Monday, July 20, 2015

ඇයි අප්පච්චිව කෑවෙ pourquoi j'ai mange mon pere

වනචාරි ගෝත්‍ර වල තාමත් මිනීමස් කන සිරිතක් පවතිනවා ඇති. මිනිසා දියුනුවීමත් එක්ක මිනිස්සු අනෙක් සතුන්ට වඩා වෙනස් වුනා.හැඩයෙන් හැසිරීමෙන් වගේම ඇවතුම් පැවතුම් වලිනුත් විශාල වෙනසක් මිනිස්සුන්ට සිද්ද වුනා. 

මානව පරිනාමය ගැන කියද්දි බොහෝ විට අපි ඈත අතීතේ යුග ගනනාවක් ගැන හදාරනවා. මිනිස්සු ආදි කල්පික වානරයාගෙන් වෙනස් වුන හැටි..ඔවුන් ගින්දර සොයාගත් හැටි..ඔවුන් ඉන් පසු සතුන් අල්ලන් කන්න හුරු වුන හැටි..එයින් පසු සත්ව පාලනයට යොමු වුන හැටි..අවසානේ ගොවිතැනට යොමු වුන හැටි ගැන ඉගෙනගන්නවා.


 අද අපි ජීවත් වෙන්නෙ ගොවි යුගේද? බොහෝ විට අවසානයට මිනිස්සු පත්වෙලා තියෙන්නෙ ගොවියො බවට නිසා ඇතැම් විට අපි ඉන්නෙ ගොවි යුගයේ කියලා ඇතැම් අය සිතන්නට ඇති. නමුත් අද අපි අයිති වෙන්නෙ තාක්ෂණික යුගයට. 

කාර්මීකරණයෙන් පස්සෙ  ඇතිවුන තාක්ෂනික සහ සන්නිවේදන ලෝකයකට තමයි අද අපි අයිති වෙන්නෙ. මේ සන්නිවේදන හැකියාව නිසා ලෝකෙම එක් එක් ප්‍රදේශ එකිනෙකාට බැදිලා තියෙනවා.. එකම රටක් එකම සංස්කෘතියක් කියන පැරණි ලෝකයේ මති මතාන්තර ගිලිහිලා එකම පද්ධතියක් බවට ලෝකය පරිවර්ථනය වෙනවා..දකුනු ආසියාවේ තාමත් වෙනම රටවල් වෙනම පාලනය ඉල්ලන බහුතර ජනතාව හිටියාට යුරෝපය දිහා බොහෝවිට දැන් දැන් රටවල් අතර සීමා බැමි අඩුවෙලා මිනිස්සු එකම පද්ධතියක් වටා ඒකරාශි වෙන්න හිතලා තියෙනවා.

මේ තාක්ශනික විප්ලවේ ලෝකයේ මනුස්ස ප්‍රජාවට බලපාපු හැටි අපි ටිකක් බලමු. 


මේ තියෙන්නෙ ලෝකයේ මනුස්සයො ගාන වැඩිවෙච්ච ආකාරය දැක්වෙන වගුවක් . ලෝකයේ මනුස්ස ජනගහනය වැඩිවීම පටන් අරං තියෙන්නෙ  ක්‍රිස්තු වර්ශ 1600-1800 අතර කාලේදි කියලා ඔබට පේනවා ඇති. ක්‍රිස්තු වර්ශ 1400-1500 කාලෙදි යුරෝපයේ ජනයා නව ලෝකය සොයාගෙන විවිධ දිශාවන්ට යාත්‍රා කරන්න ගත්තා. ලෝකයේ මුල්ම ධනවාදී රටක් විදියට සැලකෙන නෙදර්ලන්තය වගේ රටවල් වල ආර්ථිකය දියුනු වෙන්නෙ හුදෙක් නාවුක බලය මත. නෙදර්ලන්තය බහුතර කොටසක් ජලයෙන් වැසුන කුඩා රටක්. ඉතින් නෙදර්ලන්ත කාරයො නිකං හිටියත් ගංවතුරෙන් යට වෙලා මැරි මැරි ජීවත්වෙනවාට වඩා නාවුක තාක්ශනය ගැන හිතන්නට පෙළඹෙන්න ඇති. ඒ අනුව ඔවුන් ලෝකයේ නව රටවල් සොයාගෙන ගිහින් එ්වා යටත් කරගෙන ඒවායින් සිය රටවල් පෝශනය කරන්නට පටන් ගත්තා.


ආර්ථික සංවර්ධනය හා ලෝකය  

ලෝකයේ මනුස්සයො ගාන වැඩිවුනාට ඒවැඩිවෙන මනුස්සයොන්ට ඕනි දේවල් ලෝකෙට දෙන්න බැරිවුනානං මොකෝ වෙන්නෙ? මොනව වෙන්නද? ඉතිං වැඩිවෙන මිනිස්සු ටික මැරිල යනවා නෙ. ලෝකය දියුනු වෙන්න ආර්ථිකයේ දියුනුව බලපෑවා.. නවීන යන්ත්‍ර සූත්‍ර හරහා එක් අතකින් ආහාර නිශ්පාදනය ඉහල යද්දි මිනිස්සු අතර මගදී මැරිලා යන එක නවත්වන්න මිනිස්සු නවීන වෛද්‍ය විද්‍යාව සොයාගත්තා. ඒ වගේම මිනිස්සුන්ට සරිලන ලෝකයක් මිනිස්සු විශාල ගානකට ඉන්න හිටින්න සහ සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවක් ලෝකයේ බිහිවුනා. 

ඔබට මුල් වගුවෙන් පේන්න ඇති ඉතාම දැඩි ලෙස අවසාන අවුරුදු 200ක කාලවකවානුවකදී ලෝක ජනගහනය බිලියන 5-6කින් වැඩිවෙලා. ඉතිං ඒ වැඩිවුන ජනගහනය වැඩිවෙන්න එක සාර්ථක හේතු තමයි ලෝකයේ තාක්ශනික අතින් දියුනු වීම. සහ මානව ශිෂ්ඨාචාරයේ හැඩය වෙනස් වීම.. 

කොන්ඩ්‍රටිෆ් රැලි kondretiv waves

මෙතනදි කොන්ඩ්‍රටිව්උන්නැහේ කියන්නෙ ලෝකයේ ආර්ථිකය වැඩිවන ප්‍රථිශතය ගැන.. ඒ ආර්ථික වර්ධනය වෙන ප්‍රතිශතය මුලු ලෝකෙම ගත්තාම වැඩිවෙලා තියෙන පැහැදිලි අවස්ථා කිහිපයක් මේ වගුවෙන් පෙන්නුම් කරනවා. කොන්ඩ්‍රටිව් සහ ආර්ථික විශේෂඥයො මේ වැඩිවීම් වලට හේතු දක්වලා තියෙනවා. 

1780-1830 - මේ කාලයේදී වැඩිවීමක් ඇතිවෙලා තියෙනවා . ඒ වැඩිවීමට හේතු කාරණා විදියට දකින්නෙ වාෂ්ප එන්ජිම සොයාගැනීම. වාශ්ප එංජිම සොයාගැනීමත් එක්ක එංගලන්තය විශාල පිම්මක් තාක්ශණික පැත්තෙන් පනිනවා. වාශ්ප එන්ජිම ඔවුන් ප්‍රවාහනය, බර යන්ත්‍රෝපකරණ, කෘෂිකර්මය, ආදි බොහෝ දේට යොදාගනු ලබනවා. ඒ හරහා එංගලන්තය ලෝකයට වාෂ්ප යන්ත්‍ර පොම්ප කරන කම්හලක් බවට පත්වෙලා ඒ හරහා මුලු ලෝකයේම ආර්ථික වර්ධනය වැඩිදියුනු වෙනවා. 

1830-1880 : මේ කාලයේදී වානේ සහ රේල් පාරවල් හරහා ලෝකය දියුනු වෙනවා. ඇත්තෙන්ම මේ කාලෙ වෙද්දි නාවුක ගමනාගමනය යම්තාක් දුරට සාර්ථක වෙලා තිබුනා. නමුත් විශාල භූමි ප්‍රදේශ හරහා භාන්ඩ ප්‍රවාහනය සහ මිනිසුන් ප්‍රවාහනය කිරීම තරමක් අපහසු වෙලයි තිබුනෙ. අශ්වයින් එක්ක ප්‍රවාහනය කරන්න පුලුවන් වුනත් අශ්වයින්ගෙන් ගන්න පුලුවන් සේවාවන් වල විශාල සීමාවන් තිබුනා. ඒ නිසා මේ යුගයේදී රේල් පද්ධතිය සහ වානේ වල සොයාගැනීමත් එක්ක ලෝකය අලුත් ගොඩබිම් ප්‍රවාහන ක්‍රමයකුත් එක්ක බද්ධ වුනා. 

1880-1930 : ඉස්සරම කාලෙ බලශක්තිය විදියට භාවිත කලේ තාපය පීඩනය වැනි දේවල්. නමුත් පසුකාලීනව බලශක්තිය විදියට විදුලිය බලය සොයාගැනීම නව මානයක් ලෝකයට විවෘත කලා. අනෙකුත් ශක්ති ප්‍රවාහයන් එක්ක සන්සන්දනය කරලා බැලුවාම බොහෝ ශක්තීන් බවට ලෙහෙසියෙන් පරිවර්ථනය කරගැනීමේ හැකියාව විදුලිය සතු වෙනවා. විදුලි බලය ආලෝකය, තාපය, චලනය, චුම්බක, රසායනික ආදී කාර්මීකරනයේ  දී වැදගත් වන බොහෝ ශක්තීන් බවට පරිවර්ථනය කරන්නට හැකිවෙනවා. රසායන විද්‍යාෙව් බොහෝ දියුනු වීම් ඇතිවීමත් මේ යුගයේ ආර්ථික වර්ධනයට කෙලින්ම බලපෑවා.. රසායන විද්‍යාව මගින් ප්ලාස්ටික් සහ නව සංයෝග මූලද්‍රව්‍ය සොයාගැනීම මගින් ලෝකයේ දේවල් අලුතින් නිපදවන්නත් ඒ හරහා අලුත් බඩු ජාති හදන්නත් මිනිස්සුන්ට වැඩි හැකියාවක් ඒ කාලෙත් එක්ක ඇතිවුනා.. 

1930-1970 : මෝටර් රථ තාක්ශනය සහ සහ ප්‍රෙට්‍රෝලියම් ලෝකයට ඇවිත් ලෝකය වෙනස් කරන්න ගත්තේ මේ කාලේදී. කාල් බෙන්ස් විසින් ප්‍රථම මෝටර් රථය සොයාගෙන කාලයක් ගත වුනත් දෙවැනි ලෝක යුද්ධ සමයේදී තමයි මෝටර් වාහන තාක්ශනය ගුවන් යානා තාක්ශනය ආදිය සැලකිය යුතු දියුනුවක් ලබන්නෙ. ලෝක යුද්ධ වලින් මහ විනාසයක් මුලු මහත් ලෝකයටම සිද්ද වුනත් තාක්ශනය අතින් 1930ට වඩා 1945 අවුරුද්ද වෙද්දි ලෝකය අලුත් දේවල් ගොඩාක් සොයාගෙන තිබුනා විතරක් නෙමෙයි යුද්ධය නිසා ඒවා ඇත්ත ලෝකෙදිම අත්හදා බලලාත් තිබුනා. 1945 දි ලෝක යුද්ධය ඉවර වීමත් එක්ක පැරණි යටත් විජිත සංකල්පය නැතිවෙලා ලෝකයේ නිදහස් රටවල් ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩිවෙලා නව රටවල් ලෝකයට ඇති වුනා. නමුත් මෝටර් රථ සහ ප්‍රෙට්‍රෝලියම් හරහා අලුත් රටවල් කලාපයක් ආර්ථික වශයෙන් දියුනු වෙන්නට පටන් ගත්තා. 

1970-2010 තොරතුරු තාක්ශන සහ සන්නිවේදන තාක්ශනයේ දියුනුව වැඩිවුනේ ඉතාම මෑත භාගයේදී. 1969 දි හදට මිනිස්සු යැව්වට අද තරම් පරිගණක තාක්ශනය එදා දියුනු වෙලා තිබුනෙ නැහැ. යන්ත්‍ර සූත්‍ර වල භාවිත වුන බොහොමයක් දේවල් යාන්ත්‍රික සහ විදුලි පැත්තට බර වුනා. අද වනවිට බොහෝ යන්ත්‍ර සූත්‍ර වල පරිපාලනය සහ පාලනය අයිති වෙන්නෙ කුඩා චිප් එකකට නැත්නම් මයික්‍රොප්‍රොසෙසර එකකට. ඒ වගේම ප්‍රකාශ තන්තු (ෆයිබර් ඔප්ටික්) සොයාගැනීමත් එක්ක දත්ත ලෝකය වටා හිතාගන්නත් බැරි වේගෙකින්  එහා මෙහා ගෙනියන්න හැකියාව ලැබුනා. ඒ නිසා අද චීනෙ ලොකු සයිස් පැක්ටරි තිබුනාට ඒවායේ තඩි මැෂින් පරිපාලනය කරන්නඇමරිකාවට හැකියාව තියෙනවා. 

මේ ආර්ථික දියුනුව කෙලින්ම සම්බන්ධ වෙනවා කාර්මික සහ තාක්ශණික දියුනුවට. මේ දේවල් වලදි වෛද්‍ය විද්‍යාව ට්‍රාන්සිස්ටරය වගේ දේවල් විශාල බලපෑමක් ඇතිකරන්නට ඇති. නමුත් අපිට ඒ හැමදේම එකපාර කියන්න බෑනෙව. 

කොහොමින් හරි මනුස්සයා කැලේ වදුරා වගේ හිටපු කාලෙදි මනුස්සයාට තමුන්ගේ පංචෙන්ද්‍රියම අවට ලෝකයේ වෙන දේවල් ගැන අවධියෙන් තියන්න සිදුවුනා. නමුත් තාක්ශනයත් එක්ක මිනිස්සු එහෙම වෙන්න ඕනි වුනේ නෑ. සරල යන්ත්‍ර වල සිට බැලූ බැල්මට මොකට මේක පාවිච්චි කොරනවාද කියලා ගලෝල බැලුවත්, ඒ ගැන නොදන්න කෙනෙක්ට හිතාගන්න බැරි යන්ත්‍ර මිනිස්සු හදලා තියෙනවා.

මිනිස්සු සහ වදුරා ගෝරිල්ලා චිම්පන්සිය කියන්නෙ සමාන කම් වගේම අසමාන කමුත් තියෙන ජාතියක්. වදුරා ගෝරිල්ල චිම්පන්සියට නැති ගොඩක් දේවල් මිනිස්සුන්ට තියෙනවා. විශේෂයෙන් බොහෝ දේ කරන්නට අවශ්‍ය මොලයක් සහ මිනිසුන් විසින් ගොඩනගන ලද නව ශිෂ්ඨාචාරයක් මිනිස්සුන්ට හිමි වෙලා තියෙනවා. 

ඈත අතීතේ මිනිස්සු නායකයා තෝරද්දි පරයගෙන් පරවා අදුනාගන්නහැටි නායකයට පුලුවන්ද කියන එක බලන්න ඇති. නමුත් අද වෙද්දි බොහෝ ශිෂ්ඨාචාරගත පද්ධතිවල නායකත්වයට තිබෙන තත්වය වෙනස්..ඈතම කාලෙ මිනිස්සු ගින්දර ආයුද සහ මොලය වෙහෙසලා නව ලෝකයක් ගොඩනගන්න ආරම්භ කරපු හැටි දැක්වෙන කදිම කාටුන් ෆිල්ම් එක්ක තිබුනා. ඒකෙ නම pourquoi j'ai mange mon pere මේකෙ සිංහල තේරුම ඇයි මම තාත්තව කෑවෙ නැත්තෙ? කියන එක. 

බොහෝ ආගමික නායකයින් කියන දෙයක් තමයි මිනිස්සුන්ගේ දියුනුව බිහි වුනේ ආගම් එක්ක කියන එක. නමුත් ආර්ථික දියුනුව ගත්තත්. මිනිස්සුන්ගේ ශිෂ්ඨාචාර බිහිවීම් ගත්තත් ලෝකය බිහිවුනාට පස්සෙ මිනිස්සු දෙයියෙක් හෝ වෙන දෙයක් හොයාගත්ත විනා.. දෙය්යා හෝ වෙනත් බලවේග ලෝකෙ අරක මේක හදන්න අපිට උදව් දුන්නා කියන එක අමු කෙබරයක්. එක අතකින් ලංකාවෙ පාසැල් සිසුන්ට විද්‍යාව පාඩමේදී ලෝකයේ මිනිස්සු සොයාගත්  තාක්ශනය ගැන එකක් කියද්දි සමාජ අධ්‍යනයේදී මනුස්ස දියුනුවේ තව පැතිකඩක් වුන ආර්ථිකය ගැන ඉගෙනගනිද්දි අනික් පැත්තෙන් නවීන ලෝකය ඇතිවෙන්නට මෙලෝ දෙයක් කරපු නැති කුමක් හෝ ආගමක් ගැන බලෙන්ම උගන්වන එක ලමයි අතරමන් කිරීමක්. 

දාර්ශනික අතින් , අධ්‍යාපන වටිනාකම අතින් බොහෝ කාටුන් ෆිල්ම් සාමාන්‍ය චිත්‍රපට වලට වඩා ඉදිරියෙන් සිටිනවා කියල මට හිතෙනවා. මේ චිත්‍රපටිය පරිණාමය ගැන සරල දෙයක් දරුවන්ට උගන්වන්න පෙන්වන්නත් පුලුවනි. ඒ වගේම ලොකු අයට නායකත්වය සහ නවීන දියුනුව ගැන අලුතින් හිතන්න වැදගත් වෙන ෆිල්ම් එකක් වේවි. 

මම ගත්තෙ මේ ටොරන්ට් එකෙන් බෑවෙනවා නම් මේක ඉතා හොද කොපියක් කියලා කියන්න පුලුවනි. 

6 comments:

  1. තැන්කුයි අමිල..

    ReplyDelete
  2. මේකෙ සබ්ටයිටල් තියන ලින්ක් එකක් දෙන්ඩ පුලුවංද ..??

    ReplyDelete
    Replies
    1. මට හම්බු වුනෙත් නෑ...මම බැලුවෙ ඔරිජිනල් ෆෙන්ච් එක බොහෝවිට ඉංගිරිසි සබ් නම් ඇති.. ඉංගිරිසි සබ් ආවම නේ සිංහල සබ් එන්නෙ...

      Delete
    2. www.subscene.com ගිහින් මේ පිලුම් එකේ නම ගහලම සර්ච් කරන්න.

      Delete
  3. ස්තූතියි ටොරන්ට් එකට අමිල... අනිවා බලනවා.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...