Tuesday, July 14, 2015

ඉස්මාට්ලස් ජීවිතේ

කලිං තිබුන ඒවා

කලිං තිබුන මම පාවිච්චි කල ඉස්මාට් පෝන් එක නොකිය ලුමිය 630 කියන එක. ඊට කලිං සැම්සුන් ගැලක්සි ඇස්6810ක් පාවිච්චි කලා. දෙකම බේසික් ස්මාට් පෝන්. 

මේ දෙකම අවුල් සහගත ඒවා.. අලුතින් අාපු නොකියා ලුමියා පෝන් මාකට් එකෙන් ලොකු ප්‍රමාණයක් අල්ලං තියෙන විදියක් පෙන්නුම් කරනවා..ලුමියා පෝන් එක ස්මාට් පෝ්න එකක් විදියට ඒ වියදම් කරපු ගානට හරියන ලකුනු ගොඩක් දෙන්න පුලුවනි. නමුත් බොහෝ ලුමියා වල තියෙන ලොකු අවුලක් තමයි නෙට්වර්ක්.. 

වයිෆයි වල ඉදලා ත්‍රී ජී වලට මාරු වෙද්දි හරි ත්‍රී ජී වල ඉදල ටූ ජී වලට මාරු වෙද්දි හරි නෙට්වරක් එක ඉබේම සිලෙක්ට් කරගන්නෙ නැහැ..ටිකක් වාත වෙනවා. පස්සෙන් පහු පෝන් එක අරං කලක් යද්දි මේක මහ වාතයක් වුනා. ඉන් පස්සෙ මම ඒ පෝ්න එක පෝන් ලෝලී ගෑල්ලමයෙක්ට විකුනලා දැම්මා. 

පස්සෙ එයැයි පෝන් එක අරං එහෙ මෙහෙ යන්න ගත්තම එයැයිටත් අර දෝසෙ ආවා. එකතැනක ඉද්දි ඉතිං එක ජාතියෙ සිග්නල් නෙව එන්නෙ. යද්දි නෙව ඕක ටූ ජී ජීපි ආර් එස් ආදි ඒවට මාරු වෙවි වාත වෙන්නෙ. 


පෝන් එක නැතිවුනයිනි නැතිවුන දේවල්. 

පෝන් එක තියෙද්දි මට තිබුන එක උනක් තමයි දැක්ක දැක්ක හැමදේම පොටෝ ගහන එක. ඒ දකින ඒවා පොටෝ විදියට තලලා ඉන් පස්සෙ අර පෝ්න එකේම තියෙන පොටෝ සාප්පුවට දාලා ඉෆෙක්ට් දානවා..එයින් මනත එක්කො ටුයිටර් එකේ නැත්තං ඉන්ස්ටර්ග්‍රැම් එකේ ඒවා දමනවා. 
මේ කොටුවට කපලා පොටෝ දාන වැඩේ මට අල්ලලා ගිය සෙල්ලමක්. දුර ගමනක් යද්දි මොකක් හරි විසේස දෙයක් වෙද්දි එතනදිම පොටෝව ගහල ඒක පොඩ්ඩක් හැඩ වැඩ කරලා පේස්බුක් ටුයිටර් හැම තැනම සෙයා වෙන්න දාගන්න පුලුවන් වුනා ඉන්ස්ට එක හරහා. 

මේක ටිකක් හරි අර එක්තරා ෆිල්ම් එකක ගිය අමතක වෙන ලෙඩ තිබුන එකා කරපු දේ වගේ. මිනිහාට අතීතය අමතක වෙන සීන් එකක් තිබුනා. එයා කරන්නෙ දකින දකින හැමදේම පොටෝ අරං ඒවා නම් කරලා සේව් කරල තියාගන්නවා.. 

පෝන් එකෙන් තව කරපු මට පොඩ්ඩක් පාඩුවක් වුන වැඩක් තමයි වෙබ් සහ පොත් කියෝන එක..පී ඩී එෆ් සහ විකිපීඩියා වගේ දිග වෙබ් ආටිකල් පොන් එකෙන් කියවන්න ලේසියි. වමේ ඉදලා දකුනට දිගට තියෙන්නෙ වචන පහ හයක් විතරක් නිසා කියවීමේ රුචිය වැඩිද මන්දා..විකිපීඩියා එක කොම්පියුටරෙන් බලද්දි පුල් ඉස්කිරින් දැම්මාම වමේ සිට දකුනට ඉංගිරිසි වචන දහයක් පාලහක් සෙට් වෙනවා.. එතකොට රුචිය ඉබේම අඩු වෙනවා. 

පෝන් එකෙන් වුන අවාසි..

පෝන් එක නිසා වුන අවාසි මට තේරෙන්න ගත්තෙ කාලයක් ගියාට පස්සෙ. කන්තෝරුවෙ වැඩ කරන කාලෙදි මම බොහෝවිට කොම්පියුටරේ ඔලුව ඔබාගෙන ඉන්නවා..කන්තොරු වැඩකට හරි නැත්තං කන්තෝරු ඇරිලා බෝඩිමට යද්දි හරි ආයිමත් පෝන් එකට ඔලුව ඔබාගන්නවා. ඉතිං ගෙදර ගියාම හරි නැත්තං බෝඩිමට ආවයින් පස්සෙ ලැප්ටොප් එක දිග ඇරං ආයිත් මේ ඉලෙක්ටොනික් තිරයට යොමුවෙනවා. 

මේ විදියට බැලුවොත් චූ කරන්න මූන හෝදන්න නාන්න යන වෙලාව හැර දවසෙ අවදි වෙලා ඉන්න වෙලාවෙන් සියයට අනූවක් විතර වැයවුනේ ඉලෙක්ට්‍රොනික් තිරයක් ඉස්සරහා.. ඒක මානසිකව වගේම සරීරෙටත් එ් තරම්ම හොද එකක් වෙන්නෙ නැහැ කියල මම තීරණය කලා. 

පෝන් එක කාලෙ කන්න කියාපු බාන්ඩයක්.. ඉන්ටනෙට් යන්න චට් කරන්න, පිංතුර ගන්න, සිංදු අහන්න, ආදී ගොඩක් දේවල් පෝන් එකෙන් කරගන්න දැන් පුලුවන් වෙලා තියෙනවා.. හැබැයි මේ පෝන් එකේ මල්ටි ටාස්කින් මට ටිකක් වාතයක් වෙලා තිබුනා.. 

පෝන් එක සහ මල්ටි ටාස්කින්..

ලයිෆ් එක ඉස්මාට් වුනාම ඒ කිව්වෙ පෝන් එකක් හරි ටැබ් එකක් හරි අතට ආවාම ඒ පෝන් වල තියෙන ලොකුම ඔප්ෂන් එකක් තමයි මල්ටි ටාස්කින්.. ඒ කියන්නෙ එකම ස්මාට් පෝන් එකෙන් එකවර වැඩ කිහිපයක් ලබාගන්න අපිට පුලුවනි.. සිංදුවක් අහන ගමන් අපිට මැප් එකක් බලන්න වෙබ් එක බ්‍රවුස් කරන්න පුලුවන් වෙනවා මේ මල්ටි ටාස්කින් නිසා.. 

මේ තරං මල්ටි ටාස්කින් ගොඩකට අපේ මොලය සහ සරීරෙ සපෝට් කරනවද? මම හිතන විදියට ඒක මනස දැඩිලෙස පීඩාවට පත් කරන දෙයක් වෙන්න ඇති. මේක නිකං හරියට අපිට විසා ල එංජිමක් තියෙද්දි තවත් එංජිමක් එකපාර දුවවනවා වගේ වැඩක් නෙව.. 

මිනිහට තඩි මොලයක් තියෙනවා. දැන් ස්මාට් පෝන් එක ආවයින් පස්සෙ අර තඩි මොලය වැඩිය වෙහෙසන්නෙ නැතුව අර පෝන් එකේ තියෙන ලොකු හැසිරවිමේ සහ මතක හැකියාව භාවිතයට අරගෙන අපි බොෙහා් දේවල් වලට හුරුවෙනවා.. 

මේක අපිට කලිං ජෙනරේශන් අය දකින්නෙ දැන් කාලෙ එවුනට පෝන් එක නැතුව ටෙලිපෝන් නම්බොර් එකක් වත් මතක නෑනෙව කියලා. ඒත් මට ආපු පැක්ටිකල්ම අවුල තමයි අපි ගූගල් මැප් එක බලාගෙන කොහේ හරි තැනක් හොයාගෙන ගියාම අපිට ඒක ටිකක් චාටර් කාල තුන් හතර දෙනෙක්ගේ ලනු කාල හොයාගෙන යනවා වගේ මතක හිටින්නෙ නෑ.. 

සමහර වෙලාවට ෆෝන් එකත් එක්කම එක එක රාජකාරි වැඩ කිඩ සිද්ද කලාට අවධානය කෙලින්ම රාජකාරියට යොමුවුනේ නැති නිසාද මන්දා ඒ පෝන් එක පැත්තකින් තියාන කරපු  රාජකාරිය මතක හිටිනවා අඩුයි.. 

ඉතිං ඊට පස්සේ.. 

නොකිය කස්ටිය ගෙම නොකිය 215 කියලා ටූ ජී විතරක් තියෙන බැටරිය ගොඩක් කල් තියෙන පෝන් එකක් තිබුනා. ඇත්තටම මේ පෝන් එකේ බැටරිය කෝල් පැය 6ක් විතර තියාගන්නපුලුවනි..සාමාන්‍යයෙන් මම දවස්පහක් විතර බැටරිය පාවිච්චි කරනවා..

සමහර විටකදි යම් යම් පාඩු සිද්ද වෙනවා..උදාහරණ විදියට මොකක් හරි ලොකු සිද්දියක් දැක්කත් දැන් පොටෝවක් ගහන්න විදියක් නෑ.. හදිස්සියට පීඩි එෆ් එකක් කියෝ කියෝ යන්න විදියක් නෑ.. ඒත් මේ බේසික් පෝන් එකේ සිංදු ගොඩක් දාන්න පුලුව්න මෙමරි කාඩ් එකක.. ඒනිසා කෝච්චියෙ බස් එකේ යද්දි අනවශ්‍ය කයි කාරයින්ගෙන් ඇන්ටිලාගේ කන්දොස්කිරියාවෙන් කෙල්ලොන්ගේ කිචි කිචියෙන් කන ගලෝගෙන සිංදුවක් අහගෙන යන්න ඇහැකියාව නම් නැතිවෙල නැහැ.

දැන් අර ඉස්මාට් ලයිෆ් එක ටිකක් හැලිල ගිහින්.. දැන් මම පුස්තකාලෙන් පොත් ගත්තා යන එන ගමන් කියෝ කියෝ යන්න..ඒ වගේම ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න ගමන් මංගල යෝජනාවක් රස්සාවක් බලාගන්නත් කාරිය එක්ක සන්ඩේ ටයිම්ස් පත්තරේ ගත්තා.. 

දැන් මාස දෙක තුනක් වෙනවා..ස්මාට් වුනාට පස්සෙ හැමතිස්සෙම පෝන් එක අස්සෙ ඔලුව ඔබාගෙන කිසිම එක්සකටිව් වැඩක් නැති මම මහා එක්සකටිව් වරයෙක් වගේ ඇගිල්ලෙන් වැඩ කිහිපයක් කර කර ගිය මම දැන් හරි සරල වෙලාය කියලා මට හිතෙනවා.. 

7 comments:

  1. උඹ වගේ හරකෙකුට තව වෙන මොනවද....

    ReplyDelete
  2. අපරාදේ හොඳට ස්මාට් විදියට හිටිය කොල්ලාට වුණු වැඩේ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... දැන් පෝන් එක සාක්කුවෙන් අදිද්දි කාරුහරි දකීද කියල ලැජ්ජත් එක්ක..

      Delete
  3. මටත් හිතෙනවා එහෙම උනානම් හොඳයි කියලා අප්පා\

    ReplyDelete
    Replies
    1. කන්ද නගිනකොට දැනෙන ආතල් එක මුදුනට ආවම නැති වෙනවා.. නෙව..

      Delete
  4. මාත් ඒ කාලෙ ඉදන්ම හිතුවෙ සහ දැන් හිට්න්නෙත් එහෙමයි.ඒත් තිබුන උනේට හා ආසාවට හා හා පුරා කියල ලුමියා එක්ක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ලුමිය හොදයි අර නෙට්වර්ක් අවුල නැත්තං..

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...