පරා දැවිලා විසාල ගිනිදැල් එනවා. ඒකවටේ මිනිස්සු ඉන්නවා. මිනිස්සු හීතල හැදුනාම උනුහුම් වෙන්න මේ දොලොස්මහේ පහණ යටට යනවා. 
මේ ඉන්නෙ ඉර සේවෙ බලන්න එකතු වෙච්චි ජනතාව. එදා ඉර සේවෙ තිබුන් නැහැ. වැහි අදුර නිසා පෙනුන් නැහැ. සුද්දො සහ සුද්දියොත් අපි එක්කම ඉර සේවෙ එනකල් ඉර පායනකල් නිදි කිර කිර හිටියා. හීතල වැඩි නිස නින්ද යන් නැහැ. කොහොම වුනත් අපි හිතං උන්නේ අපි විතරයි හීතලට වෙවුලන්නෙ කියලා. ඒත් අපි ගාව හිටපු මහ හැකර කටක් තියෙන සුද්දියො කීප දෙනාත් කට කට ගාල වෙවුලනවා. උන ්එකිනෙකා අතපය පවා පිරිමැද ගන්නවා සීතල නැතිකරගන්න. හැබෑට මුන් එහේ සීතල රටවල් වෙලත් මෙහෙ මේ සීතලටත් ගැහෙන චාටර් සුද්දො ටිකක් කියලා අපි කතා වුනා. 
දත කට මැදන් වෙවුල වෙවුල පැය දෙක තුනක් උඩමලුවට වෙලා හිටියට එදා වැහි අදුර තිබුන දවසක් නිසා ඉර සේවෙ පෙනුන් නැහැ. ඔය විදියට ඈත පේන තෙක් මානයේ දුර නිල්පාටට පෙනුනා. 
මේ උඩ පිංතුරෙ තියෙන්නෙ ක්‍රමක් ක්‍රමයෙන් ඉර උදාවුනාට පස්සෙ අහස තියෙන විදිය. 
කදුවලින් ඉර උදාවෙන කොට සිරිපා බහින විට පේන ලක්ෂණ දර්ශනයක්. 
මේ තියෙන්නෙ අර ජපන් පන්සල තියෙන හරියට පේන විසාල ගල. මෙතැන හිටපු පොඩි බිස්නස් එකක් කරන මහත්මයෙක් කිව්ව විදියට මේ සුවිසල් ගල් පර්වතය ඈතින් බැලූවට බුදුන් වහන්සේ ගේ සැතපෙන පිළිමයක් වාගේ පේනවාලු.

සිරිපාද ගමන ගැන  පිංතුර ටිකත් එක්ක මං මෙතනදි කතා කලා. ඒ වගේම ගමනෙදි මුහුනදෙන්න වෙච්චි රිදවන සුලු සමහර සුලු දේවල් ගැනත් තව පෝස්ට් එකකින් ලියන්න බලාපොරොත්තු වෙනවා. 

7 comments:

  1. wistharetayi photo yikatayi thanks. kaalekin giye naa siripade.

    ReplyDelete
  2. //මෙයා මේ ඉන්නෙ නල්ලතන්නිය ඉස්ටේෂම ලග.// හැටන් වෙන්න ඕන නේද?

    //රත්නපුර පැත්තෙ පහසුකම් වුනත් වැඩියි හැටන් පාරට වඩා.// අපි යන කාලෙනං එහෙම තිබුණෙ නැ. රත්නපුර පාරෙ තියෙන ගොඩක් කඩ සිංහල අවුරුද්දෙනං පස්සෙ වහනව කියල තමයි ආරංචිය. අපි බහිනකොට මලුවෙ ඉඳල පලාබත්ගලටම කඩ දෙකයි හම්බ උනේ.

    ReplyDelete
    Replies
    1. Den ratnapura para hodata hadala thiyenawa. A pette kadawal pirisidui. Toilet sapekshawa hodai.

      Delete
  3. සිරිපාද වන්දානාවෙ තොරතුරු බෙදා ගත්තට බොහොමයක්ම ස්තූතියි

    ReplyDelete
  4. අර සුද්දන්නේ පොටෝ කෙළලා තියෙන්නේ පැපරාසි කෙරමෙටද?

    හප්පෝ මම ඉස්සරවෙලාම ගියේ 1968 දී. ඔය කිරිකෝඩු චාලිත්තර ඔක්කොම කරවලා සිරිපතුලේ මගේ ඔලුවත් ඇන්නා අපේ මාමන්ඩියෙක්.

    හැබැයි ජොලි ගමනක් නේ?

    අර කපූ ට මොකද තදවුණේ? කපූ ලා ඔයවගේ වෘෂභ පාට් දානවා තමා.

    ReplyDelete
    Replies
    1. කපූ එකපාර ආවේස වුනා වගේ මට කඩා පැන්නෙ...ඇත්තටම හොදට බැක් කරන්න තව එකෙක් හිටියනං මං ඌට පේන්නම ඌ ලගට එනකල් වීඩියෝ කරලා දුවනවා..

      Delete
  5. ලස්සන විස්තරයක්. පුංචිම කාලෙ ගියාට පස්සෙ සිරිපා වඳින්න ගිහින් නෑ. යන්න ආසා හිතුනා කියවලා විස්තරේ.

    ReplyDelete