Sunday, June 21, 2015

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ශ 2006 දී හූ ජින්තාවෝ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් චීනයේ ක්සිනින් නගරයේ සිට ටිබෙටයේ ලාහ්සා නගරය දක්වා අතිශය දුෂ්කර දුම්රිය මාර්ගයක් විවෘත කලා. ඒ දුම්රිය මාර්ගයේ වැඩිකොටසක් තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර 4000ට වඩා උසින්. දැනට ලෝකෙ තියෙන දුම්රිය මාර්ග වලින් වැඩිම උසකින් පිහිටා තිබෙන දුම්රිය මාර්ගය තමයි ක්සිනින් ලාහ්සා දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය 2001 ජුනි මස 29 වෙනිදා පටන් අරං 2005 ඔක්තෝම්බර් මස 12 වෙනිදා වැඩ නිමකලා. දැනට මේ දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ ෂැංහය්,බෙයිජින්, ගුආන්ශු,ක්ෂියාන් ආදී තැන්වල සිට ටිබෙටයේ ලාසා වලට දුම්රිය සේවා ක්‍රියාත්මක කරනවා. 

ලෝකයේ වැඩිම උසක් තිබෙන දුම්රිය ක්වින්ග්හායි ලාසා මාර්ගය කදුමතින් මිනිස්සුන් නැති කාන්තාර බිම් මතින් අයහපත් ශීත කාලගුණයන් යටතේ අඩු ඔක්සිජන් සැපයුමක් තිබියදී පවා වසර 5කින් නිම කරන්න චීනයට හැකි වෙනවා. සීතලට හිම මිදෙන කදුවල වැසි කාලයට සහ ශීත කාලය නිමවීමත් සමගම එක වකවානුවකදී පොලව මඩ සහිත ස්වභාවයක් ගන්නවා. ඒ තත්වයන්ට ඔරොත්තු දෙන විදියට දුම්රිය මාර්ගය සැලසුම් කරන එක එක්තරා විශාල අභියෝගයක් වෙනවා.

ක්වින්හායි සිට ටිබෙට් දක්වා දිවෙන මේ දුම්රිය මාර්ගය ශීත කාලයේදී හිමෙන් වැහෙනවා. ඒ වගේම මහා විල් වනෝද්‍යාන කෙළවරක් නොපෙනන කදු පන්ති පසුකරමින් යන ගමන චීන ජාතිකයින්ගේ පමණක් නොවෙයි ලෝකවාසී සංචාරකයින්ගේ පවා සිත්ගත් එක්ක බවට පත්වෙලා තියෙනවා.  මේ දුම්රිය මාර්ගය හැදුවයින් පස්සෙ ටැන්ගුලා කන්දෙ තියෙන දුම්රිය ස්ථානය ලෝකයේ උසම දුම්රිය ස්ථානය බවට පත්වුනා.

ක්වින්ග්හායි ලාසා මාර්ගය ස්ථාන 6කින් තවත් තැන්වලට දික් කරන්න වැඩකටයුතු සූදානම් වෙලා තියෙනවා. නේපාල රජයේ ඉල්ලීමක් අනුව ලාහ්සා සිට නේපාලය දක්වා මේ දුම්රිය මාර්ගය දිගු කරන්නට සැලසුම් සකස් වෙලා තියෙනවා..

මෙහි ඇතැම් ස්ථාන මුහුදු මට්ටමින් මීටර 5000කට වඩා උසින් යුක්ත වෙනවා.ඒ වගේ උස තැන්වලදි සාමාන්‍ය මිනිස්සුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න බොහෝ ඉඩකට තිබෙනවා. මොකද එතරම් උස මට්ටමවලදී වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන නිසා. ඒ නිසා චීන ටිබෙට් දුම්රියේ ගමන්ගන්නා මගීන්ට විශේෂ ඔක්සිජන් සැපයුමක් ලබාදෙන්නත් චීන දුම්රිය සේවය කටයුතු කරලා තිබෙනවා. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්නට යොදාගෙන ඇති දුම්රිය එන්ජින් පවා කදුකර අඩු ඔක්සිජන් තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කරලා තියෙනවා.

ආර්ථික පැත්තෙන් ගත්තෝතින් ටිබෙටයට මුහුදක් නැහැ.ඒ කට්ටියට බඩු එන්නෙ ගොඩබිම් මාර්ගවලින් හරි ගුවනින් හරි තමයි. බඩු මෙට්‍රික් ටොන් එකක් කිලෝමීටරයක් දුර ගෙනියන්න වියදම් වුන ශත 38ක මුදල ශත 12 දක්වා අඩුකරගන්නමේ නව දුම්රිය මාර්ගය නිසා ටිබෙටයට හැකි වලා තියෙනවා.ඒ වගේම නව දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග නව වෙළද සංස්කෘතියක් ඇතිවුනා. සමහර දුම්රිය ස්ථාන අවට ඇති බොහෝ ගොඩනැගිලි 2006ට පසු ගොඩනැගුනු නව ටිබෙට් දුම්රිය මාර්ගයේ අනුහසින් තැනුන ඒවා. 

චීනය මේ දුම්රිය මාර්ගය ඉදිකරන්නේ ටිබෙට් රටට. ටිබෙට් රට කොටසක් විශාල කොටසක් චීනයටත් සුලු කොටසක් ඉන්දියාව දෙසටත් වන පරිදි කැඩි වෙන්වෙලා දැන් චීනයටම සින්නක්කර ලියවිච්ච රටක්. දුම්රිය මාර්ගය තැනීමේදී වනෝද්‍යාන වලට යම්හානියක් සිදු වෙලා තියෙනවා.වනෝද්‍යාන වල සමහර කොටස් වලින් සතුන්ට මාරුවෙන්න තැන් හදලා තියෙනවා. මේ දුම්රිය මාර්ගයේ දික් කරන්නට නියමිත ඇතැම් ස්ථාන ඉන්දියානු මායිමට ආසන්න වෙලා තියෙනවා. ඒ වගේම නේපාලයේ කත්මන්ඩු දක්වා දුම්රිය මාර්ගය දික් වුනොත් ඉන්දියාව නේපාලය හරහා ගොඩබිම මතින් චීනයට පිවිසුමක් නිර්මාණය වෙනවා. 


8 comments:

  1. ලෝකයේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය කිව්වනම් තමයි වඩාත් නිවැරදි

    ReplyDelete
  2. ඔය ඉදි කිරීම ඇමෙරිකානු සමාගමක් කල නොහැකියි කියා පැවසු ඉදි කිරීමක් බව මම අහල තියෙනවා.
    ඉදි කිරීම අතරතුරේ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගිය බවත් පැවසෙනවා...

    ReplyDelete
  3. චීනය, ටිබෙටය හරහා නේපාලයට.....දුම්රිය මාර්ගය දේශසීමා ඉක්මවා යනවා වගේ දැණුනට තිම තියෙන්නේ දේශසීමා පවත්ව ගෙන යන ලෝකයක් නේ. ඒ තත්වය යටතේ ඉන්දියාව එහෙම මේ කොච්චි පාර දකිනවා ඇත්තේ කොහොමද කියල දැනගන්නත් ආසාවක් හිතුනා.
    http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  4. ඇත්තටම මෙහෙම ඒව තිබුණට පොට් විතරක් දැම්මා ඇති මෙහම විස්තර බ්ලොග්වලවල දාන්න හොඳ නෑ. මගේ කොල්ලව බේර ගන්න බැරිවෙයි මේක දැක්කොත්

    ReplyDelete
  5. පෝස්ටුව වැදගත්
    පිංතූර ලස්සනයි

    ReplyDelete
  6. කවද හරි යන්නේ ඕනේ දුම්රිය ගමනක්.

    ReplyDelete