Saturday, July 18, 2015

Cash Bonanza තහනම් කරනු

මා දන්නා අදුනන අයෙකුට උසස් තැනක උසස් අධ්‍යාපනය හදාරන දුවනියක් සිටී. ඒ දුවනිය භාවිත කරන ජංගම දුරකථනයේ සිම්පත ඇත්තේ ඇගේ පියාගේ නමටය. ඇයට මොබිටෙල් කෑශ් බොනැන්සා හරහා රුපියල් මිලියන දෙකක තෑග්ගක් ඇදී ඇතැයි ද එය ලබාගන්නට වහාම පැමිණෙන්නැයිද කියමින් දුරකථන ඇමතුමක් සිකුරාදා සවස් භාගයේ දී ලැබුනි. ඇය පියාට සිම් පත අයිති නිසාත් ඒ කතා කල පුද්ගලයාට තිබු හදිස්සිය නිසාත් ඇය වහාම ඇගේ පියානෝට ඇමතුමක් ගෙන විස්තරය පවසන ලදී.

මඳ වේලාවක් ඒ විශෘල තෑගි මුදල ලබාදෙන්නට ඇමතූ අයට කතා කල පියා මේ තරම් හදිස්සියෙන් මුදල් දෙන්නේත් මෙවැනි දවසක මුදල් දෙන්නේත් ඇයි දැයි ඇසුවේය. ඉන් පසු එය සුප්‍රකට මොබිටෙල් කෑශ් බොනැන්සා වැනි සංසිද්ධිය හරහා මුදල් ලබාගන්නා වංචාවක් යැයි අපි විසින් හදුනාගන්නා ලදී. දැන් ඒ වංචාකාරයා කරන්නේ සිකුරාදා දිනක සවස කතාකොට මිලියන දෙකක පමණ මුදල් විශාල ප්‍රමාණයක තෑග්ගක් ලැබී ඇති බවට අඟවා එය ලබාගන්නට නම් තෑග්ගට සාපේක්ශව කුඩා රුපියල් පනස්දාහක මුදලක් ඔහුගේ එකවුන්ට් එකට බැර කරවාගැනීමටය.

 ඒ කෑශ් බොනැන්සා නැමැති සිද්ධිය හරහා මුදල් ලබාගන්නා ආකාරය මෙසේය. මොබිටෙල් ආයතනයෙන් හෝ එවන් ජංගම දුරකථන ආයතනයකින් අමතනවා වැනිව ඇමතුම් මධ්‍යස්ථානයක කතාකරන ශෛලියෙන්, වංචාකාරයෙකු බොහෝවිට වැඩි සමාජ ආශ්‍රයක් නැති අය තෝරා කෝල් කරනු ලබයි. ඉන් පසු සිම් පත රෙජිස්තර කිරීම.. තෑග්ග දැන්වීමට ප්‍රමාද වීම ආදි ඉතා හදිසි අවශ්‍යතාවයක් ඒ අයට දක්වා ඉක්මනින් මුදල් බැර කිරීමට යම් යම් කටයුතු කිරීමට ඇතැයි කියයි. ඇතැම්විට රණවිරු අරමුදලට මුදල් බැදීමට ඇතිබව.. ඔබගේ සිම්පත සම්බන්ධ තොරතුරු වල අඩුපාඩු තිබීම ආදී දේවල් කියා යම් කිසි මුදලක් තැම්පත් කිරිමට ඇති බවත් එසේ තැම්පත් කල පසු ඔබට හිමි විශාල තෑගි මුදල බැර වෙනු ඇතිබවත් ඔබට පවසයි.

ඉන් පසු මුදල් වලට තන්හාව ඇති පෘතග්ජන මිනිස්සු තවත් අයට සිද්ධීය විස්තර කරන්නට නොගොස් වහා අර සුලු මුදල් කොටසක් නොදන්නා ගිණුමකට බැර කරන්නේ ඉන් පසු ලැබීමට නියමිත මහා ධනස්කන්ධය ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. මෙය අවුරුදු ගනනාවක සිට ලංකාවේ කෙරෙන සාර්ථක ජාවාරමකි.

දැන් අපි පෙර සිදුවීමට යමු. මමද එතැන මේ සිදුවීම බලා සිටි අතර අපි ඉන් පසු වහාම 119 අංකයට කතා කොට මේ සිද්දිය වහාම පොලිසියට දැනුම් දෙන ලදී. එවිට අපි අර ඉහත තෑගි ලබා දෙන්නට ඇමතු පුද්ගලයාට තරවටු කරන්නට ගියේ නැත. එය පොලිසියේ රාජකාරියකැයි සිතූ අපි ඔහුට මුවින් නොබැන දුරකථනය මදකට විසන්දි කොට 119 අංකයට අමතා පොලිසියට කාරණාව සැල කලෙමු. එවිටද අර ඉහත කී කෑශ් බොනැන්සා වංචා කරුවා ගේ දුරකථනය සක්‍රියව පැවතුනි.

පොලිසියේ අරුම පුදුම පිළිතුර

ඉන් පසු පොලිසියෙන් කිවේ එසැනින් එවැනි වංචා හදුනා ගත නොහැකි බවත් එවැනි වංචා වන් නිතර සිදුවන බවත් අවශ්‍ය නම් ළඟම ඇති පොලිසියට පැමිණිලි කල හැකි බවත්ය. ඔවුන් කී පරිදි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් අසාධාරනය සිදුවෙන අය විසින් කල යුතුය. ඉන් පසු පොලිසිය පරීක්ශන පවත්වයි.

නමුත් අපි සිතුවේ  තාක්ශනය දියුනු යැයි සිතූ මෙකල එවෙලේම ඒ ජංගම දුරකථන වංචා කාරයා පොලිසියෙන් අල්ලා ප්‍රශ්ණ  කරනු ලබා විය යන්නයි. අඩු තරමේ ඉන් පසු උපාය දූතයෙක් හෝ යොදවා ඒ වංචාකාරයාගේ වංචාව පොලිසියට සොයාගන්නට හැකියාව ලැබේ යැයි අපි සිතුවෙමු. . තාක්ශණය අනුව ඕනෑම ජංංගම දුරකථන ඇමතුමකදී  දුරකථන සමාගමට හෝ ආරක්ශක අංශවලට අවශ්‍ය නම්ම ඇමතුම් පටිගත කිරිමේ හැකියාව ඇත.  දුරකථන ඇමතුම් ලබාගන්නා ස්ථානය හරියටම බලාා  ගත නොහැකි මුත් දුරකථන කුලුන දක්වා සොයාබැලීම් කල හැකිය.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස වංචාවක් අසාධාරනයක් අයුතු යමක් අවට සිදුවන්නේ නම් එය පොලිසියට දැනුම් දීම යුතුකමකි. එසේම පොලිස් රාජකාරියේදී රාජකාරියෙන් බැහැර සිටින අවස්ථාවක වුවද සමාජයේ යම් කිසි අකටයුතු කමක් සිදුවේනම් හෝ සිදුවන්නට යන්නේ නම් එය මගහැරවීම පිණිස ක්‍රියා කිරීම පොලිස් නිළධාරින්ගේ වගකීම වේ. නමුත් ඉහත සදහන් මොබයිල් කෑශ් බොනැන්සා වංචාව අතරතුරම අපි පොලිසියට දැනුම් දුන් මුත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ලගම ඇති පොලිසියට ගොස් සිදු වූ දේ කියා පැමිණිල්ලක් දමා ඉන් පසු එය විභාග කරන අවස්ථාවේදී කරුණු දක්වන ලෙසයි.

මොබිටෙල් සමාගමේ ප්‍රතිචාරය.

අපේ කන්තෝරුවේ අයකුට ඇති පුද්ගලික හැදුනුමක් හරහා මොබිටෙල් ආයතනයේ අභ්‍යන්තර සේවකයෙකුට පුද්ගලිකව අමතා අපි විසින් සොයාගන්නා ලද අසිරිමත් වංචාව ගැන සදහන් කරන ලදී. අපි සිතුයේ මොබිටෙල් සමාගමේ ගෞරවනීය පාරිබෝගිකයින් වන අපිට, මොබිටෙල් සමාගම නමින් කරන මෙම වංචාව සම්බන්ධයෙන් දැඩි පියවරක් ගනු ඇතැයි කියාය. නමුත් අපිට එතැනදීද වැරදුනි.
තවත් මා දන්නා මොබිටෙල් සමාගමේ අයකුගෙන්ද අසා දැනගත් පරිදි බොහෝවිට සිදුවන්නේ එවැනි අවස්ථා වලදී පාරිබෝගිකයා සැනසීමට අර මොබිටෙල් සමාගම වෙනුවෙන් යැයි කතා කරන වංචා  කාරයාගේ අංකයත් සිදු වූ වංචාවත් සටහන් කර ගනී. නමුත් එතැනින් එහාට සිදු වන දෙයක් නැත. එසේ වංචා කලා යැයි සැලකෙන නොම්මර ලැයිස්තුවක් සකස් කිරීම පමණක් මොබිටෙල් හි ඇමතුම් මධ්‍යස්ථානයේදී සිදුවන බව මා තොරතුරු ලබාගත් මූලාශ්‍රෙයන් දැනගන්නා ලදී.

එක්තරා අතකින් දුරකතන සමාගමේ නම විකුනන වංචාකාරයෝද එම දුරකථන සමාගමේම පාරිබෝගිකයෝය. ඒ වංචාකාරයාගේ පුද්ගලිකත්වය රැකීමද දුරකථන සමාගමේ වගකීම වේ. නමුත් ඒ වැනි දුරකතන සමාගම් වල නම විකුනමින් බොරු තෑගි දෙනවා යැයි කියා මිනිසුන් රවටා ගන්නා අය හරහා ඒ ආයතන වල කීර්තිනාමයට සිදු වන්නේ විශාල හානියකි. එසේම වංචාවට ලක්වන්නෝ බොහෝවිට සිය නොදැනුවත්කම හෝ මුදලට ඇති ගිජුකම නිසා එවැනි අලාබ වලට ලක්වෙති. නමුත් එතැනදී ඔවුන් වංචාවට හසු වන්නේ මොබිටෙල් සමාගම විසින් හෝ එවැනි දුරකතන සමාගම් වලින් පවත්වනු ලබන සල්ලි බෙදීමේ මගඩි නාටක නිසාය. මොබිටෙල් හෝ වෙනත් සමාගම් එක්ව..මින් මනතට අප සමාගම් විසින් කිසිදු ආකාරයක මුදල් තෑගි ලබාදීමක් සිදු නොකරන බව දන්වන්නේ නම් එවිට වංචාකාරයිනට වංචාව කරගෙන යෑමට අපහසු වෙයි.

මොබිටෙල් සමාගම වෙතින් කරන සියලුම දැනුම් දීම් ඔවුන්ගේ  0712755777 අංකයෙනි. ඒ හැර වෙනත් අංක වලින් කිසිදු ජයග්‍රහනයක් දැනුම් දෙන්නේ නැති බවද. ජයග්‍රාහකයින් සිටී නම එය අනිවාර්යෙන්ම තැපැල් මාර්ගයෙන් පාරිබෝගිකයාට දන්වන බවද මොබිටෙල් සමාගම කියයි. එසේම ඉහත 0712755777 හැර වෙනත් මොබිටෙල් අංක වෙතින් කරන දැනුම් දීම ්වලට මොබිටෙල් සමාගම කිසිදු වගකීමක් නොදරන බවද මොබිටෙල් සමාගම පාර්ශවයෙන් දැනුම දීම ්සිදු කර තිබේ.

දුරකතන සමාගම් යනු අප සමාජ පද්ධතියේ කොටසකි.එ්වා නියාමනය කිරීමට පාර්ශව රජයෙන් පත් කර ඇතිමුත් ඔවුන්ට මේ කෑශ් බොනැන්සා මගඩිය පැමිණිලි කලද අපිට ලබාගත හැකි දේ මින් එහා නොයනු ඇති බවට මට දැඩි විශ්වාසයක් ඇත.

රටේ මූල්‍ය පද්ධතිය වංචා කරුවන්ට දෙන තැන

මේ දුරකථන ජාල වල තෑගි වැඩපිලිවෙල් හරහා කරන වංචා වලදී මා දන්නා ආකාරයට මුදල් හුවමාරු වන්නේ බැංකු ගිණුම් හරහා වේ. මා දන්නා ආකාරයට අපේ රටේ සිවිල් පුරවැසියෙකුට බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අනන්‍යතාවය සනාථ කිරීමට අවශ්‍යය. ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට වුවද එවැනි අනන්‍යතා සහතිකයක් තිබිය යුතුය. මෙවැනි වංචා වලදී ඇතැම් විට වෙනත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට මුදල් යොමු කරවාගෙන ඉන් පසු මුදල් ගන්නවා විය හැක. කෙසේ වෙතත් නිසියාකාරව අධ්‍යනය කලොත් මෙවැනි වංචා සිදුවන්නට නම්,  කිසියම් හෝ තැනක සිදුරක් තිබිය යුතුය.

එක් අතකින් අපේ පොලිස් සහ වංචා මර්ධන අංශ වල ඇති ඇල්මැරුන ස්වභාවය නිසා මුදල් ලබාගන්නා අය පැනයනවා විය හැක. නමුත් මුදල් ගිණුමක් හරහා සංසරනය වන විට ඒ මුදල් වල වගකීම අදාල පුද්ගලයා සතු විය යුතුය. අපි වංචාව අතරමැද පොලිසියට දන්වන අවස්ථාවකදී ඒ ගිණුම සම්බන්ධ දත්ත බැංකුවෙන් ආරක්ශිතව ලබාගෙන වංචාව මැඩපැවැත්වීම සදහා ක්‍රියාකිරීම නීති පද්ධතියේ වගකීමකි.
ඇතැම්විට මෙවැනි අවස්ථාවලදී වංචා වන මුදල් ප්‍රමාණාත්මක වශයෙන් අඩුය. නමුත් රුපියල් විසි තිස්දාහක සුලු වැටුපකට දවස තිස්සේම අවුවේ වැඩකරන්නට සිදුවන මාර්ග පිරිසිදු කරන සේවක මහතකුට හෝ ඈත ගමක කුලී වැඩකින් දවස සරිකරගන්නා දුප්පත් මහත්මයකුට හෝ මහත්මියකට  රුපියල් ලක්ශ විස්සක් ලැබෙනවා යනු හතරමහා නිධානයකටත් වැඩි මුදලක් ඔහුට ලැබීමකි. එය ඔහු ජීවිත කාලයම හරි හම්බ කලත් ඉතිරි කරගත නොහැකි තරමේ විශාල මුදලකි. ඔහු එය ලබාගැනීම වෙනුවෙන් ඇතැම්විට කණ කර බඩු උගස්කොට ඉඩ කඩම් ගේදොර පවා ඇපයට තබා රුපියල් පනස්දාහක් ලක්ෂයක් අර වංචාකාරයන්ට දෙනු ඇත. බොහෝවිට ලැබෙන්ට නියමිත මහා මුදල් ප්‍රමාණය නිසා ඔහු මෙය සිදු කරන්නේ කිසිවෙකුටත් නොකියාය.

පසුගිය කාලයේ සිදුවීම් බැලුවිට ලංකාවේ නීතිය සහ යුක්තිය බොහෝවිට හරියට ක්‍රියාත්මක වන්නේ එක්කෝ කැමරාවක් ඇති තැන්වලදීය නැත්නම් මුදල් යහමින් ඇති තැන්වලදීය. නමුත් සිදු විය යුත්තේ සුලු වුනත් විශාල වුනත් වංචා වැලැක්වීමට පොලිසියත් පද්ධතියත් ක්‍රියාත්මක කිරීමය.

මේ මා ඇසූ දුටු මොබයිල් කෑශ් බොනැන්සා හරහා වංචාව සිදුවන අවස්ථාවේදී අතරමැදදීම අපි දුරකතන සමාගම හරහාත් පොලිසිය හරහාත් යුක්තිය ලැබේ යැයි සිතා අපිට කල හැකි උපරිම දේවල් අපි කලෙමු. අපිට රටේ මිනිස්සුන්ට පාඩම් ඉගැන්වීමට වඩා මේ වැනි වංචා නැවත නැවත සිදුවීම වැලැක්වීමට සහ වංචාකරුවන්ට නිසි තැන ලබාදීඹට අපිට අවශ්‍ය විය. නමුත් අපි අවසානයේ පරාජයට පත් විය.

පොලිසියටත් මේ දුරකතන සමාගම් වලටත් මේ වංචා නැවතිය නොහැකි නම් සහ ඒ වංචා කරුවන් අල්ලා නීතිය හමුවට ගෙන ඒම අපහසු නම් වහාම මේ දුරකථන සමාගම් මගින් පවත්වන මුදල් තෑගි සම්බන්ධ සියලු දේ නැවැත්විය යුතුය. එසේම වෙනත් ආයතන වලින්ද මේ වැනි වංචා වලට අනුබල දෙන මුදල් තෑගි පිරිනැමීම් සිදු වන්නේ නම් ඒවාද නීතියට යටත් කොට වසා දැමිය යුතුය.

යම් පද්ධතියක් හරහා එම පද්ධති කළමනාකරුවනටත් රටේ පවතින ආරක්ශක අංශ වලටත් වැලක්විය නොහැකි අන්දමේ වංචාවන් දිගින් දිගටම සිදුවන්නේ නම් මහජනතාව ලෙස අප කල යුත්තේ එවැනි කෑශ් බොනැන්සා තහනම් කරන ලෙස ඉල්ලා සිටීමයි. මේ තරග හරහා දුරකතන සමාගම් වලින් තෑගි ලබන පිරිසට වඩා වංචාකාරයින් හරහා අසරණ වන පිරිස වැඩිය. බොහෝ අය සිදු වූ ලැජ්ජාව නිසා පොලිසි වලට පැමිණිලි නොකර කරබාගෙන සිටීමට ද පෙළඹේ.

අනික් අතකින් ගත් කල දුරකථන සමාගමක මුදල් ලබාදෙන තරඟයක් යනු පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය සේවාවක් නොවේ. උදාහරණ ලෙස පරිප්පු වල ගුල්ලෝ සිටි යැයි පැමිණිලි රාශියක් ලැබුන පලියට අපිට පරිප්පු තහනම් කරන්නැයි ඉල්ලිය නොහැක . මන්ද ලාංකිය බත් පතේ ප්‍රධාන සංඝටකයක් ලෙසද ප්‍රෝටින සහිත ආහාරයක් ලෙසද පරිප්පු ප්‍රධාන ආහාර කොටසක් වේ.

නමුත් මෙවැනි දුරකථන සමාගම් වල වංචා වලට තුඩුදෙන තරග ආදිය අපේ ජීවිත වලට අත්‍යාවශ්‍ය දේවල් නොවේ. ඒ තරග නැතිවුනාය කියලා අපේ සමාජයට නැතිවෙන විශාල දෙයක්ද නැත. දුරකථන සමාගම් පැත්තෙන් සැලකුවද මේ හැර, ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු , ප්‍රවර්ධන කටයුතු සදහා විශාල පරාසයක යෙදවුම් භාවිතා කිරීමේ හැකියාව ඇත. 

වගකිව යුත්තනි,
මේ දිනවල මහජනතාව වෙනුවෙන් වැටෙන කිඹුල් කදුලු වල දියකර පාප්ප හදා පෝස්ටර් ගහන දේසපාලුවනි..
සීනිබෝල තරග හරහා පාරිබෝගිකයින් වංචා වලට හසුකරන දුරකථන සමාගම් පාලක වරුනි..
වංචාව සිදුවන අතරමගදී දැනුම් දුන්නත් එය ග්‍රහනය කොටගත නොහැකි පොලිස්සියේ ලොකු මහත්වරුනි..
සිදුවන වංචා අවම කරගන්නට බැරි නම්..දිනෙන් දින මේ වංචා සිදුවීම ඉහල යන්නේ නම්..
දුරකතන සමාගම් වලින් මුදල් තෑගි ලබාදෙන සියලු තරඟ වහාම අත්හිටවනු. !!!

ඔබත් මාගේ අදහසට එකග නම් මෙය ඔබට හැකිතැන්වල සෙයා කරගන්න.
( මොබිටෙල් යනු විශාල සමාගමක් නිසාත් ඒ වැනි සමාගම් වලින් ලැබෙන විශාල දැන්වීම් නිසාත් මා උත්සාහ කලත් බොහෝවිට මේ ලිපිය මේ ආකාරයටම පුවත් පතක හෝ වෙනත් බහුජන මාධ්‍යයක පළ කරවා ගැනීම කල නොහැකි වනු ඇත. මට ලැබෙන හිට්ස් තුට්ටු දෙක ගැන ඊර්ෂ්‍යා නොකර මෙවැනි වංචාවන් වැලැක්වීමට සෙයා බටන් එකෙන් හෝ සහයෝගය දැක්වීම වගකිව යුතු කියවන්නෙකුගේද වගකීම වේ..)

4 comments:

  1. නයිජීරියාව පදනම් කරගෙන කාලයක් තිස්සේ කරගෙන යන හොරකම ලංකාවටත් ඇවිත් වගේ. මේවගේ හොරකම් කරන අය ගැන සහ ඔවුන් අල්ලගන්නා අයුරු www.419eater.com වෙබ් අඩවියේ ඇත. කෙසේ වෙතත් ප්‍රධානම කරුන වියයුත්තේ මෙවන් හොරකම් වලට අසුනොවීමය. ඒ සඳහා යමක් දිනා ඇතැයි දුරකථනයෙන් ඇමතීමක් ලැබුනොත් සමාගමේ පාරිභෝගික ඇමතුම අංක සොයාගෙන ඔවුන්ගෙන් විමසීමය.

    ReplyDelete
    Replies
    1. තාක්ශණික ක්‍රමය ඒක තමයි..නමුත් කොම්පැනි වලට ප්‍රචාරනය කරන්න මුදල් තෑගි නැතුව වෙනත් දේවල් පාවිච්චි කරන්න පුලුවනි..නැත්තං පොලිසියට ඇහැක් න්න ඕනි ඕවා නවත්වන්න..

      Delete
  2. මට උනා ඔහොම සිද්දියක් Dialog ලෝඩ් ඔෆ්ෆ් ද රි ලෝඩ් නිසා. මට අවා ඔහොම Call එකක්. ලක්ෂ 30 ඇදිලා කියලා. මම අහු උනේ නැහැ.

    ඌව පොලිසියට අල්ලලා දෙන්න ගිහින් දැම්මා පැමිනිල්ක්. වැඩක් උනේ නැහැ පැමිණිල්ල ලියන් දවස් 3 කට පස්සේ ඇවිල්ල කිව්වා පොලසියට එන්න කියලා. ගියාම කිව්වා. ඌ කොමිනිකේෂන් කාරයෙක් අපි ඌට බැන්නා ඌ අය කරදර කරන එකක් නැහැ කියලා. දැක්කා නේ හොරු අල්ලපු හැටි.

    දැන් අය කෝල් එනවා මොකක් ද ඉන්ෂුරන්ස් එකකින් කියලා එකත් මලම වදයක්. එන්ශුර්න්ස් එකක් දාගන්න කියලා ගන්නවා. කොම්පැණියෙන් දන්නේත් නැහැ කවුද ගන්නේ කියලා

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...