Monday, October 5, 2015

උරුමය කරුමය මැද උපාධිය

 
ඩෙනිම් කලිසම හිර කරල තියෙන්නෙ ෆැෂන් එකට සෙට් වෙන්න ඕනි නිසා වෙන්න ඇති. ඒත් නිහිංසගේ දුප්පත් කම ඇදුමෙන් වහන්න ටිකක් අමාරුයි. එක අතකින් ඒ දිහා බලං දුප්පත් කම විග්‍රහ කරන්න යන මගේ ඇස් සහ සිත අමානුෂිකයි. එයාගේ ඩෙනිම හිර කරල තිබුනෙ පස්සෙ දාපු මැහුම් පේලි වලින්. ඒ අස්සෙන් පෙනුන අතේ මහපු තැනුත් තිබුනා. බාගෙදා ඒක ඉරුනට පස්සෙ නිකන් මැෂින් වල ඩෙනිම් මහන්න බැරි නිසා උන දෙයක් වෙන්න ඇති.

කාලෙකට කලින් පොලිෂ් කරලාඉදහිට හොදින් තියාගත්තු කහපාට දිග මූනක් ඇයට තියෙනවා. බොහොම හොදට වෙඩින් එකකට පොලිස් කරලා ලස්සනට හදාගත්තට පස්සෙ කාලෙකට ඇගේ මූනට ලොකු සාත්තුවක් වෙලා නැහැ. කොන්ඩෙනුත් පෙන්නුම් කලේ ජීවිතේට ඉස්ට්‍රේට් කරපු නැති විදියක්. 

ගැමි කෙල්ලොන්ට ආසය් කියල කිව්වට මේ වගේ අර්ධ ගැමි එකියක්ට.. අකැමති වෙන අයත් ඇති. මොනව වුනත් කෙල්ල හැඩයි. ලොකුවට පිම්බුන අවයව නැතිවුනාට චාම් දිගැටි මූනට ඒ සුන්දර ඇස් දෙක එකතුවුනාම අමුතු කාව්‍යමය සුන්දර ගතියක් තිබුනා. 

නිහිංසා ඉගෙන ගත්ත ලමයෙක්. ඇය උපාධිදාරිනියක්. දැනට උපාධිය අරගෙන අවුරුද්දක් වෙනවා.ඒත් රස්සාවක් නැහැ. ඇගේ උපාධිය රජරට සරසවියෙ.ඇගේ ගම පොලොන්නරුවෙත් ටිකක් ඇතුලට වෙන්න ඇලහැර දියබෙදුම පැත්තෙ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් අලුතින් උපාධිය ගතපු රැකියා නැති හාරදහක් ඉන්නවලු රස්සා බලාගෙන. එයින් නිහිංසා කියන්නෙ එකම එක චරිතයක් විතරයි. 

ඇගේ පියාට හරි පැත්ත මාරු වුනා. මුලින් මෛත්‍රි මහත්තයට වැඩ කලාට පස්සෙ ඩඩ්ලි මහත්තයලත් එක්ක තරහ වෙලා ලොකු ජනාධිපතිවරණයෙදි නිහිංසගේ තාත්ත ගත්තෙ දිනපු පැත්ත නෙමෙයි. අනික් පැත්ත. ඒ නිසා අද නිහිංසලයි පවුලට දේසපාලන පිහිට ගන්න බැරිවෙලා. සමහර විට දැන් නැතිවුනත් අනාගතේ දවසක හරි නිහිංසට රැකියාවක් ලැබෙන්න තිබුන වාසනාව වැඩිවෙන්න තිබුනා ඡන්දෙන් දිනපු පැත්තෙ නිහිංසල හිටිය නම්. 

මං මුලින් රස්සාවක් හොයාගන්න ඕනි. ඉන් පස්සෙ දෙමව්පියන්ට සලකන්න ඕනි. නිහිංසගේ බලාපොරොත්තු වල මුල් ලැයිස්තුව හරියෙ එහෙම තිබුනා. නිතරම ගැසට් බලන ඇය දමන්න පුලුවන් බොහෝ බොහෝ සේවාවන්ට අයදුම් කලා නමුත් ඒ කිසිවකින් නිහිංසගේ සිතට සතුටක් එන තැනක් තිබුනෙ නෑ.. 

ආයිත් උපාධිධාරින්ට රස්සා දෙන එකක් නැද්ද දන්නෙත් නෑ.. එක වෙලාවකට මේ ගත්තු උපාධියම වදයක්ද කියලත් නිහිංසට හිතුන වාර අනන්තයි. ඒත් නිහිංසට ගමෙ ්තියෙන්නෙ ලොකු සැලකීමක්. ඇය පාරෙ යනකොට ඉස්කෝලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් පාර යනවා වගේ තමය ිමිනිස්සුන්ගේ සැලකීම. ඇයට රැකියාවක් නැති එක ගැටළුවක් නමුත් ගම්මුන්ගේ හිතේ උගතුන් ගැන තියෙන ලොකු චිත්‍රයෙන් දශමයක් වත් මකන්න නිහිංසට හොයාගන්න බැරි උන රැකියාවලට බැහැ. 

දැන් ඉතිං ගාමන්ට ්යන්නත් බැහැ. මොකද නිහිංස ගාමන්ට් යනවට නිහිංසගේ නෑයොය් දෙමව්පියොයි අකමැතියි. 

ගොයං කපන්න දෑකැත්ත අතට ගත්තට ,..පෑන් අතට අර රෑ වෙනකල් පුටු උඩ වාඩිවෙලා පොත් පත් වල බර දරාන හිටපු ඒ අත් වලට දෑකැත්ත බර වැඩියි වගේ. එතකොට ඈට පේනවා ඇය අඩියක් ගොයං කපාගෙන ඉස්සරහට යද්දි ඒ වගේ අඩි තුන හතරක් ඉස්සරහින් යන විදිලි වේගෙන් ගොයං කපන මඩකලපුවෙන් ආපු කොල්ලො.. 

ලොකු මැෂින් දාන්නබැරි මේ කුඹුරු කෑලිවල ගොයං කපන්න දැන් එනව මඩකලපුවෙන් ගෑනු මිනිස්සු සහ ලමයි. ඒ මිනිස්සුන්ට හරියට වැටිල ඉන්න පැල්කොටයක්වත් නෑලු.. ඒ මඩකලපුවෙන් එන කොල්ලො උපාධි කාරිනියක් වෙච්චි නිහිංස දිහා බැලුවෙ ලොකු ගරුත්වයකින්. ඒ නඩේ හිටපු සිංහල දන්න එකම එක්කෙනා නිහිංස ගැන කියන්න ඇති ලොකු විස්තරයක්. 

අවුරුදු පාලහේ දාසයෙ කොල්ලො ඇවිත් විසාල දෑකැති වලින් ගොයං ගස් ටික සෙල්ලමට ගත්තා වගේ ඉක්මන්ට ගොයං කපනවා. ඒ මිනිස්සු මෙහෙ ඇවිත ්තුන් වේල කාලා ගන්න තුට්ටු දෙකත් අරගෙන ආයිත් මඩකලපු යනවා. ඒ ගන්න සොච්චං සල්ලියෙන් ඒ මිනිස්සුන් ට මාසයක් දෙකක් යාන්තං නොකා නොබී ඉන්න ඇහැකිය කියලා ඒ කන්ඩායමේ ඉන්න සිංහල දන්න මිනිහ කියනවා නිහිංසට ඇහිල තිබුනා. 

මඩකලපු තරුණයො හැඩියි දැඩියි..මහතයි. .උපාධියෙන් යටවුනු ඇගේ තරුණ ළය මඩල මඩකලපු තරුණයින්ගේ පපුවල ගිහින් වැදෙන්නෙ ඔවුන්ගේ හුස්ම හඩ අගේ කනේ වැදෙන්නෙ ඇත්තම ලෝකෙ නෙමෙයි. මායා ලෝකෙ. නමුත් ඒ මායා ලෝකට කලිං විසදගන්න කොච්චර ලෝක තියෙද? නිහිංස නියරක් උඩ වාඩි වෙලා ගොයං සැර වැදුන දනිස්සෙ යට පැත්ත කහන ගමන් කල්පනා කලා. 

දෙමව්පියන්ගේ ගොවිතැන් වලට උදව් වුනා කියලා ලොකු වාසියක් ලැබෙන පාටකුත් නෑ..ගෙදට්ට වෙලා ඉන්න පුලුවන් උපරිම කාලේත දැන් ගෙවිගෙන ගිහින් ඉවරයි. තාත්තයි අම්මයි නංගිලාට දෙස් තියනවා ඇහෙනවා. ඒත් ඇත්තටම නිහිංසට බනින්න බැරි කමට නංගිලට බනිනවද දන්නෙත් නෑ නිහිංසට හිතුනා. 

මගේ උපාධිය වගේම මේ ලෝකෙට මාවත් වැඩි ඇති. හොදට ඉගෙනගන්න තිබුන හැකියාවත්  පොඩි කාලෙත් ලස්සනට හිටිය නිසත් නිහිංසට වැඩියෙන් ආකර්ශනය ලැබුනා. ඇය නිවේදන තරග වගේ තරග වලින් ගොඩක් ඈතට ගියා. නමුත් කොළඹට කිට්ටුවෙනකල් ඇගේ නිවේදන හැකියාව ගියාට නිවේදන කරන්න යන්න එන්න ගියාම තිබුන කරදරේ ඒවට වියදං වෙන බස් කුලිය පවා හොයාගන්න තිබුන අමාරුව නිසා ඒවත් එහෙම්ම යට ගියා. 

ඇය ගොඩක් කතා කලා.මම ගෑනුලමයි එක්ක කතා කරද්දි මට වඩා ගෑනුලමයි කතාකරන අවස්ථා එන්නෙ ටිකක් අඩුවෙන්. මගේ තියෙන පන්ඩිත ඒරියා එක වැඩි නිසා ඇය බොහෝවිට අහගෙන ඉන්නවා මිසක ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ වෙන තැන්වලදි ..නමුත් නිහිංස එහෙම නෑ.. ඇය මටත් වඩා කතා කලා. අවසානෙ දැන් ඔයාට රට යන්න හිතිල ඇති කියල කියල මම ඇහුවා..

ඔයා කොහොමද ඒක දන්නෙ..නිහිංස ඇහුවා.. ඒක මම ගෙස් කල එක ගැන නිහිංසට පුදුමයි. අවසානෙ ඇය ගියා.. ඇය මගේ කාඩ් එක අරං ගියා. මගේ ටෙලිපෝන් නම්බරේ අරං ගියා..මගේ මතකයෙන් කෑල්ලකුත් නිහිංස මල්ලෙ දාගනෙ ගියා. ඒත් ඇගේ ටෙලිපොන් නම්බර් එකවත් නමවත් මොකක්වත් මට දීල ගියෙ නෑ.තේ වතුර එකක් බොන්න අපි අර කඩේට යමු කිව්වහම..අනේ බෑ ඔයා යන්න කියල මග ඇරල ගිය ඒ දිගටි මූන මට තාම මතකයි. ඇගේ බලාපොරොත්තු සාර්ථක වේවා..!!කියනවා හැර වෙන මක්කා කියන්නද? ඉතිං..

5 comments:

  1. ඇත්තම කතාවක ද. නැත්තං එහෙම හිතෙන්න ගොතපු කතාවක්ද.
    රස්සාව කියන්නෙ රාජ්‍ය සේවයම නෙවෙයි කියල තේරුං ගන්න කැමති නැතුවද
    ඒක අපේ සමහරබඅයගෙ ඇටිටියුඩ් එක නෙ
    හැබැයි මේක සෑහෙන්න පරණ කතාවක් වෙන්න ඕන
    1. දැං පොළොන්නරුව අනුරාධපුර පැත්තට මඩකලපු කොල්ලො නැත්තං මට්ට මිනිස්සු එන්නැති එක.
    2 එහෙ තියෙන ලියදු වලට දාන්න බැරි හාවස්ටරයක් නැති එක. (ලෑන්ඩ්මාස්ටරේට සෙට් කල පොඩි හාවස්ටරය ආවෙත් 2006 2007 කාලෙ වගේ)
    3 එහෙම තිබ්බත් මට්ට මිනිස්සුන්ට නෙදී කපන අවස්තා තමයි වැඩි.

    දෙන්නත් උං එන්නෙපෑ

    ReplyDelete
    Replies
    1. කරල තියෙන්නෙ ආට්.. ආට් වලට පුද්ගලික අංශයේ රැකියා නැහැ.අනික දැන් මූලික සුදුසුකම් මත කොළඹ රැකියාවකට එන එක විහිලුවක්..නවතිලා යාම් ඊ්ම් වලට වියදම් වුනාට පස්සෙ ගෑනුලමයෙක්ට ඉතිරිවෙන්න දෙයක් නෑ..

      1. මට්ට නෙමෙයි මේ දෙමල මිනිස්සු කියලයි එයා කිව්වෙ. මේක ගිය සෙනසුරාද මට හමුවුන ඇත්ත සිද්ධියක්..
      2. ගොයං කැපෙන කාලෙටත් සමහර කුඹුරු තියෙනවා මඩ ගතිය තියෙන..එහෙම වුනොත් ටිකක් අමාරුයි කපන්න..ඒත් ඔය කියන මැෂින ්තිබුනත් තාමත් අතින් ගොයන් කැපෙන පැති තියෙනවා..
      3. මට්ට නෙමෙයි මේ දෙමල වෙන්න ඕනි.. තරුණ පිරිස දැන් කුඹුරු වලට බහින්න කැමැත්තක් නෑ,.හිටපු තරුණයෙොත් කොළඹ හෝ රට ගිහින්.. ඉතිං සමහර විට පිට එවුන්ට ඒ නිසාම චාන්ස් එක වදිනවා ඇති..

      Delete
    2. දෙමළ අය ගොයම් කපන්න අනුරාධපුර පොළොන්නරුව පැති වලට එන්නැති තරං. ඇත්තටම එන්නෑ කිවොත් හරි.
      අතින් ගොයම් කැපෙන්න තරං මඩ තියෙන කුඹුරු තියෙන එක ඇත්ත. නමුත් පිටිං ඇවිත් කපන්නෙ නැ දැං.
      ඊටත් ඒවටත් දාන්න බයක් නැති ටැට්ටර් කාරයො ඉන්නව. මොකද ඔය කුඹුරු වල දණක් මඩ නැති හන්ද. ඒක වෙන්නෙ රොටරි ගහන එකෙන්ත සී ෆෑන් එකත් රොටරි නෙ. මඩ හිටින්නෙ අල්පයයි. ඉතිං වතුර නොදෙනකොට ටක් ගාල වේලෙනව. එහෙම වැව් වතුර ඕන නැති කුඹුරු තියෙන්නෙ ඒ කියන්නෙ වගල් කෑලි තියෙන්නෙ බෝම සුවල්පයි. ඒවත් මිනිස්සු දාල කප්පන්න තරං ලොකු ඒව නෙවී.

      මම මේ කියන්නෙ පහුගිය කන්න වෙනකං මගෙ අත්දකීම. අමිලගෙ කවුරු හරි අදුනන කෙනෙක් ඉන්නව නං අහල බලන්න.

      Delete
    3. පොලොන්නරුවෙමත් නෙමෙ කියල කිව්වෙ..දියබෙදුම තමය කිව්ව ගම.. මමත් එවෙලෙම ඇහුව ටැක්ටර් වලින් කැපීම ගැන..ඒත් කිවේව අර විදියෙ කතාවක්..මම ඉතිං වැඩියම අහන්න ගියේ නෑ..කෙල්ල කිව්ව එක අහං උන්නා.. සමහර විට කෙල්ල බොරු කිව්වා වෙන්නත් පුලුවනි..

      Delete
    4. දිය බෙදුම කියලත් මහ දුරක් යැ. කොහෙත් එකම කතාව අමිල
      සමහර විට කෙල්ල බොරු කිව්වා වෙන්නත් පුලුවනි.. ///
      මං නොකිය කීවෙ ඒක කියල හිතුනෙ නැද්ද
      හැක්

      Delete