Tuesday, December 1, 2015

මගුල් සෙවීමේ වේදනාව


නිසි කල දි අපි කසාද බදින්න ඕනි.. බුදුන් වහන්සේට කලින් බමුණු සමාජයේදී

කාන්තාව ගැන කියවෙන කොට කාන්තාව නිසි කලදී විවාහ පත් විය යුතු බවක්ද ඉන්

පසු ඇය සැමියාට යටත්ව සිටිය යුතු බවක්ද සදහන් වෙලා තිබුනා. කසාද බදිනවා

කියන්නෙ සංකීර්ණ වැඩක්.

හැම දේටම එක මිනිහෙක් දක්ෂ වෙන්නෙ නැහැ. සමහර අය තාක්ෂන වැඩ වලට

දක්ෂයි. ඇතැම් අය මානව සම්බන්ධතා ඇති කරගන්න දක්ෂයි..තවත් අය විරුද්ධ

ලිංගිකයින් සමග කෂනිකව මිතුරු වීමට දක්ෂයි..ඒ වගේ මිනිස්සුන්ගේ ගතිගුණ ජාන

සහ සමාජිය ඇසුර අධ්‍යාපනය අනුව වෙනස් වෙනවා.

මම ගෑනු ලමයි සමග දුරදිග සම්බන්ධතා ඇතිකරගන්නට සහජ බැරියාවකින් යුක්ත

කෙනෙක්. ඒ නිසා මට කසාද බදින්න කෙනෙක් හොයාගන්න බැරි වුනා. මේක මට

ලොකු ගැටළුවක් නෙමෙයි.ඒත් ඒක අවට අයට ලොකු ගැටළුවක්.

ලස්සන කසාදයක් කරගෙන හොද වාහනයක් කාරිය අරගෙන හොද ගෙදරක් දොරක්

හදාගෙන ජීවත් වෙන එක බහුතර අපේ රටේ මනුස්ස ජීවිත වල අරමුණක් වෙලා

තියෙනවා. සාමාන්‍යෙයන් ඒ සදහා මිනිස්සු මහන්සිවෙලා ඉගෙන ගන්නවා. මහන්සිවෙල

රක්ෂාවන් කරනවා. ඒ වගේ දියුනු වෙන කෙනෙක් නම් ඒ  මිනිහට හෝ ගැහැනියට

කාලයත් එක්ක යම් යම් දේවල් ලැබිල තියෙන්න ඕනි. ස්ථිර රැකියාවක්, වාහනයක්,

ගෙයක් දොරක් වගේ දේවල් තියෙන ප්‍රමාණයට තමයි මිනිස්සුන්ගේ ස්ථාවර බව තීරණය

වෙන්නෙ.

විකල්ප ජීවිතයක් කියන එකක් පවතින්න  පුලුවනි. නමුත් ඒක බහුතර සමාජය අනුව

පිස්සෙක් ගේ පිස්සු ජීවිතයක්. එහෙම පිස්සු ජීවිතයක් කියල චෝදනා කරන අයට ඒකත්

තවත් එක සාමාන්‍ය ජීවිත මොඩලයක් විතරයි කියන එක තේරුං කරන්න අමාරුයි.

දැන් මට කසාද හොයද්දි ඒ බලන ගෑල්ලමයිගේ පවුල් වලින්, කේන්දර, ගෙව්ලදොරවල්,

කාර්, අධයාපනය මට්ටම, රැකියාව ආදිය හොයනවා. ඒවා සොයා බලද්දි බොහෝවිට

කසාද හෙවත් මංගල යෝජනා වෙළඳපොල තුල මට ලොකු තැනක් ලැබෙන්නෙ නැහැ.

මංගල යෝජනා වෙළඳපොල තුල වැඩියෙන්ම අගයක් නියම වෙන්නෙ දොස්තර ඉංජිනේරු

ගණකාධිකාරී, විධායක ශ්‍රේණි රැකියා කරන හොඳ කුල පසුබිමක් තියෙන අයට. ඉන්

පස්සෙ මැද තත්වයට අයිති වෙනවා පුද්ගලික ආයතන වල සැලකිය යුතු රැකියා කරන

අය , පාසැල් ගුරුවරු ගුරුවරියන් සහ රාජ්‍ය සේවකයින්.

අපි වගේ පුද්ගලික ආයතනයක අස්ථිර රැකියාවක් කරන තාක්ෂනික සහායක

මහත්මයකුට ලැබෙන්නෙ ඒ මාකට් එකේ තුන්වැනි ලෙවල් එක. ඒ ලෙවල් එකට එද්දි

බොහෝවිට ගෙවල් වල තියෙන තල්ලු කරගන්න බැරි බර වාහනයක්..කොහේ හරි

ගිහින් හැප්පිල ඇද ඇරල කෙලින් කරපු වාහනයක් වගේ ටිකක් හොද පෙනුම නැති

වාහන තමයි සෙට් වෙන්නෙ.

ඔය අපි වැගේ ලැවල් එකේ ඉන්න අය කසාද බදින්න ඕනි කියන අදහස මුලින්ම ඇවිත්

පරාණ බයටම අවුරුදු 22-23 වෙද්දි මොකක් හරි මරාලයක් සෙට් කරගන්නවා. ඉන් පසු

ඒක පෝෂනය කරගෙන ගිහින් කසාදය දක්වා ගෙනියනවා හෙමෙන් හෙමෙන්..හරියට

නිකං දවස් හතලිස් පහෙන් මරන්න ඉන්න කුකුලෙක් වගේ.. පැටිය කාලෙම පැටිය

වයසෙ ඉන්න කෙලිනැට්ටියෙක් එක්ක යාලු වෙලා ඉන් පස්සෙ ලොකු උනාම කසාද බැද

ගන්නවා. ඒකත් හොද ක්‍රමයක් අපිට බැරි වුනාට..

කෝ ඉතිං උඹ අවුරුදු 7-8ක් කොළඹ හිටියට හරිහමන් ගෑනු ලමේක් වත්

හොයාගත්තයැ? එහෙම අහන නෑයොත් නැතුවම නෙමෙයි. ඒ කට්ටිය කියන කතාව

ඇත්ත. සාමාන්‍යෙන් තාක්ෂනික අංශ වල වැඩකරන අයට ගෑනු අයව හමුවෙන්න

තියෙන හැකියාව අඩුයි. විශේෂයේන කන්තෝරු වක හෝ ෆැක්ටරියක ඉන්න තාක්ෂණික

සේවකයෙක්ට සමාන්තර තාක්ෂණික අංශයේ ගෑනු ලමයි හමු වෙනවා අඩුයි. බොහෝ

ගෑනු ලමයි තාක්ෂණික විශයන්ට යොමු වෙනවා අඩුයි. ඒ නිසා ඇතැම් ෆැක්ටරි වල

තාක්ෂණික වැඩකටයුතු වලට ගෑනු ලමයි ඇත්තේම නැහැ. ඊට අමතරව ගෑනු ලමයි

හම්බෙන්නෙ වැඩට යන එනකොට තමයි. ඒ සුව්ලප අවස්ථාවෙන් පොරෝජන අරං යන

එන ගමන් වන වන යන්න එකක් සෙට් කරගන්න පිංවත් මහත්වරු මහත්මීනුත්

ගොඩක් ඉන්නවා.

බැංකු සහ විවිධ පාරිබෝගිකයින් හමු වන තැන්වල ඉන්න මහත්වරුන්ටත් ගෑනු

හොයාගන්න ලේසියි. මොන විදියට ජීව්ත වුනත් පඩි කීයක් ලැබුනත් ටයි එකට ලක්ෂණ

ඇදුමට සහ ජේත්තුකාර විලාසයට ගැනු අය බහුතරයක් ආසයි. ඒ නිසා ඒ ලක්ෂණ

විධායක ඇදුම අන්දලා ඉන්න පඹයෙක්ට වුනත් කැමති වෙන කෙල්ලො ඉන්නවා සමහර

තැන්වල.

කසාද බලන්න යෑමත් මහ එපා කරපු වැඩක්. මාත් දෙක තුනකට ගියා. ගියාම ගිහින්

මලමාලි එක්ක කතා කරන්න තියෙනවා. එතනදි කපුවාට අනුව මොන නොගැලපීම

තිබුනත් වැඩේ සෙට් වීම තමයි හොදම දේ.. කපුවට කලුද සුදුද, දෙන්නගේ අදහස්

මොනවද? දෙමාපියො පැලැන්ති කැමතිද? ඒවා වැඩිමනක් වැදගත් කමක් නෑ..කෝමහරි

දෙන්නෙක් සෙට් වුනාද කපුවට දෙපැත්තෙන්ම ගානක් ලැබෙනවා. ඒ නිසා කපුවොත්

එක්ක මගුල් බැලීම මට තිත්ත වුනා.

මේ දවස්වල පත්තර බලනවා. ඇත්තටම මේ ගෙවන නිදහස් ජීවිතේ දිගටම ගතකරන්න

මම කැමති. ඒත් අපේ ඉන්න නෑදෑ හිතමිත්‍රාදීන් යාලුවො ආදී බොහෝ දෙනාට අනුව

විවාහ වුනාම මහ අමුතු වැදගත් කමක් එනවලු ජීවිතේට..ඒක බොහොම වටින

දෙයක්ලු.. මෙච්චර කාලෙකට එක මාස තුනක් කෙල්ලේක එක්ක යාලුවෙල ඉන්න

බැරිවුන මට විවාහ වීම සහ සෙට් වෙලා කාලයක් සිටීම කියන්නෙ මහ ලොකු

අභියෝගයක්.

කසාදය සහ පුද්ගලික සම්බන්ධතා කියන්නෙ අතිසය පුද්ගලික දේවල්. ඒවා මේ විදියට

පොදුවේ බෙදාහරින එක සුදුසු නැතුව ඇති. නමුත් මට තියෙන මානසික අවුල පීඩනය

පිටකොරගන්න මේක හුඹහකට වත් කියාගන්න එපාය.

අපි මගුල් බලන්න ගියාම වාහනයක් බලන්න ගියා වගේ නෙමෙයි ජීව්ත් වෙල ඉන්න

මනුස්ස පරානයක් තමයි අපිට මුන ගැහෙන්නෙ. සමහර වෙලාවට මේ කසාද යෝජනාව

නොගැලපෙනවා කියල හොදින්ම පෙනි පෙනිත් අපිට ඒ ගෑනු ලමයා එක්ක කතා

කරන්න සිද්ද වෙනවා. මුලින්ම ගිය එකේදි මම මගේ කට වාචාල මුකරි කම ප්‍රදර්ශනය

කරමින් ගෑල්ලමයා එක්ක කතා කලා..නමුත් පස්සෙ මට තේරුනා ඒක එච්චර හොද

වැඩක් නෙමෙයි.. අපි සෙල්ලං කරන්නෙ ගෑල්ලමයෙකුගේ මනස එක්ක. එතකොට අපි

වැඩියෙන් කතා කරන වාචාලකමට අර ගෑල්ලමයා කැමති වෙලා ආස වුනත් එයාට

දෙමාපිය හිතමිත්‍රාදීන්ගේ දහසක් රූල් වලට අනුව පසුව කැමති හෝ අකමැති වෙන්න

සිද්ද වෙනවා..

ඉන්දියාවෙ හීතල කදුකර ශිඛර අස්සෙ කරක් ගහද්දි අපිට අතරමග නවතින්න වුනා

සීතල තැනිතලා බිමක. ඒකෙ අපි රැ නැවතුනේ බොහොම දුෂ්කරතා මධ්‍යෙය්. ඒ හැර

අපිට වෙන විකල්පයක් තිබුනෙත් නෑ.. ඒ රාත්‍රිය බොහොම අමාරුවෙන් පහන් කරලා අපි

උදේ එලිය දකිනකොට එහා පැත්තෙ කාමරෙ හිටියා ඔස්ට්‍රේලියන් ජාතිකයෙක්. ඔහු මේ

නන්නාදුනන රටක නන්නාදුනන මිනිස්සු බාෂාවන් තියන බිමක තනියම ඇවිත් තිබුනා.

ඉන්දියාවෙන්ම කුලියට ගත්ත බයික් කට්ටක නැගලා භයානක පාරක ගියත් ඔහුගේ

මුහුනේ භයක සේයාවක් වත් තිබුනෙ නෑ..

මාත් හිතුවා අඩේ මාත් කවදා හරි මේ යකා වගේ තනියම ලෝකෙ කොහෙහරි යන්න

ඕනි කියලා. ඒත් ඉතිං අපේ වගේ රටක අපි වගේ ලැවල් එකක මිනිහෙක්ට.. ඔය වගේ

උඩ තැනකට යන්න ලැබෙන්නෙ නෑ කසාද බැන්දට පස්සෙ තනියම..වැඩිම උනොත්

ගෙදර වහලට තනියම නැගල උලු සුද්දකරන්න අවස්ථාව ලැබේවි බැන්දට පස්සෙ.

37 comments:

  1. ඔහේ ඬගේ අයත් ඉන්නවා. බඳින්න කෙනෙක් හොයා ගන්න අවශ්‍යතාවය තියෙන කාන්තා පක්‍ෂයේ අයත් ඉන්නවා.

    මේ දෙපිරිස එකට මුණ ගැසෙන තැන් අඩු එකයි හේතුව.

    පත්තරේ දැන්වීමක් දාලා බලන්න.

    ReplyDelete
    Replies
    1. රසික මහත්මයා මෙහෙ පත්තරවල තමුන්ම වටහාගෙන ඇඩ් දාන්නෙ එක්කො ඩිවොස් කේස් නැත්තං..සුලු හෝ වැරදි වලින් දරුවො ඉන්න වගේ අය.. එක අතකින් බැලුවම ඒකත් පිනක්..ඒත් ඉතිං අපේ ගෙවල් දොරවල් සේප් කරගන්න බෑනෙ එතකොට..නැත්තං ඉතිං අම්මල තාත්තල හොයද්දි කුල, රස්සා, අධ්‍යාපනික මෙව්වා එක අනං මනං.එක්ක මිනිස්සු දෙන්නා මොක වුනත් එයාලගේ ඉස්පෙක් බලනවා..

      Delete
    2. පත්තර ඕනේ නෑ අමිල මේ බ්ලොග් එකේ දාල තියෙන්නේ ;)

      Delete
  2. මටත් කවද හරි ඔය සෙතේම තමා බං වෙන්‍ෙෙන්

    ReplyDelete
    Replies
    1. ඔය එක එක ලොකු ටෝක් නැතුව දැන්ම ඉදලා වට පිට බල බල පොඩඩක් ලයින් එකේම ඉන්ට.. අවසානෙ නාකි වෙලා කොන්ඩෙ ගිහින් රැවුල් සුදු වෙලා ඉද්දි මගුල් හොයන්න අමාරුයි..

      Delete
  3. මේක කවුරුත් කතා කරන්නෙ නැති ලංකාවෙ ලොකු සමාජ ප්‍රශ්ණයක්. අවිවාහක ජන ගහනය , විවාහ වෙන වයස වැඩිවෙනවා. තව දශකයකින් දෙකකින් ලංකාවෙ බරපතල සමාජීය වගේම ආර්ථික ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

    ලංකාව වගෙ රටවල රජයවල් මේ වගෙ ප්‍රශ්ණවලට අචධානයක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. පහුගිය රජය තරුණයන්ට ගෑණු ලමයි සපයල දුන්න නේද ශ්‍රී ලංකන් එකෙන් පඩිත් ගෙවල?

      Delete
    2. Ian, Ohe manda buddhika pissek gaanata watila
      Mole poddak check kara ganna pashu waidya warayek gaawatawath yanna

      Delete
    3. ඉස්සෙල්ල මේ තියෙන ලොන්ත පෝල් ආගම් වලින් උගන්වන පුහු සදාචාර ටොක්ස් නවත්වන්න ඕනි.. කෙල්ලො කොල්ලො ෆන් අරං විනෝදෙන් ඉන්න කාලෙ වීකන්ඩ් එකට ගිහින් පංසල්, පල්ලි, ආරාම, අසපු ගානෙ බණ අහනවා භාවනා කරනවා..ඉන් පස්සෙ ඔන්න ටිකක් රැවුලත් පැහෙනකොට තමයි සංසාරෙ දුරයි.. කියල තමුන් ගැන හොයන්න මතක් වෙන්නෙ..

      Delete
  4. නොසැලී උත්සාහ කරන්න....නිකම් හිටියොත් පරාදයි...!

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්නෙ නැතුව කොහේ ගියත් සැට් එක වගේ වටේටම ඔලුව දාන එකත් එක අවුලක්..එකක් මත්තෙ ඉන්න එපාය ටික කලක් හරි..

      Delete
  5. වහල උඩ කෙසේ වෙතත් බඩ උඩ නගින්න ලැබෙන්නෙත් යලට මහට තමා බන්..

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන විදියට හොදට ටියුන් කරල නැග්ගොත් ටිකක් ලග ලග නගින්න කියල ආරාධනාත් එනවාලු..කොහොමද දන් නෑ ඉතිං මූනෙ ලප වලින් අපිට කියන්න බෑනෙ ඕවා..

      Delete
  6. උඹ මේක හිතනව වැඩියි. හිතන්නෙ නැතුව ඉන්නකොට ඕව නිකම්ම හරි යයි. හරි ගිහිල්ල ටික කාලයක් ගියාට පස්සෙ තමයි වැටුනු උගුලෙන් ගැලවෙන්න හිතන්න තියෙන්නෙ. රස්සාව වත්කම කියන ඒවා වැදගත් නැහැ. ඒවා වැදගත් කරගෙන මිනිස්සු හොයන ගෑණුන් එක්ක සම්බන්ධ වෙන්නත් එපා.ඒක ඔයිට වඩා අමාරුයි.

    ReplyDelete
    Replies
    1. agreed, 100%.

      Delete
    2. මට ඇත්තටම මේක මහ ලොකු අවුලක් නෙමෙයි..ඒත් ගෙවල් වලින් එන මහා ප්‍රතිරෝදයට මට මුහුන දෙන්න අමාරුයි..

      Delete
    3. ඔයාට විතරක් පොදු දෙයක් නෙමෙයි ඕක...කොයි කාටත් මුහුණ දෙන්න වෙනවා....
      මාත් මේ දවස් වල ඔය ප්‍රශ්න ටිකට ඔය විදියම මුහුණ දෙනවා...
      බලන් යද්දි බදින්න ඕන අපිට උනත් අනිත් මිනිස්සුන්ටයි ඒකෙ අමාරුව...

      Delete
  7. හිඳීවි කොතැනක හෝ - හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ - ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා..ලක්ෂන සිංදුවක්..

      Delete
  8. \\බොහෝවිට ගෙවල් වල තියෙන තල්ලු කරගන්න බැරි බර වාහනයක්..කොහේ හරි

    ගිහින් හැප්පිල ඇද ඇරල කෙලින් කරපු වාහනයක් වගේ ටිකක් හොද පෙනුම නැති

    වාහන තමයි සෙට් වෙන්නෙ.\\

    මටත් ඔය ප්‍රශ්නෙම තියන ගැණු ලමයක්,මටත් ගදර අයටවත් නැති උවමනාවක් තමයි අනිත් යට තියෙන්නේ.මටත් ඔය විදිය කට්ටිය තමයි මචර කලකට පත්තර වලින් ඇවිත් තියනේ .ලංකාව පොඩි රටක් උනත් අකම වයස අය අකතු වෙන අවස්ථා අඩුකමක් තියනවා. ඈතටම පෙන්නුනේ නැති උනත් ලොකුවට තියන ගැටළුවක් ,මේ දේවල් ගැනත් ඇත්තටම ලියවෙන ඕනි .ජපානේ නම් අවරුදු 20 උපන්දිනේට අ වයස අය ඔක්කොම අකතු වෙන්නවා කියල අහල තියනවා හරියටම දන්නේ නැ .

    ReplyDelete
    Replies
    1. ජපානෙ දියුනු වුනාට උන්ට සමාජ ගටලු තියෙනවා..කොල්ලො කෙල්ලො බදින්නෙ නෑ..බැන්දත් ලමයි හදන්නෙ නෑ..මිනිස්සුන්ගේ විකෘති ලිංගික ආසාවල් වැඩියි..

      Delete
  9. හැමදාම එකම කෝච්චියේ වැඩට ගියොත් මාස 6 න් කසාදයක් ෂුවර. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මාත් ලව් එක පටන් ගත්තෙ කෝච්චියේ රැක් එකක නැතිඋන බෑග් එකක් හොයල දීල.
    මෝටර් බයිසිකලේ වැඩට ගියොත් කසාදයක් හරියනව අඩුයි ,පාරෙ ඉන්න කෙල්ලන්ටවත් හෙල්මට් එක හින්ද මූණ පේන්නෙ නෑ. කාර් එකේ ගියොත් පාර අයිනෙ ඉන්න එවුන්ට ලයිට් ගැහුවට නතර කරල කතාකරන්න බෑ.
    කෝච්චියේ එකම තැන යද්දි නිකම්ම කතාවට සෙට් වෙනව ඊට පස්සෙ ඉතිං තමන්ට ගැලපෙන කෙනෙක් නම් ලව් එකක් දක්වා ඇදගෙන යන්න පුළුවන් තමන්ගේ ශිල්පීය දක්සතාව මත .( ඔය දක්සතාව හැමෝටම තියනව ). එක එක්කෙනාට ගතවන කාලය තමයි වෙනස්.
    අනික තමන්ට උවමනාවක් නැතිව ,අනික් එවුන් සතුටු කරන්න බදිනව කියන්නෙ බදින උන් දෙන්නටම පස්සෙ වදයක්. කසාද ජීවීතේ සුන්දරයි කියන්න නම් පුදුමාකාර කැපකිරීම් කරන්න වෙනව. කෙල්ලෙකුට වඩා කොල්ලෙකුට නිදහස සීමා වෙනව. ( කෙල්ලෙකුට නිදහස ලැබෙන්නෙ කසාදෙන් පස්සෙ ). හිතුන වෙලාවට ට්‍රිප් යන්න , අඩියක් ගහන්න , ඕනෙම මිතුරියක් එක්ක කතාකරන්න, රැවුල නොකප ඉන්න etc.... මේවට තහංචි වැටෙනව. ( කොච්චර නෑ කිවුවත් හිටපු එකා වගේ ජීවත් වෙන්න බෑ ). ඊට පස්සෙ දරුවො හින්ද ජීවිතේම කැපකරන්ඩ වෙනව. ඒක පැහැදිලි වෙන්න අම්මෙක් ,තාත්තෙක් වෙන්නම ඕනෙ.
    ඔන්න ඔය වගේ ජීවිතේට හැඩගැහෙන්න පුළුවන් කියල හිතනවනම් , ' හුචස් ' ගාල කටින් පනින වචන වලට බ්‍රේක් හදා ගන්න පුළුවන්නම් කසාද බදින්න.
    කොහොම හරි අපේ ගොඩට එකෙකු එකතු වෙන්ඩ වාසනා වේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. අපේ කෝච්චියෙ එකම පෙට්ටියෙ තමයි මම දැන් කාලෙක ඉදලා යන්නෙ..එක්තරා වනචර හේතුවක නිසා මට ඔය කොච්චියෙ එක තැන ගියත් වැඩිය වගතුවක් නෑ..

      Delete
    2. අමිල ගෙ ජැක් ගැහිල්ල කෝච්චිය පුරාම ප්‍රසිද්ද රහසක්. වැඩ කරන තැනත් ගොඩක් අය දන්නවා.ඉතින් බඳින්න කවුද කැමති? ඔයා ජැක් ගහන කොට ඒක කරන්නෙත් මාරම අසහනයකින්,එලි පිටමයි.

      Delete
    3. අහ් මට දැන් ලැජ්ජ හිතුනා..මම දැන් හෙට උදේ සිට ජැක් ගැහිල්ල නවත්වනවා..අනේ පලයං බං යන්න.. අපේ නොදන්න මොණරතැන්න.. මම කොහේ හරි මම ජැක් ගහනවා කියල රහ කරල කීවම..ඒක අල්ලගෙන මෙතන දාල නිකං ජැක් ගහනවා දැක්ක වගේ රගපානවා.. සිරාවට මේ බ්ලොග් පාලු නොවී තියෙන්න උඹල වගේ ලග ඉදගෙන අගේ ඉදන් කන කන්න හදන කල්‍යාණ මිත්‍රයොත් ඉන්න ඕනි..

      Delete
  10. ලංකාව වගේ රටක රාමුවෙන් එලියෙ ජීවත් වෙන එක ටිකක් අමාරු වැඩක්.කොළඹ ඉහල මැද පන්තිය ඇරුනම අනික් අයට ලේසි නැහැ.ඒ නිසා රැඩිකල් අවුට් ඔෆ් ද බොක්ස් කොයි අයියත් අන්තිමේ කුටුම්බෙකට කොටු වෙනව.මුස්ලිම් ඇරුනම අනික් ජාතින් අතරේ කසාද බඳින වයස 30 ට එහා ගිහින් තියෙන්නෙ.මේ නිසාම ජීවිතේ විඳින්න තියෙන මල් වයස අධ්‍යාපනය,රැකියාව, පවුල් බර ආදී බොහෝ දේ සඳහා කැප කරල මල පර වෙන කාලෙට රොන් උරන්න ලංකාවෙ තරුණ පරපුරට සිදු වෙලා තීනවා.බටහිර වගේ ලිංගික නිදහසකුත් නැති නිසා ලොකු කායික හා මානසික පීඩනයකුත් එක්ක මැදි වයස් විවාහයක් එන තුරු කටු කන තරුණ ජීවිත අද හරි සුලභයි.කෝපරේට් ලයිෆ් එකෙන් මොඩර්න් වෙස්ටර්න් වෙච්චි පුද්ගලික ජීවිතේ අතීත වික්ටෝරියානු වෙච්චි මේ තරුණ ජීවිත අර්බුදය ගැන ලංකාවෙ කතා කෙරෙන්නෙ හරි අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඔය ගැන අමුවෙන් කතා කරනවා අඩුයි නේ..මොකක් හරි පොතක් ෆිල්ම් එකක් අල්ලගෙන ඒ පොතේ තියෙන එක තමයි මෙහෙ ඇතිවෙලා තියෙන්නෙ කියලා ගලපන්න යනවා ගොඩක් අය.. ඇත්තටම මේක වෙන රටක පොත්වලින් කියන්න අමාරුයි..මේක අපේ රටේ පිටින් ආපු ආගම,සංස්කෘති සහ අපේම ජාන එක්ක හැදුන අච්චාරුවක්..

      Delete
  11. සිරා ලිපියක්, මමත් බැන්දේ 33දී , වයස ගිහින් නිසා මාස 4ක් විතර ඇසුරු කරලා මැරි කලා. තව මාස 6කට පස්සේ ඔපිස් එකට කිරි ටොඉයෙක් ආව, මොනවා කරන්ඩද, බැන්දට පස්සේ ලෙහන්ඩ්යැ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කිරි ටොයියො අල්ලන්න මං යන් නෑ..මොකෝ උන්ට ඉල්ලුම වැඩියි.. මට වඩා එකක් ආහම ඒ ඇත්තො එක්ක යාවි කියල මට සැකයි..

      Delete
  12. කසාද බැලීමත් නිකන් shooping යනව වගේ වැඩක් අප්පා.. හොඳ පට්ට කිරි ටොපි වගේ කෑලී ටිකක් ශෝ කේස් එකේ දාල තියනව. අතේ මිටේ හැටියට තෝරල ගන්න තමයි තියන්නෙ.. අනේ අන්තිමට තමා දැනගන්න වෙන්නෙ. ලොන්ත පෝල් second hand අයිටම් එකක් පොලිශ් කරල තියල හෙන ගානක් ගෙවල ගත්තෙ කියල. කරුමෙට නෝ warranty available . මංගල කිණ්කිණි නැති ලොවක මා යලි ඉපදේවා..

    ReplyDelete
    Replies
    1. ඒකට බඩුව ගද්දි කියන්න ඕනි..මං මේ සෝකේස් ගැන දන්නවා.. මට ඔය කැටයන් ඕනි නෑ.. ඒ නිසා ඔයා ඔරිජිනල් ඕ සෙකන්ඩ් හෑන්ඩ් ඔයාට ඒපැත්තෙන් කොහොම වුනත් වැඩි ලකුනු නෑ කියලා..

      Delete
  13. ඔය වගේ උඩ තැනකට යන්න ලැබෙන්නෙ නෑ කසාද බැන්දට පස්සෙ තනියම..වැඩිම උනොත් ගෙදර වහලට තනියම නැගල උලු සුද්දකරන්න අවස්ථාව ලැබේවි බැන්දට පස්සෙ.

    ඒක තමයි සිරාම කතාව

    ReplyDelete
  14. ///ඔය වගේ උඩ තැනකට යන්න ලැබෙන්නෙ නෑ කසාද බැන්දට පස්සෙ තනියම..වැඩිම උනොත් ගෙදර වහලට තනියම නැගල උලු සුද්දකරන්න අවස්ථාව ලැබේවි බැන්දට පස්සෙ.///

    ඔව් බං, ගොඩක් ගෑණු හිතන්නේ බඳිනවා කියන එකේ තේරුම "මිනිහව අල්ලලා ගැට ගහ ගන්නවා" කියලා
    තණකොළ ටිකක් කන්නත් කොහාට හරි ගෙහුං ගැට ගහන්න ඕනෙත් තමන් විසින් කියල තමයි උන් හිතන්නේ, මළ වදේ

    ReplyDelete
  15. අතාරින්න එපා... හැබයි පටලෝගෙනම බලන්න ඕන ඒකෙ රඟේ...

    ReplyDelete
  16. මම TV දැක්කා වැඩසටහනක් චීනයේ තරුණ තරුණියන් මුන ගස්සවන ආයතන ගැන. ලංකාවේත් කව්රුහරි ඔය වැඩේකරනවනම් හොඳයි

    ReplyDelete
  17. ඇයි බන් ඔය SLT කොල් සෙන්ටර් එකේ ඉන්නේ හොද කෙලි පොඩිත්තවල්

    ReplyDelete
    Replies
    1. කෝල් ගර්ල්ස්ල නේද? කෝල් ආන්ස්ර් කරන්න නම් හොදයි.. ප්‍රශ්ණයක් දෙකක් විසදගන්නත් හොදයි..ඉන් එහාට.. අනේ මන්දා..

      Delete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...