Sunday, July 19, 2015

මසාජ් කරන්න ගිය හැටි male therapist negombo

මම ගිය සතියෙ ඉරිද ලංකදීප ලහිපිට බලද්දි ආයුර්වේද මසාජ් තෙරපිස්ට් ලා ගැන තියෙන දැන්වීම් ආදිය ගැන බැලුවා. මේ දැන්වීම් පලකරන්න ලොකු මුදලක් දෙන්න ඕනි ලොකු මුදලක් කිව්වෙ වචන 15ක් පලකරගන්න රුපියල් 1100/=ක මුදලක් ලබා දෙන්නට ඕනි. ඒ මදිවට අපි ඒ ලහිපිට තියෙන ඉරිද ලංකදීප පත්තරේ රුපියල් 50/=ක් දීල අපි කඩෙන් ගන්නත් ඕනි. අපරාදෙ කියන්න බෑ මාස දෙකක් පවුලට බත් ඔතන්න පුලුවන් තරම් කොල ගොඩක් ලැබෙනවා. හැබැයි ඉංගිරිසියෙන් යන ඒ අයගෙම සන්ඩේු ටයිම්ස් එකේ තියෙන තරම් කියවන්න දේවල් නෑ..සමහර විට මට ඉංගිරිසිය වැඩිය තේරෙන් නැති නිසා ටයිම්ස් කියවන්න වෙලා යනවා ඇති.

මම ආයුර්වේද මසාජ් තෙරපිවරියන්ට (ayurvedic massage theropist ) තියෙන ඉල්ලුම ගැන පුදුම වුනා. එක් අයකුට මාසයකට රුපියල් ලක්ශයකට වඩා උපයන්න පුලුවන්  කියලා තිබුනා. මම ඒත් බැලුවා හප්පා ගෑනියෙක් වුනා නං හොද පල්ලම නේද කියලා. අපි හිතමු ඔ්‍ය කියන මසාජ් තෙරපි වැඩෙන් පතිවත නැතිවුනා කියලා. පතිවත ආපහු රීප්ලේස් කරගන්න පුලුවන්ලු රුපියල් පනස්දාහකින් විතර ප්‍රයිවෙට් හොස්පිටල් වලදි..එතකොට මාසෙට ලක්සෙ හමාර ලැබෙන විදියට මසාජ් කරමින් ඉදලා හොද ඇඩ් එක්ක පත්තරේ දාල දායාද ලක්ස 10ක් තිබේ..ගේදොර වැඩ දනී..විනීත දියනියට මනාලයා සොයයි කියලා මනාලයෙක් තොරා ගන්නවා.. බදින්න මගුල් සිලෙක්ට් කරන කාලෙට ගෙදරට වෙලා විනීත සිරිත් පුරුදු වෙනවා..ඒ විදියට කලොත් හොද මනුස්සයෙක් හොයාගෙන පස්සෙ කාලෙක යහපත් විවාහ ජීවිතයක් ගත් කරන්න ලැබෙනවා.

ඔය වගේ විකාර වල් බූත හිතමින් ඉද්දි මම දැක්කා දැන්වීමක් මසාජ් තෙරපිවරුන් male massage therapist  උවමනාය. මීගමුව සංචාරක හෝටලයකට කියලා දැන්වීමක් තියෙනවා. ඇක්වා විලේජ් හොටල්  Aqua Village Hotel  එකට තමයි තෙරපිවරුන් අවශ්‍යයි කියලා දැනුම් දීල තිබුනෙ. මම කෝල් එකක් දුන්නා දුන්නම දවස් දෙකක පුහුනුවක් තියේය. පුහුනුවට රුපියල් තුන්දාහක් යනවාය කියලා කිව්වා. මම ඇහුවා පුහුනුවෙන් පසු රැකියාවක් තියේද කියලා ඔවුන් කිව්වා ඔවු අපි පුහුනුවේන පසු හෝම් විසිට් home visit සහ එයාලගේ සංචාරක හෝටල් පද්ධතියේ ම අපිට තැන් තැන් වල වැඩ කරන් ලැබෙනවාය කියලා ඒ දැන්වීමෙ තිබුනා.ඒ වගේම දින දෙකක පුහුනුවට රුපියල් 3000/= ක් අයකරන බවත් ඉන් පසු සහතිකයක් දෙන බවත්ඔවුන් කිව්වා.

අපි ගෑනු ලමයෙක්ට කියලා මසාජ් එකක් කරවගන්න මසාජ් පාලර් එකකට ගියත් අඩු වශයෙන් රුපිය්ල එක්දාස් පන්සීයක් වියදම් වෙනවා. ඉතිං දෙවියනේ අපිව මසාජ් කලත් අපි විසින් ගෑනුන්ව මසාජ් කලත් ආතල් එක එකමයි. අනික අපිව මසාජ් වෙන්න නම් අපි ගානක් ගෙවන්න ඕනි. අරකෙදි අපිටත් විනෝදයක් එක්ක සල්ලිත් අතට ලැබෙනවා. මගේ ටිකිරි මොලයට අනුව ඒක හොද ඔප්ෂන් එකක් වුනා කීයක් හරි හොයාගන්න සහ විවේක වෙලාව සතුටින් ගත කරන්න. 

ඉතිං මං මේ ගැන හිතලා මතලා බලද්දි මට මේ මසාජ් කරන හෝටලය ගැන සොයාබලද්දි ආකර්ශනීය විස්තර ආදිය හමුවුනා.වැඩියත්ම ඇහැ ගියෙ මේ පිංතුර වලට. 


හෑ මේ තියෙන්න බඩු කියලා මගේ සිත සලිත වුනා. ඒක අනුව මේක ගෑනු අය සේවා ලබාගන්න කැමති තැනක් වෙන්න ඇතිය කියලා හිතුවා. පිංතුර බැලුවම මට ඒහෙමයි හිතුනෙ. සමාජ් තෙරපි තියනවා කිව්වට ඒකෙ තිබුනෙ මසාජ් වලට ලක්වෙන ගෑනු අයගේ පිංතුර. මම ඉතිං හිතුවා හා මේක තමයි පොට් එක කියලා. 

ඒ ගමන මම එතනින් නොනැවතී මසාජ් කිරීම ගැන සෙවුම් කරන්න ගත්තා. 

අපේ පොඩි කුමාරිහාමි මැතිනිය මසාජ් එකකට ගිහින් වැරදි තැන ක්ලික්කරලා ඇග හොදට තලාගෙන තිබුනා.. ඒ වගේම මාරයාට එයාගේ නෑ වෙන ගෑනු ලමයෙක්ගෙන් මාර ගෙදරදීම හිංසාවක් වුනාය කියලා මාරය ාකියලා තිබුනා. මට ඒ සංවේදී සිද්දිය දැකලා ඇහට කදුලු ආවෙ නැතුව විතරයි. ගැටවර වියේ හය හතර නොතේරෙන කොල්ලෙක්ට අවුරුදු දෙකක් විතර වැඩිමල් අක්කියෙක් මසාජ් කරලා අතවර කරද්දි..හම්මෝ ඒක මොන තරං හෙන ගහන අපරාදයක්ද? 

අපේ කතාන්දර ආතටත් හොද සෙන්ස් එකක් තියෙනවා මසාජ් වගේ කී වචන ගැන. උන්නැහෙත් තට්ට මසාජ් කරන කෑල්ල්ක ගැන පොස්ටුවක් දාල තිබුනා.. ඒ අතර වෙද කම පිලිබද හොද දැනුමක් තියෙන ප්‍රායෝගික අත්දැකීම් ඇති ආයුර්වේද වෛද්‍ය වරයකු වන මහ වෙදනා මහතා කියලා තිබුනා මසාජ් කියලා විසේස ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදය තුල නැති බවක්.. 

ඔය අතර එක් බ්ලොග් එකක තිබුනා අපූරු මසාජ් එකක්. මහ වෙදනා නෙමෙයි වෙද හාමිනේ කෙනෙක් ලියන එකක්. ඒකෙ පිරිමි ලිංගික අවයවය විශාල කරගන්න ක්‍රමයක් විස්තර කරලා තිබුනා. හැබැයි සාමාන්‍ය පිලිගත් මතය නම් සංවේදී විවරයක් වන ලිංගික විවරයට ඔය එංජින් වලට තෙල් දාලා ස්නේහය කරනවා වගේ කරන්න හොද නැහැ.. කවුරුවත් පිලිගත් වෛද්‍ය උපදෙස් නැතුව මේවා අත්හදා බලන්න නම් යන්න එපා.. 

මේ කියන ගෑනු මසාජ් කරන්න උගන්වන තැන තිබුනෙ මීගමුව කිස්ටුව නේ. මේ ඒරියා එක ගැන දන්න රනා දේපසාලකතුමා එහෙම මගේ හිතවතෙක්.ඒ වගේම ඉටැලි ඩිලා එහෙමත් මේවා ගැන නොදැන ඉන්න විදියක් නෑ..උන් හොද යාලුවො වුනත් ගෑනුන්ව මසාජ් කරන්න පුරුදු වෙන්න යන එක අණබෙර ගහන්න හොද වැඩක් නෙමෙයි නෙව. ඒ නිසා මම උන්ටත් නොකියම මීගමු යන්න පිටත් වුනා.

ඉතිං මම දැන් අර ගෑනු අය මසාජ් කරන්න යන සිදුවීම ගැනබොහොම සනීපෙට හිතලා මතලා ඉවරයි. මේ සතියෙ සෙනසුරාදා ඒ කිව්වෙ මේ ඊද් උත්සවේ තිබුන ඊයෙ සෙනසුරාදා මට පුලුවන්ය කියලා ඒ අයට කිව්වා. ඒ අය මම එනවද කියලා මගින් මගට කෝල් කරලා අහලා පාරවල් හෙම එනවිදිය විස්තර කලා. ඒ හෝටලේ තියෙන්නෙ මීගමු දිවුලපිටිය පාරෙ රුපියල් විසිහයක දුර ගිහින් තවත් කිලෝමීටර දෙකක් විතර ඇතුලට ගියාම. 

මං ඉතිං සෙනසුරාද උදේම මීගමු ගිහින් ඒ අනුව මේ ඇක්වා විලේජ් එකට යන්න පිටත් වුනා. බස් එකෙන් බැස්සම තව යාලුවෙක් හමුවුනා. ඌ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ඌ මේ වගේ දැන්වීම් බල බල හිතාමතා අහුවෙන්න යන එකෙක්ද මන්දා. මිනිහ ඇවිත් තිබුනෙ රගපාන්න අවස්ථාවක් දෙනවා කියල මේ හෝටලයෙන්ම ලංකදීප ලහිපිට දාපු දැන්වීමකට.. මේ හෝටලේ ඒ විදිටය රගපාන්න අවස්ථාවකුත් දීල තිබුනා . 


ටෙලි නාට්ටි පාසල ගැන 

ටෙලි නාට්ටි පාසල ගැනත් වචනයක් කියන්න ඕනි. එතනදි එයාල හදපු ටෙලිනාට්ටි ඩීවීඩි දහයක් දෙනවා මුලින්ම යන කෙනෙක්ට. ඒ ඩී වීඩි දහය ඉතාම බාල මට්ටමෙන් ගහපු ඒවා. ඒ වගේම ඒ නාට්ටිත් ඉතාම බාල මට්ටමේ ඒවා කියලා දැන්වීම් දැක්කාම පෙනුනා. මට අවාසනාවට ඉස්මාට් පෝ්න එකක් නැතිවුන නිසා ඒවායේ පිංතුර ගන්න බැරිවුනා.. 

අර මුලින්ම රගපාන්න ආස අය ගියාම එයාලට ඩීවිඩි තැටි දෙන්නෙ නිකම්ම නෙමෙයි. ඒවට සල්ලි ගන්නවා. ඉතිං මාත් එක්ක ගිය යාලුවා මසාජ් කරන දැන්වීමට සහ මේ කියන චිත්‍රපට ටෙලි රගපාන දැන්වීමට යන දෙකටම ඉල්ලුම ්කරලා. මිනිහ කිව්ව විදියට මේ විදියෙ ප්‍රෝඩාවල් ගොඩක් සිද්ද වෙනවාලු..රගපාන්න කියලා මුලින් සල්ලි බැදලා මිනිහත් කිහිප වතාවක් චාටර් වුනාලු. මේ පාර නම් කීයක් වත් ගෙවන්නෙම නෑහැ කියලා මිනිහ කිව්වා. 

එ් යාලුවාගේ අදහස වුනේ මේ රගපෑම් කරලා මොකක් හරිහදනවා නේ..ඒ අනුව එයාලට ඇහැක් වෙන්න ඕනි අපිව පුරුදු කරන ගාන අර ෆිල්ම් එකෙන් හරි ටෙලියෙන් හරි කවර් කරගන්න. අපිට එතන රගපාන ජොබ් එකක් ලැබෙනවා නම් පලවෙනි පඩියෙන්මඒ ගාන කපාගන්න ඇහැක් වෙන්න එපාය. 

එතකොට මටත් පොඩ්ඩක් වැඩේ ගැන සැක බිය ඇතිවුනා. 

ඉතිං අපි දෙන්න කයියක් ගහං මේ කිලෝමීටර දෙකක් විතර දුර පයින්ම ගියා. සමහරු වීල් වලිනුත් අවිල්ල හිටියා. විස්සක් විතර ඇවිත් හිටියා. ගිය ගමන් මමත් අර යාලුව එක්ක වාඩිවෙල හිටියා. බැලින්නං ඒක ටෙලිනාට්ටි පුහුනවක් නේ. මම ආවෙ මසාජ් පුරුදු වෙන්න නේ.. අර ඩී විඩි ටික ගන්න රුපියල් දෙදාස් පන්සියක් ගන්නවා. ඉන් පස්සෙ අර එන අයට ඒවා විකුනලා සල්ලි හොයාගන්න කියනවා. ඒ ඩිවිඩි එකේ තිබුන ටෙලි නාට්‍යය නාරි දෙවොල කියලා එකක්.  ජනක කුඹුකගේ එහෙමත් ඒකෙ රගපානවා කියලත් තිබුනා. ඉතිං මම ඩයල් එකක් එක්ක කතා කලාම එයාත් රුපියල් 2500/=ක් දීල අර ඩිවිඩි සෙට් එක අරං තිබුනා. 

දැන් බුවෙක් ආවා. එයා මේ වැඩ ඕගනිස් කරන මැනේජර ලුක් එකක් තිබුන කෙනෙක්. මගෙන් ඇහුවා මොකටද ඔයා ආවෙ කියලා. මට ඉතිං කියන්නත් ලැජ්ජයි. ඒත් මසාජ් කියන කොට..ආ ස්පා තෙරපිස්ට් spa therapist trainingනේද? කියලා ඇහුවා. කටක් ඇරලා හා කියන්න බැරි නිසා මම ඔලුව වැනුවා. ඉන් පස්සෙ ගෑල්ලමයෙක්ට කිව්වා මාව ගිහින් ඒ මසාජ් කරන තැනට ඇරලවන්න කියලා. 

ඒ ගෑනු ලමය ටිකක් හැඩයි. කොට කෙල්ලෙක්. බාසාව අනුව යද්දිං එද්දිං කියන ස්ටයිල් ක තිබුන නිසා නිසා ගොඩක් වෙලාවට ගල්ගමුව කුරුනෑගල පැත්තෙ කෙල්ලෙක් වෙන්න ඕනි. ඉතිං මම ගිහාම එතන සාරියක් ඇදල පිලිවෙලකට උන්නා ගෑනු කෙනෙක් එයා තමයි එතන රෙජිස්තර කරන්නෙ. මගෙන් විස්තර ආදිය අහලා මගේ නම කියලා එයාද කියල ඇහුවා. මම ඔව් කිව්වා. 

නමුත් මම වටපිට බලද්දි මට තේරුනා මේක යම්කිසි මගඩි ස්වරූපයක් තියෙනවා කියලා. ඔවුන් කිසිම තැනක  දැන්වීමක් දාල තිබුනේ නෑ මේ විදියෙ තෙරපි කරනවා හෝ තෙරපි පුහුනු කරනවා කියලා. ඒ වගේම පුුහනුවට හෝ පුහුනු කරන අයට නම් තිබුනෙත් නෑ..මාව ඉන්ටවු කල සාරි ඇදන් හිටපු ඇන්ටිවත් තමා කවුද කියලා ඇදුන්වීමක් කලේ නෑ.. සාමාන්‍යයෙන් මේවා වැඩිපුර ආදායම් ලබන හොද පල්ලම් තියෙන බිස්නස් නම් යම් යම් දූත ලක්ෂණ වලින් ඒවා හදුනාගන්න පුලුවන් වෙනවා.. 

උදාහරණ විදියට මාසෙකට ලක්ශ ගනන් හොයන කට්ටිය මේ දවස්වල හොදට අදුනාගත හැකි මාර්ගයක් තමයි අතේ තියෙන පෝන් එක. මම කියන් නෑ පෝන් අතේ තියෙන හැමෝම හොද පෝසතුන කියලා. නමුත් පෝසත් අය බොහෝ වෙලාවට ඇඩ් එකට හෝ හොද ස්මාට් පෝන් භාවිත කරනවා.. මම දැකපු මැනේජර් තුමා..මැනේජර් වරිය..ඔවුන්ගේ සහායකයින් කිහිප දෙනාම හොදට ඇද පැලදගෙන සිටියාට ඔවුන් නියම ආදායම් ලබන්නන් නොවන බව තමයි ඔවුන් හොදට නිරීක්ශනය කල මට පෙනී ගියේ.. 

ඒ වගේම මේ කාන්තාව ලග ඩුවල් සිම් තියෙන චයිනිස් පෝන් 4ක් මේසය මත තිබුනා.. මගේ විස්තර අහලා එයා කොලෙයක් පිරෙව්වා.. මගෙන් සල්ලි ඉල්ලුවා. මම රුපියල් 3000/= ක් ගෙවන්න ඕනි. මම කිව්වා ඒක හෙට දෙන්නම් කියලා.. ඉන් පස්සෙ මෙයා මගෙන් 1500/=ක් වත් ගෙවන්න කිව්වා. ඒ ගමන මම ඒකත් නෑ කිව්වා. ඉන් පසසෙ මෙයා බෑම කියලා පස්සෙ ..එහෙනං ඔයාට විතරක් හෙට සල්ලි ගෙවන්න අවස්ථාවක් දෙන්නම් හැබැයි අයිඩන්ටි කාඩ් එක තියල යන්න වෙනවා කියලා කිව්වා. ඒවගේම පුහුනුවෙ ඉන්න කාටවත් මේක කියන්න එපා කියලත් කිව්වා. 

ඉන් පස්සෙ මගේ අයිඩන්ටිය අරං මට ඇතුලට යන්න කියලා කිව්වා. සපත්තු ගලවලා ඇතුලට ගියාම ටිකක් බඩ තියෙන සුදු පොරක් දිගා වෙලා ඉන්නවා. කොල්ලො දෙන්නෙක් ඌව මසාජ් කරනවා. අත් තමයි මම යනකොට මසාජ් කරමින් හිටියෙ. ඒ වගේම අර මුලින් පාර පෙන්වන්න ආපු ගෑනු ලමයා තමයි දැන් මසාජ් කරන විදිය කියලා දෙන්නෙ. මම හිතුවෙ අඩුතරමෙ ගෑනු මසාජ් කරන්න ගෑනු පරානයක් හරි ඇති කියලා. නමුත් එතන පතබෑවෙල තිබුනෙ සුදු මහත පිරිමි පරානයක්.. මට ඉකේයියා හිතුනා.. 

මම එතන විනාඩි පහක් විතර ඒ ආතල් එක බලාන හිටියා.. ඉන් පස්සෙ මම ඒ වැඩේ දමල ගහල මගේ අයිඩන්ටි කාඩ් එකත් ඉල්ලගත්තා මට ඒක හරියන් නෑ කියලා..මම සතපහක් දුන්නෙ නැහැ. මට අර මුලින් ෆිල්්ම වල රගපාන්න ආපු යාලුවා හමුවුනේ නැත්තං බොහෝවිට මම්ත මෝරා වෙන්න ඉඩ තිබුනා.. 

මම එද්දි අර ෆිල්්ම හදන කස්ටිය රගපාන්න හදනවා..ඒ එතන හිටපු බුවාලා කිහිප දෙනෙක් මගේ දිහා බැලුවා. ඒවගේම අර ගෑනු මසාජ් කරන්න පුරුදුවෙන්න තුන්දාහක් බැදලා ඇතුලට ගිහින් පිරිමියෙක්ව අතගගා හිටපු උන් ගැන මට දුක හිතුනා. සමහර විට මේක ඇත්තක් වෙන්නත් පුලුවනි. සමහර විට මේ අය පුහුනුවෙන් පසු වැඩ සෙට් කරලා දෙනවත් ඇති. ඒත් මට අනුව නම් එතන වුනේ ප්‍රෝඩාවක්.. මේ හෝටල අයිතිකාරයා නගරයෙන් බොහෝ ඈත හදාගනිපු මේ හෝටලේට බිස්නස් නැති නිසා පටන් ගනිපු වැඩක් වෙන්න ඕනි කියලයි මගේ  පුද්ගලික අදහස. 

අනික අපි හිතමු නිකමට එතන දින දෙකක් අපි රුපියල් 3000/=ක් දීල පුරුදු වෙලා එයාලගේ හෝටල පද්ධතියේ හරි එයාල හොයාදෙන ගැනු අය හරි මසාජ් කරන්න යනවා කියලා. එතනදි අනිවාර්යෙන් එයාලට ඒ බෝකර් ගාස්තුවක් ලැබෙනවා ඇති නෙව. ඉතිං ඒකෙන් අර අපි පුහුනුකරන්න යන මුදල කපාන්න ඇහැක් වෙන්න එපාය. නමුත් එයාල මුලින්ම මේ වගේ ගානක් අයකරන්නෙ ඇයි? මට පස්සෙ ඒමත් හිතුනා..

මම එනකොට ඩිස්කවරි බයික් එකක යන මල්ලියෙක්..අයිය පාරටද යන්නෙ කියලා ඇහුවා. මම ඔව් කිව්වම පොර කිව්ව කැමතිනං පස්සෙන් නගින්න කියලා.. මම පොරට කිව්ව මල්ලි මේ අක්ව විලේජ් හොටලේ ෆිල්්ම වල රගපාන්න කස්ටිය යනවා. මාත් ගියා 2500ක් බදින්න කිව්වා මම හැරිල ආව කියල කිව්වා. පොර කිව්වා එහෙම දෙයක් ගැන පොර දැනුවත්ව දන් නෑ..අනික ෆිල්්ම එකක් ටෙලියක් ගහනවා නම් මේ ගමේ ඉන්න අය නොදැන ඉන්න නම් විදියක් නෑ කියලා. (මං ඉතිං ගැනුන්ට තෙරපි කරන්න ගිහින් චා වෙලා ආපු වගක් ඌට කිව්වෙ නෑ..) 

21 comments:

  1. අනේ බාං.
    බොට හොද වැඩේ. අර ඇවිත් හිටපු උංට ඉට වඩා හොද වැඩේ.
    හිහි

    ReplyDelete
    Replies
    1. මචං මේවට අහුවෙන උන් කාටවත් වැඩේ කියන්නෙ නැහැ..ඒ නිසාම මේ වගේ උන්ට කරන්න වැඩේ ලේසියි..හැබැයි මේක වංචාවක් කියලා මාක් කරන්න අමාරුයි.. දවස් දෙකක් පුහුනුවක් දෙනවා නේ... අනික පුහුනුවෙන් පසු රැකියා සොයලා දෙනවා කියලා නියමයක් නෑනෙ.. මේවා ඇත්තටම හරිම සූක්ශම දේවල්... මේවා නැතිකරන්න අමාරුයි..අවබෝදෙන් ඉන්න එක තමයි කරන්නෝනි..

      Delete
  2. Replies
    1. මචං ඕවා අපි බලන්න ගත්තෙ 8 වසර ඊ පන්තියෙදි..ආයිත් ඉතිං මේ තැන්වල ඔය පාඩං අතඅරින එක තේරුමක් නෑ..

      Delete
    2. ඊයා උඹලා 8 වසර වෙනකන් හිටියද අපිනම් 6 වසරේදී පට්ට ෆට ෆට ඒවා බැලුවා.

      Delete
    3. එහෙනං බොලා බලල තියෙන්නෙ හෙලිකොප්ටරයක සයිලන්සරයක් වෙන්න ඇති..ඔය පට්ට පට පට ගාන්නෙ ඒ වගේ එකක් වෙන්න ඕනි..

      Delete
    4. ගූ හතයි කොහෙද මචෝ හැලිකොප්පර් වලට සයිලන්සර් තියෙන්නේ? උඹලෑ ගමේද? එව්වා උඩ යද්දිත් බිමට ඇහෙනවානේ මාර සද්දයක්.

      Delete
  3. එක දිගට සති ගාණක් තිස්සෙ ඔය ඇඩ් එක ලහිපිටේ යනවා. එහෙම බැලුවම උන් කපා ගත්තු ගාණ ගැන හිතා ගත්තැකි

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ ඒම තමයි ස්ටෝරිය.. උන්ගේ හෝටලේ ගැන මම හොයල බැලුවා ටිප් ඇඩ්වයිසර් වේග සයිට් වල පේන විදියට දැන් දැන් හරියට මේන්ටේන් වෙන පාටක් නෑ..දැන් හෝටලේ දුවනා ඇත්තෙ මේ වගේ සයිඩ් බිස්නස් වලින්..

      Delete
  4. උඹ බේරිලා... ගෑනු පරානයක් මසාජ් කරන්න දුන්න ඒත් කමක් නෑ නේද බං.. හැක්.. ලංකාවේ මොන තරං හුරං කන වයාපාර තියේද අප්පා..

    ReplyDelete
    Replies
    1. මේවට ගිහිල්ල ලැජ්ජ වෙලා සල්ලිත් නැතිකරගෙන ඒත් කාටවත් නොකිය පාඩුවෙ උන්නම කාටද වාසිය? අර වංචා කරන උන්ටමයි..මමනං කියන්නෙ අපි ලැජ්ජ වුනානං අපි ඒ ලැජ්ජවීම අනික් උන්ට නොවෙන්න මේ වගේ පබ්ලිශ් කරන්න ඕනි..

      Delete
  5. ඔහොම වියදම් කරගෙන කට්ට කාගෙන යන්න මල්ලියේ උඹේ මොළ හොදටම නැගල තියෙන්නේ.
    අළුකෙසෙල් කෑම සහ කෙල්ලෙක් ඉක්මනට සෙට් කරගැනීම වගේ දෙයක් නොකොළොත් උඹට ලගදීම youtube හරහා ලංකාවේම ප්‍රසිද්ධියට පත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව මට පෙනී යනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේක යාලුවෙක්ට වුන දෙයක් නැත්තං කෙටිකතාවක් විදියට ගොතල දාන්න හොදටම ඉඩ තිබුනා.. ඒත් මම ඒම කලේ නෑ... මොකද මට මගේ සීලෙ පෙන්වන්න කිසිම උවමනාවක් නෑ..
      මට හොදටම මෝල නම් මම වගේ මෝල තියෙන උන් ලොකු ප්‍රතිශතයක් ඉන්නවා ලංකාවෙ. ඒ වගේම කසාද බැන්දට පස්සෙ හරි කෙල්ලෙක් හොයාගත්තට පස්සෙ හරි මෝල නැතිවෙනවා නම් ඒක හරි ලස්සන හීනයක්...

      Delete
  6. අපෙත් තියේ හරී http://wewismatha.blogspot.com/2013/06/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. මම උමේ කතාව කියෙව්වා..ඒත් ලිංක් එක දාන වෙලාවෙ මතක් වුනේ නෑ.. බලහං මම ඔය ඇඩ් එක දැකල මසාජ් කියල සර්ච් කරපු දවසෙ තමයි උමේ බ්ලොග් එකේ අවසානෙට තියෙන මගේ කමෙන්ට් එක වැටිල තියේනනෙ..

      Delete
  7. මට ඊලග සතියෙ ඉදං 50 ලංකාදීපයක් එවන්න බැරිද? මෙහෙනම් 60 අප්පා.
    අනේ ඇත්තට ඇඩ් පස්සෙ මෙහෙමත් යන උන් ඉන්නවනෙ.ඔය කිව්වට මාත් ජොබක් හොයාගෙන ගිහින් හැරිලා ආව.

    ReplyDelete
    Replies
    1. මට ගාන මතක නෑ මචං...මම ඔය පත්තරේ ගන්නෙ නැහැ..ගත්තොතින් ගන්නෙ සන්ඩේ ටයිම්ස් එක..ලොකුකමට නෙමෙයි..අඩුතරමෙ ඉංගිරිසි අකුරක් හරි ඉගෙනගන්න ලැබෙනවාෙ න්..

      Delete
  8. තෙරපෙනවා කියල මෙහෙමත් තෙරපෙන්න ඇහැක්ද බං?

    ReplyDelete
  9. Hama thanama minissunwa mula kireema rawateemen thamai. .samajaya mewage puluwan vidiyata danwath kala yuthui ..amila oba hari

    ReplyDelete
  10. මමත් කියෙව්වා එහෙනං.............

    ReplyDelete
  11. ලංකාවේ මේ වගේ 'කූට ව්‍යාපාර' බොහෝමයක් තියෙනවා.. උඹ ලියපු එක හොඳයි මල්ලි.. රැවටෙන්න ගිහිං බේරිලාම නොවුනත් මටත් ලස්සන අත්දැකීම් දෙකක් තියෙනවා මේ වගේ.. වෙලාවක් ලැබුනොත් ලියන්න ඕනි.
    අඩේ ඒක නෙවෙයි.. මටත් ඉස්මාට් ෆෝන් එකක් නෑ.. තියෙන්නේ තියෙන්නේ පුංචි නොකියා ෆෝන් කබලක් කැමරා අනං මනං නැති.. හැබැයි පුතේ මං වංචා කාරයෙක්නම් නෙවෙයි.

    ReplyDelete