Tuesday, June 2, 2015

අත දීම සහ සේදීම

මං දැන් බ්ලොග් ලියන්න ඇවිත් කාලයක් වෙනෝ. දැන් ලියන්නෙ අඩුවෙන්. ඉස්සර ලිව්ව දැන් ලියන්න බැහැ හෝ ලියන්න දේවල් නැතිකමටත් වඩා අපේ දවස ගෙවන ආකාරය වෙනස් වුනාම අපිට වෙනත් වෙලාවක් බ්ලොග් වලට යොදාගන්න වෙනවා. බ්ලොග් බලන අය අඩු වුනාම හිතෙනවා අපි මොකටද ඕ බම්බුව ලියන්නෙ නිකා ඉන්නවා කියලා. 

බ්ලොග් කියන්නෙ අපිට තියෙන මාධ්‍යයක්.ඒකට අයිති කාරයෙක් හෝ හිමිකාරයෙක් නැහැ. හරියටම බැලුවොත් එහෙමට වාරනයකුත් නැහැ. කුනුහබ්බ වැල කතාවල ඉදන් ආගමික දේවල් දක්වා විශාල පරාසයක දේවල් බ්ලොග් වල තියෙනවා. 

ලංකාවෙදි බ්ලොග් ලිවීම බොහෝවිට කෙලින්ම ආදායම් උපයන දෙයක් නෙමෙයි. වක්‍රාකාර වාසි නැතුවා නෙමෙයි. ඒත් යමෙක් සල්ලි හොයන්න බලාගෙන සිංහල බ්ලොග් ලියනවා නම් ඒක එච්චර ටම සාර්ථකයි කියල කියන්න බෑ. හැබැයි ඉතිං ලියන හැකියාව සහ වෙනත් හැකියාවල් බ්ලොග් නිසා දියුනු වෙනවා. ඒ වගේම කාලයක් බ්ලොග් ලියපු සහ ලියන මට මගේ ෆෝමැට් එකට ගැලපෙන යාලුවො කන්ඩායමක්ම මේ බ්ලොග් ලිවිල්ල නිසා හමුවුනා. 

මේ බ්ලොග් වලට අත දෙන්න ඕනි මේක කලාවක් විදියට බාහිර බලපෑමකින් තව ටිකක් ඉදිරියට ගන්න ඕනි කියලා කතාවක් හැමතැනම වගේ තියෙනවා. ඒ කතාවම ලංකාවෙම හැම කලා සහ විකලා ක්ෂේත්‍රයකම දකින්න තියෙනවා. පත්තරේ දැක්කොත් බ්ලොග් ගල් කපන බිස්නස් එක වේවැල් කර්මාන්තය, හට්ටි මුට්ටි නිශ්පාදනය ආදිය වගේම ඇතැම් විට වැලි ගොඩ දැමීම වගේ දේවල් වලට පවා ආන්ඩුවෙන් අත දිය යුතුය කියලාමිනිස්සු අදහස් දක්වල තියෙනවා. 

ආන්ඩුව හැම දේකටම අත දෙන්න ඕනි අපේ තියෙන හැකියාවල් සහ අනික් දේවල් ආන්ඩුව විසින් දියුන කරන්න ඕනිය කියාල මතයක් සමාජය තුල තියෙනවා.එහෙම බාහිරින් සල්ලි දීල හරි වෙන පහසුකම් දීල හරි යම් ක්ෂේත්‍රයක් නගාසිටුවන්න උත්සාහ ගන්න එක හැම අවස්ථාවකදිම සාර්ථක වෙන්නෙ නැහැ..ගමට යන්න පාරක් නැත්තං බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් නැත්තං..හරියට තැපැල් කන්තෝරුවක් නැත්තං ආන්න එතනදි ආන්ඩුව වගකියන්න ඕනි. නමුත් අපේ හැම දේටම ආන්ඩුවට සහයෝගයක් දෙන්න හැකියාවක් ලෝකෙ කිසිම ආන්ඩුවකට නැහැ. 

වෙන අයට බණ කියන්න කලින් මේ මම කියන තැන උදාහරණයට ගමු. මම මේ බ්ලොග් එක තුල කෙටිකතා 50ක් විතර ලියල තියෙනවා. මේ සමහර කෙටිකතා හොදයි කියලා මටත් හිතෙනවා. ඉදහිට ලංකාවෙ පත්තරයක පොතක තියෙන වර්ථමාන කෙටිකතා දැක්කම මට මම ලියපු කෙටිකතා ඊට වඩා හොදයි නේද කියලත් හිතෙනවා. 
 යාලුවො සහ මේ බ්ලොග් කියෝන කිහිප දෙනෙක්ම කියනවා පොතක් ගහන්න කියලා. 
සිංදු කියන්න හෝ කවි කියන්නත් මම දක්සයි..මගේ සිංදු අහන කතන්දර කාරයා සහ සිංදු අහන රසික පිරිසත් නිතරම මාව උනන්දු කරනවා කැසට් එකක් හරි නැත්තං ලස්සනට මියුසික් දාපු පිලිවෙලයිස් කරපු සිංදුවක් ගහමු කියලා. 

ඔය කේස් දෙකේදිම මගේ උනන්දුව බිංදුවයි. මං පොතක් ගහන්න හිතාගෙන හිටියම ඒක ඉෂ්ඨ වෙන්නෙ නැහැ. මමඒවා කොලවල මුද්‍රනය කරලා මරදානෙ ඇවිදල ප්‍රකාශකයෙක් හොයාගන්න ඕනි. කැසට් පටියක් හරි සිංදුවක් හර ගහනවා නම් ඒකට අදාලපිරිසක් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න ඕනි. එහෙම නැතුව මම බෝඩිමට හරි කන්තෝරුවට හරි වෙලා නිකං ෆිල්ම් බලන ගමන් හෝ පොත් කියවන ගමන්..අනේ මටත් ගායකයෙක් රචකයෙක් වෙන්න ආන්ඩුව අත දෙන්නෙ නැහැ කියල හීල්ලුවට වැඩක් නෑ

ඇත්තටම සමහර විට මම සංගීත බුවෙක් සහ පොත් ප්‍රකාශකයෙක් ලගට ගිහින් තුන් හතර වතාවක් වාත වෙලා අදෝනාවක් දැම්ම නම් වැඩේ ගොඩයන්නත් තිබුනා. 

ඉතිං බ්ලොග් වලට කියලා විසේස අතක් පයක් දෙන්න කාරුවත් ඕනිය කියලා මම හිතන්නෙ නැහැ. ඒ වගේම රටක් විදියට ගත්තත් හැම දේම ආන්ඩුවෙන් පිගානට දාල හැඩ කරලා මේස උඩින් තියන කල් බලා ඉදලා අපිට දියුනුවෙන්න බැහැ. අපි ඒකට බැහැල වැඩකරන්න ඕනි. පත්තරවල අත දෙන්න ඕනිය කියලා තියෙන ගොඩක් අය කියන්නෙ එයාලට එයාලගේ හැකියාවල් වෙළදපොලට නිකුත් කරන්න අවස්තාව්ක නැහැ කියන කාරණාව. 

හට්ටි මුට්ටි නිශ්පාදකයාෙග් සිට ගායකයා නර්ථන ශිල්පියා දක්වා හිරවෙල ඉන්නෙ වෙළදපොල ඇතුලෙ. ඒ අයට අත හිත දෙන ණය යෝජනා ක්‍රම විශේෂ සහන දීම ්ආදිය කරන්න ආන්ඩුවට හැකියි. නමුත් ඔවුන්ට අවශ්‍ය හැම දේම කරන්න සහ  කෘතිමවිදියට වෙලදපොල ඇතිකරලාඒ අයගේ අතමිට සරු කරන්න ආන්ඩුවට බැහැ. එහෙම කරන්න ආන්ඩුව උත්සාහ කරනවා නම් ඒක අසාර්ථක උත්සාහයක් බවට පත් වෙනවා. 

19 comments:

  1. පොතක් කරන්න!
    කතාවක් දෙකක් පත්තරේකට යවලා බලන්න ඉස්සෙල්ලා.

    ReplyDelete
    Replies
    1. පත්තර වල කරන ලියුම් කැපිල්ල මට ඒ තරංම අල්ලන්නෙ නැහැ..සමහර වෙලාවට වටිනම කෑල්ලක් කපල තියෙනවා..

      Delete
  2. නර්ථන නෙවෙයි නර්තන. සින්දු ලියන කියන කෙටිකතා ලියන මිනිහා එච්චර සරල වචනයක අක්‍ෂර වින්‍යාසයවත් දන්නේ නැද්ද.

    ReplyDelete
  3. Do not let the talents go underground. Start something. My son is very good at singing but he never sings in front of a crowd. I do not give up. I constantly encourage him. do not give up.

    ReplyDelete
  4. මල්ලි අපි ළඟදීම ඊ බුක් සයිට් එකක් දානවා. එකට ඔයාගේ කෙටි කතා pdf කරලා එවන්. ගාන දාල . කවුරුහරි බාගත්තොත් ගෙවල ඔයාට 50% දෙනවා. නොමිලේ කියවන්න දෙන්න කැමති නම් එකත කරනන් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉතුරු 50න් උයා ටොපි කනවද මෙයා...

      Delete
    2. අන්න වැඩේ. කීයක් හරි හොයාගන්න ඕනවුනාම මාත් දාන්නං :-)

      Delete
    3. ඇනෝ කවුරු හරි පොත් වෙළෙන්දෙක් ඉන්නවා නම් 100% කතුවරයාට දෙන අපටත් කියන්න. මගේ යාළු කතුවරු කීප දෙනෙක්ම ඉන්නවා තමන්ගේ පොත් විකුණා ගන්න වෙන. සමහර අය කියනවා මචන් අපට මේවා කවුරු හරි කියවන්නයි ඕනේ ලාභෙ නැතත් කියල. ඒ ගොල්ලන්ට කියන්නම්. නැත්නම් ඔය 100% දෙන එකක් හදල කියන්න. එතකොට මට ටොපි කන්න ඕන වෙන්නේ නැහැ.

      Delete
    4. කමක් නෑ මෙයා උයා ටොපි කන්න.... හැබැයි මේ බ්ලොග් එකේ ඒවා දැම්මොත් නම් කැඳත් නෑ...

      Delete
  5. බ්ලොග් කියන්නේ නිදහසේ ගලා යන්න ඕනේ දෙයක්. ආණ්ඩු පාණ්ඩු මේකට අත දාන් ගියාම මේක බොගක් වෙනවා...!

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු අත දාන එක කොහෙත්ම හොඳ නැහැ. මරණ තර්ජන ඒවා මේවා නැතුව ලියන්න දුන්නම ඉවරයි. හැබැයි infrastructure එක හදන්න ආණ්ඩුව නැතුව බැහැ ලංකාවේ නම්. .

      Delete
  6. //ඒත් යමෙක් සල්ලි හොයන්න බලාගෙන සිංහල බ්ලොග් ලියනවා නම් ඒක එච්චර ටම සාර්ථකයි කියල කියන්න බෑ//

    පිස්සුද මචන්.....

    ඔය හොඳට සල්ලි හම්බු වෙන්නේ....

    මට මැදමුලනින් සහ මාතලන් ට සිරිකොතින් අපමන අගයක් ලැබෙනවා නේ....

    කම්මැලි නැතුව උඹත් ජෙප්පන්ට හරි හෙල උරුමෙට හරි ගූගල් ඇඩ් සෙන්ස් එකක් වෙන්න උත්සාහ කරපන්...

    ReplyDelete
    Replies
    1. සරසට රනිලුත් සල්ලි දෙනවා නේද?සරසා ඇවිත් ඇවිස්සුවම අනිත් උන් ලියනවා කියල.

      Delete
    2. //සරසට රනිලුත් සල්ලි දෙනවා නේද?සරසා ඇවිත් ඇවිස්සුවම අනිත් උන් ලියනවා කියල. //

      බොලේ හැබෑට... ඒ කියන්නේ මාතලන් ට අපේ මහින්ද ලොක්කත් සලකනවා වෙන්න පුලුවනි නේ?

      Delete
  7. අපොයි බ්ලොග් වලින් සල්ලි හම්බ කරන්න ගියොත් අපිට කියවන්න දෙයක් නැති වෙනව.

    ReplyDelete
  8. උවමනාව විතරයි ඕන..

    ReplyDelete
  9. බ්ලොග් කලාවේ ශක්තිය ඇත්තේ මහපොලෝවේ සංවිධානය වීමට වඩා සයිබර් අවකාශයේ වෙන සංවිධානයෙන් බව අපගේ මතයය. සයිබරයේ ගොඩ නැගුනු බ්ලොගය සයිබරයේ ශක්තිමත් වී ඒ ඒ සමාජ සංස්ථාවලට අහියෝගයක් වෙනු මිස එය මහපොලොවට ගෙනැවිත් මහපොලෝවේ දියකර දියකර යාමට ඉඩ දිය යුතුද යන්න අප ඔබ හමුවේ තබන විවෘත ප්‍රශ්ණය ය.බ්ලොග් කලාවේ දියුණුව අභිවෘද්ධිය පතන මහාමාත්‍ය පුරෝහිතයන්ට කල හැකි ලොකුම උදව්වනම් සයිබරයේ තොරතුරු ගලා යෑමේ නිදහස හා සයිබර් අවකාශය පුළුල් කිරීම බව අපගේ අවංක හැඟීමය.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...