Friday, September 4, 2015

සියලු සත්වයින්ට අයිති මිනිස්සු European Humanity

ඉස්ලාමීය රාජ්‍යයක් හදන්න පිරිසක් සිරියාව ඉරාකය කියන රටවල් ආශ්‍රිතව යුද්ධ කරනවා. ඒ නිසා ලක්ශ ගානක මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමි වෙලා තියෙනවා. ඒ රටවල යුද්දෙ තියන කොට මිනිස්සු උත්සාහ ගන්නවා වෙනත් රටවල් වලට පනින්න. තුර්කිය ග්‍රීසිය හරහා යුරෝපයේ රටවල් වලට එන්න තමයි මේ අය උත්සාහ කරන්නෙ. මේ ඉන්නෙ ඒ විදියට දේශසීමාව හරහා පැන එන්න හදන පවුලක්.. 

අවි අතට අරගෙන යුද්ධ වලින් ප්‍රශ්ණ විසදන්න පුලුවන් කියලා අපේ සමාජය තුලත් බහුතර මතයක් තියෙනවා. සාකච්චා වලට නම්‍යශීලි වෙලා ගැටළු විසදගන්නවාට වඩා අනෙක් පාර්ශවයේ සුලු වැරදි මහා ඒවා කරගෙනඒ මිනිස්සුන්ට පහර දෙන්නට තමයි බොහෝ අය කැමති. සමහර විට මිනිස්සුන්ගේ ජානමය ගති තුලිනුත් අනිකාට පහර දීම උත්කර්ශයට ලක් කරනවා ඇති. 

නමුත් ඔය යුධකාමී ටෝක්ස් දෙන අයගේ පවුලටත් මේ වගේ ඉරණමක් අත් වුනොත්.. ? ජාතිය ආගම වංශය ගැන උදම් අනමින් යුද්ධ කරන පිරිස නිසා ඉතා සුළුතරයකට විශාල වාසි ලැබෙද්දි බහුතර මිනිස්සුන්ට අත් වන්නේ මේ වගේ තත්වයක් තමයි. බලන්න ඒ පොඩි දරුවන්ගේ ප්‍රතිචාර දිහා . හිත්වල තියෙන මහකම් ලොකුකම් ජාතිආල වංසක්කාරකම් අවි ආයුධ වලින් පිරිමහගන්න පිරිසක් ලෑස්තියි. අවි වලින් ගැටලු විසදන්න යන අයට ඒ කෲර සිත  පොඩි දරුවන් දිහා බලලවත් පාලනය කරගන්න ඇහැකි නම් මේ ලෝකෙ මීට වඩා සුට්ටක් හරි ලස්සන වේවි. 

No comments:

Post a Comment