Wednesday, November 4, 2015

ගෝඨාගේ කොළඹ Gota s Colombo

කොළඹ කියන විසාල නගරය වෙනස් කරපු පතාක යෝදයෙක් විදියට ගෝඨාභය රාජපක්ස හදුන්වන්න කට්ටිය මැලි වෙන්නෙ නැහැ. එක අතකින් බැලුවාම මොකුත්ම නොකර නිකාංම ඉන්න උසස් නිලතල දිහා බැලුවාම ගෝඨාබය කියන්නෙ මොනවාම හරි කල කෙනෙක්. උදාහරණ විදියට බැසිල් මොනවද කලේ? කියල ඇහුෙවාත්? අපිට මොකුත්ම මතක් වෙන්නෙ නැහැ..ආර්ථික සංවර්ධන ඇමති විදියට බොහෝ කාලයක් විරාජමාන වෙලා හිටියට බැසිල් විසින් දැනෙන වෙනසක් කිසිම ක්ෂේත්‍රයකට කරලා තියෙද? නෑනෙව. 

කොළඹ කොට්ටේ දෙහිවල ගල්කිස්ස වගේ මහා නගර සභා කීපයක් සහ නගර සභා ප්‍රාදේශිය සභා ඇතුලත් කොළඹ සීමාව සම්පූර්ණයෙන් එක නගරාධිපති කෙනකුට අයිති වුනානම්.. ආන්න ඒ පුටුවට ගැලපෙනම කෙනා තමයි ගෝඨාභය. එහෙම නැතුව නගරාධිපති කෙනෙක්ගේන එහා ගිහිපු වැඩ ගොඩාරියක් කොලා කොලා කිව්වට මට නං කිසිම නිච්චියක් නැහැ එයැයි කොරපු වැඩ  ලොකු වැඩ මොනවද කියන එක ගැන. 


ප්‍රවාහන සැලැස්ම 
කොළඹට ඇතුළුවීම සහ ඒ අතුලත සංචරනය කියන්නෙ එපා වෙන වැඩක්. හයි වේ එකෙන් මාතර සිට කොළඹට එන්න පැය එකහමාරක් ගත වෙනෝ නම් කොට්ටාවෙ සිට කොටුවට යන්නත් ඒ තරංම වෙලාවක් ගත වෙනවා. නාගරික සංවර්ධනයේ තියෙන මූලික අංගයක් තමයි ලේසියෙන්ම නගරය හරහා තැන් තැන්වලට යන්න හැකි වෙන එක. ගෝඨාභය කාලෙ පේමන්ට් හැදුවා පාරව්ල ලස්සන කලා..අතුගානවාද කියලා බලන්න පොලිසිය පත් කලා.. කලිංට වඩා පයින් යන ජනතාවට ලොකු සහනයක් එතුමා උදා කරල දුන්නා.. 

නමුත් විශාල ප්‍රශ්ණයක් වෙච්චි කොළඹ ට්‍රැෆික් අඩුකරන්න විශාල සැලැස්මක් තිබුනෙ නෑ.. මෙට්‍රො රේල් වගේ දියුුනු ක්‍රමයක් ගැන කතාවක් වත් තිබුනෙ නෑ.. රේල් පාරවල් තිබුන ටික ටිකක් පන ගහලා සංවර්ධනය කරන්න වත් ලොකු උවමනාවක් ඒ ආන්ඩුවට තිබුනා කියල පෙනුනෙ නැහැ. තිබුන ඇල මාර්ග පොකුනු ආදිය සංවර්ධනය කලාට ඒවායේ වත් ජලයෙන් වත් අඩුම තරෙම මිනිස්සු එහා මෙහෙ ාෙල්සියෙන් ගෙනියන්න ක්‍රමයක් සාර්ථකව පටන්ගන්න පසුගිය රජයට හැකියාවක් ලැබුනෙ නෑ.. 


නව නගර ඇති කිරීම සහ නගර සැලසුම්.. 
අලුත් මාලු මාකට් එක පිටකොටුවේන ගැලවිල පෑලියගොඩට ගියා. ඒ වගේම පිටකොටුවෙ පදික වෙළදුන්ට නව වෙළදාම් ස්ථාන පිලිවෙලකට ලබා දුන්නා. පදික වෙළදාම විධිමත් කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගැනුනා. නමුත් කොළඹ මැද වෙනස් කරන්න ලොකු උවමනාවක් එතුමාට තිබුනාද කියන සැකය එනවා දැන් කොළඹ දැක්කාම. මැනිං වෙළද පොල හරස්වීදි ආදිය කාලාන්තරය්ක තිබුන විදියට තාමත් තියෙනවා.. බොහෝ ජලය තිබෙන තැන් අලංකාර කිරීමක් සිද්ද වුනාට නගරය සැලසුම් කිරීම කියන මහා කාරණාව ගෝඨාභය මහත්තයට දැනිල වත් තිබුනෙ නෑ වාගේ.. 

සැලසුම් සහගත නගරයක වෙළදාමට අවශ්‍ය ප්‍රදේශ, අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රදේශ, මිනිස්සුන්ට ජීව්ත වෙන්නට අවශ්‍ය ප්‍රදේශ ආදිය වෙන්කරලා තිබෙනවා. අලුතින්ම සියල්ල වෙනස් කරන්න බැරි වුනත් නව වෙනසක් කරන්න ලොකු උවමනාවක් තිබුනා කියලා පෙනුනෙත් නෑ.. නිදහස් චත්‍රරස්‍රය අවට ආකේඩ් වගේ තැන් ඇතිවුන එක හොදයි.. ඇත්තටම ඒ වේග තැන් තිබෙන්නට ඕනි. නමුත් ඒ හා සමාන්තර මැද පන්තිය සහ දුප්පත් අයගේ විනෝදය තකා විශාල වැඩකොටසක් එතුම කලා කියලා පෙනුනේ නෑ.. 


උද්‍යාන සහ විවේක ස්ථාන 
නගරයක් කියන්නෙ බිල්ඩින් නෙමෙයි. මනුස්සයින්ට විවේකයෙන් ගත කරන්න තැන් ආදියත තිබෙන්නට ඕනි. ගෝඨාභය මහත්තයා සාර්ථකවම කරපු වැඩක් තමයි විනෝද ස්ථාන ඇතිකරන එක . කලිං තිබුන වික්ටෝරියා පාක් එක වාගේ පාක් වගේම දියත උයන පාර්ලිමේන්තු සංකිර්ණය අවට ඇති ස්ථාන වගේ අලුත් තැන් එතුමා ඇතිකලා. ඒ තුලින් ඒ ආශ්‍රිතව ව්‍යායාම කරන නව සංස්කෘතියක්ද ඇති වුනා. එය අලුත් දෙයක් ඒ වගේම තරමක් දුරට සාර්ථක වුන ව්‍යාපෘතියක්.. 


නාගරිකයන්ගේ ජීවන තත්වය 
නගරයක් කියන්නෙ වෙළද මධ්‍යස්ථානයක් පමණක්ම නෙමෙයි. නගර ආශ්‍රිතව තිබෙන උප නගර වල හෝ මේ වෙළද පොල සම්පූර්ණ කරන්න අවශ්‍ය බඩු බාහිරාදිය නිපදවෙන්න අවශ්‍යයි.ඒත් පසුගිය කාල වකවානුව තුල ඒ වගේ උපනගර වල ජනගහනය වැඩිවීමක් සිද්ද වුනත් කර්මාන්ත ආදියේ විශාල වර්ධනයක් වුනේ නෑ.. මීට අවුරුදු ගානකට කලින් ගමේ ඉන්න මිනිස්සු ගෑනු කොළඹ ආවෙ ගාමන්ට් වල වැඩට..තාමත් ඒ වගේ දුප්පත් පිරිසට එන්න වෙලා තියෙන්නෙ ගාමන්ට් වලට විතරමයි.. එතිනින් එහාට ගිය නිශ්පාදන හෝ ඒ ළගින් යන ආර්ථික රටාවක් නගර ආශ්‍රිතව ඇතිවෙච්චි ආකරයක් පේන්න නෑ.. 

අපි හැමෝම හරි ආසයි වැරදි දකින්න...දූෂන ගැන කතා කරන්නත් අපි බොහොම ආසයි. නමුත් අපි අවබෝධ කරගන්න ඕනි කලිං පාලකයින්ගේ තිබුන දුර්වල කම් සමර්ථ කම් මොනවද? ඒ වගේම අපි පත් කොරගන්න කට්ටියගෙන් අපි බලාපොරොත්තු වන්ෙන මොනවද කියන එක.. එහෙම නැතුව දූෂන ටික නැතිවුනාම එක පාර හතරමහ නිධානය පහල වෙලා අපිට කන්න බොන්න යාන වාහන  ඉබේ පහල වෙන්නෙ නෑ.. 

26 comments:

  1. නගරාලංකාරය යනු ඉහළ මධ්‍යම පන්තියේ උවමනාවකි. එයින් වෙන එකම යහපත නම් සිත් සතුටු වීම සහ කිහිප දෙනෙකුට රැකියා අවස්ථා ලැබී ආර්ථිකය තරමක් දියුණු වීමයි.

    මේ සඳහා හමුදාව යොදා ගැනීමෙන් ඒ ආර්ථික ලාභවලින් ලැබුණේ කොටසක් පමණි.

    කළ යුත්තේ, නගරාලංකාර බද්දක් ඇති කොට, එයින් එකතුවෙන මුදලින් අවශ්‍ය වැඩ කටයුතු කර, ආර්ථිකයේ අදාල කොටසට නිසි උත්තේජකය දීමයි!

    ReplyDelete
    Replies
    1. අපි කලේ ලොකු යුද්ධය ක්...ඒ වාගෙ එකක් අවසානෙ සාමාන්‍යයෙන් හමුදාවේ සැලකිය යුතු කොටහක් අයින් කරන්න වෙනෝ..ඉතිං ඒ අය අයින් නොකර මේ විදියට යොදන එකේ ලොකු ගැටලුවක් මට නම් නෑ...ඔවුන් වන්දි දීල හමුදාවේ සේවෙන් අයින් කලත් ඔය,වැටුප ලැබේන වෙනත් රැකියාවක් සොයාගැනීම් ඔවුන් ට අපහසුයි

      Delete
  2. KOPAMANA MATIYA GAHAWWA DA KIYALA DANNE NEDDA

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ බැසිල්ගෙ ව්‍යාපෘති තරම්ම ගෝඨ ව්‍යාපෘති දූශිත නැතුව ඇති..ගෝඨ ව්‍යාපෘති වල මොනාහරි අවුට්කම්.එකක් තියේ යම් කිසි කොලිටියක් එක්ක...ඒත් බැසිල් නමට ගොඩක් දේවල් තිබුනාට ප්‍ර්තිපලයක් පේන්න නෑනෙ

      Delete
  3. නගර අලංකරණය කළ යුතු දෙයක්. හැබැයි ඒකට ක්‍රම වේදයක් තමා අවශ්‍ය

    ReplyDelete
    Replies
    1. කොළඹ ගංවතුර බස්සන ලොකු ව්‍යාප්තිය කට ලැබුණු මුදල් ඔය උද්‍යාන කටයුතු වලට යෙදවුනා කියල පහුගිය කාලෙ පත්තරවල තිබුන...ලොකු නගර සැලසුමක් තිබුනෙ නෑ..තැන් තැන් ව්ලට පොඩි පොඩි සැලසුම් තියෙන්න ඇති..

      Delete
  4. ලාභ සහ කොමි්ස් ඇති ව්‍යාපෘති ගැන මිස, සැළසුම්සහගත සංවර්ධනයකට ඉඩ තිබුණෙ නෑ. ඒ කාලෙ. කෙළිම්ම කිව්වොත්.

    ReplyDelete
    Replies
    1. ලාබ සහ කොමිස් වලට ලෝකෙ කොයි තැනත් ව්‍යාපෘති අයවැයෙන් කොටසක් වෙන් වෙනව..මෙතන අව්ල තමයි ඒ ප්‍රමානය විශාල අගයක් ගැනීම

      Delete
  5. කොළඹ ලස්සන කළා.. ඇත්ත... හැබැයි උඩින් ඔපේ යටින් හපේ වගේ තමා.... කොළඹ ට්‍රැෆික් අඩු කරනව මිසක් වෙන මොන එකක් කලත් වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. කොළඹ ට්‍රැෆික් වලට ලොකු හේතුවක් තමයි කොළඹ නගර සීමාව තුලම තියෙන ලොකු පාසල් ඉස්පිරිතාල වාගෙ තැන්...පාසල් වගෙ ගැටලුවක් ගත්තොතින් එක ලමේක් පාසල් කීයක් පහුකරගෙන යනෝද තමුන්ගේ පාසල වෙත..හැමෝම කැමති ආන්ඩුවෙ වැරදි දකින්න.. කුඩා පාසල් වලට සියලු පහසුකම් දුන්නත් අපේ අය කැමති වෙන්නෙ නෑ ජනප්‍රිය පාසලෙන් අර කුඩා පාස්ලට දරුවන් මාරු කරන්න..

      Delete
    2. සතියේ දවසකදි මිනිස්සු කීයක් ඉස්පිරිතාල කීයක් පහුකරගෙන කොළඹ එනෝද ලෙඩ්ඩු බලන්න...දවසකට කොළඹ ජනප්‍රිය පාසල් වලට ළමෝ කී දාහක් එනෝද පාසල් බරගානක් පහුකරගෙන ...ඒ වාගෙ ට්‍රැෆික් වැඩිවෙන හේතු වලටත් අපි විසඬුම් හොයාගන්න ඕනි

      Delete
  6. සීමාවක් රහිතව මුදල්, යුධ හමුදා නිලධාරීන්ගේ විනය ගරුක ශ්‍රමය, අභියෝග කරන ඕනෑම කෙනෙකුට (සුදු ) වාහනයක් ලබා දීමේ හැකියාව, සර්වබලධාරී ජනාධිපති අයියා වීම වැනි කරුණු මට තිබුණා නම් අවුරුදු 4 කින් ලංකාවේ ලමයි අඩුම ගනනේ 150,000 විශ්ව විද්‍යාල / උසස් අධ්‍යාපනය ලබා දීමටත් ඔවුන්ට යන වියදම රැකියාවක් ලැබුණු පසු නැවතත් අය කරගැනීමෙන් සකල මහජයාගේ වියදමින් අතලොස්සක් උසස් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමයත් අහවර කරලා.

    ReplyDelete
    Replies
    1. ඉයන්..මේ යෝජනාව ඔබ සමග දීර්ඝ ලෙස සාකච්ඡා කල අයෙක් ලෙස මගේ ඉල්ලීම නම්, සංවාදයකට මුල් වෙන පරිද්දෙන් ඔබගේ බ්ලොග් පිටුව මේ සඳහා විවෘත කරන්න...
      අමිල, මට තේරුම් ගිය එක කාරනයක් නම්, ඔබ ඔබගේ ලිපිය, විස්තර සේවීමකින් තොරව ලියා ඇති වගයි...(a post compiled without much research on the subject matter..if you can, please obtain more details of the World Bank Project related to Colombo, then you will most probably change this article... )

      Delete
    2. නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවන්න කතා වෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෝ.. හැක්..

      මීට
      අන්තරේ

      Delete
    3. අන්තරේ කියන්නේ නිදහස් අධ්‍යාපනේ මුවාවෙන් උසස් පෙල ඉවරකරන ලමයින්ගෙන් 90% කට උසස් අධ්‍යාපනය අහිමි කරල හැමදාම වැඩකාරියො මැද පෙරදිග යවන තැනට වැඩ කරන එකක්.

      Delete
    4. ඇයි මිනිස්සන්ගේ සල්ලි බදු වශයෙන් අයකරගෙන ඒවා වියදම් කරල අපි එඩියුකේශන් නොමිලේ දෙන්න ඕනි?
      බදු විදියට අය කරලා ඒකෙන් ආයිත් නිදහස් අධ්‍යපනයට වියදම් කරන්න වෙන එක මහ ලොකු සංකීර්ණ අවුලක්..

      කවුරු මොනවා කිව්වත් අද ලංකාවෙදි මරුති කාර් එකක් ගන්න වියද්ම වෙන ගානින් පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් සැලකිය යුතු සුදුසුකමක් ගන්න පුලුවනි..

      එහෙම නැත්තං සාමාන්‍ය සැලකිය යුතු තාක්ෂණික රැකියාවක් කරගන්න අවශ්‍ය දැනුමත් පහසුවෙන්ම ලබාගන්න හැකියාව තියෙනවා.. මම ඔ්‍ය කියන නිදහස් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කියන කොටසට ලබාදීමට තරයේ විරුද්ධයි..
      උසස් අධ්‍යාපනය කියන එකේ වැදගත්කම.. නැති වෙලා යනවා නිකං දුන්නම.. මිනිස්සු හදාරන්න ඕනි අවශ්‍ය දේ මිසක් ඔවුන්ට බලෙන් දෙන දෙයක් නෙමෙයි..

      කවදාවත් සල්ලි දීල කලොත් ඔය තියෙන ආට් ඩිග්රි බොහොමය්ක කැම්පස් වලින් අතුගෑවිලාම යනවා..

      Delete
    5. ගෝඨාභයගේ සමස්ථ පාලන කාලය තුල මම කොළඹ ම හිටිය කෙනෙක්..ඇත්තටම රාජපක්ෂ වරුන් පෙන්නුව තරම්ම කොළඹ ලස්සන වෙලා දියුනු වෙලත් නෑ.. හැබැයි යූ ඇන් පී ජෙප්ස්ලා කියනවා වගේ සතයක් වත් ගසා නොකා කරන සංවර්ධනයක් මේ ලංකාවෙ මහ පොලවෙ කාටවත් කරන්නත් බෑ..

      Delete
  7. මෙහෙමයි අමිලයෝ මොකා මක්කා කීවත්.. අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් ඒ යකා කොලා... ඒවට ගිහින් එන්ජෝයි වෙන එකෙක් විදියට මට බොරු කියන්න බෑ මචෝ...

    ReplyDelete
    Replies
    1. 2006-2009 කාලෙදි ලංකාවෙ තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් බිලියන ගානක් පිටරටින් ආධාර වශයෙන් ලැබුනා.. ඒ ආධාර වලින් ඇත්තටම ඵලදායි ලෙස වැඩක් ගන්න පුලුවන් වුනේ මුලු ආධාර වටිනාකමින් බොහොම ටිකයි.. එතනදි අතිශය විශාල වශයෙන් ගසා කෑවා... ඒ වගේ වැඩ ඕනි තරම් තියෙනවා.. සමහර විට අපි දකින්නෙ ව්‍යාපෘති වාර්ථා සහ මොකක් හෝ බිල්ඩිමක කෑල්ලක් විතරයි..ඉතිරි සමස්ථ ව්‍යාපෘතියටම සල්ලි ලැබිලා ඒවා කුට්ටිය පිටින්ම පිල්ලි ගිහින් තියෙනවා.. ලංකාවෙ සිද්ද වෙච්චි සහ වෙන ලොකු ව්‍යාපෘති එක්ක බලද්දි ගෝඨාභය කරපු සුලු දේවල් ටික හරි වටිනකමක් තියෙනවා..

      Delete
    2. එකෙන්ම..

      සම හරක් කාළකන්නි ලැබුන ආධාරත් ප්‍රයෝජනයට නොගෙන ආපුහු හරවලා යවනවා. ඒත් මේ යකා මක්කා හරි දෙයක් කොරලා එයාලටත් මක්කා හරි කොරගන්නවත් දන්නවා..

      අර චානුක කිව්වා වගේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨම රාජ්‍ය සේවකයා ඔහුම තමයි.. මම කියන්නේ හැම පැත්තෙන්ම..

      Delete
    3. අනික් රාජ්‍ය සේවකයටත් මෙයාට වගේම 'ඔනෑම දෙයක් කිරීමේ නිදහස සහ දේශපාලන අනුහස තිබුනානම් ඒ අයත් 'විශ්ෂ්ථ සේවකයෝ වෙන්ට තිබුනා.

      Delete
  8. මේ වගේ සාමාන්‍යන් සංකීර්න දෙයක් ගැන ලිපියක් ලියද්දි ඒ ගැන එච්චර නිච්චියක් නැතිනම් ඒකට තමා ගූගල් තියෙන්නේ ( monorail colombo, metro rail colombo ගහලා හෙවුවම 2012, ඉදන් ඒ ගැන පලවෙච්ච වාර්තා බලගන්න පුළුවන් ). ඒ වගේම අනිත් දෙය තමා ප්‍රවාහනය අයිති මහා මාර්ග හෝ ප්‍රවාහන අමාත්‍යංශයට මිසක් නාගරික සංවර්ධන අධිකාරියට නොවේ.
    ඒ වගේම කියන්න ඕන දෙයක් තමා මේ දෙවල් ගෝඨාභය තනියෙන් හිතලා සැලසුම් කරපු දේවල් නෙමේ. මේවා නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කරපු දේ. ගෝඨාභය කලේ ඒවා ක්‍රියාත්මක කරපු එක.

    ඔය කියන ආකාරයට නගර සැලසුම් කරලා ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් කොළඹ කියන්නේ මිනිස්සු නැති පැත්තක් උනානම්. දැන් අනුරාධපුරය එහෙම සැලසුම් කරලා හදපු නගරයක්. එයට හේතුව නව නගරය හදලා තියෙන්නේ කැලෑ හා පරන කුඹුරු උඩ නිසා.

    ඒ උනත් රජයේ නිවාස සංකීර්න හා ටාටා නිවාස සංකීර්නය, පිටකොටුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ( මාළු වෙළඳපොල පිටට ගෙනයාම, පාවෙන වෙළඳපොල, ඕලන්ද රෝහල මේවාට උදාහරන ), රජයේ ආයතන බත්තරමුල්ලට ගෙන ඒම, කොළඹ ගංවතුර පාලනය ( දියවන්නා ඔය හෑරුවේ මේ ව්‍යාපෘතිය කොටසක් හැටියට. දියත උයන හෝ ව්‍යායාම මන්තීරු හැදීම ඉතාමත් සුළු වැඩක් ගංවතුර පාලනය ගත්තම ), කොළඹ කුනු කලාමනාකර ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති කෙරෙව්වා (තව වැඩ තිබෙනවා) මට මතක හැටියට.

    මැද පන්තියේ හෝ දුප්පත් අයටත් ආකේඩ්, දියත උයන, තුරඟ පිටිය වැනි සියලු තැනකටම යන්න පුලුවන්. ඒ වගේම කොළඹ කොහොමත් තිබුනු ගාලු මුවදොර හා විහාරමහාදේවි උද්‍යානයත් මේ සියලුම පන්ති වලට විවෘතයි. පන්තිය කුමක් උනත් ඒ ස්ථානවල හැසිරෙන විදිහ නම් ගෝඨාභය සීමා කලා තමා ( කුනු දැමීම, අඩි ගැසීම, අනිත් අයට කරදර කරන අය අයට නම් එරෙහිව පියවර ගත්තා තමා ) .

    අන්තිම කාරනය කොළඹ නගරයේ රැකියා වෙළඳපොල බලපෑම් කිරීමේ හැකියාවක් ගෝඨාභයට තිබුනාද? ඒ වගේම කොළඹ නගර සීමාවේ ඇතුලත කොතරම් ඇඟලුම් කම්හල් තිබෙනවාද? ගල්කිස්ස, රත්මලාන, මොරටුව අතර නම් සෑහෙන පමන ඇඟලුම් කම්හල් තිබෙනවා. ඒ වගේම දැන ඇඟලුම් කම්හල් කියන්නෙත් සෑහෙන තරමකට දියුනු කර්මාන්තයක්. මම හිතන හැටියට කොළඹ නගරයට එන පිරිස වෙන්නේ රජයේ සේවකයන්, පාසල් හා උසස් අධ්‍යාපන් සිසුන්, පුද්ගලික අංශයේ රැකියා කරන්නන් (බැංකු, මූල්‍ය ආයතන, තොරතුරු තාක්ෂන ආදී ) .

    ගෝඨාභය ගැන කියන්න තිබෙනානම් කියන්න තිබෙන්න ඔහු සෑහෙන තරම් capable කෙනෙක් කියන එක තමා (1970, 1971 කාලේ ලංකාවේ යුද්ධ හමුදාවට බැදෙන්න දැන් තරම් ලේසි නැහැ ). ඒ වගේම දැනට කොළඹ තිබෙන අවුල් විසඳන්න ඔහුට ලැබුන අවුරුදු 5 හොඳටම මදි කියන එකත් කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. http://beautyofclean.blogspot.com/

      යුද්ධය නිම කිරීමත් සමඟ කඩිනමින් සංවර්ධනයට අත ගසා 2020 වනවිට මහින්ද සහ ගොඨාභය මහත් වරුන් ඇති කරන්නට අපේක්ෂා කළ ආසියාවේ ආශ්ච‍යමත් සහ මනස්කාන්තම රට බවට පත් කිරීම , ඔවුන් යළිත් විධායක බළතළ සහිතව යළිතොවුන්ට හිමිව තිබූ පැරණි තනතුරුවළට පත් විය යුතුමය..අප දැන්ම සූදානම් වෙමු.

      ඉහත බ්ලොග් අඩවිය මා ලියනු ලැබුවේ යුද්ධය නිමවීමත් සමඟම රටේ ඇතිවෙමින් පවතින සංවර්ධනය දැකීම නිසා 2020 වන විටයළිත් ලංකාවේ පදිංචිය සඳහා පඇමිණීමේ අපේක්ෂාවෙනි.

      නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයත් සමඟ මා හට යළිත් ලංකව එපාම විනි.ඉතාමත්ම මානසිකව වැටුනෙමි.

      යලිත් මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ මහ වරුන් ඉඳිරියට ගෙන එන්නට , විදේශගතව සිටින්ස් අප සියල්ලෝම සූදානම්..

      Delete
  9. ලොකු සැලැස්මක් තිබ්බෙ නැත්තෙ නෑ තිබ්බ. කොළඹ ට්‍රෆික් එක මීට වඩා හුගක් අඩු කරන්න මොනො රේල් ගුවන් පාළම් සැලැස්මක් තිබ්බ. ඒකට අලුත් ආණ්ඩුව දීල තියන විසදුම විහිළුවක්.

    ReplyDelete
  10. 3 4 පිංතූර වල තියන තැන මොකක්ද​?

    ReplyDelete