Sunday, August 2, 2015

එදා මත්තල අද ගූගල් ලූන් (MRIA vs Google Loon)

සුද්දො ආපු මුල්ම කාලෙ ඉදන් ලංකාව සූරාකෑව.. මුල් කාලෙදි ලංකාවෙ දේවල් හූරගත්තට උන්ට ගෙනියන්න හරියට විදියක් තිබුනෙ නෑ..අන්දරේගෙ කාලෙ වගේ ගැල්පිට පටෝල කැල මැදින් වෙල් කදු මතින් තමයි අමාරුවෙන් බඩු මුට්ටු අරං ආවෙ. වියදම වගේම බඩු වල තියෙන කොලිටි එකත් අඩුවෙනවා. ඒ නිසා අපේ මාතෘභූමිය සූරාකන්න ආපු සුද්දා සූරපු ඉක්මන්ටම කන්න ක්‍රමවේද හොයාගත්තා. එයින් එක ක්‍රමයක් තමයි දුම්රිය මාර්ග. දුම්රිය මාර්ග වලින් වතු වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බඩු මුට්ටු පෝර වගේ දේවල් ගෙනගියා. ඉන් පස්සෙ වතුවල නිපදවුනු තේ පොල් රබර් කොළඹට ගෙනාවා.. 

ඔය විදියට මාතෘභූමිය හූරං කන්න හදාපු කෝච්චි පාරවල් වලිං පස්සෙ කාලෙක මිනිස්සු ගමනාගමන පහසුව හදාගත්තා. අදටත් බස් එකට වඩා කලිං නුවරට යන කෝච්චියෙ නුවර යන්න ගොඩක් අය කැමතියි. කොටින්ම පස්සෙ කාලෙක ජාතික සටනට උරදීපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද වගේ හිමිවරු නුවර ඇත්තො දැනුවත් කරන්න ගියෙත් සුද්ද රට හූරගෙන ඉක්මන්ට කන්න හදාගනිපු රේල්ලුවෙ. ඒ වගේම රටේ දුර පලාත්වලට ඕනි අධයාපනික, තාක්ශණික වගේම බෙහෙත් හේත් දොස්තර මහත්තුරු ප්‍රවාහනය කලෙත් ඔය අපිව හූරං කන්න ආපු රේල් පීලි උඩින්ම තමයි.. 


සංවර්ධනය ඇති වීමට නම් මිනිස්සුන්ගේ ආදායම වැඩි විය යුතුය. මිනිසුන්ට අතේ ඇති මුදල් වැඩිවන විට ඒ හා සමානව සමාජයේ සංවර්ධන දර්ශක වල වැඩිවීමක් පෙන්නුම් කරයි. මැදපෙරදිග මුස්ලින් කලාපය හැරුන විට ලෝකයේ බොහෝ රටවල ජනතාව සංවර්ධනය  වීමට සාපේක්ශව සමාජීය අතින් මෙන්ම මානව ශිෂ්ඨාචාරයේ දියුනු ගතිගුණ වලින්ද ඉහලට ගියෝය. 

20 වන සියවසේ සංවර්ධනය ලගා කරගැනීමට නම් විදුලිය සහ මංමාවත් යන මූලික පහසුකම් වැඩිදියුනු කල යුතු විය. නමුත් අද ඒ හා සමානවම අන්තර්ජාල පහසුකම්ද වැඩිදියුනු කල යුතුව තිබේ. මහාමාර්ග දුම්රිය මාර්ග මුහුදු මාර්ග ගුවන් මාර්ග වලින් බඩු බාහිරාදිය හුවමාරු වනවා සේම ආලෝකයේ වේගයෙන් දත්ත හුවමාරු කරගැනීමදට ඇති හැකියාවද අද කාලේ භූමියක් සංවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය වේ.

රේඩියෝ තරංග වල සීමා

ප්‍රකාශ තන්තු (Optical Fibre) සොයාගැනීමත් ප්‍රකාශ තන්තු හරහා දත්ත සම්ප්‍රේශනය (Data transmission) කිරීමට හැකි වීමත් තාක්ශනයේ අද්වීතිය සොයාගැනීමකි. රේඩියෝ සංඥා ආදිය සොයාගෙන බොහෝ කාලයක් ගත වුවත් රේඩියෝ සංඥා වලින් විශාල ප්‍රමාණයේ දත්ත කිලෝමීටර ගනනාවක් දුරට එහා මෙහා ගෙනයෑමේ විශාල සීමා තිබුනි. අද පවා මොබයිල් කුළුනකින් දත්ත ලබාගත හැකි සීමාවක් තිබේ. බොහෝවිට ලංකාවේදී නම් මොබයිල් ටවර් එකේ සිට කිලෝමීටර 3කට එහා දුරදී 4ජී (4G LTE)  සිග්නල් හරියාකාරව වැඩ කරන්නේ නැත.


යම් ආකාරයකින් විශාල දත්ත ප්‍රමාණයක් කිලෝමීටර 50කට වැඩි දුරක් විශාල හානියකින් තොරව ගෙනියන්නට රේඩියෝ තරංග සමත් වූවානම්  විශාල මුදලක් වියදම් කොට පාරවල් දිගේ පොලව හාරමින් සහ කණු සිටුවමින් ඔප්ටිකල් කේබල් ඇදීමට අවශ්‍යතාවක් නැත. එසේනම් එක් නගරයක පිහිටුවන ටවර් එකකින් මුලු නගරයේම අනෙක් ටවර් (telecommunication tower) වලට අන්තර්ජාල පහසුව ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත.

බැක් බෝන් (Backbone Network) එකේ වැදගත්කම

ලංකාවට අන්ත්ර්ජාලය ලැබෙන ප්‍රධාන මාවත නම් මුහුදු කේබල (Submarine Cable)  වේ. මුහුදු කේබල මගින් ලංකාවත් පිටස්තර ලෝකයත් අන්තර්ජාලයට බැද තබා ගනී. දැන් ලංකාවේ 4ජී ලබාදෙන බොහෝ දුරකථන කුළුනුවලට ඔප්ටිකල් ෆයිබර් කේබල් ඇද තිබේ. මන්ද 4ජී හරහා තත්පරයට මෙගාබයිට් 50-60 (Mbps) වේගයෙන් දත්ත ලබාදීමට ටවර් එකේ සම්බන්ධතාවය ශක්තිමත් විය යුතු නිසාය. උදාහරණ විදියට සරලව ගත්තොත් අපිට ගමකට වතුර දෙන්නට අවශ්‍ය නම් ගෙවල් වලට බට එලීම මෙන්ම ඒ බට හරහා එන්නට වතුර මූලාශ්‍රයක් සෙයාාගත යුතුය. ගෙවල් වලින් වතුර භාවිත කරන ප්‍රමාණය වැඩිවෙත්ම වතුර මූලාශ්‍ර හරහා එන සැපයුමද  වැඩි විය යුතුය. 

ඒ වැනිව සිතුවොත් ඒක අයෙකුට මෙගා බිටු 50ක වේගයෙන් මිනිස්සු 50ක් එක කුළුනක් හා සම්බන්ධ වී ඇති අවස්ථාවකදී ඒ කුළුනට ඒ 50 දෙනාටම අවශ්‍ය සැපයුම සතුටුදායකව ලබා දෙන්න නම් අනිවාර්යෙන් ටවර් එකට විශාල ඩේට රේට් එකකින් දත්ත පැමිණිය යුතුය.

ගූගල් ලූන් (Google Loon)

ගූගල් ලූන් ගැන ඉංගිරිසියෙන් ගූගල් හැර වෙනත් සර්ච් එන්ජිමක් භාවිත කොට සොයා බලන අයට වැදගත් තොරතුරු රැසක් සොයාගන්ට ලැබෙනු ඇත. මේ බැලුන වල වැඩිම ආයුකාලය දින සීයකි. නමුත් ලෝකයේ ගගන විද්‍යාඥයින්ගේ අදහස අනුවත් දැනට බැලුන භාවිත කරන කාලගුණ අංශ සහ සිතියම් අංශ සහ නාසා ආයතන වැනි ප්‍රායෝගික යෙදීම් තුලත් ලූන් ව්‍යාපෘතියට යොදාගන්නා වැනි සුවිසාල බැලූන දින 100ක් අහසේ තබාගන්නට හැකියාවක් නොමැති බව වාර්ථා වේ. නියමු ව්‍යාපෘතිය ලෙස නවසීලන්තයේ සිදු කල ලූන් ව්‍යාපෘතියේදී පවුල් 50කට අන්තර්ජාලය ලබා දී ඇති අතර එ් සබදතා වල සාමාන්‍ය වේගය තත්පරයට මෙගාබයිට් 10-12ක් අතර වූ බව සදහන් වේ. මෙහිදී කිහිප වතාවක්ම බැලූන උඩයවන්නට ගූගල් සමාගමට සිදුව ඇති අතර එහිදීද පවුල් 50ට අන්තර්ජාලය ලබා දීමට ගූගල් සමාගමට එකවර බැලූන 30ක් භාවිත කරන්නට සිදුවී තිබේ. නියමු ව්‍යාපෘතියේදී එක් බැලුනයක් උඩ යැවීමට ගූගල් සමාගම පලමු අවස්ථාවේදී 67ත් වතාවක් උත්සාහ කල බවක්ද සදහන් වේ.

ලංකාවෙ ඉන්ටනෙට් දෙන්න බැරි පලාත් තියෙද?

ලංකාව තුල යාල වනෝද්‍යානය උතුරු නැගෙනහිර සීමිත කොටසක් හැරුන කොට කිලෝමීටර 50ක විශ්කම්භය ඇති සීමාව තුල දුරකථන කුළුනක් හෝ ඔප්ටිකල් ෆයිබර් සම්බන්ධතාවයක් නොමැති පලාතක් සොයාගන්ට අපහසුය. ටෙලිකොම් සමාගම විසින් වැඩිමනක් ප්‍රසිද්ධ නොකලාට ලංකාවේ නගර උපනගර සහ ඇතැම්විට කුඩා ගම්මාන වලට ටෙලිකොම් ආයතනයේ ඔප්ටිකල් සම්බන්ධතා දැනටමත් යෙදී ඇත. 

ටෙලිකොම් සමාගමට ඇති විභවය අනුව විදුලි බලය ලබාගත හැකි ක්‍රමයක් තිබේනම් ෆයිබර් කේබලයක් ඇදගෙන යා හැකි මාර්ගයක් තිබේනම් ඕනෑම කැලෑ ගමකට සිතාගන්නටත් බැරි වේගයකින් අන්තර්ජාල පහසුව ලබාදීමේ හැකියාව ටෙලිකොම්(SLT) සමාගමට තිබේ.
යාල මෙන්ම වස්ගමුව වැනි වනාන්තර වල තිබෙන ඇතැම් සංචාරක වාසස්ථාන වලට පවා ටෙලිකොම් සමාගමින් ඔප්ටිකල් ෆයිබර් හරහා සම්බන්ධතාවය ලබා දී තිබේ. පසුගිය කාලයේ කල්පිටිය ප්‍රෙද්ශයේ පවතින දූපත් වලටද සංචාරක අවශ්‍යතා අනුව ටෙලිකොම් සමාගමට අන්තර්ජාලය ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් වූ බවක් මට ආරංචි වුනි. 

වෙන රටවල මෙන් විදුලිය ගමන් කරන මාර්ගයේම ෆයිබර් රැහැන් ඇදීමට ක්‍රමවේදයක් සකස් කල හැකිනම් විදුලිය ලබාදී ඇති බොහෝ ගම්මාන වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම ටෙලිකොම් සමාගමට වියදම් අඩු ක්‍රමවේදයක් වෙනු ඇත. නමුත් එවැනි එක් එක් පද්ධති අතර යහපත් සම්බන්ධතාවයන් වර්ධනය කරනවාට වඩා බැලුන් උඩ යැවීම ලේසිවැඩක් ලෙස රජය කල්පනා කරනවාවිය යුතුය. 

ඉතිං හැම එකම එකයි අපිට හැමදාම ඉන්ටනෙට් නෑ..

ඇමරිකාවේද අන්තර්ජාල වේග සම්බන්ධයෙනුත් ටෙලිකොම් සමාගම් සම්බන්ධයෙනුත් ඇති මහජන මතය ඉතා හොද එකක් නොවේ. මහා බ්‍රිතාන්‍යෙය් පවා ඈත ගම්මාන වලට අන්තර්ජාලය ලබාදීමට රජය කරන මැදිහත්වීම මදි බවට මහජනතාව චෝදනා කර තිබෙනු මා අන්තර්ජාලයේ දුටුවෙමි. 

ලංකාව යනු සත්‍ය වශයෙන්ම කුමක්ද? ස්ථිර මූලික ආදායම් මාර්ගයක් නැති විදේශගත ශ්‍රමිකයිනුත් ප්‍රාථමික නිශ්පාදන වන තේ පොල් රබර් සහ ගාමන්ට් වැනි දේවලිනුත් ආර්ථිකය සදා ගන්නා තුන්වැනි ලෝකයේ රටකි. මෙරට තුල විහිදුනු විශාල කර්මාන්ත ශාලා ඇත්තේ අඩුවෙනි. එසේම සංචාරක කර්මාන්තයේ පවා මාලදිවයින මට්ටමට වත් විශාල දියුනුවක් අප රට විසින් අත් කරගන නැත.


එමනිසා ලාංකික  ටෙලිකොම් සමාගම් වලට ආදායම් සෙවිය යුතු වන්නේ පාරිභෝගිකයින්ට අන්තර්ජාලය සැපයීමෙන්ම පමණි. වෙනත් දියුනු රටවල කර්මාන්ත ශාලා වලට..සංචාරක ව්‍යාපාරයට..විවිධ වෙනත් දියුනු ව්‍යාපාරික සම්බන්ධතා වලට මහා පරිමාණ වශයෙන් ජාල සම්බන්ධතා භාවිතා කරයි. ඒ ආකාරයෙන් ලංකාවේ ටෙලිකොම් සමාගම් වලටද මහා පරිමාණ පාරිභෝගිකයින් වැඩි වශයෙන් සිටියේ නම් අන්තර්ජාලයේ තත්වයත්.. මිලත් මීට වඩා බොහෝ සතුටුදායක වන්නට ඉඩ තිබුනි. 

සන්සන්දනය කිරීමේදී අනෙකුත් සෑම ක්ෂේත්‍රයකදීම අසල්වැසි දකුනු ආසියානු රටවල් යොදාගන්නා අපි ටෙලිකොම් තාක්ශනයේදී ඈත කොරියාව මැලේසියාව සිංගප්පූරුව උදාහරණවලට ගනී. ඒ රටවල ආර්ථික දියුනුවට ටෙලිකොම් ක්ෂේත්‍ර දියුනුව වැදගත් වූවා සේම ඒ දියුනු ආර්ථිකය නිසාම ඔවුනට විශාල වේගයකින් ටෙලිකොම් පද්ධති නව්‍යකරණය කිරීමේ හැකියාව ලැබී තිබේ. 

ලෝකයේ හොඳම ජාල පහසුකම් ඇත්තේ යුරෝපයේ වත් ඇමරිකාවේ වත් නොවේ. ඒ කොරියාවේය. දකුනු කොරියාව දැනට මීලග පරම්පරාවේ අන්තර්ජාල ගැන යහමින් පරීක්ශන කරමින් යන රටකි. එවන් රටකට එසේ පරීක්ශණාත්මක හැකියාවන් තුලින් තව තවත් බොහෝ දේවල් සොයාගන්නට ඉඩකඩ ඇති අතර ඒ පර්යේශනවල ප්‍රතිපල මුදල් බවට පරිවර්ථනය කරගන්නට ඔවුනට යම් කාලයකදී හැකි වෙනු ඇත.


ඇයි ගූගල් ලූන් ආවෙ එහෙනං 

ගූගල් සමාගම වර්ථමානයේදී නිකුත් කරපු ගූගල් බස්, ගූගල් ප්ලස්, ගූගල් ග්ලාස්, ගූගල් කාර් වගේ නිශ්පාදන හිතුව තරම් හිට් වුනේ නෑ..ඒ වගේම ගූගල් ෆයිබර් වුනත් හිතුව තරං ලාබ ලැබුවෙ නෑ.. ගූගල් වුනත් දෙවියන් වහන්සේ වගේ දෙයක් නෙමෙයි..එයාලටත් වරදින්න පුලුවන්. එහෙම වැරදුන එක තැනක් තමයි ලූන් කියන්නෙ. ඒ විදියට වැරදුන දෙයක් නිසා තමයි එයාලට කස්ටමර්ලා 50කට අන්තර්ජාලය දෙන්න බැලුන් 30ක් යවන්න වෙන්නෙ . අනික ඒ එක බැලුමක් අහස උඩ තියෙන්නෙ දින 100 කට අඩු කාලයක්.   

ගූගල් ලූන් ඔෆීෂියල් පිටුෙව තියන විදියට ලූන් කියන්න අන්තර්ජාලය ලබා දීමට භූමියේ බාධාවන් තියෙන තැන්වලට හිතසුව පිණිස ඉන්ටනෙට් ලබාදෙන්න ආපු ක්‍රමයක් තමයි ගුගල් ලූම්.. 

මේ වගේ ලොකු සමාගම් අපි වගේ රටවල් වලට මොකුත්ම නිකං දෙයි කියලා හිතන්න බෑ..මේ ගිවිසුම් මොනවා වුනත් මේ විදියට අන්තර්ජාලය දෙන්න සම්පූර්ණ ව්‍යාපෘති වියදමින් සියයට 10ක් වුනත් අපිට අනුව විශාල මුදලක් වේවි. මේ ව්‍යාපෘතිය නවසීලන්තයේ පයිලට් ව්‍යාපෘතියක් (Pilot Project) විතරයි..එතනින් අවුරුදු දෙකක් ගිහිල්ලත් වෙන තැනක මහාපරිමාණ ව්‍යාපෘතියක් බවට පත් වුනේ නෑ.. 


ලංකාව භූගෝලීය පිහිටීම අනුව සරලවම ෆයිබර් කේබල් වලින් ලංකාවම කවර් කරන්න පුලුවන් රටක්. රජයට අවශ්‍ය ගමට අන්තර්ජාලය ලාබෙට් දෙන්න නම් ඒකට ගොඩක් දේවල් කරන්න පුලුවනි. ඒත් රජයට ඕනි කලිං අය කලා වගේ තමුන්ගේ මැතිවරණ බල ප්‍රදේශයට..ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, වරාය, ගුවන්තොටුපල වගේ හැම දෙයක්ම ගෙන්නගෙන ඡන්ද දිනාගන්න නම්...? එහෙමනං ගූගල් ලූන් කියන්නෙ ඇහැට පේන ලොකු ප්‍රොජෙක්ට් එකක්..ඉන්ටනෙට් කෙසේ වෙතත් ඔය බැලුං උඩ අරින එක හරි ලස්සන වැඩක් වේවි. ඒ වගේම මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක් දුරට යනතෙක් ඈතට මේ බැලුන් අපිට අහසේ ලස්සනට තියෙනවා පෙනේවි.. 

12 comments:

  1. /* සංවර්ධනය ඇති වීමට නම් මිනිස්සුන්ගේ ආදායම වැඩි විය යුතුය. මිනිසුන්ට අතේ ඇති මුදල් වැඩිවන විට ඒ හා සමානව සමාජයේ සංවර්ධන දර්ශක වල වැඩිවීමක් පෙන්නුම් කරයි. */

    එහෙම අති සරල ඒකජ සම්බන්ධතා නොවෙයි ඒවා!

    ReplyDelete
    Replies
    1. කන්තෝරුවක ඉන්න හඩු පියන් කෙනෙක් මීට වඩා දන්නවද ආයිබොවන්ඩ...

      Delete
    2. umba eeta wda dannawa nam liyapanko puka den nethuwa

      Delete
    3. ඔවු මම දන්නවා ඔය තරං සරල නෑ කියලා..ඔච්චර සරල නම් ඉකොනොමික්ස් වගේ සංකීර්ණ විශයක් ඕනි වෙන්නෙ නෑනෙ..කොෝමහරි දල ජාතික ආදායමේ වැඩිවීමත් එක්ක යම් සම්බන්ධයක් ඔය දර්ශක විසින් පෙන්නුම් කරනවා.. හැබැයි ඒක සංකීර්ණයි..

      Delete
    4. කතන්දර උන්නැහේ මේ ලිපියෙ තියන එක වාක්‍යයක් වැරදියි කියලා පෙන්නුවා එුතුමා ඒගැන වැඩිමනක් තොරතුරු තියෙන ආටිකල් එකකුත් දැම්මා.. දැන් අර පියන් මොකුත් දන්නෑ කියන ඇනෝ උන්නැහේට එහෙම මේ ආටික්ල එකෙ වෙනත් අඩුපාඩුවක් පේනවා නම් ඒක උපුටා දාල තියෙන සැකය දුරුකරගන්න පුලුවනි... කුල මල හොය හොය මඩ ගැහුවට මට පිච්චියක අවුලක් වෙන්නෙ නැහැ..අඩුතරමෙ එහෙම වැදගත් දෙයක් හරි පෙන්නල දෙන්න පුලුවන් වුනොත් පස්සෙ බලන කාටහරි වැදගත් වෙයි...

      Delete
  2. මේකත් දින 100 ප්‍රොජෙක්ට් එකක් වෙයිද හිටං? මොනවා උනත් හැම දෙයක්ම දිහා වපර ඇහින් බලන එක හොද නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කොහේවත් හරිගියේ නැති එකක් අපිට හරියන්න පුලුවන්ද? අනික ඒ තරං ලොකුවට එක්ස්පෙරිමන්ට් කරමින් යන බඩුවකට ආයෝජනය කරන්න තරං සල්ලි අපිට තියේද?

      Delete
  3. කියන තරමට ‘හූර ගෙන කන්න‘ තරම් ලංකාවේ දෙයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අතීතයේ ඉඳන් ගොඩක් දුරට ලංකාව භාවිතා වෙන්නේ ඊට වඩා සරුසාර කලාපයක් සූරා කෑමට, පහසුකම් හා මොඩල් සපයන තැනක් හැටියට. ටෙලිකොම් හි ජපන් කොටස්කරුවන් පවා ඒ ගැන ඉඟියක් කරල තිබුණා, මුල දී. කොහොම නමුත් සෑහීමට පත් වෙන්න පුළුවන් තරමට තාමත් අපට අන්තර්ජාල පහසුකම්නම් නැති බව පට්ට ඇත්ත ! කිසිම සමාගමක් පොරොන්දු වෙන විදියට සේවා සපයන්නේ නෑ තාමත්. ඒක ප්‍රශ්න කරගන්න අපිට විදියකුත් නෑ තාම. අඩු ම ගානේ එහෙම විදිවත් හැදෙනවනම්...http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අඩුම තරමෙ උඹ ලින්ක් එකක් දාන හැටිවත් ඉගෙන ගන්නවනම්...

      Delete
  4. ලංකාවෙ හිටියෙ සම්පූර්ණම ගෝත්‍රික මිනිස්සු. උන්ට ඇදුම් අදින්න පවා ඉගැන්නුවෙ සුද්ද. ගෑනු හිටියෙ රෙද්දක් විතරක් ඇදන් පියයුරු එළියෙ දාගෙන. මේව පවා වෙනස් කරේ සුද්ද.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...