Thursday, June 4, 2015

මරදානෙ මිනී තුන සහ බිල්ඩින්

බිල්ඩිමක් හදද්දි ලංකාවෙ අපිටත් දැන් පර්මිෂන් ගන්න වෙනවා නාගරික ප්‍රදේශයකින් නගරසභා වලිනුත් ගම්බද පැත්තක නම් ප්‍රාදේශිය සභා වලිනුත් අපිට අවසර ගන්න වෙනවා. ඒ වැඩේ කරගන්න ඕනි ඔෆීෂියල් විදියට වඩා හරි ලේසියට වැඩේ කරගන්න ක්‍රම සහ විදි අපේ අය දන්නවා. ඒ නිසා ඔය ඇපෲවල් කරන ටැක්නිකල් ඔපිසර මහත්මයාගේ ගන්න ඔප්පු කල හැකි ආදායමට නොසෑහෙන වත්කම් ඒ ගෙවල් ප්ලෑන් බලලා පාස් කරන ටැක්නිකල් ඔපිසර මහත්තයාල ලග තියෙනවා. බාගෙද උන්දැලාට වතු පිටි ඉඩ කඩම හරක බාන තියෙන අය වෙන්න ඇති. නමුත් ඒ ටෙක්නිකල් ඔපිසරලා එක්කම ඉගෙන ගත්ත අවසාන පොයින්ට් එක වෙනකල් එකට හිටපු අනික් යාලුවන්ට කලින් විසාල කාර් බාර් ගන්න ලොකු මාලිග වගේ ගෙවල් ගහන්න වාසනාව අර ප්ලෑන් පාස් කරන ටෙක්නිකල් ඔපිසර්ලට උදා වෙනවා. ඉතිං ඒ ප්ලෑන් හරියට පාස් වෙනවද? ගොඩනැගිල්ලක තිබෙන්නට ඕනෑය කියලා සම්මත වෙච්චි සුදුසුකම් වලට ඒ ගොඩනැගිලි හැදෙනවාද? ඒවා හරියට පරීක්සා වෙනවද? 

මේ ලගදි මරදානෙ මිනිස්සු තුන්දෙනෙක් මැරුනා ගොඩනැගිල්ලක ඇතිවුන ගින්නකින්. ඒ ගොඩනැගිල්ල ආපන ශාලාවක් සදහා බලපත් ලබාගත් අවසරලත් ගොඩනැගිල්ලක් නෙමේය ඒ නිසා ඒ සිද්ධියට සම්බන්ධ අයට නඩුදානවා කියලා මුසම්මිල් නගරාධිපති බබා උත්තර දෙනවා දැක්කා මාධ්‍යයෙන්. කාලයකට පෙර ගිය බබාලන්තය කියන කාටුන් එක මට මතක් වුනා ඒ මුසම්මිල් තුමාගේ කතාව අහලා. ඔය කියන පාරෙම පොඩ්ඩක් එහාට මෙහාට ගියානම් කොයි තරං අනාරක්ෂිත විදියෙ ගොඩනැගිලි ආපන ශාාලා නිවාස ආදිය තියේද කියලා මුසම්මිල් උන්නැහේට බලාගන්න තිබුනා. 

 මම හිතන්නෙ මුසම්මිල් උන්නැහේලා ඡන්දෙ කාලෙට ගාටන මුස්ලිම් ගෙවල් සහ මුස්ලිම් අයගේ සැමන් පැකින් ජීවන රටාවට ගින්නක් සහ ආපදාවක් දරාගන්න හැකියාව කොච්චර තියේද කියලාත් මුසම්මිල් උන්නැහේට අමතක වෙන්න ඇති.  ඡන්දෙ ට කලින් ඇවිද්දම දකින ඇහෙන දේවල් ඡන්දෙන් පස්සෙ ඩිලීට් වෙලා ෆෝමැට් වෙලාම යනවා වෙන්න පුලුවනි. 

පිටකොටුව ගත්තොතින් පිටකොටුවෙ තියෙන බිල්ඩින් වලින් ගින්නකදි හෝ වෙන්ත ආපදාවකදි සුලුවෙන් හරි ආරක්ෂාවක් ලැබෙන විදියට තියෙන බිල්ඩින් ගොඩනැගිලි තියෙනවා නම් එහෙම ආරක්ෂිත ගොඩනැගිලි ගනින එක ලේසි වෙයි. මොකද ඒ තරම්ම අනාරක්ෂිත ආපදා ගැන හිතන් නැතුව හදපු ගොඩනැගිලි ආදිය වැඩි නිසා. 

මම රාජකාරි කරන තැන තියෙන රාජකාරි අනුව විවිධ තරාතිරමේ කොළඹ තියෙන බිල්ඩින් ආදියට මට යන්න සිද්ද වෙනවා. එතනදි මම දකිනවා ඇතැම් තැන්වල ළමෝ සිය ගන්න ඉගෙනගන්න පරිගනක විද්‍යාගාර උපාදි දෙන තැන් ඉගෙනගන්න තැන් තියෙනවා. නමුත් ඒවායේ හරිහමන් ගිනි ආරක්ෂාවක් නැහැ. ඇතැම් තැන්වල ළමයි සිය ගානක් ඉගෙනගන්නවා ඒ සී කාමර ඇතුලෙ. නමුත් ඒ කාමර වලට ඇතුල්වෙන්න තියෙන්නෙ එකම දොරයි. යම් කිසි හදිසි අවස්ථාවක් ආවොත් අර මරදානෙ ඇතිවෙච්ච සිද්දියට වඩා දරුනු ප්‍රතිපල ඒ නිසා ඇතිවෙන්න පුලවනි. 

විවිධාකාරයේ පුද්ගලික අධ්‍යාපන ආයතන දැන් කොළඹ පුරා තියෙනවා. ඒ ආයතනවල පංති පවත්වන්න ඉඩකඩ මදිවුනාම ඒ අය කරන්නෙ යාබද තියෙන බිල්ඩිමක් ගන්නවා වැඩේට අරගෙන හිතේ හැටියට පාටිෂන් ගහලා ඒ පාටිෂන් වලට ඒ සී හෙම දීල දානවා ක්ලාස් ටික ඒකට. ඒ විදියට ගතපු බිල්ඩින් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් ඇතැම් විට වායුසමන පද්ධති වැසිකිලි හෙම හොදට තිබුනාට ගිනි ආරක්ෂාව වෙනත් ආරක්ෂිත දේවල් ගැන නම් ගොඩාරියක් ආයතන වල අවධානය යොමු වෙලාම නැහැ. 

බොහෝ ආයතන වලසැබෑ තත්වය අර කොළඹ පැත්තෙ සමහර හෝටල් වගේම තමයි. ආයතන වලින් සේවා ලබාගන්න අයගෙන් අයකරනවා ලොකු මුදලක් නමුත් ආයතනයේ ඇතැම් තැන් අනාරක්ෂිතයි. ඇතැම් විට විදුලිය ලබාගන්නා පරිපථ ආදිය විදුලි බෙදුම් ආදිය වුනත් හරියට නඩත්තු වෙන්නෙ නැහැ. ඒවා ලක්ෂණට තිබුනට ඒවායේ දෝස සහිත තැන් ආදිය ආවරණ ගහලා වහලා තියෙනවා. 

සාපේක්ෂව කොටුවෙ ලෝක වෙලද මධ්‍යස්ථාන බිල්ඩිේම ටවර් දෙකම හොදයි. එයාල ගිනි ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වල තියෙනවා. ඒකෙ වැඩකටයුතු කරන්න වෙනම කන්ඩායමක් ඉන්නවා.

 ඇතැම් මහල් කිහිපයකින් යුත් බිල්ඩින් වල ලිෆ්ට් එක ටොයිලට් ලස්සනට තිබුනට ඒවායේ නඩත්තු කටයුතු ආදිය නියම ක්‍රමයට සිදු වෙන පාටක් නෑ. ඇතැම් තැන්වල බිල්ඩිමේ සිවිලිම ඇරල බැලුවාම හරියට සිංහරාජ වනාන්තරේ පදුරු වල පැටලිච්ච වැල් ගොඩවල් වගේ  කේබල් තියෙනවා ඇතැම් ඒවා විදුලි කේබල් ඇතැම් ඒවා ටෙලිපෝන් කේබල්..

අපේ රටේ තා ටික දවසකින් ලොකු ක්ලාස් එකක හෝ මිනිස්සු ගොඩක් ඉන්න තැනක ගින්දරක් ඇවිත් එතන ඉන්න සෙනග ටික දෙනෙක් මැරුනම සමහර විට අර මුසම්මිල් බබා වගේ කෙනෙක් කියාවි ඒ බිල්ඩිම ඒ කාර්යයට අවසර අරගෙන නැතිය ඒ නිසා නඩු දාන්න ඕනිය කියලා. මුසම්මිල් උන්නැහේට ඒ නැතිවුන මුස්ලිම් ජීවිත තුන නඩු වලින් වහගන්න පුලුවන් වෙයි. නමුත් ඒ නැතිවුන ජීවිත ආශ්‍රිතව ජීවත් වුන මිනිස්සුන්ට සහ උපන්දා ඉදලා වරිපනම් ගෙවලා බදු ගෙවලා මුසම්මිල්ලා පත්කරපු ඒ අහිංසක මිනිස්සුන්ට ආපදාවලින් ඇතිවෙන අභාග්‍ය සම්පන්න තත්වය ඒ වගේ ගොබ්බ කතා වලින් වහං කරන්න බැහැ. 

4 comments:

  1. ඉතාම වටිනා මාතෘකාවක්. මේවා බලන්න ඇත්තටම ආයතනයක් තියෙනවා කම්කරු කොමසාරිස් වරයා යටතේ කර්මාන්තමය සුරක්ෂිතතා අංශය කියලා.. පුද්ගලයින් පස් දෙනෙකුට වැඩිය සේවය කරන හැම ආයතනයක්ම මේ අංශය යටතේ ලියාපදිංචි වෙන්න ඕනි. ඒ වගේම දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ශක ඉන්ජිනේරු මහත්වරුන් මේ ස්ථාන කාලෙන් කාලෙට පරීක්ශා කරන්න ඕනි. නීතියේ අඩුපාඩු එමටයි. ඒ වගේම ලංකාවේ මේ නීතිය ගැන අවබෝධය හා අවධානය කොච්චර අඩුද කියනවනම් අඩුම තරමින් ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ මේ අංශය භාරව ඉන්න සෙට් එකවත් මේවා හරියට දන්නේ/ ක්‍රියාත්මක කරන්නේ නෑ. ඉතින් ගොං දේශපාලුවෝ මේ වගේ අඳබාල කතා කියනෙක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  2. ෆැක්ටරිවල තත්වය කොහොමද? මතකනේ බංග්ලාදේශයේ වෙච්ච දේවල්.

    ReplyDelete
  3. පොදුවේ බලන කල මා හිතන්නේ නැහැ අපේ රටේ ගොඩනැගිලි වලින් බහුතරයක ගිනි ආරක්ෂාව තිබෙනවා කියා. සෑම නගරයකම පාහේ තිබෙන වෙළඳසල් බොහොමයක් අතිශයින් අනාරක්ෂිතයි. මා ජීවත්වන කුරුණෑගල නගරයේ මහ වීදියේ ඇති ගොඩනැගිලි බොහොමයක තත්වය එයයි.

    දේශපාලන වාසි නොතකා නීතිය ක්‍රියාත්මක කරවන්න නම් මේ ආත්මෙදි බැරිවෙයි.

    ReplyDelete
  4. හොඳ ලිපියක්.
    මේ කෝණයෙන් බැලුවොත් තට්ටු කීපයක් උසට බිල්ඩින් හදලා ගෙවල් විදිහට දීල තියෙන ගොඩක් තැන්වල ඇතුළුවීම් දොරටු ප්‍රමාණවත් නැහැ.
    පඩිපෙලේ හෝ ඒ ආසන්නයේ ගින්නක් ඇති උනොත් සොරි වෙනවා...

    ReplyDelete