Wednesday, August 26, 2015

මනාලියෙ සපත්තු පොලිස් කරන ළමයි

මනාලිකියන්නෙ ඉන්දියාවෙ හිමාචල් පැත්තෙ නගරයක්. ලංකාවෙ අය සැප ගන්න නුවරඑලි යනවා වගේ ඉන්දියාවෙ ඇත්තො යන  එන කදුකර ලක්ෂණ පලාත් තමයි කුල්ලු මනාලි. මේ පලාත හීතල කාලෙට හිමෙන් වැහෙනවා. මේ නගරයට අපි ගිය කාලෙ හිම වැටෙන තරම් සීතල නෑ. ඒත් ටිකක් කූළ් එක තිබුනා. මෙහෙ සීතල කාලෙට ත් අනික් කාලවලටත් එන සංචාරකයින් වැඩ ගොඩාරියක් තියෙනවා. අපි ගියේ වැහි කාලෙ. ඒ නිසා වතුර උඩ යන වෝටර් රාෆ්ටි්න් වගේ දේවල් නෑ..හිම නැති නිසා හිම උඩ ලිස්සන ඒවත් නෑ..

ඒ නිසා අපි පංසලක් දෙකක් බලලා පාක් එකකට ගිහින් රවුමක් දාල ආවා. මේ පහල තියෙන වීඩියෝවෙ පෙන්නුම් කරන්නෙ මනු පංසල.විශ්නු දෙයියො වදුරු අවතාරයක් අරගෙන මේ පැත්තෙ සැරිසැරුවා කියන මතයට අනුව නිර්මාණය කරපු දේවාලයක් තමයි මනු ටෙම්පල් එක. මේ විහාරස්තානය වදුරන්ගේ සම්බන්ධයක් තියෙන නිසාද මන්දා මේකට එන පොඩි ලමෝ සෙල්ලං කරන එකමයි වැඩේ. පහල වීඩියෝව මදක් බැලුවොත් මේ දේවාලය තුල ලමෝ කොයි තරං සතුටින් සෙල්ලං කොරනවද කියලා බලාගන්න පුලුවනි. වීඩියෝව අවසානයට තියෙන්නෙ අපෙ සැට් එකේ උන් දෙන්නෙක  දේවාල ඉස්සරහ හිගා කන මනරම් දර්ශනය.

නගරයේ ඉන්නවා එක එක ජාතියෙ වෙලෙන්දො. මේ මනාලි වල අර සැෆරොන් කියන කුලුබඩුව විකුනන උන් ගොඩාරියක් උන්නා. ඒ අතර මගේ සපත්තු පොලිස් කරන්න එක්කෙනෙක් ආවා. ඒ ගමන මගේ යාලුවගේ සපත්තුව පොලිශ් කරන්න තව උන්නැහේ කෙනෙක් ආවා. ඒදෙන්නා අතර පොඩි මත ගැටුමකුත් ගියා. ඒක පහල වීඩියෝව තියෙනවා.. මම ඇත්තටම පුද්ගලිකව ආසා නැහැ පොඩිලමයි මේ වගේ කටුක රැකියාවල් වල නිරත වෙනවාට. ඒත් ඉතිං ඒ දරුවන්ගේ කුසට යමක් ලැබෙනව ඇත්තෙත් මේ වගේ රැකියාවකින් ගන්න තුට්ටු දෙකෙන් වෙන්න ඇති.

  තා ඉතිං මනාලි වල බලන්න තිබුන ජාති ආදිය පහල පිංතුරු වල තියෙනවා. සීතල සැප ගන්න අපිට සුවිට්සර්ලන්තෙ යන්න සල්ලිය බාගෙ තියෙන්නෙ එහෙමත් කෙනෙකුට. ඒත් ඉන්දියාවෙ සීතල කාලෙට හිම මිදෙන මනාලි කුල්ලු ශිම්ල පැත්තෙ යන්න නම් තරමක මුදල් හදල් ගැවසෙන ඕනි කෙනෙකුට හැකියාව තියෙනවා. 










12 comments:

  1. ඉන්ඩියන් ටී වී ඇඩ් එකක මම මේ නගරය ගැන අහල තියෙනවා. ඉන්දියාවේ මොන ප්‍රාන්තයේ තියෙන එකක්ද මේක? මොන කාලෙටද යන්න ඕන?

    ReplyDelete
  2. මේ ශිම්ලා මනාලි වගේ ප්‍රදේශ නේද ගොඩක් හින්දි චිත්‍රපටිවල පසුතලය වෙලා තියෙන්නේ . මට හිතෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෝ කවුරුවත් මේ පැතිවල සංචාර සංවිධානය කරන්න සාර්ථක උත්සහයක් අරන් නෑ .

    ReplyDelete
    Replies
    1. මේවා ඇත්තම ටුවරිස්ට් ඩෙස්ටිනේශන් නිසා අර දඹදිව යන අයගෙන් වගේ ලොකු මාජින් එකක් අල්ලන්න බෑ... අපි නම් ගියේ රවුන් ට්‍රිප් එකක්... ජම්මු ශ්‍රී නගර් ලේහ්..ලදාක්...මනාලි දි්ල්ලි...

      Delete
    2. මාත් දැකලා තියෙනවා ගොඩක් හින්දි ෆිලුම්වල මනාලි ගැන..මතක හැටියට "යේ ජවානි..හේ දිවානි" එකෙත් තියෙනවා සීන් එකක්!

      Delete
  3. මීට වඩා විස්තරයක් දැම්ම නං සතුටු වෙනව

    ReplyDelete
  4. අපුරු සංචාරයක් නිමා කරලා වගේ... ලියමු ලියමු තවත් විස්තර.

    ReplyDelete
  5. I went to manali last december. Went to rotang pass, Solang valey etc.. Can you write full detail about dates you took, travelling plan etc..

    ReplyDelete
  6. අපිටත් යන්න තව විස්තර ටිකක් දැම්ම නම් තමා වටින්නේ

    ReplyDelete
  7. ඉන්දියාව කියන්නේ බලලා ඉවර කරන්ට බැරි රටක්නේ?

    අමිල ගිහින් තියෙන පැත්ත හරිම ලස්සනයි. දැක්කාම යන්ට හිතෙනවා. :)

    ReplyDelete
  8. තව විස්තර සමග ෆොටෝ ටිකක් වැඩිපුර තිබ්බනම් හොඳයි...

    ReplyDelete
  9. කීයක් ගියාද trip1ta

    ReplyDelete