Thursday, December 24, 2015

යූනියන් සහ ඇඩීම

යූනියන් කියල සාමාන්‍යයෙන් වෘත්තිය සමිති හදුන්වනවා. බොහෝ වෘත්තිය සමිති කියන්නෙ ඒ අය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියලා.
අපේ කන්තෝරුවෙ මම අයිති මෑන්පවර් සේවකයො රැසක් 2015 වසරේ මුල් දවස් කීපය ගෙවාදැම්මේ එලියේ. ඒ වැඩවර්ජනයට සහභාගී ව්‍ුන ප්‍රමානය විශාලයි. ප්‍රතිශතයක් ලෙස සියයට අනූවකට වඩා මේ වැඩවර්ජනයට සහභාගී වෙන්න ඇති. නමුත් මම සහභාගි වුනේ නෑ.. 

යම් අයෙක් ඒ ගැන මට චෝදනා කරනවා නම්... නෑ එහෙමම නෑ.. මම ඒක නිසා මේක නිසා අරක නිසා තමයි ආවෙ නැත්තෙ කියල මම උත්තර බදින්න යන්නෙ නෑ.. මම එතනදි මගේ රස්සාවට ආසා කලා.. මම හිතුවෙ මහින්ද රාජපක්ෂ දිනලා රස්සාව නැතිවෙයි කියලාම තමයි.. මම ඇත්තටම බය වුනා රස්සාව නැති වුනාට පස්සෙ මෙ වගේ කදිම රස්සාවක් අලුතින් හොයාගන්න ලැබේද කියලා. සාපේක්ෂව හොද රස්සාවක්..මේක.. වැඩිපුර ඉස්ට්‍රෙස් නැති...වගකීම් නැති සති අන්තය ගෙඩිය පිටින්නිවාඩු..තියෙන හොද රැකියාවක්. 

ඉතිං මගේම සහෝදර සේවකයො පාරෙ ඉදගෙන අපි ස්ථිර කරවු කියල මොර දෙන අස්සෙ මම හික්මුන මීයෙක් වගේ ඒ අස්සෙන් රිංගාගෙන කාර්යාලය ඇතුලට ගියා. ඉන් පස්සෙ ඡන්දයකිට්ටු වෙද්දි ඒ වෘත්තිය සමිත ක්‍රියාමාර්ගය  ක්‍රමයෙන් අසාර්ථක වෙලා කස්ටිය කිසිම විසදුමක් නැතුව වැඩට ආවා. කවුරුත් පුදුම කරමින් මහින්ද පැරදුනා... අපේ ස්ට්‍රයික් කරපු අයටත් හිතුවට වඩා හොද කලදවසක් ගියා.. 

විදුලි බල මණ්ඩලේ...ජල මන්ඩලේ..සහ වෙනත් රාජ්‍ය ආයතන වල මෑන්පවර් අය ස්ථිර කරලා..අපි  විතරක් ඉතිරි වෙලා.. ඒත් මම හිතුවෙ අපිත් ස්ථිර කරන එකක් නෑය කියලා..ඒත් හිතුවෙ නැති විදියට ඊයෙ පෙරයිදා ඇප්ලිකේෂන් එකක් පුරවන්න ආවා අවුරුදු 7ට වැඩි සේවා කාලයක් සහිත මෑන්පවර් සේවකයින් ආයතනයට ඇතුලත් කරගන්න සලකා බැලීම කියලා..එකක්.. දැන් මම ස්ට්‍රයික් නොකලත් වේලාසනින්ම ඒක පුරවලා දීළ දැන් ඉන්ටවිව් එනකල් ඉන්නවා.. වැඩියෙන් සුදුසුකම් තියෙන නිසාත් රබර් කටක් තියෙන නිසාත් ඉන්ටවිව් එක පාස් වෙයි කියලා මට හිතෙනවා.. 

මම දැන් හිතන්නෙත් නෑ අපි ස්ථිර කරලා මව් ආයතනයට ගනීය කියලා..ඒත් අර ස්ට්‍රයික්කරපු බහුතරය දැස් දල්වාගෙන උදේ රෑ කල්පනා කරමින් ඉන්නෙ එයාල ස්ථිර කරාවිය කියලා. මගේ රාජකාරිය අනුවත් පැවැත්ම අනුවත් මම සාමාන්‍යයෙන් මිත්‍රශීලි බුවෙක්.. ඒ නිසා මගේම මෑන්පවර් කම්පැනියෙ ස්ට්‍රයික් වලට සහභාගි වුන එක එක මාදිලියේ ඩෑල් මට හමුවෙනවා.. එතකො ට ඒ බොහෝ අය හිතන්නෙ අපි ස්ථිර කරාවිය කියලා.. 

මේ යූනියන් වලට සම්බන්ධ අය නිතරම තමුන්ගේ රස්සාවෙන් තමුන්ට ලැබෙන දේවල් සහ ඊට සමාන්තර ස්ථිර සේවකයින් ට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. ලොක්කන්ට සහ අපිට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. රටේ ඉන්න ඇති හැකි අයට ලැෙබබන වෙනත් ආයතන වල සේවකයින්ට ලැබෙන දේවල් ගැන හිතලා දුක් වෙනවා.. 

යූනියන් වල මූලික ම සිද්ධාන්තයක් තමයි එයාලට ලැබෙනවා.. එයාල ලොකු වට ගන්නවා..ඒ නිසා අපිටත් ඕනි කියන තියරි එක.. ඒ බණ කියලා තමයි සේවකයො වෘත්තිය ක්‍රියාමර්ග වලට යොමු කරගන්නෙ. කාර්ලැබෙන විධායක නිළදාරින්... වායුසමන කාමර  වල ඉන්න නිළදාරින් ගැන කුනු කතා කියලා පොඩි සේවකයෝ කුලප්පු කරන එක යූනියන් අයගේ ගතිය.. එයාල පොඩි මිනිස්සු කුලප්පු කරන්නෙ ලොකු අය ගේ තේජස පෙන්වලා.. 

ලොකු මිනිස්සු හැමතිස්සේම විශාල වසයෙන්දේවල් ගන්නවාය. අපිට සුට්ටය කියන එක තමයි ඔය යූනියන් බහුතරයක මතේ... ඇතැම් විට විධායක ශ්‍රේණියේ අය හෙම ගන්නම දෙයක් නැතිවුනාම එයාල ඩිරෙක්ටර බෝඩ් එකේ උන් මෙච්චර ගන්නවා..ලාබ මෙච්චර ගන්නවා කියල ප්‍රාග්ධනය හා ලාබය දෙසට ඇදිලා ඒ කොටස් තමන්ටත් අයිතිය කියලා කියන්න යනවා.. 

දෙයක් නෑය... අපිටත් තව ඕනිය කියලා හිතන එක මට අනුව එක්තරා හිගන මානසිකත්වයක්. ඒකෙන් හැමදාම ජීවත් වෙන එක මහ පාපයක්.. අපිට ලලැබෙන සුලු දේ ගැන හැමදාම අසතුටෙන් අනුන් ගැන වෛරයෙන් කටයුතු කරන එක අපි කාර්යාලය තුල ගතකරන බොහෝ අවස්ථාවලදි පැක්ටිස් එකක් විදියට කරන්න ගියොත් එතන අපි තෘප්තිමත් නැති සතෙක් බවට පත් වෙනවා..

බුදුහාමුදුරුවො කියපු අසූහාරදාහක් බණ කතා වලට වඩා මට ධම්ම පදේ තියෙන සන්තෝෂය පරම ධනයයි කියන එක වැදගත්..අපි හැමදේදිම උත්සාහකරන්න ඕනි සතුට පවත්වාගෙන යන්න..අපි සැහැල්ලුවෙන් සතුටින් වැඩි කාලයක් ගත කලොත් තමයි බොහෝ විට සාර්ථක ජීවිතයක් වෙන්නෙ.. 

නිර්මාල් ගුරුතුමා කඩේකට ගිහින් ඉතිරු රුපියල් දෙක ලැබුන් නෑ කියල ගේම ඉල්ලලා තියෙනවා.. නිර්මාල් මැතිට පෙනුන් නැතුව ඇති ආන්ඩුව ඒ ටෙලිපොන් කෝල් වලින් සියයට විස්සකට වැඩි බද්දක් ගන්නවා..ටෙලිකොම් සමාගම් අසීමිත ලාබයක් පොම්ප කරගන්නවා..ඒ අස්සෙකඩ කාරයා දවසට විස්සක් තිහක් විකිනෙන ටෙලිපෝන් කාඩ් එකකින් රුපියල් දෙකක් ගහගත්තාම අපිට රිදෙනවා..අපි ඒකට පොලිසි උසාවි යන්න හිතනවා.. 

බස් වල වලිත් ඒ වගේ..මිනිස්සු කොන්දොස්තර ගන්න රුපියල් දෙක ගැන ගන්න හදලා බස් එකේ මගීන් ගානින් වැඩි කරලා තව දවසට එන මගීන් ගානත් හොයලා අමාරුවෙන් කැල්කියුලේෂන් එකකුත් කරලාම දුක් වෙනවා..සහ කොන්දට බනිනවා.. ඔය දෙක තුන ඉතිරි නොවී රුපියල් පහක් ඉතිරි ලැබෙන විදියට පහෙ ්ගුනාකාර වලට ගාස්තු ටික ගේන එක එක අතකින් කොන්දොස්තරලට ලේසියි...හැබැයි නිතර සැකෙන් වෛරයෙන් යන්න හුරුවෙල තියෙන පොදු මගීන්ට එතකොට කොන්දොස්තරලට බනින්න එක වරදක් නැති වෙනවා..ඒක එයාලගේ මානසික සෞඛ්‍යයට අහිතකර වෙන්න පුලුවනි. 

රාජ්‍ය සේවයේ හෝ වෙනත් සේවයක ඔන්න කට්ටියක් අමාරුවෙන් පාරෙ දගලලා පඩි ටිකක් වැඩි කරගන්නවා.ඉන් පස්සෙ අනික් අය ඒක පිට දල විෂමතාවයක් ඇදල ගන්නවා.. ඉන් පස්සෙ විශමතාවය ගැන එයාලගේ යූනියන් සහ එයාල මග දිගට කතා වෙනවා.. 

කෝචචියෙ සෙකන්ඩ් ක්ලා්ස එකේ මාතර ඉදන් කොළඹට ආපු දවසක ඒ අයට තිබුන ලොකුම පස්නයක් තමයි වැඩිවුන රුපියල් දහ දාහ ඔක්කොන්ටම එකපාර පඩියට එකතු කලොත් ඇතිවෙන වැටුප් විෂමතා පස්නය..එතනදි කතාවුනා මතකයි එතකොට අපිටයි ඩ්‍රයිවර්ලටයි එකම සැලරි..ඩ්‍රයිවර්ලට නම් ඕටිත් ලැබුනම අපිතට් වැඩිය පඩි වැඩිවෙයි කියලා කස්ටිය කතා වෙවි ගියා..එයාල සෙකන්ඩ් ක්ලාස් ගියෙත් එයාලගේ විධායක ශ්‍රේණියට ගැලපෙන නිසා වෙන්න ඇති. 

අපි හැමෝම දේසපාලනිකයි.. අපි හැමෝම ආසයි අපිට ැවඩියෙන් ලැබෙනවා.ට..ඒත් තර්කානුකූලව ගත්තාම මහින්ද රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩිකලා..රනිල් ඒ කස්ටියට ලැබෙන ගාන වැඩිකලා..නමුත් තාමත් රාජ්‍ය ආයතනයකට ගියාම අපිට ලැබෙන සේවෙ? ඒක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? අපිට කොච්චර ඉක්මන්ට රාජ්‍ය සේවයේ සේවාවන් ලබාගන්න හැකියාව තියේද? මම හිතන්ෙන මිනිස්සු ගාන වැඩිවෙලා.. පඩි වැඩිවෙලා අපි එයාලට පඩි ගෙවන්න වැය කරන වැඩිපුර බදු ටිකට හරියන්න ලොකු වෙනසක් ඒ රාජ්‍ය සේවය තුල වෙලා නැහැ.. 

 මං යූනියන් ඇක්සන් වලට සහබාගි වුනේ නැත්තෙ බයට..ඒකෙ ඇවිල්ල මහ ලොකු බක්කක් නෑ..නමුත් යූනියන් ඇක්සන් එකට ගිහිපු අය කැන්ටිමෙ...වාහනේ යද්දි,..කොච්චියෙදි ඒ ගැනමයි උදේ හවා කතාව.. එයාලගේ මුලු ජීවිතේ තියෙන ලොකු ම හීනය ස්ථිර වීම... ඒත් මට ඒ හීනය දුරයි.. මම බොහොම සනීපෙන් ලැබුන ගානට හරියන්න මගේ විනෝදය පාලනය කරගෙන අමාරුවෙන් වුනත් සතුටින් ඉන්න යි උත්සාහ කරන්නෙ.. 

යම් විදියකින් මට මේ කොම්පැනිය සහ ලැබෙන දේවල් මදි කාලෙක මම හිතාගන්න ඕනි තව වෙනත් කොම්පැනියකට පනින්න..මේ අංශයේ රස්සාවල් ලංකාවෙ නැත්තං වෙනත් රටකට පැනලා හරි ජීවිතේ ගෙනියන්න අපිට සිද්ද වෙනවා.. ඒ තරං ලේසියෙන් කිව්වට මට නං මෙහෙ අමාරුවෙන් ජීවත් වෙන එක සැපක්.. 

පරණ යාලුවන් හමු වුනාම වැඩියෙන්ම කතා වෙන්න අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන...ඒ වගේ වෙලාවට අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන කතා වෙල හූල්ලන වෙලාවල් ඕනි තරං..ඌට තියෙන කාර්...ඌට තියෙන ගේ..රස්සාව අනම් මනම් ගැන කතා වෙන්න අපි ටිකක් ආසයි.. සමහර යාලුවෙක් කියනවා අපි ඉගෙනගත්ත නිසා අපිට ලැජ්ජාව තියෙනවාලු..අපිටත් ලැජ්ජාව නැති වුනානං හොද බිස්නස් එකක් කරල ලොකුවට ජීවත් වෙන්න තිබුනාලු.. 

ලාංකික මනුස්ස ප්‍රජාව එකිනෙකා හමුවෙන බස් හෝල්ට් එකක්.. බස් එකක්...කෝච්චියක්..ෆේස්බුක් ටුයිටර වගේ තැනක් වගේ ගොඩක් තැන්වල මිනිස්සු විදින්නෙ ප්‍රශ්ණ..මිනිස්සු කතා වෙන්නෙ ප්‍රශ්ණ..මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය.. වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්ණ.. අසාධාරනය...යුක්තිය..සාධාරනය.. දූෂණය වගේ ගොඩක් දේවල් වලදි අවසානයේ මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා.. 

අමුවෙන් කීවොත් මම මේ පත්වෙලා තියෙනවනම්යම් කිසි නරක තැනකට..ඒකට හේතුවෙල තියෙන්නෙ මමය..මගේ ක්‍රියාකලාපයය කියලා පිලිගන්න අපිට බෑ සහ අපි කැමති නෑ..අපි ඒකට විවිධාකාර හේතු හොයාගන්න උත්සාහ කරනවා..බොහෝවිට අපි ඒකට යොදාගන්න එලියෙ පිරිසක් තමයි දේසපාලකයො.. ඒ වෙලාවට අනේ මුන්දලා අපි නෙව පත් කරලා තියෙන්න කියල අපිටම අමතකයි.. එක අතකින් අපේ යූනියන් පස්න වලදි .අපේම හදාගත් පස්න වලදි .අපේ විසදුම් වලට දේවදූතයො වගේ බාහිර දේසපාලුවො සෙට් එකක් ඉන්න එක සැපක්.. 

නැත්තං රටේ කෙදි ආහාර අඩුවෙන් පිටි ආහාර වැඩියෙන් ගැනීම නිසා මිනිස්සුන්ට  බෙට්ට හරියට යන්නැති එකේ සිට එන්රික්ගේ බ්‍රා ප්‍රශ්ණය දක්වා අපිට බනින්න දේසපාලුවෝ සහ පාලකයෝ නිළධාරි කියලා පිරිසක් නැතිවෙනවා..

4 comments:

  1. //මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා..// අපිට වරදින තැන මෙතනයි...... මේකට වැරදි කාරයෙක් හොයනවා මිසක්.... මගේ වැරැද්ද මොකක් ද කියලා හිතන්න අපිට පුරුදු නැහැ........ කාට හරි වරද පටවන්නයි අපි ට්‍රයි කරන්නේ......

    ReplyDelete
  2. මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය..

    මරු කියමන!

    ReplyDelete
  3. ස්තීර කරනවාට කැමති නැති පිරිසකුත් ඉන්නවානේ?? චී‍ෆ් ඔෆිසර්ස්ලා කැමති නෑ මෑන්පවර් අය ස්ථීර කරනවට...ඔන්න ඔකයි ඇත්ත....
    සල්ලි වැඩි උනාම ප්‍රශ්න වැඩියි බන්!

    ReplyDelete
  4. මාගේ රාජ්‍ය සේවා අත්දැකීම අනුව යූනියන් නිලධාරීන් යනු බහුතරයක් උස්තැන් දැක හැකිලෙන මිටිතැන් දැක පිම්බෙන ජාතියේ අයවලුන් වේ... තමුන්ගේ කර්මයට පිළිතුරු සෙවිය යුත්තේ තමා විසින්ම විනා ආණ්ඩුවවත්, යුනියන්වත් නොවන බව මමද තරයේ අදහමි...

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...