Wednesday, October 7, 2015

අපේ ෆෝන් එකට එබෙන්න පොලිසියට පුළුවන්ද

බලන්න අමාරු අකමැති අයට 
අහන්න මෙතන ඔබන්න
 රූපවාහිනිය ගුවන්විදුලිය වගේ උපකරණ තනියෙන් අපිට බලන්නත් පුලුවන් වුනාට ඒවා පොදු භාවිතයටත් ඒ වගේම යොදාගන්නවා. නමුත් පරිඝනකයක් ස්මාට් ෆෝන් එකක් කියන්නෙ තනිකර පුද්ගලික පරිහරණයට යොදාගන්නා උපාංගයන්. ටැබ්ලට් ..ලැප්ටොප් ෆෝන් ස්මාට්ෆෝන් ආදී විශාල පරාසයක මේ මොබයිල් ඩිවයිස් පැතිරිල තියෙනවා. 

පහුගිය සතිවල ලංකාවෙ ඇතිවෙච්චි කතා බහත් එක්ක ආපු කතාවක් තමයි පොලිසියට අපේ ලැප්ටප් ෆෝන් චෙක් කරන්න හැකියාවක් තියනවාය කියන කතාව. 

මේකෙදි අසභ්‍ය දේවල් සම්බන්ද ලංකාවෙ තියෙන යාවත්කාලීන නොවූ යල්පැනගිය නීති රෙගුලාසි අනුව අසභ්‍ය දේවල් වලට යම් යම් සීමාවන් නීතියෙන් පනවා තිබෙනවා. නමුත් අසභ්‍ය කියන්නෙ මොකද්ද කියලා හරියට නීතියෙ අර්ථදක්වලා නැහැ. සිතන්න ඔබගේ ජංගම දුරකථනය තුල කාන්තාවන්ගේ පින්තූර රැසක ගොනුවක් තිබෙනවා. එයින් ඇතැම් ඒවායේ බිකිනිය ඇදගත් කාන්තාවන් සිටිනවා..ඇතැම් ඒවාගේ ඇදුම් රහිත නිරුවත් අය ඉන්නවා..ඇතැම් එකක කාන්තාවන් ලිංගික ක්‍රියාවල නිරත වෙනවා.මේ අතරින් අසභ්‍ය වෙන්නෙ කුමක්ද? අසභ්‍ය නොවෙන්නෙ කුමක්ද කියලා ඔබට මට තීරණය කරන්න පුලුවනි. නමුත් නීතියක් නම් ඒකෙ රාමු හරියට ලකුනු කරලා තියෙන්න ඕනි. එහෙම නැත්තං ඇතැම් විට නාන අවස්ථාවක ලබාගන්නා විනෝද (ෆනී මොඩල්) පිංතුරයක් වුනත් අසභ්‍යයයි කියලා ඇතැම් විට අනික් අයට අර්ථකතන දෙන්න පුලුවන් වෙනවා. 

ෆෝන් එක ලැප් එක පෙන්නුවම මොකද වෙන්නෙ?  

  අන්තර්ජාල සිංහල ලිපි වල තිබුන විදියට පොලිසියට ඕනි වෙලාවක අපේ කොම්පියුටරය ෆෝන් එක චෙක්කරන්න වරෙන්තුවක් ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් ෆෝන් එක හෝ කම්පියුටරය කියන්නෙ ්අපේ අතිශ්‍ය පුද්ගලික දත්ත තිබෙන තැනක්. ඒ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තිබෙන දත්ත වල සම්පූර්ණ අයිතියක් අපිට නැහැ.. උදාහරණ විදියට මම දරන නිලය අනුව මම වැඩකරන කන්තෝරුවෙ ලිපි ගොනුවක සොෆ්ට් කොපියක් මගේ ෆෝන් එකේ ලැප් එකේ තියාගන්න මට අයිතිවාසිකම තියෙනවා. නමුත් ඒක වෙන කෙනකේට පෙන්වන්න අයිතියක් මට නැහැ. එහෙම වුනෙත් ඒක අපි කම්පනිය එක්ක තිබෙන නීතිමය බැදීම අමු අමුවේම කඩ කිරීමක් වෙනවා. 

ලංකාවෙ තිබෙන ලොකු අවුලක් තමයි පොලිසියට අම්බානක බය වෙන එක. ඉස්සර කාලෙ ඈත ගම් මාන වලට පොලිසියෙන් පැන්නම සමහර බයියෝ දුවල ගිහින් හැංගෙනවා කිසිම වැරැද්දක් නැතුවත්.. ඉතිං ඒ වගේ මේ පොලිසියෙන් අපේ පරිඝනක ෆෝන් චෙක් කරනවා කියන සුලු සද්දෙට සමහර අය බයවෙලා තමුන් පාවිච්චි කරන උපාංග වල ලොකු ලෙුාකු වෙනස්කම් කරගෙන තිබුනා. එක අතකින් මෑත කාලෙ පොලිසිය සේයා සදෙව්මි සිද්ධියේදි හැසිරුන විචක්ෂණ විදියට දැක්කම මිනිස්සු බයවෙන එක සාධාරනයි කියලත් හිතෙනවා.. 

පොලිසියෙන් ඒ විදිටය ජංගම දුරකතන වල ගොනු සෝදිසි කිරීමට වරෙන්තු ලබාගත යුතු සාධාරන හේතු තිබෙනවා. උදාහරණ විදියට පහුගිය කාලයේ  ඇතැම් උද්‍යානවල පෙම්වතුන් ගේ ප්‍රේමාලිංගන වීඩියෝ කොට ඔවුන් බියගන්වා කප්පම් ගැනීම්.. ඒවා අන්තර්ජාලයට සහ වෙනත් ජංගම දුරකථන වලට බෙදාහැරීම් ආදී අකටයුතු කම් තිබුනා. ඇතැම් උද්‍යානවලට ගෑනු ලමයෙක්ට කොටට ඇදුමක් ඇදගෙන යන්නත් බැරි තරම් කැත මට්ටමට මේ ජංගම දුරකථණ කැමරාව සමහර අය පාවිච්චි කරලා තිබුනා.. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදි පොලිසිය විසින් මහේස්ත්‍රාත් තුමාට කරුණු දක්වලා එක්තරා අවස්ථාවකදි උද්‍යානය තුල සිටින සියලුම දෙනා ගෙ ජංගම දුරකථන පරීක්ෂා කරන්න අවසරයක් අරගෙන තිබුනා..ඒ වගේ සාධාරන හේතුවකදි පොලිසියට වුනත් උද්‍යානයේ සිටින අහිංසක බහුතර දෙනා වෙනුවන් ජංගම දුරකථන පරීක්ෂාවක් කිරීමේ සාධාරන අයිතියක් තිබෙනවා.

ඇත්තටම අද කාලෙ පුද්ගලිකත්වය කියන එකට අයිති වෙන්නෙ ඇදුම් වලින් වහගත්ත ශරීර අවයව කෑලි ටික විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිපු පුද්ගලික අවකාශයක් අපි හැමෝටම නිර්මාණය වෙලා තියෙනවා. මම වැඩියෙන් ටෙලිපොන් කරන්නෙ කාටද? මම ගහන මැසේජ් වල තියෙන්නෙ මොනවද වගේ දේවල් අද දවසෙ දි බොහෝ වැදගත් කාරණා බවට පත් වෙලා තියෙනවා.. 

ඔබේ ජංගම දුරකථනයේ සිම්පතේ දත්ත පොලිසියට ලබාගන්න අවශ්‍ය වුන අවස්ථාවකදි පොලිසිය එම දත්ත ලබාගත යුතු වන්නේ උසාවි නියෝගයකින්. එතනින් මෙහා ජංගම දුරකථන සිම්පතක පුද්ගලික දත්ත  වෙනත් පාර්ශව වලට නිකුත් කිරීම වරදක්. ඒ කියන්නෙ කෝල් සම්බන්ද දත්ත මැසේජ් ආදියෙ දත්ත වුනත් දුරකථන ජාලයේ තැම්ප්ත වුනාට ඒවා වෙනත් පාර්ශව වලට ලබාගැනීම නීතිමය අතින් වුනත් දැඩි ලෙස ආරක්ෂා කරලයි තිබෙන්නෙ.. 

ඒ වගේ වටපිටාවකින් ජංගම දුරකථන ජාලය තුලදි අපේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙද්දි කොහේ දෝ යන අසභ්‍ය නීතියකට මුවාවෙලා අපේ ජංගම දුරකථනය, දැඩි නීතිමය ප්‍රතිපාදනයින් තොරව එබිල බලන්න..ඒකෙ තියෙන ඒවා හොයල බලන්න වල් බූරු නිදහසක් පොලිසියට කොහොමටවත් නෑ.. නැති නයි අරං රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව..පොලිසියෙන් ඔබේ ජංගම දුරකථනය, ටැබ්ලට් එක, ලැප්ටප් එක චෙක් කරන්න එනවා නම් ඒ සදහා තිබෙන නීතිමය ලියකියවිලි ඉල්ලා සිටින්න ඔබට සැබැවින්ම අයිතියක් තිබෙනවා.. 

මම අන්තර්ජාලයේ දැකපු එක තැනක තිබුනෙ අපි පරිගනකයේ පාස්වර්ඩ් දාල තිබුනත් පොලිසිය අපිට දෙක තුනක් පහර දෙන විට ඒවා පොලිසියට දෙන්න වේවි . ඒනිසා ගුටිකන්න කලිං ම පාස්වර්ඩ්  දෙන එක හොදය කියන මෝඩ තර්කයක්. සැබෑවටම පොලිසියට අපෙන් ප්‍රශ්ණ කරන්න අයිතියක් තිබුනත් පහර දෙන්න හැකියාවක් නැහැ. මේ වගේ පහර දීල ගැටළු විසදන්න ගන්න උත්සාහය වැරැද්දක්. ඒකෙන් වෙන්නෙ වැරදි නොකරන අයත් වැරදි කලා කියලා පිලිඅරගෙන ප්‍රශ්න තවත් සංකීර්ණ වෙන එක.. 

අවසාන වශයෙන් පොලිසියේ කාර්යභාරය වෙන්නෙ අපේ පුද්ගලිකත්වය අවුස්සන එකවත් නැති ප්‍රශ්න වගා කරන එකවත් නෙමෙයි. සමාජයේ නීතිය සහ සාමය වෙනුවෙන් ක්‍රියාකිරීම. ඒක පොලිසිය වගේම අපිත් හොදට අවබෝද කරගන්න ඕනි. 

17 comments:

  1. ඉතාම හොඳ සටහනක්. චූදිතයාගේ අයිතීන් ගැන අවබෝධයක් හෝ ඒවාට ගරු කිරීමක් අපේ රටේ නෑ. ෆෝන් එක පරීක්ෂා කරන එකේ ඉඳලා නිරුවත් කරලා ගහන එක දක්වා ඒක එහෙමයි. අනිත් කාරණය අපේ අයිතීන් ගැන පුරවැසියන් වන අපටත් දැනුමක් නෑ. එනිසා හැම අතම හැම වෙලේම වෙන්නේ පුරවැසි මෙන්ම මූලික මිනිස් අයිතිවාසකම් උල්ලංඝනය වීම්. හිතාමතාම සහ නොදැනුවත්මව යන ක්‍රම දෙකෙන්ම.

    මෙහෙම බ්ලොග් සටහනකින් හරි හැකි තරම් දායකත්වයක් ලබා දෙන්න ගන්නා උත්සාහය අගය කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොලිසි වල බහුතරයක්... අධ්‍යාපනයක් නොලැබූ අය ..ඔවුන්ගේ හැසිරීම,සන්නිවේදන කරකාශ භාවය...නීතිය හරි හැටි අවබෝධ කර නොගැනීම..ආධිපත්‍ය පැතිරවීමේ අඩු මානසික..පුරුද්ද....වාගේ දේවල් නිසා..මහජනයාට වෙන හිරිහැර,,අකටයුතු කම් බොහෝය

      Delete
  2. www.elakiri.com/forum/showthread.php?t=1677452 සම්පූර්ණ විස්තරයක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඕකෙ තියෙන කරුනු බොහොමයක් අතිශයෝක්තියෙන් තියෙන්ෙන..එතන තියෙන උදාහරණ මම පුද්ගලිකව හොයල බැලුවා..ඒ හැම තැනකදීම පොලිසිය විසින් අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කරලා තමයි පෝන් පරීක්ෂාවට අවශ්‍ය වරෙන්තුව අරන් තියෙන්නෙ.. එහෙම නැතුව ඕනි තැනක ඕනි පෝන් එකක් බලන්න පොලිසියට අවසර ගන්න බෑ...ඒකට සාධාරන හේතු තියෙන්නට ඕනි.. ඔය කියන විදියට අපි පොලිසියට බය වෙලා පෙොලිසිය ඈතදි දැක්කත් පෝන් එක පෙන්වන්න ලෑස්ති වෙල ඉන්න ඕනි කියන ආකල්පය තමයි මිනිස්සුන්ට යන්නෙ...

      Delete
    2. අමිල...ලංකාවේ අධිකරණය තියෙන්නේ...පොලිසිය ඉදිරිපත් කරන b වාර්තාව..කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අනුමත කිරීමයි....පොලිසිය අකට යුත්තක්ම කරන්නේ..ඔය b වාර්තාව....පක්ෂ ග්රාහීව අදිකරණයට ඉදිරි පත් කිරීම තුළිනුයි...

      Delete
  3. ..//සැබෑවටම පොලිසියට අපෙන් ප්‍රශ්ණ කරන්න අයිතියක් තිබුනත් පහර දෙන්න හැකියාවක් නැහැ.//..

    හොද පැහැදිලි කිරිමක්.නීතිය සාධාරනව ක්‍රියාත්මක වනවා නම් හරි.නමුත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව ගැටලුවක් තිබෙනවා.සැකකරුවකුට පහර දෙන්න අයිතිය පොලිසියට නැති වුනත් පොලිසියෙන් කරන්නේම පහර දෙන එක.යම් විදියකින් පොලිසියට අභයෝගයක් වෙන ආකාරයට ක්‍රියා කලොත් ආයුධ පෙන්වන්න අරගෙන ගිහින් මරලා දාන තත්වයක් තියෙන්නේ.කොහොම කලත් සාමාන්‍ය ජනතාවටයි ඒකෙන් අසාධාරණයක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැක්කද ආබාධිතයෙකුට පහර දුන් වෙලාවෙ පොලිස් ලොක්කො කියපු කතාව. ඌ දක්ෂ පොලිස්කාරයෙක්ලු. හොරාගෙ අම්මගෙ ක්‍රමයට පරීක්ෂනයකුත් ඔන්න ඔහෙ තියනවලු

      Delete
    2. පොලිසියෙන් තමාට අසාධාරණයක් වුනාම ඒක වීඩියෝ කරලා ෆේස් බුක් දාන එක හොඳයි. මේවා ගැන සමාජ කතිකාවතක් ඇති වෙන්නේ එතකොට. ඒත් ඊළඟ පියවර විදිහට ඒ සිද්ද වෙන අසාධාරණ වලට එරෙහිව නීතිමය පියවර ගන්න එක වැදගත්.

      අපිත් අනුගමනය කරන්නේ ශේප් න්‍යාය. ලේසි ක්‍රමය. එක්කෝ ගෙදර ඇවිත් කට්ටිය එක්ක බැනලා නිකන් ඉන්න එක, එහෙම නැතිනම් වීඩියෝ එක ෆේස් බුක් දාල කමෙන්ට් වලින් බැනලා නිකන් ඉන්න එක. ඒත් ඊළඟ පියවර තියන එකයි වැදගත්.

      ඕනම ජඩ වැඩක් කරලා ගැලවෙන්න පුළුවන් සිස්ටම් එකක් තියෙද්දි ජඩ වැඩ කරන එක නවත්තන්න පොලිස් ජඩයන්ට සාධාරණ හේතුවක් නෑ. ඒ හේතුව ජනතාවක් විදිහට සාමූහිකව දෙන්න ඕන.

      පැමිණිලි කිරීම, අයිතීන් වෙනුවෙන් කතා කිරීමයි හොඳම විසඳුම.

      Delete
  4. දැන් පොලීසියට විරුද්ධව මේ දේවල් ඒළියට ඒන කාලේ.... බලමුකෝ මොකද වෙන්නේ කියලා....

    ReplyDelete
  5. ඉතා හොඳට ලියවුන පෝස්ට් එකක්

    ReplyDelete
  6. ඇත්තටම අයිතිවාසිකම් ගැන අපි දැණුවත් වෙන්න ඕන .ඒ වගේම වැරදි කරන පොලිස්කාරයන්ට එරෙහිව ඉතා දැඩි නීතිමය පියවර ගත යුතුයි. නීතිය ගැන දැනුවත්වීම තුලින් පොලිස් වාහනයක් එනවිට වැරැද්දක් නොකළත් කැලේකඩාගෙන දුවන එක වළක්වන්න පුළුවන්.
    අර කියනවත් වාගෙ පොලීසිය ක්‍රියාකරන විචක්ෂන විදිය දැක්කම එහෙම නොහිතත් බෑ.
    සේයගෙ සිද්ධියෙන් පස්සෙ විශාල පිරිසක් තමන්ගෙ පරිගනක වල වෙනස්කම් කරගත්ත විතරක් නෙවෙයි තමන් යම් මොහොතක සැකකාරයෙක් වෙයිද කියන අනියත බිය හැම තරාතිරමකම අය තුල ඇති වුනා.

    ReplyDelete
  7. ගුටි කන්න හයි හත්තිය නැතිවුණාම අනේ නොකියන දේත් කියවෙයි. මේන්න මේ ක්‍රමයට විරුද්ධවයි ජනතාව පෙළගැස්විය යුත්තේ. ෆුල් ෆේස් හේල්මට් වලට විරුද්ධවුණාට වඩා බහුතරයකට වටින්නේ මේන්න මේ වගේ පොලිසියට අයිති නැති නොකළ යුතු දේ මොනවාද යන්න ගැන ජන මතයක් ඇතිකිරිමයි.

    ReplyDelete
  8. අපේ රටේ මිනිස්සු හරියට නීතිය ගැන නොදැනගැනීම තමයි මේ හැමදේකටම හේතුව.

    ReplyDelete
  9. සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබද තියෙන නොදැනුවත්කමයි අහේතුකව ඇති කරලා තියෙන බයයි තමා ඔක්කොටම හේතුව.............

    ReplyDelete
  10. //මම අන්තර්ජාලයේ දැකපු එක තැනක තිබුනෙ අපි පරිගනකයේ පාස්වර්ඩ් දාල තිබුනත් පොලිසිය අපිට දෙක තුනක් පහර දෙන විට ඒවා පොලිසියට දෙන්න වේවි//
    මාත් දැක්කා ඔය කතාව කොහෙහරි

    ReplyDelete
    Replies
    1. මං දැක්කා අද අපේ දත් දොස්තර ඇමැතියත් අර ගහන කතාව සාධාරණීකරණය කරන්වා.ඇත්තටම අපි දන්නේත් කාවහටි අල්ලන් ගියාම ගහල කට උත්තර ගන්න එක ගැන් අවිතරනේ.ඇත්තටම ඒක ඇර ඇත්ත එලිකරගන්න පුලුවන් වෙනත් ක්‍රම මොනවද?

      Delete
    2. අපරාධ හොයාගන්න රහස් පරීක්ෂණ තියෙන එක සෑහෙන පරණ වැඩක්...ශර්ලොක් හෝල්ම්ස් එක කතාවකවත් තියෙනව ද? ස්කොට්ලන්ඩ් යාඩ් එක සැකකාරයට උඩ එල්ල ගෙන ගහපු කතාවක්...? ඇමරිකාවෙ හෙම මිනිස්සුන්ට තුවක්කු පාවිච්චියට නිදහස තියෙනව ..ඒත් එහෙ පොලිසිය මේ මට්ටමට ම්ලේච්ඡ නෑ..ඔය විදියට සැකකාරයට තඩිබෑවම සත්‍යයක් හොයාගන්න ලේසියි නම් අනික් තියෙන රහස් පරීක්ශන,,බයෝමෙට්‍රික්ස්,,සාක්කි වලින් අමාරුවෙන් පරීක්ෂණ කරන එක තේරුමක් නෑනෙ

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...